ru
Feedback
🌺 |යොවුන් සිතට බුදු සිසිලස ☸️🤍

🌺 |යොවුන් සිතට බුදු සිසිලස ☸️🤍

Открыть в Telegram

සබ්බදානං ධම්මදානං ජිනාති... " සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය " 🙏🌸🧡https://t.me/BuduSisilasa/19

Больше
1 662
Подписчики
-424 часа
-127 дней
-2930 дней
Архив постов
ඔව් / නැහැ. 🔴 ඔව්.. 01 # පිළිම වහන්සේ සධාතුක නම්.. උන්වහන්සේට වන්දනා කරන යම් යම් අමුනුෂ්‍ය පිරිස් විසින් ඒ සධාතුක හේතුව නිසාම පිළිමය ආරක්ෂා කරන්න පුලුවන්.. සධාතුක නොවුණත්.. තමන් පැහදුනානම්.. එ හෙතුව නිසා රැකගන්න පුලුවන්... සැධාතුක වුනත්.. නොරැකෙන්නත් පුලුවන්... රාම ග්‍රාම මහා සෑය ගංවතුරට ගිලාබැස්සා වගේ.. නමුත් අපි මෙතන සලකන්නෙ.. රැක්කොත් කියන උපකල්පනය... උපවාන මහරහතන් වහන්සේ පෙර භවයේදි කාශ්‍යප තථාගතයන් වහන්සෙගෙ ධාතුසෑය ආරක්ෂා කරපු යක්ෂයෙක් ලෙස සිටියා.. මිහින්තලා මහසෑය රැකදෙන්න ඕන නිසා මහාදාඨික මහානාග යුගයේදී.. දෙවියන් විසින් නායගියපු කන්ද යලි ශක්තිමත් කරලා දුන්නා.. 02 # පිළිම වහන්සේ සධාතුක නොවුනත්.. වන්දනා කරන පිරිස කුසලය තුල හැසිරෙන, කරුණා මෛත්‍රිය වඩන ගුනවත් පිරිසක් නම්.. ඒ ගුණයට පහදින අමුනුෂ්‍යයින් විසින් ඒ වඳින කරන පිලිමය අවට ගස්ගල් වලට අධිගෘහිත වෙලා ඒ ගුණවත් පිරිස සහ ඔවුන්ගෙ පූජා වස්තුව ආරක්ෂා කරල දෙන්න පුලුවන්.. මෙ පිලිම වහන්සෙ වැන්ද මිනිස්සු ගැනනම් අපි දන්නෙ නෑ.. නමුත් පිලිමය අවට ගස්ටික රැකිලා.. එනිසා වැඩි සම්භවිතාවක් සහිතව මේ කාරණය ගැන අපිට සලකා බලන්න පුලුවන්.. එහෙම සිදුවීමක් අටුවාවෙ තියෙනවා දඹදිව ඉඳගෙන ලක්දිව රුහුණට ඇවිල්ලා පැවිදි වෙලා රහත්වුණ විශාක කියන මහරහතන් වහන්සේ වෙනුවෙන් වනයේ අධිගෘහිත දෙවි පිරිස සිදුකල මේ ආකරයේම ආරක්ෂාවක් සහ විශේෂ ඇල්මක් ගැන දක්වනවා.. 03 # යම්කිසි ඍධි වන්තයෙකුගෙ හෝ සීලවන්තයෙකුගෙ අධිෂ්ඨානයක් මත මේ ස්තානය රැකෙන ස්වභාවයක් තියෙන්න පුලුවන්.. වට්ටක ජාතකය හොඳම උදාහරණය.. 04 # අපි දන්නෙ නෑ මේ පිලිමයට මුවාවෙලා කවර ආකාරයක හෝ සත්වයෙක් පණ බේරගත්තද කියලා.. එහෙම සත්වයෙක් හිටියනම්... ඒ සත්වයාගෙ ප්‍රතිසන්ධියෙන් ගෙනා ආයුෂය බාහිර උපක්‍රමයකින් නසන්න බැරි තරම් ප්‍රභල කුසලයක් මතුවෙලා මේ මොහොතේදී ආයුෂය රැක දුන්නානම්.. ඒ සත්වයාට ආරක්ෂවිම සඳහා අවශ්‍යය උපකාරයක් ලෙසට ඒ කුසලයෙ බලය නිසාවෙන් .. මේ පිලිමය රැකදෙන්න පුලුවන්.. එහෙම දෙයක් වුණාද කියල අපි දන්නෙ නෑ.. එහෙම දෙයක් අටුවාවෙ දක්වනව.. කුසලය ගැන නෙවෙයි ඒක දක්වන්නෙ අකුසල පාර්ශවයෙන්.. එක්තරා වැද්දෙක් මහණ වෙලා.. නමුත් කර්ම විපාකය බලවත් වෙලා හටගත්ත පිපාසය නිවාගන්න යද්දි පන්සලෙ සියලු ජල මුලාශ්‍ර සිඳිලා.. මහවැලි ගඟට ගියාට පස්සෙ දෙගොඩ තලා ගලපු මහවැලිගඟත් කර්ම විපාකයෙ බලයෙන් හිඳෙනවා.. 05 # සමහර බලවත් යන්ත්‍ර මන්ත්‍ර ආදී ලෞකික යාතුකර්ම හරහා යම් යම් දේවල්.ආරක්ෂා කරගන්න පුලුවන්... අපි ඒ බව දීඝනිකායෙ සූත්‍ර කීපයකදිම දකිනව.. ඒවා බෞද්ධ නොවුනට, අදටත් අපි විහාරාරාම හදද්දි බෞද්ධ කටයුතු වලට පවා ලංකාවෙදිත් බාහිර යන්ත්‍ර මත්‍ර නැකැත් ආදිය භාවිතා කරනවා.. ඒ වගේ මේ රටේදිත් එහෙම දේවල් තියෙන්න පුලුවන්.. අපිට වගෙ නෙවෙයි ඉන්දියාව නේපාලය කියන්නෙ වේදය පදනම් කරගත්ත ... යම් යම් ලෞකික යාතුකර්ම බහුලව පවතින්න පුලුවන් රටවල් එවැනි ආරක්ෂාවක් යෙදීම නිසා එහි බලයෙන් රැකෙන්න පුලුවන්... විනය පිටකයෙ අටුවාවෙ පාරාජිකාව ආදිය දක්වද්දි දක්වනව යන්ත්‍ර මන්ත්‍ර හරහා මිනිමැරීම් පවා කරන්න පුලුවන් බව.. . 🔴 නැහැ.... 01 # පිලිමය තියෙන හරියේ තියෙන ගස් ගොන්න නිසා ජලයෙ ප්‍රභලත්වය අඩුවුනා වෙන්න පුලුවන්... 02 # පිලිමය තියෙන කෝණය අනුව ජයයෙ ප්‍රභලත්වය ඍජුව බලපාන්නෙ නැති පිහිටීමක තිබුනා වෙන්න පුලුවන්.. 03 # අපිට නොපෙනෙන ජලයෙන් යටවුණු කොටසේ ගහගෙන ආව කුමක් හෝ රැඳිලා බාධකයක් ලෙස පැවතීමෙන් ඒ හරහා ජල පීඩනය අඩුවුණා වෙන්න පුලුව .. 04 # වටේට තියෙන ගස් නිසා පොලව මුල්වලින් බදාගෙන තිබිලා.. එනිසා පිලිමයේ පාදම හෑරෙන්න නොදී ශක්තිමත්ව රැකුනා වෙන්න පුලුවන්.. ####### පිලිමෙ කොහොම රැකුණත්... 🔵 බුද්ධානුභාවය මනින්න මේ පිලිමෙන් බැහැ. copied

නිවස බේරුණේ "පින නිසා" කිව්වොත් මොකද කියන්නෙ..? 🔴 ආනන්ද සිටුවරයා මැරිල ගිහිලා ... තමන්ගෙ සිටුපවුලේ අය කුණුදාන කුණුගොඩෙන් කන්න හොයාගෙන ජීවත්වුණ හිඟන පවුලකම. දරුවෙක් වෙලා පිලිසිඳගන්නවා.. මේ දරුවගෙ පව නිසාම ඒ අකුසලයේ ප්‍රභලත්වය නිසා මේ දරුවා බඩේ ඉන්න අම්මා එක්ක යන හිඟන පිරිසටපවා කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ.. පස්සෙ කාලෙක සිදුවීම් දාමයක් හරහා හිඟන පවුලේ තමන්ගේම අම්මා පවා දරුවාගේ අකුසලය නිසාවෙන් තමන්ට පවා කන්න බොන්න නැතිවෙන බව තේරුනාම... මේ දරුවා කුනුගොඩක අතැරල යනවා.. එවුණාට එදා ඉඳන් ඒ කුනුගොඩට කන්න පුලුවන් දෙයක්වත් වැටෙන්නෙ නෑ.. ඉතිං මග වඩින සැරියුත් හිමියන් පස්සෙන් කන්න දෙයක් තියේ කියලා හිතාගෙන කන්න හොයාගෙන ගිහිං අවසානෙදි උන්වහන්සේගෙ ලඟ මහණ වෙනවා.. (මට දැං උන්වහන්සෙගෙ නම මතක නෑ.) මේ සාමනේර හිමියන් ඉතා ඉක්මනින්ම මහරහත් භාවයට පත්වෙනවා.. නමුත් පෙර අකුසලය නිසාවෙන්.. කිසිදාක බඩපිරෙන්න කෑමක් දානයට ලැබෙන්නෙ නෑ... උන්වහන්සේ සමග එකට මග වඩින අයටත්.. දානය ලැබෙන්නෙ නෑ.. ඒකට හේතුව තමයි කර්මයේ පැතිරෙන ස්වභාවය.. "නිස්සන්ද පලය" ලෙසට උන්වහන්සේ සමග යන අයට පවා දානය ලැබෙන්නෙ නෑ... වෙන කෙනෙක් පිඬුසිගා ගෙනෙන දානයක් උ වහන්සෙට දුන්නත් දුන්න පමාවට ඒක පිනුලු වෙනවා.. එක්කො බැරිවීමකින් බිමට හරි වැටෙනවා.. කර්මය ඒතරම් ප්‍රබලයි.. ආශ්‍රය කරන, ලඟ ඉන්න කෙනාට පවා බාදා කරනවා... උවහන්සේ පිරිණිවන්පාන දිනයේදි සැරියුත් මහරහතන් වහන්සේ විසින් තමන්ගේ පාත්‍රයේ තියාගෙන අනලා කවාපු බත් කටකින් තමයි.. ඒ ජීවිතයෙදි බඩපිරුනා කියන්නෙ.. අකුසලය ඒතරම් බලවත්.. 🔴 සුප්පාවාසා ශාක්‍යය දේවියට ලැබෙනවා පුතෙක් නම "සීවලී" අවුරුදු 07 ක ගැබ් කාලයකට පස්සෙ මෙලොව බිහිවෙලා අවුරුදු 07 දීම මහණ වෙලා ඉතාම ඉක්මනින් මහරහත් භාවයට පත්වෙනව.. උවහන්සෙගෙ පෙර කුසලය කොතරම් බලවත්ද කිව්වොත්.. උන්වහන්සෙ සමග මග යන අයට පවා සිව්සය ලැබෙනව... "නිස්සන්ද පලය" වශයෙන් එකට ආශ්‍රය කරන, එක මග යන අයට පවා උපකාර ලැබෙනවා.. මේ බව ඔප්පු කරන්න ඕන නිසා දවසක් තථාගතයන් වහන්සේ විසින්.. ඉතාම දුෂ්කර ප්‍රදේශයක කටු කැලේක වැඩ හිටිය කදිරවනයෙ රේවත හිමියන් දකින්න භික්ෂූන්ටත් කතාකරලා විශේෂයෙන්ම සීවලී හිමියනුත් කැඳවාගෙන යනවා.. අර මහ කැලේ. මිනිස් පුලුටක් නැතුව පවා.. දෙවියො මග බලාගෙන ඉඳලා සියලු භික්ෂූන්ට දන් දෙනවා.. ඒක සීවලී හිමියන්ගෙ කුසල විපාකය නිස්සන්ද පලය ලෙස අනික් පිරිසට උපකාර වුණ බවට තථාගතයන් වහන්සේ දක්වනවා.. සීවලි හිමියන් පිරිණිවන්පෑවට පස්සෙ. උ වහන්සෙගෙ ධාතුන් වහන්සේලා වෙනුවෙන් පවා අදත් ප්‍රත්‍යය ලැබෙනවා... කුසලය ඒතරම් ප්‍රභලයි... 🔵🔵🔵 දැං එමු මාතෘකාවට... මේ ගේ ඇතුලෙ විශාල පිරිසක් හිරවෙලා හිටියා අපි දැක්කා.. ඒත් මුලු පලාතම විනාස වෙද්දි මේ ගෙයි බිත්තයට පවා සැඩ පහර වදිද්දි.. දැං පෙරලෙයි දැං පෙරලෙයි කියලා අපිට හිතෙද්දි.. එතන මෙගොඩ හිටිය අය කෑ ගගහ විලාප තියද්දි.. ගෙයි ඉන්න අය පණබයෙ ඉඳිද්දි.. නිවසට කිසිම හානියක් වුනේ නැ...! වෙන භෞතික කාරණා අතෑරලා.. මං යොදාගත්ත ධර්ම කාරණය පමණක් අනුව ගැලපුවොත්... මේ ගෙයි ඇතුලෙ ... "මහා පිංවන්තයෙක්" හිටියා වෙන්න පුලුවන්.. අන්න ඒ කෙනාගේ කුසලයෙ ප්‍රභලත්වය නිසාම.. ඔහුගෙ ජීවිතය රකින්න ඕන නිසා.. කර්මය මැදිහත්වෙලා කටයුතු කරද්දි.. ඔහුගෙ හෝ ඇයගේ ඒ ප්‍රභල කුසලයෙ නිස්සන්ද පලය වශයෙන්.. ඔහු සමග හිටිය අනිත් හැමෝන්ගෙම ආයුෂය රැකල දෙන්න තරම්.. ඒ තනි කෙනාගෙ ප්‍රභල කුසලය බලවත් වෙන්න පුලුවන්... ඒ හිටිය කෙනා... # ගෑනියෙක්ද,පිරිමියෙක්ද # ළමයෙක්ද,වැඩිහිටියෙක්ද.. # කවුරුත් නොදන්න, ඒ අම්මාවත් තමාට ගැබක් හටගත්තාද කියල දැනගන්න තරම් කාලයක් ගතනොවුණ තරමේ ඉතාමෑතක ගැබ්ගත්ත පිංවන්තයෙක් මව් කුසක හිටියාද.. # ඒ එකදු මනුෂ්‍යයෙකුත් නොවෙන, ඒ ගෙදර සිටිය සුරතලෙක්ද.. ඒ ඕනෑම කෙනෙක් වෙන්න පුලුවන්.. ඔහුගෙ ඒ කුසලය ප්‍රභලයි නම්.. කුසලයෙ ප්‍රභලත්වය නිසා නිස්සන්ද පලය වශයෙන් හැසිරිලා ආශ්‍රය කරන ,එකට ඉන්න, කසාද බැන්ද, දරුවෙක් ලෙස ඉන්න ඕනෑම කෙනෙක් රැකගන්න ඒ ප්‍රභල කුසලයට පුලුවන්... මේ නිවස ඇතුලෙ එහෙම කෙනෙක් හිටියනම්.. ඒ සියලු දෙනාගෙම ජීවිත බේරුවේ... ඒ හිටිය එකම පිංවන්තයාගෙ "මහානීය කුසලයේ විපාකය" විසින් වෙන්නත් පුලුවන් copied