𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Открыть в Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Больше3 506
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
"ලංකාව ගැන කතා කලොත් ගුවන් යානයක ගමනක් යෑමට ලැබෙන්නේ ඉතාමත් සීමිත පිරිසකට වගේම එතනිනුත් බහුතරයක් ගුවන් යානයක යන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතින් මෙහෙම යන ගමන ප්‍රමාද වුනොත් මොන වගේ හැඟීමක් ඒවිද ?
ගුවන් යානයක් ප්‍රමාද වෙනවනම් එකට හේතු කිහිපයක් තිබෙනවා. ඒ ගැන අපි අද කතා කරමු.
(1) Cleaning සඳහා වැඩි කාලයක් ගත වීම
ගුවන් යානයක් ගුවන් ගමනකින් පසු පිරිසිඳු කිරීම අතිශය වැදගත්. පුද්ගලයෙක් පැය කිහිපයක් සිටි අසුනක් සමග ඔහු භාවිත කල දෑ තවත් කෙනෙකුට දීමේදී කිසිදු වරදක් සිදුවිය නොහැක. මේ නිසා සමහර අවස්ථා වලදී නිසි පරිදි පිරිසිඳු කිරීම් නියමිත වෙලාවට අවසන් නොවිය හැක.
(2) Crew එක නොමැති වීම හෝ ප්‍රමාද වීම
සමහර විට crew members ල මේ වන විටත් ගුවන් තොටුපලට පැමිණෙනවා විය හැක. ඔවුන් ගුවන් යානයකින් පැමිණෙන්නේ නම් සමහර විට එය ප්‍රමාද වීමට වුවද පුළුවන්. සාමන්යෙන් ගුවන් තොටුපල තව අමතර crew එකක් සිටින අතර ප්‍රමාදය සුළු එකක් නම් ඔවුන් භාවිතා නොකරන අවස්ථා ද තියෙනවා.
(3) Fuel සහ Cargo සඳහා වැඩි වෙලාවක් ගත වීම
පෞද්ගලික අත්දැකීමෙන් මම දන්නවා Fuel සඳහා සමහර වෙලාවට වැඩි කාලයක් ගත වෙනවා. ඒ විතරක් නෙමේ passenger cargo වගේම සාමාන්‍ය cargo පවා ගොඩක් වෙලාවට ඔයා යන passenger aircraft එකේම යනවා. ඉතින් මේවා security හරහා ගිහින් ඇවිත් plane එකට load වෙද්දී ටිකක් වැඩි කාලයක් යන්න පුළුවන්.
(4) Weather conditions
නවීන ගුවන් යානයක් මේ වෙද්දී අකුණු වගේම දරුණු කාලගුණ තත්වයන්ට ඔරොත්තු දෙන්න හදල තිබ්බත් තවමත් එහි අවදානමක් තිබෙනවා. මිලියන ගණන් ($) වටිනා ගුවන් යානයක් එක්ක මිනිසුන් 100-300 ක ගේ ජිවිත විනාශ කිරීමට වඩා ඒ වගේ අවදානමක් හමුවේ delay වෙන එක හොඳයි කියල හැමෝම පිළිගනී. කාලගුණ තත්වය අයහපත්නම් ඒ නිසයි ටිකක් delay වෙලා යන්නේ. මෙතැනදී ඇත්තටම දැනට plane එක තියන airport එකේ විතරක් නෙමේ . route එක පුරාම වගේම අවසාන ගුවන් තොටුපල ආශ්‍රිතව කාලගුණ තත්වය සලකා බලනවා.
(5) අවසාන මොහොතේ දෝෂයක් සොයාගැනීම
අවසාන පරික්ෂාව සාමාන්යෙන් කරන්නේ pilot විසින්. ඉතින් එය අවසාන වශයෙන් ගුවන් යානය පරික්ෂා කරලා කියනවා තව දුරටත් මොන හරි ගටලුවක් තියනවද කියල. සමහර විට අවසාන මොහොතේ කොක්පිට් එකේදී හරි මේ වගේ ගැටළුවක් හොයාගන්න පුළුවන්. එහෙම වුනොත් එම දෝෂය සකස් කරන තෙක් යාමට අවස්තාවක් ලැබෙන්නේ නැහැ.
(6) Take off load එක වැඩි වීම
Take off කිරීමේදී ගුවන් යානය දැරිය හැකි උපරිම බර ගැන සලකා බැලෙනවා. ඉතින් සමහර විට passengers ලා, crew , cargo වල බර අවසානයේ pilot ට දැනගන්න ලැබෙනවා. ඒ බර වැඩි නම් crew එකේ අයව , නැත්නම් cargo හරි නැවත off load කරන්න වෙනවා."
Google ඇතුළු social media අපිව track කරනවා කියන්නේ අපි නොදන්නා කාරනාවක් නෙමේ. මේකට තියන ලොකුම හේතුව තමයි සාර්ථක ad network එකක් build කරන්න. ඉතින් මේ විදියට අපිව track කරන නිසා තමයි අපි ආස කැමති ads විතරක් අපිට පෙන්න
උදාහරණයකට හිතන්න ඔයා chocolate business කරනවා කියලා. එතකොට ඔයා මේ business එකෙන් ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලත විතරක් delivery කරනවා කියල හිතමු. දැන් ඔයාට facebook එකේ youtube එකේ ads දාන්න අවශ්‍යනම් ඔයා ad එකක් දාල මේ ad එක හැමෝටම පෙන්නන්න ගියොත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. අපි මේ ad එක පෙන්නන්න ඕනේ chocolate වලට ආස , අපි හිතමු උදාහරණයක් විදියට අවුරුදු 18-35 අතර වගේ වයසක කොළඹ දිස්ත්රික්කයේ ජිවත් වෙන අයට . මෙන්න මේ විදියට කරන්න නම් මේ platforms අපේ වයස, අපි කැමති දේවල්, අපි ඉන්නේ කොහෙද , අපි වැඩිපුරම හොයන්නේ මොනවද වගේ දේවල් track කරන්න වෙනවා.
මේ විදියට google එකත් අපි ගැන මොනවද දන්නේ කියල මෙතනින් ගිහින් දැනගන්න පුළුවන්. අවශ්‍යනම් මේ දේවල් අපිට turn off කරන්නත් පුළුවන්. හැබැයි එහෙම කළා කියලා ඔයාට ads පේන එක නවතින්නේ නැහැ. එක අතකින් මේක on කරන එක හොඳයි. කොහොමත් ads පේන එකේ ටිකක් හරි වැදගත් වෙන්න පුළුවන් ටිකක් පේන නිසා."
❤️😜ජවිතේට එකම එක කෙනෙක් හොයාගන්න ආදරේ කරන්න.🙈😍
කවදාවත් වරදින්නේ නෑ එහෙම උනාම.
🌺🍂මේ වගේ විඩියෝ බලන්න කැමැතී නම් එකතු වෙන්න නිම්නය සමූහය සමග
පහල බටන් එක ක්ලික් කර එකතූ වෙන්න හැමොම.😊❤️
ඔබේ ජීවිතේට අවශ්‍ය කරන , ජීවිතේ ජයගන්න වගේම ඉස්සරහට යන්නත් ඕනි කරන,
🔴Exam tricks
🔴Life hacks
🔴Motivation
🔴Social knowledge
🔴Positive Thinking
🔴Sexual Education
🔴Education
🔴Story
ආදී බොහෝ දෑ එකම තැනකින්❤💞
පල්ලෙහා තියෙන බටන් වලින් අපිත් එක්ක එකතු වෙන්න ඔයාලත් 😊🙈
ඔයාලගෙ දැනුම අපිත් එක්ක ශෙයා කරගන්න😎.
(හොදයි නම් යාලුවො අතරෙත් ශෙයා කරන්න එයාලවත් එකතු කරගන්න🙃)
ඔබේ ජීවිතේට අවශ්‍ය කරන , ජීවිතේ ජයගන්න වගේම ඉස්සරහට යන්නත් ඕනි කරන,
🔴Exam tricks
🔴Life hacks
🔴Motivation
🔴Social knowledge
🔴Positive Thinking
🔴Sexual Education
🔴Education
🔴Story
ආදී බොහෝ දෑ එකම තැනකින්❤💞
පල්ලෙහා තියෙන බටන් වලින් අපිත් එක්ක එකතු වෙන්න ඔයාලත් 😊🙈
ඔයාලගෙ දැනුම අපිත් එක්ක ශෙයා කරගන්න😎.
(හොදයි නම් යාලුවො අතරෙත් ශෙයා කරන්න එයාලවත් එකතු කරගන්න🙃)
Internet speed එක මනිමු....
Create by owner 💛
අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ internet speed එක මනින
ඇප් එකක් ගැන
ඔයාලා play store එකේ internet bordbrand speed test master කියලා
Serch කරලා download කරගන්න ........
ඊට පස්සේ agree දීලා start කරන්න..
⚜⚜WINDOWS 11⚜⚜
Windows 11 ගැන දැනට දැනගන්න ලැබෙන විස්තර අනුව සුපිරිම මෙහෙයුම් පද්දතියක් වෙනවා නොඅනුමානයි. UI එකේ සිට animations දක්වා ලොකු වෙනස් කම් විශාල ප්‍රමාණයක් බලාගන්න පුළුවන්. මේවා ගැන අපි මේ ලිපියෙන් කතා කරමු.
🔆 අලුත් icons
ගොඩක් updates වලදී වගේ icons අලුත් වෙලා තියනවා. හැබැයි windows users ලට මේක ටිකක් අලුත්. මොකද windows icons වල විච්චි ලොකුම වෙනස් කමක් තමයි මේ. windows xp වල ඉඳන් 7 වලට යද්දිත් මෙහෙම දෙයක් අපි දැක්කත් එකට වඩා විශාල වෙනස් කමක් මේ පාර icons වල තියනවා.
🔆 Taskbar
Display දෙකක් හෝ වැඩි ගණනක් භාවිතා කරන විට main display එකේ විතරක් taskbar එක පෙන්නනවා. අනිත් display වල apps හරියට full screen වගේ තේරෙන්නේ.
🔆 Taskbar Menu and Icons
කලින් කතා කරපු විදියට මේ icons middle align වෙලා තියෙන්නේ. මේක අලුත් දෙයක්. windows icon එක ඉස්සර ඉඳන්ම තිබ්බේ වම්පස අයිනේ. නමුත් මේ පාර windows icon එකට අමතරව තවත් ඇති සියල්ල මැද අපිට බලාගන්න පුළුවන්.
🔆 Start Menu
දැකපු ගමන් තේරෙනවා. අලුත් විදියට re-design වෙලා තියනවා. ඇත්තටම සැහෙන්න unique. 2021 ට ගලපෙන්නම තියනවා කිව්වොත් නිවැරදි.
🔆 Multi Desktop
මේකනම් අපිට අලුත් දෙයක් නෙමේ. හැබැයි මේ පාර වෙනස් විදියට multi desktop feature එකක් තියනවා. හැමෝටම ගොඩක්ම user friendly වෙන විදියට වෙනම icon එකක් සහ bar එකකින් බලාගන්න පුළුවන්. ගොඩක් වැඩ කරන අයට වගේම තනි monitor එකකින් වැඩගන්න අයට මේක සැහෙන්න වටිනවා.
🔆 Widgets
Windows users ලා මෙච්චර කල් භාවිත කලේ දකුණු පැත්තේ තියන notification bar එක විතරයි. හැබැයි දැන් widget bar එකක් වම් පැත්තෙත් තියනවා. Weather , stocks වගේම news ඇතුළු ගොඩක් දේවල් මෙතන තියනවා.
🔆 Windows Logo
වෙනදා 3D look එකක් තිබ්බ windows logo එක දැන් පැතලි සහ අමුතු ලස්සන design එකක් එකතු වෙලා තියනවා.
🔆 අලුත් windows option menu එක
Windows icon එක right click කලාම මේ වගේ ගොඩක් useful menu එකක් දැන් එනවා.
🔆 Alert Tones
Windows වල Pen connect කරද්දී වගේ එක එක අවස්ථා වලදී එන alert tones වෙනස් කරලා තියනවා. කලින්ට වඩා කනට මිහිරි tones භාවිත කරලා තියනවා.
මේ තියෙන්නේ windows 11 වල මේ වෙද්දී දැකපු හොඳම features ටික . සමහර විට මේවා හරිම build එකේ වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් microsoft ආයතනය කියන විදියට මේක ලොකුම update එකක් වෙනවා නොඅනුමානයි.
Tech news 📜📜📜📜
Windows 11 සංස්කරණය Microsoft Lumia 950 XL ජංගම දුරකථනයක ස්ථාපනය කිරීමට ඉංජිනේරු ශිෂ්‍යයෙකු සමත් වෙයි
Microsoft සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය වන Windows 11 සංස්කරණය පසුගියදා එළිදැක්වීමට කටයුතු කළ අතර, මේ වන විට එහි preview සංස්කරණයක් ද නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස නිකුත් කළ preview සංස්කරණය ලොව පුරා පරිගණක වල ස්ථාපනය කිරීමට සහ පරීක්ෂා කිරීමට බොහෝ දෙනා කටයුතු කර ඇති ආකාරය දැනටමත් දැකගතහැකි වන අතර, මේ වන විට මෙම Windows 11 සංස්කරණය Windows Phone එකක ස්ථාපනය කිරීමට ද ශිෂ්‍යයෙකු සමත් වී තිබෙනවා.
ඉංජිනේරු ශිෂ්‍යයෙකු වන Gustave Monce විසින් Microsoft Lumia 950 XL ජංගම දුරකථනයක මෙලෙස Windows 11 සංස්කරණය ස්ථාපනය කිරීමට සමත් වී ඇති අතර, එය ඉතාමත් හොඳින් අදාල ජංගම දුරකථනයෙහි ක්‍රියාත්මක වන ආකාරය පෙන්වන වීඩියෝවක් ද අන්තර්ජාලයට එකතු කර තිබෙනවා.
මෙය mobile OS එකක් ලෙස ප්‍රයෝගික භාවිතයට සුදුසු නොවුණත්, ඉතාමත් සිත්ගන්නාසුළු කාරණය වන්නේ අඟල් 5.7ක display එකක් ඇති මෙම device එක තුල ද Windows 11 සංස්කරණය ඉතාමත් හොඳින් හැඩගැසෙන ආකාරයත්, සම්පූර්ණ desktop මෙහෙයුම් පද්ධතියක් මෙවැනි mobile device එකක් තුළ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වීමත් ය.
Windows 11 ධාවනය වන මෙම ජංගම දුරකථනයෙහි සාමාන්‍යය පහසුකම් වන Camera එක ක්‍රියාත්මක නොවන බවත්, ඇතැම් අවස්ථා වලදී Calls සහ SMS පහසුකම් ක්‍රියාත්මක නොවන බව මෙන්ම Battery life එක ඉතා සීඝ්‍රයෙන් අවසන් වන බවත් වාර්තා වෙනවා.
මෙම ව්‍යාපෘතිය මීට වසර 5කට පමණ පෙර සිට ආරම්භ කළ ව්‍යාපෘතියක් වන අතර Windows මෙහෙයුම් පද්ධතිය closed-source software එකක් වන බැවින් එය drivers වැනි දෑ reverse-engineer කිරීමටත්, ඇතැම් drivers ඔවුන් විසින්ම නැවත ලිවීමට කටයුතු කර ඇති බවත් පෙන්වා දෙන Monce ප්‍රකාශ කරන්නේ මෙම ව්‍යාපෘතිය සමඟින් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සිටින බවයි.
මේ Lumia 950 XL ජංගම දුරකථනය Windows 1o Mobile සංස්කරණය සමඟින් වෙළඳපොලට නිකුත් කළ මුල්ම devices කිහිපය අතුරින් එකක් වන අතර, Microsoft සමාගම විසින් Windows 10 Mobile platform එක අතහැරදමන තුරාවටම ඒ සඳහා සහාය ලබාදීමට Microsoft සමාගම කටයුතු කරනු ලැබුවා
මේ වන විට මෙවැනි devices කිහිපයක් මත සම්පූර්ණ Windows මෙහෙයුම් පද්ධතිය ධාවනය කිරීමට අදාල උපදෙස් සහ එම ව්‍යාපෘති වල දැනට පවතින සාර්ථකත්වය පිළිබඳ තොරතුරු, මෙම ව්‍යාපෘතිය සඳහා වන වෙබ් අඩවියෙහි පළ කර ඇති අතර, ඔබත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් එය අත්හදාබැලීමට ඔබටත් අවස්ථාවක් තිබෙනවා.
