fa
Feedback
2027 Revision | Biology | Virul Weerakoon

2027 Revision | Biology | Virul Weerakoon

رفتن به کانال در Telegram

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
8 481
مشترکین
+424 ساعت
-727 روز
-75030 روز
آرشیو پست ها
 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 නුමුහුම් අභිජනන ශාක හඳුනා ගන්නා ලද්දේ පරම්පරා ගණනාවක් මුළුල්ලේ පරපරාගණය මඟින් ජනක ශාකයට සමාන එකක්ම ප්‍රභේදන දරන දුහිතෘ ශාක ලැබීමෙනි. 🔻 Pure breeding plants are obtained by cross-pollinating over many generations, producing only the same variety as the parent plant.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ගහනයක ඒකෛකයන් අතර දක්නට ලැබෙන විවිධාකාර ආවේණික අංග ලක්ෂණ ගති ලක්ෂණ ලෙස හැඳින් වේ. 🔻 A heritable feature that varies among individuals of a population is called a trait.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 විශිෂ්ට ප්‍රමුඛ ගති ලක්‍ෂණයකට අදාළව නොදන්නා ප්‍රවේණි දර්ශයක් සහිත ජීවියකුගේ ප්‍රවේණී දර්ශය නිර්ණය කිරිම උදෙසා එම ජීවියා එම විශිෂ්ට ගති ලක්ෂණයට ම අදාළව විෂම යුග්මක ප්‍රවේණි දර්ශයක් සහිත ජීවියකු සමඟ අභිජනනය කිරීම පරික්ෂා මුහුමකි. 🔻 Breeding an organism having unknown genotype for a specific dominant trait with an organism having heterozygous condition for the same specific trait is called a test cross.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 මෙන්ඩල්ගේ ආවේණීය පිළිබඳ පළමු වන නියමයට අනුව ජන්මාණු සැදීමට පෙර, යම් ආවේණික ලක්ෂණයකට අදාළ ඇලීල එකිනෙකින් වෙන් වී, සෑදෙන සෑම ජන්මාණුවකට ම එක බැගින් ලැබේ. 🔻 According to the Mendel's first law of inheritance before the formation of gametes, the alleles for a 'heritable character' are separated and get in to each of the gametes formed.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 පනට් චතුරස්‍රයක් යනු යම් නිශ්චිත මුහුමකින් හෝ අභිජනන ක්‍රියාවකින් ලැබෙන ජනිතයන් සතුව පැවතිය හැකි රූපාණු දර්ශවල ප්‍රස්තාරික නිරූපණයකි. 🔻 A Punnett square is a graphical representation of the possible phenotypes of an offspring arising from a particular cross or breeding event.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 නළලේ කේශ රේඛාව පහතට යොමු වී පිහිටීම w නිලීන ඇලීලය මඟින් පාලනය වන ලක්ෂණයකි. 🔻 The pointed contour of the hairline on the forehead is due to a recessive allele w.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ප්‍රමුඛ S ඇලීලය ඇති විට මහපටැඟිල්ල නැමේ. 🔻 The presence of the dominant allele S would allow the thumb to bend.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 මෙන්ඩල්ගේ නියමයන්ට අනුකූලව ව්‍යුක්ත නොවන ලක්ෂණ ආවේණිගත වීම මෙන්ඩලීය නොවන ආවේණිය ලෙස හැඳින් වේ. 🔻 Non-Mendelian inheritance refers to inheritance patterns in which characters do not segregate in accordance with Mendel's laws of inheritance.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 මිශ්‍රිත රූපානුදර්ශය තුළ එක් එක් ඇලීලය ප්‍රකාශ වන තීව්‍රතාව ජානයේ ස්වභාවය මත රඳා පවතී. 🔻 Degree of expression of each allele in the blend phenotypes may vary based on the nature of the genes.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ඇලීල වර්ග දෙකකට වඩා වැඩි ගණනක සංකලන මගින් එක් නිශ්චිත ගති ලක්‍ෂණයක් ඇති කිරිමේ සංසිද්ධි සහප්‍රමුඛතාව ලෙස හැඳින් වේ. 🔻 Codominance is a phenomenon where certain traits are determined by the combination of more than two types of alleles.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 කුකුළන්ගේ පිහාටු වල වර්ණය ආවේණිගත වීමේ දී නිලීන අභිභවනය දැකිය හැකි ය. 🔻 Recessive epistasis is seen in the plumage colour of house fowls.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 X වර්ණදේහය, Y වර්ණ දේහයට වඩා සාපේ ‌ක්ෂව කුඩාය. 🔻 Comparatively X chromosome is smaller than Y chromosome.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 මානව ගහණය තුළ, සියලු පුද්ගලයෝ අලිංග වර්ණදේහ යුගල් 21ක්ද ලිංග වර්ණදේහ යුගල් දෙකක් ද දරා සිටිති. 🔻 In humans, each individual carries 21 pairs of autosomal chromosomes and two pairs of sex chromosomes.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 සමයුග්මක ප්‍රමුඛ පුද්ගලයන්ගේ සියළුම හිමෝග්ලොබින් දෑකැති සෛල ප්‍රභේදයට අයත් වේ. 🔻 In homozygous dominant individuals all the haemoglobins are of the sickle-cell variety.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 DNA අනුක්‍රමය හෝ ප්‍රවේණික කේතය ද ඇතුළුව අනෙක් සාධක මඟින් පාලනය කරන නිශ්චිත ලක්ෂණයකට අදාළ නිශ්චිත රූපානුදර්ශ ඇතිවීම පිළිබඳ අධ්‍යයනය අපිප්‍රවේණියයි. 🔻 Study of occurence of certain phenotypes of certain characters controlled by factors including their DNA sequence or genetic code is called epigenetics.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ශීඝ්‍රයෙන් පරිණාමය වන ගහන ද හාඩි-වයින්බර්ග් සමතුළිතතාවෙන් විශාල ලෙස අපගමනය නොවේ. 🔻 Rapidly evolving populations may also do not deviate much from Hardy-Weinberg equilibrium.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 අවස්ථානුකූලව වඳ විශේෂාන්තර දෙමුහුම් ජනිතයන්ගේ වර්ණදේහ කට්ටලය දෙගුණ වීම නිසා සරු ද්වී ගුණකයන් බවට පත් විය හැකි ය. 🔻 Occasionally sterile interspecific hybrids can undergo a doubling of their chromosome set and become fertile diploids.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 DNA ද්විත්ව හේලික්සීය ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ රොසලින්ඩ් ෆැරැන්ක්ලින් විසිනි. 🔻 Rosalind Franklin proposed the double helix model.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ප්‍රාග්න්‍යෂ්ටික වර්ණදේහය තනි දාම, වෘත්තාකාර, තනි DNA අණුවක් වන අතර, ප්‍රෝටීන අණු කීපයක් ඒ හා ආශ්‍රිතව සැකසී පවතියි. 🔻 Prokaryotic chromosome is a single stranded circular DNA molecule associated with a few protein molecules.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 වර්ණදේභාංශ පටලයට ද RNA ප්‍රෝටීන හරයට ද සම්බන්ධව පවතින බැවින් භ්‍රමණය වීම වළක්වන බාධකයක් ලෙස එය ක්‍රියා කරයි. 🔻 Since the chromatids are attached to the membrane and held together by the 'core' acting as a barrier for rotation.