𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Открыть в Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Больше3 506
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
⚜නැවත පණ ගැන්වූ ලොව පලමු වෙබ් බ්‍රවුසරය....⚜
මේ වන විට අපි භාවිතා කරන අන්තර්ජාලය මුලින්ම නිර්මාණය වුණේ CERN එහෙමත් නැතිනම් European Organization for Nuclear Research කියන ආයතනය තුලයි.
ඉතින් වසර 30කට පෙර, 1989 වර්ෂයේදී එහි සිටි ඉන්ජිනේරුවන් විසින් ලොව මුල්ම HyperText Browser එක නිෂ්පාදනය කිරීමේ සංවත්සරයට සමගාමීව, දැනට එහි සේවය කරන developers ලා විසින් මේ Browser එක නැවතත් ලොවට දැකගැනීමේ හැකියාව ලබා දීමට කටයුතු කර තිබෙනවා.
මේ හරහා ලොව මුල්ම hypertext web browser එක හරහා අන්තර්ජාලය භාවිතා කිරීමේ අවස්ථාව මේ වන විට ලැබී තිබෙන අතර 1990 දශකයේදී අන්තර්ජාලයේ පෙනුම ගැන අවබෝධයක් ලබා ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා.
මේ සංවත්සරය වෙනුවෙන් ඉහත සඳහන් කළ Web Browser එක, ඒ කාලයේ තිබුණු Coding පිළිබඳව, ඉතිහාසය, වසරින් වසර එය වැඩි දියුණු වූ ආකාරය මෙන්ම භාවිතා කළ fonts ගැන ද විශාල තොරතුරු ප්‍රමාණයක් එකතු කරමින් මේ වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.
කවුරුහරි කෙනෙක් අපෙන් "ලෝක ව්‍යාප්ත ජාලයේ, එහෙමත් නැතිනම් World Wide Web එකේ පියා කවුද?" කියන ප්‍රශ්නය නැගීමට කටයුතු කළහොත්, Google කරලා "Tim Berners-Lee" කියන නම කියන්නට අපි පුරුදු වෙලා හිටියත්, ඔහුගේ නිර්මාණයන් සැබැවින්ම කොයි ආකාරයේ වූවේද යන්න අපිට මේ වනතුරු දකින්නට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මේ project එක හරහා එය නැවත වරක් ලෝකයා හට දැකගැනීමේ හැකියාව ලැබෙනවා..
-තොරතුරු අන්තර්ජාලයෙනි-
⚜ANDROID Operating system⚜
ඇන්ඩි රූබින්,රිච් මයිනර්, ක්‍රිස් වයිට් එක්ක නික් සියර්ස් හතර දෙනා එකතු වෙලා 2001 දී තමයි මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදන්න පටන් ගත්තෙ,,මෙයාලට ඔනෙ උනේ ඕස් එක භාවිතා කරන කෙනාට හැම පහසුකමක්ම දෙන mobile OS එකක් නිර්මාණය කරන්න.
ඉතින් මේ හතර දෙනා 2003 දී ANDROID INCORPORATION කියන සමාගම පිහිටුවා ගත්තෙ මම කලින් කියපු එයාලගෙ බලාපොරොත්තුව කොහොමහරි ඉටුකරගන්න ඔනෙ නිසා. හැබැයි ඉතින් එයාලට වැඩිකල් මේ වැඩේ කරගෙන යන්න බැරි උනේ එයාලට කිසිම ආදායමක් මේ සමාගමෙන් ලබුනේ නැති නිසා. ඉතින් අපි කාගෙත් වීරයා ඒ කියන්නෙ ගූගල් සමාගම ඩොලර් මිලියන 50ක් දීල 2005 දි ඇන්ඩ්‍රොයිඩ් සමාගම සල්ලි වලට ගත්ත අන්න එතන ඉදල තමයි මේ සුපිරි මොබයිල් OS එක සුපිරියටම හදන්න පටන් ගත්තෙ. මේක හදන්න මූලික වෙලා කටයුතු කලෙත් ඉතින් කලින් කියපු අපේ වැඩ්ඩෝ හතර දෙනා තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් සමාගම සල්ලි වලට ගත්තෙ සේවකයො ඔක්කොමල එක්ක තමයි.
ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලිනක්ස් කර්නල් එක මූලික කරගෙන හදපු එකක් ඒ කියන්නෙ Linux OS එකක් XML,C,JAVA,C++ කියන ක්‍රමලෙඛ භාෂා වලින් තමයි ඇන්ඩ්‍රොයි හැඩ කරලා තියෙන්නෙ.
දැනට ලෝකෙ තියන ජනප්‍රියම මොබයිල් ඕඑස් එක ඇන්ඩ්‍රොයිඩ් වෙන්න බලපාපු ලොකුම කාරනය තමයි ඇන්ඩ්‍රොයි කියන්නෙ ඕපන්සෝස් ඕඑස් එකක් ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ ඕඑස් එක වෙනස් කරලා හදා ගන්න පුලුවන්,,ඕනේ විදිහට කිව්වට මේක කරන්න ඕනෙ Open Handset Alliance කියන ආයතනයේ ඒ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ්ගෙ භාර කාරයා නිකුත් කරල තියන නීති වලට යටත්ව තමයි මේවා කරන්න ඕනෙ.
2007 දී තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය හදල ඉවර වෙන්නෙ. ඉතින් මේක ඉවර වෙලා ගූගල් සමාගමේ මූලිකත්වයෙන් Open Handset Alliance කියන සමාගම පිහිටුවා ගන්නෙ ලෝකෙ ප්‍රසිද්ද මොබයිල් සමාගම් එක්ක එකතු වෙලා. මේ ආයතනයෙන් තමයි ඇන්ඩ්‍රොයි ඕස් එකේ ඉදිරි ගමන තීරනය කරන්නෙ. ඇන්ඩ්‍රොයිඩ්ට ගැලපෙන උපාන්ග හදන්නෙත් මොබයිල් උපාන්ග වලට ගලපෙන විදිහට ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්නෙත් මේ සමාගමේ මූලිකත්වයෙන් තමයි.
2008 සැප්තැම්බර් 20 ඇන්ඩ්‍රොයිඩ් ඕස් එකේ සම්පූර්ණ කේත සටහන ගූගල් සමාගම ප්‍රසිද්ධ කරේ ඇන්ඩ්‍රොයි ඕස් එකට ගැලපෙන ඇප්ස් හදන්න අවශ්ය කරන හැමදේමත් එක්ක.මෙන්න මෙහෙම නිර්මාණය කරන ඇප්ස් හුවමාරු කරගන්න තැනක් ඒ කියන්නෙ Android Market (දැන් Google Play) එක ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් දෙන්නත් කලින් ඒ කියන්නෙ 2008 අගෝස්තු වලම හදලයි තිබුනෙ.
ඇන්ඩ්‍රොයිඩ් වල පලමු සංස්කරණය තමයි Android 1.0 ඒක 2008 සැප්තම්බර් 23 වෙනිදා නිකුත් උනා., ඇන්ඩ්‍රොයිඩ් වලින් ඉසෙල්ලම පණ ලබන්නෙ HTC DREAM කියන ස්මාර්ට් ෆෝන් එක...
-තොරතුරු අන්තර්ජාලයෙනි-
අපට ලිවුවේ ✍️සිතුම්
"Asus ආයතනය විසින් සිය flagship laptop series එකක් වන zenbook series එක ශ්‍රී ලංකාවේදී නිකුත් කරන ලදී. UX435 නොහොත් ZenBook 14 පරිගණකය මෙලෙස නිකුත් වු එකකි.
Screen Pad එකකින් සමන්විත වන නිසා secondary display එකක අවශ්‍යතාවය ඇති බහුතරයකට මෙය කදිම විසඳුමක් වනු ඇත . 92% තරම් වූ screen to body ratio එකක් ඇති නිසා මෙය nano edge display එකක් ලෙස නම් කල හැක. 100% sRGB තිරයක් සමග ඉතාමත් වර්ණවත් වගේම color accuracy වැඩි display එකක් ලැබෙනවා. අංශක 178ක wide view එකක් ඇති අතර එය touch පහසුකම ඇති තීරයක්ද වනවා. secondary display ලෙස හඳුන්වන screenpad එක සමග ඉතාමත් පහසුවෙන් apps switch කරගැනීමටත් වෙනත් app එහි භාවිත කිරීමටත් හැකියාව තියනවා. එසේම උදාහරණයක් ලෙස adobe premiere හරහා වීඩියෝ එකක් edit කිරීමේදී preview එක screenpad හි භාවිත කිරීමට අවස්තාව ඇත.
Core i7 11th gen processor එකක් ලබාගැනීමට තිබීම විශේෂත්වයකි. එසේම MX 450 GPU එකකින් සමන්විත වේ. තව දුරටත් 1TB දක්වා SSD සහ 16GB Ram ධාරිතාවයකින් පැමිණී. ඒ වගේම අවශ්‍ය ports සියල්ලම පාහේ ලැබී තිබීම විශේෂත්වයකි. මේවා අතර USB C Thunderbolt , HDMI, Card reader , Standard Size USB Port එකක් ඇතුලත් වේ.
IR Camera එකකින් සමන්විත නිසා කලුවරේදී වුනත් windows hello feature එක , ඒ කියන්නේ face recognation පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම laptop එක open කරාට පස්සේ keyboard එකට හොඳ angle එකක් ලැබෙනවා. මේකට හේතුව 3% වගේ ප්‍රමාණයක් ඉදිරිපස එසවෙන නිසා. ඒ එක්කම හොඳ air flow එකක් පහලින් laptop එකට ලැබෙනවා.
Audio powered වෙන්නේ Harman Kardon එක්ක. loudness එක ගැන කිව්වොත් ගොඩාක්ම නෑ . හැබැයි අවශ්‍ය ප්‍රමාණයට තියනවා. හැබැයි Sounds වල quality එක ගොඩක්ම හොඳයි. ඒ එක්කම Asus military grade certifications එක්ක පැහැදිලිවම කියන්න පුළුවන් durability එක සෑහෙන්න වැඩි. මේ වගේ ගොඩක් features සහ functions එක්ක තමයි අලුත් zenbook එක එන්නේ .
අවසානයේ මේ මොනවා තිබ්බත් වැදගත්ම දේ portability එක . Zenbook 14 එක ගොඩක් portable. 1.19KG තරම් ගොඩක් සැහැල්ලුවට නිෂ්පාදනය කරලා තියන අතර 16.9mm තරම් සිහින්. 63wh battery එකත් එක්ක ගොඩක් හොඳ battery life එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්."
Photoshop කියන්නේ ලෝකයේ තියන හොදම Raster Graphics Editor එක විදියට හදුන්වන්න පුළුවන්. Photoshop කරන්න පුළුවන් වැඩ ගණන අසීමිතය. අපි මීට පෙර පල කරන ලද Photoshop වලින් ඇඟ හදාගන්නේ කොහමද? කියන ලිපිය බැලුවනම් ඔබට තේරෙයි මේ වගේ දේවලුත් Photoshop වලින් කරනන් පුළුවන් නේද කියලා.
ඔබට සරල Graphic Design සම්බන්ධ දෙයක් කරගන්න නම් කිසිම Software එකක් නැතිව ඕනෑම Photo එකක් Edit කරන්න පුළුවන් Online Tools භාවිතා කරලා. නමුත් සංකීර්ණ Graphic Design එකකට නම් Photoshop වගේ Software එකක සහය ගන්න වෙනවා.
Photoshop ගැන
මීට වසර 25 කට පමණ පෙර Photoshop නිර්මාණය කරේ Thomas සහ John Knoll යන දෙදෙනා විසින්. මේ වෙන විට භාෂා 25 කින් පමණ photoshop තිබෙන අතර මෙය මිල අධික Software එකක් ලෙස සලකන්න පුළුවන්. මෙම ලිපිය ලියන අවස්ථාවේ Photoshop Single App එකක් මිල US$239.88(per year). එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 40,000 කට වැඩි මුදලකි(වසරකට).
Photoshop Sinhala Tutorials
අන්තරජාලයේ ඇති නොමිලේම ඉගනගන්න පුළුවන් Photoshop Tutorials තිබෙන බ්ලොග් ,වෙබ් අඩවි සහ YouTube Channels ගැන පහලින් ඔබට කියවන්න පුළුවන්.
1. Gurulk : Photoshop ගැන Video Tutorials 60කට අධික ගණනක් ඇති නමුත් ඇත්තේ පරණ සංස්කරණයන්ට අදාල Videos. නමුත් Photoshop ඉගන ගන්න ඒ Videos නිර්දේශ කරන්න පුළුවන්.
2. SLPhotoTutorial: SLPhotoTutorial යනු subscribers 75,000 කට වඩා වැඩි ශ්‍රී ලංකාවේ ජනප්‍රියම YouTube channel එකක්. Photoshop ගැන Sinhala Videos 47 ක් ඔහුගේ channel එකේ තියෙනවා.
3. CREATIVEART LK: Sinhala Photoshop Tutorials 32ක් මේ වන විට මෙම channel එකේ ඇත. ඒවා Phoshop Basic Tutorials සහ Photoshop Advanced Tutorials ලෙස වෙන් කර ඇත.
මෙම ලිපියට Photoshop Sinhala eBook (pdf) කිහිපයක් එකතු කීරීමට සිටියත් එය සොයාගැනීමට හැකි උනේ නා. ඔබ සතුව Photoshop Sinhala Lessons PDF ඇත්නම් අපට එවන්න.
Photoshop ඉගෙන ගැනීමට කොතරම් කාලයක් ගතවෙයිද?
ඉගෙන ගැනීම කියන එක කවදාවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ කොතරම් ඉගෙන ගත්තත් ඔබට තව ඉගෙන ගණන් දේවල් තියනවා. Photoshop වලටත් එය ඒ විදියටම අදාලයි. නමුත් ඔබට අවම වශයෙන් දවසකට පැය දෙක බැගින් අඩුම මාස දෙකක් Photoshop ඉගෙන ගන්නා ගමන් පුහුණු වෙන්න පුළුවන් නම් Photoshop වලින් ඕනෙම ආකාරයක නිරමාණයක් කිරීමේ හැකියාව ලබාගන්න පුළුවන්. නමුත් ඔබ මතක තබා ගත යුතු කරනවා වන්නේ Photoshop වැනි දෙයක් ඉගෙන ගත්ත සැනින් එහි ප්‍රවීනයෙක් වීම අපහසුය. ඔබ ඒ සදහා පුහුණු වීම් කිරීම අත්‍යවශය. ඔබ Photoshop වලට අකමැතිනම් Adobe Photoshop වෙනුවට භාවිතා කල හැකි තව Software විශාල ප්‍රමාණයකුත් තිබෙනවා."
කතා කියවන්න ☘️🍃
නිසදැස් රසවිදින්න 🍁🍂
චිත්‍ර බලන්න. 🇱🇰
පහල Button එකෙන් එන්න 🐚🍄
t.me/kathalokaya 💕
⚜හැකර්ස්ලා ගැන හරියට දැන ගමු.....⚜
හැකර්ස්ලා යනු සෑම විටම නිර්මාණාත්මක ආකාරයෙන් ප්‍රශ්න විසඳන පිරිසකි.හැකර් කෙනෙකු ලෙස වැඩ ඇරඹීම ඉතාමත් විනෝදකාමී කාර්යයකි.නමුත් එය එක්තරා ආකාරයක විනෝදයක් පමණි. මොවුන් සිදු කරන කාර්යයන් සඳහා විශාල ශක්තියක් යෙදවිය යුතුය.එමෙන්ම ඔවුන් යොදවන ශක්තිය තුලින්ම ඔවුන්ට විශාල පෙළඹවීමක් ලැබේ.ඉතාමත් බුද්ධිමත් කීවොත් වඩාත් නිවැරදිය.
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ හැකර්(Hacker) කෙනෙක් කියන්නෙ දරුණු අපරාධ කාරයෙක් ලෙසය. නමුත් ඒ අදහස වැරදියි. මන්ද ගොඩක් දෙනෙක් ක්‍රැකර්ස්ලව(Crackers) තමයි හැකර්ස්ලා කියල හිතන්නේ. ක්‍රැකර්ස්ල තමයි ඒ වගේ නීති විරෝධී වැඩ වලට සම්බන්ධ වෙන්නේ. හැකර්ස්ල කියන්නෙ නීත්‍යානුකූල නොවන අය නෙමේ (Ethical Hackers). හැකර්ස්ලා වර්ග දෙකකට හදුනා ගන්න පුලුවන්.
❗️BLACK HAT HACKERS
Black Hat හැකර්ස්ලා යනු විවිධ සංවිධාන වල තොරතුරු පද්ධතීන් වලට අනවසරයෙන් ඇතුල් වී තොරතුරු අයුතු ලෙස භාවිතා කරමින් අපරාධ ක්‍රියාවල නිරතවන පුද්ගලයන්ය. මොවුන්ටද විශේෂඥ දැනුමක් ඇති නමුත් මොවුන් සිදු කරන කාර්යයන් නීති විරෝධී ලෙස ආචාරධර්ම වලට පටහැනිව සිදු කරනු ලබයි.
මොවුන් බොහෝ විට බැංකු පද්ධතීන් , Credit card, Web Site,Company System වලට අනවසරයෙන් ඇතුල් වී තොරතුරු හොරකම් කිරීම සිදු කරනු ලබයි.
❕WHITE HAT HACKERS
White Hat හැකර්ස්ලා යනු විවිධ සංවිධාන වල තොරතුරු පද්ධතීන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ තීක්ෂණ බුද්ධිය භාවිතා කරමින් ඒවායේ තොරතුරු වල සුරක්ෂිත භාවය තහවුරු කරමින් පද්ධතීන් ආරක්ෂා කරන නිලවශයෙන් වගකීම් ඇති විශේෂඥයින් පිරිසකි.මොවුන් විශේෂයෙන් Black Hat Hacker සිදු කරන අපරාධ වැළැක්වීමට සමත් වේ.මොවුන් Black Hat හැකර්ස්ලට වඩා හොඳ තාර්කික දැනුමක් ඇති පුද්ගලයින් වේ.
හැකර්ස්ලා කිසිවටකත් ප්‍රශ්නයක් දෙවතාවක් විසඳනු ලබන්නේ නැත.එනම් ඔවුන් පළමු වතාවේදීම ප්‍රශ්නය විසඳනු ලබයි.මොවුන් සෑම විටම කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා පිරිසකි. කිසිම විටක කාලය අපතේ නොයවයි.
හැකර් කෙනෙකු සෑම විටම බලාපොරොත්තු වන්නේ නිදහසයි.ඔවුන් කිසිවිටකත් අන් අයගේ යටතේ වැඩ කිරීම සිදු නොකරයි.ඔවුන් සිදු කරන්නේ ඔවුන්ට අවශ්‍ය දේ පමණකි.
Coppyid
⚜Anonymous Hackers⚜
ඇනොනිමස් හැකර්ස් කියන්න ලෝක ව්‍යාප්ත අන්තර්ජාලය සම්බන්ද හැකර් කණ්ඩායමක්. ඒ වගේම මොවුන්ව හදුන්වන්නේ, internet gathering ලෙස, එනම් (ඉන්ටනෙට් එකතුවක්) යන්නයි, මොවුන් මේ හැකිං කරලියට අවේ 2010 දෙසැම්බර් මාසයේදීයි. ඒ විකිලික්ස් වෙබ් අඩවිය සහ ඇමරිකානු විවිද රහස් වැඩ පිළිවෙලවල් හෙලිදරව් කිරීමෙන් අනතුරුවයි.
මේ, Anonymous කියන්නේ, ඉතා බලවත් හැකර් කණ්ඩායමක්, මොවුන් විවිද අවස්ථාවලදී විවිද හැකිං ප්‍රහාල එල්ල කරනු ලැබුවා.....
💢ඇනොනිමස් කණ්ඩායමේ හැකිං ප්‍රහාර.
(2011 ජනවාරි මස 11 දා සිට අප්‍රේල් මට 20 දක්වා.....)
🔆ඔන්ලයින් පරිගණක ක්‍රීඩා සැපයූ සෝනි ප්ලේස්ටේෂන් වෙබ් අඩවියට දසවෙනි වතාවටත් හැකර් ප්‍රහාර දියත් කලා, ඒ නිසා සිදුවු පාඩුව කෝටි 1800 කි.
🔆මැයි 19 - නාසා ආයතනය
🔆මැයි 24 - ජපානනේ සෝටි මියුසික් ආයතනය
🔆මැයි 27 - ඇමරිකාවේ ලොක්හීඩ් මාටින් ආරක්ෂක ආයතනය
🔆මැයි 29 - හොන්ඩෝ කැනඩා ආයතනයට පිවිස වාර්ථා 283000 ක් සොරා ගත්තේය.
🔆ජූනි 9 - ඉරාන රජයේ ඉ-මේල් ලිපින 10000ක් සොරා ගත්තේය.
🔆ජූනි 3 - සෝනි සමාගමේ යුරෝපා දත්ත ගබඩාවට පිවිසුණි.
🔆ජූනි 5 - සෝනි සමාගමේම රුසියානු දත්ත ගබඩාවට පිනිසුනි.
🔆ජූලි 15 - ඇමරියානූ ඇණ්ඩුවේ ආරක්ෂක උපදේෂක සමාගමක් වන බුස් ඇලන් හැමිල්ටන් ආයතනයෙන් පාර්වර්ඩ් සහිත ඉ-මේල් ලිපින 90000 ක් සොරා ගත්තේය. දැන් ඒවා ෆයිල් ෂෙයාරින් වෙබ් අඩති තුල ප්‍රසිද්ධ කොට ඇත.
🔆ජූලි 14 - ඇමරිකානු රජයට ඉතා පක්ෂපාතී කෘෂිකාර්මික බයෝතාක්ෂන ආයතනයක් වෙන මොන්සැන්ඩෝ සමාගමට ප්‍රහාර එන්න කලේය....
මේ තමයි මොවුන් විසින් වැඩ පෙන්වූ අවස්ථා කිහිපයක් විතරයි....... ඒ වගේම මෙම කණ්ඩායම විසින් ගයිඩෝ ෆේකිස් වෙස් මූන පැලද සිටිමට වීශේෂත්වයක් (ගොඩක් අය DP දාගෙන ඉන්නෙ මේ අය තමා.)
ඔයාලා දන්නවා ඇතිනේ, මේ Anonymous වලට අමතරව තවත් හැකිං කණ්ඩායමක් සිටිනවා කියලා, ඒ තමයි ලූල් සෙක්......ඒක තමයි දැන් ගොඩක්ම බය.....මොකද? දැන් එකමුතුවත් තියෙන්නේ, ඒ වගේම මේ කණ්ඩායම් දෙකටම, තව තවත් පොඩි පොඩි හැකිං සමාජ තොරතුරු සපයනවා......
