ru
Feedback
LuSi's CoDEs

LuSi's CoDEs

Открыть в Telegram

Learn Telegram bot dev from Zero to Hero 🔰

Больше
477
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
photo content

Loops කියන්නේ programming වලදි ගොඩක් වැදගත් වෙන code block එකක් repeat කරන්න use කරන එකක්. ඉතිම් python වල loops වර්ග 2ක් තියෙනවා. එකක් For loops සහ අනික While loops. හරි දැන් බලමු කොහොමද මේව වැඩ විදිය. 🐍 === 1. For Loops === for loop use කරන්නෙ sequence(list, tuple, string, or range වගේ) එකක් නැවත නැවත run කරන්න සහ sequence එකේ තියෙන එක් එක් item එකට code block run කරන්න. # Example (list)
fruits = ["apple", "banana", "cherry"] for fruit in fruits: print(fruit)
# Example (string)
for char in "Python": print(char)
# Example (range)
for i in range(5): print(i)
ඉතිම් මේ උදාහරණ වලදි for loop, මේ sequence වල elements වල (fruits, characters in the string, numbers in the range) repeat වෙනව සහ ඒ හැම item එකකටම නිශ්චිත code block එකක් ක්‍රියාත්මක කරනවා. === 2. While Loops === නිශ්චිත condition එකක් සත්‍ය(True) වෙනකම් code block එකක් repeat කරන්න while loop use කරනවා. # Example
i = 1 while i <= 5: print(i) i += 1
මෙතනදි i <= 5 කියන condition එක සත්‍ය(True) වෙනකම්ම while loop වලින් ඒ code block එක repeat කරනවා. condition එක අසත්‍ය (False) උනහම loop එක නතර වෙනවා. === Loop Control Statements === මීට අමතරව loops control කරන්න Loop Control Statements ටිකකුත් අපිට python වලදි බලාගන්න පුලුවන්. » break: loop එකක් අවසන් කරන්න. » continue: code block එකක් Skips කරන්න. » else: loop එකක් සාමාන්‍යයෙන් ඉවර උනාම code block එකක් run කරන්න. # Example for break and continue
for i in range(1, 10): if i == 3: continue # Skip printing 3 if i == 7: break # stop loop when i equal to 7 print(i)
# Example for else
for i in range(5): print(i) else: print("Loop completed successfully")
හරි ඉතිම් මං හිතනවා කියපුවා තේරෙන්න ඇති කියල. තේරෙන්නැති දෙයක් තියේ නම් comment එකක් දාන්න සහ ඔයාට දීල තියෙන example codes run කරලත් තේරුම් ගන්න පුලුවන් කොහොමද ඒව වැඩ කරන්නෙ කියල. ඒ වගේම තමයි ඔන්න දැන් අපි channel එකේ quiz දානවා. අනිවාරෙන් ඒවට answer කරන්න. එතකොට මටත් දැනගන්න පුලුවන් කට්ටිය කියපුව හරියට තේරුම් අරගෙනද කියල. ඒනම් ඉතිම් සුපුරුදු විදියට react එකක් දාල share කරල sup එකකුත් දෙන්න. Happy coding ! 🚀 @LuSiCoDEs | @LusiCoDEsDiss

What is the output?
Anonymous voting

photo content

හරි ඉතිම් ඔන්න අද කතා කරන්න යන්නේ conditional statements ගැන. ඒ කියන්නෙ කොන්දේසි සහිත ප්‍රකාශන වලට. ඉතිම් python වලදි conditional statements හදන්න අපි use කරන්නෙ if, elif (else if), සහ else කියන statements. දැන් බලමු කොහොමද මේවගෙන් statement එකක් හදන්නෙ කියල. 🐍 === 1. If Statement === • If statement එක use කරන්නෙ මොකක් හරි ප්‍රකාශයක් සත්‍ය(True) නම් code block එකක් ඒ කිව්වෙ යම් කිසි process එකක් run කරන්න. # Example
x = 5 if x == 5: print("x equal to 5")
මෙතනදි x == 5 උනොත් විතරයි මේ x equal to 5 කියන එක display වෙන්නෙ. මතක තියාගන්න loop, while, if, else වගෙ statement වලදි run වෙන්නොනි code ලියද්දි ඒ අදාළ claus එකට යටින් Tab space එකක් (normal space 4 ක් වගෙ) තියල තමයි code එක ලියන්න ඕනි. === 2. Elif Statement === • Elif statement එක use කරන්නෙ if statement එකෙන් පස්සෙ තියෙන conditions check කරන්න. Elif එකෙන් අදහස් වෙන්නෙ 'එහෙමත් නැත්තම්' වගේ එකක්. # Example
x = 0 if x != 4: print("x is not equal to 4") elif x < 8: print("x is less than 8")
මේ example එකේදි x, 4ට සමාන නම් program එක check කරනව x, 8ට වඩා කුඩයි ද කියල. ඒ condition එක සත්‍ය නම් ඒ අදාළ code block එක run වෙනවා. === 3. Else Statement === • Else statement එක use කරන්නෙ පෙර conditions එකක්වත් සත්‍ය නැත්තම් වෙන code block එකක් run කරන්න. # Example
x = 6 if x < 0: print("x is less than 0") elif x <= 0: print("x is less than or equal to 0") else: print("x is greater than 0")
මේකෙදි x < 0 හෝ x <= 0 කියන conditions අසත්‍ය(False) නම් else block එකේ තියෙන code එක run වෙනවා. ඔන්න ඉතිම් දැන් නම් ඔයාට පොඩියට python code එකක් ලියන්න පුලුවන් වෙන්න ඕන. අපි ඉස්සරහට practical part එකක් කරමු. ඊට කලින් ඔයා try එකක් දීල බලන්න ඔයාට තනියම පොඩි code එකක් ලියන්න පුලුවන් ද කියල. ඒනම් post එක දික් වෙන නිසා වැඩිය කයිය ගහන්නෑ. ප්‍රශ්න තියෙනව නම් කොමෙන්ටුවක් දාල post එකට react එකකුත් දාන්න! Happy coding ! 🚀 @LuSiCoDEs | @LusiCoDEsDiss

මෙහෙම හොඳයි ද නැද්ද කියලවත් comment එකක් දාන්නකො 🥲👍

ඔන්න එහෙනම් මම ඉස්සෙල්ලම basic syntax, ඒ කිව්වේ variables, data types, සහ operators ගැන කතා කරන්නම්. 🐍 === 1. Variables === Python වලදි variables use කරන්නෙ යම්කිසි අගයක් ගබඩා කරන්න. ඒ කියන්නේ නිකම් අපි මොකක් හරි දත්තයක් භාජනයකට දාල තියනව වගේ scene එකක්. අපිට මොකක් හරි දත්තයක් variable එකකට සමාන කරන්න ඕන නම් ඒකට සමාන ලකුණ ( = ) use කරන්න පුලුවන්. ඒ වගේම තමයි variables වලදි space තියන්න බැහ්. ඒ කිව්වෙ My name කියල variable එකක් හදනවනම් My_name වගේ space වෙනුවට underscore ( _ ) එකක් දාන්න පුලුවන්. # Example
x = 10 name = "Kamal"
=== 2. Data Types === මේ programming language එකේදි data types ඒ කිව්වෙ දත්ත වර්ග කිහිපයක් තියෙනවා. Numeric types: Integers (int), floating-point numbers (float), and complex numbers (complex). Sequence types: Lists (list), tuples (tuple), and strings (str). Mapping type: Dictionary (dict). Boolean type: Boolean (bool). # Examples of different data types
age = 25 # Integer pi = 3.14 # Float name = "Alice" # String is_valid = True # Boolean Xlist = [1, 2, 3] # List Xtuple = (4, 5, 6) # Tuple Xdict = {'a': 1, 'b': 2} # Dictionary
=== 3. Operators === Operators කියන්නෙ ඉතිම් එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම වගේ දේවල්. # Arithmetic operators
result = x + y # එකතු කිරීම result = x - y # අඩු කිරීම result = x * y # ගුණ කිරීම result = x / y # බෙදීම
# Assignment operators
x += 1 # ඒ කියන්නෙ x = x + 1 y -= 1 # ඉට් මීන්ස් y = y - 1
# Comparison operators
equal = (x == y) # සමානයි inequal = (x != y) # අසමානයි greater = (x > y) # විශාලයි less = (x < y) # කුඩායි g_or_e = (x >= y) # විශාලයි හෝ සමානයි l_or_e = (x <= y) # කුඩායි හෝ සමානයි
# Logical operators
and = (x > 0) and (y < 10) # AND තර්කය or = (x > 0) or (y > 10) # OR තර්කය not = not (x > 0) # NOT තර්කය
හරි ඉතිම් අදට මෙච්චරයි. post එක නම් ටිකක් විතර ලොකුයි තමයි ඒත් ඉතිම් මෙහෙම නැතුව එකින් එක ගැන වෙන වෙනම හෑලි ලියන්න ගියොත් basic ටික දන්න අයට එපා වෙනව වගේම මං target කරපු දේ කරන්නත් කල් යනවා. Anyway අද කියපු ටික තේරුනාද මෙහෙම හොදයි ද නැත්තම් එකින් එක ගැන වෙන වෙනම කියන්න ඕනද කියල comment කරන්න. ඒ වගේම ඔයාට තියෙන ප්‍රස්නත් කොමෙන්ට් කරන්න. දන්න අයත් ඉතිම් පුලුවන් විදියට ඒ අයට help කරන්න. ඒනම් අදට යනවා. අමතක නොකර react එකක් දාල share කරල sup එකක් දෙන්න ! Happy coding! 🚀 @LuSiCoDEs | @LusiCoDEsDiss

ඔයා පාවිච්චි කරන්නෙ Windows නම්, මේ Command එකෙන් ලේසියෙන්ම ඔයාගෙ Computer එකේ Python Install කරගන්න පුලුවන්. දැනටමත් Install කරල නම් තියෙන්නෙ ඔයා install කරල තියෙන python package එකේ updates තියෙනවනම් automatically update කරලා දෙනවා. Environment variables ගැන කරදර වෙන්න ඕනෙත් නෑ. Powershell open කරල මේ command එක copy/paste කරල Enter කරන්න.
winget.exe install --id Python.Python.3.12 --exact --accept-source-agreements --silent --disable-interactivity --accept-package-agreements

Write Your First Python Script Today...😄
**Writing Your First Script**
1. Create a new file in your code editor and save it with a .py extension (e.g., my_script.py) 2. Type the following code into the file:
print("Hello, world!")
**Breaking Down the Code**
* print() is a function that displays text in the output. * "Hello, world!" is the text that we want to print.
**Running the Script**
1. Click the "Run" or "F5" button in your code editor. 2. You should see the following output in the console:
Hello, world!
**Congratulations!**
You have now written and run your first Python script.🥰 📌 Drop Your Reactions For Next Tutorials 😘 𝙃𝙀𝙓𝙀𝙍™ 🇱🇰 @LuSiCoDEs | @LusiCoDEsDiss

කලින්ම දැම්ම ඔන්න 🌚

python ඉගෙන ගන්න කලින් ඔයාගෙ pc/lap එකට python install කරගන්න ඕන. ඉතිම් python install කරගන්න නම් පහලින් දාල තියෙන link එකෙන්
python ඉගෙන ගන්න කලින් ඔයාගෙ pc/lap එකට python install කරගන්න ඕන. ඉතිම් python install කරගන්න නම් පහලින් දාල තියෙන link එකෙන් ගිහින් ඔයාගෙ device එකට හරියන python application එක download කරගන්න ඕනි. Install කරගද්දි PIP, PATH (මට මතක විදියට) කියල 2ක් තියෙවි. අනිවාරෙන් ඒ 2ට tick ✅ එකක් දාන්න. ඒ වගේම programming කරද්දි ලේසි වෙන්න IDE එකක් ඕන වෙනවා. මන් නම් recommend කරන්නෙ VS Code එක. නමුත් ඒව නැතුව notepad එකෙන් උනත් අපිට programming කරන්න පුලුවම් බවත් මතක තබාගන්න. Pc/lap නැති අයට QPython, PyPro3, Termux වගේ mobile app එකක් use කරන්න පුලුවම්. Python (Pc) Python (Mobile) VS Code (Pc) හරි ඒනම්.. දැන් වැඩ පටන් ගන්නයි තියෙන්නේ. Python install කරද්දි ප්‍රස්න ආවනම් කොමෙන්ටුවක් දාල post එකටත් react එකක් දාන්න. ❤️ @LuSiCoDEs | @LusiCoDEsDiss

අද 4ට post එක දානවා ❤️

sticker.webp0.39 KB

1st post එක දාන්න කලින් ගැම්ම ගන්න ලින්කුව හැමතැනම share කරල sub 100 පන්නමු ද? @LuSiCoDEs | @LusiCoDEsDiss

මන් හිතුවෙ නිකම් code ටික දාන්න. But ගොඩක් අය දන්නෙ නැති නිසා එහෙනම් මුල ඉදලම කියල දෙන්නම් නෙහ් 🙃. හැබෙයි ඔන්න දැන්ම කිව්වා තියෙන වැඩත් එක්ක මට පුලුවන් විදිහට තමයි පොස්ට් ගෙන්න වෙන්නේ 💫. දැන් ඉතිම් leave වෙන්න එහෙම එපා හොදේ හාපෝ මුගෙන් ඉගෙනගන්නවට වඩා හොදයි clz එකකට යනව කියල 😒. ඒනම් හෙට ඉදල වැඩ පටන් ගන්නම්. ❤️

කස්ටිය... How about your Python knowledge?
Anonymous voting

link එක වටේ යවල ගමුද 💀

😙 හෑලි නැහ්. 🧑🏼‍💻Programming වලට කැමති නම්, 🤖Telegram bot developing වලට interesting නම් join වෙන්න.🤗 • • • • @LuSiCoDEs | @LusiCoDEsDiss

🤪 වැඩ පටන් ගන්න කලින් free hosting services ටිකක් කියලම පටන් ගන්නම්. 😌 📝 Web hosting services,
1. 000webhost.com 2. Freehostia.com 3. Jimdo.com 4. FreeHosting.com 5. xtreemhost.com 6. Zymic.com 7. Byethost.com 8. 110MB.com 9. AwardSpace.com 10. 1FreeHosting.com 11. FreeHostingEU.com 12. Uhostfull.com 13. 50Webs.com 14. ZettaHost.com 15. x10hosting.com
🤖 Bot hosting services,
1. pythonanywhere.com 2. telebotcreator.com 3. render.com 4. bot-hosting.net 5. bots.business
🤗 ඕගොල්ලො දන්න ඒවත් තියේ නම් comment කරන්න. 💫 Usefull උනා නම් react එකක් දාල ගන්න. ❤️ Copyright © 2024 @LuSiCoDEs

Check one 🔈✨ soon...