ru
Feedback
Learn Bits

Learn Bits

Открыть в Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Больше
1 305
Подписчики
Нет данных24 часа
-97 дней
-4230 день
Архив постов
දෙවන ලෝක යුද්ධය මානව ඉතිහාසයේ සිදුවූ ඛේදනීයතම සහ වැඩිම ජීවිත හානි සංඛ්‍යාවකට හිමිකම් කියූ බිහිසුණුතම යුද්ධයයි. වසර 6ක් පුරාවට පැවති යුද්ධය 1945 වර්ශයේ අවසන් වූයේ නාට්සි ජර්මනියට සහ ජපන් අධිරාජ්‍යයට පරාජය හිමි කර දෙමිනි. මිත්‍ර පාර්ශවික හමුදාවන් යුද්ධය ජයග්‍රහණය කලද, ඔවුනට ජයග්‍රහණය හිමිවූයේ මිලියන ගණනක ජීවිත හානි මතිනි. නාට්සි ජර්මනිය බටහිරින් සටන් වැදි ඇමෙරිකානු සහ එංගලන්ත හමුදාවන් ඉදිරියේ යටත් වුයේ 1945 මැයි මස 7 වන දින වුවද, නැගෙනහිරින් සටන් වැදි සෝවියට් රුසියානු හමුදාව ඉදිරියේ යටත් වුයේ 1945 මැයි මස 9 වන දිනදීය. කෙසේ වෙතත් යුරෝපයේ යුද්ධය මැයි මස වන විට අවසන් වුවද, ජපන් අධිරාජ්‍යය එක්සත් ජනපද හමුදාවන් ඉදිරියේ යටත් වුයේ 1945 වර්ශයේ සැප්තැම්බර් මස 2 වනදා ය. පෙර දැනුම් දීමකින් තොරව නාට්සි ජර්මානු පාලක ඇඩොල්ෆ් හිට්ලර් විසින් 1941 වර්ශයේදී සෝවියට් දේශය ආක්‍රමණය ආරම්භ කරනුයේ සෝවියට් දේශයට මරු පහරක් එල්ල කරමිනි. කෙසේ වුවද සෝවියට් රුසියානු මව් භූමියෙහි ශක්තිමත්භාවය සහ අනර්ඝත්වය විදහා දක්වමින් සෝවියට් හමුදාවන්, ජර්මානු හමුදාවන් වෙතට ප්‍රභල ප්‍රතිප්‍රහාර එල්ල කරනුයේ මරණයෙන් අවදි වූ Phoenix පක්ශියෙකු මෙන් ය. නිදා සිටි මකරෙකු අවදිවනුයේ යම් සේද, ඒ ආකාරයෙන් ජර්මානු හමුදාවන් මවිත කරමින් ඉදිරියට ඇදුනු සෝවියට් හමුදාවන් 1945 වර්ශයේ මැයි මස 2 වන දින වනවිට ජර්මනියේ අඟනුවර වූ බර්ලිනය අත්පත් කරගනුයේ ජර්මනිය සටන් වැදුනේ අසමසම සහ පරාජය කල නොහැකි දේශයක් හමුවේ බව ලෝකයට පෙන්වා දෙමිනි. මෙම පහත ඡායාරූපයේ දැක්වනුයේ සෝවියට් සෙබළෙක් 1945 මැයි මස 2 වන දින, ජර්මානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වූ Reichstag ය මත තම දේශයේ ධජයක් සිටුවාලන ආකරයයි. රුසියාව සෑම වසරකම මැයි මස 9 වන දින ඔවුනගේ විජයග්‍රහණයේ දිනය සමරනුයේ රුසියාවේ සැබෑ ශක්තිමත්භාවය ලෝකයාට පසක් කර දෙමිනි. නමුත් ශෝකයට කරුණ නම් සෝවියට් හමුදාව විසින් දෙවන ලෝක යුද්ධයේදී ලද මුලු ජීවිත හානි සංඛ්‍යාව 8,600,000 කි. (මිලියන 8.6 කි). එය යම් කිසි රටක් යුද්ධයකදී ලද විශාලතම ජිවිත හානි සංඛ්‍යාවයි......... Happy Victory Day Russia 🇷🇺♥️ - පදාර්ථ | Padaartha Photo credits to it's original owners. #Social_Mid

මිනිස් සිරුරක තියෙන්නට පුලුවන් විශාලතම සෛලය කාන්තා ඩිම්බයයි. කාන්තා ඩිම්බයක් සාමාන්‍යයෙන් මිලිමීටර 1ක (1mm) විශාලත්වයෙන් යුක්තයි. මිනිස් සිරුරක තියෙන්නට පුලුවන් කුඩාම සෛලය පුරුෂ ශුක්‍රාණුවයි. වලිගය හැරුනම ශුක්‍රාණු හිසක් සාමාන්‍යයෙන් මයික්‍රොමීටර 4ක් පමණ විශාලත්වයෙන් යුක්තයි. #Facts

ඔයාට මෙලෝම දෙයක් තේරෙන්නැති, ඒත් වැදගත්ම පාඩමක නෝට් තියෙනව නං, ඒව ලැමිනේට් කරල තියාගන්න. එතකොට කඳුලු වැටුනට නෝට් එකට හානියක් වෙන්නෑ. #Life_Hacks

Anonymous Question from subscriber මම හදපු private චැනල් එකක, ඉන්න subscribers ල ගානට වඩා ඒ ඒ පෝස්ට් වල views පෙන්නනවනෙ. ඒ වෙන කාට හරි ලින්ක් එක ගිහිල්ල, ඒ කෙනෙකුත් චැනල් එක බලන නිසාද? ප්‍රශ්නය හරිහැටිම පැහැදිලි නැතත් මම හිතනව මේ ප්‍රශ්නය යොමු කරපු කෙනා අපෙන් ඇහුවෙ මෙන්න මේ පෝස්ට් එකේ අඩංගු කරුණමයි කියල. Q. by - rtxj #LearnBits_Q_A

සාර්ථක දවසක් නිර්මාණය කරගන්න සුදුසු වෙන ක්‍රියාමාර්ග කීපයක් 🦊 කාලසටහනකට අනුව දවස ගෙවන්න. උදෑසන අවදිවීමේදී පටන්ම කාලසටහනකට අනුව වැඩ කරන්න. 🦊 විනාඩි කිහිපයකට කලින් අවදිවෙන්න. 🦊 උදේ ආහාරය ගන්න. 🦊 හැකිනං උදෑසනම පඩිපෙළක් ඔස්සේ නැගීම හා බැසීම සිදු කරන්න. 🦊 හොඳින් වතුර බොන්න. 🦊 දවස පුරාම යහපත් සිතුවිලි විතරක් මනසට ඇතුල් කරගන්න උත්සාහ කරන්න. #Life_Tips

කතාව මේකයි. කාන්තාවක් නයි ඩිසයින් එක තියෙන පිජාමා සූට් එකක් ඇඳන් (වම් පස රූපය), කකුලක් බ්ලැන්කට් එකෙන් එලියට දාන් නිදාගෙන. එයාගෙ මහත්තය ඒක දැකල, ඒ ඉන්නෙ ඇත්තම සර්පයෙක් කියල හිතල, බේස්බෝල් බැට් එකකින් නෝනගෙ කකුල කැඩෙන්න ගහල. (දකුණු පස රූපය) ඒ වගේම ඔය උඩ රූප දෙකත් මේ සිද්ධියට අදාළයි කියල අපේ සාමාජිකයෙක් මට එවපු ඒ පෝස්ට් එකේ තියෙනව. පළමුවෙන්ම, google සහ yandex යෙදුම් වල තියෙනව reverse image searching ඔප්ශන් එකක්. අඩුගානෙ ඒ එකකින් හරි මේ රූප සර්ච් කරල බලන්න. මේ කතාව මුලින්ම සෝශල් මීඩියා වල මතුවෙන්නෙ 2019 අවුරුද්දෙ වගේ. ටෙලිග්‍රෑම් වල වගේම ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාලා වලත් මේ කතාව මෙහෙම්ම ශෙයාර් උනා. ඒත් මම උඩ කියපු reverse image searching ක්‍රමයෙන් මේ රූප දෙකේ මූලාශ්‍ර බැලුවම, ඒ රූප දෙකේ කිසිම සම්බන්ධයක් නැති බව ඔයාටම තේරෙයි. වම් පැත්තෙ තියෙන රූපය Amazon , Ali express වගේ භාණ්ඩ විකුණුම් වෙබ් අඩවිවල පළවුන පොටෝ එකක්. ඒ වගේම දකුණු පැත්තෙ තියෙන ආබාධයට ලක් උන කකුල, වියට්නාමයේ wordpress බ්ලොග් වෙබ් අඩවියක පළවුන රූපයක්. (ලින්ක් වලින් අදාළ මූලාශ්‍රයට යන්න පුලුවන්) ඒ වගේම මේ රූප දෙක අන්තර්ජාලයට එකතු උන කාලරාමු දෙකත් එකිනෙකට හාත්පසින්ම වෙනස්. තවදුරටත් මේ ගැන හොයනකොට හම්බුන දෙයක් තමයි, මේ පුවතම දාපු fb post එකක් මේ වෙනකොට False information යටතේ බ්ලොක් වෙලා තියෙනවා. ඒ පෝස්ට් එක බලන්න මෙතනින්. මහත්තය නෝනට ගහපු කතාව කෙසේ වෙතත්, ඒ පුවතෙයි, මේ රූප දෙකෙයි කිසිම සම්බන්ධයක් නෑ. සහ ඒ ගැන තවදුරටත් පැහැදිලි කරපු FactCheck වෙබ් අඩවි දෙකක් පහතින් දක්වල තියෙනව. 1. Snopes.com 2. FactCheck.afp.com (ඒ වගේම Fact Check කිරීමට අවශ්‍ය පෝස්ට් එවනකොට අදාළ චැනල් එකේ අනන්‍යතාවයක් දක්වන්නැතුව එවන්න කාරුණික වෙන්න) Fact Status : FALSE ❌ #Facts_Check

photo content

ගෝනුස්සන් සම්බන්ධ මේ කරුණු කීපය ඔයා දැනගෙන හිටියද? 🦂ගෝනුස්සන්ට දිග ජීවිත කාලයක් තියෙනව. සාමාන්‍යයෙන් ගෝනුස්සෙක්ගෙ ජීවිත කාලය
ගෝනුස්සන් සම්බන්ධ මේ කරුණු කීපය ඔයා දැනගෙන හිටියද? 🦂ගෝනුස්සන්ට දිග ජීවිත කාලයක් තියෙනව. සාමාන්‍යයෙන් ගෝනුස්සෙක්ගෙ ජීවිත කාලය අවුරුදු 25ක් වගේ වෙනව. 🦂 මෙයාලට ආහාර නැතුව සම්පූර්ණ අවුරුද්දක කාලයක් ජීවත් වෙන්න පුලුවන්. 🦂 ගෝනුස්සන් කෘමීන්, මකුළුවන් වගේ සතුන්ව ආහාරයට ගන්නව. ඒ වගේම විශාල ගෝනුස්සන් මීයන් සහ කටුස්සන්ව පවා ආහාරයට ගන්නව. 🦂 ආහාර සීමිත අවස්ථාවලදි, ගෝනුස්සන් තමන්ගෙම පැටවුන්ව ආහාරයට ගන්නව. 🦂 දැනට ලෝකයේ ගෝනුසු විශේෂ 2000කට ආසන්න ගණනක් සොයාගෙන තිබුනත් ඉන් විශේෂ 25ක් පමණයි, වැඩිහිටි මිනිසෙකුට දරුණු අනතුරක් කරන්න පුලුවන් ආකාරයේ විෂ නිපදවන්නෙ. 🦂 මෙයාල බොහොමයක් පාරජම්බුල කිරණ හමුවේ දිලිසෙනවා. (උඩ රූපය) #Facts

Quark Matter Quark Matter (ක්වාර්ක් පදාර්ථ) කියන්නෙ, ක්වාර්ක් ලෙස හැඳින්වෙන උප පරමාණුක අංශු වලින් සෑදුන අතිශය ඝන අවධියකින් යු
Quark Matter Quark Matter (ක්වාර්ක් පදාර්ථ) කියන්නෙ, ක්වාර්ක් ලෙස හැඳින්වෙන උප පරමාණුක අංශු වලින් සෑදුන අතිශය ඝන අවධියකින් යුත් පදාර්ථයකටයි. මේ න්‍යායික අවධිය පවතින්නෙ අතිශය ඉහළ උෂ්ණත්වයක සහ ඉහළ ඝනත්වයක විතරයි. නියුට්‍රෝන තාරකා වල හරයේ (තරුවෙ මැද) මෙවැනි ක්වාර්ක් පදාර්ථ තියෙන්නට පුලුවන් කියල විද්‍යාඥයන් විශ්වාස කරනව. #Knowledge

සමහර දේවල් ඔබේ ඇසට හසුවේවි. නමුත් ඔබේ හදවතට අසුවන දේවල් පමණක් ලුහුබඳින්න... - අතීත ඉන්දියානු කියමනකි #Saying

ඔයාට අධික වෙහෙසක් කනස්සල්ලක් දැනෙනවද? එහෙනං ඔයත් RAIN ක්‍රමය භාවිත කරල බලන්න R.A.I.N. කියන්නෙ වචන හතරක් සඳහා යොදන කෙටි යෙදුමක්. Recognize Accept Investigate Nurture 1) Recognize - හඳුනාගැනීම ඔයාට දැනෙන හැඟීම මොකක්ද කියල මුලින් හඳුනගෙන ඉන්න. සමහරවිට ඔයාට ලොකු තරහවක් දැනෙනව ඇති. එහෙමත් නැත්තං කනස්සල්ලක් හෝ දුකක් දැනෙනව ඇති. ඒ මොකක් උනත් අදාළ හැඟීම නිශ්චිතවම හඳුනගන්න. මේ වෙලාවෙ ඔයාගෙ හිතට එන ශක්තිමත්ම හැඟීම හඳුනගන්න. 2) Accept - පිළිගැනීම සාමාන්‍යයෙන් අපි අකමැති හැඟීමක් අපේ හිතට එනකොට අපි උත්සාහ කරන්නෙ ඒ දේ නවත්තගන්න. උදාහරණයකට ඔයාට ලොකු පීඩනයක් දැනෙනව නං ඔයා කරන්නෙ, ඒ පීඩනය නවත්තගන්න සුදුසු ක්‍රියාමාර්ගයක් හොයන එකයි. නමුත් RAIN ක්‍රමය ඊට වඩා ටිකක් වෙනස්. අපි දැන් කරන්නෙ අදාළ හැඟීම එකපාරටම නවත්තගන්න උත්සාහ කරනව වෙනුවට, ඒ හැඟීමට අපේ හිතට ගලා එන්න ඉඩ දෙන එකයි. ඔයාට කොච්චර අපහසුවක් දැනුනත්, ඒ හැඟීම පිළිගන්න. 3) Investigate - විමර්ශනය ඔයා දැන් ඔයාගෙ හිතට වධ දෙන හැඟීම හඳුනගෙන, ඒක හිතට ඇතුල් වෙන්න ඉඩ දුන්නනෙ. දැන් අපි යමු ඊළඟ පියවරට. ඔයා දැන් හොඳට වෙලාව අරගෙන උනන්දුවෙන් සහ සැලකිල්ලෙන් ඔයාට ඒ දැනෙන හැඟීම ගැන විමර්ශනය කරන්න උත්සාහ කරන්න. මනසින් ඔයාගෙන්ම ප්‍රශ්න කරන්න ඒ හැඟීම ගැන. "කොහොමද ඒක මට දැනෙන්නෙ?" , "මේ හැඟීමට කොහොමද මගෙ සිරුර ප්‍රතිචාර දක්වන්නෙ?" , "මේ හැඟීම කොහොමද මගෙ සිතුවිලි වලට බලපාන්නෙ?" ආදී ප්‍රශ්න ඔයාගෙන්ම අහන්න. හැබැයි ඕනෙවට වඩා ගැඹුරට යන්න එපා. 4) Nurture - පෝෂණය RAIN ක්‍රමයේ අවසන් පියවර තමයි අපි සාමාන්‍යයෙන් එකසැරේම කරන්න හදන්නෙ. මේ අවසන් පියවරෙන් අපි කරන්නෙ, අපේ මනස සහ සිරුර පෝෂණය කරන එකයි. ඔයාගෙ හිතට වධ දෙන හැඟිම ගැන අඳුරගෙන ඒක විමර්ශනය කලාට පස්සෙ, ඔයා ඔයාගෙ මනසට සහ ශරීරයට සහනයක් දැනෙනකං මනස සහ ශරීරය පෝෂණය කරන්න ඕනෙ. ඒ, ධනාත්මක සිතුවිලි වලින්. උදාහරණයකට, "මම හොඳින්", "මම මට ආදරෙයි" ආදී සිතුවිලි මනසට ඇතුල් කරගැනීමෙන් හෝ ඔයාගෙ පවුලෙ අය, යාලුවන්, සුරතල් සතුන් ගැන සිතීමෙන් සහ ඔවුන්ගේ ආදරය ඔයා වෙතට ගලාගෙන එන බවට මනසින් සිහි කිරීමෙන්, ඔයාට පුලුවන් වෙනව ඔයාගෙ මනස වගේම සිරුරත් යහපත් සිතුවිලි වලින් පෝෂණය කරන්න. Additional - RAIN technique creator #Psycho_Facts

මොනවද මේ ට්‍රෝජන් ග්‍රහක කියන්නෙ. සහ ඒවගෙන් කීයක් පෘථිවිය සමග කක්ෂය බෙදාගන්නවද? Trojan asteroids / Trojan Planets ට්‍රෝජන් ග්
මොනවද මේ ට්‍රෝජන් ග්‍රහක කියන්නෙ. සහ ඒවගෙන් කීයක් පෘථිවිය සමග කක්ෂය බෙදාගන්නවද? Trojan asteroids / Trojan Planets ට්‍රෝජන් ග්‍රහක කියන්නෙ, සූර්යාගෙන් සමන්විත ග්‍රහලෝක පද්ධතිය තුළ ඇති, L4 හෝ L5 යන Lagrangian ලක්ෂ්‍ය තුළ කක්ෂගත වන කුඩා ග්‍රහක වලටයි. මේ ග්‍රහක වලට තියෙන සුවිශේෂී කක්ෂයන් නිසා, මේ ග්‍රහක සෞරග්‍රහ මණ්ඩලයේ පරිණාමීය ආකෘතියට අදාළ තොරතුරු සපයන බව විද්‍යාඥයන් කියනවා. කෙටියෙන්ම ට්‍රෝජන් ග්‍රහක කියන්නෙ වෙනත් ග්‍රහලෝකයක කක්ෂයක, ස්ථාවර ස්ථානයක සිට කක්ෂගත වෙන ග්‍රහකයකටයි. දැනට සෞරග්‍රහ මණ්ඩලය තුළ ට්‍රෝජන් ග්‍රහක 7000කට වඩා ලැයිස්තුගත කරල තියෙනව. එයින් ගොඩක් දෙනෙක් බ්‍රහස්පතී ග්‍රහයා එක්ක කක්ෂය බෙදාගන්නවා. අනෙක් ග්‍රහලෝක ගැන සැලකුවොත්, යුරේනස්ගෙ කක්ෂයේ ට්‍රෝජන් ග්‍රහක දෙකක්, අඟහරුගෙ ට්‍රෝජන් ග්‍රහක නවයක් සහ නෙප්චූන්ගෙ ට්‍රෝජන් ග්‍රහක 28ක් මේ දක්වා හොයාගෙන තියෙනව. පෘථිවියේ කක්ෂය සම්බන්ධව, තාරකා විද්‍යාඥයන් ට්‍රෝජන් ග්‍රහක දෙකක් ගැන සඳහන් කරනවා. ඒ 2010 වසරෙ හොයාගත්ත, 2010 TK7 සහ 2020 වසරෙ දී අනාවරණය උන 2020 XL5 කියන ග්‍රහක දෙකයි. Additional - Langrangian Points - Trojan Asteroid #Astronomy

විවිධ Phobia වර්ග Ebulliophobia - බුබුළු වලට ඇති බිය Ecclesiophobia - පල්ලියට ඇති බිය Ecophobia - වෙනත් කෙනෙකුගේ නිවසකට ඇති බිය Eisoptrophobia - කැඩපතක් තුළින් තමාවම දැකීමට ඇති බිය Electrophobia - විදුලියට ඇති බිය Eleutherophobia - නිදහසට ඇති බිය (💀) Emetophobia - වමනයට ඇති බිය Enetophobia - කටු (pin) වලට ඇති බිය Enochlophobia - සෙනඟ සහිත ස්ථාන වලට ඇති බිය Enosiophobia - විවේඡනය කිරීමට හෝ සමාව දිය නොහැකි වරදක් කිරීමට ඇති බිය Entomophobia - කෘමීන්ට ඇති බිය Eosophobia - හිරු උදාවට හෝ දිවා ආලෝකයට ඇති බිය Ephebiphobia - යෞවනයන්ට ඇති බිය Epistaxiophobia - නාසයෙන් ලේ ගැලීමට දක්වන බිය Epistemophobia - දැනුමට ඇති බිය Equinophobia - අශ්වයන්ට ඇති බිය Eremophobia - තමන්ම වීමට ඇති බිය (වෙනත් කෙනෙක් වීමට තැත් කරයි) Ereuthrophobia - ලැජ්ජාව නිසා මුහුණ රතු වේ යැයි දක්වන බිය Ergophobia - රැකියාවට/වැඩට ඇති බිය Erotophobia - ලිංගිකත්වයට හෝ ලිංගිකව සමීප වීමට ඇති බිය Euphobia - සුභාරංචි ඇසීමට ඇති බිය Eurotophobia - ගැහැණු ලිංගික අවයවයන්ට ඇති බිය #Phobia #Knowledge

වහාම ක්‍රියාත්මක කරන්න... මමත්වය - විනාශ කරන්න ආදරය - වටිනාකමක් දෙන්න සිනහව - ළඟින්ම තබා ගන්න ඕපදූප - නොසලකා හරින්න සාර්ථකත්වය - සාක්ෂාත් කරගන්න ඊර්ෂ්‍යාව - දුරස් කරන්න දැනුම - අත්පත් කරගන්න විශ්වාසය - ගොඩනගා ගන්න #Life_Tips

ඔයාල හුඟක් අය Dexters Laboratory කාටූනය බලල ඇති. මේ කාටූනයේ ප්‍රධාන චරිත (අක්කා සහ මල්ලි) සඳහා කටහඬ සපයන නළුවා සහ නිළිය සැබෑ
ඔයාල හුඟක් අය Dexters Laboratory කාටූනය බලල ඇති. මේ කාටූනයේ ප්‍රධාන චරිත (අක්කා සහ මල්ලි) සඳහා කටහඬ සපයන නළුවා සහ නිළිය සැබෑ ජීවිතයේදී විවාහ වෙලා තියෙනව. ඒ වගේම විවාහයෙන් අවු. 2කට පස්සෙ එයාල දික්කසාද වෙලා තියෙනව. නමුත් මේ හැමදේම වෙලා තියෙන්නෙ ඒ දෙන්නම Dexter කතාවේ අක්කා සහ මල්ලි යන චරිත දෙක වෙනුවෙන් කටහඬින් දායක වෙන කාලසීමාව තුළදිමයි. #Social_Mid

ඔයාගෙ මනස නිරවුල් කරගන්න මාර්ග 8ක් 🐰 ඔයාගෙ කාමරය පිරිසිදු කරන්න 🐰 ඔයාගෙ හිතට එන හැඟීම් සටහන් කරගන්න 🐰 ගෙයින් එළියට බැහැල පොඩ්ඩක් ඇවිදින්න යන්න 🐰 සෘණාත්මක හැඟීම් වලට අභියෝග කරන්න 🐰 ඔයාගෙ ෆෝන් එක පැයක් හෝ දෙකක් ක්‍රියා විරහිත කරන්න 🐰 සමාව දෙන්න. අන් අයගෙ උදව් පිළිගන්න 🐰 ඔයාට වඩාත්ම වැදගත් වෙන කාර්යයට ප්‍රමුඛතාව දෙන්න #Life_Tips

සිහිනයක් තුළ අපි මැරුණු සැනින් හෝ ඊට මොහොතකට පෙර අපිව ඇහැරෙන්නෙ ඇයි? සාමාන්‍යෙන් අපි හීන දකිනකොට, අපේම මරණයන් දකින්න ඉඩකඩක් ත
සිහිනයක් තුළ අපි මැරුණු සැනින් හෝ ඊට මොහොතකට පෙර අපිව ඇහැරෙන්නෙ ඇයි? සාමාන්‍යෙන් අපි හීන දකිනකොට, අපේම මරණයන් දකින්න ඉඩකඩක් තියෙනව. සහ ඔයත් දැනටම ඒ වගේ හීන දැකල ඇති. නමුත් ගොඩක් වෙලාවට, එහෙම මරණයක් ආසන්නයේදී අපිව නිකංම ඇහැරෙනවා. ඒකට හේතුව විදිහට සමහරු විශ්වාස කරන්නෙ, මරණින් පසුව පැමිණෙන දේවල් ගැන මොළයට දැනුමක් නැති බව කියලයි. එතකොට මොළයේ ක්‍රියාකාරීත්වයෙන් අපිව ඇහැරවන බව සමහරු විශ්වාස කරනව. නමුත් විද්‍යාත්මකව, නින්දෙන් සිහින දකිනව කියන්නෙ ඒක ගැඹුරු නින්දක් නෙවෙයි කියන එකයි. සරලවම නින්දෙන් සිහින දකිනව කියන්නෙ ඔයා ඕනෙම වෙලාවක ඇහැරෙන්න පුලුවන්. ඒ වගේම සිහිනය තුළ මරණයට පත් වීම කියන්නෙ ගොඩක් ආතතිකාරී ඉසව්වක්. ඒ හේතුව නිසා ශරීරයේ ඇඩ්‍රිනලීන් ශ්‍රාවය ඉහළ යනව. ඒ මරණය වැනි ආතතිකාරි ඉසව්වකට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නිසා. ශරීරය තුළ ඇඩ්‍රිනලීන් ශ්‍රාවය ඉහළ යනව කියන්නෙ, ඒක තවදුරටත් සංසුන් ශරීරයකට උචිත දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා අපිව නිකංම ඇහැරෙනවා. ඒ වගේම අපේ සිහින හැම එකක්ම මරණයෙන් ඉවර වෙනව කියල කියන්නත් බෑ. අපි ගොඩක් දෙනෙක්ට අපේ සිහින 95%ක්ම අමතක වෙලා යනව ඇහැරෙනකොට. #Knowledge

ඔයාලත් කැමති ද අපේ ලෝකෙන් එහා වෙන දේවල් දැන ගන්න.🌏🥸🤔 එහෙනම් මෙන්න හොඳ අවස්ථාවක් 🌝⭐️💦❄️☀️ අපිත් එක්ක එකතු වුනොත් ඔයාලට වාසි රැසයි.😁❤️😉👩‍🚀🧑‍🚀 👀 පෘථිවියේ නිවුන් සහෝදරයා 🌎 👀 අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වායු යෝධයින් 🪐🌪 👀 ඇමෙරිකානු රුසියානු චීන අභ්‍යවකාශ තරඟය 🇷🇺vs🇺🇸vs🇨🇳 👀 අපිට පේන තරු මොන වගේ ද🌟 මේ වගේ ගොඩක් දේවල් දැන ගන්න 🌝📖✏️🌞⭐️☄🌪☀️ ජොයින් වෙලාම බලන්නකෝ.🫶👨‍🚀✨

සම්බන්ධයකට හානිකර red flags වගේම, සම්බන්ධයක් ශක්තිමත් කරන green flags මොනවද? Green flags (කොළ කොඩි) කියන්නෙ සම්බන්ධයකදි දෙදෙනා අතර දක්නට ලැබෙන සම්බන්ධයකට වාසිදායක ලක්ශණ, හැසිරීම් හෝ පුරුදූන්ගේ එකතුවකටයි. සහකරුවන්ගෙන් දක්නට ලැබෙන එවැනි green flags කිහිපයක් පිළිබඳ දැනගමු අපි. 🪴 ඔවුන්, ඔවුන්ගේ වැරැද්දකට අවංකවම සමාව ගන්නවා. 🪴 ඔවුන් කටින් කියන දේම ක්‍රියාවෙනුත් කරනවා. (ටෝක්ස් only අය නෙවෙයි) 🪴 ඔවුන් ඔයාගෙ පවුලේ හෝ මිතුරන් සමග ඇති සම්බන්ධතා සඳහා ඔයාව දිරිගන්වනවා. ඒව විනාශ කරන්න හදන්නෑ. 🪴 ඔවුන් තම හිටපු සහකරුවන් ගැන ඉතාමත් ගෞරවයෙන් කතා කරනවා. ඔවුන්ට අවමන් කරන්නෑ. 🪴 ඔවුන් පැහැදිලිව සහ අවංකවම සන්නිවේදනය කරනවා. 🪴 ඔවුන් ඔබේ සීමා මායිම් වලට ගරු කරනවා. දෙපළටම සුදුසු මායිම් නිර්මාණය කරනවා. 🪴 ඔවුන් සම්බන්ධතාවයේ වර්ධනය වෙනුවෙන් ක්‍රියාශීලිව කැපවෙනවා. 🪴 ඔවුන් ඔයා වෙනුවෙන් පෙනී සිටිනවා. ඔයාටත් එහෙම කරන්න ඉඩ ලබා දෙනවා. 🪴 ඔවුන් සම්බන්ධය තුළ ඇති වෙන ගැටලු නිරාකරණය කරගැනීමට කැප වෙනවා. 🪴 ඔවුන් ඔවුන්ගේ ඉලක්කයන් ඔයත් එක්ක බෙදාගන්නවා. #Relationship_Tips