Chemistry | Ramika Risiwara | Discussion
قناة بسيطة
إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
292
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
Repost from Chemistry | Ramika Risiwara
මේ ඊයෙ අපේ ඉස්කෝලෙ 2025 උසස් පෙළ විභාගෙන් විශිෂ්ට ප්රතිඵල ලබපු ළමයින්ව අගය කරන්න වගේ ම ඒකට දායක වුණු ගුරුවරුන්ට උපහාර දක්වන්න සංවිධාන කෙරුණු *"නැණ හරසර"* උත්සවයේ මතක සටහන් ටිකක්.
මටත් තෑග්ගක් වගේ ම ශාලාවේ ආසනයක් වෙන් වෙලා තිබ්බා. හැබැයි මට ඒ ආසනේ ඉන්න හම්බුණේ නෑ. ඒ වෙනුවට කුලරත්න ශාලාවේ කථිකාසනේ (Podium එකේ) ඉඳන්, අම්මයි තාත්තයිත් පල්ලෙහා ඉඳන් අහන් ඉද්දිම උත්සවයේ නිවේදන කටයුතු කරන්න මට වාසනාව උදා වුණා. ඉතින් පාසල් නිවේදකයෙක් විදිහට මගේ හඬ දායකත්වය ලබා දීපු අවසන් උත්සවය ඒක.
ඉතින් මේ සතුටත් එක්ක මම ඔයාලට කියන්න හිතපු වැදගත්ම දේ,
අවුරුදු ගාණක් කට්ට කාලා ඒ ලබපු ජයග්රහණය වෙනුවෙන් තමන්ගේ දරුවා Stage එකට නැගලා තෑග්ග ගන්න වෙලාවේ, බහුතරයක් අම්මලා තාත්තලා අඬනවා මම ඇස් දෙකටම දැක්කා. ඒ වැටුණේ සතුටු කඳුළු. මොකද ඒ මූණු වල තිබ්බේ හරිම අව්යාජ හිනාවක්.
අම්මයි තාත්තයි මුළු ජීවිත කාලයක් අපි වෙනුවෙන් වෙන මහන්සියට ඒ සතුට ලබන්න ඒ දෙන්න ඕනවටත් වසා සුදුසුයි. ඔයාට වචනෙන් නොකිව්වත් ඒ දෙන්නගේ හිතේ බොහොම තදින් බලාපොරොත්තුවක් තියනවා "මගෙ දරුවා මේක ගොඩ දාගනියි" කියලා. ඉතින් අපේ යුතුකම වෙන්නේ අපිට පුළුවන් උපරිමෙන් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරලා ඒ සතුට ඒ දෙන්නට දෙන එක.
මේ වෙනකම් පාසල් ජීවිතය ඇතුළේ තාමත් ඒ සතුට ඒ දෙන්නට දෙන්න බැරි වුණා නම්..., තාමත් ඔයා පරක්කු නෑ... පෙර වැරදි ගැන නොහිතා, දැන් ඉඳන් හරි පුළුවන් උපරිමෙන් වැඩ කරලා, 2027 AL විභාගෙ උපරිමෙන් ගොඩ දාලා ඒ සතුට කිසිම අඩුවක් නැතුව ඒ දෙන්නට දෙන්න ඔයාටත් පුළුවන්.
ඉතින් 2027 දි ඒ සතුට ඔයාලගේ අම්මා තාත්තාගේ මූණෙත් දකින්න, මේ ගමනේදී මට පුළුවන් උපරිමෙන් මම ඔයාලට උදව් කරන්නම්.
එහෙනම් හැමෝටම ජය..❤️
Site eke dala thiynw.
D - Direct Match
C - Conceptual Match
