ru
Feedback
Camelia 🍁

Camelia 🍁

Открыть в Telegram

Больше
Страна не указанаКатегория не указана
325
Подписчики
+1924 часа
+527 дней
+5430 день
Архив постов
PHYSICS PRACTICAL PACK - Anuradha Perera
📝මිනුම් උපකරණ
1)වර්නියර් කැලිපරය https://youtu.be/-cYCjQaJ4BM?si=s-0ZBfFvxEFjFcQ1 2)මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය https://youtu.be/LgKC7a3S-Y8?si=ohEJJqRTz9Xf7iPY 3)ගෝලමානය https://youtu.be/G4pr0LxfSFg 4)චල අන්වීක්ෂය https://youtu.be/5sHY_X_iIN8 5)වෙනත් මිනුම් උපකරණ https://youtu.be/KwH34RpnmTE 6)මිනුම් උපකරණ විශේෂ සිද්ධාන්ත https://youtu.be/4mV8dh5AY94
📝යාන්ත්‍ර විද්‍යාව
1)බල සමාන්තරාස්‍රය https://youtu.be/3hPGbGvkyKA 2)ඝූර්ණ මූලධර්මය https://youtu.be/qqj-aGMgEHA 3)සාපේක්ෂ ඝනත්වය https://youtu.be/WGwGvQM7HMs 4)හෙයාර් උපකරණය https://youtu.be/dsUNzOiZtqY 5)බර යෙදූ පරීක්ෂණ නළ ඇසුරින් සාපේක්ෂ ඝනත්වය සෙවීම https://youtu.be/AL2FHxIozSY 6)සරල අවලම්බය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම. https://youtu.be/8HvW_I5NO0M 7)හෙලික්සීය දුන්න ඇසුරින් ආවර්ත කාලය සෙවීම. https://youtu.be/yyFYsy-H74w
📝දෝලන හා තරංග
1)ධ්වනි මානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම. https://youtu.be/_7iI7srzl2M 2)නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයෙව් ධ්වනි ප්‍රවේගය සෙවීම. https://youtu.be/Y30L524TF7A 3)නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සෙවීම. https://youtu.be/xwNruZBKQQE
📝ආලෝකය
1)චල අන්වීක්ෂය ඇසුරින් වීදුරු කුට්ටියක වර්තනාංකය සෙවීම. https://youtu.be/L-wyRipXywE 2)අවම අපගමන කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාංකය සෙවීම. https://youtu.be/DhBVp9IUNso 3)අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් වර්තනාංකය සෙවීම. https://youtu.be/rSxqrWCbQuY 4)වර්ණාවලිමානය https://youtu.be/cQNlRd1JsWM 5)කාච පරීක්ෂණ https://youtu.be/HQFTT3stXWw
📝තාපය
1)බොයිල් නියමය https://youtu.be/HTrqOia8ZL 2)චාල්ස් නියමය සත්‍යාපනය https://youtu.be/uTlU-2510JU 3)චාල්ස්ගේ දෙවන නියමය සත්‍යාපනය https://youtu.be/ODGiU9f-tIg 4)ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය සෙවීම. https://youtu.be/OsXyjqUuU0s 5)සිසිලන නියමය සත්‍යාපනය කිරීක සහ නොදන්නා ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම. https://youtu.be/WuVKSVmu4l0 6)මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ ගුප්ත තාපය සෙවීම. https://youtu.be/32Gwnn9yVqU 7)මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම. https://youtu.be/RB56ibEvABk 8)සර්ල් පරීක්ෂණ https://youtu.be/eOukLIQZHgM
📝ධාරා ව්ද්‍යුතය
1)මීටර් සේතුව https://youtu.be/NkjiAss2imo 2)විභවමානය https://youtu.be/uIAqpagHd3U
📝පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
1)ප්‍රත්‍යස්ථතාව https://youtu.be/biOptDGpL1I 2)දුස්ස්‍රාවීතාව https://youtu.be/1FVlAZxwz5w 3)පෘෂ්ටික ආතතිය https://youtu.be/RGt2EAX1BIU
📝අමතර අවශ්‍ය පරීක්ෂණ
1)රැලිති ටැංකිය https://youtu.be/f_Egd1abxYg 2)ධාරා තුලාව https://youtu.be/ZMbCmCUiBJ8 3)කාච පරීක්ෂණ අමතර https://youtu.be/m0y9u7QJYQA 4)චුම්භක https://youtu.be/blrwWgvGUy
main exam එකට කලින් ඕන ටික බලාගන්න කට්ටිය😌💪
@notesbyNim | 2026

🔴 PHYSICS PRACTICAL PAST PAPERS 1. වර්නියර් කැලිපරය භාවිතය - 1984 / 1992 / 2002 / 2014 A/L 2. මයි ක්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය - 1991 / 1995 / 2004 A/L 3. ගෝලමානය භාවිතය - 2011 A/L 4. බල සමාන්තරාශ්‍ර නියමය සත්‍යාපනය සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම. - 2005 A/L 5. ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම. - 1990 / 1998 / 1999 / 2017 A/L 6. U නළයක් භාවිත කර ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. - 2003 / 2018 A/L 7. චල අන්වීක්ෂය භාවිතය - 2018 8. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. - 2009 / 2018 A/L 9. බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය නිර්ණය කිරීම. - 2013 A/L 10. සරල අවලම්භයක දෝලන කාලාවර්තය ඇසුරෙන් ගුරුත්වජ ත්වරණය නිර්ණය කිරීම. - 2015 A/L 11. හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 2001 / 2008 / 2010 A/L 12. ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම. - 1997 / 2000 / 2007 / 2009 / 2017 A/L 13. ධ්වනිමානය භාවිතයෙන් ඇදි තන්තුවක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 2005 / 2007 A/L 14. සංවෘත නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නලයේ ආන්ත ශෝධනය සෙවීම. - 2002 / 2013 / 2016 A/L 15. සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ ආන්ත ශෝධනය සෙවීම. - 1991 / 2003 / 2011 A/L 16. චල අන්වීක්ෂය හා වීදුරු කුට්ටියක් භාවිතා කර වීදුරුවල වර්තනාංකය සෙවීම. - 1992 / 2018 A/L 17. ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමඟින් ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම. - 1984 / 2001 A/L 18. අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම. - 1999 / 2008 / 2018 A/L වර්ණාවලිමානය ගැන හැඳින්වීමක් 19. වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා එය භාවිතා කර ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම. - 1982 / 1989 / 2006 / 2019 A/L 20. වර්ණාවලිමානය භාවිතාකර ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම සහ ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම. - 1994 / 1998 / 2014 / 2019 A/L 21. 21.1 උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම සමපාත ක්‍රමයෙන් සොයා ගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම. - 1981 / 1983 / 1985 / 1993 / 1995 / 1996 / 2004 / 2010 / 2012 / 2015 A/L 21.2 අවතල කාචයක ප්‍රතිබිම් බවල පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමඟින් කාචයේ නාභිය දුර සෙවීම - EXAM එකට අහල නැති කොටසක් 22. ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. - 1980 A/L 23. නියත පීඩනයයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම. - 1985 / 1999 A/L 24. නියත පරිමාවකදී වායුවක පීඩනය සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 1986 / 2015 A/L විහාවමානය ගැන හැදින්වීමක්(පොදු කරුණු භාවිතයෙන්) - 1987 / 2009 A/L 25. මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම. - 1995 / 1998 / 2007 / 2011 A/L 26. සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම. - 1982 / 1990 / 2006 / 2017 A/L 27. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම. 1995 / 2005 / 2012 A/L 28. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම - 2000 / 2014 A/L 29. ඔප දැමූ කැලරි මීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ශ ආර්ද්‍රතාවය සෙවීම. - 1982 / 1984 / 1993 / 2001 / 2003 / 2010 / 2016 A/L 30. ස'ල් ක්‍රමය මඟින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම. - 1980 / 1989 / 1992 / 1994 / 2008 / 2009 / 2019 A/L 31. වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා විද්‍යුත්ගාමක බලය සෙවීම. - 32. මීටර් සේතුව භාවිතා කරමින් ප්‍රතිරෝද දෙකක් සැසඳීම. (පැරණි) - 1982 / 1991 / 1996 / 2001 / 2013 A/L 33. මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම. - 2010 A/L 34. විභවමානය භාවිතාකර කෝශයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම. - 1981 /1994 / 2012 / 2015 A/L 35. විභවමානය භාවිතයෙන් කෝශ දෙකක විද්‍යුත්ගාමක බල සංසන්දනය කිරීම. (පැරණි) - 1980 / 2005 / 2007 / 2019 A/L 36. විභවමානය භාවිතයෙන් ප්‍රතිරෝධ සැසඳීම. - 2000 A/L 37. විභවමානය භාවිතයෙන් ඉතා කුඩා විද්‍යුත්ගාමක බල සෙවීම. (තාප විද්‍යුත් යුග්මයක) (පැරණි) - 1999 A/L 38. අර්ධ සන්නායක ඩයෝඩයක් සඳහා 1 - V වක්‍රය ලබාගැනීම. - 2001 A/L
credit goes to the original owner❤️
@notesbyNim | 2026

මේක a/l කරන කෙනෙක්ට වුණත් ගොඩක් වැදගත් වෙනවා ළමයි, විශේෂයෙන්ම අන්තිම tip එක...

🍁 CHEM TIPS ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි මේ ක්‍රම දෙකම හරි වුණත් ගොඩක් වෙලාවට ලකුණු දෙන්නෙ පළවෙනි ක්‍රමේට.
🍁 CHEM TIPS ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි මේ ක්‍රම දෙකම හරි වුණත් ගොඩක් වෙලාවට ලකුණු දෙන්නෙ පළවෙනි ක්‍රමේට.

Heaven 🤍
Heaven 🤍

A/L පාඩම් කරන දේවල් විභාගෙ වෙනකන් මතක හිටින්නෙ නැද්ද? A/L කියන්නේ ලංකාවේ තියෙන ලොකුම කඩඉමක්. වාර්ෂිකව සිසුන් 300,000 කට ආසන්න ප්‍රමාණයක් විභාගයට ලිව්වත්, රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ වරප්‍රසාදය හිමිවන්නේ 15% ක් වැනි ඉතා සීමිත පිරිසකට විතරයි. ඉතින් ඔයා දවසෙම නිදි මරාගෙන පාඩම් කරලත් වැඩක් නැති වෙන්න පුළුවන්, ඔයා පාවිච්චි කරන්නේ වැරදි අධ්‍යයන ක්‍රමවේද නම්! ලොකුම බොරුව: ලෝකයේ සිසුන්ගෙන් 80% කට වඩා පාවිච්චි කරන "සටහන් සහ පොත් නැවත නැවත කියවීම" (Rereading) සහ විභාගෙ ළං වෙලා පාඩම් කිරීම කියන්නේ දිගුකාලීන මතකයට තියෙන දුර්වලම ක්‍රමයක්! මේකෙන් වෙන්නේ "මට මේක පුළුවන්" කියන මායාවක් (Illusion of competence) හැදෙන එක විතරයි. සම්පූර්ණ PDF එක කියවන්න කම්මැලි අයට,  මාස 6 සිට අවුරුදු 2ක් දක්වා මතකය තියාගන්න පුළුවන් විද්‍යාත්මකව ඔප්පු කරපු "Hybrid Approach" එකේ සාරාංශය මෙන්න: A/L ගොඩදාන්න ඕන නම් මේ දේවල් අදම පටන් ගන්න: 1. පාඩම කරන්න කලින් ප්‍රශ්න කරන්න (Pre-testing): නව විෂය ඒකකයක් ඉගැන්වීමට පෙර ඒකට අදාළ පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න (MCQs) වලට පිළිතුරු දීමට උත්සාහ කරන්න. තමන්ට වැරදුණු ප්‍රශ්න හරහා නොදන්නා කරුණු හඳුනාගෙන ඒවා විතරක් ඉලක්ක කරගෙන පාඩම් කරන්න. මේ ක්‍රමය නිසා විභාග ශාලාවේදී ඇතිවන දැඩි මානසික ආතතියකදී පවා මතකය ගිලිහී යන්නේ නෑ. 2. ඒකකය ඉවර වුණාම තනියම ලියන්න (Post-testing): විෂය ඒකකයක් සම්පූර්ණයෙන් උගන්වා අවසන් වූ පසු, කිසිදු පොතක් හෝ සටහනක් බැලීමෙන් තොරව කාලය මැනගෙන රචනා ප්‍රශ්න තනිවම ලියන්න. තොරතුරු සක්‍රීයව මතකයට නැංවීමට උත්සාහ කිරීම මොළයට දැඩි ආයාසයක් ගෙන දෙන නිසා තොරතුරු දිගුකාලීන මතකයේ තැන්පත් වීමේ ස්නායුක මාර්ග වඩාත් ශක්තිමත් වෙනවා. 3. පරතර සහිත පුනරීක්ෂණය (Spaced Repetition): පළමු වතාවට ප්‍රශ්න පත්‍රයක් කරන විට වැරදුණු ප්‍රශ්න පමණක් සටහන් කරගෙන, නිශ්චිත කාල පරතරයන් යටතේ (උදා: දින 3 කින්, සතියකින්, මාසයකින්) නැවත නැවත සිදු කරන්න. දැනටමත් තමාට නිවැරදිව කළ හැකි ප්‍රශ්න නැවත පාඩම් කිරීමෙන් මඟහරින්න. අමතර උපදෙසක්: විභාගයකට මුහුණ දෙන සිසුවෙකු දිනකට පැය 6 ත් 8 ත් අතර කාලයක් අනිවාර්යයෙන්ම නිදාගත යුතුයි. ස්නායුක මතක ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ නින්දේදීයි. මේවා හුදෙක් අදහස් නෙවෙයි, ලෝකයේ තියෙන අලුත්ම මනෝවිද්‍යාත්මක පර්යේෂණ (Cognitive Psychology) වලින් තහවුරු කරපු දේවල්. ඔබේ කාලය, ශ්‍රමය සහ මුදල් අපතේ නොයවා නිවැරදිව වැඩ කරන විදිහ ගැන ගැඹුරින් දැනගන්න, පහළින් තියෙන සම්පූර්ණ පර්යේෂණ වාර්තාව (PDF එක) අනිවාර්යයෙන්ම කියවන්න. 👇

A_L Study Methods Research Sinhala.pdf3.16 KB

🧿Knowledge Compass Programme මේක Personal Guiding Programme එකක්. 📌මෙතනදි ඔයාලව තනි තනිවම Guide වෙනවා
මේක කොහොමද වෙන්නෙ? මොනවද කරන වැඩ? කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒ ඔක්කොම විස්තර PDF එකේ පැහැදිලිව තියනවා✨... පටන් ගන්නෙ මාර්තු 1 වෙනිදා ළමයි 50යි ගන්නෙ ඊට වැඩිය කරන්න අමාරුයි..
සම්බන්ධ වෙන්න කැමති අය @Hash412 username එකට msg එකක් දාන්න. සැ.යු. -: Bio , Chemistry , Physics සදහා පමණි... Maths ළමයිට Maths හැර අනිත් විශයන් 2ට සම්බන්ධ වෙන්න පුළුවන්... මේකෙදි මම වැඩ කරපු විදිහට ඔයාලා ලවා වැඩ කරවනවා. මට වැරදුන තැන් , මම ඒවා හදාගත්ත විදිහ ඒ හැම දෙයම මෙතනදි කියලා දෙනවා වගෙම ඔයාලට එන ගැටලු අපිත් එකක් කතා කරගන්නත් පුළුවන්..

මේක ගිය අවුරුද්දෙ video එකක්, ඒත් මේ අන්තිම මාස ටිකේ වැඩ ටික balance කරගන්න විදිහ ගැන idea එකක් ගන්න පුලුවන්.

ඒත් අපි දියුණු නොවන්නේ අපේ හිත ඇතුළේ තවමත් "ආපසු යන නැව්" තියාගෙන ඉන්න නිසයි. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා පර්සියානු වෙරළේදී තම නැව් ගිනිබත් කළ ඒ තීරණාත්මක මොහොත, හුදෙක් ඉතිහාසයේ සටන් උපක්‍රමයක් පමණක් නොවේ. එය ලෝක සාහිත්‍යය පුරා විහිදී ගිය "ආපසු හැරීමක් නැති කැපවීම" පිළිබඳ මහා දර්ශනයක ආරම්භය.. ඇලෙක්සැන්ඩර්ට පසුව ලෝක ඉතිහාසයේ හමුවන ප්‍රබලම "නැව් ගිනිබත් කිරීමේ" අවස්ථාව වන්නේ ජුලියස් සීසර් රුබිකොන් නදිය තරණය කිරීම. ක්‍රි.පූ. 49 දී සීසර් තම හමුදාව සමඟ රෝමය දෙසට පැමිණෙන විට, නීතියට අනුව ඔහුට ඒ නදිය තරණය කිරීමට අවසර තිබුණේ නැහැ! එය තරණය කිරීම යනු රෝමයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමයි. එදා සීසර්, නදිය අසල මොහොතක් නතර විය. ඔහු දෙස බලා සිටි සොල්දාදුවන්ට ඔහු සිය අශ්වයා මෙහෙයවා නදියට බසිමින් කෑගැසුවේ, "Alea iacta est!" (පස ඇට දමන ලදී!) යනුවෙන්.. ඔහු එලෙස තම ආරක්ෂිත මාවත ගිනිබත් කළේය. එතැන් සිට ඔහුට තිබුණේ එක්කෝ රෝමයේ අධිරාජ්‍යයා වීම, නැතහොත් ද්‍රෝහියෙකු ලෙස මිය යාම පමණි! අවසන ඔහු ජයගත්තේය. 1519 දී ස්පාඤ්ඤ ජාතික හර්නාන් කෝටේස් මෙක්සිකෝව ආක්‍රමණය කිරීමට ගිය අවස්ථාව, ඇලෙක්සැන්ඩර්ගේ කතාවට වඩාත්ම සමාන වටිනාකමක් ඇති සිදුවීමයි. කෝටේස්ගේ සොල්දාදුවන් ඇස්ටෙක් අධිරාජ්‍යයේ විශාලත්වය දැක බියට පත් වූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ කියුබාවට පැන යාමටයි. එවිට කෝටේස් තම හිතවතුන් ලවා නැව් 11 ම ගිල්වා දැමීමට හෝ ගිනිබත් කිරීමට කටයුතු කළේය. මවිතයට පත් සොල්දාදුවන් ඉදිරියේ ඔහු පැවසූ ඒ ඓතිහාසික වචන පෙළ නම්, "සගයෙනි, අපට දැන් පැන යාමට නැව් නැත. අපට ඇති එකම මාවත ඉදිරියට ගොස් මේ භූමිය ජය ගැනීම පමණි. යමෙකුට ආපසු යාමට අවශ්‍ය නම්, ඔහුට පිහිනා යාමට සිදු වනු ඇත!" එදා ඔවුන් ජයග්‍රහණය කළේ ආපසු හැරෙන්නට පාරක් නැති බව තේරුම් ගත් නිසාමය. හර්මන් මෙල්විල්ගේ 'මොබි ඩික්' නවකතාවේ කැප්ටන් අහබ් යනු තම ජීවිතයේ සියලු සාමාන්‍ය බැඳීම් ගිනිබත් කළ මිනිසෙකි. ඔහුට අවශ්‍ය වූයේ මහා තල්මසා දඩයම් කිරීමටයි. ඔහු තම නැවේ සිටි පිරිසට මෙසේ පවසයි, "මගේ ඉලක්කය යකඩ රේල් පීල්ලක් වැනිය. මගේ ආත්මය එය මත ධාවනය වන දුම්රියකි. එය නැවැත්වීමට හෝ ආපසු හැරවීමට කිසිවෙකුට නොහැක!" මෙය "භයානක මිනිසාගේ" ස්වරූපයයි. ඔහු ජයග්‍රහණය හෝ විනාශය යන දෙකෙන් එකක් තෝරාගෙන අවසානය. මේ සෑම චරිතයක්ම අපට පවසන්නේ එකම සත්‍යයකි. අපේ ජීවිතයේ අපි ලබන විශාලතම ජයග්‍රහණ ලැබෙන්නේ, "බැරි වුණොත් කරමු!" කියන දෙවැනි සැලසුම අපි විසින්ම විනාශ කළ පසුවයි. ඇලෙක්සැන්ඩර්ගේ කතාවට වඩාත්ම සමාන සිනමා දර්ශනය අපට හමුවන්නේ '300' චිත්‍රපටයේයි. ලියොනයිඩස් රජු සහ ඔහුගේ 300 දෙනා තර්මොපිලේ පටු මාවතට යන්නේ ආපසු ඒමේ බලාපොරොත්තුව සහමුලින්ම අතහැරයි. පර්සියානු රජු වන සර්ක්සීස්, "මගේ හී පහරවල් හිරු රශ්මිය වසා දමනු ඇත!"යි කියමින් තර්ජනය කරන විට, ලියොනයිඩස් පවසන ඒ කෙටි නමුත් ප්‍රබල වදන සිනමා ඉතිහාසයේ නොමැකෙන මතකයක්. "හොඳයි, අපි අඳුරේ සටන් කරන්නම්!" ඔවුන්ට ආපසු යාමට නැව් තිබුණේ නැත. ඔවුන් තීරණය කර තිබුණේ ජයග්‍රහණය හෝ මරණය පමණි. ඉන් පසු සිනමා පටය පුරා අප දකින්නේ "ඒ නැව් ගිනිබත් කළ මිනිසුන්" සතු ඒ අති මහත් වූ ධෛර්යයයි. මේ සෑම චරිතයකින්ම අපට පෙනෙන්නේ එකම සත්‍යයකි. වීරයෙක් වන්නේ ඔහු හෝ ඇය තමන්ගේ 'Exit Strategy' එක අත්හළ මොහොතේ සිටයි. ඔබ ඔබේ ජීවිතය නම් සිනමා පටයේ වීරයාද? නැත්නම් තවමත් ආරක්ෂිතව නැව ඇතුළට වී වෙරළ දෙස බලන අමතර නළුවෙක්ද? සැබෑ ජීවිතයේ, ඔබ ගන්නා ඔබේ "නැව් ගිනිබත් කරන" තීරණය, ඔබව ලෝකයට භයානක, අසීමිත සහ ජයග්‍රාහී පුද්ගලයෙකු බවට පත් කරනු ඇත. "නැව් වලට ගිනි තියන්න!" ©️ සාගර දියගම diyagama@outlook.com If you see this content shared without credit or with an altered image, please report it to me or via Facebook's reporting tools. Thanks!

හිතන්න, ඔබ විශාල හමුදාවක් මෙහෙයවන සෙන්පතියෙක් කියා. ඔබ සහ ඔබේ පිරිස පර්සියානු වෙරළට ගොඩබසිනවා. ඔබ ඉදිරියේ ඉන්නේ ඔබ සතු පිරිස මෙන් දස ගුණයක් විශාල සතුරු හමුදාවක්. ඔබේ සොල්දාදුවන්ගේ ඇස්වල තියෙන්නේ බය සහ සැකය. ඔවුන් නිතරම ආපසු හැරී බලන්නේ ඔවුන් ආපු නැව් දෙසයි. ඔවුන්ගේ හිතේ එක පැත්තකින් මෙහෙම හිතෙනවා ඇති, "අපිට බැරි වුණොත්, අර නැව් තියෙනවා.. අපිට ආපහු පැනලා යන්න පුළුවන්." නමුත් එදා එවැනි අවස්ථාවක මහා ඇලෙක්සැන්ඩර් කළේ කුමක්ද? ඔහු තම සෙන්පතියන්ට අණ කළා, "නැව් වලට ගිනි තියන්න!" තමන් ආපු නැව් තමන්ගේ ඇස් පනාපිට ගිනිගෙන අළු වෙලා යනවා සොල්දාදුවන් දැක්කා.. දැන් ඔවුන්ට ආපසු යන්නට ක්‍රමයක් නැහැ. ඔවුන් ඉදිරියේ තිබුණේ විකල්ප දෙකක් පමණයි. එක්කෝ සටන ජය ගැනීම, නැත්නම් එතැනම මිය යාම! අන්න ඒ මොහොතේ, ඒ සොල්දාදුවන් ලෝකයේ සිටින භයානකම සහ බලවත්ම මිනිසුන් බවට පත් වුණා. මොකද, "පරාජය" කියන විකල්පය ඔවුන්ගේ මනසින් සහ භෞතික ලෝකයෙන් සහමුලින්ම ඉවත් කර තිබූ නිසා. ඇයි මිනිහෙක් "විකල්ප නැති වුණාම" මෙච්චර භයානක වෙන්නේ? අපේ මොළය නිර්මාණය වෙලා තියෙන්නේ අපේ ආරක්ෂාව තහවුරු කරන්නයි. අපිට යම් අභියෝගයක් ආපු ගමන් මොළය හොයන්නේ, "පැනලා යන්න පාරක්!" "මට මේ බිස්නස් එක කරගන්න බැරි වුණොත්, මම ආපහු පරණ ජොබ් එකට යනවා.." "මට මේ විභාගය පාස් වෙන්න බැරි වුණොත්, මම වෙන මොකක් හරි කරනවා.." මෙන්න මේ "වෙන මොකක් හරි කරනවා" කියන ආරක්ෂිත දැල අපේ ළඟ තියෙන තාක් කල්, අපි අපේ උපරිම ශක්තිය යොදවන්නේ නැහැ. එවිට අපි සටන් කරන්නේ 50% ක ශක්තියකින්. මොකද පරාජය වුණත් අපිට මැරෙන්න වෙන්නේ නැති බව අපි දන්නවා. නමුත් ඇලෙක්සැන්ඩර් කළේ ඒ ආරක්ෂිත දැල කපා දැමීම. මිනිසෙකුට තමන්ගේ ජීවිතය බේරාගැනීමට ඇති එකම ක්‍රමය "ජයග්‍රහණය" පමණක් ම වන විට, ඔහුගේ ශරීරයේ සහ මනසේ සැඟවී ඇති අසීමිත ශක්තියක් මතු වෙනවා. එය විද්‍යාත්මකව හඳුන්වන්නේ 'Survival Instinct' එහෙමත් නැත්නම් "පැවැත්මේ සහජ ශක්තිය" ලෙස. දන්නවද, ඒක හිතාගන්න බැරි යෝධ බලයක්! අපි හැමෝම ජීවිතේ අලුත් ගමනක් යන්න හදනවා. හැබැයි අපි ගොඩක් දෙනෙක් අසාර්ථක වෙන්නේ අපි තවමත් අපේ "පරණ නැව්" වලට පෙම් කරන නිසයි. ඔබ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා, හැබැයි පරණ අසාර්ථක පුරුදු අතහරින්නේ නැහැ.. ඔබ අලුත් ජීවිතයක් පටන් ගන්න හදනවා, හැබැයි අතීතයේ වේදනාකාරී මතකයන් සහ පසුතැවීම් තවමත් බදාගෙන ඉන්නවා.. ඔබ දියුණු වෙන්න හීන දකිනවා, හැබැයි ඔබේ කාලය කා දමන කම්මැලි යාළුවන්ව අතහරින්න බයයි. මෙන්න මේවා තමයි ඔබේ නැව්! ඔබ මේවා ගිනිබත් කරන්නේ නැතුව, ඔබට කවදාවත් පර්සියාව වැනි විශාල රාජ්‍යයන් ඒ කියන්නේ ඔබේ විශාල හීන, ජය ගන්න බැහැ. පාලම යටින් ගලා යන වතුර දෙස බලා ඉන්නවාට වඩා, ඒ පාලම ගිනිබත් කර, ඉදිරියටම යාම සමහර වෙලාවට සාර්ථකත්වයේ එකම රහස! මේකෙන් අදහස් කරන්නේ නැහැ ඔබ කිසිම සැලසුමක් නැතුව අවදානම් ගන්න ඕනේ කියලා. මෙතැන තියෙන නියම පාඩම වන්නේ "Commitment" හෙවත් කැපවීම! ඔබ යම් දෙයක් කරන්න තීරණය කළොත්, එය අසාර්ථක වීමට ඇති සියලුම මංමාවත් වසා දමන්න. අමතර සැලසුම් ඒ කියන්නේ "Plan B" අත්හරින්න. ගොඩක් වෙලාවට Plan B එකක් තියෙන්නේ Plan A එක සාර්ථක කරගන්න තියෙන උනන්දුව අඩු කරන්නයි. ඔබේ මුළු ශක්තියම "Plan A" වෙනුවෙන් යොදවන්න. ඔබට පසුපසට ඇදෙන බලපෑම් ඇති කරන පුද්ගලයින් ගෙන් සහ පරිසරයෙන් ඉවත්වන්න. "මට වෙන කරන්න දෙයක් නැහැ, මට මේක කරන්නම වෙනවා" කියන තැනට ඔබේ මනස පත් කරන්න. භයානක මිනිසෙකු වන්න. මෙහි 'භයානක' යන්නෙන් අදහස් කරන්නේ ප්‍රචණ්ඩත්වය නොවේ. තමන්ගේ ඉලක්කය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන, කිසිම බාධාවකින් නැවැත්විය නොහැකි "Unstoppable" පුද්ගලයෙකු වීමයි. ලෝකය දිනපු හැම මනුස්සයෙක්ම තමන්ගේ ජීවිතේ එක අවස්ථාවකදී තමන්ගේ නැව් ගිනිබත් කරලා තියෙනවා.. ඔවුන් තමන්වම "කවදාවත් ආපහු හැරෙන්න බැරි" තැනකට තල්ලු කරගෙන තියෙනවා. මතක තබා ගන්න, සිංහයෙක් දඩයම් කරන්නේ ඌට බඩගිනි නිසා විතරක් නෙවෙයි, ඌට වෙන කෑමක් නැති නිසයි. මිනිසෙකුට ජයග්‍රහණය "අත්‍යවශ්‍යම දෙයක්" වූ විට, ඔහු විශ්වයේ බලවත්ම ශක්තිය බවට පත් වෙනවා. ඔබේ ජීවිතයේ ඔබ තවමත් ගිනිබත් නොකර අල්ලාගෙන ඉන්න "නැව" මොකක්ද? ඒක අතීත සබඳතාවක්ද? නැත්නම් ඔහේ කාලය ගෙවෙන රැකියාවක්ද? චීන තාඕ දර්ශනයේ එන වූ-වෙයි සංකල්පයත් මෙහිදී ඉතා වැදගත්. මෙයින් අදහස් කරන්නේ කිසිවක් නොකර සිටීම නොව ස්වභාවධර්මයේ රිද්මය සමඟ එකඟව, සැකයෙන් තොරව ක්‍රියා කිරීම. සොල්දාදුවන් නැව් දෙස බලන තාක් කල් ඔවුන් සිටියේ "දෙගිඩියාවක" එවිට ඔවුන්ගේ ශක්තිය බෙදී තිබුණා.. තාඕ දර්ශනයට අනුව, බෙදුණු මනසකට කිසිදාක සොබාදහමේ මහා බලය හා සම්බන්ධ විය නොහැකියි. එහෙත් නැව් ගිනිබත් කළ පසු, සොල්දාදුවාට තවත් තේරීමක් තිබුණේ නැහැ. ඔහු දැන් ගලා යන ගඟක් වැනියි. ඔහු සටන සමඟ එකක් වෙනවා. ඔහු දැන් සටන් කරන්නේ ජයග්‍රහණය උදෙසාම නොව, එය ඔහුගේ පැවැත්ම බවට පත් වී ඇති නිසයි. දන්නවද? අපි හැමෝම අපේ ජීවිතේ "පර්සියාව" (අපේ ඉලක්ක) දිනන්න උත්සාහ කරනවා.

I am not a big achiever in Biology හැබයි MCQ ලකුණු වැඩි කරගන්න මම කරපු දෙයක් කියන්නම්....🥰 මේක මට e Chem ගෘප් එකේ ළමයෙක් කිව්ව ක්‍රමයක්. හැබැයි ඒක මට හරිගියා හොඳටම 🥰 මෙහෙමයි ඒකකරන්නෙ... Bio අයට අඩුයිනෙ past paper... ඒ නිසා සිලබස් එකෙත් යම් යම් තැන් වෙනස් නිසා බොම පරිස්සමින් මේක කරන්න2019-2023 පේපර් වලට 2019 MCQ එක කරන්න (1-40 ප්‍රශ්න) ඒකෙ මාකින් එක දාලා වැරදි ටිකට අදාළ මාතෘකා ටික පොතක ලියන්න... උදා:- ඔයාට ශාක යාමක ද්‍රව්‍ය MCQ එක වැරදුනා නම් යාමක ද්‍රව්‍ය මාතෘකාව ලියන්න.. ඕම ඕම වැරදි හැම එකටම අදාළ මාතෘකා ලියන්න 🥰 ඊට පස්සෙ ඔය ලියාගත්ත හැම කොටසම රිසෝස් එකෙන් කියවන්න හොඳට... කියවන කියවන කොටසට ✅ එකක් දාගන්න 🥰 ඕම ඕම කරලා ඉවර වෙලා.. ඊලග පේපර් එකට යන්න 🥰 ඔය ටික ඉවර කරලා (41-50)අතර ප්‍රශ්න ටිකටත් ඔය විදියටම වෙනම කරන්න.. ඒකෙන් අනීවාරෙන් 41-50 අතරෙප්‍රශ්න වලට උත්තර හොයන්න ඔලුව හැදේවි 🥰 ඔය විදියට කරන්නකො... ඕකෙන් එක රේඛාවක ලකුණු වැඩි වෙන්නැහැ.හැබැයි ආයෙ අඩු නොවෙන විදියට ලකුණු වැඩිවෙයි ඔය පේපර් පහ කරල ඉවර වෙද්දි (2019-2023) ඉන්පස්සෙ පළාත් පේපර් ටිකක් සහ ස්කෝල වල පේපර් ටිකක් හොයලා කරන්න... Specially......,,,, Western province Southern prov. Central prov. ඊට අමතරව ස්කෝල වල පේපර්ස් ටිකක් හොයාගෙන මේම කරගෙන යන්න.. 🥰 බය වෙන්නෙපා පාස්ට් පේපර් පලාත් පේපර් කරල වැඩි උන ලකුනු රෝයල් එකේ,විශාකා එකේ පේපර් කරද්දි අඩු වෙනව.. ඒක නැචුරල්😁 හැබැයි ඒ ස්කෝල වල ප්‍රශ්න වලට හුරු උනාම ඕන එකකට ඔට්ටුයි 😌🥰 අන්තිමටම මේම කරලා මට මාස දෙකකදි MCQ 08 ක ඉඳලා 40කට පනින්න පුළුවන් උනා 👉👈🤭♥️

P6 mcq ලකුණු හදාගන්න මේ පිළිවෙළ try කරලා බලන්න. 🌚
+1
P6 mcq ලකුණු හදාගන්න මේ පිළිවෙළ try කරලා බලන්න. 🌚

photo content

. රංග ගුණරත්න සර්ගේ CHEMISTRY බහුවරණ, ව්‍යුහගත, රචනා සම්පූර්ණ විවරණ #AL_API_PAPERS_GROUP .
. රංග ගුණරත්න සර්ගේ CHEMISTRY බහුවරණ, ව්‍යුහගත, රචනා සම්පූර්ණ විවරණ #AL_API_PAPERS_GROUP .

💬 |S8 , Br2, O2 , SO2 වගේ අණුවල සම්මත අවස්තාවේ එන්ට්‍රෝපිය විචලනය | 📌මුලින්ම බලන්නෙ ? ප්‍රශ්නෙ සම්මත අවස්තාවේදී කියල අහල තියෙන නිසා අපි මුලින්ම මෙයාලා සම්මත අවස්තාවේදී ස්වභාවයේ ඉන්නෙ කොහොමද කියල බලමු .ඒ කියන්නෙ කාමර උශ්ණත්වයේදී S8 - ඝන Br2 - ද්‍රව O2 , SO2 - වායු ඒනිසා 1st Step එක වෙන්නෙ දීලා තියෙන අය භෞතික අවස්තා අනුව වෙන්කරගැනීම එන්ට්‍රෝපිය කියන්නෙ අහබුතාවය / අපිලිවෙල /දැගලිල්ල ගැන මිනුමක් නිසා භෞතික අවස්තාව අනුව එන්ට්‍රෝපිය වෙනස්වෙන්නෙ මේ වගෙ Solid < Liquid < gas මේ දීලා තියෙන අයගෙන් S8 < Br2 < O2 හා SO2 📌2nd Step දැන් අපි මෙතනින් O2 SO2 දෙන්නවත් එන්ට්‍රෝපිය අනුව වෙන් කරගෙන ඉන්නෙපැයි .ගොඩක් අය වරද්දගන්න තැනක් තමා මෙතන . ඒ මොනාඅරි අනුවක අණුක ස්කන්දය වැඩිවෙන තරමට එයාගෙ දැගලිල්ල අඩුවෙනව කියල ඒත් මෙතනදි දැගලිල්ලෙන් ගන්නෙපා අපිලිවෙල කියන එකෙන්ම එන්ට්‍රෝපිය ගැන අදහසක් ගන්න .චබියෙක් වෙන තරමට මනුස්සයෙක්ගෙ අපිලිවෙල වැඩිවෙනවනෙ .අන්න ඒවගේ entrophy කියන්නෙත් අපිලිවෙලගැන මිනුමක් නිසා අනුක ස්කන්දය වැඩිවෙද්දි Entrophyත් වැඩිවෙනව ( Photo එක මතකනම් ආයෙ අමතක වෙන එකක් නෑ 🙊 ) ඒනිසා එන්ට්‍රෝපිය අතින් SO2 > O2 ඒනිසා අවසානය විදිහට එන්ට්‍රෝපිය විචලනය වෙන්නෙ S8 < Br2 < O2 < SO2 විදිහට —-Extra —— ලෝහත් එක්ක දියමන්ති මිනිරන් වගේ අය සන්සන්දනය කරන්න ආවොත් දියමන්ති හා මිනිරන් වල Entrophy < ලෝහවල Entrophy කියල ගන්න ᴛʜᴇ ᴩ ʀ ᴏ ꜰ ᴇ ꜱ ꜱ ᴏ ʀ 🌒