en
Feedback
𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰

𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰

Open in Telegram

🚀𝖰𝖴𝖠𝖭𝖳𝖴𝖬𝖫𝖪 🇱🇰 | Sri Lanka’s 𝖳𝖾𝖼𝗁 𝖵𝗈𝗋𝗍𝖾𝗑. 𝖧𝖺𝖼𝗄. 𝖢𝗈𝖽𝖾. 𝖡𝗎𝗂𝗅𝖽.⚙️

Show more
346
Subscribers
No data24 hours
-37 days
-930 days
Posts Archive
star reactions , gift ඒහෙම දැම්මොත් මම තරහා වෙන්නේ නැ රත්තරන් යාලුවනේ 🥰

මෙ මාසෙනම් පට්ට හැබැයි Exam 4 (4* Paper + 4* Practical ) ක් Presentation 1 ක් , Project Proposal 1ක් තියෙනවා කරගන්න 🥹

MANUS AI FREE 500 CREDITS 🥰 GET IT

🚨 WordPress Plugin Vulnerability එකක් — BerqWP <= 2.2.42 🚨
RCE Exploit! (CVE-2025-7443) 📅 Published: July 31, 2025 🔒 Severity: High (CVSS 8.1) 💣 Vuln Type: Unauthenticated Arbitrary File Upload 🧑‍💻 Reported by: mikemyers 🔍 Plugin Affected: BerqWP – All-In-One Page Speed Optimization 🛠 Fixed in: v2.2.44 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰

sticker.webp0.26 KB

🎯 “300 Subscriber Special: How Hackers Attempt to Bypass OTPs

300 කරමු ඉක්මනට video series එක පටන්ගන්න 🥰

Practical Hacking Video Series එක
Anonymous voting

Share පාරක් දාමුද කට්ටිය 🥹

BadUSB: ඔයාගේ විශ්වාසවන්ත USB එක පාවා දෙයිද?
මචංලා, අද මම කතා කරන්න යන්නේ පොඩි උපාංගයක් ගැන, ඒත් ඒකෙන් වෙන්න පුළුවන් වැඩ නම් පොඩි නෑ. අපි හැමෝම USB ඩ්‍රයිව් පාවිච්චි කරනවනේ. ෆයිල් කොපි කරන්න, ෆොටෝ බලන්න, සින්දු දාන්න ඔය වගේ ගොඩක් දේවල් වලට ඒක නැතුවම බැහැ. හැබැයි ඔය විශ්වාසවන්ත USB එක දවසක ඔයාව පාවා දුන්නොත් මොකද වෙන්නේ? ඒ කතාව තමයි අද කියන්න යන්නේ. මේකට කියන්නේ BadUSB කියලා!
😈 BadUSB කියන්නේ මොකද්ද බන් ඇත්තටම? හරි දැන් අපි බලමු මේ BadUSB කියන සීන් එක මොකක්ද කියලා. සාමාන්‍ය USB ඩ්‍රයිව් එකක් කරන්නේ ඔයා දාන ෆයිල් ටික ස්ටෝර් කරලා, ආයෙ ඕනෙ වෙලාවක ඒ ෆයිල් ටික ඔයාට දෙන එකනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ජොබ් එක. හැබැයි BadUSB කියන්නේ එහෙම නිකන් ෆයිල් ස්ටෝර් කරන එක නෙවෙයි කරන්නේ.
මොකක්ද මේ වෙනස? 🙄
මේකේ ඇතුලේ තියෙන firmware කියන සොෆ්ට්වෙයාර් එක වෙනස් කරලා තියෙනවා. එතකොට මේ ඩ්‍රයිව් එක පරිගණකයට ගැහුවම ඒක නිකන්ම ස්ටෝරේජ් ඩිවයිස් එකක් විදියට වැඩ කරන්නේ නෑ. ඒ වෙනුවට ඒක කීබෝඩ් (keyboard) එකක් විදියට හරි, නෙට්වර්ක් කාඩ් (network card) එකක් විදියට හරි පරිගණකයට පේන්න පටන් ගන්නවා! දැන් හිතලා බලන්න, ඔයා USB එකක් ගහනවා ෆයිල් ටිකක් ගන්න කියලා. පරිගණකය හිතන්නේ ඔයා අලුත් කීබෝඩ් එකක් ගහලා කියලා. එතකොට මොකද වෙන්නේ? මේ USB එකට පුළුවන් ඔයා ටයිප් කරනවා වගේ කමාන්ඩ්ස් පරිගණකයට යවන්න පටන් ගන්න. ඔයා අතවත් තියන්නේ නැතුව, මේ USB එකට පුළුවන් ෆයිල් ඕපන් කරන්න, ප්‍රෝග්‍රෑම් ඉන්ස්ටෝල් කරන්න, වයිරස් දාන්න වගේ ඕනම දෙයක් කරන්න! මාර සීන් එක නේද? 🛠 මේක වැඩ කරන්නේ කොහොමද බන්? මේකේ වැඩේ වෙන්නේ USB ප්‍රොටෝකෝල් එකේ තියෙන පොඩි "ලූපෝල්" එකක් පාවිච්චි කරන එක. සාමාන්‍යයෙන් ඔයා USB ඩිවයිස් එකක් ගහනකොට, පරිගණකය ඒක මොන වගේ ඩිවයිස් එකක්ද කියලා අඳුනගන්නවා ("device enumeration" කියලත් කියනවා). එතකොට තමයි ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙන්නේ, ඩිවයිස් එක වැඩ කරන්න පටන් ගන්නේ. BadUSB එකේ තියෙන වෙනස් කරපු firmware එක නිසා, ඒක පරිගණකයට පෙන්නන්නේ ස්ටෝරේජ් ඩිවයිස් එකක් විදියට නෙවෙයි. ඒක කීබෝඩ් එකක් විදියට පෙන්නුවොත්, පරිගණකය හිතන්නේ කවුරුහරි ටයිප් කරනවා කියලා. ඒක නිසා කිසිම අවුලක් නැතුව කමාන්ඩ්ස් යවන්න පුළුවන්. ඒ වගේම නෙට්වර්ක් කාඩ් එකක් විදියට පෙන්නුවොත්, නෙට්වර්ක් සෙටින්ග්ස් වෙනස් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. මේකේ තියෙන භයානකම දේ තමයි, සාමාන්‍ය ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකකින් මේක අඳුනගන්න අමාරුයි. මොකද ඇන්ටිවයිරස් බලන්නේ නරක ෆයිල්ස් තියෙනවද නැද්ද කියලානේ. මේක ෆයිල් ශෙයාර් කරන්නේ නෑ. ඒ වෙනුවට ඒක කරන්නේ හාඩ්වෙයාර් ලෙවල් එකෙන් වැඩක්. හරියට ඔයා කීබෝඩ් එකකින් ටයිප් කරනවා වගේ තමයි පරිගණකයට ඒක දැනෙන්නේ.
🛡 අපි කොහොමද මේකට බේරෙන්නේ බන්? 😕
ඔව් මේක ඇහුවම ටිකක් බය හිතෙනවා තමයි. හැබැයි ඔයා ටිකක් පරිස්සම් වුණොත් මේ වගේ දේවල් වලින් බේරෙන්න පුළුවන්.
අඳුනන්නේ නැති USB ගහන්න එපා: පාරේ තිබිලා හම්බවුණ USB, නැත්තං ඔයා දන්නේ නැති කෙනෙක් දුන්න USB එකක් ඔයාගේ පරිගණකයට ගහන්න එපා. ඒක තමයි පළවෙනිම දේ කරන්න තියෙන්නේ.

USB ලොක් දාන්න පුළුවන් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න: සමහර සොෆ්ට්වෙයාර් තියෙනවා, ඒවායින් පුළුවන් ඔයාගේ පරිගණකයේ USB පෝට් ලොක් කරන්න. එතකොට ඔයාගේ අවසරයක් නැතුව කිසිම USB එකක් ගහන්න බැහැ.

ඔයාගේ පරිගණකයේ බයෝස් (BIOS) වල USB බූට් ඩිසබල් කරන්න: ගොඩක් පරිගණක වලට පුළුවන් USB එකකින් බූට් වෙන්න. ඔයා ඒක ඩිසබල් කරලා තිබ්බොත්, හානිකර USB එකකින් ඔයාගේ පරිගණකය බූට් කරන්න හදන එක නවත්තන්න පුළුවන්.

සැක සහිත දේවල් දැක්කොත් පරිස්සම් වෙන්න: ඔයා USB එකක් ගහලා මොකුත් කරන්නේ නැතුව පරිගණකයේ මොනවා හරි අමුතු වැඩක් වෙනවා වගේ දැක්කොත්, ඒ USB එක ගලවලා පරිගණකය ස්කෑන් කරලා බලන්න.
අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰

Drop Reactions For the Post 🥹

BadUSB: ඔයාගේ විශ්වාසවන්ත USB එක පාවා දෙයිද? 🙄 අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰
BadUSB: ඔයාගේ විශ්වාසවන්ත USB එක පාවා දෙයිද? 🙄 අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰

Practical Bug Bounty Video Series එකක් කලොත් මොකද ? 🧐 කමෙන්ට් එකක් දාන්න බලන්න 😍

Adrian Lamo කියන්නේ 1981 පෙබරවාරි 20 වෙනිදා Massachusetts වල උපත ලැබූ ඇමරිකානු තර්ජන විශ්ලේෂකයෙක් සහ හැකර් කෙනෙක්. "Homeless Hacker" කියලා ප්‍රසිද්ධ වුණේ ඔහුට ස්ථිර නිවසක් නැතිව, පුස්තකාල, අන්තර්ජාල කැෆේ වගේ පොදු ස්ථානවල ඉඳන් තමයි හැකින් වැඩ කළේ. Lamo මුලින්ම මාධ්‍ය අවධානය දිනාගත්තේ The New York Times, Yahoo!, Microsoft වැනි ප්‍රසිද්ධ ආයතනවල පරිගණක ජාල වලට අනවසරයෙන් ඇතුල් වීම නිසා. 2002 දී The New York Times හැක් කරලා ඔවුන්ගේ දත්ත පද්ධතිවලට ඔහුගේ නම පවා එකතු කළා. ඔහුගේ අරමුණ වුණේ ආරක්ෂක දුර්වලතා පෙන්වා දීම මිස හානි කිරීම නෙවෙයි. ඔහු තමන් හැක් කළ සමාගම්වලට එම දුර්වලතා නිවැරදි කර ගැනීමට උදව් කළා. මේ නිසා ඔහුව "grey hat" hacker කෙනෙක් විදියට හඳුන්වනවා. ඔහුගේ ජීවිතයේ මතභේදාත්මකම සිදුවීම වුණේ 2010 දී Chelsea Manning (එවකට Bradley Manning) කියන ඇමරිකානු හමුදා බුද්ධි විශ්ලේෂකයා WikiLeaks වෙත රහස්‍ය ලේඛන කාන්දු කිරීම ගැන FBI එකට වාර්තා කිරීම. මේ සිදුවීම නිසා හැකර් ප්‍රජාව ඔහුව ද්‍රෝහියෙක් ලෙස සැලකූවත්, Lamo විශ්වාස කළේ එය ජාතික ආරක්ෂාවට වැදගත් වූ බවයි. අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰

The Homeless Shadow Who Infiltrated Systems See More....
The Homeless Shadow Who Infiltrated Systems See More....

Share පාරක් දාන්න කොල්ලො කෙල්ලො ටික අපි 300 යමු 🥰

Share පාරක් දාන්න කොල්ලො කෙල්ලො ටික අපි 300 යමු 🥰

What's Next? Comment below 👇

reaction දාන්නේ නැති උන් අපායට පලයන් 😂