ආසාවෙන් පාඩම් කරමු..
ඔයාලා පාඩම් වැඩ කරන්නෙ ආසාවෙන් ද?? මේ ප්‍රශ්නෙට ඔයාලා එක එක උත්තර දේවි මට.
"අපෝ නෑ, කරන්න ඕන නිසා කරනවා"
"අම්මගෙ වුවමනාවට කරනවා"
"ගෙදර අය කෑ ගහන නිසා කරන්නෙ"
ඔයාලගෙන් 10%ක් විතර කියයි, "ඔව් අක්කෙ, මං නම් ආසාවෙන් ඉගෙනගන්නෙ" කියලා.
හැබැයි මං ඔයාලගෙන් ඇහුවොත් සල්ලි හුඟක් තියෙනවට කැමතිද කියලා ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම "ඔව්" කියලා කියාවි.
ඉතින් ඉගෙනගන්නවා කියන්නෙ සල්ලි හොයන්න තියෙන එක පාරක් තමයි. ඒ නිසා හොඳට ඉගෙනගන්න. ඒක ඔයාලගෙ ජීවිතේ මූලික අඩිතාලම වේවි.
ඔයාලා අපි හැමෝම බහුතරයක් අය සාමාන්‍ය පවුල් වල ළමයි. ඒ නිසා ඉගෙනීම කියන්නෙ අපිට ගොඩයන්න තියෙන ආසන්නතම මාර්ගය විදිහට තමයි මං නම් දකින්නෙ.
අනිත් දේ තමයි ඔයාලා දවසක ලොකු ව්‍යාපාරිකයෙක් වුණත්, ඒ business දවසක කඩා වැටුණොත් (එහෙම වෙනවට කියනවා නෙමෙයි😉), ඔයාලා උගත් කෙනෙක් නම් රස්සාවක් කරලා හරි හම්බ කරන්න පුළුවන්. එතකොට ඔයාලා ආරක්ෂිතයි.
ඉතින් අද මං මේ කියන්නෙ ආසාවෙන් පාඩම් වැඩ ටික කරගෙන යන්න මං කරන දේවල් ටිකක්.. ඔයාලටත් ඔයාලගෙ විදිහට try කරලා බලන්න පුළුවන්.
(01) මගෙ අම්මගෙ හීන මතක් කරගන්න එක.
• මගෙ අම්මා නෑ. හැබැයි එයා හැමවෙලේම දැකපු හීනයක් තිබුණ මං ගැන.
• ඒක මතක් කරගත්තහම මට ඕන තරම් වෙලාවක් පාඩම් වැඩ කරන්න පුළුවන්.
• ඔයාලටහ් පුළුවන් ඔයාලගෙ අම්මලා තාත්තලා ඔයාලා වෙනුවෙන් දකින අහිංසක හීන මතක් කරගන්න. ඔයාලා ඇත්තටම එයාලට ආදරේ නම් කවදාවත් ඒවා බොඳ වෙලා යන්න දෙන්නෙ නෑ.
(02) සමාජෙන් ලැබෙන පිළිගැනීම.
• ඇත්තටම උගත් කෙනෙක්ට ඕනම තැනකට ගියහම ලොකු පිළිගැනීමක්, වරප්‍රසාද ලැබෙනවා.
• ඉතින් ඔයාලත් ආස නැද්ද ඒ දේවල් ලබාගන්න???
(03) ඔයාගෙ targets.
• ඔයාලා හැමෝම ආසයි දවසක ඔයාලගෙම වාහනයක්, ගෙයක් හදාගන්න. ඉතින් ඒවට එක්තරා විදිහක පිටිවහලක් තමයි මේ ඉගෙනීම කියන්නෙ.
• ඔයාලගෙ targets හැමවෙලේම පේන විදිහට පොත් මේසෙ බිත්තියෙන් ගහන්න. එතකොට ඔයාලට ඒවා දකිද්දි පාඩම් කරන්න හිතෙයි.
(04) ඔයාලගෙ අසාර්ථකත්වය පතන අය.
• ඔයාලට ඉරිසියා කරන අයට, ඔයාලගෙ ජීවිත නාස්ති වෙනවා දකින්න කැමති අයට, ඔයාලා ගැන බොරු වැරදි කියන අයට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි හොඳට ඉගෙනගන්න එක.
(05) පොත් මේසෙ පිළිවෙළ.
• පාඩම් කරන පොත් මේසෙ හරිම ලස්සනට, පිළිවෙළට තියාගන්න. එතැනට ආදරේ කරන්න.
• ඔයාලා ආස කරන ලස්සන පෑන්, පැන්සල්, stickers වගේ දේවල් එතන තියාගන්න.
(06) Checklist එක.
• Daily checklist එකක් තියාගන්න. එතකොට ඒක හරියට game එකක levels complete කරනවා වගේ කියලා ඔයාලට දැනේවි.
• කලින් දවසෙ රෑට ඊළඟ දවසෙ checklist එක හදන්න. කොහොමහරි ඒකෙ තියෙන හැම වැඩේම ඉවර කරන්න අධිෂ්ඨාන කරගන්න.
(07) පුළුවන් උපරිමෙන් යාළුවන්ට උදව් කරන්න.
• මේක පෙරළා ඔයාලගෙ ජීවිත වලට ආශිර්වාදයක් වෙනවා.
• ඒත් එක්කම ඔයාලට පොඩි වගකීමක් හිතට දැනෙද්දි ඔයාලා ඔයාලගෙ වැඩේ හරියට කරනවා.
ඉතින් මං මේ කිව්වෙ මං කරන දේවල්. ඔයාලට පුළුවන් ඔයාලගෙම විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.
Post එක ඔයාලට වැදගත් වුණා නම් like කරන්න. ඔයාලගෙ යාළුවන්ට කියවන්න එයාලව tag කරන්න. නැත්නම් එයාලට share කරන්න. ඔයාලගෙ අදහසුත් අනිවාර්යයෙන්ම comment කරන්න.
Study with GiMi - Admin
කතෘ අයිතිය සුරකින්න.
18 feb 2025, 05:02
