1 954
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
1 954
ලෝක ජනගහනයෙන් 37% ක්, එනම් බිලියන 2.9 ක් තවමත් අන්තර්ජාලය භාවිතා කර නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි
1 954
ශ්‍රී ලංකාවට Starlink අන්තර්ජාල සේවාව ලබාදීම සඳහා අවශ්‍යය වන මූලික කටයුතු සම්පාදනය කිරීම සඳහා TRCSL සහ Starlink ආයතනය අතර පළමුවැනි සාකච්ඡා ආරම්භ වූ බව TRCSL ආයතනය අද නිවේදනය කර සිටියා.
මේ අනුව නුදුරු අනාගතයේදී මෙම සේවාව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකි අතර, මෙය සාර්ථක වුවහොත් එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙන්ම, සැබෑ unlimited අන්තර්ජාල සබඳතාවයක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
1 954
Instagram සමාජ මාධ්‍ය වේදිකාවේ Feed එක තුළ ඔබට Suggest වන posts විවිධ Categories යටතේ manage කර ගැනීමේ හැකියාව මෙම විශේෂාංගය හරහා ලැබී තිබෙනවා.
මීට පෙරද මෙම විශේෂාංගය Instagram සමාජ මාධ්‍ය තුළ වෙනත් ආකාරයකින් නිරූපණය වූ අතර නවතම Beta අනුවාදය මගින් Redesign කිරිමක් යටතේ මෙම විශේෂාංගය Beta පරිශීලකයින් හට ලබා දී තිබෙනවා.
1 954
Twitter ආයතනය විසින් 'Twitter Vote' නමින් නව විශේෂාංගයක් නිකුත් කිරීමට නියමිත බව ඉකුත් ජූලි මස 21 වනදා සඳහන් කර සිටියා. කෙසේ වෙතත් මෙම විශේෂාංගය පිළිබඳ වැඩිදුර විස්තර සඳහන් කරමින් අද දින Twitter ආයතනය පවසා සිටියේ නුදුරු අනාගතයේදී මෙම විශේෂාංගයේ එළිදැක්වීමක් ස්ථිර වශයෙන් බලාපොරොත්තු විය හැකි බවයි.
1 954
in-built Stickers නිර්මාණය කර ගැනීමේ හැකියාව සමඟින් WhatsApp Web යෙදුමේ නවතම යාවත්කාලීන කිරීම මේ වන විට පරිශීලකයන් හට ලබා දී තිබෙනවා.
Attach button එක ඔස්සේ Stickers Tab එක වෙත ගොස් පරිඝණකයේ ඇති image එකක් add කිරීමෙන් ඔබට පහසුවෙන් Stickers නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබෙනවා.
WhatsApp Desktop යෙදුම සඳහාද මෙම විශේෂාංගය ලබන සතිය වන විට ලබා දීමට WhatsApp ආයතනය සූදානමින් සිටිනවා.
1 954
FBI ආයතනයේ Email Servers Hack කර, Cyber ආරක්ෂාව පිළිබඳ ව්‍යාජ Email යැවීමට හැකර්වරයෙකු කටයුතු කරයි
1 954
Instagram Reels වෙත Video upload කරන්නන් හට මුදල් ගෙවීමට bonus නම් වැඩසටහනක් හඳුන්වාදීමට කටයුතු කරයි.
මේ හරහා content නිර්මාණය කරන්නන් හට තම video වලට ලැබෙන views ප්‍රමාණය අනුව මුදල් ගෙවීමක් සිදු කරනු ලබන අතර, මේ දක්වා එලෙස ලබාදී ඇති උපරිම මුදල ඩොළර් 35,000ක් බව TechCrunch වෙබ් අඩවිය වාර්තා කරනවා.
මෙම වැඩසටහනට සම්බන්ධ වන ආකාරය Instagram නිළ වෙබ් අඩවියෙහි Help article එකක් හරහා පැහැදිලි කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
1 954
Windows 10 වල 2004 සංස්කරණය සඳහා සහාය ලබාදීම දෙසැම්බර් 14 වැනි දින සිට නවත්වාදැමීමට Microsoft සමාගම තීරණය කරයි
මෙම දිනයෙන් පසුව එම සංස්කරණය ඇති devices සඳහා තවදුරටත් security සහ quality updates නොලැබෙනු ඇති බවත්, මෙම දිනයට පෙර Windows Update හරහා අදාල devices අලුත් සංස්කරණයකට update කරගන්නා ලෙසත් Microsoft සමාගම නිවේදනය කර සිටිනවා.
Start -> Settings -> System -> About හරහා ගොස් Windows specification හරහා ඔබගේ දැනට තිබෙන Windows 10 සංස්කරණය කුමක් ද යන්න නිරීක්ෂණය කළ හැක.
1 954
Windows මෙහෙයුම් පද්ධති වල ඉතා පහසුවෙන් sound mute කිරීමේ හැකියාව තිබුණත්, Mic එක එලෙස පහසුවෙන් mute කිරීමේ හැකියාවත් තිබුණේ නැහැ.
කොහොම නමුත් අලුත්ම Windows 11 preview සංස්කරණය භාවිතා කරන්නන් හට මේ වන විට Taskbar එක හරහා සෘජුවම Mic එක mute කිරීමේ පහසුකමක් ලබාදීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.
මෙම පහසුකම ඉදිරියේදී සියළුම Windows 11 පරිශීලකයින් හට ලබාදීමට ඔවුන් කටයුතු කරනු ඇති.
1 954
Dislike count එක YouTube වලින් ඉවත් කිරීමට YouTube ආයතනය කටයුතු කර තිබෙනවා.
මේ අනුව තව දුරටත් යම්කිසි video එකකට dislike කළ ප්‍රමාණය ඉලක්කමක් ලෙස අනෙකුත් අයට නොපෙන්වනු ඇති අතර, අදාල video එකේ හිමිකරුට පමණක් එය බලාගැනීමට හැකියාව ලැබෙනවා.
මීට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් අවස්ථා වලදී සංවිධානාත්මක පිරිස් විසින් Dislike attack හරහා ඇතැම් creator වරුන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු කිරීමයි.
1 954
Tax ගෙවීම සඳහා ඩොළර් බිලියන 5කට අධික වටිනාකමකින් යුතු Tesla සමාගමේ කොටස් විකුණා දැමීමට Elon Musk කටයුතු කරයි
1 954
පරිගණක සහ ජංගම දුරකථන වලින් ඇස් වලට වන හානිය ගැන ඔබ දැනුවත් ද? එයින් ආරක්ෂා වන ආකාරය දැනගනිමු
1 954
Apple සමාගමේ පළමුවැනි පරිගණකය වූ Apple -1 පරිගණකයක් ඇමෙරිකානු ඩොළර් 500,000 ක මුදලකට අලෙවි කිරීමට කටයුතු කරයි
