WidoxLK
Open in Telegram
Instant Technology News In Sinhala Contact us at @widoxnews For ads visit https://telega.io/c/WidoxLK
Show more2 191
Subscribers
No data24 hours
-167 days
-6730 days
Posts Archive
2 191
WidoxLK අපි මීට කලින් Huawie සමාගමෙන් introduce කරන්න යන tri- fold device එකක් ගැන තොරතුරු ගෙනාවා මතක ඇති. ඉතින් ඒ වෙද්දිත් එහෙම device එකක් test කරන එක ගැන විතරයි තොරතුරු වාර්තා වෙලා තිබුණේ. හැබැයි මේ වෙද්දී Huawie සමාගමෙන් ඒ පිළිබද ව නිල වශයෙන් තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා.
Popular Social media platform එකක් වෙන Weibo හි නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ tri fold device එක සැප්තැම්බර් මස 10 වන දා එළිදැක්වීමට නියමිත බවයි. ඒ වගේ ම වැඩි දුරටත් අදහස් දක්වන
Huawei සමාගමේ පාරිභෝගික උපාංග ප්‍රධානී, Yu Chengdong, පවසන පරිදි මේ tri fold device එක වඩාත් ප්‍රමුඛ, නවෝත්පාදන නිෂ්පාදනයක් වේවි. ඒ වුණත් වාර්තාවලට අනුව මේ device එකේ price එක 4900$ පමණ වන අතර බොහෝ විට මේ product එක චීනය සඳහා පමණක් launch කරන්නත් හැකියාව තියෙනවා.
#Huawie
#tri_fold
#Foldables
📱 WidoxLK | Facebook 📱
2 191
Guys මේ තියෙන්නේ මොකද්ද කියලා සමහර විට ඔයාලා අහලත් ඇති. මොකද ඉස්සෙල්ලත් Google ලා මේ වගේ statues build කරපු නිසා.මේක තමයි Android 15 එකට build කරපු statue එක 🥲 මේ Android Bot Vanilla Ice Cream එකක් අතින් අල්ලන් ඉන්න විදිහට තමයි මේක build කරලා තියෙන්නේ. Vanilla Ice Cream කියන්නේ Android 15 එක හඳුන්වන්න internel විදිහට යොදා ගත්තු dessert name එක.
Team Widox 💀
2 191
Apple සමාගමේ Macintosh computers කියන්නේ Windows powered computers වල ලොකු ම ප්‍රතිවාදියා කිව්වොත් නිවැරදියි. ඉතින් මේ වසරේ නිකුත් වීමට නියමිත Mac conputers ගැන දැනගන්න කැමති ද? අද එහෙනම් ඒ ගැන💻...
වාර්තා වෙන විදිහට නම් මේ වසරේ Mac series එක ඔක්තෝම්බර් අගත් නොවැම්බර් මුලත් අතර කාලයේ launch වෙන බවයි වාර්තා වෙන්නේ. බොහෝ විට වසර 14කට පස්සේ අලුත් Mac mini එකේ redesign එකක් වෙයි කියලත් මේ වෙද්දී තොරතුරු වාර්තා වෙනවා.ඒ වගේ ම USB-A support එක නැති වීමත් ඒ වෙනුවට USB-C ports ගණන 5ක් දක්වා වැඩි වීමත් සිදු වෙන්න පුළුවන්. ඒ වගේ ම Apple සමාගම සියලු ම Mac devices 16GB+ RAM ලෙස නිකුත් වෙයි කියලා තමයි මේ වෙද්දී නම් වාර්තා වෙන්නේ. ඒ වුණත් අනෙක් Mac devices ඒ කියන්නේ iMac,MacBook Pro වල design එකේ ලොකු update වීමක් නැති වෙයි. හැබැයි මේ සියලු ම Mac devices Apple ලගෙ M4 chip එකෙන් තමයි බල ගැන්වෙන්නේ. ඒ කියන්නේ ඉතින් performance වල නම් improvements අනිවාර්යයෙන් ම බලාගන්න පුළුවන්.
#Mac
#M4
#Apple
📱 WidoxLK | Facebook 📱
2 191
1999 අගෝස්තු 31 වනදා nVIDIA geforce 256 වෙළෙඳපොළට නිකුත් වුනේ "the world first gpu" tagline එකත් එක්කයි..මේක GPU- graphic processing unit එක කියල නම් කරන්න හේතු වෙලා තියෙන්නේ GPU එක තුල මූලිකවම processor එකක් අඩංගු වීමයි.. Transform and lighting (T&L) හා ගණනය කිරීම් ඒ කාලේ තිබුණු 3D accelerators වලට වඩා පහසුවෙන් හා ඉක්මන්ව කරගන්න මේ GPU මගින් අවස්ථාව ලැබුන..කොහොම උනත් මේ nVIDIA 256 එකේ architecture ඒක NV10 වගේම 220nm processor technology එකක් අඩංගු වෙලා තියෙනවා. 32mb memory capacity එකක්, 128-bit memory interface එකක්, 4.8Gb/s bandwidth එකක් වගේම 50W power එකකුත් මේ card එකට අවශ්‍ය වෙලා තියෙනවා. Direct X 7.a වලින් සමන්විත වුනු මේ card එක එ කාලේදී 199USD වෙලා තියෙනවා 🤩
අවුරුදු 25කට පස්සේ nVIDIA latest VGA lineup එක වෙන 40 series එකේ 4090 card එකේ memory capacity එක 24GB 💀, memory bandwidth එක 1008 Gb/s වගේම Ray tracing වගේ ගොඩක් advanced technology එකතු වෙලා තියෙනවා..
පොඩිවට පටන් ගන්න දේවල් තමයි දවසක ලෝකෙම හොල්ලන්නෙ.. ඒ නිසා ආරම්භය කොච්චර පොඩි උනත් ඒක ගැන හිතන්නේ නැතුව් දිගටම ඔයාගේ target වෙනුවෙන් මහන්සි වෙන්න.😌#nvidia 🌐 WidoxLK | Facebook 🌐
2 191
ඔයත් Apple Fan කෙනෙක් නම් iPhone SE ගැන අනිවාර්යයෙන් ම අහලා ඇති කියලා හිතනවා. ඉතින් Apple සමාගම ඊළග iPhone SE device එක කොයි කාලේ වගේ release කරයිද කියලා ඔයගොල්ලොන්ට හිතිලත් ඇති නේද? එහෙනම් අද ඒ ගැන....
iPhone SE කියන්නේ ඇත්තට ම original iPhone එකේ ම mid range device එක කිව්වොත් නිවැරදියි. මොකද මේ වෙනකම් release කරපු හැම iPhone SE device එකක් ම ඒ කාලේ release කරපු iPhone line up එකේ යොදා ගත්තු processor එක යොදා ගෙන තමයි build කරලා තිබුණේ. ඒත් අන්තිමට iPhone SE එකක් release වෙලා අවුරුදු 2 ½ විතර වෙනවා නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ආයේ iPhone SE එකක් release වෙන්නේ නැති වෙයි කියලා හිතා ගෙන ඉන්නත් ඇති. ඒත් මේ වන විට වාර්තා වෙන විදිහට නම් iPhone SE එකක් ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2025 මුල් කාලයේ වගේ release වෙන්න නියමිත වෙලා තියෙනවා. හැබැයි මෙච්චර කල් release වුණු iPhone 8 model body design එකකින් නම් නෙවෙයි මේ අලුත් iPhone SE එක release කරන්නේ. මොකද මේ වෙද්දී ගොඩක් ම users ලා අලුත් design එකට switch වෙලා නිසා පරණ design model එක use වෙනවා අඩු නිසා.
ඉතින් අලුත් iPhone SE එකට මොන වගේ feature ලබා දෙයි ද කියලා ද හිතෙන්නේ? වාර්තා වෙන විදිහට නම් අලුත් SE එක iPhone 14 design body එකකින් වගේ තමයි build කරන්නේ. ඒ වගේ ම 6.1-inch OLED display, A18 chip , Face ID, USB-C port, Action button, Apple-designed 5G chip, A single 48-megapixel rear camera, 8GB RAM යන ඒවගෙන් iPhone SE එක සමන්විත වෙනවා. ඒ වගේම Apple Intelligence compatible වෙන විදිහට තමයි අලුත් SE එක release කරන්න යන්නේ. ඉතින් බොහෝ විට price එක නම් ටිකක් වැඩි වෙයි.
#iPhoneSE
#Apple
📱 WidoxLK | Facebook 📱
2 191
ඔය පින්තුරේ ඉන්නේ Tardigrade කියන සත්වයා. මෑතකදී විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මේගොල්ලෝ ගැන ලොකු සොයාගැනීමක් කරලා තියෙනවා 😟. එත් එක්කම මේ සොයාගැනීම නිසා මිනිසුන්ට අධික විකිරණවලින් බේරෙන්න උදවු කරන්නත් පුළුවන් කියල විද්‍යාඥයන් කියනවා 🤬. ඉතින් මොක්කුද මේ Tardigrade සහ මොකක්ද මේ ලොකු සොයාගැනීම? 😭
Tardigrade කියන මේ සත්වයා අන්වීක්ශීයි. මෙගොල්ලොන්ට පුළුවන් 40,000 kPa තරම් ලොකු පීඩන තත්ත්වවල, -150 °C තරම් පහළ උෂ්ණත්වයක ජලය හෝ ආහාර නැතුව අවුරුදු 30ක් යනකන් උනත් ජීවත් වෙන්න 🤯. ඒ වගේම මෙගොල්ලොන්ට අධික විකිරණ වලටත් ඔරොත්තු දෙන්න පුළුවන්. මේ එක Tardigrade කෙනෙක් මරන්න, මනුස්සයෙක් මරන්න අවශ්‍ය Gamma Radiation සිය ගුණයකටත් වඩා සහ X-ray Radiation දහස් ගුණයකටත් වඩා අවශ්‍ය වෙනවා 😢. ඉතින් දැන් විද්යාඥයන් හොයාගෙන තියෙනවා මේගොල්ලෝ කොහොමද මේක කරන්නේ කියල 🗿
ප්‍රමාණවත් තරමට ශක්තිය තියෙන Radiation (විකිරණයක) එකකට පුළුවන් සෛලයක වර්ණදේහ තුල තියෙන DNA විනාශ කරලා දාන්න. අපි මේ තාක්ශනේ දැනටමත් පාවිච්චි කරනවා පිළිකා සෛල විනාශ කරලා දාන්න. එත් මේ Process එක අනිත් සෛල වලට එච්චර හොද නැහැ. එත් මේ Tardigrade ලගේ DNA වල තියෙන ජාන විකිරණ වලින් ආරක්ෂා කරන්න විශේෂ ප්‍රෝටිනයකින් ආවරණය වෙලා තියෙනවා 🤯 ඉතින් විද්‍යාඥයන් මේ ප්‍රෝටීන අරගෙන මනුෂ්‍ය සෛලවලට දාල තියෙනව. ප්‍රතිඵලය තමයි ප්‍රෝටීන දාපු සෛලවල විකිරණවලින් වුනු හානිය අඩු වෙලා තියෙනවා 😎
තව තියෙනවා මේ Tardigrades චන්ද්රයා මත හම්බවෙච්ච සිද්දියක්. ඒක පස්සෙ තව Post එකකින් ගෙන්නම් 👍
Why Tardigrades Are Awesome - Cleo Abram
#BIOLOGY
#SCIENCE
📱 WidoxLK | Facebook 📱
2 191
ඔයගොල්ලොන්ට මේ අවුරුද්දේ Samsung ලා release කරපු foldable devices 2 මතකත් ඇති. ඒත් මේ අවුරුද්දේ ම Samsung ලාගෙන් තවත් foldable device එකක් 😐 අද එහෙනම් ඒ ගැන...
කිව්වත් වගේ නවතම වාර්තාවලට අනුව Samsung සමාගම තවත් foldable device එකක් launch කරන්න සූදානම් වෙන බවක් පෙන්න තියෙනවා. මේ අලුත් foldable device එකත් Galaxy Z fold series එකෙන් තමයි නිකුත් කරන්න නියමිත වෙලා තියෙන්නේ. මේ Galaxy Z Fold Special Edition එකට බොහෝ විට 6.5 inches inner display එකකුත් 8 inches foldable panel එකකිනුත් සමන්විත වෙන්න පුළුවන්. ඒ වගේම සුවිශේෂි ම දේ තමයි මේ device එකේ thickness එකයි Camera එකයි. මේ device එකේ folded state (නෑවූ විට ) thickness එක 10.6mm පමණ වෙනවා. ඒ වගේම Camera එක ගැන කිව්වොත් නම් main camera එකට 200MP වගේ ගොඩක් හොඳ Camera lens එකක් ලබා දෙයි. මේ Z Fold special edition එක බොහෝ විට එළෙබෙන සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාසයේදී නිකුත් වේවි. ඒ වගේම වාර්තාවලට අනුව මේ device එක සමහර විට global launch නොකර ඉන්නත් පුළුවන්.
#Foldables
#Samsung
📱 WidoxLK | Facebook 📱
2 191
Gemini AI සඳහා Google සමාගම විසින් අලුත් feature එකක් introduce කරල තියනව."Take notes for me" නම් වන මේ feature එක හරහා ඔයාලට Google Meet හරහා Video call එකක් සමඟ සම්බන්ධ වී සිටිනා විට ඔයාලගෙ conversation එකට generate කරපු summery එකක් ලබාගන්න පුළුවන්.මේකෙ තියන විශේෂත්වය වෙන්නෙ ඒ generate වෙන summery එක වචනයෙන් වචනය copy වෙනව වෙනුවට ඔයාලගෙ conversation එකේ key discussion points ටික Meeting owner ගේ Google Drive එකේ Google Doc එකක් ලෙසින් save වීමයි.ඒ document එක ස්වයංක්‍රීයව attendees වෙත යැවීමට හෝ ඇමතුමෙන් පසුදින Google Calendar වෙත add කරන්නත් පුළුවන්.මෙම feature එක මුලින්ම Gemini Enterprise,Gemini Education Premium,AI meeting හා Messaging add-ons සහිත Google Workspace users ලට ලබාදෙන බවයි google සමාගම පවසා සිටියේ.
#Google
#AI
#Gemini
📱 WidoxLK | Facebook 📱
2 191
Repost from TON Community
More than 2 million have already signed the Open Letter and joined the #DigitalResistance!
Your incredible support is a testament to our fight for digital privacy and freedom of speech. #FREEDUROV ✊
Let’s keep the momentum going! Sign the Open Letter now and share it with your friends.
🆓🐶 https://t.me/tgresistancebot/letter
2 191
Youtube සමාගම විසින් නව AI feature එකක් launch කරල තියනවා.මේ feature එක හරහා ඔයාලට ඔයාලගෙ hack වෙච්ච YouTube channels නැවත ලබාගන්නත්,අනාගතයේ hack නොවී තියාගන්නත් පුලුවන්.“hacked channel assistant” නම් වන මෙය විසින් eligible creators ලට accounts troubleshoot කිරීමට හැකියාව ලබාදෙනවා.ඒ වගේම ඔයාලගෙන් අහන සරල ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීම මඟින් ඔයාලට මේ feature එක ක්‍රියාකරවන්න පුළුවන්. YouTube Help Center හරහා ඔයාලට මෙය access කරන්න පුළුවන්.
#AI
#Youtube
📱 WidoxLK | Facebook 📱
2 191
Google සමාගමේ services කිහිපයක් (Google Photos,Google Drive,Google Message and more...)එකතු කර Google Essentials ලෙසින් නව app එකක් ඉදිරි සති කිහිපයේදී තෝරාගත් Desktop සඳහා ලබාදෙන බව Google සමාගම පවසනවා.මෙහි ආරම්භයක් ලෙසින් නව Hewlett-Packard (HP) laptops මිලදී ගැනීමේදි ඔයාලට මේ app එක එහි start menu එකේ මේ app එක දකින්න පුළුවන්.මේ app එකේ ඔයාල නිතර use කරන home shortcuts,ඔයාලගෙ google account informations හා saved materials centralized කරන්න පුළුවන්.ඒවගේම තෝරාගත් users ලට Google One හි 100GB සමඟ two month trial එකක් ලැබෙනවා.දැනට මේ app එක ගන්න පුළුවන් වෙන්නෙ Spectre,Envy,Pavilion,Omen,Victus වගේ Hewlett Packard (HP) laptops වලට විතරයි.
#HP
#Google
📱 WidoxLK | Facebook 📱
2 191
ඔන්න Guys මේ වෙද්දී Google ලා ඔවුන්ගේ Find My Device network එක ශ්‍රී ලංකාවෙත් selected users ලාට ලබා දෙමින් තියෙන්නේ 😺
ඔයාලටත් සමහර විට ඇවිල්ලා ඇති check කරලා බලන්න 👨💻
👉Read article about Find My Device network
Team Widox 💀
2 191
Telegram හි නිර්මාතෘ වන Pavel Durov ප්‍රංශ ගුවන්තොටුපලේදී ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා.අත්අඩංගුවට ගන්න වෙලාවේ Durov ගේ bodyguard එක්ක women කෙනෙකුත් arrest කරලා තියෙනවා.. රුසියානු සහ ප්‍රංශ dual citizenship එකක් තියෙන Durov arrest කරන්න හේතුව විදිහට වාර්තා වෙන්නේ France wanted person හි list වී තිබීමයි.. ප්‍රංශය සතුව Durov arrest කරන්න warrent එකක් තිබුනත් ප්‍රංශය තුලදී පමණක් ඒක වලංගු හින්දා Azerbaijan වල ඉදන් තමන්ගේ private jet එකෙන් ප්‍රංශයට ආපු ගමන්ම තමයි මේ arrest එක සිද්දවෙලා තියෙන්නේ.. මේ arrest එකට හේතුව Telegram වල security ප්‍රශ්න සහ ජාවාරම් වලට සහය දැක්වීම (carding, Crypto), ළමා අපයෝජන (child po*n) වලට ක්‍රියාමාර්ග නොගැනීම වගේ දේවල් තමයි..ප්‍රංශය පවසන්නේ telegram මගින් විශාල වශයෙන් විවිධ අපරාධ සිද්දීන් සිදුවන බවත් ඒවාට නිසි ක්‍රියාමාර්ග නොගැනීමෙන් අපරාධ වර්ධනය වී ඇති බවයි. මේ වෙද්දී ලැබිල තියෙන ආරංචි අනුව Durov ට අවුරුදු 20ක වගේ සිර දඩුවමක් නියම වේවි කියල තමයි කියන්නේ.. මේ සිද්ධිය නිසා telegram based TON coin හි අගයත් 15% පමණ අඩුවෙලා තියෙනවා
Telegram වල security ප්‍රශ්න, crimes වගේ දේවල් තියෙනවා. ඒත් ඒවා නවත්තන්න වත් chance එකක් නොදී එක පාරටම Durov ව අවුරුදු 20ක් වගේ ලොකු කාලයක් සිරගත කරන එක අසාධාරණයි..
anyway.. we stand with Durov 👑
#FREEDUROV 👑
2 191
Mobile phone එකක් කියන්නේ මේ වෙද්දී පුද්ගලයෙකුට නැතුව ම බැරි දෙයක් කිව්වොත් නිවැරදියි. ගොඩක් වෙලාවට අපේ personal data වගේ ම තවත් ගොඩක් දේවල් බොහෝ පරිශීලකයන් store කරගෙන ඉන්නෙත් මේ smart phone එකේ ම තමයි. ඒත් මේ mobile phone එක සොරා ගත්තොත් අපේ personal data වලට මොකද වෙන්නේ 👾? එහෙනම් අද ඒ ගැන...
ඔව්. කිව්වත් වගේ ගොඩක් පිරිසක් තමන්ගේ peraonal data වගේ ම තවත් බොහෝ දේ තමාගේ mobile device එකේ store කරගෙන ඉන්නවා. ඇත්තෙන් ම එක ගොඩක් වැඩ පහසු කරන අපිටත් ලේසි වැඩක්. ඒත් කවදාහරි මේ device එක lost වුණොත් අපේ මේ personal data ගොඩක් ම ලොකු risk එකකට වැටෙනවා. ගොඩක් අයට මේක කිව්වට හිතන්නෙත් නෑ තේරෙන්නේත් නෑ. මේකෙන් අපේ ගොඩක් ම important data වලට වෙන්න පුළුවන් හානිය කියලා නිම කරන්නත් බැරි තරම් දෙයක්..(සමහර විට වෙලාත් ඇති 🫠)
මේකට විසඳුමක් දෙන්න මේ වෙද්දී Google සමාගමට හැකියාව ලැබිලා තියෙනවා. Google සමාගම Anti theft detection කියලා AI වලින් බලගැන්වෙන feature එකක් Android 15 update එකත් එක්ක ලබා දෙන්න කටයුතු කරමින් සිටිනවා. මේ anti theft detection feature එකත් එක්ක AI හරහා mobile එක සොරා ගැනීමකට ලක් වී ඇති දැයි හඳුනා ගැනීමට හැකියාව පවතිනවා වගේ ම එලෙස හඳුනා ගත්තොත් mobile device එක නැවත biometrics මගින් unlock කරගැනීමේ හැකියාව disable කරන අතර password හෝ pin එක මගින් පමණක් ම unlock කරගත යුතු වෙනවා. මේ නිසා strong password එකක් යොදා ගන්න කියලා Google සමාගම advise කරනවා.ඒ වගේම මේ feature එකෙන් mobile device එක factory reset කිරීමේ දීත් phone එක unlock කරන්න ම වෙනවා.මේ හරහා පරිශීලක දත්තවලට වැඩි ආරක්ෂාවක් ලබා දීම ඔවුන්ගේ බලාපොරොත්තුව කියලා Google සමාගම පවසනවා.මේ feature එක සියලු ම Android 10+ devices සඳහා ඉදිරියේදී ලබා දීමට නියමිතයි.
#AntiTheft_detection
#Android15
#Google
📱 WidoxLK | Facebook 📱
2 191
ඕගොල්ලොන්ට මතක ඇති අපි ඉස්සෙල්ල Post එකකින් මිනිසා විසින් අභ්‍යාවකාශයට යවල තියෙන දුරම වස්තුන් ගැන විස්තරයක්. එක නිසා ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති අපේ Solar System එකෙනුත් එළියෙන් තියෙන Voyager 1 Probe එක ගැන. විද්යාඥයන් 1977 මේක යවල තියෙන්නේ Aliens ලට Message එකකුත් එක්ක 🤩. ඉතින් මොකක්ද මේ Message එක? 😭
මේ Message එක තියෙන්නේ Record Disc එකක. ඒක නිසා මේකට කියන්නේ Golden Record කියල. ඉතින් මේක Aliens ල Play කරොත් ඒගොල්ල්ලොන්ට Disc එකේ එක පැත්තක පෘතුවියේ ශබ්ද අහන්න පුළුවන් වෙනවා 😇(ඔයගොල්ලොන්ටත් මේක අහන්න ඕනෙනම් මේ link එකෙන් පුළුවන්). Disc එකේ අනිත් පැත්තේ පැත්තේ තියෙන්නේ Decode කරොත් මිනිස්සුන්ගේ රූප බලාගන්න පුළුවන් Audio Data තියෙනවා 🗿. එත් ඔයා Alien කෙනෙක්නම්, ඔයා කොහොමද මේ Disc එක Play කරන්න දැනගන්නේ? 😒
Record Disc එකේ Cover එක තමයි මේ. මේ තියෙන්නේ Hydrogen, ව්ශ්වයේ බහුලතම මූලද්‍රව්‍ය. මේ පින්තුරයේ පෙන්නන්නේ Hydrogen ශක්තිමට්ම් විමෝචනය වෙන එක (H විමෝචන වර්ණාවලිය ඉගෙනගෙන තියෙනවනම් දන්නවා 🖕). ඉතින් මේ විමොචනයේදී අනිවාරයෙන්ම තරංග නැනෝතත්පර 0.7 වන විකිරණ තරඟයක් නිපදනවා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා මොකද Aliens ලා තත්පර කියන්නේ මොනවද කියල නොදන්නවා වෙන්න පුළුවන් 🥴. මේකෙන් පුළුවන් Aliensලට මේ Record එකේ කාලයෙහි මූලික ඒකකය 0.7 නැනෝතත්පර කියල හොයාගන්න. මේකෙන් පෙන්නන්නේ කොහොමද Disc එකට Record Player එකේ Needle එක දාන්නේ කියල 😂. මේ පින්තුරෙන් පෙන්නන්නේ Record එක කොච්චර Speed එකකින් Play කරන්න ඕනද කියල. ඔය වටේ තියෙන Dashes වලින් පෙන්නන්නේ Binary (1,0). මේක ටිකක් සංකීර්ණයි එත් ඒගොල්ලෝ හරියට කරොත් පෘතුවියේ පින්තුර බලාගන්න පුළුවන් 🤯. ඉතින් මේකෙන් පෙන්නන්නේ අපේ සූර්යයයේ Location එක 😚. ඔය වටේට පෙන්න තියෙන්නේ අපේ සුර්යයාට ලගින් තියෙන තව තරු 14ක්.
Aliens after finding it : "hey catch this cool looking frisbee 🤪"
NASA Sent This Message To Aliens
#NASA
#ALIENS
📱 WidoxLK | Facebook 📱
2 191
ඔයත් Gaming ගැන interested කෙනෙක් නම් Microsoft ලගෙ Xbox console එක අනිවාර්යයෙන් ම අහලා ඇති. වාර්තා වෙන විදිහට නම් මේ අවුරුද්දේත් Microsoft ලා Xbox consoles 3ක් launch කරන්න නියමිත වෙලා තිබෙනවා. ඒ Xbox X series එකක් හා S series එකක් විදිහට. මේවා white discless Xbox series X ($449.99) , 2TB Galaxy Black special edition Xbox series X ($599.99) හා 1TB Xbox Series S ($349.99) ලෙස වෙන බවයි වාර්තා වන්නේ. ඒ වගේ ම මේවා එළැඹෙන ඔක්තෝම්බර් 15 වෙනිදා සිට US වලත් Global market එකේ ඔක්තෝම්බර් 29 වෙනිදා සිටත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.ඒ වුණත් Microsoft සමාගම මේ වන තෙක් මේ Xbox consoles වල specs ගැන නම් සඳහන් කිරීමක් කරලා නෑ. හැබයි Gamers ලාට යම් improvements නම් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.
#Xbox
#Microsoft
📱 WidoxLK | Facebook 📱
2 191
මේ වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මැතිවරණය හේතු කරගෙන facebook,threads,instagram ආදී ප්‍රමුඛපෙලේ සමාජ ජාල අරමුණු කරගෙන ප්‍රචාරණ රැලියක් ගෙනයමින් සිටී.මේ සඳහා මැතිවරණ ප්‍රචාරණ සඳහා යොදා ගන්න post නිර්මාණය කිරීමට chatGpt යොදා ගැනීම නිසා එලෙස මැතිවරණ ප්‍රචාරණ post නිර්මාණය කල ChatGpt ගිණුම් මේ වන විට OpenAI සමාගම විසින් abandon කරමින් සිටී.ඔවුන් ඊට හේතුව ලෙස පවසන්නෙ ChatGPT කිසිම ආකාරයට මැතිවරණ කටයුතු සඳහා භාවිත කිරීමට නිර්මාණය නොකල බවයි.මෙම post හරහා LGBTQ අයිතිවාසිකම් ඉස්මතු වීමෙන් ජනතාව අතර ගැටලු වීමට ඉඩ තිබූ බැවින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව සමාගම තව දුරටත් පවසනවා.
#ChatGPT
#AI
📱 WidoxLK | Facebook 📱
2 191
හාවර්ඩ් විශ්වවිද්‍යාලය හා Google සමාගම විසින් AI තාක්ෂණය යොදාගනිමින් මිනිස් මොළයේ සවිස්තරාත්මකම සිතියම නිර්මාණය කරල තියනව.2014 වසරේ අපස්මාසරයට ගොදුරු ඌ රෝගියෙකුගේ මොළයක් මෙම පර්‍යේෂණයට යොදාගෙන තියනව.දශකයක් තිස්සේ ඔවුන් කල මෙම පර්‍යේෂණය හරහා 57 000 අධික cells, 150 අධික synapses ප්‍රමාණයක් විශ්ලේෂණය කරල තියනව.බැරලෝහ භාවිතයෙන් මොළයේ පටක පැල්ලම් කර පසුව ඒවා සෛල වල ඇති ලිපිඩ පටලවලට බන්ධනය වී ඉලෙට්‍රොනික අණ්වීක්ෂය හරහා නිරීක්ෂණය කල ඒවා තුනී (ඝනකම 34nm)කොටස් වලට වෙන් කරල තියනව.මේ ක්‍රියවලිය මඟින් ඉතා සංකීර්ණ 3D ගැටලුවක් manageable 2D ගැටලුවක් විදියට convert කරගන්න පුළුවන්.ඒ විදියට convert කලාම 1.4 petabytes ප්‍රමාණයක dataset ඇති වෙලා තියනවලු.ඉස්සෙල්ල කියපු 2D කොටස් ඒකාබද්ධ කරල 3D ආකෘතියක් නිර්මාණය කරගන්න Google සමාගමේ උපකාරයෙන් algorithm එකක් භාවිතා කරල තියනව.
#Google
#AI
📱 WidoxLK | Facebook 📱
