1 813
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
එලයිසා
1 කොටස
මම ඇලිස්. මගේ පළවෙනි කසාදෙන් මට දුවෙක් හිටියා වයලට් කියලා. එයා ගොඩක් ලස්සන, කළු පාට දිග කොන්ඩයකුයි නිල් පාට ඇස් දෙකකුයි තිබුණ කෙල්ලෙක්. එයාට වයස පහලවක් වෙනකොට එයාගෙ තාත්තා පිළිකාවක් නිසා මැරුනා. ඊට අවුරුද්දකට පස්සෙ මට මුණ ගැහුණා ජෝන් කියලා ලස්සන මනුස්සයෙක්. එයාගෙ ගති ගුණත් ගොඩක් හොඳයි කියලා කාලයක් යද්දි මට තේරුණ නිසා අපි දෙන්නා ඉක්මනට කසාද බැන්දා.
ඒත් වයලට්ට ජෝන් ගැන කිසිම පැහැදීමක් තිබුණෙ නැහැ. වෙන කාටවත් තාත්තා නැති අඩුව පුරවන්න බෑ කියලා තමයි වයලට් නිතර කිව්වෙ. ජෝන් මොන දේ කළත් වයලට් නිතරම හිටියෙ ජෝන් එක්ක තරහෙන්.
වයලට් කියන්නෙ කොහොමත් නිශ්ශබ්ද ළමයෙක්. ඒ වගේම පුදුම විදිහට මුරණ්ඩුයි. එයාට වැඩිය යාලුවෝ එහෙම හිටියෙ නැහැ. පෙම්වතෙක් හිටියෙත් නැහැ. වයලට් නිතරම ජෝන්ගෙ ඇදයක්මයි හෙව්වේ. ඒත් ජෝන් ඒ කිසිම දෙයක් ගණන් ගත්තෙ නැහැ. තමන්ගෙ දරුවෙක්ට වගේ තමයි ජෝන් වයලට්ට සැලකුවේ.
1992 අවුරුද්දේ මාර්තු 12 තමයි වයලට්ගෙ දාසය වෙනි උපන් දිනය තිබුණෙ. මාසයක් ගත වුණාට පස්සේ එක දවසක් එයා එක පාරම අතුරුදහන් වුණා. සාමාන්‍යයෙන් වයලට් ඉස්කෝලෙ ඉවර වුණ ගමන් කෙලින්ම එන්නෙ ගෙදර. අනිත් ළමයි වගේ රස්තියාදුවෙ යන්න කැමති නැති නිසා.ඒත් එදා එයා රෑ වෙන තුරුම ගෙදර ආවේ නැති නිසා අපි හොඳටම කලබල වුණා. අපි දවස් ගානක් තිස්සේ පොලිසියේමයි හිටියෙ. මට අඬලා අඬලාම නිවනක් තිබ්බේ නැහැ. එයාව හොයන්න අපි නොගිය තැනක් නැහැ. පොලීසියත් මාස දහයක් විතර පරික්ෂණ කරගෙන ගියා. ඒත් කිසිම හෝඩුවාවක් ලැබුණෙ නැහැ. අන්තිමේදි පොලිසියට සිද්ද වුණා කේස් එක වහලා දාන්න. හැමෝගෙම මතය වුණේ වයලට් අපිත් එක්ක හිත හොඳින් හිටියෙ නැති නිසා ගෙදරින් පැනලා යන්න ඇති කියලා. ජෝන් හිටියෙත් ගොඩක් දුකෙන්. එයා නිතරම කිව්වෙ වයලට්ට නිකරුනේ ගෙදරින් යන්න වුණේ තමන් නිසා කියලා.
අන්තිමේ අපි තීරණය කළා වයලට්ගෙ හිතුවක්කාරකම ගැන හිත හදා ගන්න. එයා කොහොමත් මුරණ්ඩු ළමයෙක් නෙ. මම නිතරම ප්‍රාර්ථනා කළේ ඉන්න තැනක එයා හොඳින් ඉන්න ඕන කියලා. එයාගෙන් ලියුමක්වත් එනතුරු මම හැම වෙලේම මග බලාගෙන හිටියා. ඒත් කවදාවත් එහෙම ලියුමක් ආවේ නැහැ.
මෙහෙම අවුරුදු හතරක් ගෙවිලා ගියා. ජෝන් කිව්වෙ වයලට් ගැන දිගටම දුක් වෙවී ඉඳලා වැඩක් නෑ, අපි ළමයෙක් අරන් හදා ගමු කියලා. මම කොහෙත්ම ඒ අදහසට එකඟ වුණේ නැහැ. කොයි වෙලාවෙ හරි වයලට් දොරෙන් එබෙයි කියන බලාපොරොත්තුව මට තිබුණා. ඒත් අන්තිමට ජෝන්ගෙ බල කිරීම නිසාම මට සිද්ද වුණා එයාගෙ අදහසට කැමති වෙන්න. ජෝන් එහෙම තමයි. කිව්වොත් කිව්වා.
එයා මාව එක්කන් ගියා එයා දන්නවා කිව්ව ළමා නිවාසයකට. එතන හිටිය පොඩි කෙල්ලෙක් දැක්කම මට දැනුනේ මගේ මුළු ඇඟම ගල් වුණා වගේ. ඒ කෙල්ල මගේ දුව වයලට් වගේමයි. හරිම ලස්සන හුරුබුහුටි වයස අවුරුදු තුනක දරුවෙක්. වයලට්ගෙ වගේම නිල් ඇස් දෙකයි කළු පාට කොන්ඩෙයි එයාට තිබුණෙ. මම ඒ දරුවා දිහා බලාගෙන ඉන්න විදිහ දැක්කම ජෝන් කිව්වා අපි එයාව හදා ගන්න ගමු කියලා. මම ඒ අදහසට එක පයින් කැමති වුණා.
මට දැනුනේ පුදුම සතුටක්. මගේ දුව ආයෙත් මගේ ලඟට ඇවිත් කියලා මට හිතුනේ. ඒ දරුවගෙ නම එලයිසා බවත් 1993. 5.2 එයාගෙ උපන් දිනය බවත් විතරක් ලිව්ව කඩදාසි කෑල්ලක් එක්ක එයාව කවුරුහරි ළමා නිවාසයේ දොරකඩ ළඟ තියලා ගිහින් තිබුණා. එතකොට එයාට අවුරුද්දක් විතර ඇතිලු. එලයිසාගෙ පවුලේ අය ගැන කිසිම දෙයක් කවුරුත් දැනගෙන හිටියෙ නැහැ.
වයලට්ගෙ අඩුව සම්පූර්ණයෙන් පුරවන්න බැරි වුනත් එලයිසා නිසා අපි දෙන්නා හිටියෙ ගොඩක් සතුටින්. මට හිතුනෙම එයා අපිට දෙයියෝ දුන්න තෑග්ගක් කියලා. එයාව බලාගන්න ඕන නිසාම මම රස්සාවෙනුත් අයින් වුණා.
හැම දේම අපි නොහිතපු විදියට වෙනස් වෙන්න පටන් ගත්තේ එලයිසා පෙර පාසල් යන්න පටන් අරන් ටික කාලයක් යනකොට. ඒ කියන්නෙ එයාට යන්තම් කුරුටු බලියක් අඳින්න පුළුවන් වුණාට පස්සෙ. නිතර සෙල්ලමින් හිටිය දරුවෙක් එයා. එකපාරම එයාගෙ දාංගලේ අඩු වෙන්න පටන් ගත්තා. නිතර මුල්ලකට වෙලා තනියම කතා කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි මෙච්චර ආදරෙන් හිටිය තාත්තාවත් එයාට පේන්න බැරුව ගියා.
මුලදි අපි ඒ ගැන හිතුවෙ නැහැ. ඒත් තත්ත්වය බරපතලයි කියලා අපිට තේරෙන්න ගත්තේ එලයිසා රෑට නින්දෙන් ඇවිදලා "ලස්සන අම්මා" කියලා කෙනෙක් ලඟට යන්න ඕන කියලා අඬන්න පටන් ගත්තාමයි.
මතු සම්බන්ධයි....
මංගල රථය නෑ එන්නේ.ටික වෙලාවකින් කාර් එකේ හිටිය මනාලයගේ යාලුවා වෑන් එකට ඇවිත් කියාපිය අන්න කැමරා මල්ලිට අක්කා එන්නලු කාරෙකේ යන්න.මොනවා කරන්නද මාත් ගෝලයාව තියලා කාර් එකේ ඉදිරි අසුනේ වාඩිවෙලා අගලවත්තේ ගියා.
ඉතින් යාලුවනේ මේ මගුල් ගෙදර එදා දහවල් කෑම කන කල්ම මනාලිය මෙහෙය වීම මට කරන්න උනා මනාලයා වුනත් මොකක් හරි කර ගන්න ඕන උනාම මගේ මුහුන බලනවා.
ඉතින් එදා දවසේ අධ්‍යක්ෂනය තිර රචනය කැමරා කරනය සියල්ලම කර මගෙත් එයාලගෙත් ජාමය බේරා දීමට හැකිවුනා.
අපි නැවත කලුතර ආවේ ජාඇල එන වෑන් රථයෙන්.
මා ඒමට පෙර දුවගෙන ආ මනාල මහතා මාව බදාගෙන මට ස්තුතිය පුදකර ලියුම් කවරයක් මගේ සාක්කුවට දැම්මා.ඒ වෙනකොට ජාඇල කට්ටියත් මගේ වැඩ කිඩ දැනගෙන කලුතර එනකල්ම ස්තුතිය පුද කලා.
මා බොසාට සියලු විස්තර ඒ අයුරින්ම සැල කරේ මහත් ආඩම්බරයකින් .මිනිහා මා රූ ගත කල වීඩියෝ පටය ඩෙක් එකට දමා දර්ශන නරබා වැඩේ හරියට කෙරි නැති බව පැවසා මට මගේ ගාස්තුව හැටියට රු 100/- දී මාව පිටත් කලා.
** ඔබට කියන්න එය මාගේ මුල්ම හා අවසාන අවස්ථාව වුනේ මා රූගත කිරිම් නිසි අයුරින් කර තිබුනත් එය අගය නොකල නිසා මා එයින් සමුගත්තා.ගෙදර ගිහින් මනාල මහතා දුන් ලියුම් කවරය දිග හැර බැලුවිට මා දුටුවේ රුපියල් 500/ නෝට්ටු දෙකක් එහි තිබු බයයි.
# ඉතින් යාලුවනේ කතාවේ රසය කෙසේදැයි නොදනිමි. කියවා ප්‍රතිචාර දක්වන්න.ඒ වගේම එදා මනාලියට කුමක් වන්න ඇති ද ?.......
මම මේ කතාව දෙපාරක්ම ලිව්වා ඒත් එක එක වැඩ නිසා අවුල් වුනා.
ඉතින් මම අද ලියන්නේ හොල්මන් නොවුනට හොල්මන් වෙන කතාවක්.මේකත් මම මුහුන දුන් අත්දැකීමක් .
මනාලී අක්කා....
මම O/L කරන කාලේ ඉදන්ම දන්න කෙනෙකු ගාව චායාරූප වීඩියෝ වැඩ කලා.ඒකට මම ආස නිසාත් අමතර මුදලක් ලැබෙන නිසාත් දිගටම කලා.
ඉතින් මම A/L කරන අවධියේ අපිට ආවා වෙඩින් එකක් මනාලයා අගලවත්තේ මනාලි ජාඇල .නියමිත දිනයේදී අපි අගලවත්තේ ගිහින් මනාලයාගේ ගෙදර මුලික වීඩීයෝ ටික කරලා එයාලගේ වහනයකින්ම ජාඇල ගියා.
(මේ මගුල ටිකක් වයසට ගිය ජෝඩුවක එකක් )
අපි මුලින්ම ගියේ මනාලිගේ ගෙදරට .ඒ ගෙදර නිකන් පරන බංගලාවක් වගේ .අපි අපේ වැඩ ටික පටන් ගත්තා .එහෙම කරලා ජාඇල නගරයේ උත්සව ශාලාවක චාම් අයුරින් උත්සව කටයුතු කරලා අපි ජෝඩුව සමග ගම්බිම් බලා ආවා.
ජෝඩුව මංගල රාත්‍රිය ගත කලේ අපේ ගෙවල් කිට්ටුවම කලුතර උතුරේ පොඩි හෝටලයක.එතැනත් අවශ්‍ය වීඩීයෝ දර්ශන අරගෙන අපි ගෙදරත් අනික් අය අගලවත්තටත් ගියා.
දෙවෙනි ගමන තිවුනේ ඊට පහුවෙනිදා .ඒකටත් අපි යායුතු වුනත් අපේ බොසාට වෙනත් මගුල් ගෙයක වැඩක් තිබු නිසා වෙනත් කැමරා ශිල්පියකු ඒ සදහා කල් තියාම සුදානම් කරලා තිබුනේ.මා සුපුරුදු පරිදි උදේම ස්ටුඩියෝ එකට ගියා බොසාට මල පැනලා එනවයි කියු කැමරමන් එන්නේ නැහැයි කියලා වැඩ ඔක්කොම අවුල්.
මම මේ වෙනකන් සහයක තනතුරෙ හිටියට ලොකු වැඩක් කරලාම නැහැ.ඒත් කැමරාව යම් තරමක හුරුවක් තිබු නිසා මම බොසාට කිව්වා මම වැඩේ ගොඩදාලා දෙන්නම් කියලා.
බොසා මෙතෙක් මගෙන් එහෙම දෙයක් දැකලා නැති නිසා අදිමදි කලත් කරන්න දෙයක් නැති කමට මට ගෝලයෙකු හොයලා දීලා වැඩේ බාර දුන්නා .
ඔන්න යාලුවනේ දැන් තමයි කතාව පටන් ගන්නේ...
ඉතින් සියලු ආම්පන්න අරගෙන අපි ගියා හෝටලයට උදේ 7 වගේ වෙනකොට .ඒ වෙනකොටත් මනාලියගේ ගෙදර අය ඇවිල්ලා හිටියේ පෙර දවසේ මුනගැසුනු අය නිසා මමත් ෆුල් පීක් එකේ ඉන්න නිසාත් හැමෝටම ගුඩ්මෝනින් පාරක් දැම්මට ඔවුන්ගේ යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.හැමෝගෙම මුහුනවල් නිකන් මැලවිලා වගේ. මම ගියා කාමරේ ලගට දොර අඩවල් කරලා තිබුන නිසාත් මනාලිය ලැහැස්ති වි පොඩි ස්ටූල් එකක වාඩිවි සිටය නිසාත් බයක් නැතිව ගුඩ් මෝනින් මිස් කියා ගෙන ඇතුලට ගියා.මම මගේ කැමරාව සුදානම් කර ගන්න අතර ගෝලයට ලයිට් සෙට් කර ගන්න කිව්වා.සුලු වේලාවකින් අපි සුදානම් වෙලා මුලික වීඩියෝ දර්ශන ගන්න සූදානම්ව මනාලිය ලගට මා ගිහින් ඇයව උචිත අයුරින් මෙහෙයවීමට මා කතා කලා පමනී බැලුවා බැලිල්ක් මගේ දිහා රවලා මා අඩියක් පමන බයටම පසු පසට විය .මයේ කකුලේ කුමක් හෝ හැපුන සද්දයට මනාල මහතා බාත් රූම් එකේ ඉදලා ටවල් එක පිටින්ම එලියට ආවා.ඇත්තටම මිනිහා හරීම අහිංසක කෙනෙක් .මිනිහා අඩන්න වගේ මට සියලු විස්තර කිව්වා . මිනිහගේ මංගල රාත්‍රිය යුද්ධයක් වෙලා මේ ගෑනි පරල වෙලා .ගෙදර උන්දැලා ව කලින්ම ගෙන්වලා බලෙන් තමයි ඇදුම් අන්දවලා අවශ්‍ය මේකප් එහෙම දාලා තියෙන්නේ .ඒකයි මාත් බය වුනේ හරියටම යකින්නක් වගේ.කලු මහත ඇගට රතුපාට සාරිය අන්දලා රතුපාට තොල් පාට කරලා හිටියම කවුද බය නොවන්නේ.
මට අවුල වුනේ ඒක නෙමෙයි මේක මගේ මංගල කැමරා කරනය ඒක හබක් කර ගන්න බැරි නිසා.මේ වන විට විවිධ මගුල් ගෙවල් වල අත්දැකීම් තියෙන නිසාත් මනාල මහත්මයාට වෙන නින්දාව වලක්වා ගැනීමේ අරමුනින් මාත් එක්ක ගිය ගෝලයට ( මට වඩා අවුරුදු 15 ක් විතර වයස කෙනෙක් ) කතා කොට ලගම තියෙන පන්සලෙන් පිරිත් පැන් සහ නූල් පටක් අරන් එන්න කියා පිටත් කර මනාල මහත්මයාට කිට් එක දාගෙන සුදානම් වෙන්න යැයි කියා සුභ වාදි සිතින් මා ටික වෙලාවක් හිටියා. මේ වෙන විට ජෝඩුව හැරුනු කොට ගමනට සියලු දේම සුදානම් .ගෝල අයියා රැගෙන ආ පිරිත් නූලක් ගෙන මුලින්ම මනාලයගේ අතේ ගැටගැසුවේ මා දන්න එකම ගාථාව වන ඉතිපීසෝ ගාථාව කියලා.ඉන්පසූ මනාලියගේ ද අත ගෙන එයාටත් ඒ විදිහටම ගාථාව කියලා නූල ගැට ගහලා පිරිත් වතුර හිසේ ගා භවතු සබ්බ මංගලම් ගාථාව තෙවරක් කියලා මා එලියට ආවා ඒ දෙන්නා ඇතුලේ තියලා .දැන් වේලාව 9ත් පහුවෙලා .ටික වේලාවකින් මනාල අයියාගේ මුහුන හිනවකින් පිරිලා මට කතා කලා.පුදුමයකි කලු ගල තාර පීප්පය උනු වෙලා .මොලොක් වෙලා.ඇය මා සමගත් පොඩි හිනාවක් දැම්මා.(මට පට්ට හැපි) ඒත් මට ෂුවර් නැහැ මම වාඩි වුනා ඇය අසලින් කතා කලා මම.
"" අක්කේ ඔයා කිසි දේකට බය වෙන්න එපා මේ මල්ලි ඔයා ගාවම ඉන්නවා .ඔයා අපිට උදවු කරන්න අයියාගේ නම්බුවත් ඔයාලගේ පවුලේ නම්බුවත් ආරක්ෂා කර ගන්න ඕනා.ඒ නිසා මෙතැන් සිට ඔයා මන් කියනා විදිහට ඉන්න ඕන හරිද""
අර එලියේ ඉන්න එවුන් මේ මෙලෝ දෙයක් දන්නේ නැහැ.මනාලිගේ අම්මව කාමරෙන් පන්නපු නිසා එන්න බයේ ඉන්නවා.
ඉතින් මගේ ජොබ් එක පටන් අරන් දන්න ශිල්ප කාමරයේ දාලා ජෝඩුව මංගල රථය තෙක් එනකල් වීඩියෝ කරලා කැන්දන් ආවා අමාරුවෙන් . නැදැයෝ හොල්මන් වෙලා .ඉතින් ජෝඩුව වහනයට නගින ඒවත් වීඩියෝ කරලා එහෙම මායි ගෝල අයියයි වෑන් එකේ නැග්ගා අනිත් අයත් නැග්ගා.
මේක ටිකක් අමුතු සීන් එකක් ඊයේ වෙච්ච ඊට කලිනුත් වෙලා තියනවා දැනගන්න ඕනේ මේ වගේ තව කාට හරි වෙලා තියනවද කියලා හරි අපි දැන් යං ටුක් ටුක් එකක් අල්ලන් කතාවට
මෙකයි මට පොඩ්ඩක් නින්ද යන්නේ නැති කේස් එකක් තියනවා ඉතින් මං යූටියුබ් එකේ
Deep sleep frequency කියලා මියුසික් වගයක් තියනවා ඒකෙන් එකක් ප්ලේ වෙන්න දාලා තමයි නිදාගන්නේ ඊයෙත් ඒක දාලා නින්දත් නොනින්දත් අතර ඉන්න කොට එක පාරටම මගේ අත් දෙක හිරි වැටෙනවා ඊට පස්සේ කකුල් දෙක එක්ක මුලු ඇගම හිරි වැටෙනවා එත් එක්ක මට ලොකු වතුර තිබහකුත් එනවා ඒත් එක්කම මට දැබෙනවා එහෙම්ම මාව පාවෙනවා ඒත් ඒ පාවෙන්නෙ මගේ ටී ෂර්ට් එකේ පිටි පස්සේන් මාව කවුරු හරි අල්ලගෙන තමයි මාව අරන් යන්නේ මං බය වෙලා එ අරන් යන කොට ඉස්සරහා තියන දොර රෙද්ද හයියෙන් අල්ල ගන්නවා එ එක්කම මාව උඩු ගුවනේ පියාසර කරන් එක්කන් යන ඩෑල් එක හයියෙන් අදිනවා මට දොර රෙද්ද ඒකෙන් මිස් වෙනවා මේන් මේකා මාව ගෙනිහින් කුස්සියේ සිංක් එක ගාවින් අත අරිනවා මං මං එයා දිහා බලද්දි අත දික් කරලා පාවේලා ගියා එ අත දික්කරපු තැනත් එයා වගේ හෙවනැල්ලක් විතරයි තිබ්බේ මං බය වෙලා අම්මා ගාවට දුවලා ගිහින් අම්මව නැගිට්ටවනවත් එක්කම මාව ඇහැරෙනවා මට හිතා ගන්න බෑ වෙච්ච දේ එ වෙන කොටත් මට පුදුම වතුර තිබහක් තිබ්බේ 😔
මෙහෙම වෙන කවුරු හරි ඉන්නවද? ආ තව දෙයක් මේ දේ සිද්ද වෙන්න පැය භාගෙකට කලින් දෙවතාවක්ම sleeping paralyzed වුනා තුන් පාර තමයි මේ සිදුවීම වුනේ
අයින්ස්ටයින්ගේ රියදුරා වරක් අයින්ස්ටයින්ට මෙහෙම කිව්වා, "සර්, ඔබ සෑම රැස්වීමකදීම කළ සෑම කථාවක්ම මට හොඳටම කටපාඩම්"
අයින්ස්ටයින් පුදුමයට පත් වුණා! ඔහු රියදුරාට මෙහෙම කිව්වා, "හරි, අපිට තියෙන ඊළඟ රැස්වීමෙ සංවිධායකතුමා මාව දන්නේ නැහැ. ඔයා මගේ තැන අරන් ඒ රැස්වීමෙදි කතාව කරන්න, මම රියදුරු වෙන්නම්." 😊
ඒක එහෙමම වුනා, පහුවදා රැස්වීමෙදි රියදුරා වේදිකාවට නැගලා කතාවක් කියන්න පටන් ගත්තා. එතන හිටපු විද්වතුන් මහ හඬින් අත්පුඩි ගැසුවා. ඒ වෙලාවේ එක්තරා මහාචාර්යවරයෙක් රියදුරාගෙන් ඇහුවා "සර්, සාපේක්ෂතාවාදයේ අර නිර්වචනය නැවත පැහැදිලි කරන්න පුළුවන්ද?" කියලා.
ඇත්ත අයින්ස්ටයින්ට තේරුණා ලොකු අනතුරක් වෙන්න යන්නේ කියලා! මේ පාර නම් බොරු අයින්ස්ටයින් හෙවත් රියදුරා මාට්ටු වෙනවා. ඒත් ඇත්තටම රියදුරා ඒ මහාචාර්යවරයාට දුන් පිළිතුර ඇසීමෙන් ඔවුන් පුදුමයට පත් වුණා.
රියදුරු පිළිතුරු දුන්නේ මෙහෙම, "මෙච්චර සරල දෙයක්වත් ඔබේ ඔලුවට යන්නෙ නැද්ද? මගේ රියදුරුගෙන් ඇහුවා නම් ඒ මනුස්සයත් ඔබට ඕක ලස්සනට පැහැදිලි කරලා දෙයි"
ඔබ ප්‍රඥාවන්තයන් සමඟ ඇවිද ගියොත්, ඔබ හිතන විදියත් වෙනස් වෙයි! 😌❤️
Repost from අපූරු ගම්මානය
😇ඔන්න අපි ඔයාලට Telegram Free Package ❗️ එකක් ගෙනවා.සීමිත පිරිසකට පමණයි.🤩
මේකෙන් ඔයාලට ,
🔅 Film | 🔅 Story 🔅 Knowledge | 🔅 Mems 🔅 Wallpaper | 🔅 Free Internet 🔅 Motivation | 🔅 Gaming 🔅 News | 🔅 Educational 🔅 Premium | 🔅Otherඔයාලට කරන්න තියෙන්නේ පහළ තියෙන ❗️⚡️Add Now⚡️❗️Button එක Click කරන්න.
මට එක පාරම මතක් උනා එදා ගෙට් එක ලග ඉඳල දුවපු මිනිහගෙ මූන එදා හිටියෙ මම කනත්තෙ ඉඳල අල්ලල දුන්න කට්ටඩිය එක්ක හිටිය මිනිහෙක් මම එ ගැන ගුරුන්වහන්සේට කියුවම එතුමා කියුවා ආ එහා ගමෙ කට්ටඩියනෙ ඔය මනුසයගෙ වැඩෙ මිනිස්සුන්ට අනවින කොඩිවින කරන එක එදා එහනම් මිනි ගොඩගන්න ඇත්තෙ කාගෙ හරි ඉඩමකට ඉහින්න සොහොන් අලු හදන්න මහත්තය නිසා වැඩෙ කරගන් බැරි උන තරහට මහත්තයගෙ ඉඩමටත් ඉහින් ඇති.
මම ඇහුව මේක අයින් කරගන් ක්‍රමයක් නැත්ද කියලා ඊට පස්සෙ කියුවා ක්‍රමයක්නම් තියෙනො.
වියදම් වැඩී කියලා එතකන් මට දෙහි ගෙඩි 4 ක් දුන්නා ඉඩමෙ කොං හතරෙ වල දාන්න ආරක්ෂාවට කියලා මම එදා නිශූගෙ ටිකට් කපන් ගියත් ගෙදරට මම නිශූ බයවෙන නිසා මෙ ගැන කියුවෙ නෑ
ඒත් එදා රෑත් දෙහි ගෙඩි වල දැම්මත් මට ගෙදරින් වෙනසක් දැනුනා මම කාබරෙන් එලියට එනකොට මම දැක්කා කාබරෙ කණ්නාඩියෙන් කවුද අපි දිහා බලන් ඉන්නො මම නිශූව අවදි කරල එයාට කියුවා එයා ගොඩක් බය උනා
එවලෙ අපි දෙන්නට සද්දයක් ඇහුනා සාලෙට ගිහින් බලනකොට අපි දැක්කා කවුද සාලෙ ෆෑන් එකෙ බෙට්ශීට් එකක් දාන් එල්ලිලා ඉන්නවා අපි ගොඩක් බය උනා ලයිට් දැම්මා කරන්ට් එක බේකර් එකින් ඔෆ් කරල කවුරුහරි අපි ටෝච් එක ගහල බලන් ගිහාම කවුද අපේ අතට ගැහුවා ටෝච් එක විසික් වෙන්න
අපි දෙන්නා ගෙයින් එලියට බැහල එහමම අම්මලගෙ ගෙදරට ගියා ආය උදේ අම්මල එක්ක ඇවිත් බැලුව ගෙදර කිසිම දෙයක් නැ එල්ලිල හිටිය බොඩි එකත් නැ අපි ඊට පස්සෙ ගේයි ඉඩමයි විකුනන්න දාල මහ ගෙදර පදිංචියට ගියා.
(සත්‍ය කතාවක් පදනම් කරගෙන ලියන ලදී නම් ගම් වෙනස් කර ඇත)
නිමි.
සොහොන් අලු👻🖤
🚫කියවන්න මා'නසිකව වැටෙන්න එපා❗
(🏳️එක කොටසක කතාවක් සත්‍ය කතාවක් ඇසුරෙන් ලියූවක්👻)
එක් තරා දිනක අපෙ ගමෙ තිබුන සංගීත ප්‍රසංගයක් බලන්න මමයි මගෙ බිරිඳයි ගියා ගිහින් ආපසු එන විට වේලාව පාංදර 1.35 ක් විතර ඇති අපෙ ගෙදට්ට එන්න ඕන ලොකු කනත්තක් පහු කරගෙන අපෙ ගමෙ අවට ගම්වලයි සුසාන කටයුතු සිදු වෙන්නෙ බොහෝ විට මෙ කනත්තෙ ඉතින් මමයි මගේ බිරිඳයි එනකොට කනත්ත පැත්තෙන් උදලු සද්ද ඇහනවා අපි ආවෙ පයින් එ නිසා අපි දෙන්නා බයෙන් බයෙන් කනත්ත ඇතුලට ගියා ගිහින් හොරා බලන් හිටියා එතකොට අපි දැක්කා.😮
මොකක් මිනිස්සු හතර පස් දෙනෙකුයි ගමේ දේවාලෙ කරන ගෙදර කට්ටඩියයි වලදාපු මිනී හතරක් පහක් ගොඩ ගන්නො අපිට හිරි කිතයි නාහෙ වහන් හිටියෙ කුණු ගඳයි ඉන්න බෑ ඊට පස්සෙ මම 119 කෝල් එකක් ගැහුවා තව ග්‍රාම සේවකටත් කෝල් කරා ග්‍රාම සේවකයි පොලිසියයි එතනට ඉක්මන්ට ආව අර කට්ටඩියයි සෙට් එකව පොලිසිය අල්ලන් ගියා.
ඊට පස්සෙ මාස තුනක් වගෙ ගිහාම එක දවසක් අමාවක දවසක අපෙ ගෙදර බල්ලා හයියෙන් බිරුවා මම ජනේලෙන් බලනකොට මම දැක්කා ගෙදර ගේට්ටුව ඇරිල කියල මම එලියෙ ලයිට් දානකොටම කවුද මනුසයෙක් ගේට් එක ලග ඉඳල දිව්වා
මම මෙ ගැන ගෙදර අයට කියුවෙ නැ ඔහම දවසක් විතර යනකොට ගෙදර හිටියෙ මමයි මගෙ බිරිඳ නිශුයි විතරයි එක පාරම නිශූ ලෙඩ උනා හොඳටම උණ උණ බහින්නෙත් නැ ටික දවසක් ගිහාම උණ හොඳ උනා ඒත් මට වෙනද වගෙ නෙවෙ නිශූ දකිනකොට එන්නෙ පුදුම කේංතියක් ඇයි දන් නැ අපි දෙන්නා හැමදාම වගේ රණ්ඩු කරා සතුටෙන් හිටපු එක දවසක් නෑ ගෙදරම මූසල පාටයි පාරෙ යන මනුස්සයෙක්වත් ගෙදරට එන් නැ එ තරම් පාලු පාටයි.
එක දවසක් රෑ මට ඇහෙනවා ගෙ ඇතුලෙ අඩි සද්දයක් මම ඊට පස්සෙ ගිහින් ලයිට් දාල බැලුවම ගෙ ඇතුලෙ තැනින් තැන ලේ පැල්ලම් ලේ වැක්කිරිලා වගේ බිත්ති වලත් ලේ ඉහිලා මම නිශූ එක්ක ගෙ හේදුවා මම හිතුවෙ සමහර විට පූසෙක්වත් සතෙක් මරන් කාල කියල ගෙ ඇතුලෙ
ඒත් එක පාරම ඊලඟ දවසෙ මුලු ගේම මිනී කුණු ගඳයි ඉන්නම බැ අපි හිතුවෙ එදා පුසෙක් සතෙක් කාල ඒක ගෙ ඇතුලෙ කුණු වෙලා කියල කොහෙ හරි ගෙ හැම තැනම හෙව්වත් හම්බුනෙ නෑ ගඳත් එක පාරම නැති වෙලා ගියා අපි ආය හෙව්වෙ නැ ආය හැම රෑම අපිට ඇහෙනවා එළියෙ කවුරුහරි ඇවිදිනව වගෙ උදෙ නැගිටල බලනකොට එලියෙ තිබ්බ සේරම මල් පෝච්චි පෙරලල දාල
අපි හිතුවෙ සතෙක් පෙරලල කියල එදා රෑ මම බාතෘම් එකෙ ඉන්නකොට කාබරේ හරියෙන් කවුද මර හයියෙන් හිනාවෙනව ඇහෙනව මම ගිහින් බැලුවම නිශූ ඇස් උඩ තියන් හයියෙන් හිනා වෙනවා සෙමත් වැක්කෙරෙනවා
මම එදා රෑම හොස්පිට්ල් අරන් ගියා
✏️හොස්පිට්ල් එකෙදි එක පාරම කිසි ප්‍රශ්නයක් නැ හොඳට ඉන්නව මම නිශූව හොස්පිට්ල් එකෙ නවත්තල එයාට ඕන ඇඳුම් එහම ගන්න ගෙදට්ට ආව එනකොට මට දැනුන ගෙ ඇතුලෙ තව කවුරුහරි කෙනෙක් ඉන්නව කියල
ආයම අර කුණු ගඳ එනවා මම හෙමින් හෙමින් හොරෙක් කියල සැකේට දොර ඇරගෙන ලයිට් නොදා ගෙ ඇතුල බැලුවා මම දැක්කා සාලෙ සෝෆා එක උඩ කවුද නිදාගෙන ඉන්නවා මම ලඟට ගිහාම එක පාරම නැගිට්ටා කුණු වෙච්ච පනුවො දාන මිනිහෙක්
මූණ විකූර්ති වෙලා ඔලුවෙ හිලක් එ හරියෙම ලෙ විලක් වගේ මම හිතුවෙ තුවාල උන කෙනෙක් කියල මම ඇහුවා මොකක්ද ඔයාට උනෙ ඔයා කොහමද මෙ ගෙට ආවෙ කවුද ඔයාට කරදර කරේ කියල මම එක පාරම ලයිට් දැම්මා ලයිට් දාල බලනකොට එතන එ මනුසයත් නැ බිම තිබ්බ ලේවත් නැ
මට තේරුනා මෙතන මොකක් හරි අමුනුස්ස බල පෑමක් තියනව කියලා මම ඉක්මනින් ගෙදරින් ගිහින් ගුරුන් වහන්සේ කෙනෙක්ට මෙ ගැන කියුවා එයා කියුවා ගෙදර ඉඩමෙන් පස් අරන් එන්න කියලා.
මම පස් ටිකක් අරන් ගිහාම එයා කියුවා ඉඩමට සොහොන් අලු ඉහල කියලා මම ඇහුවා එ මොනාද කියල එතකොට මට ගුරුන්වහන්සෙ කියුවා සොහන් අලු කියන්නෙ වල දාල මාස තුනක් විතර ගියපු මල සිරුරුක් අරන් ඒකට මතුරලා මල සිරුර පුච්චල ගන්න අලු වලට කියල එ අලු ඉඩමකට එහම ඉස්සොත් එ ගෙදර ජීවිතේට ඉන්න බැ කියුවා ගෙදරම මූසල වෙනව කියුවා යා දෙන්නෙ නැ කියුවා.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් සදහන් උනේ කුසගින්න සහ විජලනය නිසා ඇය මිය ගිය බව.
භූමදාන කටයුතු සිදු කිරීමෙන් පසු අවුරුදු දෙකකට පසු එනම් 1978 පෙබරවාරි 25 ඇය වෙනුවෙන් හිටපු පූජිකාවක් කියනවා ඇය මරණින් පස්සෙත් විදවන බවට. කිසියම් හේතුවක් නිසා පසුදිනම ඇයව ගොඩ ගන්නවා. පෙට්ටිය විවෘත කල විට හැමෝම පුදුම වෙනවා. හිස කොටස දෙපා ආසන්නයේ, අත පය තැන නැන විසිරී ගිහින්.
සම්පූර්ණ ශරීරයම හතරට පහට කැඩිල.
වහාම ඇයව මිහිදන් කරනවා. ඒ තම මානසික බලයෙන් රෝගීන් සුවපත් කරපු පූජීකාවක් උන illegitimate sister Martha ගේ සොහොන් කොත ආසන්නයේ.
ඔන්න දැං නීතිය ක්‍රියාත්මක වෙනවා එමලිගේ මරණය සම්බන්ධව.
ෆාදර්ස්ල, දෙමාපියන්, උදව් කරපු අය, වෛද්‍යවරු , යහලු යෙහෙලියන්, ඇගේ ආදරවන්තයා, ගුරුවරු, සේරම අධිකරණය හමුවට ඉදිරිපත් කරනවා.
වැරදිකරුවන් වූ දෙමාපියන් සහ ෆාදර්ලට දඩුවම් දිය යුතු බව අධිකරණ තීරණය විය.
දෙමාපියන් ආරක්ෂා කලේ එරික් ෂමිට් ලීච්නර් විසිනි. දෙමාපියන් අධික ලෙස දුක්විඳ ඇති බැවින් ඔවුන් නඩුවෙන් ඉවත් කිරීමට අධිකරණය කටයුතු කලා. නමුත් ෆාදර්ස්ලට මාස 6 ක් සිර දඬුවමක් (පසුව අත් හිටවන ලදී) සහ අවුරුදු 3ක පරිවාස කාලයක් ලබාදුන්නා.
අදවන විට ඇගේ සොහොන වන්දනා ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා.
💀මේ සිදුවීමෙන් අවුරුදු 25 කට විතර පස්සෙ මුලින්ම සිනමාවට එන්නෙ exorcism of Emily rose (2005) කියන චිත්‍රපටය. උසාවියේ නඩු විභාගය සමග අතීත මතකාවර්ජනය ලෙස තමයි චිත්‍රපටය දිව යන්නෙ. 97% විතර චිත්‍රපටය සම්පූර්ණයෙන්ම සිදුවූ ඇත්ත කතාව. චිත්‍රපටයේ ඇනලීසී/ එමලිගේ චරිතයට පණ පොවන්නේ Jennifer carpenter. ඇය වීඩියෝ සහ ඕඩියෝ වල අයුරින් එමලිව නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ මහ පුදුමාකාර විදියට. Horror චිත්‍රපටයක මම දැකපු විශීෂ්ට රංගනයක්.
💀මීලඟට ජර්මනියේ නිකුත් වෙනවා requrium (2006) චිත්‍රපටය . පොඩ්ඩක් සැර බාල කරල හැමෝටම බලන්න පුළුවන් විදිහට මේක නිර්මාණය කරල තියෙනවා. Drama එකක් විදියට කතාව අපට දිගහැරෙනවා.
💀මීලග චිත්‍රපටය වෙන්නෙ Anneliese: The Exorcist Tapes(2011) චිත්‍රපටය.Paranormal Entity චිත්‍රපට පෙලේ තෙවන චිත්‍රපටය විදියට මුණගැහෙන්නෙ මේ චිත්‍රපටය.
පිලිවෙලට ගතහොත්.
+ aranormal Entity (2009)
+ 8213: Gacy House (2010)
+ Anneliese: The Exorcist Tapes(2011) 🔥
+ 100 Ghost Street: The Return of Richard Speck (2012)
චිත්‍රපට පෙල කිසිම සම්බන්ධයක් නෑ. ඔයාලට ඕන නං එමලිගේ චිත්‍රපටය වන තුන්වන එක කෙලින්ම බලන්න පුළුවන්.
තවත් ප්‍රශ්න හා පිලිතුරු.
1. Exorcism of Emily rose (2005) චිත්‍රපටය හදන්න එමලිගෙ අම්මා තොරතුරු ලබා දුන්නද?
නෑ. "I don't want to see the film and I don't know Anything about it"
" මට චිත්‍රපටය නරඹන්න අවශ්‍ය නෑ. මම ඒ ගැන කිසි දෙයක් දන්නෑ'කියල තිබුන.
පස්සෙ කාලෙක ඇය මෙහෙමත් කියල තිබුන.
"I know that we did the right thing because I saw the sign of Crist in her hands. She was bearing stigmata and that was a sign from God that we should exorcise the demons. She died to save other lost souls to atone for their sins" ( Anna Michel 2005)
"ක්ස්තුස්ගේ සලකුණ ඇගේ අතේ තිබුණ නිසා නිවැරදි දේ කල බව මම දනිමි. ඇය අපකීර්තියට පත්ව සිටි අතර එය භූතයන් දුරු කල යුතු බවට දෙවියන් වහන්සේගෙන් ලද ලකුණකි. ඇය මිය ගියේ වෙනත් නැතිවූ ආත්මයන් බේරා ගැනීමටත්, ඔවුන්ගේ පව් වලට සමාව ලබා ගැනීමටත්ය."
2. Exorcism of Emily rose (2005) චිත්‍රපටයේ පෙන්වන විදියට ලගින්ම ඩොක්ටර් කෙනෙක් හිටියද?
නෑ.
3. එමලි ආගමට ලැදියිද?
ඔව් ගොඩක්ම හැදී වැඩී තිබුනෙ පල්ලිය සමගයි. එමලිගේ පවුලේ ගොඩක් අය ෆාදර්ස්ල සහ නන්ල වෙනවා. පල්ලියෙ ප්‍රධාන ගීතිකා කණ්ඩායමේ නායිකාව තමයි එමලි.සත්ව කරුණාව උපරිමයෙන් තිබුන ධර්මානුකූල තරුණියක්.
4. Exorcism of Emily rose (2005) චිත්‍රපටයේ සේ අවට පරිසරය විකෘති වී එමලිට පෙනුනද?
ඔව් චිත්‍රපටයට වඩා දරුණු ලෙස පෙනුනු බව සදහන් වෙනවා.
5. Exorcism of Emily rose (2005) චිත්‍රපටය රූගත කිරීම් අතරතුර අද්භූත සිදුවීම් උනාද?
ඔව්. කාර්ය මණ්ඩලයේ සහ නලු නිලියකගේ එලාම් ඔරලෝසු එකම වෙලාවක නැවතී තිබුනා. පසුව සේරම එලම් ඔරලෝසු කාමර වලින් ඉවත් කරනවා.
ඔන්න ඕක තමයි අකාලයේ මිලින ඌ රූමත් එමලි රෝස්ගේ කතාව. චිත්‍රපටය තුන තාම බැලුවේ නැත්තම් අනිවාර්යයෙන්ම බලන්න කියල මතක් කරනවා. Renz පියතුමා වීඩියෝ කල වීඩියෝ දර්ශන සහ හඩපට බලන්න, අසන්න කියල මතක් කරල මම සමුගන්නවා ☠
TSML වෙනුවෙන් 💖💖💖💖
මේ දොස්තරවරුන්ගෙන් වැඩක් නැති බව දැනගත් ඇගේ දෙමාපියන් ඇයව 1973 නොවැම්බර් මනෝ චිකිත්සකවරයෙක් ලගට අරගෙන යනවා. ඔහු කියනවා එමලිට අපස්මාරය වගේ එකක් තියෙනවා කියලා. ඔහු කලිං නිර්දේශ කලාටත් වැඩිය දරුණු ඖෂධයක් වන chloropromacaine ඇයට නිර්දේශ කරනවා. මේ ඖෂධය යොදාගන්නෙ භින්නෝන්මාදය, බාධාකාරී හැසිරීම,මායාවන්ට ඇතුලුවීම නැවැත්වීමට.
1975 ජූලි වල මේ තත්වය තවත් දරුණු වෙන්න ගන්නෙ කවුරුත් බිය ගන්වමින්.
මුලින්ම ඇයට කුමක් හෝ අමනුෂ්‍ය බලපෑමක් ඇති බව දැනගන්නෙ පල්ලියේ nun කෙනෙක්. ශුද්ධ රූපදෙස නොබැලීම, ශූද්ධ ජලය පානය නොකිරීම,ඉසින විටදී බය වී වෙව්ලීම නිසා. මේ පිලිබඳව ඇය සදහන් කරෙ අධිකරණයේදී.
අධිකරණ සීන් එක අවසානයේදී බලමු.
☠ඇය ️ ආහාර වෙනුවට හූනන්, කැරපොත්තන්, මැස්සන්, මකුලුවන් ආහාරයට ගන්න පටන් ගන්නවා.
☠ මුත්‍රා කර එය ලෙව කැමට පටන් ගන්නවා.
☠නිදි මරාගෙන කාටදෝ යාඥා කරන්න පටන් ගන්නවා.
☠ඇය ගෙදර තිබුණු කුරුස, ශූද්ධ වූ වස්තූ විනාශ කරන්න පටන් ගන්නවා.
☠ ආහාර නොගැනීම නිසා ඇගේ බර 30kg දක්වා අඩු වෙනවා. නමුත් ඇයගේ ශක්තිය අධික ලෙස වර්ධනය වෙන්න ගන්නවා. දිනක් තම නැගණියව තනි අතින් වීසී කරන්නේ බෝනික්කෙක් වීසි කරන්නාක් මෙනි. ඇපල් ගෙඩි තනි අතින් මිරිකා පොඩි කර දමයි.
☠ මේසයක් යටට වී සුනඛයෙකු සේ කෑ ගසයි.
දිනක් නිවසට පැමිනෙනවා rodrik කියල පියතුමෙක්. ඔහු ඇවිත් පරික්ෂා කර ඇයට මේ බව නොකියා දෙමාපියන්ට සැල කරනවා ඇයව කවුරුන් හෝ ආරූඪ කරගෙන සිටින බව.
වහාම exorcism (පලවා හැරීමක්) කල යුතු බව ඔහු දෙමාපියන්ට පවසනවා.
තම දියණිය කෙසේ හෝ සුව කරගත යුතු නිසා දෙමාපියන් මෙයට කැමති වෙනවා.
මේ සදහා වතිකානුවේන් අවසර ලබාගෙන ඔවුන් දිනයක් වෙන් කර ගන්නවා.
ඒ 1975 සැප්තැම්බර් 24 වෙනිදා. Exorcism එක කරන්නේ Arnold renz පියතුමා. එයට සහය දක්වන්නේ Ernst alt පියතුමා.
තවත් විශේෂ සිදුවීමක් වෙනවා. Renz පියතුමා මේ සියල්ල වීඩියෝ කිරීම සදහා camara, sound recorder අරගෙන එනවා. එදා උන සියලුම සිදුවීම් ඔබට පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට හා ඇසීමට පුළුවන්. හඩ පට 42 ක් තියෙනවා.
සංවේදී අය නැරඹන්න එපා කියල මතක් කරනවා.
ඇයි ඔහු එහෙම කලේ. මින් පෙර කළ කිසිදු පලවා හැරීමේ ක්‍රියාවලදී ඔහු විඩීයෝ කරල නෑ.
1. එමලිව බේරගන්න බැරි වන බව ඔහු කලින්ම දැන සිටියාද?
2. ඇය මේකෙන් මිය ගියහොත් මේ වීඩීයෝ ඔහුට මරණ චෝදනාවලින් නිදහස් වීමට හැකි බව ඔහු සිතුවාද?
3. නැත්නම් කවදාවත් නොකරපු දෙයක් එදා කරන්න ගියාද?
වගේ ප්‍රශ්නාර්ථ කිහිපයක් අපට ඉතුරු වෙනවා.
Exorcism එක පටන් ගන්නවා. මෙහිදී ඇසුනු ප්‍රශ්න කිහිපයක් විස්තර කරන්නම්.
1.
Father renz -: මේ ශරීරයෙන් ඉවත් වෙයං.
Annelise -: මට බෑ.(ආගන්තුක කටහඩකින්, පරුෂ වචනයෙන් බැන වදිමින්.)
2.
Father renz-: උබ කවුද?
Annelise -: I am... judas Iscariot, Nero , Cain , Hitler, Valentene Fleischmanm, Lucifer
මෙතනදි ආරූඪ වූ යක්ෂයා පස්වෙනි නම විදියට පවසන්නේ Valentene Fleischmanm කියල. තවත් ප්‍රශ්ණ වලදී යක්ෂයා ඔහුගේ සේරම තොරතුරු father renz වෙත ලබා දෙනවා. ඉතිං Valentene Fleischmanm කියන්නේ පියතුමෙක්. 1550 දී විතර පල්ලියේ දී නුසුදුසු හැසිරීමක් නිසා පල්ලියෙන් පිටුවහල් කරපු කෙනෙක්. Renz පියතුමා මේ ගැන දන්නවා. ඒත් එමලිට මේ Fleischmanm පියතුමා ගැන දැනගන්න කොහොමටවත් විදියක් නෑ. මොකද ඒ වැලලී ගිය අතීත කතාවක්. Renz පියතුමා මේක අහල පුදුම වෙනවා.
ඔයාලට අවස්ථාව තියෙනවා මේ සම්පූර්ණ කොටස් වලට සවන් දෙන්න.
1976 මැයි වෙද්දී මේ තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙනවා. එමලි තමන්වත් තම ලග ඉන්න අයව හපා කන්න පටන් ගන්නවා.
ඒවගේම තමන්ගේ ඔලුව බිත්තියෙ ගහගෙන තමන්ටම තුවාල කර ගත්තා.
තව ලොකු අවුලක් තමයි ඇය ආහාර අනුභව කලේ නෑ. තමන්ට කන්න අවසර නැති බව තමයි ඇය කියල තිබුණෙ. මේ නිසා ඇගේ බර තවත් අඩුවී මැලවී ගිය ස්වරූපයක් දක්නට ලැබෙනවා. ඒත් ඇගේ අර සුපිරි ශක්තිය නං අඩු උනේ නෑ. ඇය ලග හිටපු අයව හපා කන්න පනිද්දී ඇයව ලනු වලින් ගැටගැසීමට අල්ල ගන්න තරම් වත් වටේ හිටපු අයට ශක්තියක් තිබුනෙ නෑ.
ඉතිං කෑම නොකා ඇයට මේ ශක්තිය කොහෙන්ද? අප කාටත් ප්‍රෙහෙළිකාවක්.
1976 ජූලි වෙද්දී කෑම නොකා ඇගේ මුලු මුහුනම ඇදිල ගිහින්. ගරීරය කේඩෑරි වී ගිහින්.
1976 ජූනි 30 කරපු exorcism එකකින් ඇගේ මුවින් වාක්‍ය දෙකක් පිටවෙනවා.
මුල්ම එක කියන්නේ father renz ට
"Beg for absolution" " මේක අවසන් කරන්න" යනුවෙන්.
අනෙක ඇගේ මව වන Anna Michel ට මෙසේ පවසනවා. "Mother.. i'm afraid"
" අම්මේ, මට බයයි" යනුවෙන්.
පහුවෙනිදා ඒ කියන්නේ 1976 ජූලි 1 වෙනිදා
එමලි අපෙන් සමුගෙන ගිහින්. Exorcism 67 කට පස්සේ එමලි මේ විදියට මිය යනවා.
💀💀💀එමලිගේ යාතිකාව💀💀💀
එදා 1952 සැප්තැම්බර් මස 21 වෙනිදා. Josef Michel ටයි , Anna Michel ටයි ගොඩක් සතුටු දවසක්. මොකද එයාල කසාද බැඳලා මුල්ම දියණිය මෙලොව එළිය දකින්නෙ එදා. ඇය නමින් Annelise Michel. ආදරේට කියන්නේ එමලි.... එමලි රෝස්.
පොඩි කාලේ ඉදන්ම ඉතා කරුණාවන්ත, ආගමට ලැදි දැරියක්. ඇගේ සත්ව කරුණාව කොච්චරද කියනවනං බල්ලෙක්, පූසෙක් පාරෙ හිටියත් අරගෙන ඇවිත් ඇතිකන්න ඇය පුරුදු වෙලා හිටියා. කොටින්ම ගෙදර සාමාජිකයන්ට වඩා සත්තු ගෙදර හිටියා.
ඒ විතරක් නෙවෙයි ඉගෙන ගන්නත් හරිම දක්ෂයි.
කාලය කෙමෙන් ගෙවීගෙන යනවා...
ඇගේ එකම හීනය උනේ ගුරුවරියක් වෙන එක. නොසිතූ මොහොතක ගෙදරට එන ලියුමෙහි සදහන් උනේ ඇය විශ්වවිද්‍යාලය සදහා තේරී ඇති බවය. ලියුම රැගෙන ඇය කෙලින්ම දිව ගියේ දෙමාපියන්ට මේ බව සැල කරන්නයි.
" මොකක්ද දුවේ ඔය?"
"අම්මම බලන්නකෝ"
"මේකද ඔයාගේ හීනය දුවේ. ඔයා අපෙන් ඈතට යාවී."
"මම ඉක්මනට එනවා අම්මේ. ඒකට කමක් නෑ. මම හොඳින් ඉන්නම්"
මුලදී මව අකමැති උනත් තම දියණියගේ එකම සිහිනය සැබෑ වීමට මගක් නිසා පසුව කැමති වෙනවා. දෙදෙනාගේම ආශිර්වාදය මැද ඇය දුර බැහැර විශ්ව විද්‍යාලය කරා යන්නෙ ගුරුවරියක් වීමේ සිහිනය සැබෑ කර ගැනීමටය.
ලියුම් මගින් ඇය දෙමාපියන් සමඟ තොරතුරු හුවමාරු කරගන්නවා. ඇගේ නවතම නැටුම් පිලිබඳව,
දෙමාපියනුත් ඇගේ සුවදුක් විමසමින් නිතරම ලියුම් යවනවා. නව යොවුන් වියේ රූමත් තරුණියක් නිසා ජේසන් කියල පිරිමි ලමයකුගෙන් ආදරයකුත් හම්බවෙනවා.
කාලය කෙමෙන් ගෙවීගෙන යනවා.
එක් දිනක් ,
පාන්දර 4 ට විතර ඇගේ මවට ඇමතුමක් ලැබෙනවා. ඒ එමලි බවට හදුනාගැනීමට මවට වැඩි වේලාවක් ගත නොවුණි. විශ්වවිද්‍යාලයේ ගෙවන දුරකතනයකින් තමයි ඇය කතා කරල තියෙන්නෙ.
පාලනය කර ගත නොහැකි නොසන්සුන්තාවයකින් ඇය කතා කරයි.
" එමලි.." " එමලි.."
ඇය පිලිතුරු දෙන්නේ නැත.ඉකි ගසමින් හඩයි. ඇය කුමක්දෝ කියන්න උත්සාහ කරයි.නමුත් වචන පිටවෙන්නේ නැත.ඇය කුමකට හෝ තදින් බය වී ඇති බව මව තේරුම් ගන්නවා.
දුරකතනය විසන්ධි වෙන්නේ මේ අතරතුරය.
මේ සිදුවීම නිසා දෙමාපියනුත් හොදටම බය වෙලා. එමලිට මොකක්ද උනේ කියලා දැනගන්න ඔවුන් උත්සාහ කරනවා.
එදිනම රාත්‍රියේ එමලි විශ්වවිද්‍යාලයෙන් හදිසියේම නිවස බලා පිටත් වෙනවා. ඒ පොත් බෑග් මොකුත් නැතුව රාත්‍රී ඇදුම පිටින්.
නිවසට පැමිණ රෑ සිදුවූ සිදුවීම මවට හඩමින්,ගොත ගසමින් විස්තර කරන්නේ මේ විදියටය.
"මගෙ කාමරෙ හිටපු අනෙත් යාලුවත් ගෙදර ගියා. සති අන්තෙ මම ගොඩක් පාලුවෙන් හිටියෙ. ඊයෙ මම එලාම් එක තියල නිදාගත්තේ. ඒත් ඊට කලින් මට ඇහැරුනා.
මට ආව මොකක්ද පිච්චෙන ගදක්, ගින්නක් කියල බයවුන නිසා මම ගියා පොඩ්ඩක් බලන්න.
මට මොකුත් හම්බ උනෙ නෑ. මම දැක්කා ප්‍රධාන දොර ඇරලා තියෙනවා.මම ඒක ලොක් කරලා කාමරෙට ආවා. නිදාගෙන ඉන්නකොට බඩු කිහිපයක් වැටෙන සද්දෙකට මාව ආයෙ ඇහැරුනා. මම ටිකක් වෙලා ඇහැරිල බලාගෙන හිටියා. මටත් නොදැනිම මට නින්ද ගිහින්"
ඉන්පසුව ඇය කියා සිටියේ අමුතු කතාවක්
" මාව ආයෙ ඇහැරුනේ මගෙ හුස්ම හිරවෙනකොට. මොකක්ද මාව හිර කරගෙන හිටියා. මම බේරෙන්න උත්සාහ කලා.
මේ තමයි ඇයගේ මුල්ම සිහිය ගිලිහී යන අවස්ථාව. මේ කතාව මෙතනින් ඉවරයි.
මේ සිදුවීම වෙලා මාස 11 කට පසුව නැවතත් 1969 අගෝස්තු වල එමලි මේ වගේ තවත් සිදුවීමකට මුහුණ දෙනවා.
දෙමාපියන් වහාම එමලිව ලගම රෝහල් dr. works ගාවට අරගෙන යනවා. එයා එමලිගෙ මොලයේ EEG පරික්ෂණයක් පවා කරනවා. හැබැයි ඔහුට එමලිගේ කිසිම අවුලක් හොයාගන්න බැරි වෙනවා.
එමසිදුවීමෙන් දින කිහිපයකට පසු නැවතත් එමලි මෙවැනි සිදුවීමකට මුහුණ දෙනවා. දෙමාපියන් දැනගන්නවා මෙහි වර්ධනයක් සිදු වන බව. වහාම එමලිව ස්නායු විසේසඥ Dr. Luthy ගාවට අරගෙන යනවා. ඔහුටත් එමලිගේ කිසිම අවුලක් හොයාගන්න බැරි වෙනවා.
ඉතිං එන අවුරුදු තුන ඇතුළත මෙවැනි සිදුවීම් කිහිපයකට ඇය මුහුණ දෙනවා. දොස්තරවරු දෙන්නම ඇයට වලිප්පුවට යොදා ගන්නා ඖෂධයක් වන Dilantin නිර්දේශ කරනවා. මෙවරත් EEG පරීක්ෂණ කරනවා. ඒත් කිසිම අවුලක් හොයාගන්න හම්බවෙන්නේ නෑ. වෛද්‍යවරු මේ ඖෂධය නිර්දේශ කලෙත් කිසිම රෝග ලක්ෂණයක් සොයාගන්නෙ නැතුව.
1973 මාර්තු වල මේ තත්වය තවත් දරුණු වෙනවා.
එමලිගේ කාමරෙ දොරට කවුරු හරි තට්ටු කරන ශබ්දයක් එමලිටත් එයාගෙ නැගණිය වන Martha Michel ටත් ඇහිල තියෙනවා.
කාමරයෙ එමලි තනි වන අවස්ථාවල " අපායටම පලයන්" වැනි වචන නිතරම වගේ ඇයගේ කාමරය දෙසින් ඇසෙන්න පටන් ගන්නවා.
දිනක් එමලි මරිය තුමියගේ පිළිමයක් දෙක හරිම දේවේෂයකින් බලන් ඉන්න අවස්ථාවක් මව දකිනවා. ඒ අවස්ථාවේ ඇගේ ඇස් දෙක තද කලු පැහැයට හැරී තිබෙන අවස්ථාව දැක මව කෑගහන්න පටන් ගන්නවා. එවිට එමලි ක්ලාන්ත වී බිම ඇද වැටෙනවා.
1973 සැප්තැම්බර් වල එමලිව නැවතත් Dr luthy ගාවට අරගෙන යනවා. එවිට ඇය කියා සිටිනවා තමන්ට යක්ෂයාගේ මුහුණ මැවී පේන බවත්, යක්ෂයා තමන් තුළ සිටින බව දැනෙනවා කියලත්.
ඇය ලගින් නිතරම පිලිස්සූ මලපහ සුවදක් හැමෝටම දැනෙන්න පටන් ගන්නවා.
+3
💀💀💀එමලිගේ යාතිකාව💀💀💀
එදා 1952 සැප්තැම්බර් මස 21 වෙනිදා. Josef Michel ටයි , Anna Michel ටයි ගොඩක් සතුටු දවසක්. මොකද එයාල කසාද බැඳලා මුල්ම දියණිය මෙලොව එළිය දකින්නෙ එදා. ඇය නමින් Annelise Michel. ආදරේට කියන්නේ එමලි.... එමලි රෝස්.
පොඩි කාලේ ඉදන්ම ඉතා කරුණාවන්ත, ආගමට ලැදි දැරියක්. ඇගේ සත්ව කරුණාව කොච්චරද කියනවනං බල්ලෙක්, පූසෙක් පාරෙ හිටියත් අරගෙන ඇවිත් ඇතිකන්න ඇය පුරුදු වෙලා හිටියා. කොටින්ම ගෙදර සාමාජිකයන්ට වඩා සත්තු ගෙදර හිටියා.
ඒ විතරක් නෙවෙයි ඉගෙන ගන්නත් හරිම දක්ෂයි.
කාලය කෙමෙන් ගෙවීගෙන යනවා...
ඇගේ එකම හීනය උනේ ගුරුවරියක් වෙන එක. නොසිතූ මොහොතක ගෙදරට එන ලියුමෙහි සදහන් උනේ ඇය විශ්වවිද්‍යාලය සදහා තේරී ඇති බවය. ලියුම රැගෙන ඇය කෙලින්ම දිව ගියේ දෙමාපියන්ට මේ බව සැල කරන්නයි.
1999 - 2000 අතර අපේ අම්මාට වුන කතාවක්.
ඕක වෙද්දි අම්මාට අවුරුදු 24ක් 25ක් වගේලු. අම්මා වැඩකරපු පැත්තෙ තමයි මේ සිද්දිය වෙලා තියෙන්නෙ. අම්මාට හරියටම දිනේ මතක නැහැලු මේ සිද්දිය වුන. ඒත් ඒ අම්මා කියන විදිහට ඒක වුනේ අනිවාර්යයෙන් 1999 හෝ 2000 අවුරුදු දෙනෙන් එකක නොවැම්බර් මාසෙලු. මොකද හරියටම ඕක සිද්ද වෙලා මාසෙකින් එකහාමාරකින් අම්මා වැඩ කරපු තැන swiss කට්ටියට විකුණලා. ඊටපස්සෙ අම්මලාට job එක නැතිවුනාලු. ඒක නිසා අම්මාට හරියටම කියන්න පුලුවන්ලු ඔය සිද්දිය වුනේ ඒ කාලෙදි කියලා . ඒකාලෙ අම්මා බදුල්ල දෙමෝදර පැත්තෙ තේ ෆැක්ටරි එකක accountant කෙනෙක් විදිහටලු work කරලා තියෙන්නෙ. අම්මා උදේට හාලි ඇල ඉඳන් වැඩ කරන්න train එකේ එනවාලු හවස යනවාලු.
ඒ තේ ෆැක්ට්‍රි එකේ අම්මාගෙ අදුරන යාලුවො දෙන්නෙක් ඉඳලා තියෙනවා එයාලත් ඔය tea factory එක අවට ඉන්න අයලු. කොහොම හරි එයාලා නිතරම අම්මාටයි තව යාලුවන්ටයි කිය කිය හිටියාලු දවසක එයාලගෙ ගෙදර ඇවිල්ලා යන්න කියලා දවල් කෑමකට, කොහොම හරි අම්මලායි තව යාලුවොයි එන්නම් කියලා. ඒත් එන්න හරි දිනයක් තිබිලා නෑ. කොහොම හරි අහම්බෙන් අම්මලාට නිවාඩුවක් සෙට් වුනාලු. කොහොම හරි අම්මයි තව යාලුවො දෙතුන් දෙනෙකුයි පොරොන්දු වුනාලු එයාලගෙ ගෙදර නිවාඩු දවසට යන්න.
කොහොම හරි අම්මා එදා හාලි ඇල ඉඳන් දෙමෝදරට එන්න train එකේ නැගලා දවල් වෙද්දි ආවාලු දෙමෝදරට. එහෙම ඇවිල්ලා අනිත් යාලුවො දෙතුන් දෙනාත් එනකන් අම්මා ස්ටේෂන් එකට වෙලා ඉඳලා තියෙනවා. කොහොම හරි ඒ යාලුවො තුන් දෙනාත් ආවාට පස්සෙ කට්ටිය එන්න කියපු ගෙදර යාලුවා කියපු විදිහට ආයෙ රේල් පාර දිගේ හාලි ඇල පැත්තට මීටර් 500ක් විතර ගියාලු. ඔය යන පාරෙ පාලමක් තියෙනවා ලු. ඒකට කියන්නෙ කලු පාලම කියලාලු. මේ සිද්දිය වෙද්දි වෙලාව දවල් 12ත් 1ත් අතර ඇතිලු. අම්මා දැක්කාලු සාමාන්‍ය තරුණ වයසෙ ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි ඉඳගෙන ඉන්නවා පාලම උඩ. පස්සෙ අම්මා ඒක අම්මාගෙ යාලුවෙක් එක්කත් කිව්වාලු.
"පිස්සුද මන්දා බැරි වෙලාවත් ඔහොම ඉදලා වැටුනොත් එහෙම මෙයාලගෙ දෙමව්පියන්ට නේද කරදරේ" කියලා
පස්සෙ අම්මාගෙ යාලුවෙක් කිව්වාලු මොන අයද කොහෙද හිටියෙ කියලා.
අම්මා කියලා "ඇයි ඔය පාලම උඩ ඉඳගෙන හිටියෙ කියලා අත් දෙක අල්ලන් තරුන දෙන්නෙක්" කියලා.
අම්මාගෙ යාලුවො අම්මාට කියලා එහෙම කවුරුත් හ්ිටියෙ නෑනේ අපිත් ඔයාත් එක්කමනේ ආවෙ කියලා. පස්සෙ අම්මා කියලා ඇයි අනේ ඔයාල දැක්කෙ නැද්ද කියලා විස්තරේ අම්මා ආයෙ කියලා. එයාලා කිව්වාලු එයාලා දැක්කෙ නෑ කියලා. කොහොම හරි එයාලාට කතාවෙන් කතාව ඕක අකාමකා ගිහින්.
ආයෙ එදාම ඒ ගෙදර හිහින් ආපහු ඔය පාලම උඩින් එද්දි අම්මලාගෙ යාලුවෙක් ක්ියලා ඈතින් එද්දි මේ හරියෙ කපල් එකක් උන්නා දැන්නම් නෑනේ කියලා. පස්සෙ එයාලා එතනට ඇවිල්ලා වටපිට බලලා කවුරුත් ඉඳලා නෑ.
පස්සෙ ඕක එයාලටත් අකාමකා ගියාලු.
පස්සෙ දවසක අම්මා වැඩකරන තැන කට්ටිය කෑම වෙලවෙ කතාකරකර ඉන්න කොට අර අම්මලායි යාලුවොයි යාලුවෙක්ගෙ ගෙදර ගියාකිව්වෙ. ආන් ඒ යාලුවා කිව්වාලු.
" බලන්නකො අපේ පැත්තෙ තරුණ අවු 20/22 කපල් එකක් කලු පාලමෙන් පැනලානේ මෙයාලගෙ සම්බන්දෙට ගෙවල්වලින් විරුද්ධ නිසා, මොකද කොල්ලා සිංහල කෙල්ල ටැමිල්ලු " ඒ පාලමෙන් පැනපු පාර කොල්ලා නම් එතනම නැතිවෙලා හිටියා, අනිත් කෙල්ලට නම් හුස්ම තිබ්බා ලු. ඒත් ඉස්පිරිතාලෙට ගෙනියද්දි කෙල්ලත් නැතිවුනාලු. ඒ දෙන්නා බිමට වැටිලාත් අත් අල්ලන් ලු හිටියෙ " ඔහොම විස්තරේ කට්ටියට කියලා තව කිව්වාලු. ගමේ සමහර ම්ිනිස්සු දැකලා තියෙනවා ලු ඒ දෙන්නා පාලම උඩ ඉන්නවා" සතියක දෙකක ඉඳන් කවුරුත් ඔතනින් දැන් වැඩිය යන්නෑ. කියල.
පස්සෙ අම්මායි එදා එතනින් එයාලා එක්ක ගියපු අයයි මූනට මූන බලාගත්තාලු. ඊටපස්සෙ එයාලත් එයාලට වුන සිදුවීම කියලා. කට්ටිය හිතන්නෙ ඒ දැක්කෙ අර පැනලා නැතිවුන දෙන්නාලු. කොහොම හර්ි අම්මා ඕක ගැනම හිතලා දවස් දෙක තුනක් එයාලව හීනෙනුත් දැක්කාලු.
පස්සෙ ඕක වෙලා මාසෙකින් දෙකකින් එයාලගෙ ඔෆිස් එකත් වැහුවාලු. දැන් නම් ඒ පැත්තෙ තාම ඒ සිදුවීම වෙනවාද කියලා දන්නෑලු. ඒත් එක්කම ඕකත් අම්මාට අමතක වෙලා ගියාලු..
රෑ ගමන....
මේ මට වුන ඇත්තම සිද්දියක්. මේක උනේ හරියටම 2016/03/18 වෙනිදා පාන්දර ජාමේ.. අපේ ගමේ ඉදන් 15km ක් වගේ දුරින් තියන පන්සලකින් වන්දනා ගමනක් සංවිදානය කරලා තිබුනා දවස් 3 ක. ඒ වන්දනා ගමනට කට්ටිය ටිකක් අඩු නිසා. අපේ ගමේ පන්සලේනුත් කට්ටිය ඒ ගමනට යන්න ලෑස්ති උනා.. අපේ අම්මයි ලොකු අම්මයි දෙන්නත් ඔය ගමන යන්න ලෑස්ති උනා. 18 වෙනි සිකුරාදා පාන්දර 2.30ට තමයි ගමන පිටත් වෙන්න තිබ්බේ. ඒ නිසා අපි පාන්දර 1.00ට විතර ගෙදරින් පිටත් උනා මගේ ත්‍රීවිල් එකෙන්. අර කලින් කිව්ව දුර තියන පන්සලට. තව ගෙවල් ලග නැන්ද කෙනෙකුත් ගියා අපිත් එක්ක. 1:30 වගේ වෙද්දී අපි ඒ පන්සලට ගියා. ගිහින් මාත් විනාඩි 10ක් විතර එතන ඉදලා අම්මලටත් කියලා මං ආපහු ගෙදර එන්න පිටත් උනා. මට ටිකක් දුර එද්දී පොඩි මූත්‍රා බරක් හැදුනා. මං ත්‍රීවිල් එක පාර අයිනේ නවත්තලා බැහැලා ගිහින් ඒ වැඩේ කරා. ඒ පාර හරිම පාලු පාරක්. මං ආයේ ත්‍රීවිල් එකට නැගලා ටිකක් දුර ආවා. එක පාරටම පිටි පස්සෙන් කවුරුහරි මගේ බෙල්ලට අත තිබ්බා එක සීතල අතක්. මං ගැස්සිලා පිටිපස්ස බැලුවා. එතකොට මං දැක්කා පිටි පස්සේ සීට් එකේ කෙල්ලෙක් ඉන්නවා. මං බය උන පාර ත්‍රීවිල් එක පාලනය කරන්න ගන්න බැරි උනා. එහෙම්මම ගිහින් කාණුවට වැටුනා ඉස්සරහ රොදේ. මං බැහැල බලද්දී කවුරුත් නෑ ත්‍රීවිල් එකේ. මට හොදටම දාඩිය දාලා. කාණුවට වැටුන පාර ත්‍රීවිල් එකේ ඉස්සරහ ටිකක් ඩැමෙජ් වෙලා තියනවා මං දැක්කා.දැන් ත්‍රීවිල් එක පාරට ගන්න විදිහක් නෑ තනියම බයත් එක්ක. හොදයි වෙලාවට වෑන් එකක් අවා මං ඒකට අත දැම්මා. වෑන් එක නැවැත්තුවා.ඒගොල්ලෝ දානවා ගත්තා මං කරදරේක වැටිලා කියලා. මං කිව්වා අනේ අයියේ මට පොඩ්ඩක් උදව් කරන්න මේ ත්‍රීවිල් එක පාරට ගන්න කියලා. එයාල මට ත්‍රීවිල් එක පාරට අරන් දුන්නා. එයාල ඇහුව්වා මගෙන් මොකද උනේ කියලා. මං කිව්වා වේගෙන් ආපු නිසා එකපාරටම කන්ට්‍රෝල් නැතිවෙලා කාණුවට වැටුන කියලා. එයාල මට ඉස්සරහ වෙන්න දිලා. මගේ පිටි පස්සෙන් ටිකක් දුර ඇවිත් හොර්න් එක ගහලා පරිස්සමෙන් යන්න කියලා ගියා. මං ගෙදරට ඇවිත් ත්‍රීවිල් එක මිදුලේම නවත්තලා. ගෙට ආවා. තාත්තා ඇහුව්වා මගෙන් මොකද පරක්කු උනේ කියලා.. මං මොකුත් නොකිය කාමරේට ගිහින් නිදා ගත්තා. අපේ ගෙදර එළිවෙනකන් පිරිත් දාලා තියෙන්නේ. මට එහෙම්මම නින්ද ගියා. උදේ මං උණ විකාරෙන් මොනවද කියවනලු. තාත්තා ඇවිත් ඇයි කියලා ඇහුව්වා. මං ඊට පස්සේ උන දේ කිව්වා තාත්තාට. අපේ අක්කා ගේ හදන් ඉන්නෙත් අපේ වත්තෙමයි. තාත්තා අක්කට විස්තරේ කියලා කෝල් එකක් දුන්නහම අක්කයි මස්සිනයි ආවා.. මං එයාලටත් විස්තරේ කිව්වා. මස්සිනා ත්‍රීවිල් එක බලලා ඇවිත් කිව්වා මොකුත් වෙලා නෑ නේ කියලා. මං නැගිටලා ගිහින් බැලුව ඇත්තමයි ත්‍රීවිල් ඒකට මොකුත් වෙලා නෑ. මං හොදටම දැක්කා ඇ වෙලාවේ ත්‍රීවිල් එක ඩැමෙජ් වෙලා තියනවා. ඊට පස්සේ මගේ තත්වේ එච්චර හොද නැති නිසා ගමේ ඉන්න කට්ටඩි මාමා කෙනෙක් එක්ක ආවා අපේ මස්සිනා ගිහින්. එයා ඇවිත් මට නුලක් දාලා දෙහි කපලා වහානේටත් ආරක්ෂාවක් කරලා. ආයේ දවස් 3කින් එයා එනවා ඒ තකන් මාව තනි කරන්න එපා කියලා. ඊට පස්සේ ඉරිදා අම්මලා ආවා. එයාල දන්නේ ගෙදර එද්දී මට උනා දේ මස්සින මගදී කියලා.. දවස් තුනකට පස්සේ කට්ටඩි මාමා ඇවිත් තව සෙත් සාන්තියක් කරා මට. ඊට පස්සේ මට හොදටම හොදයි උනා. ඊට පස්සේ මස්සිනා ගිහින් මං බය උනා හරියේ කට්ටියගෙන් අහලා බලලා මෙහෙම සිද්දියක් වෙනවද කියලා. ඒ පැත්තේ අය කියලා තිබ්බේ කලිනුත් කීපදෙනෙක්ම බය වෙලා තියනවලු. මේ හරියේදී. හදිස්සි අනතුරකින් මැරුණු කෙල්ලෙක්ලු ඒ හොල්මන් කරන්නේ. ආදටවත් තනියම මං ඒ පාරෙන් ගමන් යන්නෙ නෑ. ඒ සිද්දිය තාම මට මතක් වෙනවා...... රෑ ගමන් තනියම යනවනම් අපි හුගාක් පරිස්සම් වෙන්න ඕනි. අපිට නොපෙනෙන බලවේග මේ හැම තැනම සැරිසරණවා... නිම්...
මේක මට උන තවත් එක සිද්දියක් මේ ළඟදි අපේ තාත්ත කතා කරා හවස මහ ගෙදර එන්න කියල මටයි හස්බන්ටයි වල් ඌරු මස් හම්බුනා කියල.ඉතින් අපේ තව යාලුවෙකුයි අපි තුන් දෙනා හවස ගෙදර ගියා එයාලට ඉතින් දඩ මස් හම්බුනා කියන්නෙ ඉතින් බෝතලයක් ඕනිමනෙ.කොහොම හරි ගෙදර ගිහින් ඔය මස් ටිකත් උයල එයාල බයිට් එකටත් ඒකෙන් ටිකක් ගත්ත .ඔක්කොම ඉවර වෙලා රෑ 9ට විතර ආපහුඑන්න එද්දි අම්ම බත් පාර්සල් 2ක් ඔතල දුන්න ගිහින් කන්න කියල දෙකටම ඌරුමස් දාල තව මොනව හරි තිබුන මතක නෑ දැන්.යාලුවටත් කෑම එකක් දුන්න.අපි ගෙදර ආව අපේ මහ ගේ තියෙන්නෙ කැලෑබද පැත්තක ගෙදර ට යන්න ඕනිත් ඇලකින් එගොඩ වෙලා.අපි ගෙවල් කිට්ටුවට ආවම අපි එක්ක ආපු අය්ය එයාගෙ කෑම එකත් බයික් එකේ අරන් ගෙදර ගියා.මං ඇග සෝදන් කමු කියල හස්බන්ට කතා කරා.එක පාරම මගෙ ඇගට පැනල බෙල්ලෙන් අල්ලන් කෑඝහන්න ගත්ත ඔය කෑම එක විසික් කරපන් මේ දැන්ම විසික් කරපන් කියල මං හිතුව විහිලුවක් කරන්නෙ කියල එක්කො බීල නිසා ඩෝප් පිට කියල එහෙමත් නෑ හැසිරීම හරිම වෙනස් කටින් කෙල එහෙමත් ආව කිව්වෙම කෑම එක ජනේලෙන් විසික් කරපන් කියල බය උන පාර මං කෑම එක විසික් කරා.ටිකකින් මෙයා එක පාරටම මට කිව්ව පෝන් එකෙන් පිරිත් දාන්න කියල.මොකුත්ම කීවෙ නෑ එහෙමම දෙන්න එක්ක නිදාගත්ත.උදේ මං ඇහුව මොකද්ද ඊයෙ උනේ කියල එයා කියනව කිසි දෙයක් මතක නෑ හැබයි කව්ද කනට කොදුරල වගේ මොනව හරි කිව්වලු ඒ කිව්ව දේවල් මතක නෑ කිව්ව.හොදම දේ දවල් වෙලා යාලුවගෙන් කෝල් එකක් ආව එයා කියනව මචන් මාර වැඩේනෙ එයාට කෑම එක කන්න අමතක උනාලු එහෙමම කුස්සියෙ ප්‍රැන්ටිය උඩින් තියල නිදාගත්තලු උදේ බලද්දි මස් කෑලි හැම තැනමලු කුස්සිය පුරාම බත් හලලලු.සතෙක් එන්න විදියක් නෑ එයා ගේ හදල තියෙන විදියට අනික සතෙක් ආව නම් මස් ටික කාල තියෙන්න ඕනි ඒ මොකුත් නෑ අපි කිව්ව අපිට උන දේත් එයාගෙ ගේයි අපේ ගේයි තියෙන්න ලග ලගම. කොහොම හරි අපි එදා ඉදන් සතියක් විතර හවසට පිරිත් දාල තිබ්බ
වර්ෂය 2009 වැසිබර කාලගුණයකි ඇලේ මාලු දැලෙහි මිරිජ්ජ මාලු ටික එකතු කරගත් පියසිරි කඩිමුඩියෙ ගෙදර ආවේ හන්දියේ කඩෙන් පාන් ගෙඩියක්ද රැගෙනය
මිජිජ්ජ මාලු ටික සුද්ද කරගත් පියසිරි එය ලිපේ තබා මාලු කරිය හොදින් සදා ගත්තේය
පාන් කෑමට කලියෙන් සීතල නිසාම රා පොල් කට්ටක් තොල ගෑමේ ආසාවක් ඇති වූ පියසිරි මිරිජ්ජ මාලු කූරයියකුගේ රස බලමින්ම වාඩියට යෑමට පිටත් විය
තුන්මං හන්දිය පසු කර රබර් කෑල්ල මැද ඇති වාඩියට යෑමට හැරුනු පියසිරිට තමාගේ පිටුපසින් කාරුන් හරි එන බවක් වැටහෙනි
කව්ද කියල බලන්න පියසිරි පිටුපස හැරුනා පමණි
අකුණක් පහත් වූවක් මෙන් පිට හරහා වේගයෙන් පහරක් වැදෙනවා පමණි මතකි
පියසිරි රබර් කෑල්ලේ දපනෙ දා බිම වැටී සිටිනු දුටු වාඩියට පැමිණි දෙතුන් දෙනෙක් දැක පියසිරි නිවසට රැගෙන ආවේය
වතුර ටිකක් ගසා සිහිය ගන්නත් නොහැකි වූ පියසිරි එකවරම මහ හඩින් හූ කියාගෙන නැගිට්ටේ වටේ හිටි අය තුෂ්නීභූත කරමින්ය
පිටෙහි ඇගිලි පාරවල් හතරකි
මහ එක්කෙනාමයි දීල තීන්නෙ නටන්න වෙනවා හොද තොයිලයක් ගුරුන්නාන්සෙ මාමා අඩුම කුඩුම ඉක්මනින් ලෑස්ති කරපිය කියා ලිස්ට් එක කියෙව්වේය
පියසිරිට මහ එකා ගහලා තොවිලයක් කියා ගම වටා ආරංචිය ගොස් හමාරය
පියසිරි ඇදක ගැට ගසා ඇත හූ හඩ සැරෙන් සැරේ පිටකරයි
ගුරුන්නාන්සෙ මාමා වැඩේට බැස්සේය
රෑ දොලහේ කනිසම පසු විය
හතර පස් දෙනෙකුටද ඇද කැඩිය නොහැකි රැහැන් පටවල් කිහිපය සන් නූල් පටවල් කැඩෙන සේ කැඩී ගියේය
පියසිරි අදුන ඉදිරියට පැමිනෙයි
ගුරුන්නාන්සෙ මාමා මන්ත්‍ර ජප කරමින් සිටිති
වාඩි වෙයව් ඔතනින්
ගුරුන්නාන්සෙ මාමා ත්‍රිෂූලය එල්ල කරමින් විදානය දුන්නේය
පියසිරි අදුන ඉදිරියේ එරමිනිය ගොතා ගෙන වාඩි විය
දැන් මේ උන්දැගේ ඇගේ කව්ද මේ
මං මහ එකා
මොකටද මේ නර පනුවගෙ ඇගේ
මූ මිරිජ්ජ මාලු කාල බැද්දෙ ගාටනවා
හරි දැන් ඔය ඉන්න කෙනාට යන්න පුලුවන් මේ නර පනුවට සමාව දීල
බෑ මට බිල්ලක් ඕන නැත්නම් මූ ඇන්න යනවා
බිල්ලක් දෙන්න බෑ
බෑ මට ඕන බිල්ලක්
කරන්න දෙයක් නොමැත
හොදා කුකුල් බිල්ලක් දෙන්නම්
හොදා
ගියා කියල ඔප්පු කරන්න ඕන
හොදා
මන්ත්‍ර ජප කරන්න ගත්තේය
ගත වූයේ නිමේෂයකි
ගේ පහල ඇති කොස් ගසෙහි අත්තක් ජර බරාස් ගා කැඩී බිම වැටුනි
පියසිරි කපාහෙලූ කෙසෙල් කදක් සේ බිම ඇද වැටුනි
පිරිත් පැන් ඉස සිහිය ගත් පියසිරි මොකුත් නොවුන ගානට මොකද මේ සෙනග ගෙදර යැයි ව්පරම් කර බැලීය
කුකුලා ඒ වනවිටත් කුණු වී පනුවන් දමමින් සිටියේය
මිරිජ්ජ මාලු කාල අද කාලෙ ගමන් බිමන් යනවා අපි නම් කියන අය බොහෝ සිටිති
හැන්දෑ ගොම්මන් යාමේ මිරිජ්ජ මාලු ටිකක් කාල පාලු පාරක හෝ පාලු සුසාන භූමියක වගේ තනිපංගලමෙ පොඩ්ඩක් රවුමක් ගිහින් බලන්න
සමහර විට ඔයාලත් හරි සොදුරු අත්දැකීම් විද ගන්න පුලුවන් වෙයි වාසනාව තිබුනොත්
මේ සිදුවීම උනේ මම O/L කාලේ ...ඒ කාලේ මට bf කෙනෙක් හිටියා ඒ කියන්නේ දැන් මගේ හස්බන් ....
O/L කාලේ අපේ ගෙදර මගේ තනියට තව යාලුවෙක් ආවා පාඩම් කරන්න ඒ කලේ මට bf දුන්න චූටි 4න් එකක් තිබ්බා ඒක ගෙදර ට හොරාට තමයි තියාගෙන හිටියෙ..
අපේ අම්මයි අප්පච්චි ගෙදර හිටියේ නැ එදා රෑ යාලුවයි මමයි විතරයි මගේ 4න් එකේ චාජර් එක කැඩිලා හරියටම එදා මට bf කෝල් එකක්වත් ගන්න විදියක් නැ ...අපේ ගෙදර පිටි පස්සේ වත්තේ කොනේම අපේ අයියා ගෙයක් හදලා තියෙනවා ඒකේ එයාලා පදින්චි වෙලා ටික කාලයක් ඉදලා colombo ගියා ඉතින් අව් රුදු 5-6 විතර එහේ පාලුයි දොරවල් ජනෙල් වහලා මට මතකයි එහේ චාර්ජර් එකක් තිබ්බා ඉතින් රෑ 8-9 අතර වගේ මම යාලුවා එක්ක ටෝච් එකත් අරගෙන අර ගෙට ගියා...දොර ඇරලා සාලේ ටික දුරක් ගියා විතරයි අපේ කන් අගුලු වැටුනා වගේ උනා 🥺 ඊට පස්සේ එක පාර ලොකු හුලගක් ආවා කොහෙන්දා මන්දා...ඒකෙ ලොකූ ගෙයක් පාලුවට ගිය කපරාදු කරලවත් නැ ඊට පස්සේ ඒකත් ගනන් ගන්නෙ නැතිව මම කාමරේට ගිහින් චාර්ජර් එක හොයනවා මට ඇහෙනවා හුස්ම ගන්න සද්දයක් යාලුවටත් ඇහුනා අපි දෙන්නම අයේ ගෙදර දිඋවා කොහොම ගෙදර ට ගියාද කියන්නවත් මතක නැ අපිට හොදටම බය උනා...අයේ මම කවදාවත් තනියම එහේ ගියේ නැ....
