2027 Revision | Biology | Virul Weerakoon
Відкрити в Telegram
Показати більше
Країна не вказанаКатегорія не вказана
8 479
Підписники
+424 години
-727 днів
-75030 днів
Архів дописів
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ඇගරෝස් ජෙල විද්‍යුතාගමනයේදී විද්‍යුක්ෂේත්‍රයක් තුළ චලනය වන අණුවක වේගය එහි ආරෝපණය සහ ප්‍රමාණය මත රඳා පවතී.
🔻 In agarose gel electrophoresis speed of a molecule moving in an electric field depends on its charge and the size.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 PCR යනු පෙරටු දාමයේ ඉතා කුඩා ප්‍රමාණයකින්, ශුද්ධ DNA විශාල ප්‍රමාණයක් ලබාගැනීමට හා විශේෂිත ජානයක් වැඩිදුර අධ්‍යයනය සදහා ක්ලෝනකරණයේ දී අත්‍යවශ්‍ය ම ශිල්ප ක්‍රමයකි.
🔻 PCR is an essential technique in cloning procedure which allows generation of large amounts of pure DNA from tiny amount of leading strand and further study of a particular gene.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සෛල රෝපණ තුළ වගා කරනු ලැබූ GM ක්ෂිරපායි සෛල VI සාධකය නිස්සාරණය කිරිමට භාවිත වන අතර හීමොෆීලියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිතයට ගනී.
🔻 GM mammalian cells grown in cell culture are used to extract factor VI used to treat haemophiliacs.

🔻 රළු අන්තඃප්ලාස්මීය ජාලිකාව නාලිකාමය මඩිවලින් සෑදී ඇති අතර එහි පිටත පෘෂ්ඨයට රයිබොසෝම බැඳී ඇත.
🔻 Rough ER consists of tubular sacs, and ribosomes bound to surface proteins synthesized by ribosomes move into lumen of ER.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 නිදහස් රයිබසෝම සෛලප්ලාස්මය තුළ කාණ්ඩයක් ලෙස නිදහසේ පවතින් අතර බැඳුණු රයිබොසෝම සිනිදු අන්තඃප්ලාස්මීය ජාලිකාවේ පටල පෘෂ්ඨයට බැඳී ඇත.
🔻 Free ribosomes are freely available in the cytoplasm while bound ribosomes are attached to the membrane surface of smooth endoplasmic reticulum.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 නිදහස් රයිබසෝම සෛලප්ලාස්මය තුළ කාණ්ඩයක් ලෙස නිදහසේ පවතින් අතර බැඳුණු රයිබොසෝම සිනිදු අන්තඃප්ලාස්මීය ජාලිකාවේ පටල පෘෂ්ඨයට බැඳී ඇත.
🔻 Nuclear envelope is made up of protein filaments and extended throughout the interior of the nucleus.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 න්‍යෂ්ටිය අභ්‍යන්තරයෙන් විහිදුණ ප්‍රෝටීන සූත්‍රිකාවලින්, න්‍යෂ්ටි ආවරණය සෑදී ඇත.
🔻 Nuclear envelope is made up of protein filaments and extended throughout the interior of the nucleus.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සෙලියුලෝස් සහ සෙලියුලෝස් නොවන ලිග්නීන් වැනි සෛල බිත්ති සංඝටක නිපදවීම ගොල්ගී උපකරණයේ කෘත්‍යයකි.
🔻 Manufacturing cellulose and non cellulose cell wall components such as lignin is a function of Golgi apparatus.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 පටලය තුළින් සම්පූර්ණයෙන් ම විනිවිද යන ඇතැම් පර්යන්ත ප්‍රෝටීන අණු තීර්යක් පටල ප්‍රෝටීන ලෙස හැඳින්වෙ අතර පටලයේ කොටසක් තුළින් පමණක් විනිවිද යන ප්‍රෝටීන ද ඇත.
🔻 Some of the peripheral proteins penetrate all the way through the membrane, called transmembrane proteins and some others penetrate only part of the way into the membrane.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ලයිසොසෝම තුළ කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන සහ නියුක්ලෙයික් අම්ල බිඳහෙළීම උත්ප්‍රේරණය කරන ඔක්සිකරණ එන්සයිම අඩංගු ය.
🔻 Lysosomes contain oxidizing enzymes which catalyze breakdown of carbohydrates, proteins, lipids and nucleic acids.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සෛලීය සැකිල්ල සෛලයේ හැඩය පවත්වා ගෙන යෑමට ආධාර කරන සන්ධාරක ව්‍යූහයක් වන අතර සෛල බිත්ති නොමැති සත්ත්ව සෛලවලට පමණක් වැදගත්ය.
🔻 Cytoskeleton is the supporting structure of the cell and maintains its shape and it is important only for animal cells which lack cell walls.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 කේන්ද්‍ර දේහ සිලින්ඩරාකාරව සකස් වූ ක්ෂුද්‍රනාලිකාවලින් සෑදුණ, පටලවලින් වට නොවූ සත්ත්ව සෛලවල පමණක් පවතින උපසෙලීය සංඝටකයකි.
🔻 Centrosome is made up of cylindrically arranged microtubules which are non- membrane bounded subcellular component present only in animal cells.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 විශේෂයෙන් විශේෂයටත්, එකම විශේෂයේ සෛල වර්ග අතරත්, සෛල පටලයේ රසායනික සංයුතිය අධිකව වෙනස් වේ.
🔻 The chemical composition of the cell membrane greatly varies from species to species and even from one cell type to another even in the same species.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 තද සන්ධි, ශක්තිමත් බැඳීමක් සඳහා අතරමැදි සූත්‍රිකා මඟින් යාබද සෛලවල සෛල සැකිල්ල යාන්ත්‍රිකව සම්බන්ධ කරයි.
🔻 Tight junctions mechanically attach the cytoskeletons of adjoining cells by intermediate filaments for strong binding.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 බහිසෛලීය පූරකයේ ප්‍රධාන සංඝටක වන්නේ, ග්ලයිකොප්‍රෝටීන සහ සෛල මඟින් ස්‍රාවය කරන වෙනත් ලිපිඩ අඩංගු අණු ය.
🔻 Main components of the ECM are glycoproteins and other lipid containing molecules secreted by the cells.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සෛල චක්‍රය පාලනය කරන පිරික්සුම් ස්ථාන G1, G2 හා S කලාවල ඇත.
🔻 There are cell cycle controlling checkpoints available at G, G2 and S phases to ensure that the cell is ready for moving into upcoming phases of cell division.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 යෝග කලාවේදී කයිනෙටොකෝර් නමින් හැඳින්වෙන විශේෂ ප්‍රෝටීනයක් මඟින් එක් එක් වර්ණ දේහයේ වර්ණදේශාංශවල සෙන්ට්‍රොමියරය අසල දී සම්බන්ධ වේ.
🔻 At the metaphase special protein called kinetochore attaches the sister chromatids of each chromosome at their centromere.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 නිදහස් ශක්තිය මුදා හැරීමෙන්, සරල අණුවලින් සංකීර්ණ අණු සෑදීම සංවෘත්තියයි.
🔻 Anabolism is making complex molecules from the simple molecules by releasing free energy.