2027 Revision | Biology | Virul Weerakoon
رفتن به کانال در Telegram
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
8 479
مشترکین
+424 ساعت
-727 روز
-75030 روز
آرشیو پست ها
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 DNA අනුක්‍රමය හෝ ප්‍රවේණික කේතය ද ඇතුළුව අනෙක් සාධක මඟින් පාලනය කරන නිශ්චිත ලක්ෂණයකට අදාළ නිශ්චිත රූපානුදර්ශ ඇතිවීම පිළිබඳ අධ්‍යයනය අපිප්‍රවේණියයි.
🔻 Study of occurence of certain phenotypes of certain characters controlled by factors including their DNA sequence or genetic code is called epigenetics.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ශීඝ්‍රයෙන් පරිණාමය වන ගහන ද හාඩි-වයින්බර්ග් සමතුළිතතාවෙන් විශාල ලෙස අපගමනය නොවේ.
🔻 Rapidly evolving populations may also do not deviate much from Hardy-Weinberg equilibrium.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 අවස්ථානුකූලව වඳ විශේෂාන්තර දෙමුහුම් ජනිතයන්ගේ වර්ණදේහ කට්ටලය දෙගුණ වීම නිසා සරු ද්වී ගුණකයන් බවට පත් විය හැකි ය.
🔻 Occasionally sterile interspecific hybrids can undergo a doubling of their chromosome set and become fertile diploids.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 DNA ද්විත්ව හේලික්සීය ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ රොසලින්ඩ් ෆැරැන්ක්ලින් විසිනි.
🔻 Rosalind Franklin proposed the double helix model.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ප්‍රාග්න්‍යෂ්ටික වර්ණදේහය තනි දාම, වෘත්තාකාර, තනි DNA අණුවක් වන අතර, ප්‍රෝටීන අණු කීපයක් ඒ හා ආශ්‍රිතව සැකසී පවතියි.
🔻 Prokaryotic chromosome is a single stranded circular DNA molecule associated with a few protein molecules.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 වර්ණදේභාංශ පටලයට ද RNA ප්‍රෝටීන හරයට ද සම්බන්ධව පවතින බැවින් භ්‍රමණය වීම වළක්වන බාධකයක් ලෙස එය ක්‍රියා කරයි.
🔻 Since the chromatids are attached to the membrane and held together by the 'core' acting as a barrier for rotation.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ඉයුක්‍රොමටීන්වල ජාන වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවා සක්‍රිය ලෙස පරිවර්තනය වෙමින් පවතිනවා විය හැකි ය.
🔻 Euchromatin is rich in genes and is probably active in translation.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සූන්‍යෂ්ටික වර්ණදේහයේ ව්‍යුහික නිර්මාණයේ දෙවන මට්ටමේ දී, 30 nm තන්තුව පුඩු ඛණ්ඩ සාදයි.
🔻 At the second level of eukaryotic chromosomal architecture, the 30 nm fiber forms loops, called looped domains.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 "Ori" යනු DNA ප්‍රතිචලිතය අවසාන කරන ප්‍රෝටීන බැඳෙන විශිෂ්ට DNA අනුක්‍රමයයි.
🔻 'Ori' is a specific sequence of DNA to which proteins that terminate DNA replication bind.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 හේලිකේස්, DNA ද්විත්ව දාමයේ අනුපූරක භස්ම යුගල අතර පැවති සහසංයුජ බන්ධන බිඳ හෙළමින් DNA අණුවේ දාම දෙක එකිනෙකින් වෙන් කරයි.
🔻 Helicase separate the two strands by breaking covalent bonds between the base pairs of the two strands.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ටොපොඅයිසොමරේස් අලුතින් සංශ්ලේෂණය වූ DNA දාමයේ හිදැස් මුද්‍රා තබයි.
🔻 Topoisomerase seals the gaps of the newly synthesized DNA strand.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සූන්‍යෂ්ටිකයන්ගේ DNA ප්‍රතිවලිතය අඛණ්ඩව සිදු වේ.
🔻 The DNA replication of the eukaryotes occurs continuously.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ආවේණියේ මූලික රසායනික හා කෘත්‍යමය ඒකකය ජානයයි.
🔻 Gene is the fundamental chemical and functional unit of heredity.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ඔපෙරෝනය පාලක ප්‍රදේශයක් සහ එක tRNA අණුවක් බවට ප්‍රතිලේඛනගත වන ව්‍යූහමය ජානවලින් සමන්විත වන අතර පෙප්ටයිඩ කිහිපයක් සඳහා කේතනය වේ.
🔻 Operon comprised of a control region and structural genes that are transcribed into one t-RNA, coding for several peptides.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 පණිවිඩකාරක RNA සහ සංක්‍රාමී RNA ජානයක අවසන් නිෂ්පාදිතය ලෙස ක්‍රියා කරයි.
🔻 Messenger RNA and transfer RNA can function as final gene products.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 කෝඩෝන 64න් 61ක් ඇමයිනෝ අම්ල 20ක් සඳහා කේත සපයන අතර UGG, UAG සහ UGA සමාප්ති කෝඩෝන ලෙස භාවිත වේ.
🔻 Out of 64, 61 triplets code for 20 amino acids and UGG, UAG and UGA are stop codons.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ද්විත්ව දාම DNA වල දාම ද්විත්වයම ප්‍රතිලේඛනය සඳහා අච්චුවක් ලෙස ක්‍රියා කරයි.
🔻 Both strands of the double stranded DNA acts as templates for transcription.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 RNA පොලිමරේස් 3' සිට 5' දිශාවට ප්‍රතිලේඛන සමාප්ති ස්ථානය ළඟා වන තුරු නියුක්ලියෝටයිඩ අඛණ්ඩව එකතු කරයි.
🔻 RNA polymerase continues to add nucleotides in 3' to 5' direction until it reaches the transcription termination site.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 පරිසංක්‍රමනයේදී, එක් වර්ණදේහයක කොටසක් එහි සමජාත වර්ණදේහයට මාරු වේ, එවිට සමහර ජාන ද්විකරණය වේ.
🔻 In translocation a segment from one chromosome is transferred to its homologous chromosome giving it a duplication of some genes.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ඌනනයේ දී වර්ණදේහ යුගලකට හෝ යුගල්වලට වෙන් වීමට ඇති නොහැකියාව විෂම ගුණකතාව ලෙස හැඳින්වේ.
🔻 The inability to separate a pair or pairs of chromosomes in meiosis is called aneuploidy.