✧・゚𝑩𝒆𝒚𝒐𝒏𝒅 𝒕𝒉𝒆 𝒖𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒆 ・゚✧
رفتن به کانال در Telegram
1 958
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-107 روز
-3930 روز
آرشیو پست ها
මෙම මිරන්ඩා චන්ද්‍රයා විශ්කම්භයෙන් කිලෝමීටර් 471 ක් පමන වන මෙම චන්ද්‍රයා අප පෘථිවියෙ චන්ද්‍රයාගෙ ප්‍රමාණයේ හතෙන් පංගුවකටවත් වඩා විශාල නැහැ. Voyager 2 යානය, මෙම මිරන්ඩා අසළින් පියාසර කරන තුරුම තාරකා විද්‍යාඥයන් සිතා සිටියේ කිසිම විශේෂත්වයක් නොමැති සාමාන්‍ය අයිස් හා පාෂාණ වලින් පිරුණු අක්‍රීය වස්තුවක් ලෙසයි. නමුත් වොයේජර් එවූ ඡායාරූප වලින් එම මතය මුළුමනින්ම බිඳ වැටුනා කීවොත් නිවැරදියි. එය සැබැවින්ම කිවහොත් විකෘති ලෝකයකි.
ඉතින් මෙම අස්වාභාවික ලෝකය තුළ එක් විශේෂ දෙයක් විද්‍යාඥයන් දුටුවා. ඒ තමයි කිලෝමීටර් ගණනාවක් පහළට විහිදෙන verona rupes ප්රපාතය. මුල් කාලීන වොයේජර් දත්ත පදනම් කරගෙන විද්‍යාඥයන් සිතා සිටියේ, මෙහි සිරස් ගැඹුර 20km ක් පමන වන බවයි. නමුත් නවීන මිනුම් හා භූ විෂමතා ආකෘති පෙන්වා දෙන්නේ මෙහි සිරස් උස කිලෝමීටර් 5 සිට 10 ක් වූ පරාසයක විහිදෙන බවයි. එමෙන්ම මෙය අංශක 90 ක සිරස් බිත්තියක්ම නොවන අතර අංශක 50 ත් 60 ත් අතර බෑවුමක් සහිත මහා ආඝාදයකි. කිලෝමීටර් 10 ක වුවද ගැඹුරක් සහිත ප්රපාතයක් සෞරග්‍රහ මණ්ඩලය තුළින් මේ වෙනතෙක් හමුවී නැහැ. සංසන්දනය කර බැලුවහොත් පෘථිවියෙ උසම කඳු මුදුන වන එවරස්ට් කඳු මුදුන වත් මෙහි කෙළවරට ළඟා වන්නේ නැහැ. පෘථිවිය මත නම් මෙවැනි අති දැවැන්ත ප්රපාතයක් පැවතිය නොහැකිය. එයට හේතුවන්නේ පෘථිවියේ පවතින අධික ගුරුත්වය නිසා පාෂාණ හා අයිස් තට්ටු තමන්ගේම බර දරාගත නොහැකිව පහළට කඩා වැටීමයි. නමුත් මිරන්ඩාගෙ ගුරුත්වය අතිශය දුර්වලයි. ය පෘතුවියේ ගුරුත්වයෙන් 1% කටත් වඩා අඩු අගයකි. මෙතරම් දුර්වල ගුරුත්වයක් යටතේ 20km ක වුවද අයිස් පවුරක් නැගී සිටීමට පුළුවන් කමක් තිබෙනවා.
දැන් හිතන්න ඔබ අභ්‍යවකාශ අඳුමකින් සැරසී මෙම ප්රපාතය අභියස සිටගෙන සිටිනවා කියා. දැන් ඔබ එම ප්‍රපාතයෙන් බිමට පැන්නේ යැයි සිතන්න.
ඔබ පහළට ඇද වැටීමේදී පෘථිවියේ මෙන් තදබල ඇදගැනීමක් ඔබට දැනෙන්නේ නැහැ. මෙහිදී ඔබට දැනෙන්නේ ඔබ අභ්‍යවකාශයේ පාවෙමින් සිටිනවා වැනි අමුතු හැඟීමකි. පළමු තත්පර කිහිපය තුළදී ඔබ පහලට ගමන් කරන්නේ තත්පරේට සෙන්ටිමීටර් කිහිපය බැගින් වූ කුඩා වේගයකිනි. මිරන්ඩා මත කිසිම වායුගෝලයක් ඇත්තෙ නැහැ. එම නිසා ඔබහට පෘථිවියෙ මෙන් සුළං පහරක් ඇඟෙහි වැදීම දැනෙන්නේ නැහැ. වායු ප්‍රතිරෝධයක් නොමැති නිසා ඔබේ ශරීරය සෙලවෙන්නේවත් නැත. මන්ද එය සම්පූර්ණ රික්තකයකි. ඔබ අභ්‍යවකාශ අඳුමේ සිරවී පාළු රික්තකයක් තුළ සෙමෙන් සෙමෙන් පහළට ඇද වැටෙනවා. විනාඩි 4 ක් ගත වුවද ඔබ තවමත් පා වෙනවා යැයි ඔබට හැඟේවි. ඔබට දැක ගත හැකිවන්නේ එක් පසකින් ප්‍රපාතයේ බිත්තිය හා අනෙක් පසින් යෝධ යුරේනස් ග්‍රහයායි. දුර්වල ගුරුත්වයක් තිබුණද කාලයත් සමඟ ඔබගේ වේගය ක්‍රම ක්‍රමයෙන් තවදුරටත් වැඩිවීමකට ලක් වනවා. ඉතින් තත්පරයට මීටර් 20 ක 30 ක පමන වේගයෙන් අන්ධකාර පත්ල වෙත ඔබ ඇදී යනවා. ඉතින් විනාඩි 8 කුත් තත්පර 20 කුත් ගතවූ පසු මෙම ප්‍රපාතයේ පත්ල වෙත ළඟා වනවා. කිලෝමීටර් 10 ක ගැඹුර අවසානයේ ඔබගේ සිරුර පොළොවේ ගැටෙන විට ඔබගේ සිරුරේ වේගය පැයට කිලෝමීටර් 143 ක් පමන වනවා. දුර්වල ගුරුත්වයක් යටතේ වුවද මෙතරම් වේගයකින් ගල් සහ අයිස් සහිත පොළොවක ගැටීම මිනිස් ශරීරයකට කිසිසේත් දරාගත නොහැකිය. එනම් ඔබට නිසැකවම මරණයට පත්වෙනවා. කෙසේ නමුත් එම විනාඩි 8 ක කාලය තුළ ඔබ අත්විඳි අත්දැකීම නම් සැබවින්ම විශ්මය ජනක දෙයකි.
ඉතින් මෙය කතාවක් ලෙස කීවත් ඔබ එයින් බොහෝ දේ දැනගන්න ඇතැයි කියා සිතනවා... 🪻
❤️✨️✧・゚𝑩𝒆𝒚𝒐𝒏𝒅 𝒕𝒉𝒆 𝒖𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒆 ・゚✧
20 نوامبر, 08:16
අප සෞරග්‍රහ මණ්ඩලයේ ගැඹුරුතම ප්රපාතය ගැන ඔබ දන්නවාද ?
පෘථිවියෙ උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා ( Burj Khalifa ) මුදුනේ සිට ඔබ පහළට පැන්නහොත්, පොළොවේ ගැටෙන්න ගතවන්නෙ තත්පර 20 ක් වැනි සුළු කාලයක් පමණයි. ලෝකයේ උසම කඳු මුදුන වන එවරස්ට් කඳු මුදුනේ සිට පහළට වැටුණහොත්ද තත්පර කිහිපයකින් ඔබගේ ජීවිතය ඉරණම තීරණය වනවා. මෙයට ප්‍රධාන හේතුව වන්නේ, අප ජීවත් වන පෘථිවියේ පවතින ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලයේ විශාලත්වයයි.
නමුත් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරක අතීශය අද්භූත හා අඳුරු ස්ථානයක් තිබෙනවා. ඔබ එහි ප්‍රපාතයක සිට පහළට පැන්නහොත්, පොළොවට පතිත වීමට තත්පර කිහිපයක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔබට එම ප‍්‍රපාතයේදී විනාඩි 8 ක් වැනි විශාල කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් පහළට වැටෙන්නට සිදුවනවා. මෙම නිහඬ කාලය තුළින් ඔබට අවශ්‍ය නම් පොතක සම්පූර්ණ පරිච්ඡේදයක් වුවද කියවා අවසන් කළ හැකියි.
ඉතින් මෙම අරුම පුදුම ස්ථානයේ නම වන්නේ verona rupes ය. මේ තමයි සෞරග්‍රහ මණ්ඩලය තුළ මිනිසා මේ වනතෙක් සොයාගෙන ඇති ගැඹුරුතම සහ භයානකම ප්රපාතය වන්නේ. මේ පිහිටා තිබෙන්නේ යුරේනස් ග්‍රහයා වටා පිහිටි මිරන්ඩා චන්ද්‍රයා මතයි.
20 نوامبر, 08:16
එය දෙයාකාරයෙන් සිදු විය හැකියි.
රතු වාමනයින් ලෙස හඳුන්වන කුඩා තාරකාවන් වසර ට්‍රිලියන ගනනාවක් පුරාවට දහනය වී අවසානයේ දී සුදු වාමන තත්වයට පත් වනවා. එ අතරිින් අප සූර්යයා වැනි මධ්‍යම ප්‍රමාණයේ තාරකාවන් නම් ඉතාමත්ම විශේෂයි.
සූර්යයා යනු එහි හයිඩ්රජන්, හීලියම් බවට විලීන කරන යෝධ pressure cooker එකක් ලෙස සිතුවහොත් එහි මූලද්‍රව්‍ය වල සිදුවන විලීන වීම නිසා, ඉන් අතිවිශාල ශක්තියක් නිදහස් වනවා. ඉතින් සූර්යයා වියපත් වූ විට එහි මධ්‍යයේ වූ හයිඩ්රජන් පිරිහී යන අතර එවිට සූර්යයා විසින් හීලියම් දහනය කරමින් බර මූලද්‍රව්‍යයන් නිපදවනු ලබනවා.එහි ප්‍රතිඵලයක් ලෙස සූර්යයා ගෙ පිටත ස්තරය ප්‍රසාරණය වී විශාල රතු යොධයෙක් බවට පත් වනවා. එම ක්‍රියාවලිය අවසන් වූ විට සූර්යයාගේ ස්කන්ධයෙන් හරිඅඩක් අභ්‍යාවකාශය වෙත නිදහස්වී අවසන්. එවිට එය කිලෝමීටර් මිලියන ගනනාවක් පුරා පැතිරුණු planetary nebula එකක් සේ දිස් වනවා.අවසානයට ඉතිරි වී පවතිනුයේ එහි මධ්‍යය පමණයි.එය තරුවක මෘත මෘත ශරීරය හෝ white dwarf ලෙස හඳුන්වනු ලබනවා.
අද විශාල යොධයකු සේ දිස්වන සූර්යයාගේ ප්‍රමාණය එදාට දිස්වන්නේ පෘථිවිය තරමි කුඩාවටයි. නමුත් සූර්යයාගෙ මරණයෙන් පසුව බිහි වූ එම සුදු වාමනයාගේ ස්කන්ධය ඉන් අඩක් පමණ වනවා. එය කෙතරම් ඝනකමද යත් ඉන් එක තේ හැන්දක් මෝටර් රථයක් තරම් බර වේ. එ වගේම එහි ගුරුවය පෘථිවියෙ ගුරුත්වයට ඩවා ලක්ෂ වාරයකින් වැඩිය. ඔබ එහි ගොඩ බසින්නට උත්හස කළ හොත් ක්ෂණිකවම දුම් දමන දියර ගොඩක් දක්වාම තෙරපීමකට ලක් වනවා.
White dwarf එකක් වටා ජීවයක් පැවතීමට නොහැකි බව ඔබට සිතුනත් එ සඳහා යම් හැකියාවක් ඇති බව අමතක කරන්නට එපා.
Supper nowa එකකින් තාරකාවක් පුපුරා විනාශ වන විට එ අවට වූ ග්‍රහලෝකද විනාශ වි යනවා. නමුත් ඉතිරිව පවතින අනෙක් ග්‍රහලෝක white dwarf එක වටා කක්ෂ ගත වීමට යම් හැකියාවක් තිබෙනවා. එම සුදු වාමනයෙක් වටා කක්ෂ ගතවන ග්‍රහලෝකයක් තුළ ජලය නොනැසී පවතීමට නම්, අද අප සූර්යයා වටා කක්ෂ ගතවී සිටින දුරට වඩා 75% ක් වත් ආසන්නයෙන් කක්ෂ ගතවීම අනිවාර්ය වනවා. නමුත් එතරම් ආසන්නයෙන් කක්ෂ ගතවීම නිසා අදාළ ග්‍රහලෝකය white dwarf එක සමඟ අන්‍යොන්‍ය වශයෙන් අගුළු වැටෙන්නට පුළුවන්. එම සංසිද්ධිය තාරකා භෞතික විද්‍යාව තුළ tidal locking ලෙස හඳුන්වනු ලබනවා. එම නිසා එම කක්ෂ ගතවූ ග්‍රහලොව මත සදාතනික රාත්‍රියක් හා සදාතනික දහවලක් පවතින්න පෙදෙස් දෙකක් පවතින්නට පුළුවන්. එසේ වුවත් එම කලාප දෙකෙහිම ජීවය පැවතීමේ හැකියාවක් තිබෙනවා.
සුදු වාමනයින් සතුව ස්ථායී බලශක්ති නිශ්පාදනයක් ඇති නිසා රතු වාමන තාරකාවන්ට වඩා සුදු වාමන තාරකාවන් ඉතාමත්ම ආරක්ශිතයි. ඉතින් සුදු වාමනයෙක් වටා කක්ෂ ගත වුව හොත් වසර බිලියන ගනනක් පුරාවට එහි ජීවය සුරක්ෂිත වේවි.
මෙම සුදු වාමනයින් අනෙකුත් තාරකා වලට වඩා වැඩි කාලයක් පැවතීමට හේතුව කුමක් විය හැකිද?
සුදු වාමනයින් තුළ අප සූර්යයාට වඩා හතලිස් ගුණයකින් වැඩි උශ්නත්වයක් පවතිනවා.එය විශ්වයේ වූ අධික උශ්නත්වයක් ඇති වස්තුව ලෙසද හඳුන්වනු ලබනවා. නමුත් ඒවා විශාල වශයෙන් සක්‍රීය වස්තූන් නම් නොවේ. මන්ද යත් සුදු වාමනයන් තුළ උශ්නත්වය සිරවී තිබෙන නිසා එම උශ්නත්වය අභ්‍යාවකාශයට පිටවන්නේ නැහැ. අභ්‍යවකාශයට පිටවනවා නම් පිට වන්නේ එහි පිටත ස්ථරයේ වූ උශ්නත්වය පමණයි. එම හේතුවෙන් සුදු වාමනයකු සිසිල් වීමට වසර ට්‍රිලියන ගණනක් ගතවනවා.එය මිනිසුන්ගෙ අවසාන නවාතැන්පළ ලෙසද හඳුන්වන්නට පුළුවන්. මන්ද යත් මිය යමින් පවතින විශ්වයේ අවසාන ආලෝකය වනුයේ එයයි.
මතක තබා ගන්න තවත් වසර බිලියන ගනනකින් අප දන්නා විශ්වය තුළ එකම තාරකාවක් වත් දිලිසෙන එකක් නැහැ. මන්දාකිනි පවා වාෂ්ප වී යනවා. එදාට දැක ගන්නට ලැබෙනුයේ බල ශක්තිය හීන වී කළු වාමනයින් බවට පත් වීමට ආසන්න සුදු වාමනයින් පමණයි. සුදු වාමනයින්ද නිවී ගිය පසුව පවතිනුයේ සදාතනික අන්ධකාරයකි. ජීවය පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් එදාට ඉතිරි වන්නේ නැහැ..... 🪻
❤️✨️✧・゚𝑩𝒆𝒚𝒐𝒏𝒅 𝒕𝒉𝒆 𝒖𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒆 ・゚✧
09 نوامبر, 08:15
සදාතනික අන්ධකාරයට පෙර දිස් වන විශ්වයෙ අවසාන අලෝකය.
බලශක්ති ප්‍රභවයක් තිබෙන තුරු මින්සුන් වන අපට විශ්වය තුළ දිවි රැකගන්නට පුළුවන්.නමුත් යම් දිනක විශ්වයද විනාශයට පත් වනවා.එය වසර බිලියන ගනනාවක් පුරාවට ඉතාමත්ම සෙමෙන් සිදුවන දෙයකි.එසේ නමුත් අප සූර්යයා වැනි තාරකාවන් නම් කෙටි කලක් ඇතුළත අවසානයට පත් වනවා.නමුත් මිනුසුන් වන අපගේ දැක්මට අනුව සදාකල් පවතින ස්ථානයක් අප විශ්වයෙ තිබෙනවා.එ වෙන කිසිවක් නොව මියගිය තාරකාවන් වල මෘත දේහයන්ය.එසේත් නොමැති නම් white dwarf ලෙසද හඳුන්වනු ලබනවා.විශ්වයේ අවසානය සිදු වීමට පෙර මිනිසුන් වන අපගේ අවසන් නවාතැන්පල සුදු වාමනයින් බවට පත් වනවා.
ඇත්තටම මෙ සුදු වාමනයන් කියන්නේ මොනවාද?
තාරකාවන් වල ආයු කාලය එක් වර්ගයකින් තවත් වර්ගයකට වෙනස් වන බව මතක තබා ගන්න. එ සඳහා බලපාන ප්‍රධානම සාධකය වන්නේ එම තාරකාවන් වල විශාලත්වයයි. ඉතාමත්ම විශාල වේගයෙන් දහනය වන තාරකාවන්, උපතින් වසර මිලියන කිහිපයක් ගතවූ පසුව විශාල පිපුරුමක් සහිතව විනාශයට පත් වනවා එය supper nowa ලෙස හඳුන්වනවා. නමුත් විශ්වයෙ පවතින තාරකාවන් අතරින් 97% ක් තරම් ප්‍රමානයක් එසේ supernova එකකට ලක් නොවී අවසානයේ white dwarf තත්වයට පත් වනවා.
09 نوامبر, 08:15
මෙසේ ශරීරය ඇදීම නිසා ඔබට ඉතා දරුණු වේදනාවක් දැනෙන අතර රුධිර ගමනාගමනයටද බාධා ඇතිවනවා. නමුත් එම වේදනාව දැනීමට ඔබ සිහියෙන් සිටින එකක් නැහැ. මන්ද ඔබට ආශ්වාස කිරීමට අභ්‍යවකාශ රික්තකය තුළ ඔක්සිජන් ඇත්තේ නැහැ. එම නිසා තත්පර 15 ක් තුළ ඔබෙ සිරුර විසින් සිරුරේ වූ සියලුම ඔක්සිජන් භාවිතයට ගැනීම නිසා ඔබ සිහි නැතීවීමකට ලක් වනවා.
ඔබට දැන් සිතෙනවා ඇති හුස්ම සිරකොට සිටියහොත් ඔබ විනාඩියක් වත් ජීවත්ව සිටී කියා. නමුත් පෘථිවියෙ මෙන් වායුගෝලීය පීඩනයක් අභ්‍යාවකාශයෙ නොමැති වීම හේතුවෙන් ඔබට එය සිදු කරන්නට බැහැ. මන්ද ඔබ එහි හුස්ම සිරකොට සිටියහොත් පෙනහළු තුළ වාතය ප්‍රසාරණය වී පෙනහළු පැලී යාමකට ලක් වනවා.
මෙම අභ්‍යාවකාශය අධික ශීත බවකින් යුතු වුවත් ක්ෂණිකව ඔබ අයිස් බවට පත් වන්නේ නැහැ. මන්ද අභ්‍යාවකාශය තුළ සන්නයනය හා සංවහනය මඟින් තාපය සම්ප්‍රේෂණය නොවන නිසා ඔබ සිරුරේ වූ තාපය පිටවන්නේ ඉතාමත්ම සෙමිනි.
පෘථිවිය තුළ ඔබ මියයන විට දිරාපත් වුවද අභ්‍යාවකාශය තුළ නම් එසේ වන්නෙ නැහැ. උදාහරණයක් ලෙස ඔබ සූර්යයා වැන අලෝක ප්‍රභවයකට ආසන්නව සිටියහොත් ඔබ සිරුර මමියක් බවට පත් වනවා. එසේ ආලෝක ප්‍රභවයක් නොතිබුනහොත් සිරුර සිසිල් මිදීමකට ලක් වනවා. නමුත් ඔබ සිරුර අභ්‍යවකාශ ඇඳුමක් ඇතුලෙ තිබුනේ නම් ඔක්සිජන් ඉවර වනතෙක් සිරුර කුණු වීමකට ලක්වනවා.
ඉතින් අභ්‍යවකාශ ඇඳුමක් නොමැතිව ඔබ අභ්‍යාවකාශයෙ මියගිය හොත් සිරුර වසර මිලියන ගනනාවක් පුරාවට ඉබාගාතයේ පාවෙමින් පවතීවි. 💫
❤️✨️✧・゚𝑩𝒆𝒚𝒐𝒏𝒅 𝒕𝒉𝒆 𝒖𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒆 ・゚✧
26 اکتبر, 09:16
ආරක්ෂිත ඇඳුමක් නොමැතිව අභ්‍යවකාශයට ගියහොත් කුමක් සිදු වේවිද ?
පෘථිවිය වට කොට වායුගෝලයක් පවතින බැවින් සියලු පෘථිවි වාසීන්හට සැප පහසුව සිටීමට හැකියාව ලැබී තිබෙනවා. මන්ද වායුගෝලය විසින් සූර්යයාගෙ හානිකර විකිරණ වලින් අපව ආරක්ෂා කරනවා මෙන්ම උශ්නත්වය හා පීඩනයද ජීවීන්ට උචිත ලෙස පවත්වාගෙන යනු ලබනවා. නමුත් අභ්‍යවකාශ රික්තකය නම් සෑම විටම උත්සහ දරනුයේ එහි ඇතුළුවන සියලුම ජීවීන් මරනයට පත් කිරීමටයි.
මෙම අභ්‍යාවකාශයෙ පෘථිවියෙ මෙන් ඝන වායුගෝලීය ආවරණයක් නොමැති නිසා ඔබට සියලුම ආකාරයෙ මරණීය තර්ජන වලට මුහුණ දීමට සිදු වනවා. හිතන්න ඔබ අභ්‍යවකාශ ඇදුමක් නොමැතිව ඔබගේ සාමාන්‍ය ඇඳුම පිටින් අභ්‍යාවකාශයට මුදා හැරියා කියා. ඉතින් අභ්‍යවකාශ රික්තකයට පැමිණි ඔබ හට මුහුණ දීමට සිදුවන ප්‍රධානතම ප්රශ්නය වනුයෙ ඔක්සිජන් නොමැති වීම හා එබලිසම් තත්වයි.වෛද්‍ය විද්‍යාවෙදී එබලිසම් යනු වායුගෝලීය පීඩනය අඩු වූ විට ශරීරයේ වු ශාරීරික දියර වල වායුබුබුළු ඇතිවීම හෝ ජලවාෂ්ප ඇති වීමයි.
මෙවැනි සාධක හේතුවෙන් අභ්‍යවකාශ රික්තකය තුළදී ඔබගේ සිරුර තිබූ ප්‍රමාණයට වඩා දෙගුණයකින් පමන ඉදිමීමකට ලක් වනවා. නමුත් මිනිස් සම විශ්මිත ලෙස ඇදෙනසුලු නිසා ශරීරය පුපුරා යන්නේ නැහැ.
26 اکتبر, 09:16
පෘථිවියෙ අපට එය ඉතා විශාල දුරක් වුවද තාරකා විද්‍යාත්මකව බලනවිට එය ඉතා ආසන්න දුරකි.
ඔන්න මෙ තාරකා පද්ධතියෙ අවසාන තාරකාව තමා alpha sentauri C හෙවත් proxima sentauri ලෙස හඳුන්වන තාරකාවයි. මෙය proxima sentauri ලෙසද හඳුන්වන්නෙ මෙය අප පෘථිවියට වඩාත් ආසන්නතම තාරකාව වන නිසායි. එය මෙ වන විට අප පෘථිවියෙ සිට ආලෝක වර්ෂ 4.3 ක් තරම් ඈතින් සිටින නමුත් ක්‍රමක්‍රමයෙන් අප පෘථිවිය දෙසට ළං වෙමින් සිටිනවා. ඉතින් තාරකා විද්‍යාඥයන් පවසන්නෙ තවත් වසර 27 000 කින් පමණ එය අප සෞරග්‍රහ මණ්ඩලයට ආලෝක වර්ෂ තුනක් තරම් ආසන්න වන බවයි. ඉතින් මෙම proxima sentauri තාරකාව, alpha sentauri A හා alpha sentauri B යන තාරකා දෙක වටා කක්ෂ ගත වනවා. proxima sentauri මෙම තාරකා පද්ධතියෙ වඩාත්ම දුරින්ම පිහිටි තාරකාව ලෙසත් හඳුන්වන්නට පුළුවන්. මන්ද එය පිහිටා තිබෙන්නේ එහි සහයක තාරකා දෙකට වඩා පෘථිවියෙ සිට සූර්යයාට ඇති දුර මෙන් 13 000 ක් පමන දුරින් වීම නිසායි.
තාරකා විද්‍යාඥයන්ගේ මතය නම් වනුයෙ alpha sentauri A හා B එකට හටගත් තාරකා දෙකක් වන බවත් proxima sentauri තාරකාව එ අසළින් යන විට එම තාරකා දෙකෙහි කක්ෂයන් විසින් අල්ලා ගත් එකක් බවයි. එ වගේම මෙම proxima sentauri තාරකාව වටාද ග්‍රහලෝක කිහිපයක් කක්ෂ ගත වනවා. එම ග්‍රහලෝක අතරින්ද වඩාත් වැදගත් ග්‍රහලෝකය වන්නේ proxima B ග්‍රහලෝකයයි.
ඉතින් විශේෂයෙන්ම කියන් ඕන දෙයක් තමා ටයිටන් චන්ද්‍රයාට පසු පෘථිවියෙන් පිටත ජීවයේ පැවැත්ම පිළිබඳ බලාපොරොත්තුවක් තවදුරටත් තබා ගත හැකි තවත් ග්රහලෝයක් තමා මෙ proxima B ග්‍රහලෝකය කියන්නෙ....💫
❤️✨️✧・゚𝑩𝒆𝒚𝒐𝒏𝒅 𝒕𝒉𝒆 𝒖𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒆 ・゚✧
19 اکتبر, 09:15
පෘථිවියට ආසන්න තාරකා පද්ධතියක් වෙත යමු...
පෘථිවියට ආසන්න විවිධාකාරයෙ තාරකා සිටිනවා. මින්පෙර sirius තාරකාව ගැන කිව්වා මතක ඇති. අද කියන්න යන්නෙ තාරකාවක් ගැන නම් නොවෙ. අද කියන්නෙ තාරකා තුනකින් සමන්විත ත්‍රිත්ව තාරකා පද්ධතියක් පිළිබඳවයි.
මෙම තාරකා පද්ධතිය alpha sentauri තාරකා පද්ධතියයි. එය එකිනෙකා වටා කක්ෂ ගතවන තාරකා තුනකින් සමන්විත වන ත්‍රිත්ව තාරකා පද්ධතියකි. එ අතරින් විශාලතම තාරකාව alpha sentauri A ලෙස හඳුන්වනවා. අප සූර්යයාටත් වඩා පැරණි එම තාරකාව මෙම තාරකා පද්ධතියේ විශාලතම තාරකාව වන අතර දීප්තියද ඉතා වැඩි වනවා. එය කහ වාමනයකු ලෙසද වර්ගීකරණය කර තිබෙනවා. තවද තාරකා විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති පරිදි එය සතුව අප සූර්යයාට වඩා 10% කින් වැඩි ස්කන්ධයක් ඇති අතර එහි අරධ විශ්කම්භයද සූර්යයාට වඩා 23% කින් වැඩි වනවා.
Alpha sentauri A තාරකාව අසළින්ම එහි අනෙක් තාරකාව වන alpha sentauri B තාරකාව හමු වනවා. එය alpha sentauri A තාරකාවට බොහෝ සෙයින් සමාන වුවද ප්‍රමාණයෙන් ඊට වඩා මදක් කුඩායි. ගුරුත්වයෙන් එකිනෙකා හා සම්බන්ධ වී සිටින එම තාරකා දෙක එකිනෙකාගෙන් වෙන්වී සූර්යයා ගෙන් පෘථිවියට ඇති දුර මෙන් විසිතුන් ගුණයක් ඈත්ව සිටිනවා.
19 اکتبر, 09:15
Reaction 100 ක් වත් දැන් නෑනෙ අප්පා 😪💔 ඔය reaction එකක් ඔබාන යන්නකො 😓
12 اکتبر, 09:45
මෙම යානා දෙක සදා තිබෙන්නෙ ඉතාමත්ම තරඟකාරි සමාගම් දෙකක් විසිනි. මේවායෙ පද්ධති , ඔක්සිජන් නිපදවන ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ඒවා වෙ. මෙන්න මේ යානා දෙක අභ්‍යවකාශ රික්තය මැදදී ඔරායන් යානයේ නියමුවන් අතරට පැමිණීමට නියමිතයි. මෙහිදී ඔරායන් යානයේ නියමුවන් හට මෙම යානා දෙක ඔරායන් යානයට සම්බන්ද කරගැනීමට සිදුවනවා.
කෙසේ නමුත් මෙම මෙහෙයුම මුළින් සැළසුම් කර තිබූයේ කෙළින්ම සඳවෙත ගොඩබැසීමටයි. නමුත් පසුගිය පෙබරවාරි මාසයේදී නාසා ආයතනය එම සැලසුම සම්පූර්ණයෙන් කුඩු කර දැමුවා. නාසා ආයතනය තීරණය කරනුු ලැබුවා සඳට යාමට පෙර මෙම පෘතුවි කක්ෂීය පරීක්ෂණය අනිවාර්යෙන්ම සිදු කළ යුතු එකක් බවට.
ඉතින් මෙම අනතුරුදායක ක්‍රියාදාමය සිදු කරන ගගනගාමින් සතර දෙනා කවුද ?
01. Commander -: Randy Bresnik
02. Pilot -: Luca parmitano
03. Mission specialist -: Andry Douglas
04. Frank Rubio
දැන් ඔබට සිතනවා ඇති මෙවැනි දක්ෂයන් හතර දෙනෙකු දමා සිදු කරන මෙහෙයුම සිදුවන්නේ කෙසේද කියා.
මෙහිදී පෘථිවියෙන් රොකට් තුනක් අහසට විඳීමට සිදුවෙනවා. මින් පළමු රොකට්ටුවෙන් යන්නෙ මෙම සතර දෙනායි. ඉන්පසු යන රොකට් දෙකෙන් Elon musk ගෙ හා jeff bezos චන්ද්‍ර යානා පෘථිවි කක්ෂයට යවනවා. ඉන්පසු මෙම යානා දෙක ඔරායන් යානයට එකතු කර දින දෙකක් පුරා ඒවායේ ජීවාදාරක පද්ධති නිසිලෙස ක්‍රියාකරනවාදැයි පරීක්ෂා කිරීමට මොවුන්ට සිදු වනවා. මෙන්න මෙතනදී නාසා ආයතනය තවත් වැදගත් පරීක්ෂණයක් සිදු කරනවා. මතකද ඔබට Artemis 1 යානය ආපසු පෘථිවියට ඒමෙහිදි එහි යට තිබූ තාප ආවරණයෙහි ( Heat shield ) කොටසක් කැඩී ගියා. මෙන්න මෙම වැරැද්ද සැදීමට නාසා ආයතනය, සම්පූර්ණයෙන්ම අලුත් වෙනස්ම ද්‍රව්‍යයකින් තනන ලද තාපාවරනයක් මෙම Artemis 3 යානයට සවි කිරීමට නියමිතයි. පෘථිවි වායුගෝලයට සෙල්සියස් අංශක දහස් ගණනක උෂ්ණත්වයක් සමඟින් කඩා වදින විට, මෙම අලුත් තාපාවරණය සියයට සියයක්ම ඔරොත්තු දේවිදැයි හරියටම තහවුරු නැහැ. ඉතින් පෙනෙනවා නේද මෙම ගගනගාමින් හතර දෙනාම තම ජීවිතයද පරදුවට තබායි මෙම පරීක්ෂණය සිදු කරන්නේ.
නාසා ආයතනය මෙතරම් අභියෝගාත්මක තීරණයක් ගැනීමට හේතුව කුමක්දැයි ඔබ සිතුවාද?
මෙතන තිබෙන්නේ අපට නොපෙනෙන නමුත් මුළු ලෝකයම සොලවන අභ්‍යාවකාශ සීතල යුද්ධයකි. මතක තබා ගන්න දැන් හඳට යාමට හදන්නේ ඇමරිකාව පමණක් නොව. මන්ද චීනය මේ වනවිටත් මෙම තරඟයට අවතීර්ණ වී තිබෙනවා. ඉතින් චීනයේ මීලඟ ඉලක්කය වන්නේ 2030 ට පෙර සඳෙහි දක්ෂිණ ධ්‍රැවය අල්ලා ගැනීමයි. ඉතින් නාසා ආයතනය මෙතරම් අවදානම් ගැනීමට හේතුව වන්නේ චීනයට පෙර සඳට යාමටයි. ඒ කියන්නේ මෙම සතර දෙනාම අභ්‍යවකාශ ගතවන්නේ නිකන්ම නිකන් පරීක්ෂණයකට නොවේයි. ඔවුන් අභ්‍යවකාශ ගත වන්නේ ඇමරිකාවේ අභිමානය රැක ගැනීම උදෙසායි.
කළු, ගනාඳුරෙන් පිරුණු නිහඬ විශ්වය දෙස බලන විට අපට එක් දෙයක් තේරෙනවා. මානව සංහතිය තමන්ගෙ සීමාවන් පුරවා හැර වෙනත් ලෝකවලට යන්න හදන මෙම ගමන නිකන්ම නිකන් ආශාවකට කරන දෙයක් නොවෙයි. මෙය අපේ අනාගත පැවැත්ම තීරණය කරන සුවිශේෂී සංධිස්ථානයකි.... 🪻
❤️✨️✧・゚𝑩𝒆𝒚𝒐𝒏𝒅 𝒕𝒉𝒆 𝒖𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒆 ・゚✧
12 اکتبر, 09:15
Artemis 3 මෙහෙයුම පිළිබඳව ඔබ දන්නවාද ?
2026/06/09 වැනිදා ලෝකයේම ඇස් නාසා ආයතනය දෙසට හැරුනේ එකම එක නිවේදනයක් නිසයි. පුරා දශක පහකට පසු නැවත මිනිසෙක් සඳ වෙත රැගෙන යන artemis 3 මෙහෙයුමේ ප්‍රධාන ගගනගාමීන් හතර දෙනා කවුරුන්දැයි එදින ප්‍රකාශයට පත් කෙරුනි. නමුත් කිවීමට ඇති වැදගත්ම දෙය නම් මෙම වීරයන් සතර දෙනා සැබැවින්ම යන්නේ හඳට ගොඩබැසීමට නොවේ. ඔවුන්ව මේ යවන්නේ ඉතාමත් භයානක මරණීය පරීක්ෂණයකට කීවොත්ද නිවැරදියි.
පසුගිය අප්‍රේල් මාසයේ Artemis 2 මෙහෙයුමෙන් ගගනගාමින් සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණියා. එම නිසා මුළු ලෝකයම සිතුවේ ඊළඟ පියවර කෙළින්ම සඳෙහි පස් පාගන එක එක කියායි. නමුත් ජුනි මාසයේ නාසා ආයතනය හෙළි කළ රහස තමයි මේ සතර දෙනාට සිදුවනවා පෘථිවි කක්ෂයේ තිබෙන අතිශය පාළු අනතුරුදායක කලාපයක සති දෙකක් ගතකරන්න. මෙය හරියට 1969 වර්ෂයේ සිදුවූ Apollo 9 මෙහෙයුමට අනුරූපය.
මෙම Artemis 3 මෙහෙයුමේදී ලෝකයේ සිටින ප්රකෝටිපතියන් දෙදෙනකු වන Elon musk ගේ space x ආයතනය හා jeff bezos ගේ blue origin ආයතන වලින් වෙන වෙනම සෑදු චන්ද්‍ර ගොඩබෑමේ යානා දෙකක හමුවක් අභ්‍යාවකාශයෙදී සිදුවෙන්නට නියමිතයි.
12 اکتبر, 09:15
