ru
Feedback
Learn Bits

Learn Bits

Открыть в Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Больше
1 305
Подписчики
Нет данных24 часа
-97 дней
-4230 день
Архив постов
සෑම වසරකම නේපාල වැසියන් විසින්, සුනඛයන් වෙනුවෙන් දින පහක ආලෝක උත්සවයක් පවත්වනවා. ඒ ඔවුන්ගේ දේව විශ්වාසයක් සහ සුනඛයන්ගේ අවංකකම
සෑම වසරකම නේපාල වැසියන් විසින්, සුනඛයන් වෙනුවෙන් දින පහක ආලෝක උත්සවයක් පවත්වනවා. ඒ ඔවුන්ගේ දේව විශ්වාසයක් සහ සුනඛයන්ගේ අවංකකම සහ පක්ෂපාතීබව වෙනුවෙන් කරන තුති පිදීමක් හැටියටයි. Additional - wikipedia #Facts

ඔයාටම අනන්‍ය මාර්ගය ඔයාට ඔයා යන ගමන ගැන හොඳාකාරවම අවබෝධයක් තියෙනව නං, 'අනිත් අය ඔයා ගැන හිතන දේවල්' ගැන එච්චර සැලකිල්ලක් දක්ව
ඔයාටම අනන්‍ය මාර්ගය ඔයාට ඔයා යන ගමන ගැන හොඳාකාරවම අවබෝධයක් තියෙනව නං, 'අනිත් අය ඔයා ගැන හිතන දේවල්' ගැන එච්චර සැලකිල්ලක් දක්වන්න ඕන්නෑ. ඒත් අපිට, අපේම අනන්‍ය මාර්ගයක් හොයාගන්න අපහසු වෙන්නෙ, පොඩි කාලෙ ඉඳලම අපි ඉගෙන ගෙන තියෙන්නෙ වෙනත් කෙනෙක්ගෙ අදහසක් ක්‍රියාත්මක කරන්න. හෝ වෙනත් කෙනෙකුගෙ අත්දැකීමක් අනුගමනය කරන්න. මෙතන තියෙන භයානකම කරුණ තමයි, වෙනත් කෙනෙක්ට අනන්‍ය උන "හොඳම" මාර්ගය, ඔයාට "නරකම" මාර්ගය වෙන්න පුලුවන්. මේ සංසිද්ධියෙන් මිදෙන්න අපිට අවශ්‍ය වෙන්නෙ, යම් තරමකට ශක්තිමත් මනසක් විතරයි. අන් අයගෙ අදහස් එකහෙලාම ප්‍රතික්ෂේප නොකර, ඒ අදහස් වලින් උකහා ගත යුත්ත අරගෙන, ඒ ඇසුරෙන් ඔයාගෙම මාර්ගය නිර්මාණය කරගන්න උත්සාහ කරන්න. "ඉලක්කය" සෑම පුද්ගලයෙක්ටම අනන්‍යයි. ඉතින් ඒ ඉලක්කයට ගමන් කරන මාර්ගයත් සෑම කෙනෙක්ටම අනන්‍යයි. නුවණින් විමසල ඔයාගෙ ගමන ගමන් කරන්න. මනස යටපත් කරල, යාන්ත්‍රික වෙන්න එපා. තමන්ගෙ ජීවිතේ ගන්න සෑම පියවරකටම මනස යොදාගන්න. ඔයාටම අනන්‍ය උන විදිහට. #Psycho_Facts

මේ කොටි පැටියගෙ වයස මාස හයක් විතර වෙනව. සාමාන්‍යයෙන් කැළෑ ජීවිතය තුළදි, මාස හයක කොටි පැටියෙක් කියන්නෙ තමන් විසින්ම ආහාර සොයාගන්න පුරුදු වෙලා ඉන්න කාලයක්. නමුත් සුදු කොටියන් තවදුරටත් මහ වනයේ හොයාගන්න නෑ. වනයේ වාසය කරපු අවසන් සුදු කොටියවත්, 1985 වසරේදී දඩයක්කාරයෙක් විසින්, ඔහුගේ "කුසලානයක්" ලෙස දඩයම් කරල තියෙන බවට පැවසෙනව. සුදු කොටියන් කියල වෙනම සත්ව විශේෂයක් නෑ. ඔවුන්ගෙ සුදු පැහැයට හේතුව ජානමය විකෘතියක්. එහෙමත් නැත්තං, සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කියන "ඇලි" බව. ඉතින් මෙයාලත් සාමාන්‍ය කොටින්ගෙම ලක්ෂණ පෙන්නුම් කරනව. හැබැයි ඇලිබව නිසා සාපේක්ෂව දුර්වල බවක් දක්වනවා. (ඉක්මනට ලෙඩ වෙනව, ආසාත්මිකතා පෙන්නව) #Animalia ᴺᴱᵂ

FACT CHECK බ්‍රසීලයේ පිරිමි ළමයෙක් 42වතාවක් ස්වයංවින්දනය කල පසු මිය ගියේය. Telegram තුළ සංසරණය වන තවත් ප්‍රශ්න සහගත පුවතක්. ම
FACT CHECK බ්‍රසීලයේ පිරිමි ළමයෙක් 42වතාවක් ස්වයංවින්දනය කල පසු මිය ගියේය. Telegram තුළ සංසරණය වන තවත් ප්‍රශ්න සහගත පුවතක්. මේක මම දැක්කෙ මම ඉන්න පෞද්ගලික ගෲප් එකකින්. මේ කියන කතාව මුලින්ම වාර්තා වෙන්නෙ, 2013 වසරෙ වෙබ් පිටුවක. ඕන්නං අදාළ පුවතෙ comment ටික කියවල බලන්න.💀 ඉතින් මේ කියන කතාවෙ හිඩැස් කීපයක්ම තියෙනව. පළවෙනිම දේ තමයි, ඒ කොල්ලා 42වතාවක්ම නිශ්චිත ලෙස අදාළ කාර්ය කළා කියල කොහොමද කියන්නෙ? මොකද ඒ කොල්ලා ටවුන් එකක් මැද්දට ගිහින් ගණන් කර කර ඒ දේ කළා නෙවෙයිනෙ. සහ වෛද්‍යවරුන්ටත් නිශ්චිතවම කියන්න පුලුවන් කමක් නෑ, මැරුණු කෙනෙක් මැරෙන්න කලින් කී වරක් ස්වයංවින්දනය කලාද කියල. අනිත් කාරණේ තමා, මේ පෝස්ට් එකත් එක්ක share වෙන පොටෝ එක, මේ පුවතට කිසිම සම්බන්ධයක් නෑ. Photo එකේ මූලාශ්‍රයට » ඉතින් මේ සම්බන්ධව පිළිගතහැකි සාක්ෂියක් ඇත්තටම අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය තුළ නං නෑ. හෝ මට නං හම්බුනේ නෑ. 2016 දි ඔය කතාවම 42 වෙනුවට 56 ලෙස වෙනස් කරල වෙනත් වෙබ්සයිට් එකක පළ වෙලා තියෙනව. සහ ඔයාට මේ සම්බන්ධව අත්දැකීම් තියෙනව නං උපරිම දහ දොළොස් වතාවකට පස්සෙ තව දුරටත් ශු... Fact Status : FALSE ❌ #Facts_Check

යම් කෙනෙක් එක්ක දිගු කාලයක් ගත කරනකොට, ඒ අයගෙ පුරුදු අපිත් වැළඳගන්නව. ඒ නිසා යාලුවො තෝරගන්නකොට ප්‍රවේශම් වෙන්න. හොඳ පුරුදු ඇති අය එක්ක වැඩි කාලයක් ගත කරන්න. #Life_Hacks

සෞරග්‍රහ මණ්ඩලයේ පවතින ග්‍රහක වලින් විශාල ප්‍රතිශතයක්, බ්‍රහස්පතිගෙ ගුරුත්වාකර්ෂණය හේතුවන්, බ්‍රහස්පති ග්‍රහය වෙතට ඇද ගන්නවා.
සෞරග්‍රහ මණ්ඩලයේ පවතින ග්‍රහක වලින් විශාල ප්‍රතිශතයක්, බ්‍රහස්පතිගෙ ගුරුත්වාකර්ෂණය හේතුවන්, බ්‍රහස්පති ග්‍රහය වෙතට ඇද ගන්නවා. මේ හේතුව නිසා බ්‍රහස්පති ග්‍රහයට පටබැඳුන අන්වර්ථ නාමයකුත් තියෙනව, "dumping ground" නොහොත් "කසළ බැහැර කරන ස්ථානය" කියල. පෘථිවියට හානිකර විය හැකි බොහෝ ග්‍රහක සහ දිගු කාලීන් වල්ගා තරුත්, මේ විදිහට බ්‍රහස්පතිගෙ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට ඇදගන්නව. ඉතින් ඒ නිසා, බ්‍රහස්පති කියන්නෙත් දුරින් හිඳ පෘථිවිය රකින ආරක්ෂකයෙක්. හෝ ආරක්ෂක පලිහක්. #Astronomy

ඇයි විදුලියෙන් "ගුම් ගුම්" ශබ්දයක් ඇහෙන්නෙ? අපිට විදුලිය ලබාදෙන විදුලි බලාගාර වලින් සාමාන්‍යයෙන් ලැබෙන්නෙ, ප්‍රත්‍යාවර්ත ධාරා
ඇයි විදුලියෙන් "ගුම් ගුම්" ශබ්දයක් ඇහෙන්නෙ? අපිට විදුලිය ලබාදෙන විදුලි බලාගාර වලින් සාමාන්‍යයෙන් ලැබෙන්නෙ, ප්‍රත්‍යාවර්ත ධාරාවක්. (alternating current /AC). ඒ කියන්නෙ සරලවම, මේ ධාරාවෙ දිශාව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් අපිට මේ ඇහෙන ගුම් ගුම් ශබ්දයේ සංඛ්‍යාතය, ප්‍රත්‍යාවර්ත විදුලිය භාවිත කරන සංඛ්‍යාතය වගේ දෙගුණයක් වෙනව. ඔයාට ඇහිල ඇති ට්‍රාන්ස්ෆෝමරයක් ගාවින් යනකොට මේ විදිහට ගුම් ගුම් ශබ්දයක් ඒ තුළින් එනව. ඒකට හේතුව තමයි, ට්‍රාන්ෆෝමරේකින් විදුලියේ වෝල්ටීයතාවය අඩු කරන්නෙ විද්‍යුත් චුම්භකයක් යොදාගෙනයි. මේ විද්‍යුත් චුම්භකය ක්‍රියාත්මක වෙනකොට ඇත්තටම ඒක කම්පනය වෙනව. (සියුම්ව) අන්න ඒ කම්පනය නිසයි අපිට සියුම් ගුම් ගුම් ශබ්දයක් ඇහෙන්නෙ. ඒත් සමහර වෙලාවට විදුලි රැහැන් වලිනුත් මේ ශබ්දය එනව. ඒකට හේතුව, විදුලි රැහැනෙන් පමණට වඩා ධාරාවක් ගලාගෙන යනකොට ඉන් පිටතට විදුලි කාන්දුවක් සිදු වෙලා "කොරෝනා විසර්ජනය" නම් සංසිද්ධිය ඇති වීමයි. #Knowledge

ඔයාගෙ ඉංග්‍රීසි කථන හැකියාව වැඩි දියුණු කරගන්න උපකාර වෙන සුලු උපදෙස් කීපයක් 1. කතා කරන්න! වැරදි වැරදි හරි ඔයාගෙ ඉංග්‍රීසි දැනුම භාවිතා කරල කතා කරන්න උත්සාහ කරන්න. පුහුණුව තමයි වැදගත්ම දේ. වැඩියෙන් කතාකරනකොට, ඉංග්‍රීසි කථනයේදී ඔයාට ඇතිවෙන ලැජ්ජාශිලී බව ක්‍රමයෙන් නැති වෙලා යාවි. 2. තාක්ෂණය උපයෝගී කරගන්න ඔයා තනියම පුහුණු වෙන ඉංග්‍රීසි කථනයන්, ඔයාගෙ ෆෝන් එකෙන් රෙකෝඩ් කරගන්න. ඒ රෙකෝඩ්ස් අහල, ඔයාගෙ කථනය මොන වගේද කියල බලන්න. මොකද ඔයාට ඇහෙන විදිහට වඩා ඔයා සැලකිලිමත් වෙන්න ඕනෙ අනිත් අයට ඇහෙන්නෙ කොහොමද කියන එක ගැනයි. 3. සවන් දෙන්න ඉංග්‍රීසි වචන උච්ඡාරණය වෙන විදිහ දැනගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි, ඉංග්‍රීසි පුවත්, ගීත හෝ ෆිල්ම් වලට සවන් දීම. 4. ශබ්ද නගා කියවන්න ඉංග්‍රිසි පුවත්පතක්, ඔන්ලයින් ආටිකල් එකක් හෝ, අපේ additional කරුණු යටතේ පළවෙන ලිපියකට ගිහිල්ල ඒ අන්තර්ගත දේවල් ශබ්ද නගල කියවන්න. Pro Tip - හැකිතරම්, කට ඇරල වචන උච්ඡාරණය කරන්න. ඉංග්‍රීසි කථනයේ අස්වාභාවික ගතිය අඩු කරන්න භාවිත කරන පොඩි අභ්‍යාසයක් ඒක. 5. දිනපතා අලුත් වචනයක් ඉගෙනගන්න ඉංග්‍රීසි කථනයට අත්‍යාවශ්‍යම දෙයක් තමයි වචන කියන්නෙ. ඔයා ඉංග්‍රීසි වචන දැනගන්න තරමට, ඔයා අදහස් කරන දෙය නිරවුල්ව කියන්න පුලුවන් වෙනව. #Life_Hacks

විවිධ Phobia වර්ග Febriphobia - උණ වැළඳේයයි දක්වන බිය Francophobia - ප්‍රංශයට හෝ ප්‍රංශ ජනතාවට ඇති බිය Frigophobia - සිරුර අධික ශීතලට පත් වේයැයි දක්වන බිය Gamophobia - විවාහයට දක්වන බිය Geliophobia - සිනහවට ඇති බිය Geniophobia - නිකටට ඇති බිය Genuphobia - දණහිස් වලට ඇති බිය Gerascophobia - වයසට යාමට දක්වන බිය Globophobia - බැලුම් බෝල වලට ඇති බිය Glossophobia - ප්‍රසිද්ධියේ කතා කිරීමට ඇති බිය Gymnophobia - නිරුවතට ඇති බිය Gynophobia - කාන්තාවන්ට ඇති බිය #Phobia #Knowledge

කවුද මේ යුක්‍රේන Bhakmut නගරය අල්ලගත්ත PMC Wagner කණ්ඩායම? PMC Wagner හෙවත් Wagner private military company කියන්නෙ රුසියානු
කවුද මේ යුක්‍රේන Bhakmut නගරය අල්ලගත්ත PMC Wagner කණ්ඩායම? PMC Wagner හෙවත් Wagner private military company කියන්නෙ රුසියානු හමුදා සමාගමක්. ඊයෙ (ඉරිදා) දිනයේදී මේ කණ්ඩායමක් විසින් යුක්‍රේනයේ Bhakmut නගරය අල්ලාගෙන තියෙනව. මේ Wagner කණ්ඩායම සමහරෙක්ට අනුව නං, රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ගෙ පෞද්ගලික හමුදාවක් හැටියට විස්තර වෙනව. Wagner සමාගම ක්‍රියාත්මක වෙන්නෙ රුසියානු අවශ්‍යතා වලට. ඒ වගේම මේ සමාගමට අවි ආයුධ සපයන්නෙත්, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයෙන්මයි. මේ වෙනකොට ලෝකයේ තිබුණු බොහෝ සටන් ගණනකට මේ Wagner කණ්ඩායම් සෘජුවම සහභාගි වෙලා තියෙනව. ඒ අතරින් සිරියානු සිවිල් යුද්ධය, වෙනිසියුලානු ජනාධිපති අර්බුධය වගේ අවස්ථා කැපී පේනව. 2022 වසර වගේ වෙනකංම, Wagner සමාගම සතු හමුදා භටයින් ගණන හැටියට සඳහන් උනේ 5000කට ආසන්න සංඛ්‍යාවක්. කොහොම උනත් මේ වෙනකොට Wagner සමාගම සතුව 50,000 කට ආසන්න මිනිස් බලයක් තියෙනව සහ, ඉන් බහුතරය යුක්‍රේනයේ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. #LiveWar

ලෝකයේ මිල අධිකම අර්තාපල් වර්ගය තමයි ප්‍රංශයේ 'La Bonnotte' කියන්නෙ. මේ අර්තාපල් කිලෝ එකක්, යුරෝ(euro) 500ක් විතර වෙනව. ශ්‍රී
ලෝකයේ මිල අධිකම අර්තාපල් වර්ගය තමයි ප්‍රංශයේ 'La Bonnotte' කියන්නෙ. මේ අර්තාපල් කිලෝ එකක්, යුරෝ(euro) 500ක් විතර වෙනව. ශ්‍රී ලංකා මුදලින් මේ අගය, රුපියල් 165,000 ක් පමණ වෙනව. #Facts

Stephen Wiltshire කියන්නෙ, මතකයෙන්, සමස්ථ නගරයක්ම චිත්‍රයකට නගන්න පුලුවන් චිත්‍ර ශිල්පියෙක්. නගරය උඩින් කරන එක ගුවන් ගමනකට පස
Stephen Wiltshire කියන්නෙ, මතකයෙන්, සමස්ථ නගරයක්ම චිත්‍රයකට නගන්න පුලුවන් චිත්‍ර ශිල්පියෙක්. නගරය උඩින් කරන එක ගුවන් ගමනකට පස්සෙ, මොහු ඒ සමස්ථ දර්ශනයම චිත්‍රයට නගන බවට පැවසෙනවා. #WorldWide

සෝඩා බෝතලයක් වෙන්න එපා... වතුර බෝතලයක් වෙන්න...! අන්තර්ගතය මොනව උනත්, ඔයා තමයි මේ කියන බෝතලය. අන්තර්ගතය තමයි ඔයාගෙ මනස සහ හැඟීම්. බාහිර ලෝකයෙන් අපිට නොසෑහෙන බලපෑම් දිනපතාම එනවා. ඒක අපිට නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයි. ලෝකයා අපිට නොකඩවාම පහර දෙනවා සහ අපේ මනස සොලවන්න උත්සාහ කරනවා. හිතන්න ඔයා සෝඩා බෝතලයක් කියල. ලෝකයෙන් එන බලපෑම් වලට හෙල්ලුනු ඔයා, අවසානයේ විවෘත වෙන්නෙ ලොකු පීඩනයක් නිදහස් කරන ගමනුයි. හැබැයි ඔයා වතුර බෝතලයක් නං, ඔයාගෙ මනස කොච්චර හෙල්ලුනත්, ඔයා සුපුරුදු විදිහටම සන්සුන්ව සහ සාමකාමීවයි විවෘත වෙන්නෙ. දුරස්තර මිනිසුන්ගෙ ක්‍රියාවන් නිසා, ඔයාගෙ අභ්‍යන්තර සාමකාමීත්වය නැති කරගන්න එපා. ඒ නිසා වතුර බෝතලයක් වෙන්නෙ... පිරිසිදු, සාමකාමී, සෞඛ්‍ය සම්පන්න වතුර බෝතලයක් වෙන්න... #Life_Tips

1860 වසර වගේ වෙනකං, සමුරායිවරුන් තමන්ගෙ කඩුවේ තියුණුබව පරීක්ෂා කරල තියෙන්නෙ, ජීවත් වන මිනිසුන්ව යොදාගෙනයි. 1603-1868 අතර කාලය තුළ, එහෙමත් නැත්තං Edo-Period එක තුළ තමයි, සමුරායිවරුන් මේ විදිහට මිනිසුන් යොදාගෙන තම කඩුවේ තියුණුබව පරීක්ෂා කරල තියෙන්නෙ. ඒ සඳහා යොදාගෙන තියෙන්නෙ, සිරකරුවන්වයි. පසුකාලීනවයි සමුරායිවරුන් උණබට වලට යොමුවෙලා තියෙන්නෙ. #History

Repost from N/a
𝗗𝗼 𝗬𝗼𝘂 𝗟𝗼𝘃𝗲 𝗪𝗮𝗹𝗹𝗽𝗮𝗽𝗲𝗿𝘀? ❤️👀 𝗝𝗼𝗶𝗻 𝗡𝗼𝘄🔥👌
𝗗𝗼 𝗬𝗼𝘂 𝗟𝗼𝘃𝗲 𝗪𝗮𝗹𝗹𝗽𝗮𝗽𝗲𝗿𝘀? ❤️👀 𝗝𝗼𝗶𝗻 𝗡𝗼𝘄🔥👌

සෑම කෙනෙක්ම තමන්ට කැමති වීමට දක්වන ආශාව අපි අතරෙ සමහර අය ඉන්නව, අපේ කැමැත්ත සහ අවධානය ලබා ගැනීම වෙනුවෙන්, විවිධ ක්‍රියා සිදු
සෑම කෙනෙක්ම තමන්ට කැමති වීමට දක්වන ආශාව අපි අතරෙ සමහර අය ඉන්නව, අපේ කැමැත්ත සහ අවධානය ලබා ගැනීම වෙනුවෙන්, විවිධ ක්‍රියා සිදු කරනව. ඒක ඇත්තටම සාමාන්‍යය මිනිස් ආශාවක්. ඒ වගේ අය හරිම කැමති අනිත් අයව සතුටු කරල, ඒ ඔස්සේ ඔවුන්ගේ කැමැත්ත ලබා ගන්න. ඒත් මේකෙ තියෙන අනාරක්ෂිත බව තමයි, සමහර වෙලාවට මේ ආශාව මානසික සහ ස්නායු රෝගයක් දක්වා වර්ධනය වෙන්න පුලුවන්. මිනිස්සු තමන්ට කැමති නෑ කියල දැනගත්තම ඒ වගේ අයට ජීවිතය පවා නොවැදගත් වෙනව. ඉතින් මේ තත්වය ඇතිවෙන්න මූලිකම හේතුව තමයි, මිනිස්සු තමන් ගැන ස්වයං නිර්ණයක නියලෙන්නැතුව, තමන්ගෙ පෞද්ගලිකත්වය සිල්ලරට විකුණල ජීවත් වීම. කෙටියෙන්ම, තමන්ගෙ ජීවිතය බාහිර ලෝකයට විකුණා දැමීම. අපි, අපි ගැන වැඩි වැඩියෙන් තේරුම් අරන්, අපි ගැනම දළ නිර්ණයක නියැලිලා, අපේ පෞද්ගලිකත්වය ආරක්ශා කරන් ජීවත් වෙනකොට, වෙන කෙනෙක්ව සතුටු කිරීමට සහ වෙන අයගේ කැමැත්ත ලබා ගන්න තියෙන ආශාව නැති වෙනව. මොකද මිනිස්සු තමන්ගෙ ස්වාධීනත්වය තුළ, අනවශ්‍ය කාරක ගැන සැලකිල්ලක් දක්වන්නෑ. දැන් ඔයාට හිතෙයි වෙන අයව සතුටු කරන්නැති, වෙන අයගෙ කැමැත්ත බලාපොරොත්තු නොවන අය සමාජයේ පීචං චරිත කියල. ඒත් ඇත්තටම වෙන්නෙ ඒක පරස්පරයයි #psycho_Facts

🦁🦁 #Social_Mid
🦁🦁 #Social_Mid

අලිගැට පේර වලට පටබැඳුන එක්තරා හැඳින්වීමක් තියෙනව, "ලෝකයේ වඩාත්ම පරිපූර්ණ පළතුර" කියල. ඒකට හේතුව තමයි, අලිගැටපේර වල අත්‍යාවශ්‍
අලිගැට පේර වලට පටබැඳුන එක්තරා හැඳින්වීමක් තියෙනව, "ලෝකයේ වඩාත්ම පරිපූර්ණ පළතුර" කියල. ඒකට හේතුව තමයි, අලිගැටපේර වල අත්‍යාවශ්‍ය ප්‍රෝටීන සහ විටමින් ඇතුළු, විශාල පරාසයක පෝෂක ද්‍රව්‍ය තොගයක් අන්තර්ගත වීම. ඒ වගේම දේහ කොලෙස්ට්‍රොල් මට්ටම අඩු කිරීම, බර පාලනය කිරීම, හෘදයාබාධ සහ දියවැඩියා තත්ව අඩු කිරීම, රුධිරය තුළ ස්වාරක්ෂක කාර්ය ඉටු කිරීම, සම පැහැපත් කිරීම වගේ වාසි රාශියකුත්, නැවුම් අලිගැටපේර කන කෙනෙක්ට හම්බෙන බවට වෛද්‍ය වාර්තා පවා පළ වෙලා තියෙනව. #Knowledge #Personal_Care

ඇයි අපිට යහපත් ආත්ම අභිමානයක් අවශ්‍ය වෙන්නෙ? ආත්ම අභිමානය කියන වචනෙ ඇහුවට, සමහරු ඒකෙ නියමම අර්ථය දන්නැතුව ඇති. ඒ නිසා මම සරල
ඇයි අපිට යහපත් ආත්ම අභිමානයක් අවශ්‍ය වෙන්නෙ? ආත්ම අභිමානය කියන වචනෙ ඇහුවට, සමහරු ඒකෙ නියමම අර්ථය දන්නැතුව ඇති. ඒ නිසා මම සරල පැහැදිලි කිරීමක් කරන්නං. ආත්ම අභිමානය කියන්නෙ තමන්ට, තමන්ගෙ හැකියාවන් හෝ වටිනාකම පිළිබඳව ඇතිවෙන ධනාත්මක හෝ සෘණාත්මක විශ්වාසයන්ටයි. අපිට අපේ ජීවිතේට තේරුමක් තියෙන බවට දැනෙන්න සහ ජීවිතය විඳින්න නං, අනිවාර්යයෙන්ම ආත්ම අභිමානයක් තිබිය යුතුමයි. හැබැයි ඉහළ ආත්ම අභිමානයක් තියෙන පුද්ගලයා, ජීවිතේ හැම දේම ගැන ප්‍රශ්න කරන්න ගන්නව. ඒ වගේම ඉතාමත් පහත් ආත්ම අභිමානයක් තියෙන පුද්ගලයට ජීවිතේ කිසිම තේරුමක් නැතිව යනව. මොකද ආත්ම අභිමානය කියන්නෙ ධනාත්මක වගේම සෘණාත්මක විශ්වාසයන්ගෙත් එකතුවක්. අන්න ඒ නිසා යහපත් ආත්ම අභිමානයක් ගොඩනගාගැනීමේ හරිම ක්‍රමය තමයි, ඔයාගෙ ජීවිතය සම්බන්ධව යහපත් දර්ශනයක්, අර්ථයක් නිර්මාණය කර ගැනීම. අඩුත් නැති වැඩිත් නැති, යහපත් මට්ටමක ආත්ම අභිමානයක් ඇති කරගැනීමෙන්, අපිට හැකියාවක් ලැබෙනව තෘප්තිමත්, සතුටුදායක ජීවිතයක් ගත කරන්න. ඒ වගේම ඒකට නිශ්චිත පියවරයන් ඉදිරිපත් කරන්න බෑ. එක එක්කෙනා තමන්ට වටිනාකම දෙන්නෙ එක එක නිර්ණායක මතයි. ඔයත් ඔයාගෙ වටිනාකම හොයාගන්න. #Psycho_Facts

The Midnight Game - Ghost Games Midnight Game එක කියන්නෙ, පුරාණ මිත්‍යාදෘෂ්ටික ඇදහිල්ලක් හා සම්බන්ධ වෙන ක්‍රියාකාරකමක්. අවශ්‍ය ද්‍රව්‍යය : - විශාල ඉටිපන්දමක් - කොළ කෑල්ලක් - පෑනක් හෝ පැන්සලක් - ගිනි පෙට්ටියක් හෝ ලයිටරයක් - වියළි ලුණු අඩංගු භාජනයක් - පින් එකක් හෝ ඉඳිකටුවක් - දැවමය ඉදිරි දොරක් සහිත නිවසක් සෙල්ලමට සූදානම් වන ආකාරය : » ඔයාගෙ සම්පුර්ණ නමම කොළ කෑල්ලෙ ලියන්න. මතක ඇතුව වාසගම, පෙළපත් නාමය ඇතුළු හැම කොටසම ලියන්න. » ඔයාගෙ ඇඟිල්ලක් පොඩ්ඩක් හිල් කරල, ලේ බිංදුවක් ඒ කොළය මතට වැටෙන්න සලස්වන්න. කොළයට එම ලේ බිංදුව උරාගන්නකං ඉන්න. » දැන් ගෙදර ලයිට් ඔක්කොම ඕෆ් කරල ගෙදර ඉස්සරහ දොර ගාවට යන්න. » දැන් ඔයාගෙ නම ලියල, ලේ බිඳුවක් හලපු කොළ කෑල්ල ,දොර ඉස්සරහින් (නිවසින් පිටත) තියන්න. » තියල ඒකට උඩින් ඉටිපන්දමක් දල්වල තියන්න. » මධ්‍යම රාත්‍රිය එළඹෙනකොටම (12AM) ඔයා ඒ ඉස්සරහ දොරට 22 වතාවක් තට්ටු කරන්න. හැබැයි 12.01AM වෙන්න කලින් මේ වැඩේ කරන්න ඕනෙ. » දැන් දොර ඇරල, කලින් පත්තු කරපු ඉටිපන්දම නිවා දාන්න. » ඊළඟට දොර ආපහු වහල දාල ඉක්මනටම ඉටිපන්දමත් ආපහු පත්තු කරන්න. » ඔන්න ඔයා දැන් Midnight ගේම් එකේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන "Midnight man" ට ඔයාගෙ ගෙදරට එන්න ඇරයුම් කරලයි තියෙන්නෙ. සෙල්ලම කරන ආකාරය : ඔයාට කරන්න තියෙන්නෙ, දල්වපු ඉටිපන්දමත් අරගෙන, ගේ පුරාම ඇවිදින එක. සෙල්ලමේ අරමුණ තමයි ඔයා විසින් ගෙට ගෙන්නගත්ත Midnight man ව හමුවෙන එකෙන් වැළකිලා ඉන්න එක. මේ විදිහටම පාන්දර 3.33 වෙනකං, ඔයා ගේ පුරාම ඇවිදල හරි Midnight Manව හමුනොවී ඉන්න ඕනෙ. හදිස්සියෙවත් ඔයාගෙ ඉටිපන්දම නිවුනොත්, ඒකෙන් ඇඟවෙන්නෙ Midnight man ඔයා ළඟ ඉන්නව කියන එකයි. නැතුව හුළඟට එහෙම නිවුන කියන එක නෙවෙයි. හදිසියේවත් ඉටිපන්දම ඒ විදිහට නිවුනොත්, ඔයා ඊළඟ තත්. 10 ඇතුළත ඉටිපන්දම පත්තු කරගන්න ඕනෙ. එහෙම කරන්න බැරි උනොත් ඔයාටත් ගෞරවයෙන් අබසරණයි. ඔයාට නිශ්චිත කාලයට කලින් ඉටිපන්දම පත්තු කරගන්න පුලුවන් උනොත්, ආපහු කලින් වගේම ගේ පුරා ඇවිදින්න පටන් ගන්න. ඒ වගේම, ඔයාට ඉටිපන්දම නියමිත වෙලාවට පත්තු කරගන්න බැරිඋනොත්, ඔයා වහාම කලින් සූදානම් කරගත්ත වියළි ලුණු භාජනය අරගෙන ඒකෙ තියෙන ලුණු ඔයා වටේට රවුමක් ආකාරයට ඉහගන්න ඕනෙ. ඒ කරල, පාන්දර 3.33 වෙනකංම, ඒ රවුම ඇතුළට වෙලා ඉන්න ඕනෙ. හදිස්සියෙවත් ඔයා ඒ ලුණු ඉසපු රවුමෙන් එලියට ගියොත්, ආපහු පාරක් ඔයාට ගෞරවයෙන් අබසරණයි. කිසිම වෙලාවක එකම තැනකට වෙලා ඉන්න එපා. පාන්දට 3.33ට Midnight Man ඔයාගෙ ගෙදරින් එලියට යනවා. අන්න ඊට පස්සෙ සෙල්ලම ඉවර වෙනව. Midnight Man ළඟ ඉන්න බවට ඇඟවෙන සංඥා : - ඔයාගෙ අතේ තියෙන ඉටිපන්දම නිවෙනවා. - එකවරම සීතලක් දැනෙන්න ගන්නව. - පහත් කෙඳිරුම් ඇහෙනවා. - සෙවනැලි වැනි ඡායාවන් අඳුරු තැන්වල පෙනෙනව. Midnight Game එකේ නීති : » කිසිම වෙලාවක flash light, ටෝච් වගේ ඒව පත්තු කරන්න එපා. » ගෙදර ලයිට් දාන්න එපා. » වෙනත් කෙනෙකුගේ ලේ බිඳුවක් යොදාගන්න එපා. » Midnight Man ව හම්බුනොත්, ඔහුට කින්ඩි දාන්න යන්න එපා. ඉක්මනට ඉටිපන්දම පත්තු කරගන්න. මෙන්න මේක තමා Midnight ගේම් එක. මෙතන Midnight man කියන්නෙ ආත්මයකට. ඒක නිශ්චිත ආත්මයක් වෙන්නත් පුලුවන්, ඒ වෙලාවෙ අදාළ ප්‍රදේශයේ ඉන්න අහඹු ආත්මයක් වෙන්නත් පුලුවන්. #Scary