𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Kanalga Telegram’da o‘tish
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Ko'proq ko'rsatish3 506
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
මීළඟට නිකුත්වීමට නියමිත Snapdragon 888+ chipset එක 4nm process එක යටතේ නිෂ්පාදනය කරනු ලබන බව අනාවරණය වෙයි
Qualcomm සමාගමේ Snapdragon chip (SoC) series එකේ new version එක පිළිබඳ මේ වන විට අන්තර්ජාලයට තොරතුරු නිකුත් වී තිබෙන අතර ඒවාට අනුව මෙම chpset එක Snapdragon 888+ ලෙස හැඳින්වෙනු ඇති අතර එය 4nm fabrication process එක මත නිර්මාණය කෙරෙනු ඇති බව ද වාර්තා වෙනවා.
ජනප්‍රිය tech news leaker කෙනෙකු වන Evan Blass විසින් සිය Twitter ගිණුම ඔස්සේ Snapdragon පවුලේ මෙම නවතම flagship සාමාජිකයා පිළිබඳව හා එහි හැකියාවන් පිළිබඳව තොරතුරු share කර තිබෙනවා.
ඒ අනුව මෙම නවතම 4nm chipset එක සඳහා X65 5G modem එකක් ඇතුළත් කරනු ඇති අතර එමඟින් 10Gbps (තත්පරයට ගිගාබිට් 10 ක) wireless download speeds එකක් ලබාදෙනු ඇති අතර දැනට භාවිතාවේ ඇති Snapdragon 888 (5nm) chipset එකේ තිබෙන X60 5G modem එකට හැකියාව තිබෙන්නේ 7.5Gbps වේගයක් ලබා දීමට පමණයි.
එමෙන්ම මෙම powerful chipset එක සඳහා ARMv9 chip architecture එක මත ගොඩනැගෙන Kryo 780 CPU එකකින් බළගැන්වෙනු ඇති අතර, පැරණි මාදිලියේ තිබූ Adreno 660 GPU processor එක වෙනුවට, මෙම අලුත් version එකට Adreno 730 GPU එක භාවිතා කරනු ඇති.
කෙසේ වුවත් තවමත් මෙම Adreno 730 GPU processor එකද නිල වශයෙන් හඳුන්වාදීමක් සිදුකර නැහැ.
මීට අමතරව Adreno 665 video processing unit එකක් හා Adreno 1195 display processing unit එකකින්ද මෙම නවතම flagship chipset එක බල ගැන්වෙන අතර බොහෝ දුරට Galaxy S22 ද ඇතුළුව 2022 වසරේ දී නිකුත් වීමට නියමිත සියලුම flagship Android ජංගම දුරකථන මෙම chipset එක මගින් බලගැන්වෙනු ඇති
Tech news ......
Huawei, SIMC, Hikvision ඇතුළු චීන සමාගම් 59ක ආයෝජනය කිරීම තහනම් කරමින් විධායක නියෝගයක් නිකුත් කිරීමට ඇමරිකානු රජය කටයුතු කරයි
Huawei ඇතුළු චීන සමාගම් 59 ක් සඳහා ආයෝජනය කිරීම තහනම් කරන නව විධායක නියෝගයක් බලාත්මක කිරීමට එක්සත් ජනපද රජය තීරණය කිරීමත් සමඟ ඇමරිකානු-චීන දේශපාලන ගැටුම යළි කරලියට පැමිණ තිබෙනවා.
ලොව දෙවන විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයාව සිටි Huawei සඳහා පමණක් නොව මෙවර ජනප්‍රිය Chip නිෂ්පාදකයකු වන SIMC, Telecom operator සමාගමක් වෙන China Mobile හා අතිශය ජනප්‍රිය video surveillance සමාගමක් වෙන Hikvision ද මෙවර ලැයිස්තුවට ඇතුළත් වී තිබෙන අතර, අනෙකුත් සමාගම් සියල්ල චීන ආරක්ෂක අංශ හා සම්බන්ධ සමාගම් වෙනවා.
එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සනාථ කළේ ඉදිරි මාස කිහිපය තුළ තවත් චීන සමාගම් රැසක් මෙම ලැයිස්තුවට ඇතුළත් වනු ඇති බවයි.
හිටපු ජනාධිපති Donald Trumph ගේ පාලන කාලය තුළ පැන නැගුනු චීනයේ බුද්ධි හා ආරක්ෂක පර්යේෂණ සමාගම්වලට එරෙහි දැඩි ස්ථාවරය, නව ජනපති Joe Bieden විසින්ද ඉදිරියට ගෙන යමින් සිටින බව මේ අනුව පැහැදිලි වෙන කරුණක් වෙනවා.
කොහොම වුණත් එක්සත් ජනපද ආයෝජන සමාගම් සහ පුද්ගලයින්ට අලුතින් තහනම් කරන ලද සමාගම්වල ඕනෑම අරමුදලක් ආපසු හැරවීමට අවසර ඇති නමුත් එම ගනුදෙනු වසරක් තුළ සම්පූර්ණ කළ යුතු වෙනවා.
එමෙන්ම Tik-tok, WeChat වැනි චීන සමාජ මාධ්‍ය ජාලා මෙන්ම අනෙක් ජනප්‍රිය චීන ජංගම දුරකථන නිෂ්පාදකයින්ද ඉදිරියේදී මෙම ලැයිස්තුවට ඇතුළත් වනවා ද නැද්ද යන්න පිළිබඳව බොහෝ තාක්ෂණික විශ්ලේෂකයින් විමසිල්ලෙන් පසු වෙනවා.
අපේ චැනල් එකට දෙන rate එක?
අපේ චැනල් එකේ අඩු පාඩු තියනවනම්
Comment කරන්න....😊😊
ඔයා පාවිච්චි කරන photo editer ඇප් මොකක්ද? මෙතන ඔයා පාවිච්චි කරන එක නැත්තම් එකේ නම comment එකක් දාන්න..😊😊
ආයි අපේ ලිපි හොරකන් කරනවා ඊයෙත් කිවුවා ඔන්න අදත් දානවා....
SIM එක නැතිවූ විට WhatsApp වල ආරක්ෂාව තහවුරු කරන WhatsApp two-step verification ගැන දැනගනිමු
ඔබගේ ජංගම දුරකථනය හෝ Sim එක හෝ වෙන කෙනෙක් අතට පත් උනොත් ඒ කෙනාට ඔබේ sim එකට පහසුවෙන් WhatsApp account එකක් හදාගන්න පුළුවන්.
මේ වෙනකොට ලංකාවේ service provider ලා විසින් එයාලාගේ mobile numbers recycle කරන්න පටන් අරන් තියන බව අපි හැමෝම දන්නවා. ඉතින් ටික කාලයක් ඔයා ඔයාගේ sim එක භාවිතා කලේ නැතිනම්, ඒ connection එක disconnect කරනවාට අමතරව වෙන කෙනෙකුට විකුණන්න වුණත් අවස්ථාව තිබෙනවා.
මේ විදිහට හරි, වෙන විදිහකින් හරි ඔයාගේ Sim card එක වෙන කෙනෙකු ලඟට ගියොත්, ඉතාමත් පහසුවෙන් අදාල කෙනාට ඔයාගේ number එකට WhatsApp account එකක් හදන්න වගේම, ඔයාගේ chat backups වගේ දේවල් download කරගැනීමේ හැකියාවත් ලැබෙනවා.
ඉතින් මේ ප්‍රශ්නයට පිළිතුරක් විදිහට WhatsApp සමාගම විසින් two-step verification කියන පහසුකම WhatsApp වලට ඇතුලත් කර තිබුණත් මේ ගැන බොහෝ දෙනෙක් හරියටම දැනුවත් නැහැ.
මේ හරහා ඔයාගේ WhatsApp account එකට pin number එකක් වගේම email address එකක් සම්බන්ධ කරලා, ආයෙත් වතාවක් ඔයා වෙන phone එකක් අලුතින් WhatsApp වලට සම්බන්ධ වෙනවා නම්, මේ pin එක හරි අදාල email address එක හරි භාවිතා කරලා WhatsApp account එක restore කරගන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.
ඉතින් ඒ කියන්නේ වෙන කෙනෙකුට ඔයාගේ Sim card එක ලැබුණත්, මේ Pin එක හරි email address එකට හරි access නැතිනම්, එයාට අදාල number එකට WhatsApp account එකක් නිර්මාණය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ.
කොහොමද මේ Two-step verification පහසුකම enable කරගන්නේ?
මුලින්ම WhatsApp වල Settings -> Account-> Two-step verification කියන option එකට ගිය විට එම screen එකේ පහලින් enable කියල button එකක් තියෙනවා දකින්න පුළුවන්.
ඒ button එක උඩ tap කළාම අංක 6ක Pin එකක් ඉල්ලනවා. අපි කැමති Pin එකක් දීල ඒක confirm කළාට පස්සෙ අපේ email address එකක් ඉල්ලනව. දැනට අපි භාවිතා කරන email address එකක් දීල confirm කළාම මේ සේවාව සක්‍රීය වෙනවා.
විශේෂයෙන්ම මතක තබාගත යුතු දෙයක් තමයි, ඉහත steps වලදී email address එක ඇතුලත් කිරීම optional වුවත්, හදිසියේ හෝ මේ pin එක අමතක වුවහොත් තමන්ගේ WhatsApp account එක නැවත ලබාගන්න තියන එකම ක්‍රමය තමයි මේ email address එක හරහා request link එකක් යැවීම.
ඉතින් මේ email address එකක් ඇතුලත් කිරීම ඉතාමත් වැදගත් බව WhatsApp සමාගම පෙන්වා දෙනවා.
ඒ වගේම මේ two-step verification පහසුකම භාවිතා කරලා තියනවා නම්, ඔයා අන්තිමට WhatsApp භාවිතා කරපු දවසේ සිට දවස් 07ක් ඇතුලත වෙනත් phone එකක මේ number එකටම WhatsApp සඳහා ලියාපදිංචි වෙනවා නම්, අනිවාර්යයෙන්ම මේ Pin එක අවශ්‍යය වෙනවා.
ඒ වගේම මේ දවස් 7ට පසුව කවුරුහරි කෙනෙකුට මේ sim card එක ලැබිලා ඔයාගේ Pin එක නැතිව WhatsApp එකට login වෙන්න හැදුවොත්, ඔයාගේ messages වලට backup එකක් එයාට ලැබෙන්නේ නැති වෙන්න ඒ messages ටික delete කරන්න WhatsApp සමාගම කටයුතු කරනවා.
මේ විදිහට ඔයා අන්තිමට WhatsApp භාවිතා කරපු දවසේ සිට දවස් 30ක් ගතවීමෙන් පසුව, ඔයාගේ Pin එක නැතිව WhatsApp වෙත ලියාපදිංචි වුණොතින්, අදාල WhatsApp account එක delete වෙලා, අලුතින්ම WhatsApp account එකක් නිර්මාණය කිරීමට මොවුන් කටයුතු කරනු ලබනවා.
අපිට මේ pin එක අමතක වෙයි කියල බය වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. මොකද සතියකට වරක් අපි WhatsApp account එක open කරනකොට අපිට අර pin එක අවශ්‍ය වෙනවා. මේ විදියට pin එක නිතර භාවිතා කරනකොට pin එක නිතර මතකයේ රැඳී තිබෙනවා.
අපිට මේ pin එක අමතක උනොත්, අපි කලින් ලබා දී තිබෙන email address එකට email එකක් යවලා ඒ email එකේ තියෙන link එකෙන් Two-step verification එක අක්‍රීය කරන්න හැකියාවත් තිබෙනවා.
මේ තොරතුරු සැපෙයුවාට dihan ට ගොඩක් ස්තූතියි ......😊😊😊😊😊
ඔයාල මේ වගෙ ලිපි සපයන්න පුලුවන්න @chamimanodtha මේකට
Inbox කරන්න
5G කියන්නේ මොකක්ද?
4G වේග වෙත සම්පූර්ණයෙන්ම යොමු නොවී 4G LTE නමැති 4Gවලට ඉතාම සමාන වේග සීමාවන් වෙත පිවිසුණු ලෝකය දැන් 2020 වන විට සම්පූර්ණයෙන්ම 5G වෙත යොමු වීමට අදහස් කරනවා. 2019 අප්‍රේල් මාසයේ ලොව මුල් වරට දකුණු කොරියාවේ 5G තාක්ෂණය එරට ප්‍රධාන නගර 6න් 85%ක් පමණ ආවරණය කළා. එරට 5G බාගත කිරීමේ උපරිම වේගය තත්පරයට මෙගාබිට් 430ක් පමණ වුණා.
දකුණු ආසියාවේ මුල්වරට ශ්‍රී ලංකාව ද 5G අත්හදා බැලීම් සහ සුළු ආවරණ කලාපයන් ලබන්නට සමත්වූ අතර 3.5-3.6GHz රේඩියෝ සංඥා පරාසය තුළ තත්පරයට ගිගාබිට් 1.4 - 1.5 පමණ ප්‍රමාණයක් ලැබිය හැකි බව මෙරට දුරකතන සමාගම් පෙන්වා දුන්නා.
මෙම තාක්ෂණය 4Gවලටත් වඩා වැඩි අන්තර්ජාල වේගයක් සහ අඩු පොරොත්තු කාලයක් (latency) දරන නිසා IoT උපාංගවලට එනම්, සුහුරු නිවාස හෙවත් Smart Homeවලට වැඩි පහසුවක් වෙනවා. ගෙදර දොරගුළ, විදුලි බුබුළු ආදිය අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක කරන්නට 5G වඩාත් උචිත යි.
5G තරංගවල තත්ත්වය
සන්නිවේදන (හෝ විද්‍යුත් චුම්බක) තරංගවල සංඛ්‍යාතයට අනුලෝමව එහි දත්ත සංසරණ වේගය වැඩිවන නමුත් එහි ප්‍රතිඵලය වශයෙන් එම තරංගය ගමන් කරන දුර අඩු වෙනවා. මේ නිසා යි 4G තරංග ගම්බදව හොඳින් නොලැබෙන්නේ. 5G තරංගවලටත් මේ ගැටළුව නගරබදව පවා ඇතිවන නිසා ළඟ-ළඟ ගොඩනැගිලි මත කුඩා සම්ප්‍රේෂණ කුළුණු ස්ථාපනය කරන්නට සිදු වෙනවා. ඉන් අදහස් වන්නේ, ඔබට හොඳ අන්තර්ජාල සංඥා ආවරණයක් ලැබෙන බව පමණක් නොව, තරංගවලට නිරාවරණය වන ප්‍රමාණයත් වැඩිවන බව යි.
5G තරංග යොදාගෙන මෙතෙක් සවිස්තර පර්යේෂණයක් සිදුව නැහැ. එහෙත්, අඩු සංඛ්‍යාත පරාසයක් ඇති 2G, 3Gවලින් පවා සිරුරට බලපෑම් ඇතිවිය හැකි නම්, හැම තැනම ඉදිවන 5G ගැන කවර කතා ද?
©️roar
විද්‍යාඥයන් හානිදායී RFR තත්ත්වයක් ලෙස සලකන්නේ එම තරංගයට අයනීකරණ හැකියාවක් තිබෙනවා ද යන්න මත යි. දෘෂ්‍ය ආලෝකය, ටීවී රිමෝට්වල ඇති අධෝරක්ත කිරණ මෙන්ම අඩු සංඛ්‍යාතයන් ඇති සන්නිවේදන තරංග (WiFi, 5G ආදිය) කිසිවක් මෙම හැකියාවන් දරන්නේ නැහැ. ඒවා අයනීකරණ-නොවන තරංග හෙවත් රසායනික බන්ධන බිඳීමට නොහැකි ඒවා ගණයට අයත් වෙනවා. මින් වෙනස් වන්නේ මයික්‍රොවේව් තරංග යි. එයට අයනීකරණ හැකියාවක් නැති නමුත්, ආහාර පිසීම සඳහා අත්‍යාවශයෙන්ම ජල අංශු අනුකම්පනය කළ හැකි ප්‍රමාණයට සුසර කර ඇති නිසා පටකවලට හානි පැමිණවිය හැකියි.
මින් ඉහළ සංඛ්‍යාතයන් ඇති X-කිරණ, ගැමා කිරණවලට අයනීකරණ හැකියාවන් තිබෙනවා. අයනීකරණය මගින් සෛල විනාශ වීම, DNA විකෘතිවීම් සිදු වෙනවා. ඔබ අලුත්ම Chernobyl රූපවාහිනී කතා මාලාව දුටුවා නම් මේ ගැන අවබෝධයක් ලබා ඇති.
2G සහ 3G තරංග යොදාගත් තවත් පර්යේෂණයකදී සොයාගෙන ඇත්තේ එම තරංගවලට නිරාවරණය වූ කුකුළු භ්‍රෑණවල ව්‍යුහාත්මක මෙන්ම DNA වෙනස්කම් පවා සිදුවූ බව යි.
ඉතින් කළ යුත්තේ මේ කතා අසා තාක්ෂණයට බියවී එයින් ඉවත්වීම නොව, අප හැම විටම කියන්නාක් වගේ ආරක්ෂිතව තාක්ෂණයේ නිම් වළලු පුළුල් කරමින් එය භාවිතය සඳහා තිරසර ක්‍රමවේදයක් වෙත අවතීර්ණ වීමයි. උදාහරණයක් ලෙස දුරකතන ඇමතුම් ගනිද්දී ඔබට හෙඩ්සෙට් එකක් පාවිච්චි කරන්නට පුළුවන්. දුරකතන කුළුණුවල ගැටළුව නම් සෑම රටක්ම මුහුණ දෙන දෙයක්.
විද්‍යුත්-චුම්බක තරංග කෙතරම් භයානක ද?
අප මෙහි විෂයය කරගන්නා තරංග පරාසයේ බලපෑම හඳුන්වන්නේ රේඩියෝ සංඛ්‍යාත විකිරණය (RFR) කියායි. මෙම රේඩියෝ තරංග පරාසය තුළ මයික්‍රොවේව් තරංගවල සිට X-කිරණ තරංග අයත් වෙනවා. සූර්යයාගෙන් හෝ ඔබේ දුරකතනයෙන් ඇසට ලැබෙන ලැබෙන ආලෝක තරංග පවා මේ පරාසයේ යි පවතින්නේ. ඉතින්, නෛසර්ගිකව බලද්දී ඒවායෙන් අපට හානියක් සිදුවන්නේ නැහැ. නමුත් පරිසර තත්ත්වය (උදා- වරකට නිරාවරණය වන කිරණ ප්‍රමාණය, නිරාවරණය වන වාර ගණන) අනුව හානි සිදුවිය හැකියි.
අයනීකරණය හැර, අඩු සංඛ්‍යාත තරංගයකට කිසියම් බලපෑමක් කළ හැකි යාන්ත්‍රණයක් තිබෙනවා ද යන්න තවමත් සොයාගෙන නැහැ. ඉන් අදහස් වන්නේ එම තරංගවලින් බලපෑමක් ඇති බව නොවන බව ඇතැම් පර්යේෂණ ඉඟි පළ කරනවා.
අමෙරිකාවේ ජාතික ධූලකවේද වැඩසටහන මඟින් ජංගම දුරකතන රේඩියෝ පරාසයට නිරාවරණය වූ මීයන් පිළිබඳව විස්තර දක්වනවා. එයට අනුව, 2G සහ 3G දුරකතන සංඥාවලට නිරාවරණය වූ පිරිමි මීයන්ගේ හෘද පිළිකාවලට පැහැදිලි අවදානමකුත්, මොළයේ සහ ඇඩ්‍රිනලින් ග්‍රන්ථි පිළිකා සඳහා ස්වල්ප අවදානමකුත් ඇතිව තිබෙනවා. මෙහිදී ගැහැණු සතුන්ගේ විශේෂ වෙනසක් දකින්නට ලැබී නැහැ.
පර්යේෂණ කිහිපයක් එක් කරමින් එහි ප්‍රතිඵල වාර්තා ගෙන හැර දක්වන ඇමරිකාවේ කැලිෆෝනියානු සරසවියේ ආචාර්යවරයෙක් දක්වන්නේ මිනිස් මොළයේ වම් සහ දකුණ යන දෙපසටම 4G තරංගවලට බලපෑම් සිදුකළ හැකි බවයි. ඔහු පෙන්වා දෙන්නේ 2011දී CDMA තරංග (2G සහ 3G) යොදාගෙන කළ පර්යේෂණයක දී විනාඩි 50ක් දුරකතනය මොළයට ආසන්නව පැවති ස්ථානවලට බලපෑම් ඇතිවූ බවත්, නව LTE (4G) පර්යේෂණයේ දී විනාඩි 30ක් තරම් කෙටි කාලීන නිරාවරණය වීමකින් මොළයේ ක්‍රියාකාරීත්වයට බාධා එල්ලවූ බවයි. දිගු කාලීන භාවිතයෙන් හිසේ සහ ගෙල පිළිකා, ශුක්‍රාණු හානිවීම් සහ ප්‍රජනන පද්ධතීන්ට ද බලපෑම් එල්ල විය හැකි බව යි. මේ නිසා දරුවන් හා ගැබිණි මව්වරුන් මින් ඉවත්ව සිටිය යුතු බව ඔහු වැඩිදුරටත් දක්වනවා.
5G වේග අත්විඳින්නට නම් ඔබට 5G පහසුකම් සහිත දුරකතනයක් හෝ රවුටරයක් වැනි උපාංගයක් අවශ්‍ය වෙනවා. මේ ලිපිය ලියන අවස්ථාව වන විට ලොව 5G දුරකතන නිෂ්පාදන සංඛ්‍යාව ඉතාම සීමිත නිසා තවමත් 5G පහසුකම් අඩු මිල දුරකතනවලටත් ලැබෙන තෙක් ලෝකයට බිඳක් රැඳෙන්නට සිදු වෙනවා. කොහොමටත්, පූර්ණ 5G ආවරණයක් තවමත් පුළුල්ව ඇතිව නැති නිසා එය ගැටළුවක් නොවන අතර උපාංග නිෂ්පාදනයන් දිනෙන් දින ශීඝ්‍ර වර්ධනයක් පෙන්වනවා.
5G ලොව පහළ වන්නටත් පෙර සිටම අප වටා ඇති විවිධ විද්‍යුත්-චුම්බක කිරණ වර්ග ගැන හැමෝම භීතියෙන් පසු වෙනවා. රූපවාහිනී සහ රේඩියෝ කිරණ, WiFi පිළිබඳව මෙන්ම මීට පෙර තිබුණු 3G වැනි කිරණවල බලපෑම ගැන ලොව පුරා කතාබහ ඇති වුණා. එපමණක් නොව, චන්ද්‍රිකා මඟින් පෘථිවියට එවන සංඥාවලින්, නිවසේ මයික්‍රෝවේව් උඳුනෙන්, රූපවාහිනිය හෝ CRT මොනිටර් ඉදිරියේ සිටීමෙන් ද කිරණ බලපෑම් ඇතිවන බවට කටකතා සහ භීතිකාවන් පැතිරෙනවා.
මෙය කෙතරම් දුරදිග ගොස් ඇති ද යත්, විද්‍යුත්-චුම්බක අධිසංවේදීතාව (Electromagnetic hypersensitivity) නමින් මන:කල්පිත රෝග තත්ත්‍වයක් ද තිබෙනවා. මෙය වැළඳුණු අය කියන්නේ අවට ඇති විකිරණ උපාංග එනම්, දුරකතන, WiFi, විදුලි බුබුළු, විදුලි පේනු, වයර්, ඔරලෝසු ආදියෙන් පවා ඇතිවන බලපෑම් තමන්ට හොඳින් දැනෙන බව යි. ඔබ Better Call Saul රූපවාහිනී කතා මාලාව බැලුවා නම් Saulගේ සහෝදරයාට මේ ආකාරයේ රෝගයක් තිබෙනු දකින්නට ඇති. එහි මෙම මානසික රෝග තත්ත්‍වය හොඳින් නිරූපණය කරන අතර, නිවසින් එළියට යද්දී විද්‍යුත්-චුම්බක කිරණවලින් ආරක්ෂා වීමට ඔහු ෆොයිල් කොළයක් ඇඟවටා ඔතාගන්නා ආකාරය පවා දක්වා තිබෙනවා.
මෙය මානසික රෝගයක් බව හොඳින්ම තහවුරු වන සාධකයක් නම්, එවන් පුද්ගලයන් 1000කට අධික ප්‍රමාණයක් යොදාගෙන විද්‍යුත් චුම්බක තරංග ඇති බව නොදන්වා රවටමින් කළ අවස්ථාවල දීත් එවන් සත්‍ය තරංග බලපෑමක් ඔවුන්ට නොමැති බව පර්යේෂණවලින් පෙනී යාම යි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙය තහවුරු කරන අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙවන් තත්ත්ව ඇත්වන්නේ රැකියා හෝ නිවාස පරිසරයේ ඇති පීඩාකාරී බව, වාතයේ ගුණාත්මක බව, පරිගණක ආදියේ වැරදි පිහිටීම් ආදිය නිසා සිදුවිය හැකි බවයි. රැකියා පරිසරය නිසි පරිදි සකසා ගැනීම ගැන අපි සේවකයන් සහ විශේෂයෙන් ප්‍රධානීන් සැලකිලිමත් විය යුතු පරිගණක සෞඛ්‍යය ලිපියේ ගෙන ආවා.
