en
Feedback
MJ Full papers 📖& documents

MJ Full papers 📖& documents

Open in Telegram

ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.

Show more
1 435
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🎃
🎃

ඇයි ඒ?🙄
ඇයි ඒ?🙄

2022 (2023) AL පොදු පරීක්ෂණය අනුමාන ප්‍රශ්නපත්‍රය | Common General Test Guess paper| new| Maths 4 U https://www.youtube.com/watch?v=4mMCM-3zSK8

*යුනිසෙෆ් සංවිධානය (UNICEF)* එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමුන්ගේ හදිසි අරමුදල ලෙස යුනිසෙෆ් සංවිධානය 1946 දෙසැම්බර් 11 වැනිදා බිහිවිය. එහි ප්‍රධාන කාර්යාලය ඇමෙරිකානු එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ පිහිටා තිබේ. මෙම සංවිධානය ආරම්භක අරමුණ වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පීඩාවට පත්වූ ළමුන්ට පිහිට වීම සඳහා අරමුදලක් පිහිටුවීමයි. ඊට අමතරව සංවර්ධනය වෙමින් පවත්නා රටවල ළමුන්ගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියාත්මක වීම, ළමුන්ට වැ‍ලඳෙන රෝග මැඬලීම වැනි පරමාර්ථ රාශියක් සඳහා මෙම සංවිධානය පිහිටුවා ගැනිණි. ඒ අනුව වර්තමානය වනවිට මෙම සංවිධානය රටවල් 190ක පමණ ක්‍රියාත්මක වේ.

මේ දවස් වල වැඩිපුර කතාවෙන උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංධානය නොහොත් North atlantic treaty organization (NATO- නේටෝ) කියන්නෙ මොකක්ද?         මේ දින වල NATO සංවිධානය පිලිබඳව වැඩි කතාබහකට ලක් වීමට හේතු වී ඇත්තේ යුක්‍රේන සහ රුසියාව අතර අර්බුදය වර්ධනය වී  යුද්ධයක් දක්වා වර්ධනය වීම හේතු කොට ගෙනයි..ඉතින් මේ TATO-නේටෝ සංවිධානය ලෙස හදුන්වනු ලබන්නෙ කුමණ ආකාරයේ සංවිධානයක් ද? ඒ සංවිධානය ඇති වීමට බලපෑ හේතු මොනවද කියලා බලමු.. රටවල් 12 ක් සාමාජිකත්වය දරමින් 1949 අප්‍රේල් 4 වන දින වොෂින්ටන් D.C හි දී නේටෝ ගිවිසුම අත්සන් කිරීමත් සමග නේටෝ සංවිධානය ආරම්භ වනවා. එම රටවල් ලෙස, 📌️ඇමරිකා එක්සත් ජනපදය 📌️මහා බ්‍රිතාන්‍ය 📌️කැනඩාව 📌️බෙල්ජියම 📌️ප්‍රංශය 📌️ඉතාලිය 📌️නෙදර්ලන්තය 📌️නෝර්වේ 📌️ඩෙන්මාකය 📌️අයිස්ලන්තය 📌️ලක්සන්බර්ග් 📌️පෘතුගාලය                             යන රටවල් හදුන්වා දිය හැකියි.. නේටෝ සංවිධානය පිහිටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දෙවන ලෝක යුධ සමයෙන් අනතුරුව රුසියාව ඇතුලු කොමියුනිට්ස් වාදී බල කඳවුරු  වලින් බටහිර යුරෝපීය රටවල් සදහා එල්ල කරන ලද විවිධ තර්ජන හේතු කොටගෙනයි..එමෙන්ම නේටෝ හි සාමාජිකත්වය දරන ඕන්නෑම රටකට එරෙහිව වෙනත් රටක් යුධ ප්‍රකාශ කළහොත් එය නේටෝ සංවිධානයට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමක් ලෙස සලකනවා..මෙයින් අදහස් කරන්නේ නෑ නේටෝ රටකට එරෙහිව යුධ ප්‍රකාශ කළහොත් නේටෝ සංවිධානයේ සිටින සියලුම රටවල් එක්ව යුධ ප්‍රකාශ කළ රටට පහර දීමක් සිදුවනවා කියලා..එය තම රටේ අභිමතාර්ථය සහ එම අවස්තාවේ පවතින වාතාවරණය හා නීතියමය කටයුතු අනුව සිදුකරනු ලබනවා...                     කෙසේ නමුත් 1991 දී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමගම නේටෝ සංවිධානයත් යටපත් වී ගියත් සංවිධානය විසුරුවා හැරීමක් සිදු උනේ නෑ..වර්තමානය වන විට රටවල් 30 ක සාමාජියන් පිරිසක් සාමාජිකත්වය දරන මෙම සංවිධානය විවිධ රට වල ඇති වන යුධ ගැටුම් වලට සහය දක්වමින්, ආයුධ ලබා දීමට සහ යුධ තත්වයන් ඇති වීම වලක්වාලීමට කටයුතු කරනු ලබනවා..කෙසේ නමුත් 2011 දී ලිබියාවේ නායකයා වූ කර්නල් මුහම්මර් ගඩාෆි ඝාතනය කිරීම සඳහා කැරලිකරුවන් හට සහය දීමද නේටෝ හමුදාවන් විසින් සිදු කරනු ලැබුවා. එසේම ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහර දුන් අවස්තාවේදීද ඇමරිකාව හට නේටෝ හමුදාවන්ගේ සහය ලබා දීමට කරයුතු කරනු ලැබුවා. එසේම පසුගිය කාලයේ ඇෆ්ගනිතානයේ තලෙයිබාන් කැරලිකරුවන් එරට රාජ්‍ය බලය අල්ලා ගන්නා අවස්තාවේදී නේටෝ හමුදාවන් එරට අත්හැර දමා යාම ද ආන්දෝලයකට තුඩු දුන් හේතුවක් උනා... නේටෝ සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය බෙල්ජියමේ බ්‍රෙසල්ස් නුවර පිහිටා ඇති අතර එහි වත්මන් මහලේකම් වරයා ලෙස යෙන්ස් ස්ටොල්ටන්බර්ග් කටයුතු කරනු ලබනවා..එසේම මුස්ලිම් රටක් වන තුර්කියද මෙහි සාමාජිකත්වය දරන අතර නේටෝ සංවිධානයේ සිටින සාමාජික රටවල් අතරින් අයිස්ලන්තය හට කිසිදු හමුදා බලයක් නොමැති අතර නේටෝ සංවිධානය ආරම්භයේ පටන්ම සිටින රටක් ද වනවා..            කෙසේ නමුත් නේටෝ සංවිධානය විසින් යුක්‍රේනය ඇතුළු පැරණි කොමියුනිට්ස්වාදී  රටවල් නේටෝ සංවිධානය වෙත ඈඳා ගැනීමට උත්සහ දරමින් එම රටවල් වල බටහිර ගැති පාලනයක් ගොඩනැවීමට කටයුතු කරන නිසාවෙන් රුසියානු ජනපති පුටින්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් ලෙස වර්තමානය වන විට යුක්‍රේන සහ රුසියා යුධ ගැටුම් ඇවිලෙමින් පවතිනවා... #NATO #ukrainevsrussiya @පයිරේට් ජැකා

සාමාන්‍ය දැනුම 🥏 1 ) වසර 100 කට වඩා ආයුෂ විදින සතුන් කවරේද ? 🎧 ඉබ්බා 🎧 මිනිසා 🎧 හංසයා 2 ) මීයා ගැබ් ගන්නා කාලය ? 🎧 සති 3 3 ) අඹ ඇටයට වඩා කුඩා ඇට නිපදවන පැළෑටි වර්ග දෙකක් ලියන්න . 🎧 දුම්කොළ ඇට 🎧 පොපි ඇට 4 ) දිගම අං පිහිටා ඇති සත්වයා 🎧 ඉන්දියානු මී හරකා 5 ) මිනිස් වකුගඩුවක බර කොපමණද ? 🎧 අවුන්ස 5 6 ) කළු කුමාට බිත්තර රැකීමට ගතවන දින ගණන කීයද ? 🎧 දින 28 7 ) ගඳ සුවඳ දැනගැනීමට ශක්තිය ඇති එකම පක්ෂියා වන්නෙ ? 🎧 කිවි 8 ) කෝපි පැලයේ මාතෘ භූමිය 🎧 අරාබිය් 9 ) දියරමය ලෝහය වන්නෙ 🎧 රසදිය 10 ) සමචතුරස්‍ර හා සෘජුකෝණාස්‍ර නැති ජාතික ධජය ඇති රට වන්නේ ? 🎧 නේපාලය 11 ) ලද පස්මල් නම් කරන්න 🎧 ඊතන 🎧 සමන්පිච්ච කැකුළු 🎧 විළද 🎧 අබ 🎧 සුනු සහල් 12 ) මාලදිවයින් රාජ්‍යට අයත් දූපත් ගණන 🎧 115 13 ) ලොව පැරණිම සාහිත්‍යය ග්‍රන්ථය වන්නේ ? 🎧 රික්වේදය 14 ) අවුකන බුදු පිළිමයේ උස 🎧 11.65 m 15 ) ලෝකයේ විශාලම හා කුඩාම මහද්වීපය නම් කරන්න . 🎧 වි - මිලියන 45 Km 2 ආසියා මහද්වීපය 🎧 කු - මිලියන 7 Km 2 ඕස්ට්‍රේලියා මහද්වීපය 16 ) පංචමහා විල් 🎧 සුපීරියර් 🎧 හියුරන් 🎧 මිචිගන් 🎧 ඊරි 🎧 ඔන්ටාරියෝ 17 ) වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වී ඇති ග්‍රන්ථය වන්නේ ? 🎧 බයිබලය 18 ) ජලය හා බැදුණු සිරිතක් වබ ද්‍රවිඩ ජනතාවගේ දෙවිවරු නෑවීම හඳුන්වන්නේ ? 🎧 කුම්බාභිශෝතමී 19 ) මොනරුන්ගේ බිත්තර රැකීමේ කාලය 🎧 දින 28 සිට 32 දක්වා 20 ) කැනඩාවත් ඇමෙරිකාවත් අතර පිහිටි දිය ඇල්ල වන්නේ ? 🎧 නයගරා ඇල්ල

01. *සාර්ක් සංවිධානය – SAARC* “සාර්ක් ”, එසේත් නොමැතිනම් South Asian Association for Regional Co-operation, ලෙස හඳුන්වනු ලබන්නේ දකුණු ආසියාතික කලාපයට අයත් වන්නා වූ රටවල් විසින් පිහිටුවා ගත් සංවිධානයකි. සාමාජික රටවල් වන්නේ, ඉන්දියාව ශ්‍රී ලංකාව පාකිස්ථානය බංග්ලාදේශය නේපාලය භූතානය මාලදිවයින ඇෆ්ගනිස්ථානය ඇෆ්ගනිස්ථානය සාමාජිකත්වය ලබා ගනු ලැබුවේ මෑත කාලයේදී යි. සාර්ක් ප්‍රඥප්තිය බංග්ලාදේශයේ ඩකා නුවර දී අත්සන් කරනු ලැබුවේ 1985 දෙසැම්බර් මස 08 වන දිනයි. සාර්ක් සංවිධානයේ අරමුණු අතර කිහිපයක් වන්නේ, දකුණු ආසියාවේ ජනතාවගේ සුභසාධනය හා ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම කලාපයේ ආර්ථික වර්ධනය, සමාජ ප්‍රගතිය, හා සංස්කෘතික සංවර්ධනය වේගවත් කිරීම ආර්ථික, සාමාජික, සංස්කෘතික, හා විද්‍යාත්මක අංශ වල සහයෝගිතාවය වැඩි දියුණු කිරීම ආදියයි. මෙම රටවල රාජ්‍ය නායකයින් වසරකට වරක් හෝ අවශ්‍ය නම් කිහිප වතාවක් හමු වී රැස්වීම් පවත්වනු ලබනවා. එමෙන්ම මෙම සාමාජික රටවල් අතර SAPTA ( South Asian Preperential Trade Agreement), හා SAFTA (South Asian Free Trade Agreement) යනුවෙන් වෙළෙඳ ගිවිසුම් දෙකක්ද ඇති කර ගෙන තිබෙනවා.

🎑සාමාන්‍ය දැනීම 🔥වැඩිම ආර්ථික නිදහසක් ඇති පාලනය ? 💧හොංකොං 🔥වැඩිම ආර්ථික නිදහසක් ඇති ආසියාතික රට ? 💧සිංගප්පූරුව 🔥වැඩිම ආර්ථික නිදහසක් ඇති දකුණු ආසියාතික රට 💧බූතානය 🔥ආර්තික නිදහසක් නොමැති රට ? 💧උතුරු කොරියාව 🔥දිය යට ටෙනිස් ක්‍රීඩාංගනයක් ඇති රට ? 💧ඩුබායි 🔥යාපනය විශ්වවිද්‍යාලය ආරම්භ කල වර්ෂය ? 💧1974 🔥ආසියාවේ අඩුම ජනගහනයක් සිටින රට ? 💧මාලදිවයින 🔥සාගර පතුලේ ගැඹුර මනින උපකරණය ? 💧බැරෝ මීටරය 🔥රයිඩර් කුසලානය පිරිනමන්නේ කිනම් ක්‍රීඩාවක් සදහාද ? 💧ගොල්ෆ් 🔥බූගෝලය අනුව උන්නතාංශය වැඩිම රට ? 💧බූතානය 🔥කහ මුහුද පිහිටා ඇති සාගරය ? 💧පැසිෆික් සාගරය 🔥ලංකා විශ්වවිද්‍යාලයේ පලමු උපකුලපති ? 💧නිකුලස් ආලිගල 🔥තම රටේ සිතියම ජාතික කොඩිය ලෙස බාවිතා කරන රට ? 💧සයිප්‍රසය 🔥සුවස් අර්බුදයට සම්බන්ධ රටවල් දෙක ? 💧ඊජිප්තුව,මහා බ්‍රිතාන්‍යය 🔥රතු චතුරස්‍රය පිහිටා ඇති නගරය ? 💧මොස්කව් 🔥ජපානයේ ඇති ප්‍රධාන දූපත් ගණන ? 💧4 🔥අතීතයේ ඇබිසිනියාව යනුවෙන් හැදින්වූයේ ? 💧ඉතියෝපියාවට 🔥අප්‍රිකානු මහද්වීපයේ විශලතම නගරය ? 💧කයිරෝ

ලෝකයේ වේගයෙන්ම වැඩෙනා ශාක වර්ගය කුමක් ද ? *උණ ශාකය.* 2. අතීතයේ පර්සියාව නමින් හැඳින්වූයේ වර්තමානයේ කුමන රට ද ? *ඉරානය.* 3. සුරදූතයන්ගේ නගරය යනු කුමන නගරය ද ? *බැංකොක් නගරය.* 4. වීදුරු වෙරළ පිහිටා ඇත්තේ කුමන රටේ ද ? *රුසියාවේ* 5. පීකා නම් සත්ව විශේෂය ජීවත් වන්නේ කුමන රටේ ද ? *චීනයේ* 6. ලොව දුර්ලභම අක්ශි පැහැය කුමක් ද ? *කොළ පැහැය* 7. ආහාර හිඟ කාලයට තම පපුව සිදුරු කර පැටවුන්ට ආහාර ලබා දෙන්නේ කුමන සත්ව විශේෂය ද ? *පෙලිකන් සත්වයින්* 8. ෂර්ලොක් හෝම්ස් අභිරහස් කතාවේ කතෘ වරයා වන්නේ කවුරුන් ද ? *සර් ආතර් කොනන්ඩොයිල් මහතා.* 9. ලොව විශාලතම හෘදය අයත් වන්නේ කුමන සත්වයාට ද ? *නිල් තල්මසාට* 10. ක්ෂේත්‍ර දෙකකින් නොබෙල් ත්‍යාගය දිනා ගත් ලොව ප්‍රථම කාන්තාව කවුරුත් ද ? *මාරි කියුරි* 🌍ලෝකය ගැන සාමාන්‍ය දැනීම 🌍 🌼 ලොව මුළුමනින්ම වැසි ඇති මහද්වීපය    ☘ඇන්ටාක්ටිකාව 🌼 ලොව දිගම ගඟ   ☘ නයිල් ගඟ 🌼 ලොව දිගම කදු පන්තිය ☘ දකුණු ඇමරිකාවේ අන්දීස්        කදු පන්තිය 🌼 ලොව දිගම ඇල ☘ චිනයේ  ග්රැන්ඩ්.ඩී.ක්‍රැනල් 🌼 ලොව විශාලතම මහද්වීපය ☘ ආසියා මහද්වීපය 🌼 ලොව විශාලතම  සාගරය ☘ පැසිපික් සාගරය 🌼 ලොව විශාලතම අර්ධද්වීපය   ☘ ඉන්දියානු අර්ධද්වීපය 🌼 ලොව විශාලතම නගරය ☘ චීනයේ ෂැංහයි 🌼 ලොව විශාලතම කාන්තාරය ☘ සහරා කාන්තාරය 🌼 ලොව විශාලතම කරදිය විල ☘ කැස්පියන් 🌼 ලොව විශාලතම මිරිදිය විල ☘ සුපීරියර් 🌼 ලොව විශාලතම පුස්තකාලය ☘ ලෙනින් පුස්තකාලය මොස්කව් 🌼 ලොව දිගම දුම්රිය මාර්ගය ☘ ට්‍රාන්ස් සයිබිරියන්  🌼 ලොව විශාලතම ඉදිකිරීම ☘ ගීසාහි පිරමීඩය 🌼 ලොව උසම නගරය ☘ ටිබෙට් හී ජියාචාන් 🌼 ලොව උසම කන්ද ☘ එවරස්ට් කන්ද 🌼 ලොව උසම දේශය ☘ ටිබෙට් දේශය 🌼 ලොව ගැඹුරුම විල ☘ බයිකන් විල 🌼 ලොව විශාලතම ද්වීපය ☘ ග්‍රීන්ලන්තය 🌼 ලොව උසම දියඇල්ල ☘ එන්ජල් දියඇල්ල 🌼 ලොව විශාලතම දෙව්මැදුර ☘ රෝමයේ ශාන්ත පීතර දෙව්මැදුර 🌼 ලොව විශාලතම පන්සල   ☘ ඉන්දුනීසියාවේ බොරෝබූදූර් 🌼 ලොව විශාලතම සත්වයා ☘ තල්මසා 🌼 ලොව උසම සත්වයා ☘ ජිරාෆ් 🌼 ලොව වැඩිම ආයුෂ ඇති සත්වයා ☘ ඉබ්බා 🎑සාමාන්‍ය දැනීම 🔥වැඩිම ආර්ථික නිදහසක් ඇති පාලනය ? 💧හොංකොං 🔥වැඩිම ආර්ථික නිදහසක් ඇති ආසියාතික රට ? 💧සිංගප්පූරුව 🔥වැඩිම ආර්ථික නිදහසක් ඇති දකුණු ආසියාතික රට 💧බූතානය 🔥ආර්තික නිදහසක් නොමැති රට ? 💧උතුරු කොරියාව 🔥දිය යට ටෙනිස් ක්‍රීඩාංගනයක් ඇති රට ? 💧ඩුබායි 🔥යාපනය විශ්වවිද්‍යාලය ආරම්භ කල වර්ෂය ? 💧1974 🔥ආසියාවේ අඩුම ජනගහනයක් සිටින රට ? 💧මාලදිවයින 🔥සාගර පතුලේ ගැඹුර මනින උපකරණය ? 💧බැරෝ මීටරය 🔥රයිඩර් කුසලානය පිරිනමන්නේ කිනම් ක්‍රීඩාවක් සදහාද ? 💧ගොල්ෆ් 🔥බූගෝලය අනුව උන්නතාංශය වැඩිම රට ? 💧බූතානය 🔥කහ මුහුද පිහිටා ඇති සාගරය ? 💧පැසිෆික් සාගරය 🔥ලංකා විශ්වවිද්‍යාලයේ පලමු උපකුලපති ? 💧නිකුලස් ආලිගල 🔥තම රටේ සිතියම ජාතික කොඩිය ලෙස බාවිතා කරන රට ? 💧සයිප්‍රසය 🔥සුවස් අර්බුදයට සම්බන්ධ රටවල් දෙක ? 💧ඊජිප්තුව,මහා බ්‍රිතාන්‍යය   🔥රතු චතුරස්‍රය පිහිටා ඇති නගරය ? 💧මොස්කව් 🔥ජපානයේ ඇති ප්‍රධාන දූපත් ගණන ? 💧4 🔥අතීතයේ ඇබිසිනියාව යනුවෙන් හැදින්වූයේ ? 💧ඉතියෝපියාවට 🔥අප්‍රිකානු මහද්වීපයේ විශලතම නගරය ? 💧කයිරෝ

sticker.webp0.82 KB

පෙනුම වෙනස් උනාට රසය එහෙමමයි.🌝🔥 හැබැයි රු.10යි🥲
පෙනුම වෙනස් උනාට රසය එහෙමමයි.🌝🔥 හැබැයි රු.10යි🥲

+1
දකුණු පළාත් 2020 grade 13 / 2nd term ICT full paper http://t.me/papers_grp21AL

+3
ICT Third Term Test Paper - Part 01(final)

Model Papers Western Province.zip27.79 MB

AL ICT Model Paper 2022- Answers SM.pdf1.69 MB

+1
Grade13_-__ICT__I_-__Sinhala_Medium.pdf7.43 KB

😂 කරමු ද

English seminar 1ක්