WhispersForYou ™ |🌵
Open in Telegram
Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM
Show moreThe country is not specifiedThe category is not specified
238
Subscribers
-124 hours
-37 days
+2730 days
Posts Archive
මට අඩලා මහන්සි නැහැ හේෂ්
ඒත් වැටෙන්න දගලන කදුලු
හිරකරන් ඉදලාම මට හරි මහන්සී
ඒ අතින් මන් හිතලමද
මාව මහන්සි කර ගන්නේ . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
රිද්ද ගන්නවත් , රැවටෙන්නවත් ,
රවට්ට ගන්නවත් තරම්
අපිට වෙලාවක් ඉතුරු වෙලා
නැහැ මගෙ හේෂ්
ඉතින් තීරනේ ඔයාගෙ අතේ . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
කමක් නැහැ හේෂ්
ඔයා වෙනුවෙන්ම විතරක්
පිපුන ඒ මල තැලිලා ඉවරයි . . ❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
මන් අහලා තියෙනවා හේෂ්
මනුස්සයෙක්ට හම්බෙන්න හොදම නැත්තේ
දීර්ඝකාලීනව නඩත්තු නොකල හදවතක්ලු . .
ඒකද හේෂ් ඔයාත් මාව නොදැක්ක ගානට මගෑරියේ . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
පපුවට තුරුල් කරන්
ආදරෙයි කියලා කෑ ගහන්න
මට අයිතියක් නැහැ හේෂ් . .
ඒත් මඟෑරෙන්න මඟෑරෙන්න
ඔයා පුදුම තරම් ලස්සනට
මගෙම ඇස් වලට අහුවෙන එක
මන් කරපු ලොකු පවක්
වෙන්න ඇති නේද මගෙ හේෂ් . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
වතුර නැතුව වේලිලා ගිය
ඉඩෝරයක් වෙනුවෙන්
කොච්චර ඇඩුවත් වැඩක්ද හේෂ්
ඇඩුවයි කියලා ඉඩෝරයක්
වෙනස් වෙන්නෙ නැතිකොට . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
හැමෝම අහස දිහා බලන්
මහ රෑටත් එයාලගෙ කතාව කීවත්
මට හැමදාම ඕනි උනේ
හැමෝගෙම කතා දන්න ,
හැම කතාවක්ම අහන් ඉන්න
ඒ තනි අහසට උරහිසක් වෙන්න හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
වළාකුලක පාකරලා ඔයා වෙනුවෙන්ම
ලියවුන වචනයක් එව්වොතින්
ඔයා හුළඟටත් වෛර කරනවද හේෂ් . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
උබට දාලා යන්න ඕනි උන තැන
මන් උබෙන් දාහක් හේතු අහන්නෙ නෑ දැන්
යන්න ඕනි උන තැන පරිස්සමට යන්න හේෂ් . .❕
ඒත් මං මේ ඉන්නෙ හිතලුවක නේද . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
මහප්‍රාණ සඤ්ඤක උල් කරලා
ආදරේ ගැන අමාවකක් ගෙතුවත්
වැඩක්ද මගෙ හේෂ් ,
පහන් පැල් හතරම ගිණි ගෙන දැවිලා
අලු වෙලාම ගිහින් ඉවරනම් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
සිත්තරුවෙක් තීන්ත බින්දුවකට
ලෝබකම් කියන්නෙ කොහොමද
මමත් ඒ හා සමානව ඔය ඇස් දෙකට
ලෝබකම් කරනවා මගෙ හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
