සිත් නෙත් අසපුව (buddhist stories)
Open in Telegram
මෙම නාලිකාවතුළ රැදී සිටින ඔබට 👉 දහම් ලිපි 👉ධර්ම සාකච්චා 👉බණ කතා 👉මාවරලේ භද්දිය හිමියන් ඇතුලු සියලු හිමිවරුන්ගේ ඔවදන් (එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන) කරුණු 👉සූත්‍ර 👉නිකායන් 👉දහම් කරුණු, ධර්ම දේශනා නොදන්නා සෑම දෙයක්ම ඇසීමට දැනගැනීමට රැදී සිටින්න.
Show more319
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ලිපිය කොමෙන්ට් තුළ ඇත කියවන්න
(උපුටා ගන්නා ලද්දක් බව කරුණාවෙන් සලකන්න..)
Repost from සුජාත පුත්‍ර යෞවන සමාජය | A Team
පූජනීය තඹුත්තේගම නීග්‍රෝධවංශ ස්වාමීන්වහන්සේ විසින් දේශනා කරනු ලබන ධර්ම දේශනාව..
අද සවස 06.00ට ප්‍රඥා නාලිකාව ඔස්සේ.. (Peo Tv නාලිකා අංක 112)
තාවකාලිකව පැවිදි කිරීම
සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා, තාවකාලිකව පැවිදි කිරීම සහ ධර්ම විනය ඉගැන්වීම.
ගිහි පින්වතුනට ආරාධනාවයි.
2023 - ඇසල අගෝස්තු 01 වස් පොහෝ දිනට පසු දින සිට
සම්පූර්ණ ආරණ්‍යවාසී පුහුණුව ලබා දෙනු ලැබේ. (පළමු අදියරයේදී 50 දෙනෙකු පමණී.)
1. නිරෝගී අයෙකු විය යුතුයි.
2. තමන්ගේ සිවුරු පාත්‍රා තමන් විසින්ම සපයා ගත යුතුය. ස්ථීරව පැවිදි වන අයට පමණක් තපෝවනය මගින් සිවුරු පාත්‍රා සපයනු ලැබේ.
3. අළුයම 4.00 අවධි විය යුතුයි. රාත්‍රී 10.00 සැතපිය යුතුයි.
4. පැයක් පර්යංකයෙන් වාඩි වී සිටීමට හැකි විය යුතුයි.
5. දහවල 12.00 පසුව, පසුවදා අරුණෝදය තෙක් අෂ්ඨපාන හැර ආහාර නොගෙන සිටිය යුතුයි. (රෝගී අය සහභාගි වන්න එපා.)
6. කුටිවලට යාමට කදු තරණය කිරීමට හැකි විය යුතුයි.
7. මුල් දින 20 තුළදී උදෑසන 8.00 ත් 10.00 ත් අතර සහ සවස 1.00 ත් 5.00 ත් අතර උගන්වන විනය, සූත්‍ර, අභිධර්මය පාඩම් සඳහා අඛණ්ඩව සහභාගි විය යුතුයි. අවශ්‍ය අයට ඉගෙන ගැනීම සඳහා ඒවා zoom හරහා සජීවීව විකාශනය කෙරේ.
8. දානය සඳහා දාන ශාලාවට පිණ්ඩපාතයේ වැඩිය යුතු වේ.
9. අවසන් දින 10 දී දුර පිහිටි ගම්මාන වලට පිණ්ඩපාතයේ වැඩිය යුතු වේ.
10. මාසයක් සඳහා පැවිදි කරනු ලැබේ. පුහුණුව අවසන් වූ පසුව ස්ථීරව වැඩ සිටීමට කැමති අය සඳහා ත්‍රෛනිකායික සංඝරත්නයේ ඉල්ලීම් අනුව, එම ස්වාමින් වහන්සේලාට පවරා දෙමින්, උන්වහන්සේලාගේ නමින් සාමණේර සහතික සකස් කරවා කැමති විහාරස්ථානවලට භාරදෙනු ලැබේ. ඉඩකඩ අනුව අමා ශාන්ති තපෝවන වල වැඩවසන්නට කැමති අයටද ඒ සඳහා අවසර ලැබේ. උපැවිදි වී නැවත පසු කාලයක දී ස්ථීරවම පැවිදි වන්නට ද අවසර දෙනු ලැබේ.
11. කිසිදු අයකිරීමක් නොමැත. ශාසනයේ පැවැත්ම උදෙසා ගිහි පැවිදි දෙපක්ෂයම ධර්ම විනයෙන් සන්නද්ධ කිරීම සඳහා සිදු කරන උතුම් සත්ක්‍රියාවක් පමණී. හැකිතාක් තරුණ අය ඉදිරිපත් වන්න. කාලසටහන පසුව දන්වනු ලැබේ.
සියළුම විමසීම්:-
මිණිපුර අමා ශාන්ති තපෝවනය, පැල්වාඩිය, රත්නපුරය.
දුරකථන :- 0763523330 / 0718213112
අයදුම්පත් ලබා ගැනීම සඳහා:- https://drive.google.com/file/d/1OidCp0p98RWSu8EsTZmg6xn7tuLNavti/view?usp=sharing
Email - amashanthithapowanaya@gmail.com
Facebook - https://www.facebook.com/minipuraamashanthithapowanaya
https://youtu.be/sl2dsF5g-gE
