(සිංහල Novels) Reading Is My Gateway Official Channel ®
Open in Telegram
ඔයාට කවි ලියන්න බැරි නම්,, ඔයා කවියක් වෙන්න මිනිසුන්ගේ හිත් නිවන....💐💐💐
Show more5 802
Subscribers
+324 hours
+157 days
+9130 days
Posts Archive
වට කළු කුමාර, තොට කලු කුමාර,නීල මදන හා මාතාමුළු ලෙස කලු කුමාර කිහිප දෙනෙකුත් ඔවුන්ගේ උත්පත්ති කතා කිහිපයකුත් ජනශ්‍රැතියේ පවතියි.
පෙර ලක්දිව සකළකලා වල්ලභ නම් රජෙකු රජකම් කරන ලද අතර ඔහුගේ අනියම් බිසවකට දාව ඉපදුනු කුමාරයෙක් විය.කුඩා කල සිටම සෙල්ලක්කාර ජීවිතයකට හුරු වූ මේ
කුමාරයා අතින් අතවර වූ කාන්තාවන් බොහෝ දෙනෙකු ගැන පැමිණිලි රට වටින්ම පැමිණෙන්නට විය.
අවසානයේ මේ සියල්ල ඉවසිය නොහැකි වූ රජතුමා ප්‍රසිද්ධියේ එම කුමාරයාට දඬුවම් දුන් අතර මේ නිසා ඔහු තම පියා සමග තදින් වෛර බැන්දේය.අනියම් බිසවකට දාව උපන් බැවින් කිසි විටෙක තමා හට රජ කම ද නොලැබෙන බව දන්නා මේ කුමාරයා රජු මැරවීමට උපායක් කල්පන්න කළේලු.
සකලකලා වල්ලභ රජු දියකෙලියට පොකුණට බැසීම වෙනුවට උඩක සිට දියට පැන ජල ක්‍රීඩා කිරීමට මහත් ආශාවක් දැක්වීය.රජැගේ මෙම පුරුද්ද ඔහු මැරීමට උපක්‍රමයක් ලෙස යොදාගැනීමට සිතු කුමරු කාටත් හොරෙන් නාන පොකුණෙ රජ්ජුරුවො දියට පනින තැන උල් කරපු ලී සිටුවන ලදී. ඒ දියට පනින රජතුමා උල් ලීවල ඇනී මැරෙන විදිහටයි .
එදා දිය කෙළියට ඇවිත් සකල කලා වල්ලභ රජ්ජුරුවො දියට පනින්ට සූදානම් වුණත් රජුගේ තීක්ෂණ කල්පනා ශක්තිය අනුව ජලය මතුපිට වසා සිටින මැස්සෙකු දැක යම් සැකයක් උපදිනවා.
“මැස්සෙකුට ජලය මත වහන්ට පුළුවන්ද? “ වහා රාජපුරුෂයන යොදවා පොකුණ පරීක්ෂා කළා. එයින් රජු මරා දමන්ට පොකුණේ සිටුවා තිබූ ලී උල් හමුවුණා.
ඒ පිළිබඳව කියවෙන පැරණි කවියක් මෙසේය.
පසන් කලාවල්ලභ පිය නර නින්දා
තමන් හට නොදී රජ කරනා සින්දා
මරන්නට නාන පොකුණේ උල් ඉන්දා
සිටින්නට නුනි මෙනුවර මේ සන්දා
වැඩේ වැරදුණු බව දැනගත් කුමාරයා මාලිගාවෙන් පලා ගියා. සමනල අඩවියට ගිය කුමාරයා දිවි නසා ගත්තේලු. මරණින් පසු ඔහු ‘කලු කුමාරයා’ බවට පත්වූ අතර මියගිය පසුත් තම පුරුදු අතහැර ගන්නට බැරුව තවමත් ස්ත්‍රීන්ට විශේෂයෙන් විවාපත් නොවූ තරුණියන්ට අතවර කරන්නේලු.
ඒ හා සම්බන්ධ තවත් කතාවක් ඇත.එහි මුලශ්‍රයට නම් පුරා විද්‍යා සාක්ෂි පවා ඇති අතර ඒ අනුව මහා වංශයේ සඳහන් පරිදිත් මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතාගේ ප්‍රකාශයක් අනුව වැලිගම්පුර "රාජකුලවඩන" විහාරයේ ඇති සෙල්ලිපියේ සඳහන් පරිදි 6 වන ශතවර්ෂයේ රජ වූ බුවනෙකබාහු චක්‍රවර්තී රජ සමයේ ඉන්දියාවේ විල්ලෝඩ් ප්‍රදේශයෙන් පැමිණි කුමරෙක් ලංකාවේ මානවළු ප්‍රදේශය පාලනය කළේ යැයි සඳහන් වේ. ජන්ශ්‍රතියට අනුව ඔහුගේ මාලිගය තනවා තිබුනේ උයන්ගොඩ ආභරණ ඇල්ලට කිට්‌ටුව කඳු මුදුනක බවත් කළුපැහැයෙන් යුතු සද්ධන්ත පුරුෂයෙකු වූ මොහුට සියලු දෙනා කළු කුමාරයා යන අන්වර්ථ නාමයෙක් කතාකල බවත් දැක්වේ.
ඔහුට කොණ්‌ඩමාල, ගිරිමේඛල, ඕංකාර, රතනපාල, මුදුන්මාල, ධර්මපාල, නාගමාල කුමරියන් සත් දෙනෙකුද පරිවාර බිසවුන් 32 ක් ද සිටි බවත් එහෙත් ඔහු අධික කාමාශාව නිසා යෞවනියන්, කාන්තාවන් පසුපස ගිය බවත් සඳහන් ය.
කලු කුමාරයා ඒ කාලයේ ඇතිවූ කැරැල්ලක් මැඬලීමට යැමේදී තමා පැරැදුනොත් කළු කොඩියක් එනවිට ඔසවන බව කියා පිටව ගොස් කැරැල්ල පහසුවෙන් මැඩලා ජය ලබා ආපසු එන විට කුමරියන්ට විහිළුවක් කරන්ට ඕනෑයි හිතා කුමරියන් රැවටීමට කළු කොඩිය ඔසවා ආවේලු. මෙය දුටු බිසෝවරුන් ළඟම තිබූ දිය ඇල්ලට පැන සියදිවි හානි කර ගත්හ.
මාලිගයට පැමිණ කරුණු විමසීමේදී තමාගේ විහිලුව වැරදි ඇති බවත් එයට කම්පා වූ ඔහුද එම අල්ලටම පැන සියදිවි නසාගත් අතර, බිසවුන් තම ආභරණ පිටින්ම දියඇල්ලට පැන්න නිසා එය “ආභරණ ඇල්ල” නමින් හැඳින්වෙන බවත් පසුව මෙම බිසෝවරුන් යක්‍ෂණියන් වූ බවද මෙම කළු කුමාරයා යක්ෂයෙකුව උපත ලද බවත් ජන කතාවලින් කියවේ.
අධික කාමයෙන් මත්වූ රාගාධියෙන් අන්ධ වූ අයෙකු ලෙස මනුෂ්‍ය ජිවිතයක් ලබා සිටියදී ලද පුරුද්ද යක්ෂ ආත්මයටත් රැගෙන ආ බවත් සඳහන් වේ.
මෙම යකාට අත් හතරක් ඇති බව යකැදුරන්ගේ මතයයි. ඉන් දෙකක ඇතුන් දෙදෙනෙකි. එක් අතක කුකුළෙකි. හිසෙහි නයි පෙණ තුනක් ඇත. තවත් මතයක් අනුව මෙම යකාට අවතාර හතකින් පෙනී සිටිය හැකිය. මෙම යකාගෙන් ගර්භනී කතුන්ට සිදුවිය හැකි අපල උපද්‍රව භයානක බැවින් කාන්තාව ගැබ්ගත් මොහොතේ සිට භාරහාර වීම තවමත් ගැමි සමාජයේ සාම්ප්‍රදායිකව පවතියි. බලි තොවිල් හා ශාන්තිකර්ම තුළින් කළු කුමාර දෝෂය නොහොත් තනිකම් දෝෂය පලවා හැරිය හැකි බව ගැමියන්ගේ විශ්වාසයයි.
ඉතාමත් සුරූපී රජක ස්ත්‍රියක් රජවාසලේ රෙදි සෝදන කටයුතු සිදු කළේලු.කෙසේ හෝ රජුට දාව මේ කාන්තාව දරුවෙකු බිහි කළ අතර ඔහු කළුපැහ ශරීරයකට හිමිකම් කියූ බැවින් “නීල” නම් වුවේලු.
කෙසේ නමුත් මේ නීල රාජකාරී කිරීමට එන තම මව සමග රජමාලිගයට පැමිණෙන අතර වයස අවුරදු සයක් වූ මේ දරුවා දිනක් රජුගේ යගදාව ගෙන බලා එය උඩු යටිකුරු කර තබන ලදී.කෙසේ නමුත් මෙම යගදාව සාමාන්‍ය පුරුෂයෙකුට එසවිය නොහැකි තරම් බර වූ අතර මෙය දුටු රජතුමා “මාගේ යගදාව එසවූ හපනා කවුදැයි ” ප්‍රශ්න කළේලු. අවසානයේ සොයා බැලීමේදී මෙය නීලගේ ක්‍රියාවක් බව දැනගෙන ඔහුව රජවාසලේ තබගත්තේලු.වයසින් වැදුන පසු රජුගේ සෙනවියෙකු වූ බවට පත්විය .(පසු කලෙක ගජබා රජු සොලී රට ආක්‍රමණය කර තම පියාගේ සමයේදී මෙරටින් ගෙන ගිය සිංහල සිර කරුවන් බේරා ගැනීමට සොලී රටට යාමට යගදාවෙන් ගසමින් මුහුද දෙබෑ කර පාර සාදා දුන් නීල මහා යෝදයා මොහුය)
එලෙස ඉන්දියාවට ගිය පසු නීල අපූරු ගමකට යන බව සඳහන් වෙනවා.මේ කතාවට අනුව ඒ ගමේ ජිවත් වුනේ ස්ත්‍රීන් පමණක්ලු.
යසින් කුමරු සොලී පුරේ යන්නට සැරසු න්
ගොසින් මුහුද මැද සිටගෙන යගදා ගසමිමි න්
රොසින් කිපී එමවිට මණිමේකළාන න්
ගාසින් කුමරු ගොඩ බැසිකළ ස්ත්‍රී පූරටව න්
එනුවර සිටි නාලියොහට පුරුස බයක් නැ තී
අනුවන බස් කියා ලදුන් කාමෙට ලොබවෙ තී
දෙනුවන මල් කැකුළු සේම පියයුරුනටව තී
අනුවන ළඳලියෝ ඇවිත් කුමරු බදා ග ති
බාළ තරුණ අඟනන් හට විදිනට බැරි වෙ තී
රාළ කියා එකින්නෙකා පොර අල්ලාග තී
දැළවරේ වටලාගෙන කුමරුන් ලෙවක තී
කෝළහලෙන් කුමරු මැරී පණචුත විය තී
ඒ ස්ත්‍රීන් වසන ස්ත්‍රී පුරයට ගිය නීල කුමරුට මහත් ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය.නීලගේ දැවැන්ත සිරුරට වශීවූ ස්ත්‍රීන් ඔහුගේ සිරුරේ එල්ලී සිරුරේ දැවටී එක පොකුරට නීලව බදා ගත්තේය.ස්ත්‍රීන් එකිනෙකා පොර අල්ලමින් සිදුකළ මෙම වියරු ක්‍රියාවෙන් කුමරු මහත් අපහසුතාවකට පත්විය.ස්ත්‍රීන් ඇගේ දැවටීම නිසා ඇතිවූ රාගී සිතුවිලි නිසාම තම ශරීර ශක්තිය යොදා ඔවුන්ට පහරදී බේරී යාමටද නීලට නොහැකි විය.ඇතැම් ස්ත්‍රීන් නීලගේ සිරුරේ කොටස් ටික ටික කඩාගෙන කෑ බවද සදහන්ය.අවසානයේ අධික මෛථූනය හේතුවෙන් නීල මිය ගියේය.ස්ත්‍රීන් කෙරේ ආශාව වෛරය මුසුව මියයාම නිසා නීල "නීල මදන කළු කුමාර" යක්‍ෂව උපන් බව සදහන්ය.
මල්වර වෙලා ඉස් නානට යන ගමනේ
මනකල් වෙලා හඬ තලමින් නානතුනේ
මල්වර තරුණ අඟනන් දැක අල්ලමිනේ
ඇල් නොව රකින් ආතුර කළු කුමරුවනේ
බොහෝ තලතුනා වැඩිහිටියන් විසින් කාන්තාවන්ට විශේෂයෙන් විශේෂයෙන් විවාහපත් නොවූ තරුණියන්ට ඉර බැස යන වෙලාවට ලිං පොකුණු වලින් නෑමට නොදෙන්නේලු.එයට හේතුව වශයෙන් සඳහන් කරන්නේ කළු කුමාර නම් යක්ෂයෙකුගේ ඇල්ම බැල්ම වටේ යැයි බිය නිසවෙන්ය.
ජනප්‍රවාදයේ එන කළුකුමාර දෝෂයට අනුව එසේ පැමිණෙන කුමරු එම දෝෂයට ලක්වූ කාන්තාවන්ට නින්දෙදී අහර කවයි. ලිංගික ආශ්වාදයක් ලබාදෙයි. මේ නිසා ආහාර අරුචිය, වෙනත් පිරිමින් හොරුස්නා ගතිය, උණ විකාරයෙන් කියවීම, නින්දෙන් පිබිදී නිවසින් එළියට යාම ආදී බොහෝ දේ සිදුවෙයි. එසේම තරුණ කාන්තාවන්ගේ සිරුර කෘෂ වෙන අතර දරුවන් නොලැබීම, ඔසප්චක්‍රය අක්‍රමවත් වීම, මළ දරුවන් ලැබීම, ගබ්සාවීම ආදී ව්‍යාධීන් සිදුවෙයි. එම නිසා කුමන හෝ හදිසි අවස්ථාවක තරුණියක් ගෙයින් පිටව යන විටද යකඩ කැබැල්ලක්, ගිරයක් අත තබාගෙන යන්නේද මේ යක්‍ෂයාගේ බැල්මෙන් වළකින්ටය.
එමෙන්ම ඉහත කවිය අනුව ද කාන්තාවන් විශේෂයෙන් දැරියන් ස්‌නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම්වලින් වැළකීම හොඳය.එලෙස කෑකෝ ගැසීමෙන් කළු කුමාරයාගේ ඇල්ම බැල්ම වැටීම සිදු විය හැකි යැයි දැක්වේ.
කෙසේ වෙතත් අතීත ජන සමාජයේ මෙවැනි තහංචි දැමීම මගින් කාන්තාවන්ගේ සංවර බව රැකගැනීමට හා ඔවුනට සිදු විය හැකි අකටයුතුකම් වලින් ද ආරක්ෂා වූ බව පැහැදිලිය. එමන්ම සමහරක් විටක කලු කුමාර සංකල්පය වැඩිවියට පත් දැරියන් සමාජයේ ඇති නපුරින් බේරාගැනීම සඳහා භාවිත කළ මනඃකල්පිතයක්ද විය හැක. අදටත් විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි මෙම සංකල්පය හරහා කාන්තාවගේ ආරක්ෂාව වෙනුවෙන් බොහෝ තහංචි ඇති කරනු ලබයි. එලෙසම ප්‍රබල මනෝ විද්‍යාත්මක හරයක්ද මේ තුළ ගැබ්ව ඇත. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් අපුර්ව, නිර්මාණාත්මක ලක්ෂණ ප්‍රකට කරන ජනශ්‍රැතියක් වශයෙන් මෙය හඳුනාගත හැකිය.
කලු කුමාර යකා වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන තරුණියන්ට බැල්ම හෙළන ස්‌ථානයන් වන්නේ යන එන තැන, නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්‌ස ගස් ළඟ, කිරිගස්‌යට, මංසැල වල, රදා තොටුපල, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුළුටු, මස්, බිත්තර බැද කා යන විට වතක් ගලවා වතක් අඳින තැන් ආදිය වේ.
කළු කුමාරයා- උප්පති කතා (1)
මනුෂ්‍ය ශරීරයට රෝග පීඩා ගෙන දෙන පෙනෙන හා නොපෙනෙන බලවේග බොහෝය. වා පිත් සෙම් හා විෂබීජ වූ කලී හඳුනාගත හැකි පෙනෙන බලවේග ගණයට වැටෙන කාරණාය. ඒ හැරුණ විට එදා ගැමි සමාජයේ බොහෝ දෙනකු ලෙඩ කළේ යක්‍ෂ ප්‍රේත භූත ආදී නොපෙනෙන බලවේග විසින් බව එදා යකැදුරෝ මෙන්ම ගැමියෝ තදබල ලෙස විශ්වාස කළහ.
මේ ආදී වශයෙන් මනුෂ්‍ය ශරීරයට ලෙඩ රෝග පීඩා ගෙනදුන් යක්‌ෂයෝ සිටියහ. යක්‌ෂ දිෂ්ඨිද තිබුණහ. තවත් බලවේගද සිටියහ. මේවා අතර මහ සොහොන් යකා, කළු යකා, රීරි යකා, කළුකුමාර යකා ආදී යක්‌ෂයෝ බහුලය. කළුකුමාර යක්‌ෂයා නොහොත් කළු කුමාරයා ගමෙහි වෙසෙන රූමත් කාන්තාවන්ට දිෂ්ඨි දමා ඔවුන් ඔත්පල කරන නිසාය. ගමේ කාන්තාවන් (විශේෂයෙන් යුවතියන්) අසාමාන්‍ය ඇවතුම් පැවතුම් ඇති සිහි විකල් වූ රෝගී තත්ත්වයට පත්කරන්නේ කළු කුමාර දිෂ්ඨියයි.
එදා ඒ ගමෙහි සිටි වැඩිහිටි කාන්තාවෝ හා කාරණ, කාරණා දන්නා පිරිමි තම නිවෙස්‌වල සිටින යුවතියන්ට හා තරුණ කාන්තාවන්ට ගොම්මං යාමයේ තනිපන්ගලමේ ගමන් බිමන් යැම තහනම් කළේ කළු කුමාර දිෂ්ඨියේ තරම දන්නා නිසාවෙනි.
විශේෂයෙන්ම ඉර බැස යන කණිසමේ "පිස්සියෝ වගේ කොණ්ඩෙ කඩා ගෙන අවේලාවේ නාන්න එපා." යැයි වැඩිහිටියන් පවසන්නේ එවැනි අවස්ථාවක කළුකුමාර දිෂ්ඨියට ලක්වීම හැකි බැවිනි.එසේම ගෙයි දොර කඩ, ගේ පිටු පස, මල් පැල අසල තොණ්ඩෙ කඩාගෙන සිටීම නුසුදුසුය. කලු සහ රතු ඇදුම් ඇදීමෙන් වැලකී ලා වර්ණ ඇදුම් ඇදීම වඩාත් සුදුසුය.
කෙසේ වුවත් කලු කුමාරයාගේ බැල්ම ලැබුණු කාන්තාවන් ඒ ගැන වෙනත් අයෙකුට කියන්නෙ නැතිලු.ඊට හේතු කීපයක් ඇත. එකක් කාලයක් ගත වනතුරු ඇය ඒ බව නොදැන සිටීමය. එසේම කලු කුමාරයාට පෙම් කරන බව කෙනෙකුට කියන්නට ලැජ්ජා සහගත වීම නැතහොත් ඇය කලු කුමාර ඇසුර ආරක්ෂා කිරීම වැනි හේතුය. මේ නිසා බොහෝ කාන්තාවන් තමාට කලු කුමාර දෝෂයක් ඇති බව දැන ගන්නේ කල් ගත වීමෙන් පසුවය. එය පවසන්නෙ කල් ගත වී තමාට පාලනය කර ගත නොහැකි රෝගයක් වැලදුණු පසුවය.ඔවුන්ට වැළදෙන රෝගය වෛද්‍යවරයාට සොයා ගැනීම අපහසුය. ඊට හේතුව නම් රෝග ලක්ෂණ පහල නොවීමය.
කලු කුමාරයා රකුසකුගේ වේෂයෙන් කාන්තාවන් වෙත පැමිණෙන බව කීමට බොහෝ දෙනා පුරුදුව ඇත. කොණ්ඩය දිගට වවා ගෙන උල් නිය අත් සහිත රතුවන් දෙනෙත් ඇති සුදු ඇදුමක් ඇද හෝ නිරුවත්ව කාන්තාවන් වෙත පැමිණෙන කලුවන් ශරීරයක් ඇති පුද්ගලයකු ලෙස කලු කුමාරයා හදුන්වයි.
එහෙත් හුදෙක් මෙය පුරැද්දට කියන දෙයක් ලෙස මිස කලු කුමාර දෝෂය ඇති වු ස්ත්‍රීන්ගෙන් ලබා ගත් තොරතුරු මත පදනම් වු ඒවා නොවේ.එවැනි කාන්තාවන්ගෙන් ලැබුන විස්තර වලට අනුව කලු කුමාරයා ඔවුන් වෙත පැමිණෙන ස්වරුපය එකිනෙකට වෙනස්ය. ඇතැම් අවස්ථාවල තමාගේ පෙම්වතා ලෙසය. නැතහොත් තමාගේස්වාමිපුරුෂයා හෝ අනියම් ස්වාමිපුරුෂයා ලෙස හෝ තමා ආදරය කරන නලුවෙකු වීරයකු ලෙසිනි.
ඉහත කී ලක්ෂණ වලට වඩා භයානක රෝග ඔහු නිසා ඇතිවේ. එනම් විවාහ ප්‍රමාද වීම සහ දරු ඵල නොමැති වීමයි. තරුණියන්ට විවාහ වීමට නොදී ඇය තමා සතුකර ගැණිම ඔහුගේ පුරැද්දය. වෙනත් ග්‍රහ දෝශ නොමැතිව විවාහ ප්‍රමාද වන්නෙ මේ සාධකය නිසාය. විවාහ වු කාන්තාවන්ට දරුඵල අහිමි කරන්නට තරම් මේ කලු කුමාරයා කුරිරුය. ශාරීරික දෝෂ නොමැති වුවත් වෛද්‍යවරුනට සොයාගන්නට නොහැකි දරුඵල පමාවන බොහෝ කාන්තාවන්ට මේ කලු කුමාර දෝෂය ප්‍රධාන සාධකය වී ඇතයි සැළකේ.
ඇවිදින් කලු යකු හැම සත බය කර
වැසෙමින් අගනන් දරුඵල නැතිකර
වැසෙමින් කුස ලේ ඇමියා කිළිකර
පවසන් කෙළි පුද දුන් හැටි රුසිපෙර
කාන්තාවන්ට දරුඵල අහිමි කිරීම ඔහුගේ සිරිත වනුයේ ඔහු පෙම් කරන කාන්තාවන්ට වෙනත් අයෙකුගෙන් දරුවන් ලැබෙනවාට ඇති ආත්මාර්ථකාමී හැගීම නිසාවෙනි. මේ නිසා ඔහුගේ දෝෂය ඉතා දරුණුය. මෙහි අවසාන ප්‍රතිඵල ලෙස කාන්තාව කෙට්ටු වී රෝගී වී මිය යැමට පවා ඉඩ ඇත.
නමුත් නූතන මනෝ විද්‍යාවට අනුව මේවා සිතෙහි ඇතිවන ලෙඩ ලෙස වර්ගීකරණය කරමින් ඒවාට සුදුසු ප්‍රතිකර්ම පවා සිදුකරයි.බොහෝ විය ඒවා ඵලාත්මක වුවද තවම මිනිසුන් කෙරෙන් කළු කුමාර දිෂ්ඨියයි හා සංකල්පය ඈත් නොවී පවතියි.
කළු කුමාර යක්‌ෂ සංකල්පය අපේ රටේ වැඩි දුර ප්‍රචලිතව ඇත්තේ දකුණු පළාත තුළය. එහෙත් උඩරට පහත රට සබරගමු යන තුන් සම්ප්‍රදාය තුළම අඩු වැඩි වශයෙන් කළු කුමාරයාට සම්බන්ධ පුරාවෘත්ත ජනප්‍රවාදයේ පවතින බවට ලිඛිත මෙන්ම මුඛ පරම්පරාගත සාක්‍ෂි ගණනාවකි.
කළු කුමාරයා යනු “දේව පුරාණයට” අනුව දෙවියකු බව පැහැදිලිය. එනමින් එක් දෙවියකු නොව දෙවිවරු සත් කට්‌ටුවක්‌ම අතීතයේ විසූ බවට සාක්‍ෂි දනවනතත් අපේ රටේ තොවිල් පවිල් කරන යකැදුරු පරම්පරාවන් මුඛ පරම්පරාගතව රැගෙන එන සාහිත්‍යයට අනුව කළු කුමාරයා යනු යක්‍ෂයෙකි.
මේ යක්ෂයා පිළිබදව උප්පති කතා කිහිපයක්ම පවතී.ඉන් එකක් ගජබා රජ සමය තෙක් දිව යයි.
” ඒ දවස් වලත් දැන් වගේ මං මෙච්චර හිත හයිය ගෑනියෙක් වුනානම්, දරුණු ගෑනියෙක් වුනානම් මම ඉන්නේ මේ ගඩොල් ගෙදර නෙවෙයි බං මහ උළු ගෙදර…එච්චර හයියක් ඒ කාලේ මට තිබුනේ නෑ…පොඩ්ඩ ඇත්නම් ඇස් වල කදුලු පුරෝගන්න බයට කකුල් දෙක පවා වෙව්ලන මෝඩ අහිංසක කෙල්ලෙක් මං…”
” කවුද එතකොට දරුවගේ තාත්තා …”
“පියසිරි..”
” පියසිරි කියන්නෙ කවුද…”
” තාත්තා…දරුවගෙයි මගෙයි දෙන්නගෙම…”
ජයේට හීල්ලුනා…කවුරුත් නොදන්න හිත් අස්සෙම වැළලිලා යන කතන්දර මිනිස්සුන්ගේ පපු අස්සෙ කොච්චර නම් තියෙනවාද කියලා ඔහුට හිතුනා.
+1
ඔබ දැනගෙන සිටියාද වයසින් මුහුකුරා ගිය ඔබේ ඇතුළාන්තයේ තවමත් සුන්දර ළදරුවෙකු සිටින බව💙
ගැඹුරු නින්දක පසුවෙන එම ළදරුවා අවධි වන්නේ එක්තරා පුද්ගල කොට්ඨාසයක් ඉදිරියේදී පමණයි
පුංචි කාලේ බිස්කට්ටුවක් තේ එකක පොගවන් රූපවාහිනි තිරයේ බලපු කාටුන් ගැන කතා කරනවා
තේරුමක් නැති දේවල් ඔහේ දොඩමළු වෙනවා
වචනයක්වත් කතා නොකර පැය ගණන් හිනා වෙන්න පුලුවන් වෙනවා,
ඔබට ඔබ ලෙස ජීවත් වෙනවා කියලා දැනෙනවා,
පුංචි දරුවෙක් අම්මේ චූ බරයි ඉදන් දැනෙන හැමදේම කියනවා වගේ පුංචිම දේ පවා බෙදා ගන්න හිතෙනවා
ජීවිතයේ හැම මනුස්සයෙකුටම මෙවැනි සැහැල්ලු බැදීම් මුණ ගැසිය යුතුමයි. ඔබ තුළ නිදන්ගතව උන්නා වූ ඒ ළදරුවා අවධි විය යුතුමයි. ඔබට ඔබ ජීවත් වෙනවා, ජීවිතය මේ තරම් සුන්දරද කියලා ඒත්තු ගැන්වෙන්නේ එවිටයි. එහෙව් මායාකාරි මිනිසුන් ඇත්තටම blessing එකක්. ඇත්තටම ජීවිතේ හරිම ලස්සන ගමනක් ලස්සන හදවත් ඇති ආත්මයන් මුණ ගැසුණු කල්හි💙
පිං ඇති සරසවි වරමක් දෙන්නේ එදිරිවීර සරත්චන්ද්‍ර.pdf
හිතුවක්කාර පුත්තු යෞවන සමින්ද්‍ර රත්නායක.pdf
දාන පොත්වලට රියැක්ට් දාන්න කම්මැලි නේද?මහන්සියි නේද?👀.අලුත් පොත් දාන්නත් කම්මැලියි,මහන්සි ඒනම්👀🙄.
Available now! Telegram Research 2025 — the year's key insights 
