ru
Feedback
Learn Bits

Learn Bits

Открыть в Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Больше
1 305
Подписчики
Нет данных24 часа
-97 дней
-4230 день
Архив постов
ලොව ප්‍රථම නවකතාව, වාක්‍යයක් අතරමැදදි 'ඩලස්' ගාල නවත්තල දාල? 11 වෙනි සියවසේදි, Murasaki Shikibu විසින් රචනා කළ බවට පැවසෙන The
ලොව ප්‍රථම නවකතාව, වාක්‍යයක් අතරමැදදි 'ඩලස්' ගාල නවත්තල දාල? 11 වෙනි සියවසේදි, Murasaki Shikibu විසින් රචනා කළ බවට පැවසෙන The Tale Of Genji නම් කතාව, ලෝකයේ ප්‍රථම නවකතාව ලෙස සැලකෙනවා. බ්‍රේක් ඔයිලුයි බෙඩ්ශීටුයි වගේ, එකිනෙකට සම්බන්ධයක් නැති පරිච්ඡේද 54කට පස්සෙ හම්බෙන එක්තරා අසම්පූර්ණ වාක්‍යයකින්, මෙම නවකතාව අවසන් වෙනව. ඒත් පරිවර්තකයින් විසින් විවිධ අදහස් ඉදිරිපත් කරනව. ඇතැමෙක්ට අනුව, එම අදාළ වාක්‍යය ඇත්තටම නවකතාවෙ අවසන් වාක්‍යය බවත්, තවත් සමහරෙක්ට අනුව එම වාක්‍යයෙන් පස්සෙත් තවත් පිටු කිහිපයක් තිබිය යුතු බවත් ප්‍රකාශ වෙනව. නිවාඩු වෙලාවට කියවන්න » #History

අඩුම මිලට ඕනිම දෙයක් අපෙන්🥰❤️‍🔥 ❤️string arts ❤️dream catcher ❤️Gift box 🎁 ❤️wall decor තව ගොඩාක් දේවල් අපෙන් ඔබට මිලදී ගන
අඩුම මිලට ඕනිම දෙයක් අපෙන්🥰❤️‍🔥 ❤️string arts ❤️dream catcher ❤️Gift box 🎁 ❤️wall decor තව ගොඩාක් දේවල් අපෙන් ඔබට මිලදී ගන්න අවස්ථාව තියනවා අදම join වෙන්න👇🔥🤗

ඇයි ගොඩක් කිරි වර්ග සුදු පාට? යමක් සුදු වර්ණයෙන් පේනව කියන්නෙ, ඒ අදාළ වස්තුවෙන් හෝ දෙයින් දෘශ්‍ය ආලෝකයේ සියලුම වර්ණයන් පරාවර්තනය කරනව කියන එකයි. ඒ වගේම කලු පාටට පේන්නෙ අදාළ වස්තුවෙන්, ආලෝකයේ සියලුම වර්ණයන් අවශෝෂණය කරනව කියන එකයි. (සරල අදහස පමණි) ඉතින් කිරි ඇයි සුදු පාටට පේන්නෙ කියන ගැටලුවට යොමු වෙනකොට අපි සලකා බලන්න ඕනෙ දෙයක් තමයි, කිරි වල අන්තර්ගතය. එහෙමත් නැත්තං රසායනික සංයුතිය. කිරි හැදිල තියෙන්නෙ සංයෝග කීපයක එකතුවකින්. කිරි වල ජලය, මේදය, ප්‍රෝටීන සහ විටමින් වගේ විවිධ සංයෝග අඩංගු වෙනව. අන්තර්ගතය අනුව සැලකුවම, කිරි වල තියෙන මේද ගෝලිකා සහ, කේසීන් ප්‍රෝටීනය කියන්නෙ ආලෝක පරාවර්තක හැකියාවක් තියෙන සංයෝගයි. ඉතින් අපිට කිරි, සුදු පාටින් දිස්වෙන්නෙ මෙන්න මේ සංයෝග වලින් ආලෝකයේ සියලුම වර්ණයන් පරාවර්තනය කරන නිසයි. හැබැයි හැම කිරි වර්ගයක්ම සුදු පාට නෑ. සමහර වෙලාවට, කිරි වල අඩංගු වෙන කැරොටීන් වගේ සංයෝග නිසා කිරිවලට ආවේණික කහ පාටක් ලැබෙනව. සහ අපි මීට කලින් සඳහන් කරපු හිපෝලගෙ කිරි සම්බන්ධ කාරණාවෙදිත් කිරිවලට එකතු වෙන විවිධ ද්‍රව්‍ය නිසා, ඒ ඒ කිරි වර්ගයට ආවේණික වර්ණයක් ලැබෙන්න පුලුවන්. #Knowledge

🖋 ද කලර් | THE COLOUR 🌈 ජීවිතයට නිවැරදි පාට ත‌ෝරාගන්න... 📌 දනපතාම ඔබග‌ේ ජීවිතයට වටිනා අදහසක් කියවන්න... 💬 📌 ඔබ කැමති ඕනම
🖋 ද කලර් | THE COLOUR 🌈 ජීවිතයට නිවැරදි පාට ත‌ෝරාගන්න... 📌 දනපතාම ඔබග‌ේ ජීවිතයට වටිනා අදහසක් කියවන්න... 💬 📌 ඔබ කැමති ඕනම ගීතයක Lyrics වගේම Karaoke Tracks ලබාගන්න... 🎶 📌 ක‌ෙටි කතා, නවකතා කියවන්න... 📖 📌 ඔබ කැමතිම photos නරඹන්න... 🗺 ඔබ අප‌ට එවන කවි, නිසඳැස්, ක‌ෙටි කතා, නවකතා, හදවතට දැනෙන වදන් ආදි ඕනම නිර්මාණයක්ද අපග‌ේ channelට පල කිරීමට අපි සුදානම්... ♥️🌸 ©𝗧𝗵𝗲𝗰𝗼𝗹𝗼𝘂𝗿 #CHOOSE_THE_RIGHT_COLOUR_FOR_THE_LIFE contact - @suchira_SNJ

I was told not to lose when someone already laid the groundwork for me "මට කියල තියෙන්නෙ, කවුරුහරි මම වෙනුවෙන් අඩිතාලම සකස් ක
I was told not to lose when someone already laid the groundwork for me "මට කියල තියෙන්නෙ, කවුරුහරි මම වෙනුවෙන් අඩිතාලම සකස් කරල තියෙනව නං, පරදින්න එපා කියලයි" - Izuku Midoriya (My Hero Academia) Photo Template » #AnimeQuotes

Repost from Wallpapers
🌸ඔයාලත් කැමතිද ලස්සනම ලස්සන wallpapers ගොඩාක් බලන්න යාලුවනේ?👀♥️ 🌸එහෙනම් මෙන්න හරිම තැන.ඔයා කැමති ඕනිම විදිහක wallpapers ඔය
🌸ඔයාලත් කැමතිද ලස්සනම ලස්සන wallpapers ගොඩාක් බලන්න යාලුවනේ?👀♥️ 🌸එහෙනම් මෙන්න හරිම තැන.ඔයා කැමති ඕනිම විදිහක wallpapers ඔයාට ගන්න පුළුවන් අපිත් එක්ක එකතු උනොත්😌♥️ ♥𝘽𝙤𝙮𝙯 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨👦 ♥𝙂𝙞𝙧𝙡𝙨 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨👩 ♥𝘾𝙖𝙧 𝙖𝙣𝙙 𝙗𝙞𝙠𝙚 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨🚗🛵 ♥𝙏𝙧𝙖𝙫𝙚𝙡𝙡𝙞𝙣𝙜 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨🏕✨ ♥𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙮 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨🎥🥀 ♥️𝘾𝙖𝙧𝙩𝙤𝙤𝙣 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨🎭🧩 ♥️𝘼𝙣𝙞𝙢𝙚 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨👻🤍 ♥️𝙁𝙖𝙣𝙩𝙖𝙘𝙮 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨🏰💗 ♥️𝙂𝙖𝙢𝙞𝙣𝙜 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨🎮🎗 ♥️𝙉𝙖𝙩𝙪𝙧𝙚 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨☘🌷 🌸ඉතින් ඔයවගේ ලස්සන wallpapers බලන්න ඔයත් එන්න අපේ චැනල් එකට🌚♥️

නිල් තල්මසා කියන්නෙ ලෝකයේ වැඩිම ශබ්දයක් නිපදවන්න පුලුවන් සත්වයයි. නිල් තල්මසාගෙ ශබ්දය ඩෙසිබල් ඒකක වලින් මිනුම් කළොත් මේ ශබ්දය
නිල් තල්මසා කියන්නෙ ලෝකයේ වැඩිම ශබ්දයක් නිපදවන්න පුලුවන් සත්වයයි. නිල් තල්මසාගෙ ශබ්දය ඩෙසිබල් ඒකක වලින් මිනුම් කළොත් මේ ශබ්දයේ අගය 180dB ක් විතර වෙනව. ජෙට් යානාවක් ගුවන් ගත කරන මොහොතේ ඒකෙ ශබ්දයත් 140dB ක් විතරයි වෙන්නෙ. ඒ වගේම ඔවුන් ඇති කරන මේ අධික ශබ්දය නිසා, නිල් තල්මසුන්ට කිලෝ මීටර් 1600ක පමණ පරාසයක එකිනෙකා සමග සන්නිවේදනය කිරීමෙ හැකියාවක් තියෙනව. #Facts

ඔයා, Midnight game එක ගැන දන්නවද?
Anonymous voting

ආදර සබඳතාවක් හෝ මොනයම් සබඳතාවක් හෝ විනාශ කිරීමට හේතු වෙන දේවල් 🐋අතීතයේ නොවිසඳුණු ගැටලු නොසලකා හැරීම. 🐋 අනෙකාගේ විශ්වාසයන්ට සහ හැසිරීම් වලට අවධානය ලබා නොදීම. 🐋 හැඟීම් ප්‍රකාශ කිරීමට සහ සම්බන්ධය නියාමනය කිරීමට ඇති නොහැකියාව. 🐋 චිත්තවේගයන් ඇති වීමට බලපාන මූලාශ්‍ර (චිත්තවේගී ප්‍රේරක) පිළිබඳ දැනුවත් නොවීම. 🐋 "මම වගේ වෙන්න" යන මතය අනෙකා තුළ ස්ථාපනය කිරීමට උත්සාහ කිරීම. 🐋 සම්බන්ධය පිළිබඳව ස්වයං දැනුවත්භාවය සහ වගවීමක් නොමැති වීම. 🐋 සහකරුවා කෙරේ තිබූ ප්‍රමුඛතාව වෙනත් අතකට යොමු කිරීම. #Relationship_Tips

Prepositions (photo enhance by LearnBits) #English #Social_Mid
Prepositions (photo enhance by LearnBits) #English #Social_Mid

FACT CHECK මනෝවිද්‍යාත්මකව අපේ ප්‍රීතිමත්ම කාලය සෙනසුරාද රාත්‍රී 7.26 ද? පළමුවෙන් කියන්න ඕනෙ මේක ඇත්තටම මනෝවිද්‍යාත්මක කාරණයක් නොවන බව. මේ නිගමනයට එළඹිලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතිකයන් 3000ක් යොදාගෙන කරපු සරල මත විමසුමක් (poll) ආධාරයෙන්. Peter Morton නම් තැනැත්තා තමයි මේ මත විමසුම නිර්මාණය කරල සහ අධීක්ෂණය කරල තියෙන්නෙ. ලංකාවට මේ නිගමනයේ බලපෑම එතරම්ම වලංගු නොවුනත්, අදාළ poll එකේ අවසන් ප්‍රතිඵලය විදිහට, එම බ්‍රිතාන්‍ය ජාතිකයන් 3000 ගේ ප්‍රීතිමත්ම කාලය, සෙනසුරාද රෑ 7.26 බව හෙලිවෙලා තියෙනව. බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙ සාමාන්‍යය චර්යාවන්ට අනුව ඔවුන්, සෙනසුරාද හැන්දෑවට යාලුවොන්ව හමුවෙන්න යෑම, පවුලේ අය සමග කෑමට පිටතට යාම වගේ කරුණු නිසයි මෙම වෙලාවම නිශ්චිත වශයෙන් තෝරාගෙන තියෙන්නෙ. අඩු හෝ වැඩි වශයෙන් මෙම post එක සත්‍යයක් හැටියට පිළිගන්න පුලුවන්. ඔයාට මේ ගැන තව දුරටත් විස්තර අවශ්‍ය නම්, බ්‍රිතාන්‍යයේ dailymail අඩවියේ මේ සම්බන්ධව පළ උන ලිපිය කියවන්න මෙතනින්. Fact Status : TRUE ✅ #Facts_Check

මොනවද මේ චිත්තවේගී ප්‍රේරක කියන්නෙ? චිත්තවේගී ප්‍රේරකයක් කියන්නෙ සරලවම, චිත්තවේගයක් ඇතිවෙන්න බලපාන යම් මූලාශ්‍රයකටයි. සරල ව්‍යවහාරයේ අපි කියන්නෙ "හැඟීම් අවුස්සන දේවල්" කියල. අන්න ඒව තමයි චිත්තවේගීය ප්‍රේරක කියන්නෙ. හැබැයි මනෝවිද්‍යාත්මකව, චිත්තවේගීය ප්‍රේරක කියල හඳුන්වන්නෙ, අපේ හිතේ සෘණාත්මක නෝ නිශේධාත්මක හැඟීම් ඇතිකරන දේවල් වලටයි. උදාහරණ විදිහට, අමිහිරි මතකයන්, හැරගිය පුද්ගලයන්, හෝ විවිධ වස්තු ආදිය දක්වන්න පුලුවන්. චිත්තවේගීය ප්‍රේරක ගැන අදහසක් ලබාගන්න, පහත උදාහරණය ගැන සැලකිලිමත් වෙන්න. හිතන්න ඔයාගෙ පරණ සහකරුවෙක් ඔයාට දීපු ඔරලෝසුවක් තියෙනව. ඔයාට ඒ ඔරලෝසුව පේන පේන සැරේට හරිම අමිහිරි හැඟීම් ගණනාවක් දැනෙන්න පටන් ගන්නව. අන්න එතකොට ඒ ඔරලෝසුව, "චිත්තවේගීය ප්‍රේරකයක්" හැටියට සැලකෙනවා. #Psycho_Facts

අටේ ඉලක්කම් අටක් භාවිත කරමින් සහ එකතු කිරීම පමණක් යොදාගනිමින්, දහසයේ (1000) අගය නිර්මාණය කරන්න. #Fun

මන්දාකිණි ප්‍රධාන වර්ග තුනක් යටතේ බෙදා දක්වන්න පුලුවන්. 1. සර්පිලාකාර මන්දාකිණි 2. ඉලිප්සාකාර මන්දාකිණි 3. අක්‍රමවත් හැඩැති ම
මන්දාකිණි ප්‍රධාන වර්ග තුනක් යටතේ බෙදා දක්වන්න පුලුවන්. 1. සර්පිලාකාර මන්දාකිණි 2. ඉලිප්සාකාර මන්දාකිණි 3. අක්‍රමවත් හැඩැති මන්දාකිණි ඒ වගේම ඔයාල දැනටමත් දන්නව ඇති, අපි ඉන්න ක්ෂීරපථය මන්දාකිණිය අයත් වෙන්නෙ, මේ කියන 'සර්පිලාකාර් මන්දාකිණි' කාණ්ඩයටයි. #Astronomy

ඔයා කාල ඉවර උන චුයින්ගම් විසි කරනකොට ප්‍රවේශම් වෙන්න. ගොඩක් ප්‍රසිද්ධ චුයින්ගම් මාදිලි වල අඩංගු වෙනව Xylitol නම් රසායනික සංයෝගයක්. මේ සංයෝගය ඇත්තටම මිනිසාට ගොඩක් යහපත් බලපෑමක් ඇති කරනව. දත් දිරායාම වැළැක්වීම සහ මුඛයේ ph අගය පවත්වගැනීම වැනි වාසි රැසක්, චුයින්ගම් වල අඩංගු වෙන මේ xylitol සංයෝගයෙන් ලබාගන්න පුලුවන්. නමුත් ප්‍රශ්නය වෙන්නෙ, මේ සංයෝගය සුනඛයන්ට අධික ලෙස විශදායක වීමයි. බල්ලෙක්ට ඉතාම සුලු ප්‍රමාණයක හෝ xylitol රසායනිකය ශරීරගත වුනොත්, ඒකෙන් එම බල්ලගෙ ජීවිතය පවා නැති වෙන්න පුලුවන්. ඒ නිසා චුයින්ගම් ඉවතදානකොට, නිසි පරිදි එය සිදු කරන්න. තැන තැන විසි කරල දාන්න එපා. #Life_Hacks

සෙල්ටික් නිරුවත් හමුදාව (Celtic Naked Army) හමුදාවක් කිව්වට, මේ Celtic කියන්නෙ ඇත්තටම කුලී හේවායන් පිරිසක්. ඔවුන් ප්‍රධාන වශය
සෙල්ටික් නිරුවත් හමුදාව (Celtic Naked Army) හමුදාවක් කිව්වට, මේ Celtic කියන්නෙ ඇත්තටම කුලී හේවායන් පිරිසක්. ඔවුන් ප්‍රධාන වශයෙන්ම රෝමන්වරුන්ට එරෙහිව සටන් වැදුනු භට පිරිස් හැටියට ඉතිහාසයේ දැක්වෙනවා. ඉතිහාසඥයන් කියන විදිහට, මේ අයගෙ අතේ තියෙන හෙල්ලයක් ඇරෙන්න, ඔවුන් සතුව වෙන කිසිම දෙයක් නෑ. කොටින්ම ඔවුන්ට ඇඳුමක් වත් නෑ. නිරුවතින් ඉන්නෙ. කි.පූ. 225 දි විතර මේ සෙල්ටික් කුලී හේවායන්, රෝමන්වරුන්ට එරෙහිව දැවැන්ත සටනක් දියත් කරල තියෙනව. (හැබැයි නිරුවතින්) සටනෙන් ජයගත්තෙ, නිරුවත් සෙල්ටික් හේවායන් නොවන බවත්, සම්පූර්ණ යුධ ඇඳුම් පැළඳගෙන සටන් කරපු රෝමන් හමුදාවන් බවත් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඒ සටන ගැන ඉතිහාසයේ සඳහන් වෙන්නෙ, සෙල්ටික් නිරුවත් කුලී හමුදාවේ උත්කර්ෂවත් ගමනේ අවසානය විදිහටයි. #History

මොනවද මේ Anime කියන්නෙ? Anime කියන්නෙ animation කියන ඉංග්‍රීසි වචනයේම කෙටි කර දැක්වීමක්. Anime සංකල්පය මූලාරම්භ වෙලා තියෙන්නෙ ජපානයෙන්. කෙටියෙන්ම කිව්වොත්, "anime කියන්නෙ ජපන් කාටූන්" වලට. මුල්කාලීනම anime පිළිබඳව වාර්තා වෙන්නෙ 1917 වසරෙනුයි. ඒ වාණිජමය කටයුතු සඳහා යොදාගත්ත ඇනිමේශන් ආදියෙන්. පස්සෙ 1960 වගේ වෙනකොට, Anime කාටුන් ජපානය තුළ ව්‍යාප්ත වෙලා, දශක කීපයක් තුළදි ලොකු ප්‍රසිද්ධියක් අත්කරගෙන තියෙනව. ජපානයෙන් නිර්මාණය කරන මේ Anime නිර්මාණය කිරීම සඳහා පාදක වෙන්නෙ "Manga" නොහොත් ජපන් චිත්‍ර කතායි. Anime තුළ සිනමාකරණය, ග්‍රැෆික් කලාව, චරිත නිරූපණය සහ වෙනත් පුද්ගලවාදී ශිල්පීය ක්‍රමයන් ගොඩක් අඩංගුයි. ඒ වගේම බටහිර කාටූන වලට සාපේක්ෂව ඇනිමෙ තුළ චලනයන් වල අඩුවක් දක්නට ලැබෙනව. ඒ වෙනුවට විශාලනය කිරීම්, පසුබිම් හැඩතල ආදියෙන් තමයි මේ ඇනිමෙ ඔපවත් වෙන්නෙ. ඇනිමෙ කියන්නෙ වර්තමානයේ බාල මහලු තරුණ වයස් භේදයක් නැතුවම, සමාජය තුළ වේගෙන් ව්‍යාප්ත වෙන කාටූනම කලාවක්. සමහර තරුණයන් ලොවක් නැතුව ඇනිමෙ බලන්නෙ ඇයි කියන කාරණය ගැන පුංචි ඉඟියක් ලබාගන්න, උඩ විඩියො එක බලන්න. Anime name : Highscool of dead #Knowledge

Rate "LearnBits" Channel - (Drop your suggestions & complains in the comment box)
Anonymous voting

ඔයා යම් කෙනෙක්ට අකමැත්තක් දක්වන්න පටන් ගත්තොත්, ඔයාට ඒ පුද්ගලය කරන හැම වැඩක්ම කරදරයක්/වධයක් විදිහට දැනෙන්න ගන්නව. ඒක ඇත්තටම අපේ මොළයෙන් අපිව හැඩගස්වල තියෙන විදිහ. ඔයා අදාළ පුද්ගලය හොඳ වැඩක් කරනව දැක්කත්, ඔයා අවධානය දෙන්නෙ එයා ඒ කරන හොඳ වැඩේට නෙවෙයි. එයාගෙ අතින් වෙන අතපසුවීමකට හෝ, එයාගෙ ඒ වැඩේ නිසා වෙන වෙනත් අයහපත් දේකටයි. මේ ක්‍රියාවට හේතු වෙන්නෙ, බිය සහ ආක්‍රමණිකත්වය මත පදනම් උන චිත්තවේගයන්. අපේ මොළයට අදාළ චිත්තවේගයන් දැනෙන්නෙත් ආතතිකාරී සාධක විදිහටයි. මේ සාධක නිසා මොළයෙන් විවිධ ආරක්ෂක යාන්ත්‍රණ යොදන්න පටන් ගන්නව. ඒ, එම අදාළ පුද්ගලයගෙන් ඔයාව ආරක්ෂා කරන්න. අන්න ඒ නිසා අපි නිතරම උත්සාහ කරන්නෙ අදාළ පුද්ගලයට එරෙහි වෙන්නයි. #Psycho_Facts

🎭🎏ආතල් සුරපුරය🌝🪅 🍁memes             〽️whatsapp status 🥀wallpapers       〽️sinhala songs 💐english songs    〽️bike video 🍂car video           〽️cricket video       🍃බලන්න දැන්ම join වෙන්න අපත් සමග💐 🚨Cross Pramotion👉 @Athalsurapurayaofficial23_bot