es
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Ir al canal en Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
1 651
Suscriptores
+924 horas
-1037 días
+93630 días
Archivo de publicaciones
2⃣0⃣2⃣5⃣ ෆාරිස් සර්ගේ CHEMISTRY MCQ විවරණය AL API ( PAPERS GROUP )

🧪 CHEMISTRY MCQ විවරණ සංග්‍රහය 📖 2019 – 2024 A/L ⚜️ AURUM BIO VAULT ⚜️ ✅ 2019 A/L 2020 A/L2021 A/L2022 A/L2023 A/L2024 A/L 📚 A/L Chemistry MCQ ප්‍රශ්න සඳහා සම්පූර්ණ විවරණ එකතුව. 🤝 Credit: Charitha Dissanayake Sir © AURUM BIO VAULT 🖇@AurumBioVault

121 / 5 SL 🙂

ඉවරයි කිව්වාට ඉවර නෑ තව තියෙනවා 🌝🫡

දුවලා පුතාලා ටික හොදට ලියලා එන්න එහෙනම්...❤️

✨ සාර්ථක ලෙස යාවත්කාලීන කෙරුණි 🚀 📚 තව ඉතා කෙටි පාඩම් 2ක් පමණක් ඉතිරි වී ඇත. 😉 🎯 ඉතුරු සියලුම පාඩම් මෙහි අන්තර්ගත වේ! ✅ 🔔
✨ සාර්ථක ලෙස යාවත්කාලීන කෙරුණි 🚀 📚 තව ඉතා කෙටි පාඩම් 2ක් පමණක් ඉතිරි වී ඇත. 😉 🎯 ඉතුරු සියලුම පාඩම් මෙහි අන්තර්ගත වේ! ✅ 🔔 Updates ලබා ගැනීමට අපගේ ටෙලිග්‍රෑම් චැනලය හා සම්බන්ධ වන්න: 👉 @DUMAP2025 📲✨ ━━━━━━━━━━━━ ✨ Updated Successfully! 🚀 📚 Only 2 short lessons remaining! 😉 🎯 All other lessons are included here! ✅ 🔔 Join our Telegram channel to get the latest updates: 👉 @DUMAP2025 📲✨

Stress Release Time🌝😁

මේවා බලනවද ඔයාලා බලන්නේ නැත්නම් අනිත් ඒවාට දාලා වැඩක් නැහැනි 😪💔

වස්තුවක් පොලොවෙන් වැඩිම ඈතකට යවන්න පුලුවන් තිරස සමග කෝණය,
Anonymous voting

නිරපේක්ෂ වර්තනාංකය 1ට වඩා අඩු වීමට හැකිය.
Anonymous voting

❤️👇විභවමානය Q & A👇❤️ ━━━━━━━━━━━━━━━━━━━━━━ 👑⚜️ 𝐀𝐔𝐑𝐔𝐌 𝐁𝐈𝐎 𝐕𝐀𝐔𝐋𝐓 ⚜️👑 ━━━━━━━━━━━━━━━━━━━━━━ 👉 Part 1 👉 Part 2 👉 Part 3 ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

❤️👇විභවමානය Part 03👇❤️ 👑⚜️ 𝐀𝐔𝐑𝐔𝐌 𝐁𝐈𝐎 𝐕𝐀𝐔𝐋𝐓 ⚜️👑 ━━━━━━━━━━━━━━━━━━━━━━ 41.විභවමාන පරීක්ෂණයකදී සම්බන්ධක කම්බිවල ප්‍රතිරෝධය _____ ලෙස සැලකේ. නොසලකා හැරිය හැකි තරම් කුඩා (ශුන්‍ය). 42.සන්තුලන දිග 100cm ට වඩා වැඩි වුවහොත් එය මැනීමට කුමක් කළ යුතුද? බහු-කම්බි විභවමානයක් (Multi-wire potentiometer) භාවිතා කළ යුතුය. 43.විභවමානයක් භාවිතා කිරීමේ එක් අවාසියක් සඳහන් කරන්න. ක්ෂණිකව පාඨාංක ලබාගත නොහැකි වීම (සන්තුලනය කිරීමට කාලය ගත වීම). 44.ප්‍රස්ථාරික ක්‍රමයකදී E1 / E2 අනුපාතය වඩාත් නිවැරදිව ලබා ගැනීමට කුමක් වෙනස් කරමින් පාඨාංක ගත යුතුද? එළවුම් පරිපථයේ ප්‍රතිරෝධය වෙනස් කරමින් විවිධ k අගයන් සඳහා සන්තුලන දිගවල් ලබා ගැනීම. 45.කම්බියේ ඒකාකාර බව පරීක්ෂා කරන්නේ කෙසේද? කම්බියේ විවිධ ස්ථානවලදී විභව අනුක්‍රමණය (k) නියත දැයි පරීක්ෂා කිරීමෙන්. 46.විභවමාන පුවරුවක කම්බි මීටර් කිහිපයක් (උදා: 4m - 10m) යොදන්නේ ඇයි? විභව අනුක්‍රමණය අඩු කර සංවේදීතාවය වැඩි කර ගැනීමටයි. 47.විභවමාන පරීක්ෂණයේදී විද්‍යුත් ගාමක බල දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධව ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත්නම් සන්තුලන දිග ලැබෙන්නේ _____ සඳහායි. කෝෂ දෙකේ EMF වල වෙනස සඳහායි. 48.සන්තුලන දිග මැනීමේදී මීටර් රූලේ බිංදුව තිබිය යුත්තේ කම්බියේ කුමන කෙළවරේද? එළවුම් කෝෂයේ ධන අග්‍රය සම්බන්ධ කර ඇති (A) කෙළවරේය. 49.සමාන්තරගත ස්විචයක් භාවිතයෙන් ආරක්ෂක ප්‍රතිරෝධය ඉවත් කිරීම හඳුන්වන වචනය කුමක්ද? ලුහුවත් කිරීම 50.විභවමාන කම්බියක ප්‍රතිරෝධය උෂ්ණත්වය සමඟ වෙනස් වීම වැළැක්වීමට ගත හැකි පියවරක් කුමක්ද? කුඩා ධාරා භාවිතා කිරීම සහ කෙටි කාලසීමාවක් තුළ පාඨාංක ලබා ගැනීම. 51.විභවමානයකින් ධාරාවක් මැනිය හැකිද? ඔව්, දන්නා ප්‍රතිරෝධයක් හරහා ඇති විභව අන්තරය මැනීම මගින් 52.විභවමානයක එළවුම් කෝෂයේ විද්‍යුත් ගාමක බලය මනින කෝෂයට වඩා අඩු වුවහොත් කුමක් සිදුවේද? සන්තුලන ලක්ෂ්‍යයක් කම්බිය මත පිහිටන්නේ නැත. 53.විභවමානයක ඒකාකාරී බව පරීක්ෂා කිරීමට භාවිතා කරන උපකරණයක් නම් කරන්න. මයික්‍රොමීටර් ස්කෘප්පු ආමානය (කම්බියේ විෂ්කම්භය පරීක්ෂා කිරීමට). 54.ප්‍රතිරෝධ පෙට්ටියක ප්ලග් යතුරක් ගලවා ඉවත් කළ විට සිදුවන්නේ කුමක්ද? එම අගයට අදාළ ප්‍රතිරෝධය පරිපථයට සම්බන්ධ වීමයි. 55.ප්‍රතිරෝධ පෙට්ටියක සියලුම ප්ලග් සවි කර ඇති විට එහි ප්‍රතිරෝධය කොපමණද? ශුන්‍යය (0Ω). 56.විභවමාන පරීක්ෂණයකදී පාඨාංක කිහිපයක් ලබා ගැනීමේ වැදගත්කම කුමක්ද? සසම්භාවී දෝෂ අවම කර ප්‍රතිඵලයේ නිවැරදිතාවය වැඩි කර ගැනීමටය. 57.විභවමානයක 'ක්‍රමාංකනය' (Calibration) යනු කුමක්ද? දන්නා විභව අන්තරයක් (සම්මත කෝෂයක්) භාවිතයෙන් විභව අනුක්‍රමණය (k) සෙවීමේ ක්‍රියාවලියයි. 58.විභවමාන පරීක්ෂණයකදී ගැල්වනෝමීටරය පෙන්වන 'ව්‍යාජ සන්තුලනය' (False balance) යනු කුමක්ද? පරිපථයේ විසන්ධි වීමක් නිසා ධාරාව නොගලා යාමෙන් පෙන්වන ශුන්‍ය උත්ක්‍රමණයයි. 59.සැබෑ සන්තුලනයක් සහ ව්‍යාජ සන්තුලනයක් වෙන් කර හඳුනා ගන්නේ කෙසේද? සර්පණ ස්පර්ශකය මදක් දෙපසට චලනය කරන විට ගැල්වනෝමීටරය දෙපසට උත්ක්‍රමණය වේ නම් එය සැබෑ සන්තුලනයකි. 60.විභවමානයක k අගය කාලයත් සමඟ වෙනස් වීම පාලනය කිරීමට භාවිතා කරන උපාංගයක් නම් කරන්න. ධාරා පාලකය (Rheostat). 61.විභවමාන පරීක්ෂණයක් සඳහා වඩාත් සුදුසු වන්නේ කුමන කාලගුණික තත්ත්වයක්ද? නියත උෂ්ණත්වයක් පවතින තත්ත්වයක් (කම්බියේ ප්‍රතිරෝධය වෙනස් නොවීම සඳහා). 62.සන්තුලන ලක්ෂ්‍යය කම්බියේ කෙළවරකට ඉතා ආසන්නව පිහිටීම අවාසිදායක වන්නේ ඇයි? දිග මැනීමේ ප්‍රතිශත දෝෂය ඉතා වැඩි වන බැවිනි. 63.ලෙඩ් ඇකියුියුලේටරයක් වෙනුවට වියළි කෝෂයක් (Dry cell) එළවුම් පරිපථයට භාවිතා නොකරන්නේ ඇයි? වියළි කෝෂයෙන් ලබා දෙන ධාරාව කාලයත් සමඟ ඉක්මනින් අඩු වන බැවිනි (ධ්‍රැවණය වීම නිසා). 64.විභවමාන පරීක්ෂණයේදී සම්බන්ධක ඇණ තදින් තද කර තිබිය යුත්තේ ඇයි? සම්බන්ධක ස්ථානවල අමතර ප්‍රතිරෝධ ඇති වීම වැළැක්වීමටයි. 65.විභවමානයකින් ප්‍රතිරෝධයක් මැනිය හැකිද? ඔව්, දන්නා සම්මත ප්‍රතිරෝධයක් සමඟ ශ්‍රේණිගතව සම්බන්ධ කර ඒවා හරහා ඇති විභව අන්තර සංසන්දනය කිරීමෙන්. 66.විභවමාන කම්බියේ හරස්කඩ වර්ගඵලය ඒකාකාර නොවූවහොත් කුමක් සිදුවේද? විභව අනුක්‍රමණය (k) කම්බිය පුරා නියත නොවන බැවින් පරීක්ෂණය වැරදි වේ. ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

❤️👇විභවමානය Part 02👇❤️ 👑⚜️ 𝐀𝐔𝐑𝐔𝐌 𝐁𝐈𝐎 𝐕𝐀𝐔𝐋𝐓 ⚜️👑 ━━━━━━━━━━━━━━━━━━━━━━ 16.සන්තුලන දිග වැඩි අගයක් ලබා ගැනීම මගින් _____ බලපෑම සාපේක්ෂව අඩු කළ හැකිය. ආන්ත දෝෂයේ (End error). 17.විභවමාන කම්බියේ ඒකාකාරී බව ආරක්ෂා කර ගැනීමට ගත යුතු පියවර කුමක්ද? සර්පණ ස්පර්ශකය (Jockey) කම්බිය මත තද කරමින් ඇදගෙන නොයා යුතුය. 18.ගැල්වනෝමීටරයට ශ්‍රේණිගතව 'ආරක්ෂක ප්‍රතිරෝධයක්' (Protective resistor) සම්බන්ධ කරන්නේ ඇයි? අධික ධාරාවක් ගලා යාමෙන් ගැල්වනෝමීටරය පිච්චීම වැළැක්වීමටයි. 19.නිවැරදි සන්තුලන දිග ලබා ගැනීමට පෙර ආරක්ෂක ප්‍රතිරෝධයට කුමක් කළ යුතුද? සමාන්තර ස්විචයක් භාවිතයෙන් එය ලුහුවත් (Short) කර පරිපථයෙන් ඉවත් කළ යුතුය. 20.සන්තුලන අවස්ථාව ලබා ගැනීමට පෙර කම්බියේ දෙකෙළවර ස්පර්ශ කර බැලීමේ අරමුණ කුමක්ද? ගැල්වනෝමීටර උත්ක්‍රමණය දෙපසටම සිදුවේ දැයි පරීක්ෂා කිරීම (සන්තුලන ලක්ෂ්‍යය කම්බිය මත පවතින බව තහවුරු කිරීමට). 21.කම්බියේ දෙකෙළවර ස්පර්ශ කිරීමේදී ගැල්වනෝමීටරය එකම පැත්තකට උත්ක්‍රමණය වීමට එක් හේතුවක් සඳහන් කරන්න. මනිනු ලබන විභව අන්තරය විභවමාන කම්බිය හරහා පවතින මුළු විභව අන්තරයට වඩා වැඩි වීම. 22.මනින කෝෂයේ සහ එළවුම් කෝෂයේ සමාන ධ්‍රැව (උදා: ධන අග්‍ර) සම්බන්ධ කළ යුත්තේ කම්බියේ _____ ලක්ෂ්‍යයටයි. එකම ලක්ෂ්‍යයට (සාමාන්‍යයෙන් A ලක්ෂ්‍යයට). 23.කෝෂ දෙකක විද්‍යුත් ගාමක බල (EMF) සංසන්දනය කිරීමේ සූත්‍රය කුමක්ද? E1 / E2 = L1 / L2 24.විභවමානය ක්‍රමාංකනය කිරීම සඳහා සම්මත කෝෂයක් ලෙස භාවිතා කරන්නේ කුමක්ද? ඩැනියල් කෝෂය (Daniel cell). 25.ඩැනියල් කෝෂය සම්මතයක් ලෙස භාවිතා කිරීමට හේතුව කුමක්ද? එහි සඳහන් විද්‍යුත් ගාමක බලය (1.08V - 1.1V) ඉතා නිවැරදිව පවතින බැවිනි. 26.විභවමානයකින් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමේදී බාහිර ප්‍රතිරෝධ පෙට්ටිය (R) සම්බන්ධ කරන්නේ කෙසේද? මනිනු ලබන කෝෂයට සමාන්තරගතවයි. 27.කෝෂයක් හරහා බාහිර ප්‍රතිරෝධයක් සම්බන්ධ කළ විට එහි අග්‍ර අතර විභව අන්තරය (V) සඳහා ප්‍රකාශනය ලියන්න. V=E-Ir or V=ER / R+r 28.අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමේ පරීක්ෂණයේදී 1/l එදිරිව 1/ R ප්‍රස්ථාරයේ අනුක්‍රමණය m ද, අන්තක්ඛණ්ඩය c ද නම්, අභ්‍යන්තර ප්‍රතිරෝධය (r) සෙවීමේ සූත්‍රය කුමක්ද? r=m/c 29.විභවමාන කම්බිය දිගු වෙලාවක් ධාරාව ගලා යාමට ඉඩ නොදිය යුත්තේ ඇයි? කම්බිය රත් වී එහි ප්‍රතිරෝධය වෙනස් වීම සහ විභව අනුක්‍රමණය වෙනස් වීම වැළැක්වීමටයි. 30.විභවමාන කම්බිය රත් වීම වැළැක්වීමට පරිපථයට යොදන විශේෂ යතුර කුමක්ද? ටකන යතුර (Tapping key). 31.අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමේදී ප්‍රතිරෝධ පෙට්ටියේ අගය සාමාන්‍යයෙන් කුමන පරාසයක පවත්වා ගනීද? 50Ω සිට 20Ω දක්වා පමණ අගයන්. 32.අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමේදී බාහිර ප්‍රතිරෝධය (R) ඉතා කුඩා අගයක් (20Ω ට අඩු) නොගත යුත්තේ ඇයි? එවිට කෝෂය ඉක්මනින් විසර්ජනය (Discharge) විය හැකි බැවිනි. 33.විභවමානයක k අගය පරීක්ෂණය අතරතුර වෙනස් වුවහොත් ලැබෙන ප්‍රතිඵලවලට කුමක් සිදුවේද? V=kl සම්බන්ධතාවය බිඳ වැටී පාඨාංක වැරදි වේ. 34.සන්තුලන දිග මැදට ආසන්නව (උදා: 50cm−90cm) ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි? මැනීමේ සාපේක්ෂ දෝෂය අවම කර ගැනීමටයි. 35.පහත ප්‍රකාශය සම්පූර්ණ කරන්න: ගැල්වනෝමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය _____ වන තරමට සන්තුලන ලක්ෂ්‍යය හඳුනා ගැනීම පහසු වේ. අඩු 36.විභවමානයක් භාවිතා කර වෝල්ට්මීටරයක් ක්‍රමාංකනය කළ හැකිද? ඔව්, විභවමානය මගින් ලැබෙන නිවැරදි විභව අන්තරය සමඟ වෝල්ට්මීටර පාඨාංකය සංසන්දනය කිරීමෙන්. 37.විභවමානයක 'දෙමන් ස්විචය' (Two-way key) භාවිතා කරන්නේ කුමන අවස්ථාවකදීද? කෝෂ දෙකක විද්‍යුත් ගාමක බල එකවර සංසන්දනය කරන අවස්ථාවලදීයි. 38.ගැල්වනෝමීටරයේ 'මැද බිංදු' (Center-zero) වර්ගය භාවිතා කරන්නේ ඇයි? ධාරාව ගලන දිශාව අනුව දෙපසටම උත්ක්‍රමණය නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදිය. 39.මනිනු ලබන කෝෂයේ ධන හා සෘණ අග්‍ර මාරු වී තිබේ නම් සන්තුලන ලක්ෂ්‍යයක් ලැබේද? නැත, ගැල්වනෝමීටරය සෑම විටම එකම දිශාවකට උත්ක්‍රමණය වේ. 40.විභවමාන කම්බියක් සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන ද්‍රව්‍යයක් නම් කරන්න. කොන්ස්ටන්ටන් (Constantan) හෝ මැන්ගනින් (Manganin). ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

❤️👇විභවමානය Part 01👇❤️ 👑⚜️ 𝐀𝐔𝐑𝐔𝐌 𝐁𝐈𝐎 𝐕𝐀𝐔𝐋𝐓 ⚜️👑 ━━━━━━━━━━━━━━━━━━━━━━ 1.විභවමානයක මූලික සැකැස්ම සඳහා භාවිතා කරන කම්බියේ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණය කුමක්ද? එය ඒකාකාර හරස්කඩක් සහිත එකම ද්‍රව්‍යයකින් සෑදූ කම්බියක් විය යුතුය. 2.විභවමාන එළවුම් පරිපථයක ප්‍රභවය ලෙස ලෙඩ් ඇකියුියුලේටරයක් (Lead Accumulator) භාවිතා කිරීමට ප්‍රධාන හේතුව කුමක්ද? කාලයත් සමඟ ඉතා නියත ධාරාවක් ලබා දීමට ඇති හැකියාවයි. 3.විභව අනුක්‍රමණය (k) යන්න අර්ථ දක්වන්න. විභවමාන කම්බියේ ඒකක දිගක් හරහා පවතින විභව බැස්මයි. 4.විභවමාන කම්බියේ මුළු විභව අන්තරය VABද, මුළු දිග L ද නම්, විභව අනුක්‍රමණය (k) සඳහා සූත්‍රය කුමක්ද? k= VAB / L ​ 5.විභවමාන කම්බියක දිගට සාපේක්ෂව ප්‍රතිරෝධය (R) විචලනය වන්නේ කෙසේද? ප්‍රතිරෝධය කම්බියේ දිගට අනුලෝමව සමානුපාතික වේ (R∝l). 6.විභව අනුක්‍රමණය k ද, සන්තුලන දිග l ද වන විට මනිනු ලබන විභව අන්තරය V සඳහා සූත්‍රය කුමක්ද? V=kl 7.සන්තුලන අවස්ථාවකදී ගැල්වනෝමීටරය පෙන්වන පාඨාංකය කුමක්ද? ශුන්‍ය උත්ක්‍රමණය (Null deflection). 8.ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය ශුන්‍ය වූ විට මනින පරිපථය සහ එළවුම් පරිපථය අතර ධාරාවක් ගලයිද? නැත, එම අවස්ථාවේදී පරිපථ දෙක අතර ධාරාවක් ගලා නොයයි. 9.සන්තුලන අවස්ථාවේදී විභවමානය _____ වෝල්ට්මීටරයක් ලෙස ක්‍රියා කරයි. පරිපූර්ණ (Ideal). 10.විභවමානයක් 'පරිපූර්ණ වෝල්ට්මීටරයක්' ලෙස හඳුන්වන්නේ ඇයි? එය මනිනු ලබන ප්‍රභවයෙන් ධාරාවක් ලබා නොගෙන විභව අන්තරය මනින බැවිනි. 11.විභවමානයක සංවේදීතාවය (Sensitivity) වැඩි කිරීමට නම් විභව අනුක්‍රමණයට කුමක් කළ යුතුද? විභව අනුක්‍රමණයේ (k) අගය අඩු කළ යුතුය. 12.විභව අනුක්‍රමණය (k) අඩු කිරීමේ එක් ක්‍රමයක් සඳහන් කරන්න. විභවමාන කම්බිය සමඟ ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කිරීම (ධාරාව අඩු කිරීම). 13.විභව අනුක්‍රමණය අඩු වූ විට දී ඇති විභව අන්තරයක් සඳහා ලැබෙන සන්තුලන දිගට කුමක් සිදුවේද? සන්තුලන දිග (l) වැඩි වේ. 14.සන්තුලන දිග වැඩි වීමෙන් ලැබෙන ප්‍රධාන වාසිය කුමක්ද? දිග මැනීමේ දෝෂ ප්‍රතිශතය අඩු වීම සහ නිවැරදිතාවය වැඩි වීම. 15.විභවමාන පරීක්ෂණයකදී 'ආන්ත දෝෂය' (End error) යනු කුමක්ද? කම්බියේ කෙළවරවල් සම්බන්ධක ඇණවලට පාස්සා ඇති ස්ථානවල ඇතිවන අමතර ප්‍රතිරෝධය නිසා ඇතිවන දෝෂයයි. ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

1.විභවමානයක මූලික සැකැස්ම සඳහා භාවිතා කරන කම්බියේ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණය කුමක්ද?
එය ඒකාකාර හරස්කඩක් සහිත එකම ද්‍රව්‍යයකින් සෑදූ කම්බියක් විය යුතුය.

ඒකාකාර කම්බියක් දිගේ නියත ධාරාවක් ගලා යන විට, ඕනෑම කොටසක විභව බැස්ම (V) එහි දිගට (l) අනුලෝමව සමානුපාතික වේ.
Anonymous voting

විභවමානය සන්තුලන අවස්ථාවේදී (Null Method) මනිනු ලබන පද්ධතියෙන් කිසිදු ධාරාවක් ලබා නොගන්නා බැවින්, එය අනන්ත ප්‍රතිරෝධයක් සහිත පරිපූර්ණ උපකරණයක් ලෙස ක්‍රියා කරමින් නියම EMF අගය ලබා දෙයි.
Anonymous voting

විභවමානය "පරිපූර්ණ වෝල්ට්මීටරයක්" ලෙස සලකනු ලබයි
Anonymous voting

Physics Practical Notes 📘 Part 02 💎 නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම. 💎 උෂ්ණත
Physics Practical Notes 📘 Part 02 💎 නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම. 💎 උෂ්ණත්වය සමඟ පීඩනය සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම 💎 ස්ථිර වායු ස්කන්ධයක පරිමාව නියත විට උෂ්ණත්වය සමග පීඩනයේ සම්බන්ධය සත්‍යාපනය කිරීම 💎 මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම 💎 මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන්  අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම  💎 මිශ්‍රණ ක්‍රමය භාවිතා කර විශිෂ්ඨ තාප ධාරිතාවය නොදන්නා ද්‍රව්‍යයක වි.තා.ධා සෙවීම 💎 මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 💎 සිසිලන නියමය භාවිතයෙන් වි.තා.ධා. නොදන්නා ද්‍රවයක වි.තා.ධා.සෙවීම. 💎තුෂාර අංකය භාවිතා කර වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සෙවීම 💎 මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම Access Part 01 👉 https://t.me/DUPhysicsNotes/294 #Practical #Heat #Electricity @DUPhysicsNotes