fa
Feedback
Learn Bits

Learn Bits

رفتن به کانال در Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

نمایش بیشتر
1 305
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-4230 روز
آرشیو پست ها

අභ්‍යවකාශ මීයො? මීයො කියපු ගමන් අපේ හිතට එන ඒ 'දෙය' අමතක කරල, මේ කියන අභ්‍යවකාශ මීයන් හෙවත්, Space mice කියල හඳුන්වන මන්දාකිණි යුගල ගැන කතා කරමු. Space mice කියන්නෙ, Coma Berenices තාරකා මණ්ඩලයේ පිහිටල තියෙන, එකිනෙක ඝට්ටනය වෙමින් පවතින සර්පිලාකාර මන්දාකිණි දෙකක්. මේ මන්දාකිණි දෙක හඳුන්වන්නෙ NGC 4676A සහ NGC 4676B කියලයි. පෘථිවියේ ඉඳල ආලෝක වර්ශ මිලියන 300කට ආසන්න දුරකින් පිහිටල තියෙන මේ මන්දාකිණි යුගලය, කාලයත් එක්ක අවසානයේ යෝධ තනි මන්දාකිණියක් බවට පත් වෙනව කියල තාරකා විද්‍යාඥයන් කියනව. මේ එක් එක් මන්දාකිණියෙන් විහිදෙන, වායූන් සහ තාරකාවන්ගෙන් සමන්විත දිගු වලිග නිසයි මේවට අභ්‍යවකාශ මීයන් හෙවත් Space mice කියල කියන්නෙ. Additional - wikipedia.org #Astronomy | @LearnBits

ඔයා ඔයාටම බොරු කරගන්න බවට හැඟවෙන කරුණු 4ක් ඉතාමත් පහසුවෙන් යමක් අතහැර දැමීම - ඔයා ඒ දේවල් අතහරින්නෙ ඔයාට ඒව ඇත්තටම වැඩක් නැති
ඔයා ඔයාටම බොරු කරගන්න බවට හැඟවෙන කරුණු 4ක් ඉතාමත් පහසුවෙන් යමක් අතහැර දැමීම - ඔයා ඒ දේවල් අතහරින්නෙ ඔයාට ඒව ඇත්තටම වැඩක් නැති නිසයි. මොකද ඔයාට වටින දෙයක්, ඔයා කීයටවත් අතහරින්නෙ නෑ. පැහැදිලි සැලැස්මක් නොමැති වීම - ඔයාට හරි ඉලක්කයක් තියෙනව නං, ඔයාට හරි සැලැස්මක් නැතිවෙන්න බෑ. ඔයාට නිසි සැලැස්මක් නෑ කියන්නෙ ඔයා අදාළ කාර්යය ඉලක්කයක් විදිහට සලකන්නෑ කියන එකයි. වටපිටාව පැහැදිලිව නොදැකීම - ඔයාට ඔයාගෙ බර ප්‍රශ්නයක් නම්, ඔයා ඒකට ෆැඩ්නා ටමී ටී බිබී ඉඳල, ආයෙ ආයෙමත් ටොන් ගනන් කෑම කාල හරියනවද? නැත්තං ව්‍යායාම කරල කෑම පාලනය කරනවද? ඔයා ඔයාගෙ වටාපිටාව ගැන පැහැදිලිව බලන්නෑ කියන්නෙ, ඔයාට ඒකෙන් වැඩක් නෑ කියන එකයි. අන් අයව ජීවිතෙන් ඈත් කර, හුදකලා වීම - ජීවිතය ගැන තීරණ ගන්න සහ කළමනාකරණය කරන්න බය නැති මිනිස්සු, එයාලගෙ සැලසුම් වලට එයාලගෙ යාලුවන්ව සහ පවුලේ සාමාජිකයන්වත් ඇතුල් කරගන්නව. ඔයා ඔයාගෙ ලෝකෙට වෙනත් කිසිම කෙනෙක්ට එන්න දෙන්නෑ කියන්නෙ, ඔයා ජීවත් වෙන්නෙ හිස් අවකාශයක. ඒක ඔයාටවත් වෙන අයටවත් වැඩක් ඇති දෙයක් නෙවෙයි. #Psycho_Facts | @LearnBits

ශාන්ත එල්මෝගේ එළිය (හෝ ගින්න) ඉස්සර නාවිකයො මුහුද හරහා රට රටවලට ගියේ, රුවල් නැව් වලින් කියල හැමෝම දන්නව ඇතිනෙ. ඉතින් මේ රුවල් නැව් යාත්‍රා කරන්නෙ ඩීසල් පොඩ්ඩකට ටූ ටී දාලද? අපෝ නෑ. රුවල් නැවක් යාත්‍රා කරන්නෙ සුළං ආධාරයෙන්. රුවල් නැවක් ජීවිතේටම පින්තූරයකින්වත් දැකල නැති කෙනෙක් ඉන්නව නං මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. "හෙයි... මීට වැඩිය හොඳයි...." මේ රුවල් නැවක, රුවල් එල්ලල තියෙන්නෙ, "කුඹ ගස්" වලින්. කුඹ ගස් කියන්නෙ නැව මැද හිටවල තියෙන උස දැවමය කොටන් වලට. මේ කුඹ ගස්වල අග්ගිස්සෙ, (ඒ කියන්නෙ කෙලවරවල් වල) තියෙනව ලෝහ විල්ලක්. දවසක් මුහුදු ගමනක යන නාවිකයො වගයක් දැක්කලු මේ කුඹගස් කෙලවරින් යම් ආලෝකයක් විහිදෙනව. හරියට නිකං ගින්නක් ඇති වෙනව වගේ. හැබැයි රුවල් වත්, කුඹගහවත් කිසිම පිළිස්සීමකට ලක් වෙන්නෙත් නෑලු. (පහළ රූපයේ කුඹගස් කෙලවරවල් වල දම් පැහැය) මෙන්න මේ අවස්ථාවෙදි ඒ නාවිකයො විශ්වාස කරල තියෙන්නෙ එයාල ඒ දැක්කෙ, දෙවියන් වහන්සේගේ එලියක් කියලයි. නාවිකයන් වෙනුවෙන් කැපවුන 'එල්මෝ සාන්තුවරයාගේ' ආත්මය මේ කතාවට සම්බන්ධ වෙන්නෙ මෙන්න මෙතනදි. කාලයත් එක්ක, මේ ආලෝකය විහිදුවන්නෙ එල්මෝ සාන්තුවරයාගේ ආත්මය විසින් බවත්, ඒක නැවේ ආරක්ෂාව තහවුරු කරන සංඥාවක් බවත් නාවිකයන් අතර මතයක් පැතිරිලා තියෙනව. කතාව ලස්සනයි වගේම අපි දැන් යමු මේ කියන සංසිද්ධියෙ විද්‍යාත්මක පැතිකඩට. නැවක රුවල කියන්නෙ විශාල වර්ගඵලයක් සහිත රෙද්දක්. සහ මුහුද කියන්නෙ නිරන්තරයෙන්ම සුළං හමන ස්ථානයක්. ඔයාල දන්නව සිල්ක් රෙද්දක් පිරිමදිනකොට ඒ රෙද්ද තුළ ආරෝපණ ගබඩා වෙනව කියල. අන්න ඒ සරල සිද්ධියම තමා මෙතනදි වෙන්නෙත්. නිරන්තරයෙන්ම හමන අධික සුළඟ නිසා, අර යෝධ රුවල් රෙදි ආරෝපණය වෙනව. (වාත අනු රෙදි කැබැල්ලේ ගැටෙන නිසා) මේ එකතු වෙන ආරෝපණ ගමන් කරන්නෙ, අර කුඹ ගහේ කෙලවරේම තියෙන ලෝහ විල්ලටයි (හෝ කොපුවටයි). සාමාන්‍යයෙන් ගිගුරුම් සහිත වැසි ඇතිවෙන තත්වයකදි, අවට වායුගෝලය තෙත සහිත බවක් ගන්නව වගේම, පොළව සහ අහස අතර ලොකු විභව අන්තරයක් හටගන්නව. මේ වගේ අධි විභව තෙත් වායුගෝලීය අවස්ථාවකදි, අර ලෝහ කොපු වල ගබඩා උන ආරෝපණ, විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය කරගෙන, තෙත වායුගෝලයට විසර්ජනය වීමක් සිදුවෙනව. මේකට කොරෝනා විසර්ජනය කියලත් කියනව. සරලවම මේක හරියට පුංචි අකුණු ගැසීමක් වගේ. වැසි තත්ව වලදි, පරිසරය අඳුරු වීමත් එක්ක, මේ විද්‍යුත් විසර්ජනය නිසා ඇතිවෙන ආලෝකය හොඳට කැපිල පේන්න ගන්නව. ඒක තමා එල්මෝගෙ එළිය කියල නාවිකයො හැඳින්වුයෙ. වායුගෝලයේ තියෙන ඔක්සිජන් සහ නයිට්‍රජන් පරමාණු නිසා, මේ විහිදෙන එළිය වයලට් හෝ නිල් පැහැයක් ගන්නව. ඒ පාට දෙකේම ප්‍රතිඵලක් විදිහට, මේ ශාන්ත එල්මෝගෙ එලිය අමුතුම 'නියෝන්' පැහැයකින් දිස් වෙනව. #History | @LearnBits

හැම සතෙක්ගෙම රුධිරය රතු පාටද? සත්ව රුධිරයේ වර්ණය රඳා පවතින්නෙ, රුධිර ප්‍රෝටීන වර්ග සහ වෙනත් රසායන ද්‍රව්‍ය මතයි. ඒ වගේම සමහර රසායන ද්‍රව්‍ය, ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන නිසත් වර්ණය වෙනස් වෙනව. ඉතින් අද අපි මේ විදිහට සත්වයන් සතු ප්‍රධාන රුධිර වර්ණ පහක් ගැන දැනගමු. 🔴 රතු - (මිනිසා ඇතුළු බොහෝ පෘෂ්ඨවංශීන්) මිනිස් රුධිරයේ රතු පැහැයට හේතු වෙන්නෙ, රතු රුධිර සෛල වල තියෙන හිමොග්ලොබීන් අණුවේ 'හීම්' කාණ්ඩයයි. මේ හීම් කාණ්ඩය තුළ තියෙනව Fe (ෆෙරස්/යකඩ) අයනයක්. 🟡 කහ - (සමහර කුරුමිණියන්, මුහුදු කැකිරි) මෙයාලගෙ රුධිරයේ කහ පැහැයට හේතු වෙන්නෙ, වැනේඩියම් (V) අඩංගු වැනබීන් කියන රුධිර වර්ණකයයි. කොහොම උනත් මේ වර්ණකයේ නිශ්චිතම කෘත්‍යයක් තාම හඳුනගෙන නැහැ. 🟢 කොළ - (බොහොමයක් ඇනලිඩාවන්) රුධිරය කොළ පාට වෙන්න එක හේතුවක් තමයි, ක්ලෝරොක්රුවොරීන් කියන වර්ණකය. මේ වර්ණකයත් අපේ හිමොග්ලොබීන් වල වගේම Fe (Iron) අණු දරනව. ඉතින් ඔක්සිජන් වලට නිරාවණය නොවන තාක් කල් ක්ලෝරොක්රුවොරීන් වර්ණකය රතු පාටින් දිස් වෙනව. හැබැයි ඔක්සිජන් වලට නිරාවණය උනාට පස්සෙ, අණුව තුළ අඩංගු Fe අයන, ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරල, මේ රුධිර වර්ණකය කොළ පැහැයට හරවනවා. 🔵 නිල් - (ආත්‍රපෝඩාවන් සහ මොලස්කාවන්) හිමෝසයනීන් කියන වර්ණකය නිසයි, රුධිරය නිල් පැහැයෙන් දිස් වෙන්නෙ. මිනිස් රුධිර වර්ණකය වෙන හිමොග්ලොබීන් වලින්, ඔක්සිජන් අණු සම්බන්ධ කරගන්නෙ Fe අණු යොදාගෙනයි. හැබැයි හිමෝසයනීන් වර්ණකයෙන් ඔක්සිජන් අණු සම්බන්ධ කරගන්නෙ Cu (කොපර්/තඹ) අණු යොදාගෙනයි. ඉතින් කොපර්, ඔක්සිජන් එක්ක බැඳුනම, ප්‍රතික්‍රියා කරල නිල් පැහැයකට හැරෙනව. 🟣 දම් - (සමහර මුහුදු පණු විශේෂ) දම් පාට රුධිරයට හේතු වෙන්නෙ හිමෝඑරිත්‍රීන් කියන රුධිර වර්ණකයයි. මේ වර්ණකයෙත් Fe අයන අඩංගු වෙනව. හැබැයි හිමෝඑරිත්‍රීන් වර්ණකයේ තියෙන සුවිශේෂී බව තමයි, හිමොග්ලොබීන් වලට වඩා වැඩි කාර්යක්ෂමතාවකින් ඔක්සිජන් එක්ක බන්ධුතා ඇති කරගන්න පුලුවන්. සරලවම, අඩු ඔක්සිජන් සාන්ද්‍රණ සහිත පරිසරයක උනත්, ජීවත් වෙන්න මේ සත්වයන්ට ලැබුණ එක අනුවර්තනයක් තමයි හිමෝඑරිත්‍රීන් කියන රුධිර වර්ණකය. #Knowledge | @LearnBits

ශර්ට් එකක් නිවැරදි ලෙස නවන්නෙ කොහොමද? #Life_Hacks

ඕනෙම ජීව විශේෂයක් කාලයත් එක්ක පරිණාමය වෙන බව අපි හැමෝම දන්නව. වෙනස් වෙන පරිසර සාධක සහ දේශගුණිත තත්ව වලට සුදුසු විදිහට අනුවර්ත
ඕනෙම ජීව විශේෂයක් කාලයත් එක්ක පරිණාමය වෙන බව අපි හැමෝම දන්නව. වෙනස් වෙන පරිසර සාධක සහ දේශගුණිත තත්ව වලට සුදුසු විදිහට අනුවර්තනය වෙන්න තමා, ජීව විශේෂ ඒ ආකාරයට පරිණාමය වෙන්නෙ. නමුත් වර්තමාන සොයාගැනීම් අනුව විද්‍යාඥයන් මත පල කරන දෙයක් තමයි, වත්මන් පෘෂ්ඨවංශී විශේෂ බොහොමයකට, ඉදිරි වසර 100 තුළ නොනැසී ඉන්න නම්, අතීතයට වඩා 10,000 ගුණයක වේගයකින් පරිණාමය වෙන්න ඕනෙ බව. එහෙම නැති උනොත් වත්මන් පෘෂ්ඨවංශී විශේෂ බොහෝ ප්‍රමාණයක්, වෙනස් වෙන පාරිසරික සාධක සහ අනෙකුත් සාධක හේතුවෙන් නෂ්ඨ වෙලා යන්න පුලුවන්. Additional : ScienceDaily.com #Facts | @LearnBits

ඇයි කුහුඹුවන් නිතරම එකා පසුපස එකා ගමන් කරන්නෙ? හිතන්න කූඹි ගුලක ඉන්න එක කුහුඹුවෙක් යම් ආහාරයක් හොයාගත්ත කියල. ඒ කූඹියා ඒ ආහාරය තිබුණ තැන ඉඳන් ආපහු තමන්ගෙ කොලනියට යනකොට, ෆෙරමෝන කියල හඳුන්වන වාෂ්පශීලි රසායන ද්‍රව්‍යයක් ඒ ගමන් කරන පාර දිගේ මුදාහරිනව. එතකොට අනෙක් කුහුඹින්ට ඒ ෆෙරමෝන ඔස්සේ අදාළ ආහාරය තිබුන තැනට යන්න පුලුවන් වෙනව. ඒ ඒ කුහුඹියත්, ආහාරය තමන්ගෙ ගුලට අරන් එන අතරෙ කලින් වගේම ෆෙරමෝන ශ්‍රාවය කරල, ඒ ෆෙරමෝනමය මාර්ගය ශක්තිමත් කරනව. ඉතින් එක එක කූඹියා ඒ ෆෙරමෝන ඔස්සේ ගමන් කරන නිසා තමා, කූඹි එකා පස්සෙ එකා යනව වගේ පේන්නෙ. (මී මැසි රාජධානිය ගැන කලින් දවසක විස්තර කලා වගේ කුහුඹු රාජධානියත් විස්තර කරන්න ඕනෙ නං රිඇක්ශන් එකක් දාගෙන යන්න) #Knowledge | @LearnBits

"තම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් තමන්ගෙන් උදුරා ගැනීම" කියන ඡෝදනාව යටතේ, වරක් මිනිසෙක් සාතන් (යක්ෂයා) ට එරෙහිව නඩු පවරල තියෙනව. කොහොම උනත් නඩුවේ විනිසුරුවරය විසින් ඒ නඩුව නිෂ්ප්‍රභා කරල. ඒකට හේතුව උනේ නඩුව පැමිණිලි කළ ඇමරිකානු මාර්ෂල් වරයා, සාතන් යටතේ සේවය කළ හැකි ආකාරය සහ එනයින් ඔහුගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් අහිමි වන ආකාරය අදාළ නඩුගොනුවට ඇතුළත් කර නොතිබීමයි. Additional - wikipedia.org #Facts | @LearnBits

Dear subscribers,   We are writing to inform you about an important change in our channel content policy. As you know, we provide you with high-quality and mostly original content that you can use for your personal or professional purposes or for learn and study. However, we also expect you to respect our intellectual property rights and give proper credit to us when you share our content with others. Giving proper credit means acknowledging the source of the content and providing a link to our channel (or atleast mention it). This way, you help us maintain our reputation and credibility, as well as support our work and growth. Giving proper credit also benefits you, as it shows your integrity and professionalism, and enhances your credibility and trustworthiness. We appreciate your cooperation and compliance with this notice. Thank you for choosing our service and being a wonderful subscriber. Also kindly take note of the channel's rules and regulations located in below instant view. #LearnBits  #Notice

මොකද බලන්නේ 🌝 මේකත් meme channel එකක් හැබැයි 🌚🔥
මොකද බලන්නේ 🌝 මේකත් meme channel එකක් හැබැයි 🌚🔥

ඔයා wikipedia විශ්වකෝෂය භාවිත කරන කෙනෙක් නම් ඔයා දැකල ඇති, සමහර විකිපීඩියා ලිපි වල ඉංග්‍රීසි වචන තේරුම් ගන්න බැරි තරමටම අමාරු බව. අදාළ ලිපිය සරල ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න අවශ්‍ය නම්, ඒ ලිපියේ ලින්ක් එකේ "en" කියන තැන "simple" ලෙස වෙනස් කරන්න. උදා :- https://en.m.wikipedia.org/wiki/HTML (en) https://simple.m.wikipedia.org/wiki/HTML (simple) (හැම ලිපියකටම මේ ක්‍රමය වලංගු වෙන්නෑ. ඒකට හේතුව සෑම ලිපියක්ම තාම සම්පූර්ණයෙන් මේ ආකාරයට වෙනස් කරල නෑ. උදාහරණයක් විදිහට මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල "en" වෙනුවට "simple" කියල වෙනස් කරල බලන්න.) #Life_Hacks | @LearnBits

මරණින් පසුව දන් දෙන්න පුලුවන් ශරීර කොටස් මොනවද? විද්‍යාගාර වල පර්යේෂණාත්මක කටයුතු වෙනුවෙන් හෝ වෛද්‍ය විද්‍යාල පුහුණු කටයුතු ස
මරණින් පසුව දන් දෙන්න පුලුවන් ශරීර කොටස් මොනවද? විද්‍යාගාර වල පර්යේෂණාත්මක කටයුතු වෙනුවෙන් හෝ වෛද්‍ය විද්‍යාල පුහුණු කටයුතු සඳහා අපිට අපේ මුලු ශරීරයම පරිත්‍යාග කරන්න පුලුවන්. එහෙම නැතුව, අවයව බද්ධ කිරීමේ කටයුතු සඳහා අක්මාව, වකුගඩු, අග්න්‍යාශය, හදවත, පෙනහළු, ඇස්, සම, අස්ථි පටක (ඛණ්ඩරා සහ කාටිලේජ), අත් සහ මුහුණ, රුධිර වාහිනී ආදිය දන් දීමේ හැකියාවක් තියෙනව. අනාගතයේ සිදු වීමට නියමිත විද්‍යාත්මක දියුණුවත් එක්ක තවත් අවයව සහ ඉන්ද්‍රියන් දන් දීමට හැකියාවක් ලැබෙයි. #Knowledge | @LearnBits

හැඟීම් පිටකිරීමට අවශ්‍ය ඇයි? "හැඟීම්" කියන්නෙ ඇත්තටම අපේ මානසික ශක්තියට. අපි කාටවත් බෑ ඒ ශක්තිය හිර කරන් ඉන්න. මොකද 'හැඟීම්'
හැඟීම් පිටකිරීමට අවශ්‍ය ඇයි? "හැඟීම්" කියන්නෙ ඇත්තටම අපේ මානසික ශක්තියට. අපි කාටවත් බෑ ඒ ශක්තිය හිර කරන් ඉන්න. මොකද 'හැඟීම්' කියන දේ, අපේ මනසින් පිටවෙන මාර්ගයක් කොහොම හරි හොයාගන්නවා. හදිස්සියෙවත්, අපි අපේ හැඟීම් වලට එලියට එන්න දෙන්නැතුව හිර කරගෙන හිටියොත්, ඒ හැඟීම් පොදියම කොයි වෙලාවක හරි, අපේ හිතේ තියෙන දුර්වල ස්ථානයකින් පිටතට පැමිණෙනව. හැබැයි වඩාත් දරුණුව සහ වඩාත් වේගවත්ව. අන්න ඒ අවස්ථාවෙදි අපිට ඒක පාලනය කරගන්න අමාරු වෙනව. මොකද මුල් අවස්ථාවලදි ඇති උන සුළු සුළු හැඟීම් වගේ නෙවෙයි, මේ හැඟීම් පොදිය අධික පීඩනයකින් පිටතට නිකුත් වෙන්නෙ. ඒ නිසයි අපි අපේ හැඟීම් විධිමත් විදිහට පිටකරන්න ඉගෙන ගන්න ඕනෙ වෙන්නෙ. ඒකට වෙනම අභ්‍යාස නෑ. අපි හැමෝටම අනන්‍ය විධිහක් තියෙනව අපේ හැඟීම් පිටකරන. උදාහරණයකට සමහරුන්ට දුක හිතුනම අම්බානකට කනවා. සමහරුන්ට තරහක් ආවම හොඳට නිදාගන්නව. ඉතින් ඔයත් හැඟීම් හිරකරගෙන ලෝකෙ ඉස්සරහ රඟපාන්න පුරුදු වෙලා ඉන්නව නං, වහාම ඒක නවත්තන්න. විධිමත් විදිහට ඒ හැඟීම් පිටකරන්න ක්‍රමයක් හොයාගන්න. #Psycho_Facts | @LearnBits

ඇයි අපි වයසට යනකොට අපේ හිසකෙස් අළු/සුදු පාට වෙන්නෙ? කෙනෙක්ගෙ හිසකෙස් වල වර්ණය තීරණය කරන ප්‍රධානම සාධක දෙක තමයි, මෙලනින් සහ ඒ සම්බන්ධ ප්‍රවේණික කේතය. මීට කලින් අපි පළ කරපු රතු හිසකෙස් සම්බන්ධ පෝස්ට් එකේ ඒ ගැන සරල අදහසක් සඳහන් උනා. ඔයාල ඒ post එක කියෙව්ව නං දැනටමත් දන්නව ඇති, හිසකෙස් වල වර්ණය ඇතිකරන්නෙ මෙලනොසයිට් (Melanocytes) කියන සෛල වර්ගයකින් නිපදවන මෙලනීන් නම් වර්ණක මගින්. මේ මෙලනොසයිට් වලින් මෙලනීන් වර්ණක වර්ග දෙකක් නිපදනවනවා. ඒ තමයි, 1. Eumelanin 2. Pheomelanin Eumelanin කියන්නෙ, කළු සහ දුඹුරු පැහැ හිසකෙස් ඇතිකරන්න දායක වෙන මෙලනින් වර්ණකයයි. Eumelanin අධිකව පවතිනකොට කළු පැහැ හිසකෙස් ඇති වෙනව. Eumelanin මධ්‍යස්ථව පවතිනකොට දුඹුරු පැහැ හිසකෙස් ඇතිවෙනව. Eumelanin බොහොම සුලු ප්‍රමාණයක් පවතිනකොට "බ්ලොන්ඩ්" නොහොත් කහ පැහැයට හුරු වර්ණයක් ඇතිවෙනව. රතු පැහැති හිසකෙස් ඇතිවෙන්නෙ, මේ Eumelanin වලට වඩා Pheomelanin වර්ණකය හිසකෙස් වල අන්තර්ගත වීමෙනුයි. අපි වයසට යනකොට අපේ රෝම කූප වල අඩංගු වෙන මෙලනොසයිට් සෛල සංඛ්‍යාව අඩුවෙනව. ඉතින් ඒ නිසා නිපදවෙන මෙලනින් වර්ණකයත් අඩු වෙනව. අන්න ඒ නිසා හිසකෙස් වල වර්ණක නැතිවෙලා ගිහිල්ල, හිසකෙස් අවර්ණ වෙනව. එතකොට හිසකෙස් වලට පතිත වෙන ආලෝකය සියල්ලම පරාවර්තනය කරනව. ඒ නිසයි වයසට යනකොට හිසකෙස් අළු පැහැයට හුරු සුදු පැහැයකින් දිස් වෙන්නෙ. ඒක ඇත්තටම දෘශ්‍ය මායාවක්. සාමාන්‍යයෙන් වයස අවු. 30න් පස්සෙ, ඊළඟට ගත වෙන සෑම අවුරුදු දහයකට වරක්ම නිපදවෙන මෙලනින් ප්‍රමාණය 10% ඉඳල 20%ක් දක්වා අඩුවෙනව. ඉතින් වයස අවු. 50ක් පමණ වෙනකොට බහුතරයක් දෙනාගෙ හිසකෙස් 50%ක් පමණම සුදු/අළු වෙනව. #Knowledge | @LearnBits

ලෝකයේ දැනට සිටින අග්‍රම විලෝපිකයා කවුද? (Apex predator) තාක්ෂණයෙන් වගේම විද්‍යාවෙනුත් සන්නද්ධ මිනිසාව සලකන්නැතිනම්, "අග්‍ර වි
ලෝකයේ දැනට සිටින අග්‍රම විලෝපිකයා කවුද? (Apex predator) තාක්ෂණයෙන් වගේම විද්‍යාවෙනුත් සන්නද්ධ මිනිසාව සලකන්නැතිනම්, "අග්‍ර විලෝපිකයා" කියන අන්වර්ථ නාමය ලබාදෙන්න පුලුවන් තවත් එක් සතෙක් ලෝකයේ ඉන්නව. ඒ තමයි ඔර්කා (Orca) නොහොත් මාරක තල්මසා. නම "මාරක තල්මසා" උනත් ඔර්කා කියන්නෙ ඇත්තටම Delphinidae කුලයට අයත්, තමන්ගේම වර්ගය ආහාරයට ගැනීමට ප්‍රසිද්ධ උන විලෝපිකයෙක්. ඒ කියන්නෙ විද්‍යාත්මකව, ඔර්කා ගොඩක්ම සමීප වෙන්නෙ තල්මසුන්ට වඩා ඩොල්ෆිනුන්ටයි. සාමාන්‍යයෙන් සලකන්නෙ ඔර්කාට ස්වභාවික සතුරන් නෑ කියලයි. ඒ වගේම මෙයාලත් සාමාන්‍යය ඩොල්ෆිනුන් වගේම සාමුහික සත්ව කණ්ඩායමක්. පිරිමි ඔර්කා කෙනෙක් සාමාන්‍යයෙන් මීටර් 6-8 දක්වා දිගකින් සහ ටොන් 6 ඉක්මවූ බරකින් යුක්තයි. ඒ වගේම ගැහැණු ඔර්කා කෙනෙක් මීටර් 5-7 දක්වා දිගකින් සහ බරින් ටොන් 3-4කින් යුක්තයි. මේ දක්වා හොයාගෙන තියෙන විශාලතම ඔර්කා මීටර් 10ක දිගකින් යුතුයි. Scientific classification : - Kingdom: Animalia - Phylum: Chordata - Class: Mammalia - Order: Artiodactyla - Infraorder: Cetacea - Family: Delphinidae - Genus: Orcinus - Species: O. orca #Animalia | @LearnBits

ජීවිතයේ අපි නොකළ යුතු දේවල් 10ක් 1. කිසිම කෙනෙක්ව අන්ධ ලෙස විශ්වාස කරන්න යන්න එපා. 2. ඔයාගෙ රහස් සහ දුර්වලකම් අනවශ්‍ය මිනිසුන් සමග බෙදාගන්න එපා. ඔවුන් ඒ දේවල් ඔයාටම විරුද්ධව භාවිත කරන්න පුලුවන් බව සිහියෙ තියාගන්න. 3. ඔයාගෙ යහළුවන් නිසා, ඔයාගෙ දෙමාපියන්ව සහ පවුලේ සාමාජිකයන්ව නොසලකා හරින්න එපා. ඔයාට අවසානයට ඉතිරි වෙන්නෙ ඔයාගෙ පවුල විතරයි. පවුලේ හැමෝටම ගරු කරන්න. 4. කිසිම වෙලාවක ඔයා ඔයා ගැනම සැක කරන්න එපා. ඔයාට යමක් කරන්න බැරි බව දැනුනොත්, ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. වරක් උත්සාහ කරන්න. දෙවරක් උත්සාහ කරන්න. නමුත් ඔයා ගැන සැක කරන්න එපා. 5. ඕනෙවට වඩා බලාපොරොත්තු වෙන්න එපා. ලොකු බලාපොරොත්තු අපිව ලොකුවට අසාර්ථක කරනව. 6. කිසිම කෙනෙක්ට රිද්දන්න එපා. අනවශ්‍ය විහිළු කරන්න එපා. අපි කවුරුත් දන්නෑ අනිත් අය ඉන්නෙ මොන වගේ මානසික මට්ටමකද කියල. 7. කාවවත් විනිශ්චය කරන්න එපා. ඔයා ඒ අයගෙ සම්පුර්ණ කතාවම දන්නෑ. සහ ඔයාගෙ විනිශ්චයන් නිසා ඒ අය වෙනස් වෙන්නෙත් නෑ. ඉතින් බොරුවට කරදර වෙන්න එපා. 8. ඔයාට ඔයා ගැනම නරක හැඟීමක් ඇති කරන්න ඉඩ දෙන්න එපා කාටවත්. ඔයාගෙ මේ සත්‍ය ස්වරූපය පිළිගෙන ඔයාට ආදරය කරන්න. වෙන අය වෙනුවෙන් නෙවෙයි, ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න. 9. වෙන අයට ඔයාගෙ අභ්‍යන්තර සාමකාමී පරිසරය විනාශ කරන්න ඉඩ දෙන්න එපා. සාමය කියන්නෙ වැදගත්ම දෙයක්. 10. අන් අයට අගෞරව කරන්න එපා. විහිළුවටවත්. හැමෝටම ගරු කරන්න පුරුදු වෙන්න. එයාලට එයාගෙ ජීවිතය ගෙවන්න ඉඩ දෙන්න. ඒකට බාධා කරන්න එපා. Peace....🫰 #Life_Tips | @LearnBits

කොටුවක්ද රවුමක්ද? #Social_Mid | @LearnBits

හිම පියළි හැදෙන්නෙ කොහොමද? ඒව කොච්චර ලොකුද? වායුගෝලයේ උෂ්ණත්වය අධිකව පහළ බැහැල තියෙන වෙලාවක (0℃), ඉහළ වායුගෝලයේ තියෙන ජලවාෂ්ප
හිම පියළි හැදෙන්නෙ කොහොමද? ඒව කොච්චර ලොකුද? වායුගෝලයේ උෂ්ණත්වය අධිකව පහළ බැහැල තියෙන වෙලාවක (0℃), ඉහළ වායුගෝලයේ තියෙන ජලවාෂ්ප ඝනීභවනය වෙලා හිම ස්ඵටික හදනවා. ඒ කියන්නෙ වායුමය අවස්ථාවෙ ඉඳල ඝන අවස්ථාවට පත් වෙනව. මේ හැදෙන ස්ඵටික එකිනෙකට එකතු වෙලා කැටිගැසීම නිසා අපි හිම පියලි කියල හඳුන්වන අලංකාර හැඩ නිර්මාණය වෙනව. ගිනස් වාර්තා පොතට අනුව, මේ දක්වා වාර්තා වෙලා තියෙන විශාලතම හිම පියල්ල අඟල් 15ක පළලකින් යුක්තයි. (ඒ ගැන විස්තර additional link එකෙන් ලබාගන්න) හිම පියල්ලක ප්‍රමාණය තීරණය කරන්න විශේෂයෙන් වෙන් උන සාධකයක් නෑ. ඒකෙ තේරුම තමයි බාහිර බලපෑම් නැතිනම්, හිම පියල්ලක් ගොඩක් විශාල වෙන්න පුලුවන්. ඒත් අධික සුළං, හිම පියල්ලෙ බර, උෂ්ණත්වය ආදී බාහිර සාධක වලින් එල්ල වෙන බාධාව නිසා, පමණට වඩා ලොකු හිම පියලි සාමාන්‍යයෙන් හමුවෙන්නෙ නෑ. Additional - guinnessbook #Knowledge | @LearnBits