fa
Feedback
Study with CHILL

Study with CHILL

رفتن به کانال در Telegram
2 995
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-157 روز
-5430 روز
آرشیو پست ها
ශිෂ්‍යත්ව අවස්ථා | 𝐒𝐜𝐡𝐨𝐥𝐚𝐫𝐬𝐡𝐢𝐩𝐬 𝟐𝟎𝟐𝟑/𝟐𝟎𝟐𝟒 🧑‍🎓 ‼️‼️‼️ඉතා වැදගත්. මේ post එක ගිය අවුරුද්දේ දාපු එකක්.ඔයාලට මේ scholarship වලට ගියාම බලන්න වෙන්නෙ deadline එක ගිය අවුරුද්දෙ දවසක් විදිහටයි. ඒ නිසා ඒ scholarship එකේ නම google search කරලා ඔයාලට මේ අවුරුද්දේ අලුත් application එක හොයාගන්න පුළුවන් වේවී. මේ දවස්වල අයදුම් කළ හැකි ශිෂ්‍යත්ව වැඩසටහන් කිහිපයක් ඔයාලට අරගෙන ආවා. ඔයා රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබු (GPA අගය 3 ට ආසන්නව තිබේ නම්) හෝ ඉහළ උසස් පෙළ ප්‍රතිඵලයන් තියෙනවා නම් අයදුම් කරන්න. වැඩි විස්තර සඳහා ඒ ඒ ශිෂ්‍යත්වයට අදාළ link එක පරිශීලනය කරන්න. සමහර scholarships මේ වෙනකොටත් deadline අවසන් වෙලා ඇති ඒත් පොඩ්ඩක් විස්තර හොයලා බලන්න. 📌️යුරෝපීය රටවල පිරිනමන ශිෂ්‍යත්ව 👇
01. IELTS නොමැති ශිෂ්‍යත්ව 2023-2024 | 🔎 https://bit.ly/3xtRTmD 02. යුරෝපීය ශිෂ්‍යත්ව 2023-2024 | 🔎 https://bit.ly/3OerbEx 03. අයිෆල් විශිෂ්ටතා ශිෂ්‍යත්ව වැඩසටහන 2023-2024 | ප්‍රංශය 🔎 https://bit.ly/3EhNZia 04. Deutschland Stipendium ශිෂ්‍යත්ව 2023-2024 | ජර්මනිය 🔎 https://bit.ly/3McfdcC 05. හෙන්රිච් බෝල් ශිෂ්‍යත්ව 2023-2024 | අයදුම් කිරීමේ ක්‍රියාවලිය 🔎 https://bit.ly/3OjYt59 06. හම්බෝල්ට් පර්යේෂණ ශිෂ්‍යත්ව 2023-2024 | ජර්මනිය 🔎 https://bit.ly/3jIjSH9 07. යුරෝපීය ශිෂ්‍යත්ව 2023-2024 🔎 https://bit.ly/3ruFOdf 08. මධ්‍යම යුරෝපීය විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වය (CEU) |හංගේරියානු ශිෂ්‍යත්වය2023 🔎 https://bit.ly/3vqBf4I 09. ඉතාලි ශිෂ්‍යත්ව 2023-2024 | සම්පුර්ණයෙන්ම අරමුදල් සපයන ඉතාලි ශිෂ්‍යත්ව 🔎 https://bit.ly/3M42ybM 10. හංගේරියානු රජයේ ශිෂ්‍යත්ව 2023-2024 | Stipendium Hungaricum 🔎 https://bit.ly/3uNpUN7 11. ග්‍රිෆිත් ශිෂ්‍යත්වය 2023-2024 (සම්පූර්ණ අරමුදල් සහිත) 🔎 https://bit.ly/3uMimdk 12. පූර්ණ අරමුදල් සහිත Erasmus Mundus ශිෂ්‍යත්ව 2023-2024 | අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය 🔎 https://bit.ly/38JhSfx 13. ජාත්‍යන්තර සිසුන් සඳහා ස්වීඩනයේ ශිෂ්‍යත්ව 2023-2024 🔎 https://bit.ly/3xtrllH 14. ඉතාලි ශිෂ්‍යත්ව ලැයිස්තුව 2023-2024 | අයදුම් කිරීමේ ක්‍රියාවලිය 🔎 https://bit.ly/3M42VDc 15. අයිෆල් විශිෂ්ටතා ශිෂ්‍යත්ව වැඩසටහන 2023-2024: අයදුම් කිරීමේ පටිපාටිය 🔎 https://bit.ly/3MdptSf 16. රුමේනියානු රජයේ ශිෂ්‍යත්වය 2023-2024 🔎 https://bit.ly/3jOIKNm 17. ස්විස් රජයේ ශිෂ්‍යත්ව 2023-2024 🔎 https://bit.ly/3M3ZH2s 18. ජාත්‍යන්තර සිසුන් සඳහා අයර්ලන්ත රජයේ ශිෂ්‍යත්ව 2023-2024 🔎 https://bit.ly/36k4SMB 19. Bristol University Think Big Scholarship 2023 🔎 https://bit.ly/38KAPhU 20. දකුණු ඩෙන්මාර්ක විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වය 2023 🔎 https://bit.ly/37hpENC 21. නවසීලන්ත රජයේ ශිෂ්‍යත්ව 2023-2024 🔎 https://bit.ly/3uJ7AVj
📌️ජාත්‍යන්තර සිසුන් සඳහා ඕස්ට්‍රේලියාවේ පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 2023 👇
01. Marcus Oldham College Scholarship 2023 | ඕස්ට්‍රේලියානු ශිෂ්‍යත්ව 🔎 https://bit.ly/3xNHp1V 02. ඩීකින් විශ්වවිද්‍යාල පර්යේෂණ ශිෂ්‍යත්වය 2023-2024 | ඕස්ට්‍රේලියාව 🔎 https://bit.ly/3EhSpFM 03. ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වය 2023-2024 | ANU ශිෂ්‍යත්වය 🔎 https://bit.ly/3rwEQNs 04. ඕස්ට්‍රේලියානු රජයේ RTP ශිෂ්‍යත්වය 2023-2024 🔎 https://bit.ly/3xtWtRR 05. ඕස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව 2023-2024 | අයදුම් කිරීමේ ක්‍රියාවලිය 🔎 https://bit.ly/3OfUPJH 06. ශිෂ්‍යත්ව 2023-2024 | සම්පූර්ණයෙන්ම අරමුදල් සපයා ඇත 🔎 https://bit.ly/37ouvMS 07. Bond University HDR ශිෂ්‍යත්වය 2023-2024 🔎 https://bit.ly/3vpP9UG 08. සිඩ්නි විශ්ව විද්‍යාලය (RTP) ශිෂ්‍යත්වය 2022-ඕස්ට්‍රේලියාවේ අධ්‍යයනය 🔎 https://bit.ly/3xxWNzk
📌️එක්සත් රාජධානියේ 2023 පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 👇
01. Skoll ශිෂ්‍යත්ව 2023-2024 ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ 🔎 https://bit.ly/36k9J0h 02. චෙව්නිං ශිෂ්‍යත්ව 2023-2024 | මාස්ටස් සදහා 🔎 https://bit.ly/3uJF5qC 03. රොබට් එස් මැක්නමාරා සාමාජිකත්ව වැඩසටහන 2022-2023 🔎 https://bit.ly/3JNBpbH 04. IDS උපාධිධාරී ශිෂ්‍යත්වය UK 2023 🔎 https://bit.ly/3EjTOvu 05. ඉම්පීරියල් කොලේජ් ලන්ඩන් ශිෂ්‍යත්වය 2023 🔎 https://bit.ly/3JIkMhn 06. එලිසබෙත් රැජින පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වය 2023 🔎 https://bit.ly/3JPFYSN
 📌️ආසියාවේ පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 2023 👇
01. පූර්ණ අරමුදල් සහිත චීන ශිෂ්‍යත්ව 2023-2024 | පියවරෙන් පියවර ක්රියාවලිය 🔎 https://bit.ly/3O9YatE 02. ඒකාබද්ධ ජපාන ලෝක බැංකු උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන 2023-2024 🔎 https://bit.ly/3jKXahC

කැම්පස් පොත පුරවන ලිස්ට් එකේ උඩින්ම පේරා AGRI ?? පේරාදෙණිය කෘෂිකර්ම පීඨය මඟින් පිරිනමන උපාධි පාඨමාලා පිළිබඳව දැනුවත් කිරීමේ ව
කැම්පස් පොත පුරවන ලිස්ට් එකේ උඩින්ම පේරා AGRI ?? පේරාදෙණිය කෘෂිකර්ම පීඨය මඟින් පිරිනමන උපාධි පාඨමාලා පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන ලඟදීම zoom තාක්ෂණය ඔස්සේ .. හරිම හේතුව,හරිම අයගෙන් දැනගන්න පහලින් Join වෙන්න ! https://chat.whatsapp.com/JVwREgUN1BL8QJAB89MGfR

‼️ලංකා සාගර විශ්වවිද්‍යාලය
බොහෝමයක් ළමුන්ගෙ නොදැනුවත්භාවය නිසාවෙන් ගිලිහී යන ඉතා වටිනා උපාධි පාඨමාලාවක්
https://telegra.ph/Ocean-University-Of-Sri-Lanka-06-09https://t.me/StudyWithCHILL

📌️උසස්පෙළ අසමත් ඔබට degree එකක් දක්වා යෑමට මූලික අඩිතාලම ලෙස SLIIT මගින් ලබාගත හැකි Foundation course එක ගැන •Duration - 1 year •Requirement - O/L •Lecture time - week days or weekend •Course fee = approximately 3 laks ✅https://youtu.be/gmjphurryJ8?si=IJ9aEEn8fDkQra3C https://t.me/StudyWithCHILL

Application-and-Advertisement_Dip-in-Eng.-2024_25.pdf1.29 MB

ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව - Rajarata University උසස් පෙළ සමත් ඕනෑම ශිෂ්‍යයෙක්හට අයදුම් කල හැක. පාඨමාලා කාලය - වසර 1 අයදුම්ප
ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව - Rajarata University
උසස් පෙළ සමත් ඕනෑම ශිෂ්‍යයෙක්හට අයදුම් කල හැක. පාඨමාලා කාලය - වසර 1
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මේ මස (ජූනි) 20 අයදුම්පත් 👇 https://t.me/StudyWithCHILL/259 https://t.me/StudyWithCHILL

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ට අයත් Department of Computer Science Engineering මගින් ලබාදෙන පරිගණක විද්‍යා සහ ඉංජිනේරු ගෞරව උපාධි පාඨමාලාව, ගෝලීයව පිළිගත් (Washington Accord) ප්‍රමුඛ පාඨමාලාවකි. මෙය ඉංජිනේරු පීඨයට අයත් අනුකොටසක් වන අතර උසස්පෙළ ඉහලම ප්‍රතිපල වාර්තා කර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුල් වන සිසුන්ට පළමු අධ්‍යන වාරයෙන් (1st Semester) පසු තෝරාගත හැකි පාඨමාලා අතරින් බහුතර සිසුන්ගේ අවධානය දිනාගත් ප්‍රමුඛ පෙළේ පාඨමාලාවකි. දිවයිනේ මේ වන විට පවතින හොඳම පරිගණක ආශ්‍රිත උපාධි පාඨමාලාව ලෙස පිළිගන්නා මෙය සඳහා වාර්ෂිකව සිසුන් 200 දෙනෙක්ට අවස්ථාව ලැබේ. මෙම පාඨමාලාව හදාරන සිසුන්ට වරලත් පරිගණක ඉංජිනේරුවකු (Chartered Engineer) ලෙස සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ. පරිගණක විද්‍යා සහ ඉංජිනේරු දෙපාර්තමේන්තුව තුළින් ලබාගත හැකි ප්‍රධාන උපාධිය (BSc Engineering (Hons) Specialized in Computer Science and Engineering) විෂය ක්ෂේත්‍ර හතරක් ඔස්සේ හැදෑරිය හැක. දෙපාර්තමේන්තුවට ඇතුලත් වන සිසුන්ට තම අභිමතය පරිදි මෙයින් එකක් තෝරාගැනීමේ අවස්ථාව ලැබේ. 🔸Computer Science and Engineering🔸 පරිගණක විද්‍යාවේ සිද්ධාන්ත සහ ප්‍රායෝගික අංශය පිළිබඳ හසල දැනුමක් ලබා දෙන පාඨමාලාවකි. මෙය දැනට ලංකාවේ ඇති පරිගණක විද්‍යාව (Computer Science) හා පරිගණක ඉංජිනේරු (Computer Engineering) යන දෙඅංශයම එක්වූ එකම ඉංජිනේරු උපාධි පාඨමාලාව වේ. 🔸Data Science and Engineering🔸 දත්ත විද්‍යාව වර්තමානයේ ඉතා වේගයෙන් ජනප්‍රිය වන ක්ෂෙත්‍රයකි. මෙම පාඨමාලාව හැදෑරීම තුළින් දත්ත විද්‍යාව, කෘතිම බුද්ධිය (AI), Machine Learning, බුද්ධිමය පද්දති ඉංජිනේරු (Intelligent Systems Engineering) වැනි අංශ පිළිබඳ පුළුල් දැනුම් සම්භාරයක් ලබාගත හැක. මෙහි ඇති විශේෂතාවනම් ඉංජිනේරුමය දැනුම යොදා ගනිමින් දත්ත හා කෘතීම බුද්ධිමය පද්දති (AI Systems) නිර්මාණය කිරීමේ ව්‍යපෘති වලට නායකත්වය ලබාදීමේ විශේෂ නිපුණතාවයයි. 🔸Integrated Computer Engineering🔸 රොබෝ තාක්ෂණය, පරිගණක දෘඪාංග, සංගෘහිත පරිපථ, Internet of Things (IoT), සුහුරු පද්ධති (Smart Systems) වැනි අංශ ගැඹුරින් හැදෑරීමේ අවස්ථාව මෙය තුළින් ලැබේ. 🔸Cyber Security Engineering🔸 පද්දති ආරක්ෂණය, ජාල ආරක්ෂණය, දත්ත හා තොරතුරු ආරක්ෂණය හා රැකවරණය, Cryptography, පරිගණක අපරාධ වැලැක්වීම හා සයිබර් ප්‍රහාර වැලැක්වීම වැනි අංශ ගැඹුරින් හැදෑරීමේ අවස්ථාව මෙ​ය තුළින් ලැබේ. පළමු අධ්‍යන වර්ෂ දෙක ඇතුළත මෙම අංශ හතරට අයත් විශයන්, මුලික සිද්දාන්ත හා ප්‍රායෝගික දැනුම ලබා ගත හැකි අතර අවසන් වසර 2 තුලදී තෝරාගත් එක් ක්ෂේත්‍රයක් ඔස්සේ ගැඹුරු ලෙස අද්‍යනය කල හැක. පරිගණක විද්‍යා සහ ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් තම උපාධිය සාර්ථක ලෙස අවසන් කරන ඉංජිනේරු උපාධිධාරින්හට යොමු විය හැකි රැකියා අවස්ථා බොහොමයකි. ඉන් වර්තමානයේ වඩාත් ජනප්‍රිය රැකියා කිහිපයක් පහත දැක්වේ. 🔸පරිගණක ඉංජිනේරු (Computer Engineer) 🔸මෘදුකාංග ඉංජිනේරු (Software Engineer) 🔸ජාල ඉංජිනේරු (Network Engineer) 🔸පද්ධති ඉංජිනේරු (Systems Engineer) 🔸පරිගණක විද්‍යාඥ (Computer Scientist) 🔸දත්ත විද්‍යාඥ (Data Scientist) 🔸කෘතීම බුද්ධි ඉංජිනේරු (AI Engineer) පර්යේෂණ අංශයට (research) යොමු වීමට ඇති විශේෂ අවස්ථා බහුල වීමද ⁣මෙම දෙපාර්තමේන්තුවේ ඇති වි⁣ශේෂත්වයකි. විදේශ විශ්වවිද්‍යාලවල පශ්චාද් (MSc / MEng) හා ආචාර්ය උපාධි (PhD) වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට ද, පර්යේෂණ අංශයේ රැකියාව නියැලීමට ද කැමති සිසුන්ට මෙම දෙපාර්තමේන්තුවට ඇතුළත් වී එම සිහින සැබෑ කර ගත හැක. Department of Computer Science & Engineering - University of Moratuwa #moramate #uom #UniversityofMoratuwa #computerscience #cse #mora

photo content

AnimatedSticker.tgs0.02 KB

ACS guide book 202-22 final_updated.pdf2.82 MB

වැඩි විස්තර ඔයාලට මේ pdf එකෙන් ගන්න පුළුවන් Pdf 👇
වැඩි විස්තර ඔයාලට මේ pdf එකෙන් ගන්න පුළුවන් Pdf 👇

මෙන්න මේකයි සරලවම වෙන්නේ 😌
මෙන්න මේකයි සරලවම වෙන්නේ 😌

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය ජූනි 10 (අනිද්දා)
අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය ජූනි 10 (අනිද්දා)

මේක ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් එනම් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් පිරිනමන Foundation course එකක්. නංග
මේක ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් එනම් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් පිරිනමන Foundation course එකක්. නංගි , මල්ලි ඔයාලා,
•A/L Subject 3 ම අසමත් නම්. •ඔයාලගේ Shy 3 ත් ඉවර නම්,
ඒත් ඔයාලට උපාධියක් ගන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවනම් මේක තමා හොඳම මාර්ගය.. මේකෙදි ඉස්සෙල්ලම අවුරුදු 2 ක පදනම් පාඨමාලාවක් හදාරන්න ඕනේ. ඒකෙන් pass උනාට පස්සේ ඔයාලට විද්‍යාවේදී උපාධියක් හදාරන්න අවස්ථාව හිමිවෙනවා. ‼️මේ සඳහා අයදුම්පත් කැඳවන දිනය දීර්ඝ කරලා තියෙනවා..ඒකත් දවස් 3 කට විතරයි.. ඒ ජූනි 7 ඉඳන් ජූනි 10 වෙනකල් විතරයි. (තව දවස් 2 යි ඉතුරු) 📌️ වැඩිදුර විස්තර 👇 https://t.me/StudyWithCHILL/253 ✅Online අයදුම්පත් කැඳවීම 👇 https://reginfo.ou.ac.lk/applyonline/index.php

‼️උසස්පෙළ විෂයන් 3 ම අසමත් අයටත් රජයේ විශ්වවිද්‍යාලයකින්ම විද්‍යා උපාධියක් (ඩිප්ලෝමා නෙමේ) ගන්න පුළුවන් කියල දැනගෙන හිටියද... ඒ ගැන හරියටම දැනගන්න ඕනෙනම් පහල post එක කියවන්න. යාලුවොන්ටත් share කරන්න

📌️Molecular Biology Degree එක ගැන සියල්ල https://youtu.be/tcCuU-Hjzuw?si=c-aLtjxPM027MCAl

©️ එක දිගටම පාඩම් කරන්න කම්මැලි හිතනවද ?? සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ට ඕන දෙයක් එක දිගට කරගෙන යද්දි පොඩ්ඩක් එපා වෙනවා.. කම්මැලි හිතෙනවා .. මේ පාඩම් කරන්නකොට මගදි එන කම්මැලිකම නැති කර ගන්න පොඩි tricks කිහිපයක් මං අද ගෙනාවා  .. (Post එක කියවන්න පල්ලෙහා highlight වෙලා තියෙන කොටස click කරන්න )
🌸 ඒ වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි පොඩි විවේකයක් ගන්න එක .. ඒ වගේම ඒ විවෙික විනාඩි 5කට වඩා වැඩි නොවිය යුතුයි .. මම කිව්වේ ඔයා පැයක් පාඩම් කළා කරලා විනාඩි 5 ක බ්‍රේක් එකක් අරන් ආයෙමත් පාඩම් කරන්න පටන් ගන්න.. නැතුව ඔයා පැය තුනක් විතර එක දිගට පාඩම් කරලා විනාඩි 5ක බ්රේක් එකක් අරන් ආයෙ පාඩම් කරන්න කියනවා නෙවෙයි .. ඔයා එච්චර වෙලා පාඩම් කරා නම් ඔයාට අවම විනාඩි 20 ක වත් බ්‍රේක් එකක් ගන්න පුළුවන්... 🌸මේ බ්‍රේක් එක ඇතුලේ ඔයාට පොඩි සින්දුවකට ඇහුම්කන් දෙන්න, පොඩ්ඩක් එළිය ඇවිදින්න, තේකක් වගේ එකක් හදාගෙන එන්න පුළුවන් .. හැබැයි මේ වෙලාව කොහොමටවත්ම සෝෂල් මීඩියාවලට යන්න බෑ. 🌸 පොඩි ස්නැක් එකක් තියාගෙන ඒක කකා වැඩ කරන්න .. හැබැයි ඉතින් මලපෙරේතයා වගේ ඔක්කොම ටික එක පාර කාලා කම්මැලි කමට හපන්න දෙයක් නැත්නම් එතකොට තමයි අවුල් වෙන්නේ 😂 🌸 සබ්ජෙක්ට් එක මාරු කරන්න .. ඔයාලට එක දිගට දෙයක් කරගෙන ඉද්දි කම්මැලි හිතෙනවා නම් ඔයාලා චූටි වෙලාවකට හරි වෙනත් සබ්ජෙක්ට් එකට මාරු වෙලා බලන්න .. එතකොට අලුතෙන් refresh ගතියක් දැනේවි .. 🌸 m.c.q. එකක් දෙකක් නිකමට හරි හදන්න .. පාඩම් කර කර ඉන්න වෙලාවට කම්මැලිකමක් ආවොත් ඒක නැති කරගන්න පුළුවන් ගොඩක් හොද ක්‍රමයක් තමයි ෆිසික්ස් හරි මොකක් හරි ගණිතමය m.c.q. එකක් වගේ දෙයක් හදන්න ගන්න එක .. 🌸 මොකක් හරි චිත්‍රයක් අදින්න, doodle එකක් වගේ.. හැබැයි මේකත් ලොකු වෙලාවක් අරගෙන කරන්න ගන්න එකක් නෙවෙයි වෙන්න ඕන. 🌸 ගිහිල්ලා හොඳ වොෂ් එකක් දාගෙන ආයිමත් එන්න.. 🌸 තේකක් වගේ උණුවෙන් මොනවා හරි බොන්න. 🌸කලින් පාඩම් වලට ගහපු mind map, short notes පොඩ්ඩක් බලන්න.. 🌸ගෙදරි අය එක්ක නිකමට කතාවක් දාලා යන්න.. සුරතලෙක් ඉන්නව නම් එයාලත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න.. 🌸මේ මොනවත්ම කරන්න හිතෙන නැත්නම්,ගොඩක්ම කම්මැලියි නම්, ගොඩක්ම නිදිමතයි වගේ නම් පුංචි වෙලාවකට චුට්ටක් නිදියලා එන්න. පාඩම් කරන අතුරතුර දවල්ට නිදාගන්න එක( පොඩි වෙලාවක් ) මොළේට හොදයි කියලා කියල හොයාගෙන තියනවා..
එහෙනම් කම්මැලි නැතුව පාඩම් කරමු! එහෙනම් හැමෝටම ජය!! #Stydywithchill #studytips #bemotivated ✅https://t.me/StudyWithCHILL

photo content

📌️Physiotherapy Degree , JOB feild භෞතචිකිත්සකවේදය පිළිබඳ සියල්ල https://youtu.be/d45TB_KF9fM?si=lYvOEXuo7SKSVMom https://t.me/StudyWithCHILL