𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Открыть в Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Больше3 506
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
"CTRL + ALT + DEL " හොයාගත්තේ කවුද??? Who find "CTRL + ALT + DEL " ?
කවද හරි ඔබ හිතලා තියෙනවද කවුද මේ
"CTRL + ALT + DEL " හොයාගත්තේ කියාලා???
නැ.... මම හිතන්නේ නැ කියාලා! මොකටද ඕවා නේද??
මාත් එහේමයි!
ඒත් මැෂින් එක ස්ට්‍රක් වුනු ගමන්ම අත නම් නිකන්ම යනවා!
ඇයි මැෂින් එක ලොක් කරලා ගියාමත්...
මේක හොයාගත්ත පුද්ගලයා මේකට අදාල වුනු කෝඩ් එක source code ලියන්න ගත කරලා තියෙන්නේ විනාඩි 01 තත්පර 23!
ඔහු තමා ඩේවිඩි බ්‍රැඩ්ලි
ඔහු 2005 මාර්තු 25 අවුරුදු 29 ක් IBM ආයතනයේ නොමැකෙන සේවයක් කොට විශ්‍රාම ලැබුවා! පරිගණකයක් අප දෙන commands එකක් ගොඩාක් වෙලා කරන්නේ නැතිව ඉන්නව නම් මේ යතුරු තුනට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා!
1980 දි වැඩ කරමින් සිටි 12 අතරින් ඔහු මේ කාර්ය මැනවින් ඉටුකලේ පරිගණක ඉංජිනේරුවන් මුහුණ පා සිටි විශාල ගැටලුවක් නැතිකර දමමින්!
මොකද සරලවම පරිගණකය මේ කෝඩ් 01 නැවත ආරම්භ කල හැකි වීම නිසායි.
ඔහුගේ සොයා ගැනීම ගැන ඔහු පවසා ඇත්තේ
මම Ctrl-Alt-Delete,සොයා ගැනීමට වඩා ගොඩක් දේ කලත් මා ඉතා ජනපිය වුයේ මෙයින් බවයි..
නමුත් දැන් අයි බි එම් සමාගම සොයා ගත් මෙම Ctrl-Alt-Delete, බහුලව යොදා ගන්නේ Microsoft සමාගම විසිනි..
ඒ ගැන ඔහු කියා තිබුනේ මම එය සොයා ගත්තත් බිල් ග්‍රේට් එය ඔහුගේ Microsoft's Windows operating system වල වැඩ නොකල සැනින් යොදා ගැනීමට සලසමින් එය ජනප්‍රිය කරවුවා!එම නිසා ඔහු කවදා හෝ පැරදුනත් මම දිනුම්!
Hi යාළුවනේ
🌸 නව කතා
🌸 කෙටි කතා
🌸 හොල්මන් කතා
🌸 කවි
🌸 නිසදැස්
කියවන්න කැමති අය අපේ චැනල් එකට ජොයින් වෙන්න.
ඔයා නවකතා/කෙටි කතා/ කවි / නිසදැස් ලියන කෙනෙක් නම් ඔයාගේ නිර්මාන අපගේ officie bot හරහා අපිට එවන්න.
😍😍😍😍😍😍
https://telegra.ph/අනවරයන-මක-කයවනන-හමම-07-16
😌 ආයි දැම්මා හිටපු නැති අය වෙනුවෙන් 🤘
😌 බැලුව අය තරහ ගන්න එපා 😔
ASTRA
Hackers team 😌
මෙම හැකර් මෙම ලැයිස්තුවේ සිටින අනෙක් අයට වඩා වෙනස් වන්නේ ඔහු කිසි විටෙකත් ප්‍රසිද්ධියේ හඳුනාගෙන නොමැති බැවිනි. කෙසේ වෙතත්, ඩේලි මේල් පුවත්පතට අනුව, ASTRA පිළිබඳ යම් තොරතුරු නිකුත් කර ඇත. 2008 දී ඔහුව බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, එවකට ඔහු 58 හැවිරිදි ග්‍රීක ගණිතයෙකු ලෙස හඳුනා ගන්නා ලදී. ඔහු දශක භාගයකට ආසන්න කාලයක් තිස්සේ ඩැසෝල්ට් සමූහයට අනවසරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේ. එම කාලය තුළ ඔහු අති නවීන ආයුධ තාක්‍ෂණ මෘදුකාංග සහ දත්ත සොරකම් කළ අතර පසුව ඔහු ලොව පුරා පුද්ගලයින් 250 කට විකුණන ලදී. ඔහුගේ අනවසරයෙන් ඩැසෝල්ට් සමූහයට ඩොලර් මිලියන 360 ක අලාභයක් සිදු විය. ඔහුගේ සම්පූර්ණ අනන්‍යතාවය කිසි විටෙකත් හෙළි නොවන්නේ මන්දැයි කිසිවෙකු දන්නේ නැත, නමුත් ‘ඇස්ට්‍රා’ යන වචනය ‘ආයුධය’ සඳහා වූ සංස්කෘත වචනයකි.
History of Hacking
අනවසරයෙන් ඇතුළුවීමේ ලෝකය ආරම්භ වූයේ 1970 දශකයේ මුල් භාගයේදීය. රජයේ ආයතන මෙම නව තාක්‍ෂණයන් උපයෝගී කර ගැනීමත් සමඟ ගුවන් හමුදාව ප්‍රථම වරට පෙන්ටෙස්ට් ආයතනය ආරම්භ කළේය. ඉහළ තාක්‍ෂණික විශේෂ ists යින්ගෙන් යුත් මෙම කණ්ඩායම් “කොටි කණ්ඩායම්” ලෙස හැදින්වූ අතර මුල්ම හැකර්වරුන්ගෙන් එකකි. ටික කලකට පසු, මුල් කාලීන අනවසරයෙන් අනවසරයෙන් ඇතුළුවීම සඳහා ප්‍රතිචාර වශයෙන් තවත් ආයතන ඔවුන්ගේ ජාල ආරක්ෂාව පරීක්ෂා කිරීමට පටන් ගත්හ. 1980 දශකය වන විට, පරිගණක වංචා සහ අපයෝජන පනත සම්මත කිරීමත් සමඟ කොංග්‍රසයට පියවර ගැනීමට තරම් හැකින් ලෝකය ඉදිරියට ගොස් ඇති අතර එය අද දක්වාම විවාදයට භාජනය වී ඇත. පරිගණක වඩාත් ජනප්‍රිය වූ අතර ප්‍රධාන සමාගම් හා ප්‍රධාන පරිගණක සමඟ ප්‍රධාන ධාරාවට යාමට පටන් ගත් අතර අවසානයේදී පුද්ගලික පරිගණක සම්මතයක් බවට පත්විය. 1990 දශකයේ මැද භාගයේදී, පළමු හා වඩාත්ම ප්‍රසිද්ධ හැකර් අත්හදා බැලීම් සිදු වූයේ අපගේ ලැයිස්තුවේ අංක එකේ හැකර් හැර වෙන කිසිවෙකු සමඟ නොවේ.
එය පැවසීමත් සමඟම, අපි ලොව ප්‍රසිද්ධ * හැකර්වරුන් 10 දෙනා අතරට යමු.
මෙම ලැයිස්තුවේ අරමුණු සඳහා, පුළුල් ලෙස කුප්‍රකට ආකර්ෂණය දිනාගත් සහ තිරසාර කාලයක් තිස්සේ මහජන විදනයේ රැඳී සිටින ඉහළම සිරස්තල උදුරා ගන්නා පුද්ගලයන් ලෙස වඩාත් ජනප්‍රිය ලෙස අර්ථ දක්වමු. අප තක්සේරු කරන්නේ නම් කරන ලද හැකර්වරුන් පමණක් බව ද සඳහන් කිරීම වටී (නිදසුනක් ලෙස, සූර්ය වින්ඩ්ස් උල්ලංනය පිටුපස සිටින කිසිවෙකු නිර්නාමිකව සිටින නිසා අපට ඒවා තක්සේරු කළ නොහැක).
"අප අවට play වෙන ගීත හදුනාගැනීමට හා පහසුවෙන් නැවත ඇසීමට උදව් වෙන App එකක් ගැන දැනගනිමු
අද මේ ලිපිය තුළින් අප කතා කරන්නට බලාපොරොත්තු වන App එක මේ වන විට Playstore එක හරහා පමණක් ලොව පුරා මිලියන 500 ක් පමණ දෙනා භාවිතා කරන App එකක් වන අතර මෙය භාවිතයෙන් අප අවට play වෙන ගීතයක් කෙටි කාලයක් ඇතුළත හදුනාගැනීමටත් එලෙස හදුනාගත් ගීතය Spotify වැනි streaming platforms හරහා ඇසීමටත් හැකියාව ලබා දෙනවා.
මෙය Shazam නම් Application එක වන අතර මෙහි වර්තමාන අයිතිකාර සමාගම වන්නේ අපි කවුරුත් දන්නා Apple සමාගමයි. එය එසේ වුවත් මෙය iOS, macOS වලට පමණක් සීමා නොවන අතර මෙය Android, watchOS සහ wearOS වැනි platform වලද වඩාත් පහසුවෙන් භාවිතා කිරීමට හැකියාව පවතිනවා.
මෙම application එක වර්තමානයේ Apple ආයතනයට අයිති වුවත් මෙය හදුන්වාදෙන ලද්දේ නම් Apple සමාගම විසින් නොවන අතර මෙහි මුල් සංවර්ධකයා වන්නේ Shazam Entertainment Limited නම් සමාගමයි.
Shazam App එකෙහි නිර්මාතෘ සමාගම බිහිවී ඇත්තේ 1999 වර්ෂයේ Chris Barton, Philip Inghelbrecht, Avery Wang සහ Dhiraj Mukherjee අය විසින් වන අතර මෙය Apple සමාගම විසින් මිලදී ගෙන තිබෙන්නේ 2018 වර්ෂයේ ඩොලර් මිලියන 400 ක් වැනි මුදලකටයි.
Shazam App ගැන කතා කිරීමේදී අමතක කළ නොහැකිම කරුණක් වන කෙටි කාලයක් ඇතුළත මේ ආකාරයට ගීතයක් හදුනාගැනීමට හැකියාව ලබාදෙන තාක්ෂණය ගැනත් කෙටියෙන් විමසා බලමු.
Source: toptal වෙබ් අඩවිය
මෙහිදී භාවිතා කරන තාක්ෂණය ගැන සරලව පැහැදිලි කලහොත් මෙම App එක තුළදී මුලින්ම සිදුවන්නේ App එක භාවිතා කරන device එකෙහි microphone එකෙන් ලබාගන්න ශබ්ද තරංගයෙහි time-frequency graph (spectrogram) මත පදනම් වූ audio fingerprint එකක් නිර්මාණය කර ගැනීමයි.
ඉන්පසු එසේ generate කර ගන්නා audio fingerprint එක මත පදනම්ව Shazam සතු ගීත මිලියන ගණනක audio fingerprints ගබඩා කර ඇති music Library සමඟ සසඳා බැලීමක් සිදුකර ගීතය කුමක් ද යන්න සොයා බැලීමක් සිදු කරනු ලබනවා.
Shazam භාවිතා කරන මෙම තාක්ෂණය හරහා ගීතයකට අදාල audio fingerprint එක නිර්මාණය කළ පසු ඔවුන් සතු music Library භාවිතයෙන් පරිශීලකයාට අවශ්‍ය ගීතය තත්පර කිහිපයක් ඇතුලත ලබාදීමට shazam app එකට හැකියාව පවතිනවා.
ඔබටත් මෙම App එක භාවිතා කර බැලීමට කැමතිනම් Google Play හෝ App Store හරහා ද එසේත් නොමැතිනම් මෙම App එක සහාය දක්වන අනෙකුත් Platform එකකට ලබා ගැනීම හරහාද මෙය පහසුවෙන් භාවිතා කර බැලිය හැකි වනවා."
කතා කියවන්න.✔️
නිසදැස් විදින්න.〰️
චිත්‍ර ඇතුලේ ජීවත් වෙන්න.🔝
News දැනගන්න.🔜
තව හුගක් දේවල් එක්ක... වෙනම ලෝකයක්🇱🇰
t.me/kathalokaya
Click This Buttons 😊💪👇
Sorry වෙන්න ඕනි මේ ටිකේ වැඩිය පෝස්ට් දාන්න බැරි උනාට 🤕
"Telegram Video Call එකකට සම්බන්ධ විය හැකි පරිශීලකයන් ගණන 1,000 දක්වා වැඩි කරයි
Telegram සමාගම විසින් හදුන්වාදෙනු ලැබූ එකවර පරිශිලකයන් 30 ක් පමණ සම්බන්ධ කර පවත්වාගෙන යා හැකි Video Call පහසුකම ගැන මීට පෙර Nawoth Thakshila ගේ ලිපියක් හරහා technews.lk සමඟ රැදී සිටින ඔබට තොරතුරු සමීප කරනු ලැබුවා මතක ඇති.
නව Telegram update එකත් සමඟ group video calls සහ animated backgrounds ඇතුළු විශේෂාංග කිහිපයක් ලබාදීමට කටයුතු කරයි
එවක එකවර 30 දෙනෙකුට පමණක් සීමා කර තිබූ Video Call පහසුකම මේ වනවිට එකවර පරිශීලකයන් 1,000 කට සම්බන්ද විය හැකි ආකාරයට වැඩි දියුණු කර ඇති බව Telegram සමාගම සිය නිළ Blog අඩවිය ලිපියක් හරහා ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ වුවත් මෙම අලුත් පහසුකම හරහා එකවර 1,000 දෙනෙකුට Video Call එකක් හා සම්බන්ධ වීමට හැකියාව ලැබුන ද එකවර camera එක හා screen එක Share කිරීමට හැකියාව හිමිවන්නේ නම් 30 දෙනෙකුට පමණයි. ඒ අනුව Video Call හා සම්බන්ධව සිටින 30 දෙනාට අමතරව තවත් උපරිම 970 දක්වා අයට නරඔන්නන් ලෙස සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා.
එය එසේ වුව ද මෙම පහසුම Online Class වැනි දෑ සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති අතර ඉදිරියේදී මෙම ප්‍රමාණය තවත් වැඩි කිරීමට කටයුතු කරන බව ද Telegram සමාගම සිය ලිපිය මඟින් තවදුරටත් කියා සිටිනවා.
Video Call 2.0 පහසුකමට අමතරව fast forward හා rewind කිරීමට හා තවත් විශේෂාංග කිහිපයක් සහිත Telegram Video Messages 2.0 ද හදුන්වාදීමට ද Telegram ආයතනය කටයුතු කර තිබෙනවා.
නවතම Telegram Video Messages 2.0 හරහා ඉහත සඳහන් කළ පහසුකම් ද සහිතව higher resolution video එකක් Share කර ගැනීමටද පහසුකම් ලැබෙන අතර video message මත tap කිරීමෙන් එනම් එකවරක් ඒ මත Touch කිරීම මගින් video එක තරමක් විශාල කිරීමට ද හැකියාවක් ලබා දී තිබෙනවා.
මෙම පහසුකමට අමතරව Telegram හරහා Share කළ Video එකක් බැලීමේදී එය 0.2x,0.5x, 1.5x හා 2x යන ආකාර වලින් වේගය වැඩි කර බැලීමට හැකිවන පහසුමක් ද Screen එක Share කිරීමේදී Device එකේ Sound එකත් සමඟ ම Share කිරීමේ හැකියාව ද ඇතුළු තවත් සුලු Updates කිහිපයක් ම මේ හා සමඟාමීව ලබා දී තිබෙනවා."
"DxoMark Camera Ranking වල ලොව හොඳම කැමරාව සහිත ජංගම දුරකතනය බවට Huawei P50 Pro ජංගම දුරකථනය පත් වෙයි
සුප්‍රකට DxoMark Camera ranking හි යළිත් මුල් ස්ථානය ලබා ගැනීමට Huawei device එකක් සමත් වී තිබෙන අතර එලෙස සමත් වී ඇත්තේ Huawei සමාගම අලුතෙන්ම හඳුන්වාදෙන ලද සිය flagship "P" series එකේ P50 Pro ජංගම දුරකථනයයි.
Huawei සමාගම පසුගිය වසරේ හඳුන්වාදුන් Huawei Mate 40 Pro+ ජංගම දුරකථනය මෙම ලැයිස්තුවේ බොහෝ කාලයක් මුල් ස්ථානය ලබාගෙන තිබුණු අතර, Xiaomi සමාගම විසින් මීට මාස කිහිපයකට පෙර Xiaomi Mi 11 Ultra දුරකථනය නිකුත් කිරීමත් සමඟ, එම device එක සමස්ත ලකුණු 143 ක් ලබාගනිමින් මෙම ranking එකේ පලමු තැනට පැමිණියා.
නමුත් Huawei P50 Pro ජංගම දුරකථනය හඳුන්වාදීමත් සමඟ එය ලකුණු 144 ක් ලබාගෙන, ලොව විශිෂ්ටතම ජංගම දුරකථන කැමරාව ලෙස මෙම ranking එකේ පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා.
ඒ අනුව Xiaomi Mi 11 Ultra මෙම ලැයිස්තුවේ දෙවෙනි තැනට පත්වූ අතර, පසුගිය වසරේ නිකුත් කල Huawei Mate 40 Pro+ දුරකථනය තුන්වෙනි තැනට පත් වී තිබෙනවා.
Huawei P50 හා P50 Pro ජංගම දුරකථන
Huawei සමාගම විසින් මෙවර Huawei P50 හා P50 Pro ලෙස version දෙකක් පමණක් හඳුන්වා දු අතර මෙම device දෙකම නවතම HarmonyOS 2 Operating system එක ඔස්සේ බලගැන්වෙනවා.
ඒ වගේම Kirin 9000 5nm 4G හා Snapdragon 888 5nm 4G chipset මඟින් බලගන්වා ඇති මෙම මාදිලි දෙකේ Display එක, 1B colors සඳහා සහය දක්වන OLED panel වලින් සමන්විත වෙනවා.
DxoMark Camera ranking හි මුල් තැනට ඒමට සමත් වූ කැමරාව දෙස අවධානය යොමු කිරීමේදී, P50 Pro සඳහා Quad camera setup එකක් දැක ගත හැකියි.
ඒ අනුව
50 MP, f/1.8, 23mm 1/1.28", 1.22µm, omnidirectional PDAF, Laser AF, OIS පහසුකම සහිත Wide lens එකක්,
64 MP, f/3.5, 90mm - PDAF, OIS, 3.5x optical zoom සහිත periscope telephoto lens එකක්,
13 MP, f/2.2, 13mm සහිත Ultrawide lens එකක් හා 40 MP, f/1.6, 23mm ක primary color camera lens එකක් ද
මේ සුපිරි flagship device එකට ලබා දීමට Huawei සමාගම කටයුතු කර තිබෙනවා.
මෙම සුපිරි camera පද්ධතිය Leica optics, Dual-LED flash, panorama, HDR පහසුකම් වලින් සමන්විත වෙන අතර එය 4K@30/60fps, 1080p@30/60fps හා 1080p@960fps Video recording සඳහා සහාය දක්වන අතර Video සඳහා OIS වෙනුවට EIS ලබා දී තිබෙනවා.
Flagship device ලෙස ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වන Apple iPhone 12 Pro Max 5G ජංගම දුරකතනය ලකුණු 130 ක් ලබාගෙන මෙම ලැයිස්තුවේ 9 වන ස්ථානයට පත් වී තිබෙන අතර Samsung Galaxy S21 Ultra 5G දුරකථනය, සමස්ත ලකුණු 123 ක් ලබාගෙන මෙම ලැයිස්තුවේ 19 වන ස්ථානයේ පසුවෙනවා"
"Android Gingerbread සහ ඊට පෙර Android සංස්කරණ ධාවනය වන devices මගින් Google account එකකට sign-in වීමේ හැකියාව අහිමිවෙයි
Google සමාගම විසින් Android Gingerbread සංස්කරණය 2010 දෙසැම්බර් මාසයේදී නිකුත් කල අතර ඒ සඳහා ලබාදුන් සහාය මීට වසර ගණනාවකට පෙර අවසන් වුවද, දැනට අවුරුදු 10 කටත් වඩා පැරණි මෙම Android සංස්කරණය ධාවනය වන devices තවමත් භාවිතයේ පවතිනවා.
මේ වනවිට වාර්තා වන ආකාරයට, Android 2.3.7 Gingerbread සහ ඊට පහළ Android සංස්කරණයන් ධාවනය වන උපාංග භාවිතා කරන පරිශීලකයින්හට සැප්තැම්බර් 27 වෙනිදා සිට එම devices භාවිතයෙන් Google accounts වලට sign-in වීමේ හැකියාව අහිමිවෙනවා.
Sign-in on Android devices running Android 2.3.7 or lower will not be allowed starting September 27, - Android Community
Android Community
Zak Pollack
Google සමාගම විසින් මේ වනවිටත් email එකක් මගින් අදාළ Android versions භාවිතා කරන පරිශීලකයන් හට මේ බව දැනුම් දී ඇති අතර එම email එකෙහි සඳහන් වන ආකාරයට, සැප්තැම්බර් 27 වෙනිදා සිට අදාළ Android සංස්කරණයන් ධාවනය වන devices වල පහත දැක්වෙන ආකාරයේ errors දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත.
• Sign in to your account.
• Remove your account from your device and re-add it.
• Create an account on the device
• Perform a factory reset of your device and try to sign in.
• Change your password either on the device or on a different device, which then signs you out everywhere else, and when you try to sign in again.
Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පරිශීලකයින්ගේ ගිණුම් වල ආරක්‍ෂාව වැඩි කිරීමට ඔවුන් මෙම පියවර ගත් බව වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, පහත දැක්වෙන Android සංස්කරණයන් භාවිතාකරන පරිශීලකයින් හට සැප්තැම්බර් 27 දා සිට Gmail, YouTube, Google Maps ඇතුළු අනෙකුත් Google apps වෙත ප්‍රවේශ වීමේ හැකියාව අහිමිවෙනවා.
Android 1.0
Android 1.1
Android 1.5 Cupcake
Android 1.6 Donut
Android 2.0 Eclair
Android 2.2 Froyo
Android 2.3 Gingerbread
මේ සඳහා ඇති එකම විසඳුම ලෙස දැක්වෙන්නේ, අදාළ devices Android 3.0 හෝ ඊට ඉහළ සංස්කරණයකට update කිරීම බව Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙන අතර එසේ නොමැති නම්, දුරකථනයේ web browser එක හරහා ඇතැම් Google services භාවිතා කිරීමට අදාළ Android සංස්කරණ භාවිතා කරන පරිශීලකයන්හට හැකියාව තිබෙනවා."
