cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

@𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢.㋡

සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ Revision Notes / Papers + විවරණ සියල්ලම මෙමගින් ලබා ගත හැක.

Больше
Рекламные посты
6 722
Подписчики
+724 часа
+867 дней
+48030 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
අවුරුදු 19දී පටන්ගත්ත හරි මහන්සි ගමනක්... දැන් ලේසි දේ කරලා ඉස්සරහා අමාරු කරගන්න බහුතරය අතරේ දැන් අමාරු දේ කරලා ඉස්සරහ ලේසි කරගන්න මහන්සි වෙන එකෙක් වෙන්න බලන්න ළමයි. එහෙම ගමනක් දිහා හැරිලා බලනකොට දැනෙන රහ තියෙන්නේ ඔයාලා දන්න level එකට ගොඩක් එහායින්. ඒක නොවිඳ මැරෙන්න එපා. Sometimes the path is tough and the goal seems distant, but never give up. What once seemed impossible will soon become the reality. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Показать все...
104 1
Фото недоступноПоказать в Telegram
🌥 Good Morning ✨ 🏆Daily Quote :අධිෂ්ඨානයෙන් අවදි වන්න, තෘප්තිමත්ව නින්දට යන්න. ඔබ ප්‍රගතියක් ලබනවා! 🌟 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති27 දින 190 යි පැය 15 යි මිනිත්තු 23 යි 📅අද 2024-05-18 Powered By Exam Countdown Bot ⏳
Показать все...
8
Repost from Uni Of Pera ❤️
Фото недоступноПоказать в Telegram
AT එකේ චිත්‍රපටියක් තෙල් බැම්ම උඩ වරුවක් ගෙම්බා කැන්ටිමේ අඩුවක් ආදර මාවතේ අවනඩුවක් අක්බාර් පාලමට තව කණුවක් ! ගල් අඟුරු ට්‍රැක් එකේ රවුමක් ගජසිංහ පාලමේ අලි කෙලියක් හිල්ඩා මාලිගේ පොඩි වලියක් රොබරොසියා මල් වලින් සහතිකයක් ! සනාතන මන්දිරේ අනාත සිහිනයක් හත්මහල් පොත්ගුලේ පොත් කාවෙක් හාදු දෙන වංගුවේ තහනම් ආලයක් හන්තාන කදු පෙලම සිපත්තු වලාවක් ක⁣ඩොලාන මල් පිපෙන ගොඩබිමක් මහවැලිය ඉකිබිදින ගං තෙරක් තරු එලිය මඟ කියන කෙම්බිමක් වෙන කොහිද හන්තාන සරසවියම මිසක් ! .. © හන්තානේ රොමාන්තිකයා #copied #uniofpera
Показать все...
40💯 4
00:12
Видео недоступноПоказать в Telegram
#uoc ❤️‍🔥
Показать все...
45❤‍🔥 11
Фото недоступноПоказать в Telegram
ඔබ දැන් ගන්නා තීරණ මත ඔබේ අවසන් ප්‍රතිඵලය තීරණය වේ.
Показать все...
33💯 5
Фото недоступноПоказать в Telegram
🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 27 යි දින 191 යි පැය 18 යි මිනිත්තු 28 යි 📅අද 2024-05-17 Powered By Exam Countdown Bot ⏳
Показать все...
කුඩේ. කැම්පස් දවසක, හවසක, තුම්මුල්ල හන්දියට පතුරු යන්න වහිනවා. වැස්සකට මුවා වෙන්න කොළඹ කැම්පස් එක, ශ්‍රී විහාර් එක, ලක්සල හෙම පේන මානේ තියනවා. ඒත් අපි හිටියේ පාරෙන් අනිත් පැත්තෙ. බෞද්ධාලෝක මාවතේ. එතන තිබ්බේ ලොන්ඩරියේ කොට වහල කෑල්ල විතරයි. කුඩේ අමතක වෙච්ච එයා ඒ වහල කෑල්ල යට. මලාට කූඩයක් පාවිච්චි නොකරපු මම පාරේ එහාට පැන පැන, මෙහාට පැන පැන ට්‍රයිශෝ එකක් නතර කරන්න ට්‍රයි එකක් දෙනවා. නතර කරපු එකම ත්‍රීවීල් එකත් 'කොළඹට දුවන්න බෑ මහත්තයා, පාර වන් වේ' කියලා ගියා. මුලින් වැස්ස වැටුනේ යන්තං සන්තං. පස්සේ ටිකක් සැරට ඇල්ලුවා. මං නෑවා. එයාගේ ගවුම් සායේ කෙළවරක් හොඳටම තෙමිලා, වාටියෙන් වතුර බේරෙනවා. කෙල්ලගේ මූනත් එච්චර හරි නෑ. කාර් එකක් ආවා. අලු පාට සිඩෑන් ටයිප් කාර් එකක්. බී එම් ඩබ්ලිව් එකක් ද මන්දා, වර්ගෙ මතක් නෑ. ඇවිත් මං ගාවින් නතර කරා. "පුතා ඩිකියෙ කුඩයක් ඇති අරගන්න." එහෙම කිව්වේ ඒ කාර් එක පැද්ද මහත්මයා. අවුරුදු හතලිහකට කිට්ටු පෙනුමක් තිබ්බේ මතක හැටියට. එයාට එහා පැත්තෙ හිටියේ, ඒ වගේම වයසේ  නෝනා කෙනෙක්.  මම ඔලුව නැමුවා. ඩිකිය ඇරියා. කුඩේ අරගත්තා. ඒක බස්තමක් වගේ දිග, බැංකුවකින් දීලා තිබ්බ, වටින කුඩයක්.  "ඉන්න මං ගර්ල් ව හෙවනට ඇරලවලා ගෙනත් දෙන්නන්." කියලා මම යුතුකමට හිනා වුනා. "නෑ පුතා තියාගන්න." මට ටිකක් අවුල් හිතුනා. ලැජ්ජකමද, උද්දච්ච කමද කියන්න මට තේරෙන්නේ නෑ. ඒත් එහෙම දෙයක් නිකං ගන්න බෑ වගේ ගතියක් දැනුනා. " නෑ එපා. මම ගෙනත් දෙන්නන්. ඉන්න. " ඒ මහත්මයා හිනා උනා. නෝනත් හිනා උනා. " ඔයා ඕක අරගෙන යන්න. අපි දෙන්නටත් ඔහොම අතීතයක් තියනවා." ඒ වචන ඒ විදිහට හැබෑ ලෝකේ ඇහුවෙ ජීවිතේ පලවෙනි වතාවට.  මම ඒ මහත්මයා ට ස්තුති කරා. මම වෛද්‍ය ශිෂ්‍යයෙක් කියලත් කිව්වා. මගේ අමුතු නමත් කිව්වා. ඒ හැම දේකටම හිනා උනා මිසක් ඒ මහත්මයා ඒ දේවල් කනකට ගත්ත බවක් පෙනුනේ නෑ. මම ගෑණු ළමයව ටක් ගාලා එහාපැත්තෙ බැංකුවේ වහල යටට ගෙනියලා තියලා, කුඩේ ආයි දෙන්න ආවා. ඒත් ඒ වාහනේ ගිහින් තිබුණා.  එදා ඒ ලොකු කුඩේ යටින් ගෑණු ළමයව පරිස්සමට එක්කන් යන ගමන් මම ගොඩක් දේවල් හිතුවා. කවදා හරි මමත් ඔහොම කරනවා කියලා හිතුවා. පස්සේ බැඳපු කාලෙක ඒ මහත්මයා ව හොයාගෙන ගිහින් හම්බවෙලා, කුඩේ එක්ක තෑග්ගකුත් දෙන්න  හීනයක් මැව්වා. ජීවිතේ හරිම අහඹුයි. සමහර කතා ලස්සනයි, ඒත් කෙටියි. අසම්පූර්ණයි. ඒ අසම්පූර්ණ අවසානයන් කව්රු කොහොම නිර්වචනය කරත් වැරදි නෑ. ඒත් ඒක ලස්සනයි. අද ඒ ගෑණු ළමයා නෑ. කුඩේ තියනවා. දුර ගමනක් යද්දී මම තනියට අරං යනවා. දුර ගමනක් ගිය කෙනෙක් ගෙන් ලැබුණු නිසා, ආරක්ෂාවක් දැනෙනවා. එහෙම ගමන් වලදී සමහර වෙලාවට වහිනවා. එහෙම වෙලාවට ඉබේටම වට පිට බැලෙනවා. අපි වගේ කුඩයක් නැතිව තෙමි තෙමි ත්‍රීවීල් අල්ලන මෝඩ ජෝඩුවක් ඉන්නවද කියලා බලනවා. එහෙම හම්බෙච්ච දවසට මේ කුඩේ මම එයාලට දෙනවා. මොකද… "මටත් ඔහොම අතීතයක් තියනවා. ( උපුටා ගන්නා ලද්දකි )
Показать все...
103😢 4🌚 1
Фото недоступноПоказать в Telegram
32🔥 1
Фото недоступноПоказать в Telegram
🌥 Good Morning ✨ 🏆Daily Quote :ජීවිතය උස් පහත්වීම් වලින් පිරී ඇත, නමුත් ඔබ ඒවා හසුරුවන ආකාරය වැදගත් වේ. දිගටම උත්සාහ කරන්න! 💪🌟 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති27 දින 192 යි පැය 15 යි මිනිත්තු 24 යි 📅අද 2024-05-16 Powered By Exam Countdown Bot ⏳
Показать все...
Фото недоступноПоказать в Telegram
👀🫡
Показать все...