Camelia 🍁
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
325
المشتركون
+1924 ساعات
+527 أيام
+5430 أيام
أرشيف المشاركات
330
*🛑 ආචාර්ය ගී කියනගේ සර්ගේ MCQ 2700 පොතේ ප්‍රශ්න හා විවරණ*
*⚠️ යාන්ත්‍ර විද්‍යාව පාඩම*
🔰 දෛශික ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94223
🔰 උත්තාරණ චලිතය ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94228
🔰 චලිත ප්‍රස්තාර ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94229
🔰 චලිත සමීකරණ ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94230
🔰 බලය හා ගම්‍යතාවය ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94233
🔰 නිව්ටන් නියම ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94234
🔰 ඝර්ෂණය ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94235
🔰 ගම්‍යතාවය ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94236
🔰 කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94364
🔰 සමතුලිතතාවය ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94368
🔰 භ්‍රමණ චලිතය ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94372
🔰 කෝණික චලිතය ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94373
🔰 වෘත්ත චලිතය ප්‍රශ්න හා විවරණ
https://t.me/papers_grp21AL/94374
*මේ දක්වා කරන ලද කොටස හා විවරණ සියලල*
.
330
Repost from Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ
Full guide on paper analyzing
(no bullsh*t guide)paper එකක් කරලා ඉවර උනාට පස්සේ මොකක්ද කරන්න ඕනි? කරලා ඉවර paper එකක තියෙන ප්‍රධාන කොටස් 4 සහ ඒවගෙන් කොහොමද A/L paper එක hack කරන්නේ? paper එකක් හරියට mark කරනවා කියන්නේ මොකක්ද?
330
Repost from Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ
ඔබ නිරන්තරයෙන් සොයන ප්‍රාතිහාර්යය ඔබ මගහරින කාර්යයෙන් සැගවී යනු ඇත.
330
shutdown ritual එකේදී ඔයා phone එක හරියට පාවිච්චි කරන්න ඕනි. "හරියට" කියලා කිව්වේ මෙහෙමයි. ඔයාට පුළුවන් social media batching කරන්න. social media batching කියන්නේ දවසේ තිස්සේ phone එකේ ඇලිල ඉන්නේ නැතුව දවසට එක පාරක් හෝ දෙපාරක් එකවර ඔක්කොම අත්‍යවශ්‍ය වැඩ ටික කරලා දාන එකයි. උදාහරණයක් විදිහට එකපාර ඔක්කොම whatsapp chats ටිකට reply කරලා දානවා. ඒ වගේ දවස තිස්සේ එකතු වෙන දේවල් එකපාර කරලා දානවා. මං හිතන්නේ දවසට දෙපාරක් කරන එක තමයි හොදම.
කොහොම හරි shutdown ritual එකේ මූලික අරමුණ වෙන අද දවසේ වැඩ ටික ඉවරයක්ම කරලා දාන එක සහ ඉවරයක් කලා කියලා සැහීමකට පත් වෙන එක ඔයා කරන්න ඕනි.
deep work කරද්දී දැනගත යුතු කරුණු කිහිපයක්..
ඔයාලාගෙන් සමහර අය දැන් මේ වෙනකම් ලිපිය කියවන් ඇවිත් හෙන ගැම්මෙන් එක දෙයක් හිතාගෙන ඉන්නවා කියලා මං දන්නවා. 😂
"මං deep work කරන්න පටන් ගන්නවා දවසට පැය 6ක් වත් පස්සේ එක පැය 8ක් 10ක් වත් කරනවා 🙂"
බෑ හොදේ 😂😂
බෑ කියන්නේ බැරි නිසා.. deep work පොත ලියපු cal newport එයාගේ පරීක්ෂණ සහ සමීක්ෂණ දත්ත ඇසුරින් කියනවා හරියටම deep work කරන කෙනෙක්ට ඒක කරන්න පුළුවන් "උපරිම" පැය 4ක් විතරයි කියලා. ඒ කියන්නේ ඔයාලා මේක කරන්න ගියොත් මාරම කට්ටක් කාල මුල් කාලේ පැයක් වත් කරන්න ට්‍රයි එකක් දෙන්න. පස්සේ පස්සේ පැය දෙක තුන එන්න පුළුවන් වෙයි. පැය හතරක් නම් මං හිතන්නේ නෑ හොද පළපුරුද්දක් නැතුව ලේසියෙන් අදින්න පුලුවන් කියලා.
ඊලග වැදගත් දේ තමයි මේ වෙලාව papers වගේ දේවල් කරන්න ගන්නේ නැත්නම් චුට්ටක් හොදයි.. මේක deep work නිසා ගැබුරු අධ්‍යනයන් වලට වෙන්කරන්න කියලා තමා මං නම් කියන්නේ. ඒත් ඔයාට කැමති නම් papers කරන්න නිදහස තියෙනවා.
තව වැදගත්ම දෙයක් තියෙනවා. මේක කරන්න බෑ ඔයාට අරමුණක් නැතුව. ඒ කියන්නේ හිතුනු හිතුනු දවසට ආ මං අද deep work කරනවා කියලා කරන්න යන්න බෑ ඔයාට.. deep work කරන්න පටන් ගත්තොත් එක ඔයාගේ alpha goal එක ජයගන්නකම්ම එක දිගට හැමදාම එකම වෙලාවක් තෝරාගෙන කරන්න ඕනි. එක සති කීපයක්ද මාස කීපයක්ද අවුරුදු කීපයක්ද කියන එක අදාලම නෑ.. කිව්වනේ මේක වැඩ කරන විදිහක් කියලා.. ඒ නිසා ඔයා මේ විදිහට හුරු උනාට පස්සේ ඔයාට ජීවිත කාලයටම අර කලින් වගේ මෝඩ විදිහට වෙලාවත් නාස්ති කරගෙන බොරු මහන්සියකුත් හදාගෙන ඉන්න ඕනි නෑ.
අන්තිමට මේ ලිපිය ඉවර කරන්න කලිම් පොඩි දෙයක් කියලම යන්නම්. ඔයාලා පැය 12ක විතර වැඩ පැය 3කින් කරලා දාල ඉතුරු මුලු වෙලාවම වැඩකට නැති විදිහේ shallow work වලට හෝ social media වලට වැය කරන්න ගත්තොත් ඒක හරිම මෝඩ වැඩක්. ඔයාට මේ විදිහට වැඩ කලාම ඉතුරු වෙන කාලය යොදාගන්න පුළුවන් තේරුමක් තියෙන shallow work වලට යොදවන්න. හරියට පොතක් කියවන්න, educational video හරි podcast හරි බලන්න ඒ වෙලාවෙන් ටිකක් ගන්න. වැදගත්ම දේ පැයක් වත් ඔහේ මුකුත් නොකර අහස දිහා හරි දුර අත පේන මොකක්ද හරි දෙයක් දිහා බලාගෙන ඉන්න වගේම relax වෙන්න පාවිච්චි කරන්න. ♥️
good luck
Credit
https://t.me/OptimusBlogs
330
ඔයා timer එකක් තියාගන්න ඕනි. මෙන්න මෙතැනදී තමයි එදා අපි කතා කරපු පාකින්සන් නීතිය වැඩ කරන්නේ. ඔයා පැය ගානක් සාමාන්‍යයෙන් ගත කරන වැඩකට ඊට වඩා අඩු වෙලාවක් countdown එකක් දාගෙන කරන්න ඕනි. ඔයා දැන් අතිශය දැහන්ගතව වැඩ කරන නිසා ඔයාට සාමාන්‍යයෙන් පැය 12ක් විතර අදින වැඩ පැය 3කින් විතර කරලා දාන්න පුළුවන්. ඇත්තටම එහෙම කරන්න පුළුවන්. ඔයාම දන්නවනේ ඔයා වැඩක් කරන්න ගියාම කොච්චර අයිස් ගහනවද කියලා. phone එක use කරනවයි. අම්මලා තාත්තල එක්ක කතා කරනවයි. 🤌 ඒ නිසා ඒ මුකුත් නැතුව ඉද්දි ඔයාට කීප ගුණයක කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න පුළුවන් කියන එක අහන්නත් දෙයක්ද?
ඊළගට ඔයාට මේ වැඩ කරන කාලය තුලදී phone එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ එක ඒ කාර්යයට අත්‍යවශ්‍ය දෙයක් නම් විතරයි. එකෙනුත් මේ කාලය තුලදී කිසිදු සමාජ මාධ්‍ය ජාලාවක් භාවිතා කරන්න බෑ. calls මැසේජ් මුකුත් බෑ. ඔයා හරියට ලොකු ගැබුරු වලක් කපාගෙන එක ඇතුලේ ඉදගෙන වැඩ කරනවා වගේ feel වෙන්න ඕනි. 😄
තව දෙයක්.. හොදට මතක තියාගන්න මේක deep work!!
ඒ කියන්නේ මං එදා සදහන් කරපු shallow work ගණයට වැටෙන කිසිම දෙයක් මෙතැනදී කරන්න එපා. shallow work කරන්න ඔයාට දවසේ ඉතුරු වෙලාව යොදාගන්න පුළුවන්.
ඒ වගේම deep work කියලා ඔයා එතනදිත් වැඩ කරන්නේ සාමාන්‍ය විදිහට නම් එකේ ඇති වැඩක් නැනේ.. ඒ නිසා මේ deep work flow එකේදී ඔයාගේ කාර්යයන් ප්‍රධාන අංශ 3ක් යටතේ හසුරුවන්න ඔයා වග බලාගන්න ඕනි.. ඒ අංශයන් 3 මෙහෙමයි..
1.Alpha goals
ඔයාගේ මූලිකම අරමුණ තමයි මේක. හිතන්න ඔයා විභාගයක් ලියන්න ඉන්න කෙනෙක් කියලා.. එතකොට ඔයාගේ alpha goal එකක් තමා ඒ විභාගය ඉතාම ඉහලින් සමත් වෙන එක. නිකම් උදාහරණයක් විදිහට කිව්වේ.
2. beta goals
මෙතැනදී ඔයා කරන්න ඕනි අර alpha goal එක සාක්ෂාත් කරගන්න අවශ්‍ය කුඩා අනුකුඩා මෙහෙයුම් සම්පුර්ණ කරන එකයි. මං අර උදාහරණයෙන්ම මේකත් පැහැදිලි කලොත් විභාගේ ඉහලින්ම සමත් වෙන්න ඕනි නම් ඔයා කරන්න ඕනි දේවල් ඔයා මනුස්සයෙක්ට පුළුවන් උපරිම ලෙවල් එකෙන් කරලා දාන්න ඕනි. A/L ගැන කියනවනම් ඉතිම් ඔයාගේ beta goals වෙන්නේ මෙන්න මේ ටික..
සියළුම සිද්ධාන්ත අස්සක් මුල්ලක් නෑර කවර් කරලා දාන්න ඕනි. හැම පොඩි දෙයක්ම දැනගෙන ඉන්න ඕනි.
සියළුම ප්‍රැක්ටිකල්ස් තමන් විසින්ම හිතලා බලලා පුළුවන් නම් කරලා තේරුම් අරන් අහන්න පුළුවන් හැම පොඩි දෙයක්ම හොදටම තේරුම් අරගෙන ප්‍රයෝගික දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕනි.
අවම වශයෙන් අවුරුදු 12කවත් full past papers කරන්න ඕනි එකක් අඩුම තුන් පාරක්වත්.
හොද target papers ටිකක් කරලා දාන්න ඕනි. ඒවගෙන් අමාරුයි ගැටළු අරන් ඒවා ගැන හිතන්න ඕනි හොදට..
උඩ තියෙන්නේ A/L කරන ළමයෙක්ගේ beta goals.. ඔයාලත් ඔයාලගේ ඇදල කාර්යය ඒ විදිහට කොටස් කරලා ඒවා වෙනම කවර් කරගන්න..
දැන් ඇත්තම කතාව තමයි උඩ තියෙන දෙක ඔයාලා කරන්න plan කරගත්තත් එහෙම හිතුව පලියට ඒක කරන්න බෑ.. ඒක අමාරුයි.. ඒකයි මේ weekly lead measures කියලා එකක් තියෙන්නේ. මෙතැනදී වෙන්නේ ඔයාට එකින් එක beta goals complete කරන්න අවශ්‍ය මාවතට සතියෙන් සතිය ඔයාව ලගා කරවන එකයි. මේකටත් කලින් උදාහරණයම ගත්තොත් ඔයාට පුළුවන් සතියකට කරන්න ඕනි පාඩම් වැඩ ප්‍රමාණය නිර්ණය කරලා ඒ වැඩ ටික සතියේ දවස් 7ට ගැලපෙන විදිහට විවිධත්වයක් තියෙන්න ඒකාකාරී නොවෙන්න ලස්සනට බෙදාගෙන ටිකෙන් ටික ඉවරයක් කරලා දාන්න.
ඔන්න අපි දැන් තමයි deep work වල වැදගත්ම කොටසට එන්නේ. ගොඩක් අයට හරියට වැඩක් කරගන්න බැරි මෙන්න මේ පියවර miss කරගන්න නිසයි. ඔයාටත් රෑට නිදාගන්න ගියාම ලෝකේ නැති මගුල් හිතට එනවද? කරන්න තියෙන past papers මතක නැති තියරි හැම මගුලම හිතනවද? ඒ ඔයාට shutdown ritual එකක් නැති නිසයි. මං ඇදට ගියාම හිතන දෙයක් තමයි... "ලෝකෙට හෙන ගහපු දෙන්!! 😂 ඇදක් තියෙන්නේ දොයියගන්න මිසක් විකාර හිතලා ඔලුව අවුල් කරගන්න නෙවෙයි. 😁" කියන එක. මට එහෙම හිතන්න පුළුවන් වෙන්නේ මම මගේ දවසට අදාල වැඩ ටික කරලා ඉවර නිසයි. අනික ඒකයි මං උදේට deep work කරන්නේ මොකද රෑට බැරිවෙලාවත් වැඩේ miss උනොත් මට නිදහසේ නිදාගන්න බැරි වෙන නිසා..
කොහොම හරි මේ shutdown ritual එකත් කරන ක්‍රමයක් සහ පිළිවෙලක් තියෙනවා. මෙතැනදී වෙන්නේ ඔයා අර ධ්‍යාන ගත වුනු සමාධිය වගේ දැහැනෙන් මිදිලා ආපහු එලියට එන එකයි. මං හිතන විදිහට ඒකට හොදම විදිහක් තමයි හැමදාම අවශ්‍ය වැඩ ටික ඉවර උනාම ඔයා එක නිශ්චිත වාක්‍යයක් කියලා දාන එක. උදාහරණයක් විදිහට "ඒකත් හරි!" වගේ එකක් කියන්න පුළුවන්. මේක දිගටම වෙන කොට ඔයාගේ මොලේ තේරුම් ගන්නවා හරි දැන් මෙයා ආපහු කලින් තත්වයට එන්න හදනවා කියලා. 👍
ඒ වගේම පොඩි table එකක් ගහල weekly measures complete කලා කියලා මාර්ක් කරන්න හෝ අද දවසේ මෙච්චර පැය ප්‍රමාණයක් deep work ඇත්තටම කලා කියලා ඔයාට මාර්ක් කරන්න පුළුවන්. දවසින් දවස deep work කරන පැය ගාන වැඩි කරගන්න බලන්න. ඒකට මේ tracking tracing data ටික වැදගත් වෙයි.
330
පසුගිය ලිපිය හා සබැදේ...
deep work වල මූලික ආකෘතිය සහ deep work කරන්න පුළුවන් ප්‍රධාන විධි 4 ගැන අද කතා කරමු. ඒ වගේම deep work භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු ටිකකුත් මං කියලා දෙන්න හිතුවා.
deep work වල මූලික ආකෘතිය
නිවැරදිම deep work ක්‍රියාවලියකදි අපිට මූලික කොටස් 3ක් දැකගන්න පුළුවන්.
1. Setup Ritual - ආරම්භක පිළිවෙත
2. Deep Work Flow - ගැබුරු අධ්‍යනය
3. Shutdown Ritual - සමාප්ත පිළිවෙත
හරි එහෙනම් මේ එකින් එක මොනාද කියලා බලමු. හොදට අවධානයෙන් තේරුම් ගන්න බලන්න මේ ටික...
Setup Ritual
ඔයාලා දන්නවා deep work එකකට ඔයාගේ උපරිම අවධානය වගේම උපරිම මානසික ඒකාග්‍රතාවය අත්‍යවශ්‍යයි කියලා. ඒ නිසා ඒකට ගැලපෙන පරිසරය නිර්මාණය කරගන්න එක තමා setup ritual එකෙන් කරන්නේ.
සාමාන්‍යයෙන් deep work එකක උපරිම ප්‍රයෝජනය ලබා ගන්න නම් හැමදාම එකම වෙලාවක් ඒකට තියාගන්න. උදාහරණයක් විදිහට මම deep work කරන්න තෝරාගන්නේ උදේ පාන්දර 5 ඉදන් ඉස්සහරට තියෙන කාලය. මං සාමාන්යෙන් උදෙන් ඇහැරෙන්න කැමති කෙනෙක් නෙවෙයි. මට හොදට වැඩ කරන්න පුළුවන් මහා රෑට. ඒත් මං පාන්දර යාමය මේකට තෝරගත්තු හේතුව මේක කියවගෙන යද්දී ඔයාට පැහැදිලි වෙයි..
මං කිව්ව setup ritual එකේදී ඔයා කරන්නේ ගැලපෙන පරිසරය නිර්මාණය කිරීම කියලා. හරි. ඒත් කොහොමද ඒක කරන්නේ?
මෙහෙමයි. අද කාලේ සාමාන්‍ය මනුස්සයෙක්ගේ මනසක් ගත්තොත් ඒක ගොඩක් තැන් වලට බෙදිලා විසිරිලා ගිහින් තියෙන්නේ. උදාහරණයක් විදිහට මේ දැන් මේ ලිපිය ඔයා කියවද්දී ඔයාගේ හිතේ තව කොටස් කීයක් වෙන වෙන දේවල් වලට වෙන් කරලද තියෙන්නේ ඔයා? මං දෙක තුනක් මතක් කරන්නද? 😁
ඔයාගේ WhatsApp එකේ තියෙන chats වල අන්තිම මැසේජ් මොනාද කියලත් ඒවාට ඊළගට reply එන්න ඕනි කියලත් ඔයා දන්නවා. ඔයාගේ හිතේ එක කොටසක් WhatsApp එකේ ඒ වැඩ වලට වෙන් වෙලා ඒවා ගැන හිත හිත තමා ඉන්නේ නොටිෆිකේෂන් එයිද කියලා බල බල...
ඔයා මේක කියවද්දී ඉන්නේ ගෙදර නම් ඔයාට දළ අදහසක් තියෙනවා මේ වෙලාවේ ගෙදර අනිත් අය ඉන්නේ කොහෙද සහ එයාල මොනාද කරන්නේ කියලා. එයාල ඔයාට කොයිවෙලෙ හරි අඩගහයිද කියලා ඔයාගේ හිත පොඩි සෝදිසියකින් තමා ඉන්නේ ඔයා දන්නේ නැති උනාට...
ඉතිම් සරලවම කියනවනම් setup ritual එකෙන් අපි මේ විසිරිලා තියෙන හිත එකලස් කරගන්නව වගේම ආපහු ඒක ඒක තැන් වලට විසිරෙන්න තියෙන ඉඩ අවම කරලා දානවා. ඒකට ඔයාට ගැලපෙන විදිහට ඔයාටම පිළිවෙලක් හදාගන්න නිදහස තියෙනවා. ඒත් ඔයාලට පොඩි අදහසක් ගන්න මං කියන්නම් මගේ setup ritual එක ගැන. ඒක බලලා ඔයාලත් ගැලපෙන විදිහකට එකක් හදාගන්න ඔයාටම කියලා.
මම තේරුම් අරන් තියෙන දෙයක් තමයි හිත එකලස් කරන්න නම් මොක කරන්නත් කලින් හිත ආපහු විසිරෙන්න පුළුවන් මාර්ගයන් අහුරන්න ඕනි කියන එක. නැත්නම් හිත එකග කරගත්තට වැඩක් නෑ ආපහු ඒක බිදෙනවා. ඉතින් මං පාන්දර 5ට ඇහැරිලා එහෙම්මම මගේ කාමරේට වෙලාම වැඩ කරන්න ගන්නවා. එතකොට ගෙදර අනිත් අය දන්නෙවත් නෑ මං ඇහැරිලද කියලවත්. ඒ නිසා කවුරුවත් මට කරදර කරන්න එන්නේ නෑ. ඒ වගේම එච්චර උදෙන් මට calls මැසේජ් එහෙම එන්නෙත් නෑ. ඒ නිසා මට phone එක check කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ වගේම මං එහෙම කරනවානම් මට තේරුම් යනවා මගේ ඔලුව මේ ඉල්ලන්නේ dopamine hit එකක් කියලා. dopamine detox කරන එක ගැන මං කලින් ලිපි වල කතා කරලා තියෙන නිසා මෙතන අමුතුවෙන් කියන්න යන්නේ නෑ ඒක ගැන.
✨️ ඇහැරෙනවා.
✨️ වතුර බොනවා.
✨️ phone එක check කරන්නේ නැතුව phone එක මට පෙන්නේ නැති වෙන්න bedsheet එකෙන් වහනවා.
✨️ exercise කරනවා නිදිමත යන්න.
✨️ meditate කරනවා.
✨️ අද දවසේ මට කරන්න ඕනි දේවල් ටික ජර්නල් කරනවා.
✨️ පාඩම් කරන්න ඕනි වෙන තොරතුරු ටික එක තැනකට අරගන්නවා.
මේ ඔක්කොටම මං උපරිම පැය බාගයක් වගේ ගන්නේ. රෑට නිදගනිද්දී bedtime mode එක වැටෙනවා මගේ phone එකේ. ඒ නිසා notifications කොහොමත් එන්නේ නෑ. ඔයාලටත් පුළුවන් do not disturb mode හරි focus mode හරි දාගන්න. කොහොමහරි ඔයා හදාගන්න ඕනි කිසිම ජීවියෙක් ඔයාට කරදර කරන්න එන්නේ නැති ඔයාටම වෙන්වුණු කාලසීමාවක්. ඔයාට හිතෙනවා නම් රෑට තමා එක කරන්න පුළුවන් කියලා කිසි ප්‍රශ්නයක් නෑ රෑට කරන්න. (හැබැයි නිදාගන්න පැය 8 හරියට නිදාගන්න ඕනි. ඒ වගේම උදේට 9 වෙද්දී වත් ඇහැරෙන්න බලන්න.) deep work උදේට කලොත් වඩා පලදායකයි කියලා තමා ඉතින් කියන්න තියෙන්නේ.
කොහොමහරි ඔයා දැන් startup ritual එක තුලින් deep work කරන්න සුදුසු වටපිටාවක් හදාගත්තා කියලා උපකල්පනය කරමු.. දැන් කොහොමද ඉතිම් deep work එක කරන්නේ?
ඇත්තටම කියනවනම් මේ කොටස හරිම සරලයි. ඔයා කලින් අවශ්‍ය කරන හැමදේම ලෑස්ති කරගත්ත නිසා ඔයාට මේකෙදි කරන්න තියෙන්නේ ඔයාට සරලවම අවශ්‍ය වෙලා තියෙන කාර්යය කරන එකයි. 🤌
හැබැයි මෙතැනදී ඒකට පොඩි නීති ටිකක් වැටෙනවා.
330
Repost from N/a
වතුරට හසුවූ පොත් වේළා ගැනීමට...
මෙම පහත සඳහන් කාර්යයන් කිරීමට කිසිවිටක අත් පිසදමන ටිෂූ හෝ තේරෙන්න කියනවනම් අනික් ටිෂු වර්ගය වෙන ටොයිලට් පේපර් භාවිත කරන්න එපා. ඒ වෙනුවෙන්ම තෙතමනය උරාගන්නා කඩදාසි වෙළඳපොලේ තිබේ. නැති නම් ගනකම් අවර්ණ ඩිමයි කොළ හෝ සව් කොළ භාවිත කරන්න. භාවිත කරන රෙදි අවර්ණ විය යුතුයි. අනිවාර්යයනේ කපු විය යුතුයි. රෙදි හොයාගන්න බැරි නම් මේ අර මේස් බැනියම් සඳහා භාවිත කරන රෙදි කියලා මතක තියාගන්න.
තෙමුණු පොත් නිවැරදිව වේළා ගන්නා ආකාරය
පොතේ බැඳ ඇති අග්‍රයෙන් තදින් අල්ලා පොත ගසන්න ( වේගයෙන් අත එහා මෙහා පැද්දීම ).,මෙය සිදු කිරීමේදී පොත හොඳින් අල්ලාගෙන සිටීම මෙන්ම පොත හොඳින් වැසි ඇති බවට සැලකිලිමත් වෙන්න. මෙමගින් පොතේ වැඩිපුර උරාගෙන ඇති ජලය පහසුවෙන් ඉවත් වේ.
ඊට පස්සේ පොතේ පිට කවරය කුමක්ද බලන්න. ගොඩක් පොත්වල පිටකවරය තුනී ඉටි ආවරණයකින් වැසි තිබෙනවා. එවන් කවරයක් නම් වියළි කපු රෙදි කැබැල්ලක් ගෙන තෙත මාත්තු කරන්න. මෙමගින් එම තුනී පටලය ගැලවී යාම වළක්වා ගත හැකියි. නමුත් පිට පිටකවරය සාමාන්‍ය ගනකම් කාඩ්බෝඩ් එකක් නම් මෙය සිදු කරන්න එපා.
වියළි රෙදි කඩක් මත පොත පොත සිරස් අතට තමා මඳ සුළගේ වේළෙන්න හරින්න. හැකි නම් කුඩා ප්‍රමාණයේ ෆෑන් එකක් පිටු පැත්තට හෙමින් කැරකීමට දමන්න. ලොකු ෆෑන් භාවිත කරන්න එපා. මඳ සුළඟ තමා පිටුවලට වදින්න ඕන. පොතේ උරාගෙන ඇති තෙතමනය අනුව දිනයක් හෝ දෙකක් මෙලෙස තැබීමට සිදුවෙනවා ඇත
ඉන්පසු වියළි කපු රෙදි හෝ තෙතමනය වියළීමට භාවිත කරන විශේෂ කොළ කීපෙකින් (මේ ටිෂු කොළ නම් නොවේ. කඩවල්වල ගන්න තියෙන නොඇලෙන කොළ විශේෂයකි) ඔතා පොත මත සැලකිය යුතු බරක් තබන්න. මෙලෙස හිරු එළියේ තැබීමෙන් මෙම වියළීම ඉක්මන් කරගත හැක. මෙලෙස දිනයක් හෝ දෙකක් තැබීම සුදුසුයි. අවශ්‍ය පරිදි ඔතා තිබෙන කොළ හෝ වියළි රෙදි කඩ මාරු කරන්න. පැය හයෙන් හයට මාරු කිරීම සාමාන්‍යයෙන් සිදු කළ හැකි අතර ගොඩක් පෙඟී ඇති පොතක් නම් මුල් පැය කීපයේ පැයකට වරක්වත් මාරු කරන්න සිදුවෙනවා ඇත.
පිටු අතරට තෙතමනය උරාගන්නා කඩදාසි හෝ වියළි රෙදි කැබලි තබා පොත උඩින් බරක් තබන්න. මෙය සිදු කිරීමට ප්‍රථම පොත හොඳට හුළං වැදී ඇති බවට සැලකිලිමත් වෙන්න. නැත්නම් පිටු ඇලි ගැලවී යාවි. පොත හොදින් වියළි ඇති බවට සැහීමකට පත් වන තෙක් මෙලෙස තිබෙන්න හරින්න. තෙතමනය අනුව මෙම කඩදාසි සහ රෙදි කැබලි මාරු කරන්න.
පොත හොඳින් වේළාගත් පසු පොතේ පිටු අතරේ ඇති රෙදි කැබලි හෝ තෙත උරාගන්නා කොළ ඉවත් කර පොත මත සැලකිය යුතු බරක් තබා සතියක් හෝ හැකි නම් ඊට වැඩි කාලයක් තබන්න. මෙලෙස බර තැබීමේදී පොතට වඩා වපසරිය වැඩි තහඩුවක් පොතට උඩින් තබා ඒ මත බර තැබීම වඩා සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා.
පොත නැවත යතා තත්වයට ආවා යැයි ඔබට තේරුම් ගිය පසු හැකි නම් පොත වැසුණු පෙට්ටියක දමා සිලිකන් ඇට සමග තවත් දින කීපයක් තැබීමෙන් වඩාත් හොඳින් පොත වියළා ගැනීමේ කාර්යය අවසන් කරගත හැකියි.
රෙයා පොත් එකතුවක් ජලයෙන් ආරක්ෂා කරගැනීමේ අත්දැකීම් අනුව ලීවෙමි.
(නැවත පළකිරීමක්)
© Asanka Ranathunga
#Flood25 #booklovers #drainbooks
Copied
330
මෙන්න මේකට තමා කියන්නේ මොලයේ ප්‍රතිරෝධය කියලා. මොළය කැමති නෑ ඔයා දැනට පවතින යම්කිසි දෙයක් වෙනස් කරන්න හදනවට.. මොළය ඔයාට විරුද්දව කටයුතු කරනවා ඒ වගේ වෙලාවට.
මේ ලිපියට අදාළ නොවුනත් මෙතැනදී පොඩ්ඩක් සදහන් කරන්න හිතුනා මිනිත්තු දෙකේ නීතිය ගැන. මේ brain resistance එක කඩාගන්න මොකක් හරි දෙයක් හිතිච්ච ගමන් විනාඩි දෙකක් යන්න කලින් ඒ දේ පටන් ගන්න කියලා තමයි මේ නීතියෙන් කියවෙන්නේ. brain resistance එකට තියෙන තාවකාලික නමුත් ඉතාම සාර්ථක විසදුමක් තමා ඒක.
deep work ක්‍රියාවලියට මූලික ආකෘතියක් තියෙනවා. ඒ වගේම deep work කරන්න පුළුවන් විධි 4කුත් තියෙනවා. අපි ඒ ගැන ටිකක් ගැබුරින් ඊලග ලිපියෙන් කතා කරමු එහෙනම්
Credit https://t.me/OptimusBlogs
330
මං අද කියාදෙන්න යන දේ සමහර විට ඔයාගේ ජිවිත කාලයෙන් 70% ක් විතර ඔයාට ඉතුරු කරලා දෙන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද?
මිනිස්සු ඉස්සර කාලේ ඉදන්ම බලාපොරොත්තු උණු දෙයක් තමා පොඩි වෙලාවක් වැඩ කරලා ගොඩ වෙලාවක් නිකන් ඉන්න හම්බුවෙන එක. එක යම්තාක් දුරකට කරගන්න පුළුවන් විදිහක් ගැන තමා අද කතා කරන්නේ.
Cal Newport කියන ප්‍රකට ලේඛකයාගේ deep work කියන පොතේ සදහන් වෙන හරිම වටිනා කියන වැඩ කිරීමේ ක්‍රමයක් ගැන තමා මං මේකෙන් කියාදෙන්න හදන්නේ. මේක ඔයාලා කලින් ඉගෙන ගත්තු monk mode සහ dopamine detox කරන්නේ නැති කාලවලටත් පාඩම් කරන්න හරි වැදගත් වැඩක් කරන්න හරි එවෙලෙට යොදාගන්න පුළුවන් module එකක් කිව්වොත් නිවැරදියි.
හිතන්න ඔයාට නෝට් එකක් බලාගන්න හරි පේපර් එකක් කරන්න හරි ඕනි. ඔයා ඒ වැඩේ කොහොමද කරන්නේ? මං ඔට්ටුවක් දාන්නම් ඕනිනම් මේ ලිපිය කියවන අයගෙන් 95% කට බෑ එක දිගට ඒ කාර්යය ට ගත වෙන මුළු කාලය තුලදීම උපරිම අවධානයක් දීලා distract නොවී කරලා ඉවරයක් කරලා දාන්න. ඔයා ඒ කාලය ඇතුලතදී phone එක check කරනවා... notifications ඔයාට එනවා... අම්මා කතා කරනවා... ඔයා හිතනවා ඉතිම් ලොකු අවුලක් නැනේ මේ පොඩි දෙයකට චුට්ටක් එහෙ මෙහෙ උනාට වැඩිම උනොත් තත්පර කීපයක් මට පාඩු වෙයි කියලා..
ඒත් ඇත්තම තත්වය ඊට වඩා ගොඩක් බරපතලයි. පර්යේෂකයෝ කියන විදිහට ගංජා භාවිතා කරලා යම්කිසි කාර්යයක් කිරීමේදී එකේ තියෙන කාර්යක්ෂම තාවයට වඩා ගොඩක් අඩුයිලු ඒ වැඩේම මේ වගේ තත්පර කීපයක් හරි බාධා වෙවී කරද්දී පවතින කාර්යක්ෂමතා මට්ටම. ඒ කියන්නේ ඔයා phone එක නිසා තත්පරයක් දෙකක් එහෙම මෙහෙ උනත් ඒක ගංජා ගහල ඉන්නවට වඩා දරුණු විදිහට බලපානවා ඔයාගේ සාර්ථකත්වයට..
ඒත් අද වෙද්දී මුළු ලෝකෙම ඉන්න මිනිස්සු වැඩ කරන්නේ මේ විදිහට distract වේවි තමා. ඒ නිසා අනාගතයේදී ඉහල ඉල්ලුමක් තියෙන skill එකක් විදිහට මේ අද මං කියාදෙන්න යන deep working skill එක හදුනාගෙන තියෙනවා.
නිකමට හිතන්නකෝ ඔයා වටේ ඉන්න හැමෝම.. කොටින්ම ඔයා A/L කරන කෙනෙක් නම් සමස්ත විභාග අපේක්ෂකයෝ ඔක්කොම ගංජා ගහල වගේ වැඩ කරද්දී ඔයා deep work කරන්න ගත්තොත්... 🔥🔥
ඔයාට කිසි ගින්නක් නැතුව පට්ට result එකක් දාන්න පුළුවන්..
එහෙනම් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා..
ඔක්කොටම කලිම් ඔයා දැනගන්න ඕනි මොනාද deep work සහ මොනාද shallow work කියන්නේ කියලා.
deep work හෙවත් ගැබුරු කාර්යයන්
Deep Work කියන්නේ ඔයාගේ සම්පුර්ණ අවධානය අවශ්‍ය වෙන කාර්යයන් කියලා සරලව කියන්න පුළුවන්. deep work එකක් කරද්දී බාධාවන් තියෙන්න බෑ. full focus එක ඕනි. නව නිර්මාණ, නවෝත්පාදන බිහි වෙන්නේ මේ deep work තුලින්. පොතක් කියවන එක පාඩම් කරන එක වගේම අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න එක පවා මේ deep work ගණයට වැටෙනවා.
Shallow work හෙවත් නොගබුරු කාර්යයන්
Shallow work කියන්නේ එච්චර නොවැදගත්, අවධානය තිබීම අත්‍යවශ්‍ය නැති, එකදිගට ඕනිතරම් වෙලා කරන්න පුළුවන්, වැඩිය හිතන්න නැති කාර්යයන් වලට. මේවා කරන්න අවට වටපිටාව කම්මල වගේ උනත් අවුලක් නෑ. ගොඩ දෙනෙක් දවසින් වැඩිහරියක් කරන්නේ මේ shallow works තමයි.
පාකින්සන් නීතිය
හිතන්න ඔයාට කවුරුහරි වැඩක් කරලා දෙන්න කියනවා. ඒ වැඩේ සතියක් ඇතුලත තමයි අරයට කරලා ඕනි. ඒත් එයා ඔයාට එක කියන්නේ නෑ. එයා කියනවා මට ඕක දවස් තුනකින් ඕනි කියලා.. ඔයා අනිවාරෙන්ම ඒ වැඩේ කොහොමහරි දවස් තුනකින් කරලා දෙනවම තමා ඉතිම්. ඒත් බැරි වෙලාවත් අරයා කිව්වනම් මට ඕක සතියක් ඇතුලත තිබ්බනම් ඇති කියලා? ඔයා ඒ වැඩේම කරන්න සතියක් ගන්නවා. සතියක්ම නැතත් අඩුම දවස් 4ක්වත් ගන්නවා. එකම වැඩේ.. එකම කෙනා.. deadline එක වෙනස් වුනු ගමන් ඔයා එක කරපු කාර්යක්ෂමාතාවය වෙනස් උනේ කොහොමද?
කිසියම් කාර්යයකට තියුණු කාල රාමුවක් පැමිණවූ විටදී, එම කාර්යය එම කාල රාමුව තුලදීම සිදුකර අවසන් කිරීමට මිනිස් මොළය තම උපරිම උත්සාහය ගනු ලබයි.
පාකින්සන් නීතිය ඉතාම සරලව කිව්වේ මං. මේ පිළිබදව ප්‍රවීන කෙනෙක් මේක කියවනවානම් මගේ අර්ථදැක්වීමේ වැරද්දක් තිබ්බොත් සමාවෙලා මාව දැනුවත් කරන්න 🙂
Brain Resistance හෙවත් මොලයේ ප්‍රතිරෝධය
ඔයාලා විද්‍යා විෂය ධාරාවක් හදාරපු හෝ හදාරන අය නම් පොඩ්ඩකට අවස්ථිතිය මතක් කරගන්න. මේ විශ්වයේ ගොඩක් දේවල් වලට අවස්ථිතිය තුලදි අපි කතා කරන ගුණාංග පිහිටලා තියෙනවා. ඕනෑම වස්තුවක් කැමතියි තමන්ගේ වර්තමාන ස්වාභාවයේම දිගටම පවතින්න. ඕනෑම දෙයක වර්තමාන ස්වභාවය වෙනස් කරන්න නම් අවස්ථිතියට විරුද්ධව බලයන් හසුරුවන්න සිද්ධවෙනවා. මෙන්න මේ ගුණය මිනිසුන්ගේ මොළෙත් තියෙනවා.
සරල උදාහරණයක් ගත්තොත් මං ලේසියට එලියට පහලියකට බහින මනුස්සයෙක් නෙවෙයි. 😂 හැබැයි එලියට එක පාරක් බැස්සට පස්සේ ඔහේ ඕනිතරම් යන්න හිතෙනවා. පොඩ්ඩකට හරි ගෙදරට ඇවිත් යන්න කියලා ආවොත් වැඩක් අතරතුරදී.. ආපහු ඒ වැඩේට යන්නේ නම් නෑ ඉතිම් 😂😂 ගෙදර නවතිනවා.
330
Bio syllabus එකෙන් එන්න පුලුවන් හැම essay topic එකක්ම මෙතන තියෙනවා ළමයි... ❤️
Credit https://t.me/buwalusangamaya
330
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴අපි වෙනුවෙන් අපි- සොයුරු හරසර
අද දිනය තුල ලමයි ගොඩක් කතාකලා එයාලට කරන්න පුලුවන් උදව් මොනවද අහලා.
ඒනිසා උදව් කරන්න පුලුවන් එක ලමයෙකුට උදව් අවශ්‍ය එක ලමයෙකුගෙ අවශ්‍යතා ( පන්ති ගාස්තු හැර) භාර දෙන වැඩක් අපි ලෑස්ති කලා.
2026/2027 විභාගයට පෙනී සිටින ආපදාවෙන් විපතට පත් ලමයි වෙනුවෙන් මේ වෙලාවේ විවිධ උපකාර කරන්න පුලුවන් ලමයි මේ FORM එක පුරවන්න. අපි හරියටම උදව් අවශ්‍ය ලමයින්ව සම්බන්ධීකරණය කරනව. ඔයාටම තමයි පෞද්ගලිකවම ඒ අදාල අපේම සහෝදරයාට / සහෝදරියට උදව් කරන්න තියෙන්නේ. අපි කිසිම දෙයක් එකතුකිරීමක් කරන්නේ නෑ.
අවශ්‍ය උදව් ( ඔයාට දෙන්න පුලුවන් දේවල් පුරවන්න. හැමදේම දෙන්න ඔනේ නෑ)
අපි හරියටම එක උදව් කරන ලමයෙක් එක උදව් අවශ්‍ය ලමයෙකුට බැගින් සම්බන්ධ කරණය කරනවා අවශ්‍යතා සහ දෙන්න පුලුවන් දේවල් ගලපලා. 🟢අඩුපාඩු අපි දෙනවා. 🟢
1) NOTES ( ALL SUBJECTS)
2) DATA CARDS - මසකට ඉගැනීම් සදහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම්
3) SMARTPHONE / LAPTOP (මූලික මට්ටමේ)
4) ලියන පොත් පෑන් පාසල් උපකරණ.
5) ඇදුම් / බෑග්
🔴 මේ link එක හරහා පුරවන්න.
https://forms.gle/iuwgC19ZRv29J3En9
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
