Camelia 🍁
رفتن به کانال در Telegram
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
325
مشترکین
+1924 ساعت
+527 روز
+5430 روز
آرشیو پست ها
325
⚡️ Chem point No. 08
S ගොනුවේ ක්ලෝරයිඩ සියල්ල අයනිකයි කිව්වොත් වැරදී.
මොකද BeCl2 සහසංයුජයි.
සහසංයුජ ඒවට ලුවිස් ව්‍යූහ අඳින්න පුලුවන්. ඒ නිසා, BeCl2 ටත් අඳින්න පුලුවන්.
325
Repost from Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class
🔥 2026 A/L Structured Essay Paper එක කලින්ම දකින්න කැමතිද?
MCQ Analysis එකෙන් පස්සේ, ගොඩක් අය ඉල්ලපු ලොකුම දේ තමයි මේ. 2011 ඉඳන් 2025 වෙනකම් සෑම Past Paper එකකම Structured Essay ප්‍රශ්න 4 ම ගැඹුරින්ම Analyse කරලා හදපු සම්පූර්ණ Data-Driven Website එක දැන් ඔයාලට බලන්න පුළුවන්! 💯
මේ Website එකේ මොනවද තියෙන්නේ?
✅ Q1, Q2, Q3, Q4 වෙන වෙනම, හැම අවුරුද්දකම ආපු ප්‍රශ්න මොනවද කියලා හරියටම පෙන්නලා තියෙනවා.
✅ Topic Rotation: හැම ප්‍රශ්නෙකටම මාතෘකා මාරු වෙන චක්‍රය (Cycle) එක හරියටම පෙන්නලා තියෙනවා.
✅ Work vs. Explain Ratio: Examiner ගණන් හදන්න දෙනවද? නැත්නම් හේතු ලියන්න දෙනවද? කියලා Data වලින්ම ඔප්පු කරලා තියෙනවා.
✅ Error & Graph Analysis: හැම ප්‍රශ්නෙකම දෝෂ (Errors) සහ ප්‍රස්තාර (Graphs) එන විදිහ වෙන වෙනම පෙන්නලා තියෙනවා.
🤯 2026 Prediction Page එකත් ඇතුළත්!
අපේ Data Analysis එකට අනුව, 2026 විභාගයට එන්න වැඩිම ඉඩක් තියෙන ප්‍රශ්න මොනවද කියලා අපි Predict කරලා තියෙනවා.
🎁 Special Announcement:
මේ Analysis එකටම අනුව සකස් කරපු Guess Paper Series එකකුත් ඉදිරියේදී ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන්!
මේක නිකන්ම Website එකක් නෙවෙයි. මේක ඔයාගේ Structured Essay Paper එකට ලෑස්තිවෙන Roadmap එක.
🔗 Live Website එක මෙතනින්:
https://hds-str-analysis.vercel.app/
දැන්ම ගිහින් බලන්න. මේ Data ටික හරියට පාවිච්චි කළොත්, Structured Essay Paper එකේ ලකුණු 40න් 35+ ගන්න එක අමාරු නෑ!
📱@HDSPaper26
📱 +94772445393
| Hirun De Silva
| All Island 13th Ranker - 2025 A/L
| Nuclear Physics Olympiad - Gold Medalist
325
Repost from Chemistry | Ramika Risiwara
🆓 සම්පූර්ණයෙන් ම නොමිලේ!
🧪Organic ගුණ විචලන - එක පාරින් ගොඩ දාගන්න
(ආම්ලිකතා, භාෂ්මිකතා, ජල ද්‍රාව්‍යතා, කාබොකැටායන ස්ථායීතා, ප්‍රතික්‍රියා සීඝ්‍රතා, ද්‍රවාංක තාපාංක)
💎ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම කරන ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... 💎Rank එකකට වැඩ කරන කෙනෙක්ට වැදගත් වෙන විශේෂ ම MCQ Points 💎රචනා ප්‍රශ්න පැහැදිළි කිරීම් වලදි නිතර මග හැරෙන Marking Points📆 දිනය: ජුනි 12 සිකුරාදා ⏰ වේලාව: ප.ව. 7.00 - 10.00 🔴අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත 🌐 නාලිකාවට සම්බන්ධ වන්න 👇 🔗 https://t.me/RamikaRisiwaraChemistry
Chemistry | Ramika Risiwara
💎
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist
325
Repost from Chemistry | Ramika Risiwara
🎯වෙන කිසි ම Chemistry Paper Class එකක නොලැබෙන විදිහේ හරිම නිරවුල්, පැහැදිළි, අංගසම්පූර්ණ විවරණයක්!
✅ ඔව්. අපේ Paper Class එකේ ඉස්සරහට තියෙන හැම MCQ Paper එකකට ම මේ විදිහේ අංග සම්පූර්ණ විවරණයක් හම්බෙනවා. (PDF එක බලන්න)
🔻ප්‍රශ්නයේ මට්ටම - ඔයාගෙ මට්ටම ගැන දළ අවබෝධයක් ලබාගන්න 🔻කෙටි ක්‍රමය - වෙලාව ඉතුරු කරගන්න 🔻MCQ Point එක - අපේ Papers වලින් මේ Points ටික පිළිවෙළට Add කරගත්තත් AL MCQ 35+ Score කරන්න පුළුවන්✅ඒ වගේ ම Essay Papers වලට 2019 - 2025 New Syllabus AL Marking Schemes සිලල්ල ම හරිම තියුණු විදිහට Analyze කරලා, ඒ සියලු ම Marking Points Cover වෙන විදිහට හදපු අංග සම්පූර්ණ Marking Scheme එකක් හම්බෙනවා. ✅ඒ විතරක් නෙවෙයි වැදගත් ප්‍රශ්න ඔක්කො ම, කෙටි ක්‍රමත් එක්කම හරිම සරලව, නිවැරදිව නිරවුල්ව Discussion එකේදි පැහැදිළි කරලා දෙනවා. ⌛2026 AL විභාගෙට තව මාස 2 ක් වගේ තියෙන්නේ. මේ ටික කාලෙන් ඔයාගෙ උපරිම Result එකට යන්න, අවශ්‍ය ම කරන ටික හරිම විදිහට ඔලුවට දාගන්න. 🚀 එන්න... අපි ලකුණු හඹාගෙන යමු! 📱WhatsApp: 072 804 4075 📱Telegram: @RamikaRisiwaraChemistry Chemistry | Ramika Risiwara 👑DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) 👑National Chemistry Olympiad Finalist 👑Nuclear Science Olympiad Bronze Medalist
325
මේකත් එක්කම මතක තියාගන්න,
( ලෝහ කියන්නෙ භෂ්ම කියලා කිව්වට )
හැම ලෝහ ඔක්සයිඩයක්ම භාෂ්මික නෑ.
උභයගුණී ඒවත් තියෙනවා.
සමහර ලෝහවල ඉහළ ඔක්සිකරණ අංක සහිත ඔක්සයිඩ ආම්ලිකයි.
ඒ වගේම තමයි,
හැම අලෝහ ඔක්සයිඩයක්ම ආම්ලික නෑ.
උදාසීන ඒවත් තියෙනවා.
CO, NO, N2O
( NO2 ආම්ලිකයි )
325
Repost from Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class
🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද?
🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත් තියෙන්නේ අනු-මාතෘකා 50 කින් විතරයි කියලා? ඒ කියන්නේ පේපරෙන් 91% ක්! 😩
👑 පහුගිය අවුරුදු පහළොවකට අදාළ ප්‍රශ්න හත්සිය පනහක් ඉතාමත් තියුණු විදිහට Analyze කරලා තමයි මේක හදල තියෙන්නෙ.
මේකෙන් ඔයාලට,
✅ හැම පාඩමකින්ම විභාගෙට එන හරියටම ප්‍රශ්න ගාණ
✅ 2015/2019 පේපර්ස් අමාරු වෙන්න ඇත්තම හේතුව
✅ Triage Study Strategy: අමාරු පාඩම් අතෑරියත් ලකුණු 40% ක් ෂුවර් කරගන්න හැටි.
සිලබස් එකේ අතරමං වෙලා ඉන්නවා නම්, මේක තමයි ඔයාට තියෙන හොඳම Roadmap එක. දැන්ම ගිහින් බලන්න! ❤️
🔗 Live Dashboard එක මෙතනින්: https://physics-dashboard-rouge.vercel.app/
- Hirun De Silva (Island Rank 13, 2025 A/L)
🔵 @HDSPaper26
325
Chemistry past papers විවරණ
2000 - 2023
https://t.me/papers_grp21AL/96387
2024
https://drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdk
Bio
2001 - 2022
https://t.me/papers_grp21AL/96386
Physics
1994 - 2023
https://t.me/papers_grp21AL/96381
2024
https://t.me/papers_grp21AL/96382
325
🌤 Chem point No. 7
🌤 පරමාණුක / නුමුහුම් කාක්ෂික කියන්නෙ s, p, d, f කාක්ෂික වලට.
මුහුම් කාක්ෂික කියන්නෙ sp, sp2, sp3 වලට.
🌤 තනි බන්ධන හදන්න තමයි සිග්මා බන්ධන දායක වෙන්නෙ. ඒවා හදන්නෙ රේඛීය අතිච්ඡාදනයෙන්.
ඒකට ගොඩක්ම දායක වෙන්නෙ මුහුම් කාක්ෂික.
ඒ වගේම නුමුහුම් කාක්ෂිකත් දායක වෙනවා.
🌤 Double bond / triple bond හදන්න තමයි ෆයි බන්ධන දායක වෙන්නෙ.
ඒවා හදන්නෙ පාර්ශ්වික අතිච්ඡාදනයෙන්.
ඒකට දායක වෙන්නෙ නුමුහුම් කාක්ෂික විතරයි.
හැබැයි s කාක්ෂික දායක වෙන්නෙ නෑ.
🌤 රේඛීය අතිච්ඡාදනය කියන්නෙ මිනිස්සු දෙන්නෙක් මුහුණට මුහුණ හම්බෙනවා වගේ.
පාර්ශ්වික අතිච්ඡාදනය කියන්නෙ මිනිස්සු දෙන්නෙක් උරහිස් දෙකෙන් ගෑවිලා ඉන්නවා වගේ.
S කාක්ෂික ගෝලාකාර නිසා මුහුණ / පැත්ත කියලා දිශාවක් නෑ.
ඒවා රේඛීය අතිච්ඡාදනය කරනවා කියන්නෙ බෝල දෙකක් එකිනෙකට press කරනවා වගේ.
ඒවා පාර්ශ්වික අතිච්ඡාදනය කරනවා කියන්නෙ බෝල 2ක් එකිනෙකට overlap කරනවා වගේ. ( එහෙම කරන්න බෑ. )
https://t.me/voicesbycamelia
325
Repost from පන්නරය CHEM by Navinxth 🫶
මේ ටිකේ 15h පන්නන්න අමාරු අයට පොඩි අදහසක් 🥰..........
මේහෙම ඔයාගෙ දවස කොටස් කීපෙකට කඩල ප්ලෑන් කරන්න... ඒ ඒ කොටසෙදි අදාළ ටාගට් එක කවර් කරොත් ඔයා දිනුම් 🥰
04.00AM-12.00noon වෙද්දි පැය හතක්
12.00noon-18.00 pM වෙද්දි පැය පහක්
18.00PM -00.00mid night වෙද්දි පැය පහක් හෝ හතරක් 😁...
නිකම්ම දන්නැතුව 16h limit එක අල්ලලා 🥰
දවසම එකට නැතුව මෙහෙම කඩලා ප්ලෑන් කර්න්න
ලොකු ලොකු දේවල් නෙමේ බේසික්ස් වල ඉන්න 🥰
325
මේක share කරේ ක්ලාස් එක promote කරන්න නෙවෙයි, මේ අක්කා මාස දෙකෙන් ලොකු ගේමක් ගහලා තියෙනවා medicine select වෙන්න, 2026 ළමයින්ටත් තව මාස දෙක හමාරක් වගේනෙ තියෙන්නෙ, ඒ නිසා මේකෙන් ගන්න දෙයක් තියෙයි ඔයාලටත්.
325
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
3rd Shy එකෙන් Medicine select වෙච්ච අපේ instructor Ayeshika Wijesinghe ගෙ කතාව මේ... ඒ කතාව අන්තිම මොහත වෙනකනුත් අතනොහැර ඉන්න ඔයාලට උදව් වේවී මේ වෙලාවෙ.
කරන්න බැහැයි කියල දේවල් නෑ ළමයි කාටවත්!
මට නම් බැරි වෙයි කියල අතහැරලා දාන අය විතරයි ඉන්නේ!! 🔥
-----‐--------‐----------------
මම medicine select වුණේ මගේ 3rd shy එකෙන්.
1st shy එකේ CSS. (Bio - S )
කැම්පස් apply කරත් මට course එකක් ආවේ නෑ. Not select කියලා තමයි ආවේ. ඒ වෙද්දි මම 2nd shy කරන්න පටන් ගත්තා. කොරෝනා ප්‍රශ්න නිසා clz ගියෙ නෑ. Miss වුන පාඩම් youtube, telegram වලින් cover කරගත්තා. ඒ අතර මට 3rd boat round එකෙන් වගේ campus ඇවිත් තිබුනා.
ඒත් ඒ වෙද්දි මං 2nd shy කරලා තිබුන නිසා කැම්පස් ගියෙ නැහැ.
2nd shy BCC (chem- B )
ඒත් මම කැම්පස් applyකරද්දි unicodes වැරදියට දාලා 1st shy එකටත් වඩා අඩු results වලින් යන්න පුලුවන් course එකක් තමයි ආවෙ.
ඉතින් මම 3rd shy එකත් කරන්න පටන් ගත්තා.
හැබැයි කරපු එක shy එකක්වත් ඕන කමකින් කරේ නෑ. හරියට පාඩම් කරේ නෑ. දවසට පැය හයක්වත් පාඩම් කරන්න නැතුව ඇති.. Chemistry වලට විතරක් clz ගියා ටික කාලයක්.
3rd shy එකත් ලොකුවට වැඩක් කෙරුනෙ නෑ මුලදි. 2nd shy, 3rd shy කරන ලමයි ගොඩකගෙ ලොකුම regret එක තමයි ආයෙ shy එකකට වියදම් ගෙදරින් ඉල්ලන්න වෙන එක. ඒ ප්‍රශ්නෙත් මට ලොකුවටම තිබුනා.සශංක sirගෙ quick revision එකට මුල්ම මාසෙ ඇවිල්ලත් නතර වුනා.
මේක නවත්තලා Bank එකක වගේ ජොබ් එකකට යනවා කියල හිතලා කාලයක් කිසිම වැඩක් නොකර හිටියා.
ඒත් ඊට පස්සේ ආයේ මටම හිතුනා shy දෙකක් කැම්පස් නොගිහිනුත් අතෑරලා exam එකට application දාලත් තියෙන එකේ නොකර ඉන්න ඕන නැහැනේ කොහොමහරි දන්න දේ හරි ගිහින් ලියනවා කියලා හිතලා මං ආයේ පාඩම් කරන්න පටන් ගත්තා.. එතකොට එක්සෑම් එකට තිබුණේ මාස දෙකක් විතර.
Chemistry physics දෙකට paper clz දෙකකට ගියා. ඊට අමතරව past papers කරා, යූටියුබ් චැනල් වලින් හොය හොයා ඒ වගේ විවරණ බලා ගත්තා. ප්‍රධානම ඒ දෙක විතරයි කරේ ඒ subject දෙකට.
Bio නම් වැඩක් කලේම නැති තරම්, theory මොනවත් මතක නෑ කොහෙන් පටන් ගන්නද හිතාගන්න බෑ.. ඊට පස්සේ සර්ගේ final seminar series එකට තමයි ආවේ. ඒ වෙද්දී exam එකට හරිම පොඩි කාලයක් තිබ්බේ, මට කවර් කරගන්න subject 3ම ගොඩක් දේවල් තිබුනා.
Bio වලට final seminar series එකේ videos බලන ගමන් sir youtube චැනල් එකේ free දාලා තිබ්බ paper discussion videos ඔක්කොම වගේ බැලුවා අන්තිම කාලෙදි දීපු papers ටික තනියම කරන්නවත් time තිබුනෙ නෑ. ඒවටත් sir දීපු answers බලාගත්තා.. exam එකට කලින් දවසෙ sir එක එක unit එකට දාපු voice msg ඔක්කොම ඇහුවා. Exam hall එකට ගිහින් පොත් අයින් කරන්න කියන time එක වෙනකන්ම sirge videos, voice බලපු එක තමයි කලේ.
results එන දවස වෙනකන්වත් මට idea එකක් තිබුණේ නැහැ මම medicine select වෙලා තියා හොඳ result එකක්වත් ඇති කියලා.
ආයෙ කියන්න ඕනේ සර්ගේ final seminar series එක නැත්නම් මං bio fail වෙන්න තිබුනා ඒ වෙද්දි.
මම ඉගෙන ගන්න ලොකුවට ආස ළමයෙක්වත් දක්ෂ ළමයෙක්වත් නෙවෙයි. අන්තිම මාස 1 1/2 වගේ කාලෙ කරන්නම ඕන වැඩ ටික හරියට කරපු නිසයි ඒ වෙද්දි මගෙ ඉස්සරහින් හිටපු ලමයි ගොඩක් පහු කරන් මෙතනට එන්න පුලුවන් වුනේ..
Finally, කවුරු එක්කවත් තරඟයක් තියාගන්න ඕනෙ නෑ, තමන්ව විශ්වාස කරලා වැඩ කරන්න..✨
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
325
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
❤🔥හොඳට මතක තියාගන්න, කාටවත් වැඩක් නෑ ඔයා ලෙඩ උනාද, ඔයාව වාහනයක් හප්පං ගියාද, ඒ කිසිම දේකින්... අන්තිමටම හැමෝම අහන්නේ ඔයාගේ result එක මොකක්ද කියන එක. *That's what matters to everyone, and that's what matters to YOU.* ඒක නිසා "අරයගෙ ලකුණු මට වඩා වැඩියි, අනේ මගේ ආච්චි නැති වුණා ඒක නිසා මට වැඩ කරන්න බෑ දුකයි, අරකයි, මේකයි" කල්පනා කර කර හිටියොත් ඉතින් C එකක් එන්න තියෙන එක S එකක් වෙයි.මේ වෙලාවේ ඔයාට අනිත් අය වැඩක් නැහැ. ඔයා ඔයාගේ ගමන යන්න ඕනේ. එච්චරයි. Designing course, Trinity Teaching exams කරන මැද්දේ A/Ls උත් කරලා මම ගොඩ ගියා නම් ඇයි ඔයාලට කරන්න බැරි? You can ace anything as long as you have the hardworking mindset and dedication!Good luck on yer exams lamaaaiii! I'm rooting for y'all!!!🤗🩵🩵🩵✨
325
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
මේ 2nd shy එකෙන් medicine select උනේ Instructor Aindri(One of the panel heads) ඔයාලට කියන්න කියපු කතාව... Exam අතාරින්න හිතෙනවා නම් මේ කතාව ඔයාට වැදගත් වෙයි!! ටිකක් දිගයී.. ඒත් කියවලා බලන්න අනිවාර්යෙන්ම!
කරන්න බැහැයි කියල දේවල් නෑ ළමයි කාටවත්!මට නම් බැරි වෙයි කියල අතහැරලා දාන අය විතරයි ඉන්නේ!!🔥
------------------------------------
මුලින්ම කියන්න ඕනේ මම ආයේ exam කරන්න හිතන් හිටපු කෙනෙක් නෙමෙයි. A/L ආයේ කරන්න පටන් ගත්තේ මගේ යාළුවා මට කියපු දෙයක් නිසා. "You will be a good medic" ඒක එයා එවපු text msg එක තිබ්බ එකක්. That single text msg became a turning point in my life. AAB වලට Colombo වලින් med යන්න හම්බෙන chance එක අඩුයි. ඒක නිසා මාසයක් විතර වැඩ කරන්නේ නැතුව ඉඳලා ආයෙ පටන් ගත්තා. ආයෙ විභාගෙ ලියන්න හිටපු නැති නිසා මම ඒ වෙද්දිත් Graphic designing course and other teaching exams කරගෙන යන ගමන් හිටියේ. ඒවා ඉවර වුණේ October වල. එතකං ඒකෙ තියෙන assignments and exams, A/Ls එක්ක balance කරගෙන මාර ගේමක් ගැහුවේ. එච්චර දෙයක් කරා කියලා මටවත් හිතාගන්න බෑ. වැඩ වල Organisation තමයි ඉතින්.
✨Forest app කියලා එකක් පාවිච්චි කරා හැමදාම වැඩ කරන පැය ගාන බලාගන්න.
✨Calendar එකක් අරගෙන chem and phy වලට 2010 ඉඳන් past papers, සතියකට එක විෂයකින් දෙක ගානේ කරන විදිහට දවස් ටික වෙන් කරගත්තා. මට ඒ දවස්වල inorganic ගණන් එච්චර set නෑ. ඒක නිසා මම එක දවසක් දාගෙන 2010-2022 past papers ඔක්කොගෙම තියෙන inorganic 2nd past ගණන් ටික එක දිගට පැය 8-10 වගේ අරගෙන හදාගෙන ගියා. එහෙම එකම ගණන් ජාතිය practice කරද්දි එක දිගට ඔයාටම තේරෙනවා එකම රටාවකට තමයි ප්‍රශ්න අහන්නේ කියලා. Organic වුනත් ගොඩ දාගත්තේ මම එහෙම. හැබැයි මේක කරන්න කලින් ඔයාලට class එකේ ඒ හා සම්බන්ධ theory knowledge එක දීල තියෙන්න ඕනේ. Exam එකට මේ වගේ අනිවාර්යෙන්ම එනවා කියලා දන්න chem, phy lesson topics මේ විදිහට වැඩ කරලා පුළුවන් කරගත්තා.
✨ ප්‍රශ්න කරන් යද්දි Concepts අමතකයි නම් 5-10 mins වගේ අරන් ඒ ටික පොඩ්ඩක් බලාගන්න. රචනා ප්‍රශ්න වලට ලකුණු වැඩි කර ගත්තේ සතියට physics කරපු දවස් 5න්, past papers කරපු දවස් 2 හැර, ඉතිරි දවස්වල රචනා ප්‍රශ්න දෙක ගානෙ කරලා. Mcq වට ක්‍රමයෙන් කරලා(ලේසි ප්‍රශ්න මුලින් කරල අමාරු ප්‍රශ්න ඊළඟ වටේට කරන්න තියාගෙන) සෑහෙන වෙලාවක් ඉතුරු කරගන්න පුළුවන්.
✨Bio නම් ඉතින් පුළුවන් තරම් provincial pps, school pps කලා. ඒවායේ marking scheme වලින් වැරදි හදාගත්තා, exam ළංවෙලා note කරගෙන තිබ්බ නැති theory කරුණු වෙනම පොඩි පොතක ලියාගත්තා mcq, seq points විදියට. Exam දවසේ උදේ වරුවේ ඒ පොත බලල තමයි විභාගෙ ලියන්න ගියේ, මොකද ඒකෙ මම ලියලා තියෙන්නේ මට අමතකම වෙච්ච theory points. සතියකට දවස් හතරයි bio කරේ, ඒ දවස් වලිනුත් දවස් දෙකක් seq pps 2i, අනිත් දවස් දෙක mcq pps 2i කරේ. ඊට අමතරව එකම රචනා ප්‍රශ්නෙ 3,4 වතාවක් ලියලිය practice වුනා රචනා ප්‍රශ්න 3ක් සතියකට. ඒකෙන් speed ඒක හදාගන්න පුළුවන්.
A/L වලට සතියකට විතර කලින් මට Influenza හැදුනා. Exam එකත් ලඟ නිසා මං ගොඩක් බය වෙලා හිටියේ, පළවෙනි වතාවේ බෙහෙත් ගත්තහම ඒ බේත් වලට අඩු වුනෙත් නැහැ. විශ්වාස කරන එකක් නෑ ඒත් මං එකිනෙකට වෙනස් දොස්තරලා පස් දෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා, බෙහෙත් වලින් අඩු වුණේ නැති නිසා. General physician කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගියාම එතන හෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා කියල ඔයාලා දන්නව ඇතිනේ. එක දොස්තර කෙනෙක් appointment එකට පැයක් පරක්කු වෙලා ආවෙ! මම නම් කාලේ පොඩ්ඩක්වත් නාස්ති කරන්න කැමති කෙනෙක් නෙමෙයි, ඉතින් ඒ වෙලාවේ hospital එකෙ මම ඇඬුවේ නැති ටික විතරයි... Exam එකත් ලඟ නිසා බෙහෙත් බීලා පැය කීපයක් නිදියගෙන ආයෙ නැගිටලා වැඩ කරා. ටික වෙලාවක් යද්දී ආයේ ඔලුව කැක්කුම එනවා. ඊට පස්සේ චුට්ටක් වෙලා ආයි නිකන් ඉන්නවා. ඊළඟට ආයෙ වැඩ පටන් ගන්නවා. Exam එක ඉවර වෙලා දවස් තුනකට පස්සෙ තමයි ලෙඩේ හරියටම හොඳ උනේ. එතකන් විභාග තිබ්බ දවස්වල පුදුම අමාරුවෙන් papers ටික ලියා ගත්තේ. Mask එකක් දාගෙන හිටපු නිසා හෙම්බිරිස්සාවත් එක්ක හුස්ම ගන්නත් අමාරුයි. වටේ පිටේ ඉන්න ළමයිට disturb වෙයි කියලා මම කැස්ස තදකරගෙන ලිව්වේ. ඔයාලම හිතන්නකෝ Physics paper එකක ගානක් හදාගෙන යද්දී කවුරු හරි කහිනවා ඇහුනොත් එහෙම කොච්චර focus කරන්න අමාරුද කියල. අනිත් ළමයිට ලෙඩවෙයි කියලා mask ඒක කොහොමහරි පැය ගාණක් යනකම් දාගෙන හිටියා.
අදටත් හිතනවා එහෙම ලෙඩ වෙලා අන්තිම දවස් ටික ගත කරේ නැත්තං මීටත් වඩා AAA වලට හොඳ z එකක් ගන්න තිබ්බා කියලා. ඒත් "අයියෝ මට ලෙඩ අනේ, හොඳටම අමාරුයි" කියලා හිත හිත දවසම නිදියන් හිටියනම් මගේ physics වලට මේ සැරේත් B එන්න තිබ්බා...
325
🌩 Chem point No. 07
🌩 ප්‍රබලතාවය අඩුවන පිළිවෙළ
අයන - ද්විධ්‍රැව
H බන්ධන
ද්විධ්‍රැව - ද්විධ්‍රැව
අයන - ප්‍රේරිත ද්විධ්‍රැව
ද්විධ්‍රැව - ප්‍රේරිත ද්විධ්‍රැව
අපකිරණ
325
🌨 Chem point No. 6
🌨 සංගත බන්ධන කියන්නෙ දායක බන්ධන වලටමයි.
🌨 මේකෙදි වෙන්නෙ බන්ධනයක් හදන්න ඕනි වෙන ඉලෙක්ට්‍ර්‍රොන දෙකම, එකම පරමාණුවකින් ලබාදෙනවා.
උඩ තියෙන පින්තූරෙත් රතු පාටින් තිත් දෙකක් දාලා තියෙන්නේ ඒ විදිහට එකම පරමාණුවකින් බන්ධනය හදන්න දායක කරපු ඉලෙක්ට්‍ර්‍රෝන.
Cl ගාව තියෙන එකසර ඉලෙක්ට්‍ර්‍රෝන යුගලම Al ගෙ හිස් කාක්ෂිකයකට දෙනවා. ( හිස් කාක්ෂිකයක් තියෙන්නෙ Al ගෙ අෂ්ටකය සම්පූර්ණ නැති නිසා.) එතකොට ඒ දෙන්නා අතර සංගත බන්ධනයක් ඇතිවෙනවා.
https://t.me/voicesbycamelia
325
+3
Credit - Biology supportive programme eke grp eke lamayek dala thibbe ❤️
https://t.me/Biosupportive26
