Learn Bits
Открыть в Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Больше1 305
Подписчики
Нет данных24 часа
-97 дней
-4230 день
Архив постов
1 305
විශ්වාසය උපයගන්නෙ කොහොමද?
1. බොරු කියන්න එපා
2. වංචා කරන්න එපා
3. මවාපෑම් සිදුකරන්න එපා
4. අන් අයව හසුරවන්න යන්න එපා
5. සත්‍ය වසන් කරන්න එපා
6. අදහස් කරපු දේම කියන්න
7. උන පොරොන්දු ඉටු කරන්න
8. අනිත් අයවත් විශ්වාස කරන්න
9. වංකකමට එරෙහි වෙන්න
10. පුරසාරම් කියවන එක නවත්තන්න
11. නිහතමානී වෙන්න
#Life_Tips
1 305
වර්තමානයේ පෘථිවිය තුළ ශාක විශේෂ කීයක් විතර තියෙනවද?
නවතම ගෝලීය භූ-මූලාශ්‍ර දත්ත වලට අනුව, පෘථිවිය තුළ ඇස්තමේන්තුගත ශාක විශේෂ 73,000 ක් පමණ පවතිනවා. ඒ වගේම, එයින් ශාක විශේෂ 9000ක් පමණම තාම සොයාගැනීමට නොහැකි වී ඇති විශේෂ බවත් සැලකෙනවා.
මේ සොයා නොගත් ශාක විශේෂ වලින් 40%ක් පමණම තියෙන්නෙ දකුණු ඇමරිකාව තුළයි.
මේ දක්වා සොයාගෙන තියෙන ශාක විශේෂ අතුරිනුත් තුනෙන් එකක් (33.33%) පමණම, ඉතා දුර්ලභ, අඩු සංඛ්‍යාවක් පවතින ශාක විශේෂයි.
#Knowledge
1 305
ඉංග්‍රීසි සෙට් නැතත් කඩ්ඩ පාඥ්ඥං කෙනෙක් වගේ හැසිරෙන්න සහ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයාට උදව් වෙන සයිට් කීපයක්
- Google Translate
- Bing Translator
- Quillbot.com (grammer checker)
- Elllo.org
- collinsdictionary.com (synonyms)
#English
1 305
පෞද්ගලික සීමාවන්
"බොන මිනිස්සුන්ව මම ආශ්‍රය කරනව ඕනෙ තරම්. හැබැයි මම කවදාවත් ඔය ජරාව කටේවත් තියන්නෑ. සහ මගෙ යාලුවෙක් මට එහෙම කරන්න බල කරනව නං, මම තවදුරටත් එයාව යාලුවෙක් හැටියට සලකන්නෑ"
පුද්ගලික සීමාවන් හෝ personal boundaries කියන්නෙ මොකක්ද කියල කිසිම තේරුමක් නැති කෙනෙක් ඉන්නව නං, උඩ ප්‍රකාශය අවබෝධ කරගන්න.
පෞද්ගලික සීමාවන් නැති පුද්ගලයෙක්ට, තමන් විදිහට ජීවිතයක් ගත කරන්න ගොඩක් අමාරුයි. හෝ එහෙම ගත කරන්න බැරි වෙනව.
පෞද්ගලික සීමා රහිතව ජීවත් වෙනව කියන්නෙ, ඕනෙම කෙනෙක්ට ඕනෙම වෙලාවක තමන්ගෙ ලෝකය ආක්‍රමණය කරන්න ඉඩ දීමක්.
අපි ජීවිතය තුළ නිර්මාණය කරගන්න මේ සීමා වල පරමාර්ථය තමයි, අපිට අපේම ජීවිතය ගෙවන්න ඉඩ සලසා ගැනීම. පිටස්තර ලෝකයෙන් නොකඩවාම අපි වෙතට එල්ල වෙන බලපෑම් වලට එරෙහිව තමයි අපි මේ විදිහට පෞද්ගලික සීමාවන් ගොඩනගාගන්නෙ.
ඔයා හිතන් ඉන්නව නං කිසිම සීමාවක් නැතුව, ලෝකෙට ඕනෙ විදිහට ජීවත් වෙන එක තමයි "ජීවිතය" කියල, ඒක ලොකු මුලාවක් බව සිහියෙ තියාගන්න. ඒ නිසා උචිත සීමාවන් ගොඩනගාගන්න. ඒක ආත්මාර්ථකාමීත්වය නෙවෙයි. ඒක ස්වයං ආරක්ෂක ක්‍රියාමාර්ගයක් හැටියට හිතන්න.
#Psycho_Facts
1 305
Repost from චැප්ලින්📍𝗖𝗛𝗔𝗣𝗟𝗜𝗡
😄 ✨ චැප්ලින් ✨ 😄
හෝව් හෝව් !!! 🚫 🚫 🚫
කොහෙද යම්නෙ මේ ජම්බෝලේ වගේ 🤩😍🤩
🌙 පාඩම් කරලා පට්ට මහන්සිද කම්මැලී වගේද
❓❓❓
මහන්සිය නැතිකරගෙන 🆒
refresh වෙම්න ඕනිද 🆒 🆒
🌙 N2O ටිකක් දෙම්නද ✨
🌙 හිනා වෙන්න කැමති අය සෙට් වෙම්න, අපි දෙනව ඔයැයිලට මත්වෙම්න 😇😇
🌙 හොඳ හොඳ සෙල්ලම් බලම්න ඕනි නම් ඩැන්ම පහළ බටම් ඔබම්න
😓😓😓😓😓😓
🌙 චැප්ලින් සකරබයිස්ලා එක්ක සෙට් වෙලා පෝස්ටුවලට සිමෙන්ට් කරම්නත් අමතක කරම්න එපා 👀
සැ.යු : හිනා වෙම්න ගුලි කම්නම ඕනි නෑ 😂😂😂
❤️ 9000+ subscribers ✅️
🔤🔤🔤🔤 🔤🔤🔤💟
😀🔥 @Chap_lin_sl 🔥🔥
1 305
Hide And Seek - Ghost Games
Hide and seek කියන්නෙ ජපානයෙන් මූලාරම්භ උන භූත සෙල්ලමක්. මේකෙ ජපන් නම Hitori Kakurenbo
මේ සෙල්ලම කරන්න නම් ඔයාට අමුද්‍රව්‍ය කීපයක් ඕනෙ වෙනව.
අවශ්‍ය ද්‍රව්‍යය :
- බෝනික්කෙක් (අත් කකුල් ඇති)
- හාල් මල්ලක්
- ඔයාගෙ කපාගත් නියපොතු කීපයක්
- ඉඳිකටුවක්
- තද රතු පාට නූලක්
- තියුණු පිහියක්
- ස්වභාවික ලුණු කෝප්පයක් (ලුණු වතුර සෑදීමට)
- සැඟවී සිටීමට කුඩා කාමරයක්
ක්‍රීඩාව පවත්වන ආකාරය :
» බෝනික්කව කපල විවෘත කරල ඇතුලෙ තියෙන පුළුන් ආදී ද්‍රව්‍යය ඉවත් කරන්න. ඊළඟට බෝනික්කව හාල් වලින් පුරවගන්න.
(ගොඩක් ආසියානු සංස්කෘතියන්ට අනුව, හාල් වලට ආත්මයන් ආකර්ෂණය වෙන බව පිළිගන්නවා)
» ඔයාගෙ කපාගත් නියපොතු කිහිපයත් බෝනික්ක ඇතුළට දාන්න.
(මෙමගින් බෝනික්කා සහ ඔයා බන්ධනය වීමක් සිදුවෙනවා)
» දැන් බෝනික්කගෙ කපපු තැන, කලින් සූදානම් කරගත්ත තද රතු පාට නූලෙන් මහන්න. ඊළඟට ඒ ඉතුරු වෙන නූල බෝනික්කගෙ ඇඟ වටේට හොඳට ඔතන්න.
(රතු නූලෙන් රුධිරය සංකේතවත් වෙනව වගේම ආත්මය බෝනික්කා තුළට බැඳ තබනවා)
» වතුර පිරුණ ලොකු බේසමක් සූදානම් කරගන්න. (බාත්ටබ් එකක් නං වඩාත් සුදුසුයි)
» ලුණු වතුර කෝප්පයක් පිළියෙල කරගෙන ඒක ඔයා සැඟවිලා ඉන්න තීරණය කරපු කාමරෙන් තියන්න.
» බෝනික්කට නමක් දෙන්න මම උදාහරණයක් විදිහට Lisa කියන නම දෙන්නම්.
(ආත්මයකට නමක් ලබාදීම තුළින්, එම ආත්මය ගොඩක් බලසම්පන්න වෙන බවට විශ්වාසයක් තියෙනව)
» අලුයම තුනට (3 AM) වතුර බේසම ළඟට ගිහිල්ල, පහත වාක්‍යය තුන් පාරක් කියන්න.
"(ඔයාගෙ නම) is the first it"
උදා : Drg No is the first it... ×3
ඉංග්‍රීසියෙන්ම කියන්න උත්සාහ කරන්න. අදාළ ආත්මයට සිංහල බැරි නං ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඉංග්‍රීසි කියන්නෙ ජාත්‍යන්තර භාෂාවක් නිසා, අදාළ ආත්මයට ඒක අවබෝධ වේවි.
» දැන් බෝනික්කව වතුර බේසමට දාල, කලින් සූදානම් කරගත්ත පිහියත් අරගෙන, ගේ පුරාම ඇවිදල ලයිට් සියල්ලම ඕෆ් කරන්න. ටීවි එකත් දාල, ඒක පේන්නැති හෝ broadcast නොකරන චැනල් එකකට මාරු කරන්න.
» දැන් ඔයා කලින් තීරණය කරපු සැඟවෙන්න හදාගත්ත කාමරේට යන්න. ගිහිල්ල ඇස් දෙක වහගෙන දහයට ගනන් කරන්න.
» ගණන් කරල ඉවර වෙලා, ආපහු බෝනික්කව දාපු වතුර බේසම ගාවට ගිහිල්ල,
"I have found you (බෝනික්කට දීපු නම)"
කියන වාක්‍යය කියල පිහියෙන් බෝනික්කට අනින්න.
උදා : I have found you Lisa...
» දැන් පහත වාක්‍යය තුන් පාරක් කියල, බෝනික්කටත් ඒ විදිහට ඔයාව හොයන්න අවස්ථාව දෙන්න.
"Now (බෝනික්කට දීපු නම) is it!"
උදා: Now Lisa is it!
» දැන් බෝනික්කවයි පිහියයි දෙකම ආපහු බේසමෙන් තියල,
වහාම යන්න ඔයා සැඟවෙන්න තීරණය කරපු කාමරේට.
මෙන්න මේ මූලික පියවර ටික කලාට පස්සෙ, ක්‍රීඩාවෙ නිරත වන්නාට ගේ ඇතුලෙ විවිධ අත්භූත සිදුවීම් වලට මුහුණ දෙන්න වෙනව කියල පැවසෙනව. බෝනික්කෙක් ඇවිදිනව වගේ සියුම් අඩි ශබ්ද, කාමර උෂ්ණත්වයේ ක්ෂණික වෙනස් වීම්, අමුතු දුර්ගන්ධ වගේ දේවලුත් අත්විඳපු බව විවිධ මිනිස්සු කියනව.
ඔයාට කොයිම මොහොතක හෝ හිතුනොත් බෝනික්කා ඇවිල්ල ඔයාව හොයාගන්න ළඟයි කියල, ඔයා වහාම ක්‍රීඩාව නවත්තන්න ඕනෙ.
ක්‍රීඩාව නවත්වන ආකාරය :
ඔයා කලින් සූදානම් කරගෙන හිටපු, ඔයා සැඟවිලා ඉන්න කාමරේ තුළින් තියාගත්ත ලුණු වතුර කෝප්පය ගන්න.
දැන් ඒ කෝප්පෙන් කටට ලුණු වතුර ස්වල්පයක් වත් කරගන්න. කට පිරෙන්නම බොන්න ඕනෙ කියලයි කියන්නෙ. (හැබැයි ගිලින්න එපා)
දැන් ඒ ලුණු වතුර ටිකත් කටේ තියාගෙනම, ඉතිරි ලුණු වතුර ටිකත් කෝප්පෙ තියාගෙන ඔයා සැඟවිලා ඉන්න කාමරෙන් එලියට ඇවිත් බෝනික්කව හොයන්න පටන් ගන්න.
බෝනික්කා මේ වෙනකොට එයාව කලින් තියපු වතුර බේසමේ නොසිටින බව තමා, ක්‍රීඩාවට සම්බන්ධ විශ්වාසයන් වලින් කියවෙන්නෙ.
ඔයාට බෝනික්කව හම්බුනාට පස්සෙ, ඔයා ගාව තියෙන කෝප්පෙ අන්තර්ගත ලුණු වතුර ටික බෝනික්කා මතට හලන්න. ඊට පස්සෙ ඔයා කටට දාගත්ත ලුණු වතුර ටිකත් බෝනික්ක මතට හලන්න.
එහෙම කරල, තුන්පාරක් "I win.." කියල, බෝනික්කගෙ ඇඟ වටේට ඔතල තිබ්බ රතු නූල කපල දාන්න.
(ඒකෙන් බෝනික්කට බැඳුන ආත්මය මුදවීම සංකේතවත් වෙනවා)
සෙල්ලමෙන් පස්සෙ බෝනික්කව පුච්චල දාන එක සුදුසු බවත් අදාළ විශ්වාසයන් තුළ සඳහන් වෙනවා
නීති රීති :
1. සෙල්ලම බාගෙට නවත්තල දාන්න එපා.
2. සෙල්ලම අතරතුරේ ගෙදරින් එලියට යන්න එපා.
3. පැය දෙකකට වඩා මේ සෙල්ලම කරන්න එපා.
4. සෙල්ලමට සම්බන්ධ නොවන කිසිම කෙනෙක් නිවස තුළ තියාගන්න එපා.
5. මුඛයේ ලුණු වතුර නැතුව, සැඟවී සිටින ස්ථානයෙන් එලියට එන්න එපා.
6. හැකි නම් ආගමික සංකේතයක් ළඟින් තියාගන්න.
7. සැඟවිලා ඉන්න වෙලාවට, නිවසේ සියලුම ලයිට් ඕෆ් කරල නිශ්ශබ්දව සැඟවිලා ඉන්න ඕනෙ.
සත්‍ය හෝ අසත්‍ය හෝ මෙන්න මේව තමා Hide And Seek සෙල්ලම සම්බන්ධ මූලික කරුණු. සෙල්ලම අතරතුරේ අපි කියපු වාක්‍ය වල අන්තර්ගත උන "it" කියන වචනයේ ජපන් තේරුම "Oni" යන්නයි. ඒකෙ අර්ථය Demon නොහොත් යක්ෂයා කියන එකයි.
#Scary
1 305
ජපන් හොල්මන් ක්‍රීඩාවක් උන Hitori Kakurenbo හෙවත් 'Hide and seek' කියන සෙල්ලම ගැන දන්නවද ඔයා?
1 305
CAPTCHA කියන්නෙ, "Completely Automatic Public Turning test to tell Computers and Humans Apart" කියන යෙදුමේ කෙටි නමයි
#Facts
1 305
අපිට සාමාන්‍යයෙන්, කරල ඉවර කළ ක්‍රියාවන්ට වඩා, කරන්න තියෙන ක්‍රියාවන් හෝ අසම්පූර්ණ ක්‍රියාවන් ගැන වඩාත් හොඳින් මතක හිටිනවා.
මනෝවිද්‍යාව තුළ මේක හඳුන්වන්නෙ Zeigarnik ආචරණය (effect) කියලයි.
මේ බලපෑම ගැන තේරුම් ගන්න පුලුවන් සරලම උදාහරණයක් මම කියන්නං.
සාමාන්‍යයෙන් හෝටල් වල හෝ කඩේක වේටර්ල අපේ කෑම ඕඩරේට අදාළ මෙනු එක ඉල්ලන් යනවනෙ. එයාල අපිට, අපි ඉල්ලපු කෑම ටික ගෙනත් දෙනකං, එයාලට අපේ මෙනු එක හොඳට මතකයි. නමුත් අපිට කෑම ගෙනල්ල දීල එයාගෙ කාර්යය අවසන් කලාට පස්සෙ, එයාට තවදුරටත් අපේ මෙනු එකේ තිබ්බ කෑම ගැන මතකයක් නෑ. හෝ මතකය හීන වෙනවා.
සාමාන්‍යය හැඳින්වීමෙදි කිව්ව වගේම, මේ වේටර්ලටත් එයාල විසින් සම්පූර්ණ කරපු කාර්යයට වඩා, සම්පූර්ණ නොකරපු කාර්යය ගැන හොඳ මතකයක් තියෙනව.
අපි පාඩම් කරනකොට අපිට විනාඩි 20න් 20ට වත් කුඩා විවේක ගන්න කියන එකෙත් මූලාශ්‍රය, මෙන්න මේ Zeigarnik බලපෑමම තමයි.
පාඩම් කරන අතරතුරේ, කුඩා විවේකයක් ගන්නව කියන්නෙ, ඒක අදාළ කාර්යයට කරපු බාධාවක් කියන එකයි. ඒ නිසා පාඩම් කිරීම අසම්පූර්ණ තත්වයට පත් වෙනව. අන්න ඒ හේතුව නිසා, ඒ දක්වා පාඩම් කරපු කරුණු අපේ ඔලුවෙ වඩාත් හොඳින් තැන්පත් වෙනව.
#Psycho_Facts
1 305
5) අන්තර්ජාලයේ තියෙන අසභ්‍ය දර්ශන වලට සමුදෙන්න
ස්වයංවින්දනය සඳහා ලොකුම උත්තේජනයක් ඇති කරන්නෙ මේ අසභ්‍ය දර්ශන. සරලවම කිව්වොත් porn.
ඉතින් උත්තේජනය ඇතිකරන මූලාශ්‍රය ඉවත් කිරීමෙන්, ඔයාට ස්වයංවින්දනය පාලනය කරගන්න පුලුවන් වේවි.
ඔයාට Porn බලන (කියවන හෝ අහන) එක නවත්තගන්න බැරි නං හෝ ඒ සඳහා මානසික ශක්තියක් නැතිනම්, පහත දේවල් කරන්න පුලුවන්.
1. Porn Blocking ඇප් එකක් හෝ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න.
2. ඔයාගෙ කම්පියුටරය හෝ ලැප්ටොප් එක, ගෙදර හැමෝටම පේන තැනකට අරන් යන්න.
3. ඔයාගෙ ෆෝන් එකේ හෝ ලැප් එකේ හෝ කම්පියුටර් එකේ, porn ගබඩා කරල තියෙනව නං, ඒව වහාම ඩිලීට් කරන්න. (සහ recycle bin එකෙනුත් අයින් කරන්න.)
4. භාවනා කරන්න.
5. Porn බැලීමට ඔයාව පොළඹවන කාරක වලින් ඈත් වෙන්න. (ටික් ටොක්, විවිධ කතා, හිරු නිව්ස්)
6. මනෝවෛද්‍ය උපදෙස් ලබාගන්න.
ඒ වගේම මතක තියාගන්න
ඇබ්බැහියකින් ඈත් වෙනව කියන්නෙ, නයා ගඟ දෙබෑ කරන් ආව වගේ ලේසි වැඩක් නෙවෙයි. ඒකට කාලය ලබා දෙන්න ඕනෙ.
ඒ නිසා ඔයා ස්වයංවින්දනය යෙදීමෙන් වැළකී ඉන්න භාවිත කරන උපක්‍රමය කෙටි කාලෙකින් නවත්තන්නැතුව, දිගටම කරන්න.
ඉවසීමෙන් කාලය අරන් අදාළ ඇබ්බැහියෙන් මිදෙන්න.
1 • 2 • 3 • 4 • 5 • 6
1 305
4) මානසිකව තනිවෙන්න එපා
විවිධ අය ස්වයංවින්දනය කරන්නෙ විවිධ හේතූන් නිසා. මේ අතරින් හුඟ දෙනෙක්ට පොදු උන හේතුවක් තමයි තනිකම කියන්නෙ. සමාජෙන් වෙන් වෙලා, යාලුවන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන අයට සාමාන්‍යයෙන් අනිත් පුද්ගලයන්ට වඩා ස්වයංවින්දනයේ යෙදෙන්න හිතෙනවා.
ඒ වෙනුවෙන් ගන්න පුලුවන් ක්‍රියාමාර්ගයක් තමයි හැකිතරම් සමාජගත වෙන එක. උදාහරණ විදිහට, ක්ලබ් හෝ කමියුනිටි සමග එක් වීම, යාලුවො සමග සෙල්ලම් කිරීම වගේ දේවල් සිදු කරන්න පුලුවන්.
ඒ වගේම ගෙදර තනියම ඉන්න වෙලාවට ඔයාට ස්වයංවින්දනයේ යෙදෙන්න හිතෙනව නං, ඒ වගේ අවස්ථාවකදි එලියට බැහැල පොඩ්ඩක් ඇවිදින්න. නැත්තං යාලුවෙක්ව හම්බෙන්න යන්න.
1 • 2 • 3 • 4 • 5 • 6
1 305
3) ස්වයංවින්දනයෙන් ගැලවෙන්න පුලුවන් සැලසුමක් හදාගන්න.
ඔයාට පුලුවන් ඔයාට ස්වයංවින්දනය කරන්න ඉඩකඩක් ලැබෙන්නැති විදිහෙ Daily plan එකක් හදාගන්න. ඒකට අනුව වැඩ කිරීමෙන්, ඔයාට ස්වයංවින්දනය කිරීමට ගත කරන කාලය ඇහිරෙන විදිහට, අදාළ සැලසුම හදාගන්න.
උදාහරණයකට, ඔයා රාත්‍රියෙ නින්දට යන්න මොහොතකට කලින් ස්වයංවින්දනය කරන්න පුරුදු වෙලා ඉන්නව නං, ඔයාට පුලුවන් රාත්‍රියෙ නින්දට යන්න කලින් ඔයාට වෙහෙසක් දැනෙනකංම push up කීපයක යෙදෙන්න. එතකොට ඇතිවෙන අධික තෙහෙට්ටුව සහ මහන්සිය නිසා, නිදාගන්නව ඇරෙන්න ඔයාට ස්වයංවින්දනය කරන්න හිත දෙන්නෑ.
1 • 2 • 3 • 4 • 5 • 6
1 305
2) ඔයාගෙ ශක්තිය සහ කාලය වැය කරන්න වෙනත් වැඩක් හොයාගන්න
ඔයාට ස්වයංවින්දනය ගැන මනසින් අයින් කරන්න අවශ්‍ය නම් ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙලා ඔයාගෙ අවධානය පවත්වගන්න එක.
ඒ වෙනුවෙන් ඔයාට මෙන්න මේ දේවල් කරන්න පුලුවන්.
1. නිර්මාණාත්මක ක්‍රියාවක යෙදෙන්න. (කතා ලියන්න, චිත්‍ර අඳින්න, වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න)
2. ක්‍රීඩාවක නිරත වෙන්න. ක්‍රීඩාව කියන්නෙ විනය සහ ස්වයං පාලනය ප්‍රගුණ කරන්න පුලුවන් වෙන හොඳම ක්‍රියාකාරකමක්. (ක්‍රිකට්, ෆුට්බෝල්, චෙස්, ටෙනිස්, රගර්)
3. හොඳ නිරෝගිමත් ආහාර වේලක් ලබා ගන්න. ශරීරයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීම තුළින් ශරීරය ක්‍රියාකාරීව පවත්වගන්න පුලුවන් වෙනවා.
4. අලුත් විනෝදාංශයක් හොයාගන්න. ඔයාගෙ සම්පූර්ණ අවධානයම යොමු කරන්න පුලුවන් වෙන විනෝදාංශයක් පටන් ගන්න. වර්තමානයේ නං ඔයාට programming language වගේ දෙයක් හදාරන්න පුලුවන්.
5. ස්වේච්ඡා සේවයට ඉදිරිපත් වෙන්න.
1 • 2 • 3 • 4 • 5 • 6
1 305
1) උදව් ඉල්ලන්න
කෙම් ක්‍රම ගැන හොය හොය ඉන්නැතුව කරන්න ඕනෙ පළවෙනිම දේ තමයි සුදුසු කෙනෙකුගෙන් උදව් ඉල්ලන එක. උදාහරණයකට පවුලේ වෛද්‍යවරයාට හෝ මනෝවෛද්‍යවරයෙකු හමුවෙලා ඔයාගෙ ප්‍රශ්නය යොමු කරන්න. එතකොට එයාල අදාළ වෛද්‍ය උපදෙස් හෝ ඇතැම් විට බෙහෙත් උනත් දෙන්න පුලුවන්.
මතක තියාගන්න, මේ ප්‍රශ්නය සමාජෙ ගොඩක් අයට තියෙන දෙයක්. ඒ වගේම කාගෙන්වත් උදව් ඉල්ලනව කියන්නෙ ඒක ඔයාගෙ දුර්වලකමක් නෙවෙයි.
1 • 2 • 3 • 4 • 5 • 6
1 305
ස්වයංවින්දනයට ඇබ්බැහි වීම පාලනය කරගන්නෙ කොහොමද?
(6 step explanation)
යටගිය දවස, අපි අපේ සාමාජිකයන්ගෙ ඇහුවා 'ඔයාල ස්වයං වින්දනය කරන්නෙ කොච්චර කාලයකට වරක්ද' කියල. (Poll)
ඉතින් කවුරු හරි ස්වයංවින්දනය සඳහා ඇබ්බැහි වෙලා ඉන්නව නං, ඒ අයට මේක උපකාරයක් වේවි.
✦ හැඳින්වීම
ස්වයංවින්දනය කියන්නෙ, වැරදි වැඩක්වත්, නොකළ යුතු දෙයක්වත් නෙවෙයි. ඒක බොහොම සාමාන්‍යය මිනිස් ක්‍රියාකාරකමක්. ඒ වගේම ස්වයංවින්දනය කියන්නෙ ලිංගිකව එකතුවීමක් වෙනුවට කරන දෙයක් නෙවෙයි. "අපිට නං daily අත තමා" කියලා, දිනපතා ස්වයංවින්දනය කරපු පලියටම ඒක ඇබ්බැහි වීමක් වෙන්නෙත් නෑ.
කොහොම උනත් ඔයාට මොනම විදිහකින් වත් ස්වයංවින්දනයෙ යෙදෙන්නැතුව ඉන්න බැරිම නං හෝ පිට පිට කිහිපවතාවක් ම ස්වයංවින්දනයේ යෙදිලා පාසල් හෝ කාර්යාලයේ වැඩ මගහැරෙනව නං අන්න ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ දෙයක්.
ඒ නිසා ඔයාටත් හිතෙනව නං ඔයා ඕනෙවට වඩා ස්වයංවින්දනයේ යෙදෙනව කියල, පහත සඳහන් දේවල් ගැන සැලකිල්ලක් දක්වන්න.
1 • 2 • 3 • 4 • 5 • 6
#Personal_Care
1 305
ඔහු ඔයාට කැමැත්තෙන් ඉන්න බවට ඇඟවෙන කරුණු කීපයක්..
⛄️ ඔහු නිතරම සංවාදයක් ආරම්භ කරන්න උත්සාහ කරනව.
⛄️ ඒ වගේම ඔහු පටන් ගත්ත සංවාදයක් දිගටම පවත්වගන්න මහන්සි වෙනව.
⛄️ ඔහු ඔයාට දිනපතාම, රාත්‍රී සුභපැතුම් සහ උදෑසන සුභපැතුම් පණිවිඩ එවනවා.
⛄️ ඔහු ඔයත් එක්ක ඔහුගේ රහස් බෙදාගන්නවා.
⛄️ ඔහු ඔයාගෙන් ඕනෙවට වඩා ප්‍රශ්න අහනවා.
⛄️ ඔහු ඔයාගෙ අවධානය දිනාගන්න විවිධ උපක්‍රම යොදනවා. (Status, memes)
#Relationship_Tips
1 305
මෙවැනි, තාක්ෂණික ලෝකයේ පුවත්, සොයාගැනීම් ආදියත් LearnBits තුළින් ඉදිරිපත් කරන්නද?
1 305
බිත්ති හරහා පේන නව පරපුරේ රේඩාර් තාක්ෂණය
AI තාක්ෂණය කියන්නෙ මෑත කාලීනව ලෝකයේම අවධානය යොමු උන පැතිකඩක්. වර්තමානයේ දී, සාමාන්‍ය සංවාද පැවැත්වීමේ ඉඳල, මහජන ආරක්ෂාව දක්වාම මේ AI තාක්ෂණය යොදාගන්නවා.
ඒකට හොඳම උදාහරණයක් තමයි ඊශ්‍රායලයේ XAVER 1000 රේඩාර් යන්ත්‍රය කියන්නෙ.
මේ රේඩාර් එකට පුලුවන් කමක් තියෙනව, රේඩියෝ තරංග භාවිත කරල ඉලක්කගත පරිසරයේ ත්‍රිමාණ රූපයක් නිර්මාණය කරන්න. ඒ වගේම ඒ පරිසරය තුළ ඉන්න පුද්ගලයන් හා වෙනස් වෙනස් වස්තූන්ව පවා වෙනස් ලෙස හඳුනගන්න.
වඩාත්ම සිත්ගන්නා සුලු කාරණය තමයි, AI තාක්ෂණයෙන් බලගන්වල තියෙන මේ උපකරණය, සාප්පු සංකීර්ණ හෝ ගොඩනැගිලි වගේ අධික ජනාකීර්ණ ප්‍රදේශයක උනත් කාර්යක්ෂමව භාවිත කරන්න පුලුවන්.
පුද්ගලයන් ඉලක්ක කිරීම සහ ඔවුන්ගේ සජීවි හැසිරීම තිරයක් මතින් පෙන්වීමේ ඉඳල, පුද්ගලයන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටා පවා මේ යන්ත්‍රයෙන් හඳුනගන්න බව පැවසෙනව.
සරලවම කිව්වොත්, මේ යන්ත්‍රය, සුපර්මෑන් ගෙ X Ray vision බලයේම මිනිස් නිපැයුමක්....!
#Tech
1 305
මේ තියෙන්නෙ දිමිත්‍රි මෙන්ඩලීව් විසින් නිර්මාණය කරපු ආවර්තිතා වගූවේ මූලාකෘතියක්.
ඔයාලට පේනව ඇති මේ වගුවේ ශුන්‍ය කාණ්ඩයක් අන්තර්ගත වෙනව කියල. ඒ වගේම මේ ශුන්‍ය කාණ්ඩයට යටතට දිමිත්‍රි මෙන්ඩලීව් ඇතුල් කරල තියෙන්නෙ, He සහ Ne වැනි වර්තමානයේ XVIII කාණ්ඩයේ අන්තර්ගත මූලද්‍රව්‍යයයි.
ඒකට හේතුව He, Ne සහ Ar වැනි උච්ඡ වායූන් පිළිබඳව මුලින්ම හොයාගත්තෙ, 19 වෙනි සියවසේදි යි. ඒ වෙනතෙක් දිමිත්‍රි මෙන්ඩලීව් මේ මූලද්‍රව්‍යය කීපය එයාගෙ ආවර්තිතා වගුවට අන්තර්ගත කරල තිබුන්නෑ.
He, Ne සහ Ar කියන්නෙ ප්‍රතික්‍රියාශීලීත්වය ඉතාමත් අඩු වායුන් වන නිසයි, මේ වායූන් අනෙක් මූලද්‍රව්‍යය සමග එකම කාණ්ඩයකට අන්තර්ගත කරන්න බැරි වීම කියන හේතුව නිසයි, දිමිත්‍රි මෙන්ඩලීව් විසින් ශුන්‍ය කාණ්ඩය නිර්මාණය කරල, මේ වායු වර්ග ඒ කාණ්ඩයට ඇතුල් කරල තියෙන්නෙ.
ඒත් එක්කම ඔයාට ප්‍රශ්නයක් ආව නං Newtonium සහ Coronium කියන්නෙ මොනාද කියල, ඒව 19 වෙනි සියවසේදී හොයාගත්ත උපකල්පිත මූලද්‍රව්‍යයයන් බවත් සිහියෙ තියාගන්න.
#History
1 305
ගිලෙමින් ඉන්න කෙනෙක්ව බේරගන්න හදනකොට, හැකි සෑම විටම අදාළ පුද්ගලයට පිටුපසින් ළං වෙන්න. එම පුද්ගලයට පෙනෙන ලෙස ඉදිරියෙන් ළං වෙන්න එපා.
(පිටුපසින් ළං වීමට ඉඩකඩක් නැතිනම් එම පුද්ගලයා අසලදී දිය යටින් ගොස් පිටුපසින් මතුවෙන්න)
ගිලෙමින් ඉන්න කෙනෙක් උත්සාහ කරන්නෙ, තමන්ට පෙනෙන ඕනෙම දේක එල්ලිලා නොගිලී ඉන්නයි. ඔයා එම පුද්ගලයට පෙනෙන විදිහට ඉදිරිපසින් ඔහුට/ඇයට ළං උනොත්, ඒ කෙනා ඔයාගෙ ඇඟේ එල්ලෙන්න වැඩි ඉඩකඩක් තියෙනව.
ඒ වගේම එහෙම උනොත්, ඒක එයාගෙ වගේම ඔයාගෙ ජීවිතේටත් තර්ජනයක්.
(දියේ ගිලීම සහ බේරාගැනීම සම්බන්ධව දීර්ඝ විස්තරයක් අවශ්‍ය නම් 👌 reaction එක ඔබන්න)
#Personal_Care
