en
Feedback
𝙇𝙖𝙫𝙚𝙣𝙙𝙚𝙧 💜✨🌈

𝙇𝙖𝙫𝙚𝙣𝙙𝙚𝙧 💜✨🌈

Open in Telegram

✨ A quiet space for beautiful thoughts, untold feelings & little dreams. Where hearts can wander freely, emotions can breathe, and every moment holds a little meaning. 🌙🦋 𝘚𝘵𝘢𝘺 𝘴𝘰𝘧𝘵. 𝘍𝘦𝘦𝘭 𝘥𝘦𝘦𝘱𝘭𝘺. 𝘚𝘵𝘢𝘺 𝘺𝘰𝘶. ♡

Show more
The country is not specifiedThe category is not specified
1 259
Subscribers
-124 hours
-17 days
+3530 days
Posts Archive
Good luck for your A/Ls❕ Believe in yourself and give it your best.. ! 💗 26"
Good luck for your A/Ls❕ Believe in yourself and give it your best.. ! 💗
26"

sticker.webp0.21 KB

පිරිමි ලමයෙක්ගේ ආදරේ තේරුම් ගන්න ලේසි නෑ…. මොකද එයා හැම හැඟීමක්ම වචන වලින් කියන්න දන්නෙ නෑ. සමහර වෙලාවට එයා නිහඬව ඉඳී, reply
පිරිමි ලමයෙක්ගේ ආදරේ තේරුම් ගන්න ලේසි නෑ….
මොකද එයා හැම හැඟීමක්ම වචන වලින් කියන්න දන්නෙ නෑ. සමහර වෙලාවට එයා නිහඬව ඉඳී, reply පරක්කු වෙයි, තරහ ගියා වගේ පේයි… ඒත් ඇත්තටම එයාගේ හිත ඇතුලේ වැඩිපුරම ඉන්නෙ එකම කෙනායි. පිරිමි ලමයෙක් කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනකොට, එයා ලෝකෙටම වෙනස් වෙනවා. කලින් careless වුණු කෙනා suddenly caring වෙනවා. තමන් ගැන හිතනවට වඩා ඒ කෙනා ගැන හිතන්න පටන් ගන්නවා. කෑවද, නිදාගත්තද, safe ද කියලා හැමවෙලේම බලනවා. එයාගේ දවසේ ලස්සනම notification එක වෙන්නෙ ඒ කෙනාගෙන් එන message එක. Busy වෙලා හිටියත් phone එක අරන් බලනවා. කොල්ලො හැමවෙලේම strong වගේ පෙන්නුවත්, ආදරේ ඉස්සරහදි එයාලත් බයයි.
එයා මාව දාල යයිද ?
කියන බය හැමදාම හිත ඇතුලේ තියෙනවා. ඒ නිසාම sometimes jealous වෙනවා, overthink කරනවා, රණ්ඩු කරනවා. ඒ හැමදේම පිටිපස්සෙ තියෙන්නෙ අහිමි වෙයි කියන බය විතරයි. ඇත්තටම ආදරේ කරන කොල්ලෙක්ට තමන් කැමති කෙල්ලව වෙන කෙනෙක් එක්ක හිනාවෙලා ඉන්නවත් දරාගන්න අමාරුයි. ඒත් එයා ඒක හංගනවා. හිනාවෙලා ඉන්නවා. “මට අවුලක් නෑ” කියනවා. ඒත් රෑට තනියම ඉන්න වෙලාවට හිත ඇතුලෙන් කඩන් වැටෙනවා. පිරිමි ලමයි දුක් කියන්න අඩුයි. අඬන්නත් අඩුයි. ඒත් එයාලත් රිදෙනවා. සමහර රෑවල් තියෙනවා chat open කරගෙන old messages බලන… photos zoom කරලා බලන… call recordings අහන… online ඇවිත් last seen බලලා නිහඬවම phone එක lock කරන. ඇත්ත ආදරේ කරන කොල්ලෙක්ට rich වෙන්න ඕනෙ එකම හේතුවත් sometimes ඒ කෙනාගේ future එක ලස්සන කරන්න. තමන්ගේ dreams වලට වඩා “අපි දෙන්නගේ” dreams ගැන හිතනවා. තමන් tired උනත් ඒ කෙනා හිනාවෙනවා නම් එයාට ඒක ඇති. ඒත් දවසක ඒ ආදරේ break වෙනකොට… වැඩිපුරම වෙනස් වෙන්නෙත් ඒ කොල්ලමයි. කලින් hours ගානක් online හිටපු කෙනා silent වෙනවා. හැමවෙලේම හිනාවුණු කෙනා suddenly cold වෙනවා. “මට අවුලක් නෑ” කියලා පෙන්නුවත්, ඇත්තටම එයා ඇතුලෙන් හිස් වෙලා ඉන්නෙ. කොල්ලෙක්ගේ ඇත්ත ආදරේ ලැබෙන්නෙ හැමෝටම නෙවෙයි…
මොකද එයාලා ලේසියෙන් හිත දෙන්නෙ නෑ. ඒත් once හිත දුන්නම, අන්තිම වෙනකන්ම ඒ කෙනාව අත අරින්න හිතෙන්නෙත් නෑ…
-🥹❤️-

💋🥹❤️

Aashiqui Mashup 💜✨

කාටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා ! අද උදේ කඩුවෙල මහරගම බස් එකට නැග්ගා ලස්සන ගෑණු ළමයෙක්.ඒ ගැණු ළමයා කන් ඇබයක් කනේ ගහගෙන සින්ද
කාටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා ! අද උදේ කඩුවෙල මහරගම බස් එකට නැග්ගා ලස්සන ගෑණු ළමයෙක්.ඒ ගැණු ළමයා කන් ඇබයක් කනේ ගහගෙන සින්දුවක් එහෙම අහගෙන... කෝම හරි ඉතින් මගේ ඇහැ වැටුනා ඒ ගෑණු ළමයට... හයි වේ එකේ ටික දුරක් එද්දී පොඩ්ඩක් එයා කෝල් එක්ක වගෙ ඇහුනා. මගේ එහා පැත්තේ නිසා මට ඇහෙනවා කෝල් එක... "ඇයි වදේ ඇයි..." "තමුසෙට මොකද මම කොහෙද ඉන්නේ කියන එක..." ඔන්න ඔය හරියෙදි මම ටිකක් හොඳින් අවධානය දුන්නා... "මම තමුසෙට එක ගමනක් කිව්වනේ මට අයිත් උදේ පාන්දර කෝල් කරලා වද දෙන්න එපා කියලා" එකී මෙකී නොකී දේවල් ගොඩක් කියමින් මේ ගෑල්ලමයා බැන්නා. විනාඩි 5,6ක් එහෙම වෙලා කෝල් එක ඉවර කරලා,චැට් කරලත් බනින බව මට මගේ ඇහැ කොනෙන් පේනවා. (බැලුවේ නෑ ඒත් පේනවා මිත්‍රෝරුනි) මෙන්න මේකී එක පාට්ටම චෑට් එකේ ඉදන් කැමරාව ඔන් කරලා එතුමියගෙ කකුල් දෙකයි,මගේ කකුල් දෙකයි පේන "කකුල් කපල් ෆොටෝ" එකක් ගැහුවා.ගහලා අර කොල්ලට යැව්වා. ඊට පස්සෙ කොල් එකක් ආවා ආයිත් ඒ ළමයට, "ආ මාකුබුරට එනවා,හා එනවකෝ පුළුවන් දෙයක් කරනවා... මම කවුරු එක්ක ආපුහම තමුසෙට මොකද.." "මම දන්නවා දැනගෙන තමයි එෆෙයාර් එක පටන් ගත්තේ... ලක්ෂිත ගහපු වෙලේ තමයි මම ඩිසයිඩ් කරේ තෞසෙව අතාරින්න..." "එනවා හා පුළුවන් දෙයක් කරනවා... මම බය නෑ තාත්‍තා සිල්ව නෙමෙයි මොකා වුණත්..." "වද දෙන්න එපා.." කියලා ෆෝන් එක කට් කරා... මම මාකුබුරෙන් බැස්සා. එයත් බැස්සා.
තවම විස්තරයක් දන්නෙ නෑ. මම තවම සුවෙන්.තවම ප්‍රශ්නයක් වුනේ නෑ !
-🥲😂🙂-

I need this type of "Love" 🧚🏻💗 "No matter the view,i want to see it with you!"🍃🌈💚
I need this type of "Love" 🧚🏻💗
"No matter the view,i want to see it with you!"🍃🌈💚

❤️"
+2
❤️"

~මානසික රෝහලක වෛද්‍යවරයකුගේ පලමු පත්වීම ~ අදුරු කුටියක දොර මුල්ල අස්සේ ලදක් මුමුණයි රහසි බස් එල්ලේ දකින කෙනෙකුගේ නෙත දවයි දසු
~මානසික රෝහලක වෛද්‍යවරයකුගේ පලමු පත්වීම ~      අදුරු කුටියක දොර මුල්ල අස්සේ  ලදක් මුමුණයි  රහසි බස් එල්ලේ  දකින කෙනෙකුගේ නෙත දවයි දසුන මත්තෙ  රුදුරු වුනෙ කවුදෝ මේ මටම සිතුනේ....    අංක 63 දොර පටුනෙ පෙනුනෙ   ලපටි අත පය දරදඬුව විසි වේ  යදම් ඈටත් හුරු තනිය රැක්කෙ  නුහුරු දසුනක් ඒ මුහුණේ තිබුනෙ...    ⁣අහඹු හඬටයි ඈ මදෙස බැලුවේ   රුදුරු කඳුලයි ඒ රහස කීවේ   ඇහෙනවාද අහිමි පෙමකට ඉකිබිඳින සද්දේ  දොර අඟුලු දැමුවාට වසනු බැරි හෘදයේ....   
  silentauthor ✍️

+ අපි තාම රණ්ඩුවෙලා ඉවර නෑ හරිද... මම එලියට ගිහිං එන්නං - ආ... හරි ආවාම ආයි පටං ගමු + ඉන්නවකෝ එනකං - මේ තව කොච්චරකල් රණ්ඩු වෙ
+ අපි තාම රණ්ඩුවෙලා ඉවර නෑ හරිද... මම එලියට ගිහිං එන්නං
- ආ... හරි ආවාම ආයි පටං ගමු
+ ඉන්නවකෝ එනකං
- මේ තව කොච්චරකල් රණ්ඩු වෙන්න ඕනද ඔයාට... ඇයි රණ්ඩු නොකර ඉන්න බැරි
+ තව අවුරුදු 50 විතර...
- අනේ ඇත්තට... යනවා යන්න
+ මං ඉක්මනට එන්නං මැණික
-🥹🤭-

🪻✨ This is our channel discussion group 🪻✨ @Lavender_Discuss

SOFT LAUNCH 🤍
SOFT LAUNCH 🤍

ජීවිතේ අපිට මිනිස්සු කියාගන්න බැරි තරමක් හමුවෙනවා...ඒත් ඒ අතරින් ඉතුරු වෙන්නෙ හදවතට දැනුනු මතක ඉතිරි කරපු මිනිස්සුන් විතරයි න
ජීවිතේ අපිට මිනිස්සු කියාගන්න බැරි තරමක් හමුවෙනවා...ඒත් ඒ අතරින් ඉතුරු වෙන්නෙ හදවතට දැනුනු මතක ඉතිරි කරපු මිනිස්සුන් විතරයි නේද? 🪻💗

Lavender Channel Members 1000+ 👀💗
Thank you to everyone who shared the link...🥹💝

mandaaram-handaawe-channuka.mp33.71 MB

Welcome To BALI ❤️🎁
Welcome To BALI ❤️🎁

🩸ඔසප් වීම දවස් දෙක තුනක්... නැත්නම් සමහර කෙල්ලන්ට සතියක් දෙකක් පුරාවට... කෙටියෙන් කිව්වොත්, ඒ කෙල්ලගේ කෙස්ගහේ ඉඳලා යටි පතුල
🩸ඔසප් වීම දවස් දෙක තුනක්... නැත්නම් සමහර කෙල්ලන්ට සතියක් දෙකක් පුරාවට... කෙටියෙන් කිව්වොත්, ඒ කෙල්ලගේ කෙස්ගහේ ඉඳලා යටි පතුල දක්වාම තියෙන්නේ දරාගන්න බැරි පට්ට වේදනාවක්..!!
ඇවිදගන්න බෑ... නිදාගන්න බෑ... ඒ අමාරු දවස්වලට බත් කටක්වත් කන්න බැරි තරමටම ඇඟ ඇතුළෙන් රිදෙනවලු.
කෙල්ලෙක් වැඩිවියට පත්වුණාම, ඇය දවසක "මවක්" වෙන්න සුදුසුයි කියන ස්වභාවදහමේ සලකුණ තමයි මේ. ඇයගේ ගර්භාෂය ඇතුළේ දරුවෙක්ට වර්ධනය වෙන්න පුළුවන් පරිසරය හැදෙනවා. හැබැයි එහෙම නොවෙන හැම මාසෙකම, ඒ ගර්භාෂ බිත්ති බිඳිලා ලේත් එක්ක ශරීරයෙන් පිටවෙලා යනවා. සරලවම කිව්වොත් ඒක තමයි ඇතුළේ සිද්ධ වෙන්නේ. පියයුරු දෙකෙන් එන කැක්කුම... යටි බඩ ගලක් වගේ තද වෙද්දී... දවසට තුන් හතර පාරක් කලන්තේ දාන්න එද්දී... කකුල් දෙකෙන් කෙලින් හිටගෙන ඉන්නවත් පණක් නෑ. වාඩි වෙන්න බෑ, සනීපාරක්ෂක තුවාය ලේ වලින් පෙඟිලා යද්දී, මුළු ඇඟෙන්ම වෙනස්ම සුවඳක්/ගඳක් දැනෙද්දී...
බඩ හෙල්ලෙන්නේ නැති වෙන්න අමාරුවෙන් අඩියෙන් අඩිය තියලා ඇවිදින කෙල්ලෝ ඉන්නවා.
බිත්තියට හේත්තු වෙලා, ඇඳේ ඉන්න විදියක් තේරෙන්නේ නැතුව එහාට මෙහාට පෙරළෙද්දී, නොදැනුවත්වම බෙඩ්ෂීට් එක පුරාම ලේ තැවරෙන වාර අනන්තයි. ඊටපස්සේ ඒ ඇඳුම්, ඒ ලේ පැල්ලම් කල් නොදා හෝදගන්නත් ඕනේ. හිටපු ගමන් බඩේ කොරය අල්ලලා දරාගන්න බැරිම තැන, "අනේ අම්මේ ඉන්න බෑ... බඩ රිදෙනවා..." කියලා අඬන වාර ගිණිය නොහැකියි. "ෆෙම්ස්" (Fems) හෝ "ඊවා" (Eva)... කෙල්ලෝ පාවිච්චි කරන්නේ මේවා තමයි. හැබැයි ඒවා ගන්න සල්ලි නැති සමහර අසරණ, දුප්පත් කෙල්ලෝ අදටත් අම්මගේ පරණ චිත්ත කෑල්ලක්, නැත්නම් තාත්තගේ පරණ සරම් කෑල්ලක් නමලා පාවිච්චි කරනවා. දවසට තුවා කෑලි 7ක් 8ක් මාරු කරන්න සිද්ධ වෙන ගැහැනු ළමයිනුත් මේ සමාජයේ ඉන්නවා. සැබෑ තිත්ත ඇත්ත ඒකයි..! වොශ්රූම් එකට යන්න හදද්දිත් ඇඟ ගැහෙනවා. වතුර බිංදුවක් බඩ උඩට වැටෙද්දී කලන්තේ හැදෙන්න වගේ එනවා, මුළු ඇඟම වෙව්ලනවා. තමන්ගේම ඇඟෙන් ලේ වැගිරෙනවා බලන් ඉන්න එක ලෙහෙසි නෑ. දරාගන්න බැරිම තැන පැනඩෝල් පෙති බොනවා. හැබැයි ඒවගේ ප්‍රතිඵල ඉස්සරහට බලපානවා කියලත් කියනවා.
කෙල්ලෙක් කියන්නේ එසේ මෙසේ මනුස්සයෙක් නෙමෙයි මචං... කොල්ලෙක්ගේ හයිය තියෙන්නේ එළියෙන් වුණාට, කෙල්ලෙක්ගේ හයිය තියෙන්නේ ඇතුළෙන්..!!
තව ලියන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි කියවන්නත් අමාරු නිසා මෙතනින් නවතින්නම්. මේක කියවන කෙල්ලෝ මේ වේදනාව ගැන හොඳටම දන්නවා ඇති. කොල්ලන්ට චූටිම චූටි පණිවිඩයක් උඹේ කෙල්ලව මේ වගේ දවස්වලට ආදරයෙන්, ඉවසීමෙන් බලාගනින් මචං. හැම ගැහැනු ළමයෙක්ටම ගරු කරන්න පුරුදු වෙයන්.
මේ පණිවිඩය සමාජයට අත්‍යවශ්‍ය නිසයි බෙදාගත්තේ. කාගේ හරි හිතක් රිදුණා නම් සමාවෙන්න.
-🥹🫂-