Experiments & Wisdom
Open in Telegram
විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group
Show more1 175
Subscribers
No data24 hours
-47 days
-1630 days
Posts Archive
1 175
යුක්ලීඩ් - ජ්‍යාමිතියේ පියා
යුක්ලීඩ් ජීවත් වූ කාලය වශයෙන් සැලකෙනේ ක්‍රි.පූ. 3වන සියවස.
ආකිමිඩිස්ට පෙර ප්ලේටෝට පසු අතරමැදි යම් කාල පරාසයක තමයි යුක්ලීඩ් ජීවත් වුනා යැයි සැලකෙන්නේ. බොහෝ මධ්‍යකාලීන යුගයේ යුද්ධ, ක්‍රිස්තියානි ආධිපත්‍යයත් සමඟ ග්‍රීසියේ බොහෝ පුස්තකාල, දැනුම විනාශ වුනා කියල ඔයාල දන්නවා ඇති. ඊට සමගාමීව අරාබි අධිරාජ්‍යයේ ඇති වූ ස්වර්ණමය යුගය අතරතුර ඔවුන් සිදුකළ ආක්‍රමණ හරහා ලබාගත් ග්‍රීසියේ දැනුම ඔවුන් අත සංරක්ෂණය වෙනවා. යුක්ලීඩ්ගේ ජ්‍යාමිතිය ඇත්තෙන්ම අරාබි ගණිතඥයන් අතර සංරක්ෂණය සහ වඩා වැඩිදියුණු කිරීම් වලට ලක් වෙලා තියෙනවා. ඇත්තෙන්ම යුක්ලීඩ් කියන නම ලෝක ඉතිහාසයෙන් මැකෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි අරාබි ගණිතඥයන් ඔහු පිළිබඳ චරිතාපදානයක් සකස් කරන්නෙ. ඊට පාදක වෙන්නෙ යුක්ලීඩ්ගේ ශිෂ්‍යයන් දෙදෙනෙකුගෙ සඳහන් කිරීම්.
තවදුරටත් , ගණිතයේ ඉතිහාසය තුළ වඩා වැදගත් වැඩකොටසක් ඉටුකර ඇති පුද්ගලයෙකු වශයෙන් ග්‍රීසියේ ගණිතඥයෙක් සහ දාර්ශනිකයෙක් වශයෙන් විසූ යුක්ලීඩ් සැලකිය හැකිය.
යුක්ලීඩ්ගෙ වැඩකොටස මුළුමනින්ම පාහේ ජ්‍යාමිතිය යන විෂයපථයට සීමා වෙනවා. නූතන ලෝකයේ භාවිත කරන ජ්‍යාමිතික ප්‍රමේයයන්, ප්‍රත්‍යක්ෂය සහ සාධන ක්‍රමවේද බහුතරය නිර්මාණය වෙන්නේ යුක්ලීඩ්ගේ අතින්. ඔහු Elements යන නමින් ඔහු එළි දක්වා ඇති පොත් 13ක් හරහා යුක්ලීඩ් ජ්‍යාමිතිය, ජ්‍යාමිතික නිර්මාණ, අර්ථ දැක්වීම්, ප්‍රමේයයන්, ගණිතමය සාධන සහ අංක මූලධර්මය(number theory) ආදී මාතෘකා ඔස්සේ තම ගවේෂණය සිදු කර තිබෙනවා. ඔහුගේ Elements කෘති 13, ගණිතය සඳහා යමෙකු ඉදිරිපත් කර ඇති පැරණිතම නිබන්ධනය(Treatise) ලෙසට අදටත් සැලකෙනවා.
තවද වෘත්ත, ත්‍රිකෝණ, චතුරස්‍ර, සරල රේඛාව, කෝණ, සමාන්තරාස්‍ර, සමානුපාතිකත්ව ආදී පිළිබඳ සොයාගැනීම් බොහෝමයක් එදා ඔහු සිදුකර තිබෙනවා.
යුක්ලීඩ්ගේ ජ්‍යාමිතිය අද අපි යුක්ලීඩියානු ජ්‍යාමිතිය වශයෙන් සලකනවා. ඔබට ඔබගේ උසස්පෙළ තෙක් විෂය නිර්දේශය තුළ යුක්ලීඩියානු ජ්‍යාමිතිය විටින් විට ඉගෙන ගැනීමට ලැබෙනවා. (උසස්පෙළ ගණිතය කළොත්😁, නැත්නම් සාමාන්‍ය පෙලින් පසුව යුක්ලීඩ්ව ඔයාට මුණගැහෙන්නේ නෑ 😜)
හැබැයි Assassin's Creed Game එක ගහනව ඔයාට නම් යුක්ලීඩ්ව හම්බ වේවි😁
#Mathematicians #Day_04 #Euclid
♣️Experiments & Wisdom♣️
(Support us by sharing )
☘Now on whatsapp☘
1 175
3⃣ආකිමිඩිස්
ග්‍රීසියේ ගණිතඥයෙක් විදිහට තමයි ඔහු වඩාත් ප්‍රසිද්ධ වෙන්නේ. ඒ කියන්නෙ වර්තමාන ඉතාලියේ සයිරකූස් නගරයේ තමයි ඔහු ජීවත් වෙලා තියෙන්නෙ.
ක්‍රි.පූ. 3වන සියවසේ ජීවත් වූ ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, තාරකා විද්‍යාඥයෙක් සහ නව නිපැයුම්කරුවෙක් වූ ආකිමිඩිස් ලෝක ඉතිහාසයේ වැදගත් තැනක් හිමි කර ගන්නවා.
ආකිමිඩිස් ජ්‍යාමිතිය යන ගණිතමය විෂයපථය වෙනුවෙන් මහත් දායකත්වයක් ඉටු කරලා තියෙනවා. ආකිමීඩියානු සර්පිලය ප්‍රමුඛව වර්ගඵල සහ පරිමා සෙවීමේ ක්‍රමවේද පිළිබඳ ඔහු බොහෝ අධ්‍යයන සිදුකොට සොයාගැනීම් කර තිබෙනවා.
තරල විද්‍යාවේ වැදගත් පිම්මක් ලෙසට සැලකෙන ඒකාකාර නොවන වස්තුන්ගේ පරිමා සෙවීමට යුරේකා බඳුන සොයාගැනීමත්, ආකිමිඩිස් නියමය හඳුන්වා දීමත් වැදගත් කොට සැලකීමට හැකියි. ඒ වගේ ම ක්‍රිස්තු පූර්ව ගණන් වල ඈත අතීතයේ පයි(“π”) වල අගය ගැනත් ඔහු පර්‍යේෂණ සිදු කරලා තියෙනවා.
තවද ඔහු රෙනේ ඩේකාට්, විල්හෙල්ම් ලයිබීන්ස්, ජෙරොලාමෝ කාර්දානෝ ආදී විද්‍යාඥයන් සහ දාර්ශනිකයන්ගේ මතවාද වලට ද මහත් බලපෑමක් ඇති කර ඇතැයි සැලකෙනවා.
#Mathematicians #Day_03 #Archimedes
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
2⃣ලියොන්හාඩ් ඉයුලර්
මෙයා ගැන ඔයාල අහලා නැතිව ඇති. ඉයුලර් කියන්නෙ ස්විස්ටර්ලන්තයේ ජීවත් වූ ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, තර්ක ශාස්ත්‍රඥයෙක් වශයෙන් ඉමහත් සේවයක් මනුෂ්‍ය සංහතිය උදෙසා ඉටුකළ තවත් Legend කෙනෙක්. ඔහුගේ ,
උපත: 1707 අප්‍රේල් 15 (ස්විස්ටර්ලන්තය)
විපත: 1783 සැප්. 18(රුසියාව- පීටර්ස්බර්ග්)
ඔයාගෙන් කවුරුන් හෝ සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් ඇහුවොත් , "ගණිතඥයන් අතර රජු" වශයෙන් සැලකෙන්නේ කවුරුන්ද? කියල ; උත්තරය තමයි 'ලියොන්හාඩ් ඉයුලර්.'
වෘද්ධි(infinitesimal) අතර කලනය/ වෘද්ධි අතර අනුපාතයේ සීමාව ඇසුරින් අවකලන සංගුණකය ගැනීම, ශ්‍රිත මූලධර්මය, ස්ථල විද්‍යාව(topology) හා අංක මූලධර්මය(number theory) ආදිය ඔහුගේ සොයාගැනීම් අතර ප්‍රමුඛ වෙනවා.
නිව්ටන් සහ ලයිබීන්ස්ගෙන් පසුව කලනය පිළිබඳ පරතෙරට අධ්‍යයනය කළේ ඉයුලර්.
අද අපි භාවිත කරන, ඉගෙනගන්න ගණිතය එදා ඔහු තමයි නියමාකාරයෙන් සූත්‍රගත කළේ. උදාහරණයක් වශයෙන්, ගණිතයේ ඕනෑම ගැටලුවක් හදන්න ඕනි කරන සම්මත පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල බොහෝමයක් හඳුන්වා දුන්නේ ඉයුලර්. ගණිතය විප්ලවවාදී ආකාරයට වෙනස් මානයකට ගෙන ආවෙ ඉයුලර්. මූලික අංකන රටාවන් ඇල්ෆා, බීටා, x දාන තැනේ සිට ශ්‍රිත පිළිබඳ නීති නිර්මාණය කිරීම ද ඔහු සිදුකළා. සරලව කීවොත් ගණිතය නම් විශ්ව සාධාරණ භාෂාව නිර්මාණය කිරීමට වැඩිම දායකත්වයක් ලබාදුන් පුද්ගලයා ලෙසට ඉතිහාසගත වන්නේ ඉයුලර්.
අවසාන වශයෙන්, ඔහු තම ජීවිත කාලය තුළ ගණිතය සම්බන්ධ ලිපි, ලේඛන 800ක් ඵල කර ඇතැයි වාර්තා වෙනවා.
#mathematicians #Day_02 #Euler #Leonhad_Euler
(Eulerගෙ දකුණු ඇස ගැන අවධානයක් දක්වපු තවත් අය සිටී ද?)
♣️Experiments & Wisdom♣️
(2k කරගන්න sup එකක් දෙන්න🖤)
☘Now on whatsapp☘
1 175
+1
ලොව පැරණි ම මුද්‍රණ යන්ත්‍රය චීනයෙන් ?
ජොහැන්නස් ගුටෙන්බර්ග් නෙවෙයි ද මුල් ම මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කළේ ?
ගැටලු දෙකට ම පිළිතුර : ඔව්
ලොව පැරණිතම මුද්‍රිත පොත ලෙස...see more.
#press #history #printing #machine #china
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
1⃣සර් අයිසැක් නිව්ටන්
මෙතුමා වචනයේ පරිසමාප්තියෙන්ම Legend කෙනෙක්. ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක් වශයෙන් ගණිතයේ සහ භෞතික විද්‍යාවේ ආලෝකය , තාරකා විද්‍යාව ආදියට ඉමහත් දායකත්වයක් ඔහු ලබා දී ඇත.
ගුරුත්වාකර්ෂණය පිළිබඳ සහ චලිතය, දුස්ස්‍රාවීතාව සහ ආවේග-ගැටුම් පිළිබඳ පරීක්ෂණාත්මක නියම ඔහුගේ සොයාගැනීම් අතර ප්‍රමුඛතාවක් ලබාගන්නවා.
ගණිතයට ඔහුගෙන් ලැබුණු දායකත්වයක් අතිමහත්. ලයිබීන්ස් නැමති ගණිතඥයාට සමගාමිව ලයිබීන්ස්ගෙන් ස්වායත්තව කලනය (අවකලනය , අනුකලනය) පිළිබඳ සිද්ධාන්ත බොහෝමයක් නිර්මාණය කළ බවට නිව්ටන් සැලකෙනවා. භෞතික ලෝකයේ නියාමයන් ගවේෂණය සඳහා මුළු ජීවිතය ඔහු කැපකළේය.
ඔහුගේ දායකත්වය හේතුවෙන් සම්භාව්‍ය භෞතික විද්‍යාව නිර්මාණය වූවා. එමෙන්ම සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවත්, අයින්ස්ටයින්, මැක්ස් ප්ලාන්ක්, ශ්‍රෝඩින්ගර් වගේ අයගෙන් පස්සෙ තමයි ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව නිර්මාණය වෙන්නේ. සම්භාව්‍ය භෞතික විද්‍යාවට හැකියාවක් තියෙයි මහේක්ෂ වස්තුන්ගේ චලිතය අධ්‍යයනය කරලා අනාගතය තිතටම උපකල්පනය කරන්න.
නිව්ටන් කියන්නෙ ලෝක ඉතිහාසය වෙනස් කරපු චරිතයක් !
#Mathematicians #Day_01 #Newton
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
Philosophiae Naturalis Principia Mathematica නැමැති සර් අයිසැක් නිව්ටන්ගේ මුල් කෘතිය තමයි මේ තියෙන්නෙ. නිව්ටන්ගේ අත් අකුරින් ලියා ඇති පළමු කෘතිය.
ක්‍රි.ව. 1440 දි පමණ ජොහැන්නස් ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය නිපදවූ බව අපි කවුරුත් දන්නවා. නිව්ටන්ගේ මෙම කෘතිය 1687 වසරේදි තමයි මුලින්ම එළිදැක්වූයේ. එතකොට පොත මුද්‍රණය කරන්න කරන්න අවශ්‍යය තාක්ෂණය පැවතුනා.
මේ පොතේ වැදගත්කම , සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය, චලිතය පිළිබඳ සොයාගැනීම් මුලින්ම ඵල කළේ මෙම පොත හරහා.
#press #newton #physics #science #histry #history
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
💡කොළයක් කීපවරක් නවා 32kN (කිලෝ නිව්ටන් / 32000N) තෙරපුම් බලයකට නතු කළොත් වෙන්නෙ මේ පෙන්වල තියෙන දේ.
ඇයි කොළය පුපුරා ගියේ?
අපි දැව මත අධික බලයක්/ පීඩනයක් යෙදුවහොත් ඒවා පුපුරා යනවා.
අපි එදිනෙදා ලිවීමට භාවිත කරන කොළ නිර්මාණය කරන්නේ ද දැව /ශාක කොටස් භාවිතයෙන්. වෙනත් විදිහකට මේක කීවොත් කොළයක් නිර්මාණය වෙලා තියෙන්නෙ සෙලියුලෝස් වලින්.
#paper #press #pressure #thrust #science #physics #amazing
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
Industrial screed.
මේ මැෂින් එකට කියන සිංහල නමක් දන්නව ද කවුරු හරි ?
#screed #industrial #machinery #amazing
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
මෙම වීඩියෝවෙ දැක්වෙන චීන ජාතික පුද්ගලයා හෙලිකොප්ටරයක ආධාරයෙන් බෝතල් වල මූඩි අරිනවා.
මේක ඇත්තෙන්ම හරි අපූරු ලෝක වාර්තාවක් විදිහට සැලකෙන්නෙ. බොහෝදුරට මොහු චීන ගුවන් හමුදාවේ නියමුවෙක් විය යුතුයි.
කෙසේවෙතත් ඔහු තම මූඩි අරින වාර්තාව තබා ඇත්තේ විනාඩි තුනක දී බෝතල් 6ක මූඩි විවෘත කිරීමෙනි.
#helicopter #amazing #record #china #pilot
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
නාගන්නෙ නැතිව බෝට්ටුව පෙරලුනොත් හරියට හදාගන්නෙ මෙහෙමයි .
(රත්නපුර friends ඔයාට මේක වැදගත්
#boat #water #technique
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
BMW මෝටර්සයිකල් වල පළමු වතාවට ලේසර් ආලෝකය headlight එක විදිහට පාවිච්චි කරන්න තමයි සූදානම.
ලේසර් ආලෝකයේ ප්‍රයෝජන:
•බල ශක්තිය ඉතුරු කිරීම(LED වලට සාපේක්ෂව ශක්ති පරිභෝජනය. දෙගුණයකින් පමණ අඩුයි ලේසර් වල)
•ආලෝකයේ තීව්‍රතාවය හොඳ මට්ටමක පැවතීම.
Headlight එක ඇතුලෙන් නිල් ලේසර් කිරණ කදම්භයක් දර්පණ පද්ධතියක් ඔස්සේ පැමිණ කාචයක් තුළට ඇතුළු වෙනවා. මෙම කාචය නිර්මාණය කරල තියෙන්නෙ කහ පොස්පරස් ඛනිජය ඇතුළත් දීප්ත රසායනික අණුක ව්‍යූහයකින්. අනතුරුව වඩා ප්‍රභාවත් සුදු ආලෝක කදම්භයක් පිටට නිකුත් වනවා.
#BMW #amazing #physics #science #tec #optics
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
මේක හරි අමුතු නිර්මාණයක් කියල හිතෙන්නෙ නැත්ද? 🤔
💡 මෙයාගෙ නම තමයි CleanseBot.
මේ බොට්ගෙ රාජකාරිය වෙන්නෙ අපේ ඇඳ සහ ඒ අවට විෂබීජ නසා දැමීම.
#disinfect #robot #bot #cleansebot #amazing #tec #science
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
අපගේ චන්ද්‍රයා වෙනුවට ඒ විශාල දර්පණයක් තිබුණා නම් මේක තමයි වෙන්නෙ.
#moon #mirror #science #amazing #fun
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
ක්ෂීරපථයට සාපේක්ෂව කැමරාව ස්ථාවරව තබා ඇත...
#milky_way #amazing #photography #physics #nature #space #stars #galaxy #science #astro
♣️Experiments & Wisdom♣️
