en
Feedback
SLCC PDF & EDUCATION VIDEOS

SLCC PDF & EDUCATION VIDEOS

Open in Telegram
1 813
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ඔයාලා මොනවටද වැඩියෙන් කැමති.
Anonymous voting

මැදියම් රාත්‍රියේ " ලවර්ස් ලීප් " දියඇල්ල මුදුනේ ලතෝනි දෙන අත්භූත පෙම්වතුන් යුවල කවුරුන්ද ? නුවරඑළියේ සිට 2 km ක් පමණ දුරින්
+2
මැදියම් රාත්‍රියේ " ලවර්ස් ලීප් " දියඇල්ල මුදුනේ ලතෝනි දෙන අත්භූත පෙම්වතුන් යුවල කවුරුන්ද ? නුවරඑළියේ සිට 2 km ක් පමණ දුරින් පිහිටි ඉතාම මනහර දියඇල්ල ක් වන lovers leap , ආරම්භ වන්නෙ පිදුරුතලාගල කඳු මුදුනේ සිටයි.. දහවල් කාලයේ කොයිතරම් වේලාවක් මෙහි සිරි නැරඹීම් සිදු කළත් හවස 6 න් පසු ව නං කිසිම සංචාරකයෙක් වත් ගැමියෙක් වත් මේ දියඇල්ල අවට නොසිටින බව තමයි දැනගන්නට තිබෙන්නේ .. ඊට හේතුව තමයි ඉතාම අද්භූත ගුප්ත හොල්මන් අවතාර මෙම දියඇල්ල අරක් ගෙන අවට පරිසරයේ සැරිසරන බවයි.. මේ සිදුවීම් වලට මූලාශ්‍ර වෙච්චි අතීත ආදර කතාවක් තියෙනවා .. ඒ තමයි ඈත අතීතයේ රාජකීය කුමාරයෙක් මේ දියඇල්ල අවට වනාන්තරයේ අතරමං වී සිටියදී ගැමි ළඳක් ඔහු ට මාර්ගය පෙන්ව දී ඔහුව නිරුපද්‍රිතව රජවාසලට පිටත් කර හරිනවා.. මේ සුරූපී ගැමි ළඳගේ නැවුම් ලාලිත්‍යට වශී වෙන රාජ කුමාරයා නැවත නැවත ඒ ගම්මානයට පැමිණ ඇය හා රහසේ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනව . නමුත් ඔහු රජ කුමරෙක් වීමත් ඇය ගැමි ළඳක් වීමෙත් ඉරණම විසින් ඔවුන්ට කිසිදා විවාහ වීමට නොහැකි තැනට කටයුතු යෙදෙනවා.. මේ හේතුව නිසාම ඉතාම දැඩි කනස්සල්ලට පත් වෙච්චි කුමරු සහ තරුණිය දෙදෙනාම මේ දිය ඇල්ලෙන් පැන දිවි තොර කරගන්නවා.. එදායින් පටන් සෑම රාත්‍රියකම මැදියමේ, මෙම දියඇල්ල මුදුනේ සිට ඒ පෙම්වතුන් යුවල ලතෝනි දෙමින් හඬමින්ම එකපාරටම දිය ඇල්ලට යමක් වැටෙනව වැනි හඬකුත් සමඟම ඒ වටපිටාව එකපාරටම නිශ්කලංක වී යනව ලූ... ඉන් පසුත් අවස්ථාවන් කීපයකදීම පෙම්වතුන් මෙම දියඇල්ලෙන් පැන දිවි තොර කරගෙන තියෙනවා .. පෙම්වතුන් පනින දියඇල්ල කියන අදහසින්ම මේ දියඇල්ලට " Lovers leap waterfall " කියල නම් තබලා තියෙනවා ...

කාලි මෑනියන්ට වැරදියට පහන තියලා සිදුවුන සිදුවීමක්...👹️🙏 ඉතින් අවසරයි අද කතාවට යන්න හුග දවසකට පස්සේ 😌.මේක මට වුන ඇත්ත සිදුව
කාලි මෑනියන්ට වැරදියට පහන තියලා සිදුවුන සිදුවීමක්...👹️🙏 ඉතින් අවසරයි අද කතාවට යන්න හුග දවසකට පස්සේ 😌.මේක මට වුන ඇත්ත සිදුවීමක් .කාලි මෑනියන් එක්ක වැරදියට වැඩ කරන්න ගිහින් . 😑 හරි අපි යන් කතාවට. හරි යටම මේ සිදුවීම වෙනකොට මට අවුරුදු 15 හෝ 16 O/L ලියන්න ඉද්දි තමයි මේක වුනේ.කොරොනා වලට නිවාඩු දුන්න ඉස්කෝල .ඊට කලින් ගෙදර අය එක්ක අපි ගියා නිකන් වැදලා එන්න මුන්නේශ්වරම් කාලි කෝවිලට ඔහෙ ගිහින් එද්දි ලස්සන පිලිමයක් දැකලා කාලි මෑනියන්ගෙ මන් ඉතින් අරගත්තා. අරන් ඇවිල්ල ඕක තිබ්බා ගෙදරින් තියලා .කොරොනා වලට නිවාඩු දුන්නට පස්සෙ ගෙදර ටම වෙලා ඉද්දි නිකමට අල්මාරි ය අදිද්දි මේක මට අහම්බෙන් හම්බුනා .මොනාද කරන්නෙ මේකට කියලා හිත හිතා ඉදලා තියනවා පහනක් තියලා ඉතින් මෙලෝ සසරක් නොදැන කාලි මෑනියන්ට පහන තියන්න තැනක් හැදුවා. හදලා කරලා.අගහරුවාදා දවසක හා හා පුරා කියලා රතු මල් එහෙම තියලා පලවෙනි පාරට පහන තිබ්බා...තියල හොයාගත්ත මන්ත්‍ර ටිකකුයි ගාතා ටිකකුයි කියලා වැදලා කරලා ඉතින් ආවා .ඔහොම ගෙවුනා මුල් සතිය. හැබැයි දෙවනි සතිය වෙද්දි තමයි මේ සේරම සිද්දි පටන් ගත්තේ .හරි යටම දවස් 15-16 වගේ මන් පහන තියනකොට මට දැනෙනවා කවුරු හරි ලා කෙදිරිලි සද්දයක් කන ගාවම ඒ වගේම පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා වගේ තේරෙනවා හැරිලා බලද්දි කවුරුත් ම නැහැ.ඊට පස්සෙ ආයෙ පහන පැත්ත හැරිලා වදිද්දි තේරෙනවා පිට පැත්ත අයිස් කැටයක් තිබ්බා වගේ සීතලයි හැබැයි මූනෙන් අම්බානකට දාඩිය බේරෙනවා..😕 මේ දවස් වෙද්දි මගෙ හැසිරීම පවා ඇත්තටම බලන් ඉද්දි වෙනස් උනා කොච්චර හිටියත් නිදිමතයි ,කන්න බෑ ,නිතරම කේන්ති යනවා අම්මා එක්ක ඉවරයක් නෑ. (දැන් කියන්න එපා ඒ කාලෙ එහෙම තමයි ඒ පීඩනේට කියලා පීඩනේ නොදන්නවා නෙවෙයි නේ මානසික දොස්තර ලා ටිකට කිව්වේ 🫢).ඉතින් ඔහොම යද්දි ඔය සිදුවීම හැමදාම වෙනවා ඒ වගේම පහන තියලා එද්දි මාරම බැදුම් ගදක් එනවා හැබැයි මට විතරයි .ඔහොම යද්දි එක දවසක් මන් ගෙදර අය එක්ක හේතුවක් නැතුවම රන්ඩු වෙලා හෙන සද්දයක් දාලා පහන තිබ්බෙත් නෑ .එදා රෑ දහයට විතර නිදාගන්න ගියාම කොච්චර හිටියත් නින්ද නන් යන්නැ ෆෝන් එක ඔබනවා ඒත් නින්ද යන්නෑ නිකමට වෙලාව බැලුවම හරි යටම වෙලාව පාන්දර 1.50 වගේ . සිවිලිමේ උඩ තියෙනවා සාමාන්‍යයෙන් 6×6 වගෙ පොඩි හිඩැසක් ඒකෙන් මගේ කාමරයයි එහා පැත්තෙ කාමරෙයි වෙන් වෙන තැන බිත්තියේ උඩ කොටස පේනවා.එහා පැත්තෙ කාමරෙ අපි පොඩි ලයිට් එකක් දාලා තියෙන්නෙ ඒකෙ කවුරු ත් නෑ .ගෙදර බඩු මුට්ටු තමයි තියෙන්නෙ. හරි යටම ඔය කිව්ව වෙලාවෙ මට ඔතන උඩ බැලුනා.බුදු අප්පේ සංසාරෙ කියන්න ඒ වෙලෙ මන් දැක්කා ඇස් දෙකටම කලුම කලු මිනිහෙක් දත් විලිස්සන් එතන උඩ ඇන තියාගෙන බලාන ඉන්නවා.එක එල්ලෙ මන් දිහා බලන් හිටියේ .නිකන් ඇගට පයින්න වගේ . මගේ ඔලුවට ආවේ එකපාරම හොරෙක් ද දන්නෑ කියලා කෑගහන්න යද්දි වචන පිට වෙන්නෙත් නෑ මගෙන්.ඒත් අමාරුවෙන් දොර ඇරගෙන යටි ගිරියෙන් හොරෙක් හොරෙක් කියලා කෑගහැහුවා එතකොට ගෙදර මිනිස්සු ආවා.ඇවිල්ල ලයිට් දැම්මා හතර වටේම . ඒ කෑගැහිල්ලට ගෙවල් උඩහා ඒ දවස්වල හද හද තිබ්බා බිල්ඩින් එකක් ඒකේ බාස් ලත් ඇහැරන් ඉදලා තියෙන්නෙ එයාලාත් දුවන් ආවා ටෝච් ගහන් ඉස්සරහ පැත්තෙන්. ඇවිල්ල මන් විස්තරෙ කියද්දි ඇත්තටම හොරෙක් තියා සතෙක් වත් ආවා කියලා ලකුණක් වත් නෑ හොයන්න. ඒ වගේම ඒ වගේ සිවිලිමකට මනුස්සයෙක් පැන්නානන් සිවිලිම කඩන් වැටෙනවා කිව්වා බරට.අහ් කියන්න බැරි උනානෙ අර දැක්කා කිව්ව එකා ටිකක් ඉදලා ඒ එක්කම ඌ පැන්නා සිවිලිමට.හැබැයි කිසි සද්දයක් වත් ආවේ නෑ. ඉතින් අර ආව අයත් කතාව අහලා මටත් විහිලුවක් කරලා ගියා යද්දිම මට මතක් උනේ ඊයෙ පහන තිබ්බේ නැහැනේද ඒ නිසාද දන්නෑ කියලා . බයටම ඊලග දවසෙ පහන තියන්න යද්දී වත්තෙන් එලියේ ආන් අර දැක්ක එකා හිටියා එක එල්ලෙ මන් දිහා බලන් දත් විලිස්සන් . එදා බය උන පාරට නන් ඇඩ්‍රස් නෑ වචන පිට වුනෙත් නෑ ඒ වෙලාවේ නම්. පස්සේ එදෑන් පස්සෙ පහන තියා ඒ පැත්‍තටවත් ගියේ නෑ පිරිත් කිය කිය හිටියා බයටම මොක්ද ඒ කාලෙ ඉතින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියලා දැනන් හිටියට මෙලෝ හසරක් කරගන්න නම් දන්නෑ . පස්සෙ ඉතින් මේ පැතිවලට නැබුරු උනාම ඒ උන් සිදුවීම හොයලා බලද්දි තේරුනා කාලි අම්මට කියලා පහන තිබ්බට පහන කැප අරන් තියෙන්නෙ වෙන යකෙක් කියලා ඌ තමයි පහන නොතිබ්බ නිසා ඇවිල්ල තියෙන්නේ.. තව කාලයක් නිකන් හරි පහන තිබ්බා නම් වෙන්නෙ විශාල විනාසයක් .නූලෙන් ඒකෙන් බේරූනා.. ඕන් ඔහොමයි කාලි අම්මට වැරදියට පහන තියලා උන සිදූවීම.ඒ හැටි බයක් නම් නැතුව ඇති ඉතින් මේකට හැබැයි ඇහෙන් දැක්කා නන් තමයි කීරී ගැහෙන්නෙ..

මේක මගේ පුද්ගලික අත්දැකීමක්. දිනය - 2024.06.29 වෙලාව - අලුයම 12.30-.130 අතර ස්ථානය - මීරිගම අධිවේගී පිවිසුමෙන් පිට වී කි. මී. 2-3ක් පමණ කඩවත දෙසට පැමිණි පසු වංගුවක මාත් මගේ සැමියාත් යාපනයේ චාරිකාවක් ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටියෙමු. අධික ගමන් විඩාවත්, නිදිමතත් නිසා මීරිගම අධිවේගී පිවිසුමෙන් පිට වුණු විගස ඇති කඩයකින් තේ පානය කර මතුගම බලා ගමන් ඇරඹුවෙමු. එහෙත් අධික නිදිමත බැවින් අප ප්‍රධාන මාර්ගයේ පසෙකට වන්නට වාහනය නතර කොට ටික වේලාවක් නිදා ගැනීමෙන් පසු නැවත ගමන් ආරම්භ කිරීමට සූදානම් විය. රථය නවතා ආසන ද නින්දට සුදුසු පරිදි සකස් කළ විගස අප දෙදෙනා නින්දට වැටුණි. නින්ද ගොස් ස්වල්ප වේලාවකින් මා සිහිනෙන් දුටුවේ අපගේ මෝටර් රථය කිසිවෙකු විසින් පසුපසින් තල්ලු කරන ආකාරයකි. කළු පැහැ ඇඳුම් ඇඳගත් දෙදෙනෙකු විසින් මෝටර් රථය තල්ලු කළ අතර තවත් කලු පැහැ ටී ෂර්ට් එකක් ඇඳගත් මහත පුද්ගලයෙකු මාගේ ආසනයේ කවුලුව විවෘත කිරීමට උත්සහ දැරීය. එම පුද්ගලයා කවුලුව විවර කර මාගේ ස්වාමියා දෙසට ආයුධයක් දිගු කරන අතර මාගේ ශරීරය ද ස්පර්ශ කිරීමට තැත් දැරීය. මා කෑ ගැසීමට උත්සහ කළ ද හඬ පිට නොවූ නමුත් අපගේ වාහනය ද ඉදිරියට ඇදෙනවා හොඳින් ම දැනුණි. මා නින්දත් නොනින්දත් අතර සිට අවදි වීමට උත්සහ දරන අතර යාබද අසුනේ සිටි මාගේ ස්වාමි පුරුෂයා ද සිහිනයෙන් බිය වී කෑ ගසන්නට විය. මා ඉක්මනින් නැගිට ඔහු නැගිට්ටවා කරුණු විමසන ලදී. අපගේ වාහනය පුද්ගලයන් තිදෙනෙකු විසින් තල්ලු කරගෙන යන බවත්, වාහනය ඉදිරියට ගමන් කරන ආකාරය හොඳින් ම දැනුණු බවත් කීවේ ය. එයින් එක් උස මහත පුද්ගලයෙක් මා හට කරදර කිරීමට සැරසුණු බවත් එම පුද්ගලයා හට බැන වැදී වාහනය පණ ගන්වන්නට තැත් කළ බවත්, නමුත් කිසිදු හඬක් නොනැගුණු බවත් ඔහු ප්‍රකාශ කළේ ය. සිදුව ඇති දේ පැහැදිලි ය. අප් දෙදෙනා එකම හීනයක් දැක ඇති බව නිශ්චය විය. නින්දට ප්‍රථම එවන් අවස්ථාවක් පිළිබඳ කිසිදු කථාවක් සිදු නොවූ අතර මාගේ සිහිනය ද ඔහුට කියූ පසු අප දෙදෙනා මුහුණට මුහුණ බලා ගතිමු. අප දෙදෙනා ඉක්මනින් වතුර ටිකක් පානය කර මුහුණ ද තෙමා ගෙන එම ස්ථානයෙන් ඉක්මනින් පිට වූ අතර මද දුරක් යන තුරු මෙන් ම මේ ලියවිල්ල ලියන මොහොතේ දී ද ඒ සිදුවීම පිළිබඳ සිහි වේ. මෙම සිදුවීම නිදි ආඝාතය හෝ අධික ගමන් වෙහෙස නිසා හෝ වෙනත් මොනයම් හේතුවක් නිසා සිදු වුණි දැයි අප කල්පනා කරන්නෙමු. -sheshani savindi-

photo content
+1

නමුත් ග්‍රීක ජාතිකයන් විසින් සූර්යග්‍රහණ පූර්වේක්ෂණය කළ හැකි පරිගණකයන් නිෂ්පාදනය කළේ ඇයි දැයි යන්නට තවමත් පිළිතුරු ලැබී නැහැ. පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ පුරාතන ග්‍රීක ජාතිකයන් සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ අනාගත වැදගත් සිදුවීමක පෙරනිමිත්තක් ලෙස විශ්වාස කිරීම මෙවැනි පරිගණකයක් නිෂ්පාදනය කිරීමට අඩිතාලමක් සකසන්නට ඇති බව යි. කෙසේ නමුත් අදටත් මෙය නොවිසඳුණු අභිරහසකි.

පුරාණ ග්‍රීක පරිගණකය : ඇන්ටිකෙතාරා ග්‍රීසියේ ඇතන්ස් නුවර ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරයේ සංචාරයක් සඳහා යන අයෙක්ට වසර ගනනාවක් මුහුදු පතුලේ තැන්පත් ව තිබී සොයා ගන්නා ලද, හරිත පැහැ මුහුදු පාසිවලින් වැසුණු විරූපී වී ගිය පැතලි ලෝකඩ කැබලි ත්‍රිත්වයක් දැක ගැනීමට හැකි යි. දුරට පුස් බැඳුණු ගල් කැබැල්ලක් සේ පෙනුනත් ආසන්නයට ගිහින් උනන්දුවෙන් නිරීක්ෂණය කරන අයෙක් මේ අපූරු ප්‍රදර්ශන භාණ්ඩයෙන් විශ්මයට පත් වෙන බවට සැකයක් නැහැ. විඛාදනය නිසා නොපැහැදිලි වුණත් තවමත් මෙය තුළ ඔරලෝසුවේ ඇතුළත දැක ගැනීමට ලැබෙන ගියර මෙන් සියුම් ව සකසන ලද ත්‍රිකෝණාකාර දත් සහිත ගියර සහ කෝණමානයක් මෙන් අංශකවලට බෙදන ලද කවයක් දැක ගැනීමට ලැබෙනවා. වඩාත් පුදුම සහගත කරුණ වන්නේ මේ හා සමාන සංකීර්ණ බවකින් යුතු පුරාතන යුගයට අයත් වෙනත් වස්තුවක් තවමත් සොයාගෙන නොමැති වීම යි. ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය ලෙස හඳුන්වන මේ අපූරු පුරාවස්තුව, ඈත අතීතයේ දී තාරකා විද්‍යාව හා සබැඳි සිදුවීම් ගැන අනාවැකි පළ කරන්නට යොදාගෙන ඇති බව යි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ. පුරාතන ග්‍රීක ජාතිකයන් විසින් ලොවට දායද කළ ලොව පළමු පරිගණකය ලෙස සැලකෙන ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය ගැන තොරතුරු යි මේ. මුහුදු කුණාටුවකින් ආරක්ෂා වීම සඳහා ග්‍රීසියට දකුණු දෙසින් මධ්‍යධරණී මුහුදේ පිහිටි ඇන්ටිකෙතාරා නම් කූඩා දූපතට ගොඩ බට කිමිදුම්කරුවන් පිරිසකට අභිරහස් ගියර පෙට්ටයක් හමු වී තිබුණා. ඒ 1900 වර්ෂයේ දී යි. පසු ව මුහුදේ කිමිදී වැඩිදුර පරීක්ෂා කළ ඔවුන්ට පුරාතන නැවක සුන්බුන් හමු වූ අතර එහි ප්‍රතිඵලය වුණේ සහස්‍ර දෙකකට පමණ මුහුදුබත් වූ ඇන්ටිකෙතාරා නෞකා සුන්බන් කෙරෙහි පුරාවිද්‍යාඥයින්ගේ අවධානය යොමු වීම යි. ඔවුන් විශ්වාස කරන්නේ රෝමය සහ ඇනටෝලියාව (වත්මන් තුර්කිය) අතර මුහුදු ගමනක යෙදී සිටිය දී ඇන්ටිකෙතාරා නෞකාව මුහුදුබත් වන්නට ඇති බව යි. ගවේෂකයන් තව දුරටත් සුන්බුන් පරීක්ෂා කර බැලීමේ දී ඔවුන්ට ප්‍රමාණයෙන් සපත්තු පෙට්ටියක් තරම් වන යන්ත්‍රයක් හමු වී තිබෙනවා. මුහුණත් කිහිපයකින් සමන්විත වූ එය සම්පූර්ණ කර තිබුණේ ලෝකඩ භාවිතා කර නිමවන ලද ගියර 30 ක් පමණ යොදාගෙන යි. මේ අභිරහස් වස්තුව කොටස් ගණනාවකට කැඩී ගොස් තිබුණත් පුරාවිද්‍යාඥයින්ට අතීතයේ දී එය භාවිතා කරන්නට ඇත්තේ කුමන කාර්යයක් සඳහා දැයි අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණා. පුරාතන ග්‍රීක තාරකා විද්‍යාඥයින් විසින් අත් දණ්ඩක් මගින් ක්‍රියාත්මක කළ හැකි ගියර පෙට්ටිය භාවිතා කර තිබුණේ අනාගතයේ ඕනෑම දිනයක දී සූර්යයා, චන්ද්‍රයා සහ අනෙකුත් තාරකාවන් පිහිටන ආකාරය ගැන පූර්වේක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා යි. වසර දෙදහසක අධික කාලයක් මුහුදු පතුලේ තැන්පත් ව තිබී විඛාදනය වුව ද නූතන තාක්ෂණයේ සහය ලබා ගනිමින් 2016 වර්ෂයේ දී පුරාණ ග්‍රීක පරිගණකයේ ත්‍රිමාණ අනුරුවක් නිර්මාණය කර ඇන්ටිකෙතාරා යාන්ත්‍රණයේ සටහන් කර තිබුණු වගන්ති කිහිපයක් සම්පූර්ණ කිරීමට සමත් වී තිබෙනවා. එම වැකි මගින් පෙන්වා දී ඇත්තේ ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය භාවිතා කිරීම සඳහා අවැසි වන උපදෙස් මාලාවක් බවයි ‘Almagest’ නම් විද්‍යා සංග්‍රහය ප්‍රකාශ කරන්නේ. උදාහරණයක් ලෙස මෙසේ අනාවරණය කර ගත් නව තොරතුරු අතර ගියර පෙට්ටියේ ඉදිරිපස දක්වා ඇති විවිධාකාර තරු රටාවන් ඔස්සේ ග්‍රහලෝක ගමන් කර ආකාරය දැක්වෙන රාශි චක්‍රයක් ඇති බව පැවසෙනවා. ඔරලෝසුවක් හා සම ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයක ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය ප්‍රමාණයෙන් මේසයක් මත තැබිය හැකි පැරණි පන්නයේ ඔරලෝසුවකට සමාන වෙනවා. සුන්බුන් අතරින් හමු වූ දැව කොටස් පෙන්නුම් කරන්නේ එය දැව ආවරණයක් තුළ තැන්පත් කර තිබෙන්නට ඇති බව යි. ඔරලෝසුවක් මෙන් ම දැව ආවරණය ඉදිරිපස වෘත්තාකාර මුහුණතක් සහ කරකැවෙන කටු තිබෙන්නට ඇති බව ද පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනවා. එසේ ම ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය ඉදිරියට සහ පිටුපසට කරකැවීම සඳහා එහි එක් පසෙක අල්ලුවක් සවි කර තිබෙන්නට ඇති අතර එය කරකැවීමේ දී එකිනෙක හා සම්බන්ධ ව පැවති දැති රෝද හතක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙකට වෙනස් වේගයන්ගෙන් අදාළ දැතිරෝද පෙළ ධාවනය කර තිබෙනවා. ඔරලෝසුවක මෙන් නොව ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය සතුව කටු හතක් තිබී ඇති අතර ඒවා සූර්යයා, චන්ද්‍රයා සහ පියවි ඇසට දැක ගත හැකි බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහයන් වෙත යොමු වී තිබෙනවා. පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඒ මගින් සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ඇති විය හැකි වේලාවන් නිවැරදි ව සොයාගත හැකි වන්නට ඇති බව යි. සූර්යග්‍රහණ ගැන අනාවැකි කියූ ඇන්ටිකෙතාරා 2014 වර්ෂයේ දී විද්‍යඥයින් ප්‍රකාශ කළේ ඇන්ටිකෙතාරා යාන්ත්‍රණයට සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ඇති වන දිනයක් පමණක් නොව අදාළ ග්‍රහණය ඇති වන අවස්ථාවේ සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ පිහිටීම සහ ඔවුන්ගේ කෝණික විෂ්කම්භය වැනි සූර්ය/චන්ද්‍ර ග්‍රහණයට අදාළ වෙනත් තොරතුරු ද අනාවරණය කිරීමේ හැකියාව පවතින්නට ඇති බව යි.

අදින් වසර දහදාහසකට පමණ පෙර සීතල දිනයක,,, සිදී ගිය පුරාණ මඩ සහිත ලිස්සනසුලු විල් ඉවුරකින් මායිම් වු අනතුරුදායක මගක් දිගේ , යොව
+1
අදින් වසර දහදාහසකට පමණ පෙර සීතල දිනයක,,, සිදී ගිය පුරාණ මඩ සහිත ලිස්සනසුලු විල් ඉවුරකින් මායිම් වු අනතුරුදායක මගක් දිගේ , යොවුන් වියේ තරුණ පුරාණ මානව කාන්තාවක් කොහේදො ගමනක් ගිහින් තියෙනවා ,,, එදා ඇය තැබු අඩි සටහන් 400 ක් පමණ මෙම විල් ඉවුර දිගේ කිලෝමීටර් එකාහමාරක් පමණ දුර එක පේළියට, එක දිගට , එක කෙලින් විහිදිලා තියෙනවා,,, එදා ඇය කුමන හේතුවකට කොහෙ ගියාදැයි කවුරුත් දන්නෙ නැති වුනාට,, මේ ෆෝසිලකරණය වුනු පුරාතණ මානව පා සලකුණු ඇගෙ ගමන ගැන අපේ හිත්වල පුංචි කුතුහලයක් ඇති කරනවා,,, එදා ඇය ඇවිද ගියේ පෘථිවියේ ප්ලයිස්ටොසීන යුගයේ එක් දිනයකදියි,, ඈ පාද කඩිමුඩියේ වේගයෙන් තියමින් කලබලකාරී ගමනක් ගිය බවයි පේන්න තියෙන්නෙ,, එකල මේ ප්‍රදේශය යෝධ වන මෘගයන් බහුලව ගැවසුනු ප්‍රදේශයක් ,, දිගු තියුණු දළ සහිත අයිස් යුගයේ පුරාණ ශක්තිමත් කොටියෙක් , තියුණු දත් සහිත පුරාණ අයිස් යුගයේ වෘකයෙක්,, කොයි වෙලෙ ඈ ඉස්සරහට කඩා පනිදැයි ඇය බය වෙන්න ඇති,, තැනිතලාව ඔස්සෙ ඇතින් ගමන් කරන ලෝම මැමත් රංචුවක කුංචනාදය නිසා ඇය ඒ දිහා ඇය යන අතරමගදි හැරිලා බැලුවා,,, ඇයට තේරුනා මේ මැමත් රංචුව ඇය දිහාවට එන වගක්,, ඒ නිසා ඇගේ ගමන තවත් ඉක්මන් වුනා,,, මේ අවදානම් ගමන ඇය ගියේ තනියම නෙමෙයි ,, ඇගේ උකුලේ පොඩි දරුවෙකුත් හිටි බවකුයි පෙන්න තියෙන්නේ ,,, සමහරවිට ඒ ඇගේ දරුවා වෙන්නෙ ඇති,, අවුරුදු දෙකක් පමණ වුනු දරුවෙකුත් උකුලේ තියාගෙන මඩ සහිත ලිස්සනසුලු මගක් දිගේ මේ පුරාණ කත කඩිමුඩියේ කොහේ යනවද ,, යන අතරමගදි ඇයට මහන්සි දැනුනා,, ඒත් විවේකගන්න වෙලාවක් තිබ්බෙ නෑ ඇයට,, විවේක ගන්නවා වෙනුවට ඇය කලෙ උකුලේ තියාගත් දරුවා බිමින් තියපු එක,,, ටික දුරක් යනකම් ඇගෙ පා සටහන් අතරට දරුවාගෙ පා සටහනුත් එක් වුනේ ඒ විදියටයි,, ටික දුරක් ඇගේ වෙගෙන්ම ඇවිද ගිය දරුවට මහන්සි දැනුනා,, ඒ නිසා ආයේ දරුවව වඩාගන්න මේ පුරාණ කාන්තාවට සිද්ද වුනා,,, මොනා වුනත් මහන්සි දැනුනු හැම වෙලාවකම ඇය කලෙ තුරුලු කරන් හිටපු දරුවව බිමින් තියපු එකයි,, සැරින් සැරෙ දරුවව බිමින් තියමින් ඇය ඇගේ ගමනේ මහන්සිය අඩුකරගත්තා,,, මොකද ඇය දැනන් හිටියා නැවතිලා විවෙකගන්න තරම් තැනිතලාව ආරක්ෂිත නැති බව,, දරුවා සමග එක් මගක් එක් දිශාවකට සම්පූර්ණ කල ඇය නැවත හැරි ආයෙ පැමිණි මග ඔස්සෙම ආපස්සට ගිය බවකුයි පේන්න තියෙන්නෙ,,, ඒ කියන්නේ පැය කිහිපයක් තුල ඇය ගමන් දෙකක් සම්පුර්ණ කලා,, හැබැයි,,, නැවත හැරි යන ගමනෙදි ඇය ළග දරුවා හිටියෙ නෑ,, ඇය කඩිමුඩියේ ගියේ දරුවව කාටහරි බාරදෙන්න වගෙයි,,, දරුවව කාටහරි බාරදිලා ඇය නැවත ආපු මග දිගේම ආපස්සට ගිහින් තියෙනවා ,, ,, ගමන් දෙක අතරමගදි ඇගේ උකුලේ සිටි දරුවට සිදු වුනු දේ නම් අභිරහසක් ,, අනික ,, නැවත හැරි යන ගමනේදී ඇගේ පාසටහන් අඩු ගැඹුරක් තමයි දිගටම මඩෙ ගිලිලා තියෙන්නේ ,, එයින් ඔප්පු වෙනවා ඇය නැවත හැරි යන ගමන සැහැල්ලුවෙන් සිදු කල බවක්,,, ඒ වගෙම ඇගෙ ගමන් දෙක අතරදි,,, කොයියම්ම හෝ වෙලාවක ඇගේ පාසටහන් අතරට,, යෝධ ලෝම මැමත් සතුන් රංචුවක් හා අයිස් යුගයේ යෝධ sloth සත්වයෙකු පැමිණ තියෙනවා ,,, හැබැයි ඔවුන්ට කාන්තාව මගහැරුනු බවකුයි පේන්න තියෙන්නේ ,, යෝධ sloth සත්ත්වයානම්,, ඇගෙ පා සටහන් උඩදි ටිකක් කලබල වුනා,,, ටික වෙලාවක් කාන්තාවගේ පා සටහන් උඩ නැවතිලා අවට ගැන විපරම් කල බවකුයි පෙන්නෙ,, ඌ පිටුපස පාදවලින් සිටගෙන තැනිතලාව නිරික්ශණය කරලා තියෙනවා ,,, සමහරවිට මේ සත්ත්වයාට ඇගෙ සුවද දැනෙන්න ඇති,, හැබැයි වාසනාවට දෙන්නට දෙන්නා මග හැරුනා,, මේ තමයි මිනිස් ඉතිහාසයේ අපට හමුවන ගමන් දෙකක් සම්පුර්ණ වූ දිගුම පාසටහන් පෙළ,, සමහරු හිතන විදියට මේ පාසටහන් අයිති නව යොවුන් වියේ තරුණයෙකුට,,, ප්ලයිස්ටොසීන යුගයේ පුරාණ මානව කතගේ මේ පා සලකුණු තියෙන්නේ නිව් මෙක්සිකෝවේ සුදු වැලි ජාතික උද්‍යානයේයි ( White Sand National Park , New Mexico ) ,,,, තැනිතලාව හරහා හුදකලාව ඒ කොනෙ සිට මෙ කොනට ඇවිද ගිය මේ පුරාණ කත මානව ඉතිහාසයේ ප්ලයිස්ටොසීන යුගයේ සිද්ද වුනු එක්තරා අභිරහස් සිදුවීමක් ගැන ප්‍රශ්නාර්තයක් අපෙ හිත්වල ඇති කරනවා නේද,,,,, 🌪️🌌

අපිට ආලෝකය දෙන ඉර මොන තරම් රස්නේ ඇත්ද, මොන තරම් විශාලද. ලගකට යන්න තියා හිතාගන්නවත් බෑ නේද. අපේ ලෝකෙ වගේ ලෝක මිලියනයක් වගේ ලොක
අපිට ආලෝකය දෙන ඉර මොන තරම් රස්නේ ඇත්ද, මොන තරම් විශාලද. ලගකට යන්න තියා හිතාගන්නවත් බෑ නේද. අපේ ලෝකෙ වගේ ලෝක මිලියනයක් වගේ ලොකු දැවැන්ත ගිනි බෝලයක් වෙන ඉරේ උශ්නත්වය ෆැරන්හයිට් අන්ශක 5000-9000 වගේ වෙනව. නමුත් පුදුමය මෙය නෙවෙයි. මිනිසා විසින් නිර්මානය කරපු ඉහලම උශ්නත්වය සූර්යයාගේ උශ්නත්වයට වඩා ලක්ශ වාරයකටත් වඩා වැඩී කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද. හරියටම කියනවනම් ෆැරන්හයිට් අoශක ට්‍රිලියන 6.6. ඒ කියන්නේ 6600000000000 F° ඔන්න ඔය වගේ උශ්නත්වයක්. විශ්වයේ මිනිසා කොතරම් ප්‍රබලද කියන්න තවත් උදාහරණ ඕනද.

ශ්‍රී ලාංකිකයන් සඳහා වන Starlink අන්තර්ජාල සබඳතා වල මිල ගණ්න් වෙබ් අඩවියේ දර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා. ◾️Starlink වෙබ් අඩ
ශ්‍රී ලාංකිකයන් සඳහා වන Starlink අන්තර්ජාල සබඳතා වල මිල ගණ්න් වෙබ් අඩවියේ දර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා. ◾️Starlink වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට ගෘහාශ්‍රිත අන්තර්ජාල පැකේජ සඳහා මසකට 15,000ක් වන එක Unlimited පැකේජයක් පමණක් හඳුන්වාදී තිබෙන අතර ව්‍යාපර සදහා තවමත් පැකේජ එලිදක්වා නැහැ. Starlink සබඳතාවය ලබා ගැනීමට අවශ්‍ය කරන උපාංග වලට රුපියල් 105,000ක මිලක් සඳහන් කර තිබෙනවා. මිල ගණන් පරික්ෂා කිරීමට සඳහා https://www.starlink.com/lk/residential වෙත පිවිසෙන්න

විශිෂ්ටත්වයට කාලය ගත වේ. ඔබට ඉවසීම අවශ්යයි. හදිස්සි වෙන්න එපා අද ගෝලීය නම් දරාපු සමාගම් (Google, Amazon, Microsoft, Tesla, etc) අද ඊයේ ආරම්භ වූයේ නැත. ඒවායින් සමහරක් ක්‍රියාත්මක වූ පළමු වසර 5 තුළ ලාභයක්වත් ලැබුවේ නැත. විශිෂ්ටත්වයට නැමතිට ආහාරය පිසීමට අවශ්‍ය ද්‍රව්‍ය: - දැක්ම - සැලසුම් කිරීම - ක්රියාත්මක කිරීම - ඉවසීම - ඉවසීම - ඉවසීම ඔබ රෝපණය කල කාලය, ඔබේ පොරොත්තු කාලය, ඔබේ ජලය දැමීමේ කාලය, ඔබේ අස්වැන්න නෙළන කාලය, ඔබේ වර්ධනයේ සහ ප්‍රසාරණයේ කාලය. මේ සියල්ල ඔබගේ ගමනේදී ඔබට මුණගැසෙන සමයන් වේ. සෑම දෙයක්ම නියමිත වේලාවට දැනගෙන ඒ අනුව ප්‍රතිචාර දක්වන්න. සංසන්දනය කිරීමෙන් වළකින්න. ඔබේ ගමන ඔබේ මිතුරාගේ ගමනක් නොවේ. විශිෂ්ටත්වයට කාලය ගත වේ!

ලෝකයේ දැනට පවතින ගැටුම් තත්ව 🥲

🚨BREAKING: Hezbollah drone targeted Netanyahu’s house.😱😱
+1
🚨BREAKING: Hezbollah drone targeted Netanyahu’s house.😱😱

මේ වනවිට ලෝකය උඩු යටිකුරු කළ සිදුවීම් හතරක් 🥺 1️⃣ ඡායාරූපය : ඇමේසන් ගංගාව මේ වන විට වසර 120 කට පසු දරුණුතම නියඟය අත්විඳිමින්
+4
මේ වනවිට ලෝකය උඩු යටිකුරු කළ සිදුවීම් හතරක් 🥺 1️⃣ ඡායාරූපය : ඇමේසන් ගංගාව මේ වන විට වසර 120 කට පසු දරුණුතම නියඟය අත්විඳිමින් තිබෙනවා. 2️⃣ ඡායාරූපය : සහරා කාන්තාරයේ අනපේක්ෂිත ආකාරයෙන් green patches ඇත්වෙමින් පවතිනවා 3️⃣ ඡායාරූපය : ඇන්ටාක්ටිකාවේ Antarctic hairgrass (Deschampsia antarctica) සහ Antarctic pearlwort (Colobanthus quitensis) ආවේණික ශාඛ වල සීඝ්‍ර වර්ධනයක්. 4️⃣ ඡායාරූපය : පසුගිය මාසයේ සහරා කාන්තාරය අවට රටවල (නයිජිරියා, නයිජර්, මොරොක්කෝ) අපේක්ෂිත වර්ෂාපතනයට වඩා 600% වැඩි වර්ෂාපතනයක් නිසා ඇතිවූ ගංවතුර තත්වයන්

ඇමසන් ගංගාව දැන් සහා පෙර තිබු විදිය 😢😢 විනාශයක් අත ලඟ 🥲
ඇමසන් ගංගාව දැන් සහා පෙර තිබු විදිය 😢😢 විනාශයක් අත ලඟ 🥲

ඔබ දන්නවාද? 🤷‍♀ ◾️සංඛ්යා ලේඛනවලට අනුව, කාන්තාවන් පිරිමින්ට වඩා 4 ගුණයක් කම්මැලි ය.
ඔබ දන්නවාද? 🤷‍♀ ◾️සංඛ්යා ලේඛනවලට අනුව, කාන්තාවන් පිරිමින්ට වඩා 4 ගුණයක් කම්මැලි ය.

ඉතිහාසය වෙනස් කරමින් SpaceX සමාගම රොකට් එකක් රොබෝ අත් දෙකකින් අල්ලා ගනියි

ඔබ දන්නවාද?🤷‍♀ ◾️2016 දී ලූනා නම් මාස 18 ක් වයසැති ජර්මන් ෂෙපර්ඩ් පැසිෆික් සාගරයේ බෝට්ටුවකින් වැටී ඇත. ඇය සැතපුම් 2ක් පිහිනා
ඔබ දන්නවාද?🤷‍♀ ◾️2016 දී ලූනා නම් මාස 18 ක් වයසැති ජර්මන් ෂෙපර්ඩ් පැසිෆික් සාගරයේ බෝට්ටුවකින් වැටී ඇත. ඇය සැතපුම් 2ක් පිහිනා අසල පිහිටි දූපතකට ගොස් සති 5ක් මීයන් ආහාරයට ගෙන දිවි ගලවා ගත් අතර පසුව නාවික හමුදා භටයින් විසින් බේරා ගන්නා ලදී.

කවුද මෙතනින් විවාහක කාන්තාව🌚 ⚡️ හේතු එක්කම comment කරන්න
කවුද මෙතනින් විවාහක කාන්තාව🌚 ⚡️  හේතු එක්කම comment කරන්න

මේ ලමයෙගේ සත්‍ය පියා කවුද❓ Comment කරන්න 🐜
මේ ලමයෙගේ සත්‍ය පියා කවුද❓ Comment කරන්න 🐜