uk
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Відкрити в Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Показати більше
3 506
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
"ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ විශ්වාසය දිනාගත් ආරක්ෂිත messaging platform එකක් වන Signal ගැන දැනගනිමු Signal යනු WhatsApp , iMessage , Facebook Messenger වැනි messaging app එකක් ලෙස සරලව හඳුන්වන්න පුලුවන්. Encrypted messaging app එකක් වන Signal 2015 සිට ආරම්භ වුණ සේවාවක් වන නමුත් මෙය වඩාත් ජනප්‍රියත්වයට පත් වූනේ පසුගිය මැයි 25වෙනිදා පොලිස් අත්අඩංගුවේදී කළු ජාතිකයෙකු වූ George Floyd ඝාතනය වීමේ සිදුවීම සමගයි. මේ ඝාතනය නිසාවෙන් ඇමරිකාව ඇතුලු ලෝකය පුරා වර්ණ භේදය පිළිබඳ විරෝධතා පැන නැඟුණා. Signal app එක ආරක්ෂිත එහෙම නැතිනම් private messaging system නිසා බොහෝ විරෝධතාකරුවන් වෙනත් සන්නිවේදන ක්‍රමවලට වඩා මෙම යෙදුම මගින් පණිවිඩ හුවමාරු කර ගැනීමට පෙලඹුණා. කොහොම නමුත් අද වන විට, තාක්‍ෂණික දැවැන්තයින්, සයිබර් ආරක්ෂණ විශේෂඥයින්, මාධ්‍යවේදීන්, රජයේ නිලධාරීන් සහ තවත් බොහෝ අයගේ ප්‍රසාදය හිමි කර ගැනීමටද මෙම Signal app එක සමත්ව තිබෙනවා. Signal app එක Android, iOS, Windows, Mac වගේම Linux සඳහා free app එකක් ලෙස ලබා ගන්න පුලුවන්. ඒ වගේම chrome ඇතුලු browser සඳහාත් මේ සේවාව නොමිලයේ ලබාගන්න හැකියාව තිබෙනවා. මේ app එක අද වන විට අතිශය ජනප්‍රියත්වයට පත් වෙන්නේ මේ සේවාව හරහා පරිශීලකයන්ට ලැබෙන Extra security protocols හේතුවෙනුයි. ඒ වගේම ඔබට අවශ්‍ය සියලුම මූලික messaging tools (read receipts, emoji support, group chats, voice හා video calls) එයට ඇතුළත් වීමත් එයට තවත් හේතුවක්. WhatsApp මෙන්ම, ඔබේ contacts වෙත ඔබව identify කර ගැනීමට Signal යෙදුම ඔබේ ජංගම දුරකථන අංකය භාවිතා කරනු ලබන බැවින් මතක තබා ගැනීමට තවත් usernames හෝ passwords එකතු වීමක් වෙන්නෙ නම් නෑ. Android හි සාමාන්‍ය කෙටි පණිවුඩ (SMS) සහ MMS පණිවිඩ යැවීමට ද Signal භාවිතා කළ හැකි වීම සුවිශේෂීත්වයක්. කොහොම නමුත් මේ පහසුකම් ලෝකයේ පරිශීලකයින් විශාල ප්‍රමාණයක් භාවිතා කරන Google message app එක වෙතත් Chat feature එකක් ලෙස ලබා දෙන්න Google සමාගම තීරණය කර තිබෙනවා. මේ නිසා Signal app එකට ලොකු තරඟකාරීත්වයකට මුහුණ දෙන්න නුදුරු අනාගතයේ සිදුවේවි. සාමාන්‍යයෙන් app එකක setup process එක වගේම ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඔබගේ දුරකථන අංකය භාවිතා වෙනවා. අංකය ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා code එකක් ඔබගේ දුරකථන අංකයට පණිවුඩයක් ලෙසින් ලැබීම සිදු වෙනවා. ඉන් අනතුරුව තවදුරටත් security verification සදහා ඉලක්කම් හතරක pin අංකයක් ඔබ විසින් ඇතුලත් කල යුතු වෙනවා. මෙම messaging app එකෙහි හි සුවිශේෂී ලක්ෂණ අතර නියමිත වේලාවකට පසු තනි සංවාද (Conversation) delete වීමට setting සැකසීමට ඇති හැකියාව කැපී පෙනෙනවා. මෙම feature එක enable කිරීම සඳහා, user profile එක මත click කර “Disappearing Messages” feature එක toggle කිරීම සිදුකළ යුතුයි. "end-to-end encryption" ක්‍රියාවලිය ඇති නිසා බොහෝ අයට Signal වඩාත් ආරක්ෂිත යෙදුමක් ලෙස හඳුන්වන්න පුලුවන්. කෙසේ වෙතත්, Signal මගින් යවන පණිවිඩ ආරක්ෂිත වන්නේ යවන්නා සහ ලබන්නා යන දෙදෙනාම එම යෙදුම භාවිතා කරන්නේ නම් පමණි. ඔබ Signal හරහා සන්නිවේදනය කිරීමට කැමති නම්, මෙය download කිරීමට යමෙකුට ආරාධනා කිරීම ද මේ මගින් කල හැකි වෙනවා. තවද මෙම යෙදුම හරහා පහසුවෙන් යමෙකුගේ contact එකක් block කිරීමට හැකියාව පවතිනවා. ඔබගේ දුරකථනයෙන් යමෙකු Signal app එකට ප්‍රවේශ වීම ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම්, වඩා ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස සාමාන්‍යයෙන් ඔබගේ දුරකථනය lock කිරීමට භාවිතා කරන passcode හෝ fingerprint මඟින්ද මෙම app එක lock කිරීමේ හැකියාව පවතිනවා. මේ app එක හැම කෙනෙකුගේම විශ්වාසය දිනාගන්න තවත් එක හේතුවක් විදිහට මෙය opensource ලෙස නිර්මාණය කර තිබීම පෙන්වා දෙන්න පුලුවන්. මේ නිසාම මේකේ තියෙන ආරක්ෂක දුර්වලතා හැමදෙයක්ම ඉතාමත් වේගයෙන් fix වෙනවා. ඒ වගේම මේක කිසිම ලොකු තාක්ෂණික සමාගමකට, ඒ කියන්නේ Google, Facebook හෝ Twitter වගේ සමාගමකට අයිති නෑ වගේම, non-profit organization එකක් විදිහට තමයි පිහිටුවලා තියෙන්නේ. ඒ නිසාම මේකට ආදායමක් ලබන්න, එහෙමත් නැත්නම් ලාභ ලබන්න තමන්ගේ පරිශීලකයින්ගේ දත්ත අලෙවි කරන්නවත්, ඒවා targetted advertising සඳහා භාවිතා කරන්නවත් අවශ්‍යය වෙන්නේ නැහැ. මේ හේතුව නිසා Edward Snowden වගේ privacy එක ගැන ගොඩක් උනන්දු වෙන අය වගේම ලෝකේ පුරාම ඉන්න නළු නිළියන්ගේ සිට රාජ්‍යය සේවකයින් දක්වා අය මේ පිළිබඳව තම විශ්වාසය තබන්නට කටයුතු කරලා ‍තියෙනවා. ඉතින් ඔබත් මේ යෙදුම භාවිතා කරලා අප සමගත් ඒ ගැන ඔබේ අදහස් බෙදාගන්න අමතක කරන්න එපා."

WhatsApp Status Songs Sinhala ✓ ❤️Sometimes music speaks what you feel inside!❤️ https://t.me/We_Love_Music_Offical

"Galaxy S21 series එකේ අලෙවිය බලාපොරොත්තු වූවාට වඩා පහළ මට්ටමක පවතින බව නවතම වාර්තා වලින් හෙළි වෙයි Samsung සමාගම විසින් S21 series එක නිකුක් කර මේ වන විට මාස 7 ක් ඉක්මවා ගොස් තිබෙන අතර, එහි අලෙවි දත්ත සමාගම කළකිරවනසුලු දත්ත බවට මේ වන විට පත්ව ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. පර්යේෂණාත්මක දත්ත විශ්ලේෂක සමාගමක් වන Kiwoom Securities උපුටා දක්වමින් කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, S21 series එකේ මුල් මාස හයේ අලෙවිය S20 series එකට වඩා 20% කට වඩා අඩු වී ඇති බව හා S10 series එකට වඩා 47% ක් තරම් විශාල අගයකින් අඩු වී ඇති බවයි. ඒ අනුව S21 series එක පළමු මාස 6 තුළ අලෙවි කර තිබෙන්නේ දුරකථන ඒකක මිලියන 13.5ක් පමණයි. නමුත් නිකුත් කර පළමු මාස 6 තුළ S20 series එකේ දුරකථන ඒකක මිලියන 17 ක් අලෙවි වී ඇති අතර, S10 series එක නිකුත් කර පළමු මාස හය තුළ අලෙවි වූ දුරකථන ඒකක ගණන දැක්වෙන්නේ මිලියන 25.5 ක් ලෙසයි. Samsung සමාගම වඩා වැඩි අවධානයක් මෙවර සිය S21 series එකට ලබා ලබා ගැනීමේ අරමුණින්, එය ජනවාරි මාසයේදී නිකුත් කල අතර දුරකථනයේ මිල ගණන් ද S20 series එකේ මිල ගණන් වලට වඩා අඩුවෙන් තබා ගැනීමටද උත්සුක වී තිබුණා ඔබට මතක ඇති . කොහොම වුනත් එම උපායමාර්ගයන්, ප්‍රායෝගික තලය තුළ අසාර්ථක වී ඇති බව තහවුරු වී තිබෙන අතර, ජනප්‍රිය සමීක්ෂණ ආයතනයක් වන Counterpoint හි වාර්තාවකද මෙම පසුබෑම දක්නට ලැබෙනවා. Xiaomi සමාගමේ වර්ධනයද මේ අතර කැපී පෙනෙන සිදුවීමක් වෙන අතර, දැනටම Apple සමාගම ද අභිබවා යෑමට Xiaomi සමාගම සමත් වී තිබෙනවා. Samsung සමාගම මෙම වසරේ පළමු මාස හය තුළ අලෙවි කර ඇති සමස්ථ දුරකථන ඒකක ගණන මිලියන 58 ක් වන අතර, Xiaomi සමාගම මෙම වසරේ පළමු මාස හය තුළ දුරකතන ඒකක මිලියන 53ක් අලෙවි කර තිබෙනවා. මේ නිසා බොහෝ විශ්ලේෂකයින් අනුමාන කරන පරිදි නුදුරු අනාගතයේදීම Xiaomi සමාගම විසින් Samsung සමාගම අතික්‍රමණය කර ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත්වනු ඇති."

🔥All Songs 320kbs High Quality ❤️ English ❤️ Sinhala ❤️ Hindi 🔊 Trance 🔊 New Release All Songs @edm_music_song @edmgangx ❣
🔥All Songs 320kbs High Quality ❤️ English ❤️ Sinhala ❤️ Hindi 🔊 Trance 🔊 New Release All Songs @edm_music_song @edmgangx ❣️උබලට ඕන සිංදු තියනවනම් Group එකෙ Message එකක් දාල ඉල්ලන්න...

https://t.me/chanel_dp_of මේ group එකට ඇඩ්මින් ලා බදවාගනු ලැබේ inbox එන්න ❤️ @CHaMOD_2007 ❤️ මේ group එක තමා අපේ official tech group එක 🥰

ඉහත සදහන් කරුනු වල මුල් අයිතිය ලියපු අය සතුයි 🥰 උපුටා ගැනීමකි 👌 Anotech website 😌

Keylogger මෙම keylogger එකක් යනු මෙම keylogger එකක් අඩංගු අනිෂ්ට වැඩසටහනක් හෝ මෘදුකාංගයක් ඔබගේ පරිගණකය මත ස්ථාපනය වූ විට හැකර
Keylogger මෙම keylogger එකක් යනු මෙම keylogger එකක් අඩංගු අනිෂ්ට වැඩසටහනක් හෝ මෘදුකාංගයක් ඔබගේ පරිගණකය මත ස්ථාපනය වූ විට හැකර්ට මෙම keylogger පහසුකම on කිරීම මගින් ඔබ යතුරු පුවරුවේ ටයිප් කරන ලද සියලුම දේවල් ලබා ගත හැකිය.වර්තමානයේ බාවිතා වන rat ටූල්ස් මත මෙම keylogger පහසුකම දැකගත හැකිය.

Denial Of Service ( Dos / DDos ) මේ denial of service attack එක බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ අන්තර්ජාලයේ තිබෙන websites ඩවුන්
Denial Of Service ( Dos / DDos ) මේ denial of service attack එක බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ අන්තර්ජාලයේ තිබෙන websites ඩවුන් කිරීමට හෝ ක්‍රෑෂ් කිරිමටයි . මොවුන් එය සිදු කරනු ලබන්නේ එම website එකට ඉල්ලීම් විශාල වශයෙන් එක දිගට යැවීමෙන් එම සේවාදායකය එහෙමත් නැත්නම් server එකට එකවර සියලුම ඉල්ලීම් සලකා බැලිමට නොහැකි වීමෙන් සේවාදායකය ක්‍රෑෂ් වීමකට ලක් වේ.මෙය server flooding ලෙස හැදින්වෙයි . මෙම ප්‍රහාරය කොටස් දෙකකට බෙදා දක්වයි එනම් dos හා ddos ලෙසයි.dos attack එකක් තනි පරිගණකයක් ව්සිසින් සිදු කරන අතර පරිගණකයේ පහසුකම් අනුව ප්‍රහාරය මන්දගාමී වීමට ඉඩ සැලසෙයි. ddos attack එකකදී ඉතා පහසුවෙන්ම ඉලක්කගත සේවාදාකය බිද හෙළිය හැකිය.හැකර්සලා විසින් මෙවැනි attack වලදී සොම්බි පරිගණක හෝ බොට්නෙට් බාවිතා කර

Waterhole Attacks මෙම ක්‍රමයේදී හැකර්වරය විසින් සිදු කරනු ලබන්නේ උදාහරණයක් ලෙස ඔබට ජලාශයකම විසක් පැතිරීමට අවශ්‍යනම් ඔබ බාවිතා
Waterhole Attacks මෙම ක්‍රමයේදී හැකර්වරය විසින් සිදු කරනු ලබන්නේ උදාහරණයක් ලෙස ඔබට ජලාශයකම විසක් පැතිරීමට අවශ්‍යනම් ඔබ බාවිතා කරන්නේ ඔබගේ නිවාස අසලින්ම ජලාශයට පිවිසිය හෙකි පිවිසුමද? එහෙමත් නැතිනම් ජලාශය මැදට බෝට්ටුවක් පද ගොසින් විස එක් කරන්නේද? අනිවාර්යෙන්ම ඔබ බාවිතා කරන්න ඔබට පහසුම සහ ලේසිම ක්‍රමය වේ.මෙහිදීද හැකර් විසින් සිදු කරන්නේ ඔබට පහරදිය හැකි හා පහසුවෙන්ම පිවිසිය හැකි බෞතික ස්ථානයකට ප්‍රහාරය එල්ල කිරීමයි. එම ස්ථානය කෝපි කඩයක් එහෙමත් නැත්නම් ආපනශාලාවක් විය හැකි.

Fake WAP දක්ෂ නොවන හැකර් කෙනෙකුට වුවත් පොදු ස්ථානයක තිබෙන wi-fi එකක් අසල එම ස්ටනයේ නිල නාමයෙන් ෆේක් wireless access point එකක
Fake WAP දක්ෂ නොවන හැකර් කෙනෙකුට වුවත් පොදු ස්ථානයක තිබෙන wi-fi එකක් අසල එම ස්ටනයේ නිල නාමයෙන් ෆේක් wireless access point එකක් හෙවත් wap එකක් නිර්මාණය කර තැබිය හැකිය . එමගින් එම පොදු ස්ථානයේ රියල් wi-fi එකයි සිත ඔවුන් සම්බන්ද වන්නේ හැකර් විසින් නිර්මාණය කරන ලද wap එකටයි එමගින් එයාට සම්බන්ද වන පුද්ගලයන්ගේ දත්ත සොරා කෑ හැකිය.

Eavesdropping මෙම eavesdropping attack එක සමහරු තවත් නම් වලින් හදුන්වනවා ඒ sniffing එහෙමත් නැත්නම් snooping attack එකක් විදිහ
Eavesdropping මෙම eavesdropping attack එක සමහරු තවත් නම් වලින් හදුන්වනවා ඒ sniffing එහෙමත් නැත්නම් snooping attack එකක් විදිහට. මේ eavesdropping attack එකක් කියන්නේ ඔබගේ ඕනෑම අන්තර්ජාලයට සම්බන්ද වන උපාංගයක් ජාලයක් හරහා ක්‍රියාත්මක වේ. මෙය බොහෝවිට සිදුවන්නේ අනාරක්ෂිත ජාල සන්නිවේදනයන් හරහාය . මෙහිදී සිදුවන්නේ ඔබ යම්කිසි ජාලයකින් තොරතුරු ලබා ගන්න විට හෝ තොරතුරු යැවීමේදී එම මාර්ගය මැදට සම්බන්ද වන හකර්වරයා විසින් වින්දිතයා විසින් උසුගත කරන හෝ ලබා ගන්න දත්ත ඔහු විසින් සොරා ගනු ලබයි.

Phishing phishing කියන්නේ මේ වෙනකොට ලෝකයේ බොහොම ජනප්ප්‍රිය හැකින්ග් ටෙක්නික් එකක් . මෙම ක්‍රමයේදී මුලිකවම සිද්ද වෙන්නේ සාමාන්
Phishing phishing කියන්නේ මේ වෙනකොට ලෝකයේ බොහොම ජනප්ප්‍රිය හැකින්ග් ටෙක්නික් එකක් . මෙම ක්‍රමයේදී මුලිකවම සිද්ද වෙන්නේ සාමාන්‍ය ජනතාව වැඩිපුරම පාවිච්චි කරන site එකක් එහෙමත් නැත්නම් social මීඩියා එකක log in ඉන්ටර්ෆේස් එක වගේම ඉන්ටර්ෆේස් එකක් හැකර් විසින් නිර්මාණය කරනවා . ඔබට බොහෝ විට මෙම ෆේක් site එක එන්න පුළුවන් ඔයාට ඒ ඔරිජිනල් site එකෙන් එනවා වගේම msg එකක් කියලා . ඉන්පසු ඔබ එම log in පේජ් එකට ඔබගේ තොරතුරු සැපයුවා සැනින් ඔබගේ එම ඇතුලත් කරනු ලැබූ තොරතුරු හැකර් වෙත යනවා . ඔබ එම ෆේක් පේජ් එක තුලට තොරතුරු ඇතුලත් අකර submit කල සැනින් ඔබව යොමු වෙනවා එම ෆේක් පේජ් එකේ රියල් පේජ් එක වෙතට .

Virus , Trojan etc. වෛරස් සහ ට්‍රෝජන් වැනි අනිෂ්ට මෘදුකාංග අපි පොදුවේ malwares කියල හදුන්වනවා. මෙවැනි අනිෂ්ට මෘදුකාංග වලින් ස
Virus , Trojan etc. වෛරස් සහ ට්‍රෝජන් වැනි අනිෂ්ට මෘදුකාංග අපි පොදුවේ malwares කියල හදුන්වනවා. මෙවැනි අනිෂ්ට මෘදුකාංග වලින් සිද්ද වෙන්නේ සමහරක් malwares ඔබගේ පරිගණකයට හානි කරමින් ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත සොරගන්නවා.මම මේ ගැන වෙදිපුර කතා කරන්නේ නැ මොකද අපි malwares පිළිබද මිට කලින් කතා කරලා තියෙනවා .

Clickjacking Attacks මේ attack එක හදුන්වන්න සමහරු තවත් නමක් පාවිච්චි කරනවා ඒ තමයි UI Redress , මේ attack එක ඇතුලෙදි වෙන්නේ හැ
Clickjacking Attacks මේ attack එක හදුන්වන්න සමහරු තවත් නමක් පාවිච්චි කරනවා ඒ තමයි UI Redress , මේ attack එක ඇතුලෙදි වෙන්නේ හැකර් විසින් ඇත්ත URL එක හයිඩ් කරලා හැකර්ට ඔයාව ගෙනියන්න අවශ්‍ය website එක වෙත ඔයාව ගෙනියනවා. මේක තවත් විදියකට කිව්වොත් හැකර් ඔයාගේ click එක hijack කරන එක තමා වෙන්නේ .