en
Feedback
Experiments & Wisdom

Experiments & Wisdom

Open in Telegram

විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group

Show more
Buy Ad
1 175
Subscribers
No data24 hours
-47 days
-1630 days
Posts Archive
photo content

වාෂ්ප එංජිමක් කොච්චර බලවත් ද කියල දන්නවාද? වාෂ්ප වලට තියෙයි ලොකු බලයක්. නිකන්ම නිකන් වාෂ්ප නෙවෙයි , නිශ්චිත තත්ව යටතේ පීඩන යටතේ දී මේ වාෂ්ප වල ශක්තිය ගොඩක් ඉහළයි. ජලය ඉහළ උෂ්ණත්ව තුළ රත් කරන විටදී වාෂ්පීකරණයට ලක් වෙනවා. වාෂ්පීකරණයෙන් පසු හුමාලය ඇති වෙනවා. මේ හුමාලය තුළ ලොකු ශක්තියක් අන්තර්ගත වනවා. ඇත්තෙන්ම මේ වාෂ්ප තමයි එදා කාර්මික විප්ලවයට පණ දුන්නෙත්. #steam #science #physics #heat #vapourization ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

ඩිජිටල් ඔරලෝසුවක් නෙවෙයි මේ තියෙන්නේ. සාමාන්‍ය ඔරලෝසුවකදී වගේ යාන්ත්‍රික ක්‍රියාවලියක් මෙහි ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. ෆෙරෝමැග්නට් දියර යොදාගෙන හදපු ඔරලෝසුවක් තමයි මේ තියෙන්නෙ. නෙදර්ලන්තයේ එයින්ඩ්හොවන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සිසුවෙක් විසින් තමා මේක නිර්මාණය කරල තියෙන්නේ. #physics #magnetic #fields #amazing #science #ferromagnetics #liquid #Clock ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

Levitating pots ! පාවෙන බඳුන් ! #levitate #physics #magnets #science #amazing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

දෘෂ්ටි මායාවක්... #geometry #amazing #3D #illusion #art #drawing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

මේ සිදුවීම ඇති වෙන්නෙ හෙලිකොප්ටර් එකේ පෙති වල භ්‍රමණ සීඝ්‍රතාව/සංඛ්‍යාතය වීඩියෝකරු භාවිත කළ කැමරාවේ Frame rate එකට සමාන වෙනකොට. අපි ආදි කාලයෙ කැමරාවක් උදාහරණයට ගමු. ඒකෙ තියෙයි ෆිල්ම් රෝලක්. ඒකෙ වෙන වෙනම Frames තියෙයි / සෑම පිංතූරයක් සඳහාම කොටු එක බැගින් තියෙයි . ඉතින් ඒ විදිහට Frames හරහා තමයි , පොඩි පොඩි පිංතූර සිය ගණනක/ දහස් ගණනක එකතුවක් විදිහට තමයි වීඩියෝ එකක් අවසානයේ නිර්මාණය වෙන්නෙ. මුල්කාලීන කාටුන් නිර්මාණ සැලකුවොත් ඒවා 12fps (තත්පරයට frames 12ක්) rate එකකින් තමයි නිර්මාණය වුනේ . ඒ කියන්නෙ එක තත්පරයක් තුළ පිංතූර 12ක් වේගයෙන් ගමන් කරනව තිරය තුළ. ඊළඟට තාක්ෂණයෙ දියුණුව සමඟ 16, 18, 24fps ආවා. තවදුරටත් 30 , 60 ආදී වශයෙන් දියුණු වුනා. කෙසේනමුත් සම්මත රාමු සීඝ්‍රතාව වශයෙන් පවතින්නෙ 12 fps. මිනිස් ඇසට ගෝචර රාමු සීඝ්‍රතාව 30ත් 60ත් අතර ප්‍රමාණයක තමයි පවතින්නෙ. කාටහරි හිතෙන්න පුළුවන් ඇයි තත්පරයට රාමු 100, 200 පාවිච්චි නොකරන්නෙ කියල 😅 ඔයාල කවුරු හරි සැනෙලි පහන ගැන දන්නවා නම් ඔයාට මේක අමුතු මැජික් එකක් විදිහට පේන්නෙ නම් නෑ හැබැයි 😁. #frames #physics #tec #science ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

photo content

මීට දින 7කට පමණ පෙර චීනයේ නිරිතදිග පළාතක ගම්මානයකට රොකට් එකක කෑල්ලක් කඩන් වැටුණා. සාමාන්‍යයෙන් රොකට් එකක් උඩට යද්දී ක්‍රමානුකූලව ඒකෙ කොටස් හලමින් තමයි අභ්‍යාවකාශයට ඇතුළු වන්නේ. නිරිතදිග සීචුආන් පළාතේ පිහිටා ඇති සීචෑන්ග් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් පාන්දර 3ට පමණ යවපු රොකට් එකක් තමයි මේක . චීනය සහ ප්‍රංශය ඒකාබද්ධව විශ්වයේ ඈත තරු පුපුරා යෑමේදී ඇති වන ගැමා කිරණ නිරීක්ෂණය සඳහා සකස් කළ චන්ද්‍රිකා යානාවක් දියත් කිරීමට යොදාගත් රොකට් එකේ කොටසක් තමයි මේ ගම්මානයට කඩන් වැටිල තියෙන්නෙ. අපි නාසා එක ලොකු කරගෙන දැඟලුවට චීනෙ ඇත්තෙන්ම අභ්‍යාවකාශ ව්‍යාපෘති අතින් ඇමරිකාවට නොදෙවෙනි තැනක ඉන්නවා. එක් අවස්ථාවකදී චීනයේ නායකයා සී ජින්පින් ප්‍රසිද්ධියේ දිවුරා තිබෙනවා ලෝකෙ අංක එකේ අභ්‍යාවකාශ බලවතා බවට චීනය නුදුරේදීම පත්වනු ඇති බව. #china #rocket #crash #space #science #news #physics ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

💡මෙතන තැඹිලි පාටට ගොඩගහලා තියෙන්නෙ ඇමෝනියම් ඩයික්‍රෝමේට් (NH4)2Cr2O7 කියන රසායනික ද්‍රව්‍ය එයට ගිණි තිව්වාට පසු තාපදායක ප්‍රතික්‍රියාවක් හරහා (NH4)2Cr2O7 වියෝජනය වෙනවා. මේක හරියට ගිණිකන්දක් පුපුරනව වගේ අපට දිස් වෙන්නේ. වියෝජනයෙන් පසුව කොළපාටට ක්‍රෝමියම් ඔක්සයිඩ් අවසානයේ ඉතුරු වෙනවා. #(NH4)2Cr2O7 #chemistry #science #exothermic #reaction #decomposition ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

photo content

🌀සර්පිලාකාර කැටයක් : එකතු කරන හැම කාසියක් පාසා ඔයාට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය, චාලක ශක්තිය, කෝණික ගම්‍යතා සංස්ථිති නියමය වගේ භෞතික විද්‍යාත්මක කාරණා මෙනෙහි කරන්න පුළුවන්. #vortex #coin #physics #momentum #rotational #science ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp

කෝණික ගම්‍යතා සංස්ථිති නියමය ආදර්ශනය කිරීමක්. #momentum #mechanics #science #physics #nature #momentum #rotational ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

photo content

Dzhanibekov Effect Or Tennis Racket Theorem සානිබෙකොව් ආචරණය නැත්නම් ටෙනිස් පිත්තේ ප්‍රමේයය විදිහට හඳුන්වන සංසිද්ධියක් තමයි අද මේ ඔයාලට මම ඉදිරිපත් කරන්නෙ. ගගනගාමියෙක් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දි ඇණයක් ගලවන අවස්ථාවක ගත්ත වීඩියෝ එකක් තමයි මුලින්ම ඔයාට පේන්න තියෙන්නෙ. •අභ්‍යාවකාශයේ දී මෙය අපට වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි වුවත් පෘථිවිය මත දී පවා මේ ආචරණය ප්‍රායෝගිකව දැකබලාගන්නට පුළුවන්. ඔයාට ප්‍රායෝගිකව මේක දැකබලාගන්නට අවශ්‍යයි නම්, ටෙනිස් පිත්තක්(බැඩ්මින්ටන් පිත්තෙනුත් ලාවට බලන්න පුළුවන් මේක) අරගෙන එහි මධ්‍ය වටා කැරකැවීමට උත්සාහ කරන්න. (වීඩියෝ එකේ පෙන්වල තියෙන ආකාරයට) #effect #tennis_racket #theorem #physics #space #science #amazing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

photo content

රොකට් එකක ඉන්ධන දහනය වන ක්‍රියාපටිපාටිය පිළිබඳ වඩා පැහැදිලි අවබෝධයක් මේක බැලුවාම ඔයාට ලැබේවි. #rocket #fuel #physics #science #amazing #engine ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

Gallium ගැලියම් ගැලියම් වල ඝනත්වය ගොඩක් ඉහළයි. ඔයාට ඒ බව දැකගන්න පුළුවන් යකඩ ඇණයක් ගැලියම් දියර මත පාවෙන විදිහ බැලුවාම. ගැලියම් වල තාපාංකය සෙල්සියස් අංශක 30යි. ඒ කියන්නෙ කාමර උෂ්ණත්වයෙදි ගැලියම් බොහෝදුරට ද්‍රව තත්ත්වයෙ පවතින්නෙ. #chemistry #science #Galium #element #nature #density ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

කම්පන කොට්ටයට ගසා කම්පනය කළ සරසුලක් ජල බීකරයකට ඇතුළු කිරීම. සරසුල් දැති ජලයට ස්පර්ශ වනවාත් සමඟම ජලය ඉවතට විසි වෙනවා. #oscillation #tuning_fork #vibration #experiment #waves #physics #science #amazing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

Surface tension, taking soapy water as an example. පෘෂ්ඨික ආතතිය . පෘෂ්ඨික ආතති බල පිළිබඳ සබන් වතුර භාවිතයෙන් සිදුකරන පරීක්ෂණයක්. #experiment #surface #tension #forces #soap #science #physics #mechanics ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

කෝක් එකට බියුටේන් වාතය ටිකක් එකතු කරන්න. රොකට් එකක් හදාගත්ත පුළුවන් ! #Coke #butane #chemistry #science #experiment #amazing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘