uz
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Kanalga Telegram’da o‘tish

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Ko'proq ko'rsatish
3 506
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
5G විකිරණ ශරීරයට අහිතකර ද? මිට පෙර ලිපියකින් කතා කරා 5G තාක්ෂණයේ පෙරළිකාර ආගමනය ගැන අද කතා කරන්න යන්නෙ ඒකෙම දෙවනි කොටස මේ 5G
5G විකිරණ ශරීරයට අහිතකර ද? මිට පෙර ලිපියකින් කතා කරා 5G තාක්ෂණයේ පෙරළිකාර ආගමනය ගැන අද කතා කරන්න යන්නෙ ඒකෙම දෙවනි කොටස මේ 5G තාක්ෂණය අප ශරීරයට බලපැම් කරන්නේ කෙසෙ ද කියල . ‘කිරණ නිකුත් වීම’ හෙවත් විකිරණය අප වටා විශාල වශයෙන් පවතින දෙයක්. බ්ලූටූත් WiFi මෙන්ම 2G/3G/4G පමණක් නොව නුදුරේ දීම 5G දුරකතන විකිරණවලිනුත් ලංකාව වසාගනු ඇති. මෙම Generation හෙවත් G අකුරට පෙර ඇති ඉලක්කම වැඩිවත්ම සිදුවන අන්තර්ජාල වේගයේ අධිකබව ගැන සිතා අප සතුටු වූවාට ඉන් දුරකතන සංඛ්‍යාතයන් ද ඉහළ යනවා. මෙය ශරීරයට හිතකර විය හැකි ද?

ඉතින් ඔයත් කැමති නම් Pro කෙනෙක් වගේ ඔයාගේ photos edit කරන්න, අදම Snapseed app එක download කරගන්න අමතක කරන්න එපා. 😉😉😉😉😉😉😉😉😉😉😉😉 ලිපිය හොදනම් comment එකක් දාන්න...😉

EDiTING ....📖️📖️📖️📖️📖️📖️📖️📖️ Mobile Phone එකෙන් Pro කෙනෙක් වගේ Photo edit කරන්න කියාපු App එක - Snapseed Android ජංගම දුරකථනයක් භාවිතා කරන විට අප බොහෝ දෙනා එහි කැමරාව භාවිතයෙන් Photos ලබා ගන්නවා වගේම බොහෝ වෙලාවට ඒවා විවිධ ආකාරයට edit කර social media වලට එකතු කරනවා. මේ වැඩේට ඔයා භාවිතා කරන්නේ ඔයාගේ PC එක නම්, බොහෝ වෙලාවට මේ සදහා Photoshop, Lightroom, Gimp, Photoscape වැනි විවිධ වර්ගයේ මෘදුකාංග එකක් හෝ කිහිපයක් යෙ‍ාදා ගන්නවා ඇති. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා ඔයාගේ Smartphone එක හරහා පාවිච්චි කරන්න පුලුවන් ගොඩක්ම දියුණු Photo editing app එකක් ගැනයි. මේ වන විට Google Play Store එක හරහා දහස් ගණනක් Photo editing apps හොයාගන්න පුලුවන් වුණත් ඒ අතරින් අපගේ අවශ්‍යතාවයට ගැලපෙන වගේම ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි Photo Editing apps ඇත්තේ කිහිපයක් පමණයි. ඒ අතලොස්ස අතරින් බොහෝ දෙනාගේ ප්‍රසාදය දිනා ඇති Snapseed app එක ගැන මේ ලිපිය තුළින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මෙය Play Store එක හරහා මෙන්ම App store එක හරහා පහසුවෙන් Download කර ගත හැකි අතර වර්ථමානය වන විට මෙහි හිමිකාරීත්වය දරනු ලබන්නේ Google සමාගම විසින් වුවත් මීට පෙර මෙය මූලිකව මෙය develop කරන ලද්දේ Nik Software නම් ආයතනයක් විසින්. අපි බොහෝ වෙලාවට Android Smartphone එකක් තුළින් බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම advance photo edit එකක් නම් නෙමෙයි. අපි බොහෝ වෙලාවට මේ පින්තූර භාවිතා කරන්නේ social media වල, යාලුවන් සමඟ හෝ පවුලේ අය අතර share කර ගන්නයි. ඉතින් මේ app එක එම අවශ්‍යතා වලට සරිලන ලෙස නිර්මාණය කරල තියෙනවා වගේම සාමාන්‍යයෙන් අනෙකුත් photo editing app එකකට වඩා තරමක් advance, එහෙමත් නැතිනම් professional ඝනයේ photo edit කිරීමක් වුවත් මේ හරහා කර ගන්න පුලුවන්. මේ කාර්යය ඉතාමත් සාර්ථකව සිදු කරන්න මේ app එකෙහි tools ගණනාවක්ම එකතු කරන්න Google සමාගම සමත් වෙලා තියෙනවා වගේම ඕනෑම කෙනෙකුට මේ tools ඉතා පහසුවෙන් තේරුම් ගන්න/භාවිතා කරන්නත් හැකි ලෙස නිර්මාණය කරන්නට සමත් වෙලා තිබෙනවා. මූලිකව පින්තූරයක් open කළ විට Styles, Tools සහ Export වශයෙන් ප්‍රධාන කොටස් 3කින් මේ app එක සමන්විත වන අතර Styles යන section එකෙන් අප open කර ගත් පින්තූරයට විවිධ filters එකතු කරගැනීමට හැකියාව ලැබෙනවා. මේ හරහා Google සමාගම විසින් කලින් සකස් කරන ලද filters ගණනාවක් ලබා දී තිබෙන අතර ඔයාට වැඩි කාලයක් ගත නොකර ඉක්මණින්ම photo එකට effect එකක් එකතු කරන්න ඕන නම් මේ section එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම Tools කියන section එක යටතේ ඇති විවිධ tools මගින් photo එක තවදුරටත් විවිධ වෙනස්කම් වලට ලක් කරන්න වගේම සියලු වෙනස්කම් සිදු කර අවසානයේ එසේ සකස් කරගත් ඡායාරූපය save කරන්න export කියන section එක වැදගත් වෙනවා. Styles, Tools සහ Export කියන ප්‍රධාන sections මෙම Snapseed app එකෙහි අන්තර්ගත විශේෂ tool කිහිපයක් පිළිබඳව අප දැන් විමසා බලමු. Crop tool මේ tool එක photo එකක් edit කරන ඕනම basic app එකක තිබෙන tool එකක් වුණත් අපිට ඕනෑම විදිහකට photo එක crop කරගන්නවාට අමතරව, 4:3, 16:9 වැනි සම්මත aspect ratio කිහිපයක් හරහා standard size එකකට crop කරගැනීමට අපිට අවස්ථාව ලැබෙනවා. Tune image මේ Tool එක හරහා Image එකේ Brightness, Contrast, Saturation, Shadows වැනි දේවල් තමන්ට කැමති ආකරයට සකසා ගැනීමට හැකියාව ලැබෙන අතර සාමාන්‍යයෙන් Photoshop හෝ Lightroom භාවිතා කර විශාල වෑයමක් දරා සිදුකරගන්නා තත්ත්වයේ output එකක් මේ tool එක භාවිතා කිරීමෙන් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. White balance මෙම tool එක මගින් image එකේ temperature එක වෙනස් කරන්න වගේම tint එකක් එකතු කරන්න ඕන නම් අන්න ඒ පහසුකම ලබාගන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් ඉක්මණින් මේ දේ කරගන්න ඕන නම් මෙහි තිබෙන automatic white balance පහසුකම භාවිතා කරන්නත් හැකියාව තිබෙනවා. Selective හිතන්න අපි ලබාගත්ත ඡායාරූපයක කොටසකට විතරක් යම්කිසි effect එකක් එකතු කරන්න ඕන කියලා. අහස තිබෙන ඡායාරූපයක අහස පමණක් select කරලා එහි වර්ණය වෙනස් කිරීම වැනි පහසුකමක් ලබා ගැනීමට මේ selective tool එක හරහා අවස්තාව ලැබෙනවා. Text ඒ වගේම social media වලට අපේ photos upload කරන විට බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි අදාළ ඡායාරූපයට quote එකක්, එහෙමත් නැතිනම් කවියක කොටසක් වැනි text එකක් එකතු කිරීම. ඉතින් Snapseed වල මේ පහසුකමත් අන්තර්ගත වෙන අතර මෙහි ඇති text style කිහිපයක් අතුරින් ඔයා කැමති විදිහේ එකක් තෝරගන්න හැකියාව තිබෙනවා. ඉහතින් සඳහන් කරන්නට කටයුතු කරනු ලැබුවේ අපිට නිතරම අවශ්‍යය වෙන tools කිහිපයක් පමණක් වුණත් මීට අමතරව Lens blur, HDR Scape, Vignette, Healing වැන තවත් tools ගණනාවක් මේ Snapseed app එකේ අන්තර්ගත වෙනවා.

WhatsApp වෙත එකතුවීමට නියමිත අලුත් Features කිහිපයක් ගැන විස්තර Mark Zuckerberg විසින්ම අනාවරණය කරයි WhatsApp භාවිතා කරන්නන් හට නුදුරේදීම එකම WhatsApp ගිණුම එකවර Devices කිහිපයක භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙන Multi-device පහසුකම ගැනත්, WhatsApp හරහා යවන Content එකක් එකවරක් බැලූ පසු ස්වයංක්‍රීයව මැකීයන අයුරින් සකස්කළ හැකි පහසුකමක් ගැනත් Facebook සමාගමේ ප්‍රධානියා වන Mark Zuckerberg හා WhatsApp හි ප්‍රධානියා වන Will Cathcart විසින් wabetainfo සමඟ පැවති සංවාදයකදී සනාථ කර ඇති බව ඔවුන් අනාවරණය කර සිටිනවා. WhatsApp සඳහා එකවර Devices කිහිපයක් හා සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් කතා කිරීමේදී බොහෝ දෙනෙක්ට එකවර මතක් වන්නේ WhatsApp Web පහසුකම වන අතර නමුත් මෙම අලුතින් හදුන්වාදීමට බලාපොරොත්තු වන පහසුකම ඊට බොහෝ සෙයින් වෙනස් පහසුකමක්, Mark Zuckerberg සදහන් කර සිටින ආකාරයට Multi-device පහසුකම හරහා එක වර එකම WhatsApp ගිණුම Devices 4 ක භාවිතා කළ හැකි අතර මෙහිදී අනෙකුත් devices භාවිතා කිරීම සඳහා ප්‍රධාන Device එක අන්තර්ජාලය හා සම්බන්ධ වීම අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම එකවර WhatsApp ගිණුම devices කිහිපයක භාවිතා කිරීමට අවශය පහසුකම ලබාදීමෙන් අනතුරුවද තව දුරටත් end-to-end Encryption පහසුකම වලංගු වන බවත් මෙම පහසුකම ලබාදීමේදී තාක්ෂණික වශයෙන් ඔවුන්ට එය විශාල අභියෝගයක් වුන බවත් Mark Zuckerberg තව දුරටත් ප්‍රකාශ කර සිටිනවා. ලොව පුරා බිලියන 2ක් පමණ දෙනා භාවිතා කරන instant messaging service එකක් වන WhatsApp වලට ඉතා මෑතකදී හදුන්වා දුන් disappearing messages පහසුකම ගැන මීට පෙර අප විසින් ඔබ වෙත ගෙන ආවා මතකයේ ඇති. Disappearing messages පහසුකම නිළ වශයෙන් එළිදැක්වීමට WhatsApp ආයතනය කටයුතු කරයි Disappearing Messages යනුවෙන් අලුත් පහසුකමක් WhatsApp වෙතට එකතු කිරීමට සූදානම්වන බව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Disappearing Messages යනුවෙන් අලුත් පහසුකමක් WhatsApp වෙතට එකතු කිරීමට සූදානම්වන ලකුණුයම්කිසි message එකක් send කිරීමෙන් පසුව ස්ව්‍යංක්‍රීයව delete වනපහසුකමක… Disappearing messages පහසුකම තව දුරටත් දියුණු කරමින් කෙනෙක් තවත් කෙනෙකුට යවන Content එකක් එකවරක් නැරඔූ පසු එය නොපෙනී යා හැකි වන අයුරින් සකස් කල හැකි පහසුමක්ද හදුන්වාදීමට නියමිත බව වාර්තා වෙනවා. මෙම පහසුකම "View Once" නමින් හදුන්වන අතර මෙය නුදුරේදීම WhatsApp Beta සංස්කරණයට එකතු කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.

Yrch news ....💻 Stack Overflow සහ අනුබද්ධිත සේවාවන් ඇමෙරිකානු ඩොළර් බිලියන 1.8ක මුදලකට විකුණාදැමීමට කටයුතු කරයි ඔබ programming වලට කැමති, හෝ එම ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නෙකු නම් මේ වන විටත් Stack Overflow වෙබ් අඩවිය පිළිබඳව දන්නවා හෝ නිතරම භාවිතා කරනු ලබන වෙබ් අඩවියක් වනු ඇති බව නොඅනුමානයි. ලොව වැඩිම පිරිසක් එකතු වන වෙබ් අඩවි අතරින් 46 වැනි ස්ථානයේ සිටින මෙම Stack Overflow වෙබ් අඩවිය 2008 වර්ෂයේ සිට මේ දක්වා ලොව පුරා වෙසෙන developer වරුන්ගේ life-saving වෙබ් අඩවිය බවට පත්වී තිබෙනවා. කොහොම නමුත් මේ වන විට මෙම වෙබ් අඩවිය සහ Stack Exchange අනුබද්ධිත ‍සේවාවන් සියල්ල ඇමෙරිකානු ඩොළර් බිලියන 1.8ක මුදලකට, තාක්ෂණික කටයුතු සඳහා මුදල් ආයෝජනය කරන දැවැන්ත යුරෝපා ආයෝජකයෙකු වන Prosus N.V. ආයතනයට විකුණා දැමීමට කටයුතු කර තිබෙනවා. මෙම නම ඉතා හුරු පුරුදු නමක් නොවුවත්, Prosus යනු ලොව පුරා විශාල වශයෙන් ආයෝජන සිදු කර ඇති සමාගමක් වන අතර, උදාහරණයක් වශයෙන් ඉතාමත් ප්‍රසිද්ධ Tencent සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක තනි අයිතිය හිමි වන්නේ ද මෙම Prosus සමාගමටයි. 2001 වර්ෂයේදී Prosus ආයතනයේ මව් සමාගම වන Naspers සමාගම විසින් Tencent සමාගමේ කොටස් වලින් 46.5%ක ප්‍රමාණයක් ඩොළර් මිලියන 34කට මිලදීගත් අතර, 2021 වර්ෂයේ මුල් භාගයේදී Tencent සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් 2%ක ප්‍රමාණයක් ඩොළර් බිලියන 14.6ක මුදලකට නැවත අලෙවි කිරීමට කටයුතු කරනු ලැබුවා. කොහොම නමුත් Stack Overflow ආයතනයේ co-founder වන Joel Spolsky සහ එහි CEO වන Prasanth Chandrasekar ප්‍රකාශ කර සිටින ආකාරයට දැනට පවතින Stack Overflow වෙබ් අඩවියට හෝ අනුබද්ධිත සේවාවන් වලට (ඉතා කුඩා වෙනස්කම් හෝ) වෙනස්කමක් සිදු නොවනු ඇති බව වාර්තා වෙනවා

හදවත් ❤️❤️ 400 යට යන්න link එක share කරලා උදවුවක් දෙන්න්කෝ...😭😭😭😭😭
Anonymous voting

NBC NBC හි ලාංඡනයේ සැඟවුණු අර්ථ දෙකක් තිබේ. එහි හැඩය මොණරෙක් කියලා පැහැදිලියි, ඒත් ඇයි? මෙම ලාංඡනය වර්ණ රූපවාහිනියට හඳුන්වා ද
NBC NBC හි ලාංඡනයේ සැඟවුණු අර්ථ දෙකක් තිබේ. එහි හැඩය මොණරෙක් කියලා පැහැදිලියි, ඒත් ඇයි? මෙම ලාංඡනය වර්ණ රූපවාහිනියට හඳුන්වා දීමේදී (දේදුන්නේ වර්ණ පැහැදිලි කිරීම) සහ සමාගමට කළු හා සුදු රූපවාහිනී අයිතිකරුවන් මේ වර්ණ රූපවාහිනී වෙතට මාරු කිරීමට පෙළඹවීමක් වශයෙන් යොදාගනු ලැබිණ. ඉතින්, ඔවුහු සාමාන්‍ය පදයක් සමග (ඒ මොහොතේ දී) , " මොණරෙකු ලෙස ආඩම්බරයට වෙමින් " යන අදහස ඇතිව, ඔවුන්ගේ නව වර්ණ සංදර්ශන ක්‍රියාවලිය ගැන ආඩම්බර වන බව ප්‍රකාශයට පත් කරන ලද අතර මෙහි පිහාටු වල විවිධ වර්ණ හයක් මගින් NBC හි විවිධ අංශයන් නියෝජනය කරයි.

Beats Dr. Dre ගේ Beats Company එක සඳහා පවතින ලාංඡනයත් ඉතා සරලයි. ( 2014 න් පසු මෙම සමාගම Apple විසින් $3 Billion කට මිලදී ගැන
Beats Dr. Dre ගේ Beats Company එක සඳහා පවතින ලාංඡනයත් ඉතා සරලයි. ( 2014 න් පසු මෙම සමාගම Apple විසින් $3 Billion කට මිලදී ගැනීමට කටයුතු කරනවා.) 'b' යන වෙළඳ නාමයෙන් පැමිණි අකුර පසුව රවුම් කර තිබේ. කෙසේවෙතත්, රවුම යනු කවයක් පමණක් නොවේ. එය සැබවින්ම මිනිසෙකුගේ හිසක් වන අතර, 'b' අකුර මගින් beats හෙඩ්ෆෝන් නියෝජනය කරයි. මේ මිනිස් හිස මත පැළඳි beats headphone එකෙහි අදහස වන්නේ තම ගණුදෙනුකාරයෙකුගේ පෙනුම බව, ඒ කියන්නේ තමන් beats headset එකක පැළඳ සිටින ආකාරය පාරිබෝගිකයාට දැකගැනීමට හැකියාව ලැබෙන බවයි.

Cisco අන්තර්ජාලය සඳහා "ජාලකරණය" පිළිබඳ ලෝක ව්‍යාප්ත ප්‍රමුඛයා වන්නේ, සිස්කෝ සමාගමයි. මෙහි මූලස්ථානය සැන් ෆ්රැන්සිස්කෝහි පිහිට
Cisco අන්තර්ජාලය සඳහා "ජාලකරණය" පිළිබඳ ලෝක ව්‍යාප්ත ප්‍රමුඛයා වන්නේ, සිස්කෝ සමාගමයි. මෙහි මූලස්ථානය සැන් ෆ්රැන්සිස්කෝහි පිහිටා තිබේ. මෙහි වෙළඳ නාමය නිර්මාණය වී තිබෙන්නේ San Francisco කියන නමෙහි ‍අවසන් කොටස වන cisco කියන කොටස සමඟින් බව දැනගන්නට ලැබෙනවා. මෙහි නමෙහි වෙනත් සැඟවුණු අර්ථයක් නොමැති නමුත්, ලාංඡනයේ ඉහලින් ඇති නිල් පාට කොටසින් විද්‍යුත් චුම්භක තරංග පමණක් නොව, San Francisco නගරයේ ඇති ගෝල්ඩන් ගේට් පාලමද නිරූපණය කරයි.

Amazon Amazon යනු online සාප්පු සවාරි වල මහගෙදර වශයෙන් සැළකිය හැකි ආයතනයක් වන අතර ඔවුන්ගේ ලාංඡනයෙන්ද එය මනාව පිළිබිඹු කරයි. ඔ
Amazon Amazon යනු online සාප්පු සවාරි වල මහගෙදර වශයෙන් සැළකිය හැකි ආයතනයක් වන අතර ඔවුන්ගේ ලාංඡනයෙන්ද එය මනාව පිළිබිඹු කරයි. ඔවුන්ගේ කහ පැහැති ඊතලය "a" අක්ෂරයෙන් ආරම්භ වන අතර, "z" යන අකුරින් එය අවසන් වේ. එයින් අදහස් වෙන්නේ Amazon එකේ A to Z වෙනකන් ඕනිම දෙයක් විකුණන්න තියෙනවා කියලා. මීට අමතරව ඊතලය මගින් සිනහවක් ද පිළිබිඹු කරන අතර, එම සිනහවෙන් තම පාරිභෝගිකයන්, Amazon සමඟ වෙළඳාමේ යෙදෙන විට සතුටට පත්වන බව හගවයි. 😊

Apple Apple සමාගමේ logo එක අපි හැමෝටම ගොඩක් හුරු පුරුදු එකක් වුණත් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇපල් ගෙඩියෙ කෑල්ලක් කාලා තියෙන්නෙ ඇයි කියලා. 😅 මේ logo එක වටා ගෙතුණු කතා කිහිපයක් තිබෙනවා. කවුරුත් දන්නවා ඇතිනේ Alan Turing කියන්නේ නූතන පරිගණකයේ පියා කියලා. ඉතින් මෙයා සමලිංගික සේවනයේ යෙදුනු කෙනෙක් නිසා ඇති වුණු ප්‍රශ්න නිසාවෙන් 1954 දී Cyanide යොදන ලද ඇපල් ගෙඩියක් භාවිතා කරමින් සියදිවි හානි කරගන්නවා. මේ හේතුව නිසාවෙන් වගේම Alan Turing විසින් මේ පරිගණක ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙවර වෙනුවෙන් මේ විදිහට Apple Logo එකට Apple ගෙඩියක් සහ Turing විසින් කොටසක් අනුභව කර තිබීම නිසා මෙයින් කොටසක් ඉවත් කළ බවත් හැමදෙනාම විශ්වාස කරනවා. කොහොම නමුත් ලෝකප්‍රසිද්ධ ඇපල් සමාගමේ Logo එක Design කරලා තියෙන්නෙ Rob Janoff විසින්. මොහු පසුව ප්‍රකාශ කර තිබෙන අන්දමට මේ logo එක design කරන විට ඔහු මේ කතාව ගැන දැනගෙන ඉඳලා නැහැ. ඒ වගේම Bible එකේ සඳහන් වෙන ආදම් සහ ඊව් ගේ කතාවත් මෙයට සම්බන්ධ නැති බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඇපල් ගෙඩියේ හැඩය චෙරි ගෙඩියක් වගේ පෙනෙන එක වැලැක්වීමට වගේම, හපනවාට ඉංග්‍රීසියෙන් කියන්නෙ “Bite” කියලනේ. ඉතින් “Bite” එක “Byte” වගේ ඇහෙන නිසා මේ විදිහට කලා කියලා තමයි කියන්නේ.

Google මීට කලින් හිතුනෙ නැද්ද Google වගේ ලෝකෙම අල්ලපු Company එකක Logo එක හරිම Simple කියලා. ලෝකෙම අල්ලපු ගොඩක් සමාගම්වල Logo
Google මීට කලින් හිතුනෙ නැද්ද Google වගේ ලෝකෙම අල්ලපු Company එකක Logo එක හරිම Simple කියලා. ලෝකෙම අල්ලපු ගොඩක් සමාගම්වල Logos එහෙම තමයි. සරළ බව අදහස් කරන්නයි එහෙම කරන්නේ. අනිත් කාරණය තමයි අකුරුවල පාට. ප්‍රාථමික වර්ණයකින් පටන් අරන් අන්තිමට “l” අකුරෙන් කොළ පාට ඇතුලත් කරලා ප්‍රාථමික වර්ණ කියන රාමුවෙන් පිටට පනිනවා. (ප්‍රාථමික වර්ණ, ද්විතීයික වර්ණ ගැන දැනගන්න වහාම ඒක Google එකෙන්ම Search කරලා බළන්න.) මේකෙන් අදහස් කරන්නෙ Google සමාගම නීතිවලට කො‍ටුවෙලා ඉන්න සමාගමක් නෙමෙයි කියලා.

Picasa Picasa, Google සමාගම විසින් හඳුන්වා දුන් image organize කිරීම සහ edit කිරීමට භාවිතා කළ සේවාව වන අතර සිත් ඇදගන්නා ලාංඡන
Picasa Picasa, Google සමාගම විසින් හඳුන්වා දුන් image organize කිරීම සහ edit කිරීමට භාවිතා කළ සේවාව වන අතර සිත් ඇදගන්නා ලාංඡනයක් එයට ඇත. මුලින්ම බැලූ බැල්මට එය සරල කැමරාවක Shutter එකක් සේ පෙනෙයි. නමුත් ෂටරයේ මධ්‍යයේ ඇති හිස් පෙදෙස ඇත්ත වශයෙන්ම "නිවසක්" නිරූපණය කරනු ලබයි. මින් අදහස් වන්නේ Picasa යනු ඔබගේ සියලු ඡායාරූප සඳහා "නිවසක්" ලෙස සලකනු ලබන බව වන අතරම, ස්පාඤ්ඤ භාෂාවෙන් Casa යනු නිවසයි.