Storyteller
Open in Telegram
The Story Of Success ✅ Resources For Advanced Leval Examination 📙
Show moreThe country is not specifiedThe category is not specified
1 263
Subscribers
-424 hours
-307 days
-11930 days
Posts Archive
1 263
ඔය අතරේ මං උබලට කිව්වා මතකද
S3 ගත්ත අය F ගත්ත අය මේ වෙනකොට B මට්ටමට ඇවිල්ලා.. මොකද උන් ඒකේ වේදනාව මේ මං මේ විබගෙදි වින්දා වගේ උනුත් වින්දා ඒ අසරන කම ආයිත් මනුස්සයෙක් කැමති නෑ ඒක විදින්න ඒ නිසා උන් වැඩ කරා.. උන් මට වඩා ගොඩක් පහලින් හිටිය අය ඒත් අන්තිමේදි හැමොම මාව Pass කරන් උඩට ඇවිල්ලා තිබුනා උබලට දැන් වත් තෙරෙනවාද Skip කරනවා කියන එක මොන තරම් අපරාදයක්ද කියලා දන්න එකෙක් ට වත් skip කරන්න දෙන්න එපා බන්. නංගිලා මල්ලිලා ඉන්නවා නම් කියන්න..
1 263
ඒකත් එක්ක ඒ වෙලාවට මොනාද කරන්නේ කාගේ ගාවද කියලා අදාල නෑ බන්.. දැන් මේ මානසික වැටීමත් එක්ක අම්මා ලගට යනවා . අම්මා එනවා මම එක්ක තනියට. ඒ තරම් දැන් මං බය වෙලා ඉන්නේ.. අම්මා එවලේ කිව්වා උබ මොනාද බන් මේ දවසක් කරේ අපි හිතුවේ උබ හොදට වැඩ කරලා ඇති කියලා.. මොන මගුලද්ද කරේ උබ එදා Skip කරනකොට කිව්ව නේද හොදට කරනවා කියලා අවසානෙ උබ කරගෙන ඇති මගුලක් නැනෙ බන් එහෙම කියලා ඒ වෙලාවෙ ඕවා කියනකොට තවත් වැටුනා.. එත් අම්මා ලගට වෙලාම හිටියා මගේ.. අරුන් දෙන්නත් බනිනවා මොකද උන් හැමොම හිතන් ඉදියේ මං වැඩ කරලා ඉන්න ඇත්තේ කියලා.. ඇත්තනෙ බන්. මගෙ ඔය Gihan කියන යාලුවා නම් කුනුහරප ඉවර කරා..😂 ඌ කට කැඩෙනකන් මාස 3නකට කලිනුත් කිව්වා පලයන් පේප්ර් ලියන්න පලයන් කියලා.. මං ඒත් ඇහුවේ නැනේ...ඉතින් උන් බනින්නැතුව මොනා කරන්නද.. ලමයි මේ අහපන් ඒ වෙලාවට අඩො බන් අසරන වෙනවා බන් හෙට විබාගේ අද මෙලො දෙයක් මතක නැ හිතපන්කො බන් ඒක උබලට නම් දැනෙන්න දෙන්න එපා බන්.. ishan කිව්ව විදිහට චුට්ටක් හරි පුලුවන් ගනන් ටික මං ටිකක් හදාගත්තා.. Me exam ekta dawasak thiyalath මගෙත් එක්ක Meet දාගෙන තමයි ඌත් වැඩ කරේ.. මං නිසා උන්ට පාඩු වෙන්න ඇති ගොඩක්.. ඒත් උන් මං වෙනුවෙන් ඒ කැපකිරිම කරා.. ඒ බන් උබලව නම් අමතක වෙන් නෑ කවදාවත්🥺Thanks හැමදේටම..
දැන් තමයි මගෙ Life එකේ අමාරුම සති 2කට ආවෙ පිස්සෙක් වගේ හිටියේ..
1 263
ඔය අතර 2025 A/L අයගෙ Campus ආවා.. ඔන්න ඊලග වතාවට Skip කරපු එකේ බරපතල කම පසුතැවීම ඇතිවෙන තැන. යාලුවො engneering Medicine. මං මගෙ 1st එක අන්තිම අවුරුද්දේ හරි වැඩ කරා නම් මාත් අද මෙතන නේද කියලා හිතෙන්න ගන්නවා ඇකියාව තියාගෙන මං මොකද්ද මේ කරගත්තේ කියලා හිතෙනවා.. එදා නම් ඇත්තටම ඇඩුනා බන්.. මොකද අපිත් දැක්කේ ඒ හීනමයි ඉතින් ඒවට මගෙම අය මහන්සි වෙලා ගිහින් තියෙනවා ඒත් මම තාවකාලික ආතල් ගොඩකට යට වෙලා ජිවිතේම නාස්ති කරගත්තා.. ඔය වෙලාවටත් අම්මයි තාත්තයි මතක් වෙලා තමයි කදුලු එන්නේ බන්.
මං දැන් මට පුලුවන් කියලා හිතන් හිටිය Chemistry And Maths දෙක මාව පිස්සු වට්ටන්න පටන් ගත්තා.. මං නිකමට වගේ දැන් විබාගෙදි කරන්න ඕන ප්රශ්න ටික කරන්න ගන්න එපැයි විබාගෙට සති 2යිනෙ.. ගත්තාම කකුල් දෙකත් එක්ක වෙව්ලලා ගියා මොකද පුලුවන් කියලා හිතන් හිටිය කිසිම දෙයක් මට බෑ ශක්ති විද්යාව Kp/Kc organic Inroagnic කිසිම දෙයක් ඔන්න බය වෙන්න ගත්තා දැන් ඒ අස්සෙ අනිත් දෙකත් ඒ වගේම තමයි බන් අර් හැමදාම කරන්න ගත්ත Physics එකත් දැන් අමතකයි බෑ ඔන්න ඔහොමයි..දැන් දවසට එක විශය ගානේ කරන්න පටන් අරන් තිබුනේ.. මේ වෙලාවට දැනෙනවා ළමයි අසරන කමක් ඒක නම් ලමයි මට කියන්න තෙරෙන් නෑ ඇඩෙනවා ලමයි ඒ වෙලාවට.. මගෙන්ම අහද්දි දැන් මං මොකද්ද යකො ඉලග කරන්නේ දැන් මේ සැරේ කෙලවෙන්න නෙද යන්නේ අම්මලා තත්තලාගෙ බලාපොරොත්තු ටික නැති වෙන්න නේද යන්නේ. උබ මැව්ව ඒ හීන ටික නැති වෙන්න නේද යන්නේ. ඔහොමයි බන් ඒ අතරින් මං වැඩ කරනවා දැකලා අම්මලා කන්න දෙවල් බයිට් බිස්කට් එකක් එහෙම් ගෙන්ල්ලා දෙනවා ඒවා එහෙම ගෙනල්ලා දෙනකොට බන් පපුව පිච්චිලා යනවා බන් ඇයි දෙය්යනේ මහන්සි උනේ නැත්තේ මේ මේ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු වලට මං දැං මොකද කරන්නේ කියලා.. මගෙ යාලුවෝ පවා හිතන් හිටියේ මං හොදට වැඩ කරලා ඇති කියලා..උන්ටත් පේපර් ලිව්වා කියලනේ කිව්වේ ලකුනු ඇහුවාම 40-60 අතර කියනවා හැබැයි ඒලෙවල් පටන් අරන් මේ වෙනකන් මට එක විශයකවත් ලකුනු 50ක් ඇවිල්ලා නෑ උබලා ඒ අතින් කොච්චර හොදද.. දෙවෙනි Shy එකේ ආපු ලොකුම ලකුන ලකුනු 40. පිස්සු හැදෙනවා නෙද බන්..මටත් දැන් එහෙම හිතෙනවා බන්... හැබැයි මේ සැරේ අත අරින්නේ නම් නෑ මගෙ Target එක ගහනකන්... දැන් මේ Group එකත් තියෙන නිසා කොමත් මට අත අරින්න බෑ දැන්.. Chemistry වල අන්තිම සති දෙකෙදි අඩුම ශක්ති විද්යාව වත් බෑ බන් මොකද මං මාස 7කින් Maths Chem paper එකක් ලියලා නැ. ඉතින් පුලුවන් වෙයිද බන්..
අන්තිම සතියට වගේ එද්දි තෙරෙන්න ගන්නවා.. කරපු වැරදි මතක් වෙන්න ගන්නවා මිස් කරපු වැඩ මතක් වෙනවා..අනෙ ඇයි මෙහෙම කරගත්තෙ කියලා හිතෙනවා.. බය හිතෙනවා වෙව්ලනවා. අවසානෙ ආතල් දාන්න ගිය කිසිම කෙනෙක් නෑ කියලා තෙරෙන්න ගන්නවා බන්.. අපිට අපි විතරයි කියලා තෙරෙන්න පටන් ගන්නේ අන්න එතනදි ඔහොම කරගෙන ගියා.. කොහොම හරි ලාවට හරි ඒ පාඩම් ගොඩ දාගත්තා හැබැයි ඒත් මොඩ මං කරේ තියරි බලපු එක කියාම්කො බන් ඒ බලලාත් ආ දැන් මේක පුලුවන් කියලා හිතනවා.. ඔන්න ඔහොම උනේ බන් අන්තිම සතියට එද්දි ප්රෙශර් එක මොන වගේ ඇද්ද නිකමට maths කරන්න ගත්තාම ඒකෙත් මෙලො දෙයක් බෑ kelinma F තමයි බන් .. මේ සතියේ මං මානසිකව වැටෙන්න පුලුවන් 0ටම මං වැටිලා තමයි බන් හිටියේ.. සමහර වෙලාවට අඩනවා ගෙදර අයත් බනිනවා කොල්ලෙක් වගෙ හිටපන් ලැජ්ජ නැද්ද කියලා ( ඉස්සර මං මෙහෙම හිටිය එකෙක් නෙවෙයි ඉස්සර ඉස්කොලෙ යද්දි ඉස්කොලේ අදුරන්නෙ නැති එකෙක් නෑ මාව පිනා පවා දන්නවා නම කිව්වම ඒ තරම් ගැම්මෙන් හිටියා බන් මං මට මෙහෙම වෙන්න මගේ Personality එක නැතිවෙන්න මං හිතන හේතුව තමයි අවුරුදු ගානක් ගේ ඇතුලට වෙලා ඔහේ ඉදලා අර ජරා දේවල් කර කර ඉදලා.. මගෙ Personality එක හොදටම අඩු වෙලා.. කිසිම Sport එකක් කරන්නෙ නෑ ඔහේ ගේ ඇතුලට වැදිලා ඉන්නවා.. ඔන්න උබලට කිව්වා අනෙ ආයිත් අර මගුල් කරන්න එපා කොල්ලනෙ. උබලට තෙරෙනවනෙ බරපතල කම බන්. දැන් වත් තෙරුන් ගනින්. අරව නොකර හිටියා කියලා මැරෙන් නෑ බන්.. ලෙඩ වෙනවා අරක වෙනවා මේක වෙනවා ඒ ලබ්බවල් බොරු බන්. අපි කරන්නෙ නැත්තම් ඒවා auto ඇගෙන් වෙනව බන් මං කියන්න ඔනෙ නැනෙ o/L science පොතෙ තිබ්බා මතකයි මට.
ඔහොම ගියා ඔය අතරෙ තමයි මට මගේ යාලුවො දෙන්නා පිහිටට ආවේ ( Ishan & Gihan) .. උනුත් ගේමක් ගහන් යන ගමන් හිටියේ.. දැන් මං මානසිකව වැටිලා හොදටම. උන් මාව ගොඩ දාගන්න Data කපාගෙන Meeting දාගෙන මං එක්ක වැඩ කරා බෑ කියලා හිතෙන හැමවෙලේම නැ බන් හු@@$o උබට පුලුවන් කරපන් කියලා කොහොම හරි කෙරෙව්වා බන් මට eewaa nam කවදාවත් අමතක වෙන් නෑ ඒ දුන්න සපොට් එක.. දැන් විබාගෙට හරියටම දවස් 2කයි Pure ekata මේ වෙනකොට F මට්ටමෙව් හිටියේ.. Ishan හැමවෙලෙම කිව්වේ උබට පුලුවන් උබ මොනා හරි කරානේ මං කියන ටික හරි කරපන්කො කියලා ඒ අතර අර ජනින්දු රශ්මික කියන සර්ටත් මැසෙජ් දදා ඒ සර්ටත් පුදුම වදයක් දුන්නේ.. මොකද බන් ඒ වෙලාවේ මං දැන් Fail වෙන්න යනවා කියලා දැනෙන Feeling එක දැනෙනකොට වෙවුලලා යනවා.. බය වෙනවා..
1 263
ලමයි මං ඉතුරු ටික හෙට දාන්නම්.. මට හෙට කොලබ යන්න තියෙනවා Laptop එකෙ repair වගයකට... පැය 5-6 යන්න ඕන. ඒ නිසා මම දැන් යන්නම්.. හෙට ඔයාලට ඉතුරු ටිකයි Summery එකයි දාන්නම්.. තව මගෙන් අහගන්න ඔනෙ මොනා හරි තියෙය් නම් අහන්න.. මට තියෙන Experience එක අනුව මම කියන්නම්.. ආයිත් අපි කාට වත් වරදින්න බෑ.. ඒකයි❤️
1 263
ඔහොම ගියා.. ඊට පස්සේ අන්තිම මාස දෙක එතකොට විබාගෙට බයයි. ඒ අස්සෙ විබාගේ කල් යනවා කියලා Group එකකුත් හදලා ඒකෙනුත් හිතුනෙ නිකන් විබාගෙ කල් යයි වගෙ සීන් එකක් ඒ නිසා FoCus අඩු උනා.. ටිකක් විතර මොකද සැරින් සැරේට අර Group එක බලනවා ආයිත් Leave වෙනවා ආයිත් දවස් 2කිම් බලනවා උන් කියන ඒවාත් සමහර ඒවා කරනවා.. ඒකෙනුත් බලපෑමක් උනා.. අන්තිම මාස දෙකේදි අනුරද සර් Guess days එහෙම පටන් ගත්තානෙ ඒවට ගිහින් පාඩම් මතක් කරගත්තා හැබැයි Chem Maths මෙලො දෙයක් නෑ.. අර ජනින්දු රශ්මික කියන සර්ගේ Part B kiyala program ekata join una ඒත් ඒවා තියෙන වෙලාවට අනිත් දෙකේ පංති වැටෙනවා ඒ නිසා එකෙත් රෙකොඩ් ගොඩ ගැහුනා. අන්තිමේදි සල්ලි ගෙව්වා විතරයි.. මාත් විබාගෙට කලින්දවසෙ සර් ඒ ටික ඔක්කොම Yt දැම්මා මාත් අවසානෙ ඒ වගෙන් තමා බැලුවේ..ඔහොම ගියා ඒත් කිසිම Progress එකක් නෑ ගනන් ටිකක් ගදනවා ආ දැන් අවුලල් නැ කියලා හිතනවා අර දෙකත් චුට්ට චුට්ට කරනවා ඔහොම තමා.. වෙන කිසිම අවුරුද්දක කරේ නැති තරම් සෙමිනා ගොඩක් මේ සැරේ සර්ලා කරා.. හැමකෙනාම.. වෙන අවුරුදු වල ඔච්චර කරේ නෑ.. Maths hodatama අවුල් වෙලා තියෙන නිසා Semina baluwa ganan tikak haduwa Amila sirgeth Midnight ehemath tikak baluwa ඔහොම තමයි ඒවා බලද්දිත් සර් උගන්නද්දි ආ මට මේවා ඇකිනෙ අවුලක් නැනෙ කියලා Meeting එක මැදින් අයින් වෙනවා.. අන්තිම සති 2 කට එනකොට තරු පේන්න ගත්තා.. කරපු පවු වල වෙදනාව දැනෙන්න පටන් ගත්තා... දැන් යමු අන්තිම සති කීපයට සහ විබාග සති 2කට..
1 263
දැන් ටික ටික අන්තිම මාස 3ට ලං උනා.. ඒත් අර ජරා පුරුදු එහෙමමයි.. මං උබලට හැමවෙලේම කිව්වා... ඒදේ කරන තාක්කල් ඔයාලා එකම තැන පල්වෙන කිසිම Personality එකක් නැති අය විතරයි..
අන්තිම මාස 3දි ආයිත් Motivation Videos බැලුවා අන්තිම මාස 3න් මෙක ගොඩ දාගන්නෙ කොහොමද හෙව්වා බිත්තිවල Motivation වදන් ගහගත්තා..Shortnotes බිත්තිවල ගැහුවා.. වැඩ කරන් ගියාහැබැයි අවසානේ අර විදිහටම තමා උනේ...මං පිසික්ස්ම කරන නිසා අනිත් subject දෙකම මිස් උනා වගේ උනා නිලන්ත සර්ගේ ලකුනු 8න් පටන් ගත්තු මම Lakunu 40 ගනන් වලට ආවා.. ඔන්න ආයිත් මෝඩ තීරනයක් ගත්තා ඒක ගන්න හේතු උනේ වැඩ කරලා වැඩ කරලා ගිහින් පේපරේ ලිව්වාම ලකුනු 36ක් ආවා ඒකෙන් එපා උනා වගේ උනා.. ඒකෙන් තිරනේ කරා අන්තිම මාස 2 Paper Classes යන්නෙ නැ අනිත් Subject දෙකත් ආයිත් Past Papers කරනවා එහෙම කියලා මෝඩ මං 7000 දීලා Chemistry nothing අයියාගෙන් Physics ටිකකුත් ගත්තා.. ඒවා බලාගෙන තමා විවරනේ කරේ අනෙ උබලා නම් මං වගේ කරන්න එපා තනියෙන්ම කරපන් බන්.. දැන් ගෙදර නැවතුනේ Past Papers කරනව කියලානෙ උබලා දන්නවද කියද කරේ කියලා Chemistry 2011-2012 mcq විවරනය කරා Physics 2021-2012-2013 mcq විවරනේ කරා.. ඔන්න ඔච්චරයි බන් කරේ.. ආ කියන්න බැරි උනා මං නිලන්ත සර්ගේ rev යන එක නැවැත්තුවා අප්රේල් වලදි මං ඒ පාඩම් සමිත සර්ගෙනුත් කරගෙන තිබ්බ නිසාමට කරගන්න තිබ්බේ චුම්බකයි එලෙක්ට්රොනික්ස් දාරා විද්යුතය අඩු පාඩු සහ අන්තිම පාඩම කෘශ්න වස්තු පාඩම අන්න ඒක... ඒ පාඩම් මං සමිත සර්ගෙන්ම Live ගොඩදාගත්තා Feesshare එකකින් අරන් ඒකෙත් රෙකොඩ් ගොඩ ගැහුනා බන්.. රෙකොඩින් තමා උබලගෙ ජිවිතේම කන්නේ..
1 263
ඔහොම දවස් ගෙවුනා... මං පාඩමකින් ගනන් දෙකක් හදලා හරි ගියහම මට ඒ පාඩම පුලුවන් කියලා ගොබ්බ මානසිකවයක තමා හිටියේ.. එහෙම පුලුවන් වෙනවා නම් මොනා කොරන්න බැරිද බන්😂 ඒවා ඔක්කොම තෙරුනේ මේ විබාගේ ලිව්වාට පස්සේ.. P6 එහෙම පාඩමක් අරන් ගනන් 2-3ක් Try කරලා හරි ගියහම මං හිතුවෙ අම්මට මං වැඩ්ඩෙක්නේ මට දැන් මේවා ඇකිනේ කියාලා.. ඒ තරම් මනස අවුල් මගේ ඒ කාලේ.. මගෙ නෙවෙයි බන් වැඩ නොකරන අපි ඔක්කොගෙම එහෙමයි. හැබැයි වැඩ කරන එකා කවදාවත් එහෙම හිතන්නේ නෑ.. ආ තව දෙයක් මගේ ඉස්කොලෙ මගෙ පංතියේ හිටිය අනිත් යාලුවා island 73 District 2nd එයත් දැන් මොරටු යන්න ලැස්ති වෙනවා.. අනිත් යාලුවා පේරා ගියා..එයාලට පටන් අරන්..🥺
වැඩ කරා බං මං හැබැයි කරලා තියෙන්නේ අවසානේ කිසිම තෙරුමක් නැති වැඩ ටිකක් විතරයි බන් තනියෙන් කිසි දෙයක් කරලා නෑ බන්.. Past Papres ගනන් 2-3 හදනවා පුලුවන් කියලා හිතනවා ආයිත් සතියකින් බැලුවම මෙලො දෙයක් බෑ.. ඉතින් පුලුවන් වෙයිද බන් පිස්සුද බන් මට Track ඒ තරම්..😂
1 263
මං කිව්ව අර Island 13 උන යාලුවා නිසා මං සැහෙන්න Inspire උනා.. එයත් ගොඩක් උදව් කරා Physics ගොඩ දාන්න එයත් පංති කරන නිසා.. එයා island 13 වෙලත් උදේ රෑ නොබලා වැඩ කරනවා ඉතින් මං තව කොච්චර නම් වැඩ කරන්න ඕනෙද කියලා හිතුනා.. මෝඩ මම කලේ තනියෙම වැඩ කරපු එක නෙවෙයි අර කිව්වා වගෙ Videos බල බල විවරනය කරනව ගනන් හදනවා ඕක තමා කලේ.. මට Hirun කියපු දෙයක් තිබුනා එයා මාස 7යි පංති ගිහින් තිබුනේ හරියට Theory එතනින් එහා එයා වැඩිපුරම ගේම ගහලා තිබුනේ තනියෙම Self Study. එයා කිව්වා එයා සැහෙන්න Practice karaa kiyala මොකද එයා ඒ කාලේ වාසි ගනන් කියලා Channel එකක් කලා ඒකත් එක්ක බැලුවම එයා කිව්ව කතාව ඇත්ත තමයි කියලා තෙරුනා.. එලෙවල් වල පොරක් වෙන්නේ තනියෙන් වැඩ කරන තරමට විතරයි බන්.. වැඩියෙන් ගනන් හදලා Practice කරන එකා තමයි මේකේ පොරක් වෙන්නේ.. Hirun nisa සමහර ගොඩක්තැන් මගෙ වෙනස් උනා.. island 1st උන Binuth කිව්වේ එයා මාසෙට දවස් 2යි කිව්වා එලියට බැස්සේ ඉතුරු දවස් 28ම කොල්ලා වැඩ කරා කියලා කිව්වා..
1 263
ඕවා වෙන අතරේ ගෙදරිනුත් හොදටම බනිනවා මොකද වටේ ඉන්න යාලුවො ඔක්කොම ගොඩ ගිහින් අපේ අම්මා මට කිව්වා උබ ගැන තිබ්බ විශ්වාස හැමදේම ඉවරයි එහෙම කියලා.. ඕවා අහනකොට දැනෙන වේදනවට ඇස් දෙකෙන් කදුලු ගලනවා බන් කොල්ලෙක් නිසා අඩන්නත් බෑ පේන්න.Bathroom එකට ගිහින් අඩලා නාගෙන එනවා එතකොට පේන් නැති නිසා.. ඔයාලට තව කියන්න බැරි උන දෙයක් තියෙනවා පෙබරවාරි මාසෙදි අපෙ අක්කා බදින්න ඉන්න අයියාගෙ ගෙදර අය අක්කාව බලන්න අප්රේල් මාසෙදි එනවා කිව්වා ඒ එක්කම ගෙදර රෙපයාර් කරන්න ගත්තා පෙබරවාරි වල ඉදන් මැයි වෙනකන්.. ගෙදර වහල ගැලෙව්වා.. වැරැන්ඩා එකක් ගැහුවා තීන්ත ගෑවා මේ වැඩ එක්ක පාඩම් කරන්න පට්ට අමාරුයි මොකද සමහර වෙලාවට Hardware එකට යන්න ඔන. බඩු ගේන්න ඔන. වැරැන්ඩා එක ගහපු දවසෙ අයියයි මමයි තනියෙම තමයි කොන්ක්රීට් පිරෙව්වේ කිලෝ 50 කොට්ට කරෙන් උස්සන් ඇවිල්ලා ඒවා තියලා ඒ මාමලා අනලා දුන්නාම ගෙනිහින් දාන එක තමයි කරන්නේ උදේ පටන් ගත්තු එක හවස 6 වෙනකන් ඇද්දා මගේ තාත්තා වයසයි ටිකක් එයාටත් කොන්දේ අමාරුව තියෙනවා ඒවත් එක්ක ලොකු කොල්ලො දෙන්නෙක් ඉද්දි එයාට වැඩ කරන්න දෙන්න බෑනේ.. අයියාටත් මැදක් යනකොට කොන්දේ පුරුකක් පැනලා වගේ වෙලා යන්න උනා.. ඊට පස්සෙ තනිකරම බර වැටුනේ මට මගෙ අක්කත් උදව් කරා.. සිමෙන්ති කොට්ට බාගෙකට වැලි 12ක් මික්චර් එකට දාලා ආයිත් එන කොන්ක්රීට් ටික ලොකු විල්බැරෝ වලට දලා ගෙනිහින් දානවා කියන්නේ පොඩි වැඩක් නෙවෙයි බන් ඒක මාර අමාරු දෙයක්.. ඊට පස්සෙ එදා දවසම වැඩ කරලා ආයිත් රෑට පොතක් පතක් බලන්න තරම් හයියක් තිබ්බෙ නෑ......ඔහොම ඔහොම සමහර දවස් නැතුව ගියා..සමහර දවසට Library එකට ගිහින් වැඩ කරා ගෙදර සද්දෙත් එක්ක වැඩ කරන්න බැරි නිසා.. ඔහොම මැයි මාසෙටත් ආවා ඒකත් ඉවර උනා.. දැන් ආයිත් විබාගේ තව මාස 3යි ඒ වෙනකොටත් Chemistry Maths paprers ලියලා නෑ Past Papers කරනවා කියලා ඉන්නවා පොඩ්ඩ පොඩ්ඩ කර කර Past papers විවරනය කරනවා කියලා මං ඒ පේපරේ කරන්නෙ වත් නැතුව අර Chemistry Nothing Yt Channel එක දිහා බලාගෙන ඌ කරන ටිකම ඔහේ ලියාගන්නවා.. කිසිම තෙරුමක් නැති වැඩ බන් මං කරලා තියෙන්න්නෙ ඔවා තෙරෙන්න ගන්නේ දැන් බන්..
1 263
මගෙත් එක්ක එකට පංති ගිය අවසාන කාලේ මගෙ ගෙදර ඇවිල්ලා වැඩ කරපු යාලුවා හොදම යාලුවා AAB Island Rank eka 1168 ඒ කියන්නේ එයා Engneering.. Results ආපු දවසෙදි තමයි තෙරෙන්න ගන්නේ Skip කරපු එක තමයි කරපු මොඩම වැඩේ කියන දේ. මගෙ යාලුවො ඔක්කොම වගේ හොදට විබාගේ කරලා.. ඒ මාත් එක්ක 1st Shy eke දි meeting දදා ගනන් හදපු යාලුවා Island 01st හැබැයි එයාඅ Chemistry වෙනුවට ICt කලේ..ඔය කාලේ වෙනකොට මට තවත් හොද යාලුවෙක් හම්බෙලා හිටියා එයා Bio කලේ එයා Island 13 ඔහොම යාලුවො ගොඩක් ඉන්නකොට මං මෙලො දෙයක් කරගෙන නෑ නේද කියලා දැනෙනකොට ඒ දැනෙන වේදන්නාව පට්ට අමාරුයි ලමයි. ඒකයි කියන්නේ Skip කරන්න නම් එපා කියලා.. ඔය අතරේ S3 Ehema nattam F ගත්ත ලමයි හොදටම වැඩ කරන්න ගත්තා Result එකත් එක්ක. හැබැයි මම.. විබගේ ලියලත් නෑමට ඒ දුක දැනෙන්නෙත් ණැ ඒ නිසාමං හිටපු ගොනා විදිහටම ඉන්නවා.. දැන් ඔයාලට තෙරෙනවා ඇති Skip කරපු එකෙන් මට ලැබූනු ප්රතිපලේ..
මේක කියවන්න දැනට මං ඉතුරුටික Type කරන ගමන්...
1 263
දෙවෙනි පරිච්ඡේදය (2nd Shy)
Skip කරලා Nov 10 වෙනිදා දවසම ඇදට වෙලා හිටියා මොකද හැමොම බලන්න ආවා.. නැදැයො එහෙම.. මොකද නැදැයො හැමොම හිතන් ඉදියේ මං A3 ක් දායි කියලා.. අර සමහර සර්ලා කියන්න වගේ මට Toxic නැදැයො නම් නෑ ඇත්තටම.. ඉන්න හැමෝම මට හරි ආදරෙයි අපි ගොඩ යනකන් බලන් ඉන්නේ.. එහෙම අය තමයි ගොඩක්ම මට ඉන්නේ ඒ නිසා එයාලත් හැමවෙලෙම හොයලා බැලුවා..
ඔහොම දවස දෙක ගෙවුනා.. මුලින්ම කාමරේ ලස්සනට හදාගත්තා අලුතින් වැඩ කරන්න. ඒ කාලෙදිත් අර ජරා පුරුද්ද මට එහෙමම තිබුනා..
ගෙදර අයටත් අවසානේ ගොඩක් අවුල් මං Skip කරපු එක. දවස ගානේ මගෙ කාමරෙට ආපු අම්මා මාසෙකින් ආවෙ නැ. මං ගොඩක් මානසිකව වැටුනා.. මං ගොඩක් ස්වභාදහම එක්ක ඉන්න ආස මනුස්සයෙක්.. අපෙ ගම ලස්සන ගමක්.. නාන්න ගගවල් යන්න.. යන්න කදු.. නිදහසෙ ඉන්න පුලුවන්. මට ලයිසන් තියෙන නිසා ඕන තැනක යන්නත් පුලුවන්. පලවෙනි මාසෙම අර අවුල් එක්ක මගෙ තව 2027 A/L කරන මල්ලි කෙනෙක් එක්ක හැම කන්දකම ඇවිද්දා නාන්න ගියා.. ඔහොම මාසයක් වගේ ගෙවුනා. 2025 Maths Paper එක Theory පැත්තට ටිකක් බරයි කියල එවලේ තෙරුනා සමහර සර්ලා එහෙම කිව්වා බාගෙට උගන්නන අයගේ පංති ගිහින් හරියන්නෙ නනැ අරකයි මේකයි ඔහොම කිව්වා.. ඉතින් මනෝජ් සොලාංගාරච්චි සරුත් ඕකට විඩියො එකක් දාලා තිබ්බා Nov 10ම එදාම තිරනය කරා එයාගෙ යන්න ( බොලදකම ප්රදර්ශනය වෙන තැනක්) Chemistry Randeer සර්ගේ යන්න තීරනය කරා Physics Nilantha ජයසූරිය සර්ගේ යන්න තිරනේ කරා මං ආසම පිසික්ස් වලට ලකුනු නැතත් ඒකට මං ගොඩක් ආසයි. මට පුදුම උනක් තිබුනේ පිසික්ස් වලට හැමවෙලේම පිසික්ස් කරේ පේපර්ස් නුත් ලියන්න ගියා මගේ පලවෙනි පේපරේට ලකුනු 8යි එතකොට අර Full Syllabus ලමයිට තියෙන Rev Papers තමා ලිවුවේ.. ලකුනු 8න් පටන් ගත්තේ. ඒත් මං පේපර්ස් ලිව්වට මේ Shy එකෙත් බගෙට ලිව්වේ සතියට දෙකක් ලියනවා දෙකක් ලියන්නෙ නැ ඒ වගේ.. ආයිත් අර පරන ගොනා මතුවෙමින් තිබුනේ.. මං Skip කරපු නිසා මට ඒ Fail වීම ඇගට දැනුනේ නෑ ඔය අතර Skip නොකරපු අය අඩු Results එයි කියලා දන්න අය හොදටම බැහැලා වැඩ කරා.. මං Online යන නිසා ලමයි වැඩ කරන්නේ කොහොමද දක්ශ ලමයි මොන වගේද කියලා මං දන් නෑ.. ඒකෙන් මට මේකේ තියෙන තරගය දැනෙන්නේ නැතුව ගියා. solage yanna පටන් ගත්තට පස්සේ සොලා Live කරේ පාඩම් ටිකයි ගොඩක් ඒවා රෙකොඩින් දුන්නේ.. (කෙලවෙන්න පටන් ගත්තු තැන) ඔය අතර මගේ සීයා නැති උනා.. ඒකත් එක්ක මට Live Classes වලට යන්න බැරි උනා එතනත් රෙකොඩින් සොලා සතිය ගානේ රෙකොඩින් දානවා මං 0 හිටිය නිසා හැමදෙම බලන්නත් ඕන. ඒවා නිසා තනියෙන් වැඩ කරන්න තිබ්බ වෙලාව අනිත් විශයන් වලට දෙන්න ඕන් වෙලාවල් ඒකට දෙන්න ඕන උනා අවසානේ පොත් පුරවලා විතරයි මොකද 2X දාලා වගේ බලන නිසා ගනන් Art ලමයි වගේ බලාගෙන ලියනවා Maths කියන විශය එහෙම ගොඩ යන්නෙ නැ ලමයි කවදාවත් හොදට හිතන්න ඔන ගානෙන් ගාන. දැන් මට Chemistry එහෙම ගත්තාම නිකන් පොත් බලනකොට මට ඒ පාඩම් පුලුවන් වගේ. ඒ නිසා Chemistry classes ගියේ නෑ පේපර්ස් ලිව්වේ නැ. ආයිත් අර ගොං වැඩ ටිකම කරා. maths ekata man Ruwan darshana sirta pay කරලා Centers වලට පලවෙනි මාසේ ගියත් මං යන හැම දවසම පේපර්ස් ඉවරයි.මල පැනලා ගෙදර එනවා.. ඊට පස්සෙ Hotline කෝල් කරලා උන්ට බැනගෙණ බැනගෙන ගියා.. මං මගෙ සල්ලිත් ආපහු ඉල්ලුවා.. එයාලා කිව්වා පෙබරවාරි මාසෙට හදලා දෙන්නම් කියලා මං හා කිව්වත් ආයිත් මං ඒ පංති ගියේ නැ ඒකෙන් Combine එකත් මිස් උනා හැබැයි Physics එක ලිව්වා ලකුනු ඇත්තෙම නෑ බන්.. ඔය අතරේ මගේ යාලුවෝ, Gf බනිනවා පේපර් ලියපන් ලියපන් කියලා මං උන්ට බොරු කියනවා මං ඔන්ලයින් ලියනවා අරකයි මේකයි කියලා.. අවසානෙ වැරදුනේ මටමයි.. ඔහොම වැඩ කරන් ආවා වැඩ කරනවා කියලා හැමදාම කරේ කාගෙ හරි සර් කෙනෙක්ගෙ තියරි බලනවා නැත්තම් තියරි පාඩම් කරනවා.. සමහර දවස් වලට Motivation මගුල් අහලා රෑඑලි වෙනකන් ඉන්නවා වැඩ කරනවා.. සැරින් සැරේ පෝන් එක ඔබනවා yt yanawa ඕවා තමා බන්. කිසිම පලදායිතාවයක් නෑ. හැබැයි ගෙදර අය හිතන්නේ හොදට වැඩ කියලා. නිදාගන්නෙත් නැතුව.. ( මට වැරදුන දෙවෙනි තැන) ඒක තෙරුනේ මේ විබාගෙට මාසෙකට විතර කලින්..
ඔහොම ගෙවිලා ගියා අවුරුදු මාසෙත් ආවා මං පිසික්ස් පේපර්.ලිව්වත් Discussion එකක් බලලාම නැ.Marking එකක් දුන්නාට බලලා නැ. ජිවිතේ කෙලවගෙන තියෙන්නේ මමයි කියලා ඔයාලට තෙරෙනවා නෙද හැමදාම වැඩ කරනවා කියලා Video බලපු එක කරෙ එහෙම නැත්තම් අර රෙකොඩින් අකුල බල බල පොත පුරවපුවා විතරයි කරෙ.. Chemistry Papers ලියන්නෙ නති නිසා පොත බලලා බලලා නිකන් ගත්තම ඔන එකක් ඇකි වගේ දැනෙන්නේ.. හැබැයි ඇත්තටම පුලුවන් දෙයක් නෑ බන්.. නිකන් අර මතකේ විතරයි බන්.. ඒකේ ප්රතිපලයක් විදිහට අවසානේ Chemistry වල බන්දන ශක්ති විද්යාව වායු මෙලො දෙයක් මට බෑ.. මේ පේපරේ මට බන්දන ප්රශ්නෙටම විනාඩි 45ක් විතර ගියා මෙලො දෙයක් මතක නෑ පේපර් ලියලා නෑ. ඒ නිසා මට ඒවා බැ. ඔහොම අවුරුදු මාසෙත් ලං උනා.. ඕක එක්කම 2025 Results ආවා..
1 263
https://www.youtube.com/live/AyH5CvKZjmU?si=8Hndrq-F9wFf5EBJ
ළමයි Genaral English එකත් පුලුවන් තරම් හොදට ගොඩ දාගන්න. Government නැතුව වෙන Degrees කරනකොට සමහර වෙලාවට A/L English එකට A එකක් එහෙම තියෙනවා නම් පට්ට වාසි ( Experience - මගේ අක්කා අලුතෙන් Degree එකක් කරන්න ගත්තා Nursing එකක් Government එක කරලා ඉවර වෙලා එයා දැන් Hospital එකේ වැඩ කරන අතරතුරේ එයා කරන්නේ.. ඒකට Apply කරලා ඒකෙන් එයාගෙන් ඉල්ලලා තිබ්බා General English වලට A එකක් හැබයි මගෙ අක්කාට තියෙන්නේ C එකක් ඒ නිසා එයාට වැඩිපුර 13000 දෙන්න උනා ඒ කෝස් එකට Genaral English එකට A එක නැති උන නිසා ඒ නිසා මේකත් උපරිමේ කරන්න)
1 263
1st එකේ කියන්න බැරි උන තව දේවල් තියෙනවා මං විබාගෙට මාස 5ක් තියලා අමිල සර්ගෙන් රන්දීර් සර්ට මාරු උනා එයාගේ Organic Inroagnic බලලා ඒක චුට්ටක් පුලුවන් උන ගමන් පැන්නා එ සර් ගාවට.. එයාගෙත් ගියා Chemistry එතකොට ලකුනු 20 වගේ ඉදලා 30-35 වගේ උනා.. ඒත් පාඩම් වලට වඩා අමාරුයි සර්ගේ කෙටි ක්රම මතක තියාගන්න සමහර වෙලාවට.. ඔහොම ඒ මාස 5 සර්ගේ ගියා. අනිත් දෙක අර කිව්ව විදිහට ගියා තව එලේවල් පටන් අරන් අවුරුද්දක් විතර ගිහින් ජේකබ් සර්ගෙත් මං මාස 2ක් විතර ගියා.. ( යකෝ මූ ඔක්කොගෙම ගිහින්නේ කියලා හිතෙනවා ඇති. ඔවු ඔක්කොගෙම ගියා මං ගියපු නැති සර් කෙනෙක් නැ. මේ ඔක්කොටොම හේතුව තනියෙන් ගමනක් යන නිසා අඩු පාඩු කියන්න මග කියන්න කෙනෙක් මට හිටියේ නැ ඒ නිසා මටම උනා හැමදේම Test karanna) දෙවෙනි අවුරුද්ද වෙනකොට රිවිශන් යන්න කලින්. අපෙ අම්මා ගොඩක් අසනීප උනා එයාට ස්නායු අමාරුවක් තියෙනවා ඒ නිසා එයා මාස 4ක් හම්බන්තොට ආර්යුවේදේ නැවතිලා හිටියා. තව මාස 6ක් තව ආර්යුවෙදයක නැවතිලා හිටියා. මගෙ අයියා Ruhuna University එකේ. අක්කා කලුතර Hospital එකේ Nurse කෙනෙක් ගෙදර ඉතුරු උනේ මායි තාත්තයි විතරයි බන්. ඒ නිසා ඒ කාලෙම තනියෙන් උයාගෙන තමා කැවෙ. මට උදේට අහරින්න අමාරු නිසා තාත්තා උදේට උයනවා මං අනිත් වේල් දෙක උයනවා ( කොල්ලෙක් උනත් 10 දෙනෙක්ට උනත් රසට උයන්න ඇකි මට🙈) ගෙදරක අම්මා නැතිවෙනකොට ඔයාලට තෙරෙනවානේ මොන වගේද කියලා.. ඔහොම තමයි ගෙවුනේ.. අම්මාවත් බලන්න යනවා දවස් 2කට සැරයක්. මට හොදටම මතකයි 2024 වෙසක් පෝය දවසෙත් අම්මා හිටියේ ආර්යුවේදේ. අම්මාට දන්සල් වදින්න යන්න බැනෙ එහෙ ඉදන් මං ඉතින් ගෙදර ඉදන් තිබුන හැමදන්සලෙන්ම කැම අම්මාට අරන් ගියා..🥺 ඔහොම තමයි බන් ඒ අමාරු කාලේ ගියේ ඊට පස්සේ අම්මා ගෙදර එක්කන් ආවා.. මට 10 වසරේ ඉදන් Relationship එකක් තිබුනා... හැබැයි ඒ Relationship එක නිසා මට දශමෙකින් වත් පාඩුවක් උනේ නැහැ බන්.. මං වැටෙන හැමවෙලේම අම්මාත් ලග නැති නිසා එයා තමයි හැමදේටම හිටියේ මං ටිකක් Sensitive මනුස්සයෙක්.. එයත් මට ඉගෙන ගන්න සැහෙන්න උදවු කරා.. දැන් ඒ Relationship එකට අවුරුදු 6 වෙන්නත් ලගයි මේ ශයි දෙකේම එයත් කොටස්කාරයෙක්.. එයාව මේ අවුරුදු 5ටම හම්බෙන්න ගිහින් තියෙන්නේ 2 පාරක් විතරයි. එතනින් හිතාගන්න අපතේ ගහලා නැ කියලා.. ඉස්කෝලේ කාලේ Love වලින් අපේ එක විතරයි ඉතුරු උනේ. මං කවදාවත් මගේ යාලුවෙක්ට වත් ඒලෙවල් කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න දුන්නෙ නැ. මොකද එලෙවල් කාලේ ලවු කරොත් කෙලවෙනවා.. ඒක තමයි අත්තේ හැබැයි මං එලෙවල් වලට කලින් ලවු කරේ එලෙවල්.වෙනකොට මට ඒක නිකන්ම නිකන් සාමන්යදෙයක්. ඒත් එලෙවල් කාලේ පටන් ගන්න එවුන්ට ඒක පට්ට දෙයක් වෙනවා..( මං අර වෙඩින් එකේදි කෙල්ලෙක්ගේ හුටපටයක් කිව්වේ.. ඒකෙත් වැරදි මම. ඒකෙදිත් මට මෙයා සමාවදීලා ආයිත් Recover කරා.) මෙයාට මට වඩා හොදට ලකුනු තියෙනවා එයත් හමවෙලේම කිව්වේ පේපර්ස් ලියන්න පේපර්ස් ලියන්න කියලා.. ඒත් මගෙ මොඩකම නිසා ඒ කියලත් ලිව්වෙ නෑ එකට හේතුව මං ලියන්න ගියත් ලකුනු නැති නිසා.. අන්තිම මාස 5-6වගේ යද්දි එයාටත් Migraine ආවා..Migraine එකේ දරුනුම Leval එක තමයි එයාට ඇවිල්ලා තියෙන්නේ කියලා ඩොක්ටර් කිව්වා.. බොන කිසි බෙහෙතකින් එයාට සනීප වෙන්නෙ නැහැ බොන කිසි බෙහෙතක් ඇගට අල්ලන්නේ නැ. ඒයාට අවසාන කාලෙ පැය දෙකේ පේපර් එකේ පලවෙනි පැය යනකොට එයාට අමාරු වෙනවා. ඒ වත් එක්ක අවසානෙ එයත් පංති 3න්ම කඩන් වැටුනා. සර්ලා පවා එයාට කතා කරා.. ඒත් අවසානෙ එයත් 1st Shy Skip කරා.. ඒ වෙනකොටත් එයාට ගොඩක් අමාරු වෙලා තිබුනේ..
ඔන්න ඔහොම තමයි ඒක උනේ..
1 263
ඒ සති දෙකේ හිත හිත හිටියේ Exam skip කරනවද නැද්ද කියලා.. මොකද හැමොම 1st shy skip කරන්න එපා කියලා කිව්වාට මං දන් නැ ඒක ඒ තරම් බලපානවා කියලා . මට Fail වෙන්න බය නෙවෙයි තිබ්බේ.. මගේ අම්මා Teacher කෙනෙක්.. මගේ A9 දාපු එකත් එක්ක මං ගැන හැමොටම හෙන ලොකුවෙන් කියලා තිබ්බේ මොකද මං පැය 15-16 කාමරේ ඇතුලේම නිසා එයාලා හිතන්නේ වැඩ කරනවා ඇති කියලා එයාලා ගෙදර වැඩක් වත් මට කියලා කරගන්නෙ නැ මට පාඩු වෙයි කියලා... ඒ තරම් එයාලා මං වෙනුවෙන් කැප උනා.. එහෙම කරලත් විබාගෙට කලින් දවස වෙනකොටත් F මට්ටමෙ මං හිටියෙ. මට අම්මට ලැජ්ජ කරන්න බැරි නිසයි 2025.11.10 උදේ 6.40 විතර මගේ ජිවිතේ ගනිපු වැරදිම තීරනය ගන්නේ ඒ 1st Shy Skip කරනවා කියලා.. මං අම්මලාට කිව්වා තව මාස 8නෙ අම්මේ ඒ නිසා තව හොදට වැඩ කරලාම ලියන්නම් කියලා.. එයාලටත් ඒකෙ බරපතළ කම එවලේ තෙරුනේ නැ. එදා උදේ බඩේ කැක්කුමක් හැදුන කියලා නැදැයො හැමොටම යාලුවොන්ට ගුරුවරුන් ට හැමොටම අම්මා කිව්වා.. ඉස්පිරිතාලෙත් ගෙනියන්න උනා කියලා කිව්වා. මං නිසා හැමොටම බොරු කිව්වා.. ඕහොම ඒ සති 3 ගෙවිලා ගියා.. මං අලුතින් හැමදේම පටන් ගන්නවා කියලා කාමරත් අස් කරලා තීන්ත ගාලා..දවස් 2යි වැඩ කරේ ආයිත් අර කලින් හිටිය කෙනාම ආයිත් එනවා කියලා තෙරුනා මට.. ගෙදර අය මං ගැන බොරු කියනකොට ඒ දැනෙන වේදනාව ඒක උහුලන්න ගොඩක් අමාරු දෙයක්.. ඒකයි මං මේ විබාගය පටන් ගන්න කලිනුත් Skip කරන්න එපා කියලා ඉවුවේ..තව ඒ Shy එක ඔහොම වෙන්න බලපාපු අතුරු හේතු තිබුනා ඒ තමයි Additions. Phone එකක් ගත්තාම සාමාන්ය කොල්ලෙක් දන්නවා මොනවටද Addict වෙන්නේ කියලා මං කියන්නේ Games ගැන නෙවෙයි. එතනින් හිතාගන්න. අන්න ඒ දේවල් වලට Stress එකත් එක්ක ඇබ්බැහි වෙලා හිටියේ.. ඒකත් එක්ක කොල්ලො දන්නවා කොල්ලෙක් කරන දේවල්.. කොල්ලනේ මතක තියාගන්න ඒ දේ ඔයා කරනවා කියන්නේ ඔයා හැමදාම එකතැන පල් වෙන නපුංසක මනුස්සයෙක් විතරයි. කොල්ලෙක්ගේ Personality එක Zero වෙනවා. හැමදාම කරන ඒ දේ නිසා.. ඔයාගෙ ජිවිතෙත් ඔයා එකම තැන පල් වෙනවා වගේ නම් අදම අර දෙවල් නවත්තන්න. ඔන්න ඔහොමයි 1st Shy එක ගෙවුනේ...
දෙවෙනි පරිච්ඡේදය (2nd Shy)
Coming soon..
ඒ අත්දැකිම් ඔක්කොගෙන්ම ඔයයි මමයි අවසානෙට මෙ අලුත් Shy එක පටන් ගද්දි නොකරන්න ඔනෙ දේවල් මං අනිත් එකත් දාලාම Summary එකක් දාන්නම්. ඒකෙන් ඔයා අලුත් Shy එකක් කරනවා නම් ගන්න තියෙන දේ ගන්න.
Thankyou.
#Storyteller-
1 263
මුල වැරදුන මමපලවෙනි පරිච්ඡේදය (1st Shy) මට O/L අවසාන කාලේ Subject 9ටම තිබ්බේ ලකුනු 50/60 අවසාන කාලේ මාස 6 කට වගේ කලින් Lanka Prasad සර්ගේ Online Class යන්න Set Una. ඒකෙන් ලැබුනු ගැම්මත් එක්ක A9 දාලා තමයි නතර උනේ.. ඊට පස්සෙ තීරනය කරා දිගටම Online Classes වලට Join වෙන්න A/L වලටත්. ඒ වෙලාවෙ මට කිසිම දැනුමක් තෙරුමක් තිබුනේ නැ පංති ගැන. මට අක්කායි අයියයි තමයි ඉන්නේ. අක්කා නම් Bio කලේ එයා මට වඩා අවුරුදු 9 වැඩිමල් ඒ නිසා එයා ඒ කාලේ ගියපු සර්ලා අද උගන්නන්නේ නැහැ. ඒ නිසා එයාගෙන් උපදෙසක් ගන්නත් බැ.. එයා මට ඒ කාලේ ඉදන් කිව්වා 10/11 වසරෙ ඉදන් A/L Classes යන්න කියලා හැබැයි ඒ කාලේ තිබුන පංඩිත කමටයි නොතේරෙන කමයි නිසා මං කියන දේ ඇහුවෙ නැහැ.දැන් ඒ හැමදේම පසුතැවීමක් විතරයි. හැබැයි අපේ අක්කා ඒ කාලෙ ඉදන් හැමදාම කිව්ව දෙයක් තමයි Past Papers කරපන් කරපන් අඩුම 3 පාරක් වත් කරපන් කියලා. ඒත් ඒවත් මං ඇහුවේ නැ. ඔයාලට මතකද 2022 ඒලෙවල් පටන් ගත්තු ගමන් අර ටයිටන් සබ්මැරින් එක විනාශ උන විදිහ ගැන ප්රසාද් සිරිවර්දන සර් Video එකක් දාලා තිබ්බා. ඒක ලස්සනට කියලා දුන්න නිසා එයාගෙ යන්න ඔනෙ කියලා මුලින්ම P6 ගියේ එයාගේ.. ඒත් ටික දවසක් යනකොට මට ඒකක හා මානත් තෙරුනේ නැ ඇත්තටම එතනින් මගේ මට්ටම හිතාගන්න. ඒ කාලේ Amila And Anuradha සර් Ajantha Dissayake සර්ලා Online එකේ පීක් වීගෙන එන කාලේ (2022) ඒකාලේ ඒ සර්ලගෙ Motivation Videos හෙන ප්රසිද්දයි. ඒ එන ගැම්මත් එක්ක තමයි එයාලගෙ යන්න ඔනෙ කියලා හිතුනෙ. නැතුව Subject එක මොන වගෙද ඔක්කොම කියලා දෙනවද කියලා වත් දන් නැහැ. (බොලද කම ප්රදර්ශනය වන තැනක් ) ප්රසාද් සිරිවර්දන සර්ගේ පංති මාස 2 වගේ ගිහින් පංති මාරු කරා අනුරාද සර්ට. chemistry ගියේ අමිල සර්ගේ Maths ගියේ අජාගේ.. ඔහොම මාස කිපයක් ගියා.. ඊට පස්සේ අපෙ ලගම අයියා කෙනෙක්ගේ වෙඩින් එකකට සෙට් වෙලා මාස 3-4ක් විතර හරියට වැඩ කරන්න බැරුව ගියා ඒකෙන් රෙකොඩින් ගොඩ ගැහුනා. ඒකෙදි හම්බුන කෙල්ලෙක් එක්ක පොඩි හුටපටයක් නිසා එතනත් තව මාස 2ක් විතර නාස්ති උනා.. ඔහොම තමයි මුල් අවුරුද්ද ගෙවුනේ.. ඒ කාලේ අමිල සර් අනුරාද සර් තියරි අඩුවෙන් උගන්නනවා අරකයි මේකයි ලොකු රාවයක් ගියා..මටත් ගනන් හදාගන්න බැරි නිසා මාත් ඒක ඇත්ත තමයි කියලා. පංතිය මාරු කරා බන්. අනුරාද සර්ගෙන් උකුවෙල සර්ට ගියා.. ඒත් මේ කාලේ වෙද්දිත් මං පේපර්ස් ලියන්නෙ නැ. මං පලවෙනි ශයි එකේ ඔක්කොම පේපර්ස් සබ්ජෙට් 3ම 50ක් ලියලා ඇති. ඔහොම තමයි ගෙවුනේ අවසානේ Chemistry තෙරුනේ නැතුව ගිය නිසා Online නිසා වෙන්න ඇති කියලා ගමෙ සර් කෙනෙක්ගේ Chemistry Physical ගියා.. එතනත් මාස 4-5 ගියා.. ඔහොම තමයි ඒ කාලේ ගෙවුනේ.. Chemical physical යනවත් එක්කම Maths ekath මාරු කරලා පිසිකල් ගියා.. ඒ යනකොටත් Sub තුනම හොදටම අවුල්.. ඔහොම පිසිකලුත් කාලයක් ගියා ඒත් ඒවාත් තෙරෙන් නැ සෙට් වෙන් නැ. පේපර් කරන් නැ. ඊට පස්සෙ 2025 Rev පටන් ගත්තා ඒකෙන් ආයිත් 0න් පටන් ගන්නවා කියලා සමිත සර්ගේ P6 යන්න පටන් ගත්තා..ආයිත් අමිල සර්ගේ Rev යන්න පටන් ගත්තා Maths Physical ම ගියා.. ඔහොම මුල් මාස 3 වැඩ කරන් ආවා පේපර්ස් නුත් ලිව්වා ඒත් ලොකු ලකුනු නැ 20-30-40 අතර ගියේ.. ඊට පස්සෙ Maths එකත් අත ඇරලා ගම්පහ ආවා පිසිකල් යන්න කියලා.. එතකොට විබාගෙට මාස 7යි.. ගම්පහ ඇවිල්ලා මුලින්ම පංතියක වාඩි උනේ සමිත සර්ගේ. ඒකේ ඉදලා බොඩිමට ගියාම පලවෙනි දවසෙම උණ. ඒ තරම් ඒක ඇතුලේ හීතලයි😢 ඔහොම අල්ලන් මාස 3-4 ගියා ආයිත් පේපර් ලිව්වෙ නැ. මම පංතියේ ගිහින් ඉන්නේ ඉස්සරහම පේලියේ එහෙම නැත්තම් දෙවෙනි පේලියේ.. ඒ ඉදලත් මං හොදට අහන් ඉදලත් මට තෙරෙන් නැ මෙලො දෙයක්. එහෙම උනාම දැනෙන ෆීලින් එක මොන වගෙද කියලා ඔයලට තෙරෙනවනෙ.. සමිත සර්ගේ පේපර් පංතියට සල්ලි ගෙවලා එක පේපරය්යි ලිව්වේ ඒකේත් mcq 10 ක්වත් හදාගන්න බැරුව් ගියා ඒකෙන් අත ඇරලා දැම්මා.එච්චරමයි ලිව්වේ.. ඔහොම පංති ගියා අවසානේ ආලෝකය හරියේ අවසානෙට වගේ මෙලො දෙයක් තෙරෙන් නැති නිසා ආයිත් අනුරාද සර්ගේ පිසිකල් ගියා.. ඒකෙදිත් පේපර්ස් ලිව්වා මාසයක් වගේ... ආ Combine එක ගැන කියන්න අමතක උනා.. මට ගම්පහ ඇවිල්ලා ලොකුම ඔන කම උනේ Soosage සර්ගේ maths එකට Join වෙන්න. ලමයි 15ක් වගේ ඔක්කොම හිටියේ..යද්දි ලොකු පාඩම් ගොඩක් ඉවරයි.. හෙන වෙගෙන් ඉතුරු සමහර පාඩම් කරා ඒත් හෙන ගොඩක් රෙකොඩ් බලන්න දුන්නා. අවසාන කාලේ ඒ පංතියෙ ප්රශ්න වගයකුත් වෙලා අවසානෙ ළමයි 6-7ක් හිටියේ.. ඒකෙනුත් කරගන්න පුලුවන් උන දෙයක් නැහැ.. ඊට පස්සෙ අන්තිම මාස දෙකක් තියේනකොට ගෙදර ආවා.. ඔහොම ඒ මාස දෙකත් පංතිත් හරියට නැතුව ඉවර වෙලා ගියා. අන්තිම සති කීපය tharaka B jayathilaka සර්ගේ සෙමිනා බලලා තමයි පාඩම් ගොඩ දාගත්තේ.. ඒත් Combine පාඩම් එහෙම සෙමිනා එකකින් පල්වෙනි වතාවට ඉගෙන ගෙන විබාග ගානක් හදාගන්න අමාරුයිනේ අනිත් දෙකෙත් ගොඩක් පාඩම් මං බලලා තිබ්බේ නැ. කොහොම හරි 2025.11.10 උදේ 5 වෙද්දිත් මං වැඩ කරකර හිටියේ Pure paper ekata.
1 263
Maths ළමයි පොඩි උදව්වක් ඕන..
Combine Maths Logically උගන්වන සර් කෙනෙක් කවුද ඉන්නේ ලමයි 10ක් ඒ පංතියේ හිටියත් කමන් නැහැ. හොදට උගන්වන පට්ට දිග හෑලි අනම් මනම් දෙන් නැතුව. මාපාංක ගානටත් කොල ගනන් ගනන් නොහදන Subject එක හොදටම දෙන Smart විදිහට උගන්වන සර් කෙනෙක් කියන්න පුලුවන්ද? ❗️
