en
Feedback
SLCC PDF & EDUCATION VIDEOS

SLCC PDF & EDUCATION VIDEOS

Open in Telegram
1 813
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
අලුත් හොල්මන් කතාවක් අහමුද?
Anonymous voting

BREAKING: 🇺🇸 Republicans win control of the Senate
BREAKING: 🇺🇸 Republicans win control of the Senate

✅ Donald Trump takes the lead in the election, up by 21.8% in the odds.
✅ Donald Trump takes the lead in the election, up by 21.8% in the odds.

මැදින් ආයෙත් තනියම යමුකො😅.ඉතින් මම කාටවත් මේ සිද්ධිය කීවෙත් නෑ.ගෙදර අයටවත් එදා පංසලේදිවත්.හැබැයි පස්සෙ දවසකදි මගෙ පවුලෙ සහෝදරයෙක් වෙන කෙනෙකුටනම් මේ ගැන කීවා මම.අපි දෙන්නත් මේ වගේ අත්දැකීමකට මූණ දුන්නා ඒ කතාවත් ලියන්නම්. මේ කතාව ඇත්තම දෙයක්.ඒ වගේම මම මේ සිද්දියට අදාලව එන හැබෑම ස්ථානවල ෆොටෝ තමයි පහලින් දාන්නෙ🙂.මේක වෙලා ටික දවසක් යනකන් මම ෆෝන් එකේ පිරිත් දාගෙන තමා රෑට නිදාගත්තෙත්.මමත් කලින් මේ වගේ දේවල් විශ්වාස කරේ නෑ.ඒත් අපි හැමෝටම වෙලාවක් එනවා ඒ දේවල් විශ්වාස කරන්න සිද්ද වෙන.කතාවෙ අඩු පාඩු තිබුනනම් ගනන්ගන්න එපා.පලවෙනි කතාව නිසා.ස්තූතී

කියලා ආයෙත් පංසලට යන්න අඩිය ඉක්මන් කරා.දැන් බයකුත් නෑ තනියට කෙනෙකුත් ඉන්නවනෙ😊 .ඉතින් අර කොල්ලත් මාත් එක්ක ඉස්සරහට ඇවිදගෙන ගියා.දැන් අර ලයිට් කණුව පහුවෙලා ආයෙත් මූසල ඝන කලුවර පාර වහගත්තා.ඉතින් ඔහොම ඇවිදන් යනගමන් මම ඇහුවා "ඔයා වැඩ ඇරිලා එනගමන්ද" කියලා. "නෑ මම මෙතන හංදියට ගියා පොඩි උවමනාවකට" ඔහු කීවා. "අයියා පංසලට නේද යන්නෙ?" "ඔව් මල්ලි මේ කෑම පාර්සලේ දෙන්න යන්නෙ" යැයි කියලා මම පාර්සලේ ඔහුට පෙන්නුවා. "හ්ම්ම්ම් හරිම සුවඳයිනෙ ආප්ප නේද තියෙන්නෙ" මම හිනාවෙලා "ඔව් ඔව්"‍ කීවෙ ඒ කියපු දේ ගනන් ගන්නෙ නැතිවයි.ඒත් ඒ කොල්ලා දිගටම පාර්සලය දිහා බලාගෙනම ඇවිදින නිසා මල්ල අනිත් අතට මාරු කරේ මේ මොන පෙරේතයෙක්ද හිතනගමන්😃. "ඉස්සර මම ඉද්දිනම් මෙහෙ පංසලක් තිබුනෙ නෑ" ." ආ ඇත්තද මල්ලි,ඒ කියන්නෙ ඔයා මෙහෙ කෙනෙක් නෙවෙයිද?" ඇත්තෙන්ම මම එහෙම ඇහුවෙ මම ඒ කොල්ලව මීට කලින් දැකලා තිබුනෙ නැති නිසයි. "නෑ නෑ මම මෙහේම තමයි ඉන්නෙ ගොඩාක් කල් ඉඳන්ම" " මම දැකලම නෑ ඔයාව ඒකයි ඇහුවෙ" යැයි මම කීවා. "මම සාමාන්‍යයෙන් ගෙදර යන්නෙ මේ වෙලාවට අයියා මීට කලින් මේ වෙලාවට ඇවිත් නෑනේද ඒකයි මාව දැකලා නැත්තෙ" කියලා කීවෙ යාන්තමට හිනාවෙනගමන්.ඉතින් මමත් "ආ ඔව් ඔව් ඒකනෙ" කියලා කීවෙ ඇත්තටම මට පොරගෙ ජීවිත කතාවෙන් වැඩක් නැති නිසා. "අයියලගෙ ගෙවල් පිට්ටනිය පල්ලෙහා නේද?" "ඔව් ඔව් මල්ලි ඔයාගෙ ගෙවල් කොහෙද?" මම ඇහුවා. "මම මේ දොස්තර බංගලාවෙ ඉන්නෙ" ."හා හරි හරි" යැයි මම කීවෙ වැඩිය ගනන් නොගෙනයි.දැන්නම් පංසල පේන මානෙ.ඒත් එක්කම මගෙ ෆෝන් එක රිංග් වෙන්න පටනත්තා.අම්මගෙන්,,ඉතින් මම නතර වෙලා ෆෝන් එක ආන්ස්වර් කරන ගමන් මම අර මල්ලිටත් ඔලුවෙන් සංඥා කරේ ඉන්න මාත් එක්ක යන්න කියායි.මොකද එයා ලඟ ටෝච් එකක් තිබුනෙත් නැති නිසා. "හෙලෝ අම්මෙ" ."පංසලට ගියාද?". " නෑ දැන් පංසල ලඟ ඉන්නේ අම්මෙ" ."එහෙමද පරිස්සමෙන් ගෙදර එන්න ඉක්මනින්,තනියමනෙ ගියෙ ,මට ලොකු හාමුදුරුවොත් කතාකරලා ඇහුවා කෑම ගේනවද කියලා" "තනියක්නම් නෑ අම්මෙ මගදි මේ මල්ලි කෙනෙක් හම්බුනා එයා එක්ක කතා කර යන්නෙ ඒක නිසා අවුලක් නෑ" "එහෙමද කොහේ ළමයෙක්ද එයා" "එයා මේ දොස්තර බංගලාවෙලු ඉන්නෙ අම්මෙ" "හෙලෝ...හෙලෝ"...මම හිතන්නෙ සිග්නල් නැතිවෙන්න ඇති අනික වැස්සත් එක්කනෙ.පංසලට ගිහින්ම කෝල් එකක් ගන්නවා කියලා හිතනගමන් මම "යමු මල්ලි" කියලා ආයෙත් ෆ්ලෑශ් ලයිට් එක පාරට ඇල්ලුවා.ඒත්,ඒ මල්ලි පේන්න හිටියෙ නෑ. "මල්ලි,මල්ලි" කියලා මම දෙසැරයක් වට පිටාවට ලයිට් එක අල්ලන ගමන් ටිකක් සද්දෙන් කතාකරා.ඒත් මට එයාගෙ චායාවක්වත් දකින්න හම්බුනෙ නෑ.මම ෆෝන් එක කනේ තියන් බලන් හිටියේ පාරෙ ඉස්සරහා ඒ කියන්නේ පංසල පැත්ත.පොර මාව පහු කරන් දිගටම ගියානම් පංසල ලඟ තුංමං හංදියේ ලයිට් එලියෙන් මට එයාව පේනවා.ආපහු හැරිලා ගියානම් අඩුම මම කතාකරපු එක ඇහෙන්නවත් ඕනෙ,ඒත් ඒ කලුවරේ මොකටද ආපහු හැරෙන්නෙ🤔.ch## බරක්වත් ඇවිත් පැත්තකට ගියාවත්ද?පාර දෙපැත්තෙම වල් වැවිලා තිබුන නිසත් ඒ හරියෙ කිසිම අතුරු පාරක් තිබුනෙ නැති නිසාත් වෙන කොහේවත් මට නොපෙනී යන්න විදිහකුත් නෑ.මේ මනුස්සයා කොහෙ අතුරුදහන් උනාද? හරියට වාෂ්ප උනා වගේ.ඒපාර ආයෙත් එක එක දේවල් හිතට එන්න පටන්ගත්තා.හිතත් ටිකක් අයෙම ගැස්සුනා වගේ.ඒත් මම ආයෙත් හෙමින් හෙමින් ගාටන්න පටන්ගත්තෙ ඉස්සරහට ගියානම් පංසල ලඟ නැවතිලාවත් මනුස්සයා ඇති කියලා මගේ හිත හදා ගන්න ගමන්.ඒත් මෙතන මොකක්ම හරි වැරැද්දක් තියෙනවා ආයෙත් මගේ හිත කියන්න පටන්ගත්තා.එක පාරම මම ගනන් ගත්තෙ නැති මට අමතක වෙලා තිබුන දේ මට මතක් උනා.මගෙ මුළු ඇඟපුරාම අකුණක් ගැහුවා වගේ,මම හිටි තැනම ඉන්නක් ගැහුවා වගේ ගල් උනා.කකුල් දෙකත් එක පාරම පණ නැති උනා,ඇඟේ මයිල් කෙලින් වෙන ගමන් කන් දෙකම රත්වෙලා ගියා.දෙවියනේ දොස්තර බංගලාවෙ ජීවත් වෙන කිසිම බලු බල්ලෙක් නෑනෙ.එක පාරම මගෙත් ඔලුවත් කරකැවෙන්න පටන්ගත්තා වගේ.ඇයි මට මේක කලින් හිතුනෙ නැත්තෙ මම මගෙන්ම අහගත්තෙ මං ගැනම ඇති උන තරහක් එක්ක.ඒත් එක්කම ආයෙමත් අර වේගෙන් හති දාන හඬ මගේ කන ලඟින්ම ඇහෙන්න ගත්තා.ඒ වෙලාවෙනම් මම හොඳටම බය උනා කියන්න ගාථාවක්වත් කටට ආවෙ නෑ.පංසල පේන මානෙම දැන්.මම පස්ස බලන්නෙ නැතුවම උපරිම වේගෙන් පංසල දිහාවට දිව්වා.පංසලේ දොර ඇරලා තිබුනත් මම එක පාරම ඇතුලට ගියෙ නැහැ.මොකද දැන් මම මේ විදිහට දුවගෙන ගියොත් හැමෝටම චෙක් වෙනවා මම මොකේකට හරි බයවෙලා කියලා.ඉතින් ඒක නිසා මම දොර ලඟ නතර වෙලා ටික වෙලාවක් හිටියා.ඊට පස්සෙ මම කරේ ඉක්මනින් මල්ලෙන් එක බිත්තර ආප්පයක් අරන් ඈතට විසිකරපු එක.පස්සෙ කෙලින්ම ගියෙ දාන ශාලාවට,පාර්සලේ මේසෙ උඩින් තියලා සින්ක් එක ලඟට ගිහින් හොඳින් මූන හෝදගත්තා.ඉතින් මම එදා තමයි හොඳටම බය උනේ.මම හාමුදුරුවන්ව බැහැදකින්න ගියෙත් මගෙ mood එක යථාතත්වෙට ආවට පස්සෙ.කාටවත්ම මම බය වෙලා ඉන්නෙ කියලා තේරුම් ගියෙත් නෑ.ආපහු ගෙදර යද්දිනම් රෑ 10 විතර උනා,නෑ නෑ මම තනියම නෙවේ යද්දි ගියෙ හැබැයි.අර පංසලට ආව හාමුදුරුවන්ගෙ ඥාතියාගෙ කාර් එකේ ගෙදරට මාව ඇරලව්වා.ඒකත් දෙයියො බැලුවා වගේ නැත්තන් අර විමානෙ

ඉතින් මම කෝවිලත් පහු කරන් ඉස්සරහට යද්දි අර මම කලින් කීව නාගස් පාර හම්බෙනවා.හරියටම 150m200ක් විතර දිගටම පාර දෙපැත්තෙ තියෙන්නෙ මහ විශාල නා ගස්,සුද්දොන්ගෙ කාලෙ හිටවපුවා.ඉස්සරනම් ඒ පාරෙ එක ලයිට් කණුවට එක ගානෙ බල්බ් දාලා තිබුනා.ඒත් දැන් බල්බ් විතරයි තියෙන්නෙ පත්තු වෙන්නෙ නෑ ඒවා පිච්චිලා.නාගස් පාරෙ කෙලවර තුංමං හංදිය ලඟම තමයි පංසල තියෙන්නෙ.ඉතින් මම කලින් කීවනෙ මේ නාගස් පාර දවල්ටත් ඉර එලියක්වත් වැටෙන්නෙ නෑ කියලා.ඉතින් රෑටත් හඳ එලියක්වත් වැටෙන්නෙ නෑ ඒ වගේම මීදුම ඉතින් මම ඒක ගානක් ගන්නැතුව දිගටම ඉස්සරහට ගියේ පාර හොඳින් කොන්ක්‍රීට් කරලා හදලා තිබුන නිසා පාර හොයාගන්න පුලුවන්නෙ.අනික පාරෙ මඩත් නෑනෙ.ඉතින් මම මෙහෙම ටික දුරක් එද්දි මගෙ පිටි පස්සෙන් එක පාරම සද්දයක් එන්න පටන්ගත්තා හරියට බල්ලෙක් වේගෙන් හති අරිනවා වගේ.මම පිටි පස්ස හැරිලා බැලුවත් බල්ලෙක් තියා කිසිම දෙයක් පේන්න තිබුනෙ නෑ.ඉතින් ඒක නිසා මම ආයෙත් යන්න පටන්ගත්තා .වැස්ස අඩු වෙලා තිබුනත් ඒ ලොකු නාගස් වල තිබුන වතුර බිංදු හැම තැනටම වැටෙන්නෙ හරියට තාලෙකට වගේ.මෙහෙම මට වැඩි දුරක් යන්න බැරි උනා ආයෙත් අර වේගෙන් හති දානසද්දෙ ඇහෙන්නන පටන්ගත්තා ඒත් කලින් වගේ නෙවේ මගෙ දකුණු පැත්තෙ කන ලඟින්ම වගේ.ඒ වගේම එක පාරම පාරෙ වම් පැත්තෙ කැලේ පැත්තෙන් හරියට නියපොතු වලින් හූරනවා වගේ සද්දයක් ඇහුනා.හරියටම අපෙ ගෙදර ඇතිකරන බල්ලෙක් මොකක් හරි ප්ලාස්ටික් දෙයක් හරි යකඩ ගේට්ටුවක් හරි හූරන සද්දෙ වගේ.ඒ පාරනම් මගෙ හිත හොඳටම ගැස්සුනා .දකුණු අතේ ආප්ප මල්ලයි,කුඩෙයි වම් අතේ ෆෝන් එක අත් දෙක නිකන් ගල් ගැහුනා වගේ කටේ කෙලත් හිඳිලා පපුවත් වේගෙන් ගැහෙන්න ගත්තා ඒත් මම ඇවිදින එක නතර කරේ නෑ.එක පාරම අර හූරන සද්දෙ නැති උනත් වේගෙන් බල්ලෙක් වගේ හතිදාන සද්දෙනම් තාමත් මට ඇහෙනවා.එක පාරම මගෙ කටට ආවෙ කරණීය මෙත්ත සූත්‍රය හිතන්නත් කලින් පිරිතෙ වචන පිට වෙන්න පටන් ගත්තා.අර හති දාන සද්දෙ ටික ටික අඩුවෙන්න පටන් ගත්තා .හිතට එක එක දේවල් එන්න පටන්ගත්තා.අනේ දෙයියනේමේ මොකක්ද මේ උනේ,අපරාදෙ තාත්තත් එක්ක එන්න තිබුනෙ,ත්‍රීවීල් එක්ක ආවෙ නැත්තෙ ඇයි මම වගේ දේවල් .මම නතර වෙලා ශේප් එකේ පිටි පස්ස බැලුවේ ආය හැරිලා මේ අපායෙන් එලියට යන්නවත් කියලා.පාරෙ කෙලවර ඈතින් යාන්තමට හඳ එලියක් දැක්කා ඒ කියන්නෙ මම ගොඩක් දුර ඇවිත් ආය හැරෙන්නත් බෑ.හැරිලා ගියොත් හති දාන එකා මගදි හම්බෙයි කියලා හිත කියනවා.එහෙම්ම වෙලාව බැලුවා නවයයි කාලයි.කමක් නෑ මේ ආපු ටික කොහොම හරි යනවා කියලා හිතලා ආයෙත් යන්න පටන්ගත්තා.මගෙ හිතට ආවා බෑග් එකෙන් බිත්තර ආප්පයක් අරන් විසි කරන්න ඒත් මට හිතුනා මල්ල මෙතන ඇද්දොත් වටේ ඉන්නහැම පෙරේතයාම මෙතනට එයි කියලා.ඉතින් මම හිතින් හිතාගත්තා බඩගින්නෙ බලන් ඉන්න ඕනම කෙනෙක් ඉවසන් ඉන්න මම පංසලට ගියගමන්ම තමුන්ලට කොටසක් අයින් කරනවා කියලා.මම එතනදි තනියම විඳපු දේ ඔයාලට මෙහෙම කීවට හිතාගන්න බෑ.ඇත්තටම යටි හිත කියනවා කෑගහගෙන දුවපන් කියලත්. ඉතින් මෙහෙම වංගුවක් හැරෙද්දිමමම දැක්කා එක ලයිට් කනුවක බල්බ් එකක් පත්තුවෙනවා.මට ඉතින් දිව්‍ය ලෝකෙ දැක්කා වගේ .වේගෙ උපරිම වැඩි කරලා ඇවිදගෙන ගියා එතනට.අම්මෝ යන්තම් ඇති එතනනම් ගොඩක් එලියයි. හයිකරලා තිබුන ෆ්ලෑශ් ලයිට් එකට මීදුමත් කපාගෙනම එතන එලියයි.ඉතින් මම ලයිට් කනුවලඟ ටිකක් නතර වෙලා පියවි සිහියට ඇවිත් වෙච්ච දේවල් කල්පනා කරා.ඊට පස්සෙ ඒ හැම දේම හිතින් මවාගත්ත දේවල් ඒවා හැබෑවටම නෙවේ කියලා හිතලා හිත ශක්තිමත් කරගන්න හැදුවා.අනික තව වංගු දෙකයි ඊට පස්සෙ පංසලට අඩි කීපයක් විතරයි.ඉතින් මම ඔහොම ඉන්නකොට මම ආපු දිහාවෙන්ම පාර දිගේ කෙනෙක් ටිකක් දුරින් ඇවිදන් එන චයාවක් මම දැක්කා.ඒවිදිහට ඒ කෙනා ටිකෙන් ටික ලඟටම ආවා.බයවෙන්න දෙයක් නෑ ඒ දෙමල කොල්ලෙක් පොර ලඟත් ටෝච් එකක්වත් නෑ.කලු සරමකුයි දුඹුරුපාට ජර්සියකුයි ඇඳන්හිටිය ඒ කෙනා නලල මැද සුදු පාට පොට්ටුවක් තියලා තිබුනා.මගෙ බයත් ටිකක් අඩු උනා.ලං වෙද්දිම මම මූණ බලල ටිකක් හිනා උනා එයත් මං එක්ක හිනා වෙලා, "ඇයි අයියා මෙතන" කියලා ඇහුවා වේගෙන් හති දාන ගමන් හරියට වේගෙන් දුවගෙන ඇවිත් වගේ.වැස්ස නිසා ඉක්මනින් ගෙදර යන්වා ඇති මට හිතුනා.ඉතින් මම "මම මේ පංසල කෑම අරන් යනගමන් මචන් මම මේ මෙතනට ඇවිත් බැලුවේ මගෙ කකුල් වලට කූඩැල්ලො නැගලද කියලා,කොහෙද ඉතින් මේ ලයිට් කණුවෙ විතරනෙ බල්බ් එකක් හරි වැඩ කරන්නෙ බං" කියලා උත්තර දුන්නා."ඒකනම් ඇත්ත අයියා මමත් මේ ගෙදර යනගමන්" කියලා ඒ මල්ලිත් එයාගෙ කකුල් දෙක සෝදිසි කරා.අඩුම මේ වැස්සෙ සෙරෙප්පු දෙකක්වත් දාලා පාරට බහින්නැති හැටියක් මම මටම හිතින් කියාගත්තා. "මගදි සෙරෙප්පු දෙක කැඩුනා අයියා" කියලා එක පාරම කීවේ මම එයාගෙ කකුල් දෙක දිහා බලන් හිටපු නිසාද නැත්තන් මගේ හිත කියෙව්වද.හ්ම්ම් අනේ මංදා.ඒක නිසා "ආ එහෙමද මල්ලි"

[නාගස් හෙවනේ අන්ධකාර මාවත] Hi යාලුවනේ,මේක මගේ පලවෙනි කතාව. ඒ වගේම මම අත්විඳපු සත්‍ය කතාවක්.මේ සිද්දිය උනේ හරියටම 2016 නොවැම්බර් මාසෙ දවසක.ඒ කියන්නෙ අවුරුදු පහකට වගේ කලින්.මම ඒ මුලු අවුරුද්දම හිටියෙ මාලබේ බෝඩිමක නැවතිලා කෝස් එක කරනගමන්.ගෙදර එන්නෙ සති දෙකකට පාරයි සිකුරාදා හවස ඇවිත් ඉරිදා හවස යනවා.ඒක නිසා ඒ අවුරුද්දම මගේ මම අපේ ගම පැත්තෙ කඩේකටවත් යැවුනෙ නෑ.ගෙදර ආපු දවසට නිදාගන්න එක තමයි කරේ.ආ තව දෙයක් අපෙ ගෙවල් තියෙන්නෙ නුවර පිලිමතලාවෙ 🙂.ඉතිං අපේ කෝස් එකේ main corse එක ඉවර උනාම සතියක විතර නිවාඩුවක් හම්බුනා.ඉතින් එදා මම ගෙදර ඇවිත් පලවෙනි දවසම කරේ නිදාගත්ත එක.අනිත් දවසෙ කරේ යාලුවො එක්ක සෙට් වෙලා ගම පැත්තෙ ටිකක් ඇවිදලා ෆන් එකක් දාපු එක. "පුතා අනිවාරෙන්ම අද හවස පන්සලට යන්න" කියලා අම්මා කීවා.මොකද ඒ අම්මලා පන්සලට යන හැමවෙලේම පොඩි හාමුදුරුවෝ මං ගැන අහලා තිබුන නිසා.ඉතින් මමත් කාලෙකින් ගියපු නැති නිසා හවස 3ට වගේ පංසලට ගියා.ඉතිං ආගිය කතා පොඩි හාමුදුරුවෝ එක්ක කතාකරලා රෑ 7ට වගේ මම ගෙදර එන්න පිටත් උනා. අපේ පන්සලට යන පාර හරිම මූසල පාටයි මහා විසාල නාගස් වලින් වටවෙච්ච මහ ගුප්ත පාරක්.ඒ වගේම ඒ නාගස් ඇතුලෙ පරණ බංගලාවකුත් තියෙනවා .ඒකෙ වයසක ජෝඩුවක් ජීවත් උනා ඒත් හරියට අතෑරලා දාපු පෙණුමක් තමයි බංගලාවෙ තිබුනෙ.ඒක ඉස්සර වතු වල වැඩකරපු මිනිස්සුන්ට වද දෙන්නත් හිරකරලා තියන්නත් පාවිච්චි කරලා තියෙනවලු .ඒකෙ බිම් කාමර කීපයක්ම තියෙනවා මමත් දවසක් දැකලා තියෙනවා .ඒ වගේම ඒ බංගලාවට 200m වගේ දුරින් තවත් එක බංගලාවක් තියෙනවා ඒකට හැමෝම කීවෙ දොස්තර බංගලාව කියලා ඒ මොකද ඉංග්‍රීසි ආන්ඩුව කාලෙ ඒක මේ පැත්තට තිබුන ලොකු ඉස්පිරිතාලයක් නිසා.ඒ වගේම අවුරුදු 100කින් විතර මිනිස් පුළුටක් නෑ.ඒකෙ අයිති කාරයා "ඩේවිඩ් පියස්" මේ පලාතෙ හැම බංගලාවකම අයිතිකාරයා දොස්තර පියස් තමා.හරි ඉතින් මම පංසලේ ඉඳන් එද ගෙදර ආව.ඉතින් මම ඇවිත් රෑට කාලා එහෙම රෑ 8ට විතර නිදාගන්න ලෑස්ති උනා රෑ කෑමට එදා කුකුල් මස් බැදලා පොලොස් මැල්ලුම්,මම ආසම කෑමක් තිබුනේ.ඉතින් මම එහෙම නිදාගෙන ඉද්දි අම්මා ආයෙත් ඇවිත් මට ඇහැරවලා කීවා,පංසලේ ලොකු හාමුදුරුවොන්ගෙ මල්ලි කෙනෙක් මොකක්දෝ උවමනාවකට නුවර ඇවිත් ඉතින් මේ මහරෑ රත්නපුර යන්න බැරි නිසා අද රෑ නතර වෙන්න පංසලට එනවලු ඉතින් පුලුවන්නම් රෑ කෑම එකක් ලෑස්ති කරලා පංසලට ගේන්න කියලා.ඉතින් ආය රෑ වෙලා උයන්නත් වෙලාවක් නැති නිසා අම්මා කීවා පුලුවන්නම් ටවුන් එකට ගිහින් ආප්ප අරන් ගිහින් දෙන්න කියලා.ඉතිං මමත් ලොකු හාමුදුරුවන්ගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා ටවුන් එකට යන්න ලෑස්ති උනා.තාත්තත් මාත් එක්ක එන්න ලෑස්ති උනත් මම කීවා එහෙම තනියක් නෑ කියලා ඒක නිසා තාත්තා ගෙදර නතර උනා.ඒ වගේම ඒ දවස් වල තොබුනෙ හොඳටම වැහිබර කාලගුණයක් ☔ .ඒ වෙලවෙදිත් පොඩි වැහි කෝඩයක් පටන්ගෙන තිබුනේ.මම ගෙදරින් එන්න පිටත් වෙද්දි අම්මා ටෝච් එක දුන්නත් මම කීවා "ෆෝන් එකේටෝච් එක තියෙනවනෙ ඒක නිසා ඕන නෑ" කියලා.ඉතින් මම කුඩෙත් අටවගෙන හෙමින් හෙමින් පයින්ම ටවුන් එකට ගියා. බිත්තර ආප්ප තුනකුයි ප්ලේන් ආප්ප 10 කුයි ගත්තා.එක බිත්තර ආප්පයක් මට😊.ඉතින් මම ආප්ප හදනකන් එහෙම ඉඳලා පන්සලට එන්න ටවුන් එකෙන් පිටත් වෙද්දි 8.45 ට වගේ ඇති . ඉතින් මම තාර පාරත් පහු කරන් තේ වත්ත මැදින් යන්න තියෙන පාරටත් ආවා.ඊට පස්සෙ හම්බෙන වත්තෙ මිනිස්සුන්ගෙ ලැයිමත් පහු කරන් එද්දි කෝවිලක් හම්බවෙනවා.කෝවිල තියෙන්නෙ පාරට දකුණු පැත්තෙන් පාරට ටිකක් පහලට වෙන්න.ඒ හරියෙ ගෙවල් තිබුනෙ දෙකක් විතරයි.ඒ ගෙවල් වලත් ලයිට් ඕෆ් කරලා වැස්ස නිසා කලින්ම නින්දට ගිහින්.ඒ මදිවට මීදුමත් හොඳටම.මීදුම ඝනකම් වැඩි නිසා ෆෝන් එකේ ෆ්ලෑශ් ලයිට් එකෙන් පාරෙ වැඩි දුරක් පේන්නෙත් නැහැ.ඉතින් මම කෝවිල පහු කරනවත් එක්කම මට ලොකු අමුත්තක් දැනෙන්න පටන්ගත්තා එක පාරම සීතල හුලං පාරක් එක්ක කෝවිල ඉස්සරහා තියෙන අඹ ගහෙන් ගෙඩියක් එතන තිබුන පරණ ටකරමක් උඩට වැටුනා.ඒ වෙලාවෙ කිසිම සද්දයක් නැති නිසා ඒ සද්දෙ මහා ලොකු සද්දයක් වගේ ඇහුනා.ඒත් එක්කම කෝවිල ඉස්සරහා තිබුන කුකුල් කූඩුවෙ හිටිය කුකුල්ලු වේගෙන් තටු ගහලා උගුරෙන් අමුතු විදිහට සද්ද කරන්න පටන් ගත්තා.ඒ සද්දෙත් එක්කම කෝවිල පිටි පස්සෙන් සෙනසුරු දෙවියන්ගෙ දේවාලෙ පැත්තෙන් බල්ලෙක් ගොරවන්න පටන්ගත්තා ඒත් එක්කම තවත් බල්ලෙක් ඒ ලඟින්ම ගොරවන්න පටන්ගත්තා එකපාරම උන් දෙන්නා හපාගන්න පටන්ගත්තා හරියට මොකක් හරි,දේකට පොරකනවා වගේ.කොහොම හරි ටික වෙලාවකින් එතනින් එක බල්ලෙක් කෙඳිරි ගාන සද්දෙත් එක්ක ඈතට දුවලා යනවා මට ඇහුනා.මේ සේරම දේවල් උනේ තප්පර කීපයක් ඇතුලතදි.ඒ වෙලාවෙ මට බයක් දැනුනෙ නැතත් නොහිතපු වෙලාවෙ සිද්ද උන දේ නිසා මම ඒ පැත්තට ෆෝන් එක දික් කරලා ටිකක් සෝදිසි කරේ මම ඉන්න දිහාටත් අර බල්ලා දුවගෙන එයිද කියන බයට.විනාඩියක් විතර බලන් හිටිය මම වෙන කිසිම හැල හොල්මනක් නැති නිසා ආයෙත් මගෙ ගමනයන්න පිටත් උනා..***

[නාගස් හෙවනේ අන්ධකාර මාවත] Hi යාලුවනේ,මේක මගේ පලවෙනි කතාව. ඒ වගේම මම අත්විඳපු සත්‍ය කතාවක්.
[නාගස් හෙවනේ අන්ධකාර මාවත] Hi යාලුවනේ,මේක මගේ පලවෙනි කතාව. ඒ වගේම මම අත්විඳපු සත්‍ය කතාවක්.

කොහොමහරි පැයක් විතර මට නින්දගිහින් ඇහැරෙනකොට 5ට විතර..මම සීයට කියල පිරිත් නූලකුත් ඉල්ලගන ගෙදර එන්න පිටත්වුණා..ගෙදර ඇවිල්ල..එහෙමම මූණකට සෝදල ඇලවුණා..නින්ද ගියාට පැයෙන් දෙකෙන් ඇහැරුණා..කොහොමහරි එදා දවස ගෙවුණ .ඔහොම ගිහින් මම එදා නිදාගත්තෙ රෑ දහයට වගේ..සමහර දවස්වලට මම ජනෙල් ඇරගන නිදාගන්නව..සමහර වෙලාවට ෆෑන් එක දාගන්නව..ඒත් එදා ඔය දෙකම කරන් නැතුව නිදාගත්ත.. පාන්දර 3,20 ගෙදර බල්ල බුරන සද්දෙට මම ඇහැරුණා..කොහොමහරි මගෙ කාමරේ එහාපැත්තෙන් තමයි ගෙදර ගරාජ් එක තියන්නෙ ඒකෙ වහලෙ ඉඳල බිමට සතෙක් පනින සද්දයක් මට ඇහුණ..මම එවෙලෙ ලයිට් දාල ජනේලෙ ඇරල බැලුව කවුරුවත් නෑ..කොහොමහරි බල්ල බුරන එක අඩුවක් නෑ..මම ගේ වටේම එළියට බැහැල බැලුව..ඇස් කොනින් වගේ යම් චායාවක් දැක්ක ගරාජ් එක පැත්තට යන අතරතුර ඒත් ඒ පැත්ත බලපුවම මොකෙක්වත් නෑ..එවෙලෙත් මට ඒ චයාව එක්ක පොඩි බයක් ආව..මම එවෙලෙම බල්ලව එලවල ගෙට ආපහු දුවගන ඇවිත් නිදාගත්ත..ඊට පස්සෙ තමයි කෙලිය..පැයක් විතර නින්ද ගිහින් 4,40ට විතර මට ඇඳ ගාවින් එක පාරට ලොකුහුළං පාරක් එන්න පටන්ගත්ත..හරියටම ටේබල් ෆෑන් එකක් ගෙනල්ල තියල දැම්ම වගේ..ජනෙල් වහල තියන නිසා මට හිතාගන්න බෑ..මම කෑගහන්න බැලුව කට හෙල්ලෙනව විතරයි..සද්දෙ නෑ..එහාපැත්තට හැරෙන්න බෑ..එක පාරට මට තාත්තේ කියල කෑගැහුණ.එයාල මගෙ කාමරේ ගාවට එනකොට ටිකක් වෙලා ගියා ඒ එන අතරතුර මම දැක්ක දේ තමයි අර කලින් දැක්ක වගේම කලුපාට ගුලියක් ඇඳේ ඉඳල පාවෙලා බිත්තිය හරහ යන්න ගියා..මම හැමෝටම කියල ලයිට් දාගන ටෝච් ගහගන ඒ ගුලිය හෙව්ව ඒත් දැක්කෙ නෑ..අන්තිමට ගෙදර අයට ඒක විහිලුවක් වුණා. මම ආපහු නිදාගත්තට මගෙ හිත ගැස්සුණ විදිහට මට ආපහු නින්ද ගියෙ නෑ..මම එදා පිරිත්නූල් ගෙනාවට ඒව මම තියපු තැනක් මට මතකත් නෑ..අන්තිමට මම එදා උදේ පන්සලට ගිහින් හාමුදුරුවෝ මුණගැහිල කතාව කිව්ව..ඒ කියල පිරිත්නූලක් බැඳගත්ත..හාමුදුරුවෝ නම් මට උපදෙස් දුන්නෙ ආයෙ කවදාවත් මහ රෑ ජාමෙ මස්,පුළුටු කෑම කාල, පාළු මං මාවත්,සොහොන්පිටි වල තනිවෙන්න එපා කියල..ඒක අඳුරු බලවේග වල බැල්ම වැටෙන එක්තරා කරදරවලට අතවැනීමක් කියල..ඒ සිදුවීමෙන් පස්සෙ මම සතියක් විතර හවස පන්සලේ බෝධිපූජාවට සහභාගි වුණා..එතනින් එහාට අත්භූත බලපෑම අඩුවෙලාම ගියා.... විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබට බාරයි🙏

සති කිහිපයකට පෙර එක්තරා රාත්‍රියක මා හට අත්විඳින්නට සිදු වූ තවත් අත්භූතජනක සිදුවීමක් ගැන තමයි මම අද කියන්න යන්නෙ..ඔන්න ඉතිං එදා සති අන්තය පටන්ගැන්ම..ගම් පලාතට ටිකක් එහාට වෙන්න එදා රාත්‍රියෙ සංගීත සංදර්ශනයක් පැවැත්වුණා..සෑහෙන කාලෙකට පස්සෙ ඉතිං එහෙම එකක් තියෙනකොට නොයා බැරිවුණා ඉතිං..ඔන්න ගෙදරින් අවසර අරගන මම පිටත් වුණා යාලුවෙක්ගෙ ගෙදරට..යාලුවත් අරගන මම පිටත් වුණා..කොහොමහරි ඒකට යන්න කලින් කඩේකින් කොත්තුවක් එහෙම කාල තමයි යන්නෙ..ඒ ගිහින් සංගීත සංදර්ශනය ඉවරවෙනකම් වගේ බලල තමයි අපි ආපහු එන්න පිටත්වුණේ..කොහොමහරි ටවුන් එකත් පහු කරල එනකොට ලාවට පොද වැස්සකුත් පටන් ගත්ත..ඒත් තෙමීගන ඇවිල්ල කොහොමහරි යාලුවව ගෙදරට දාල මම එහෙමම ගෙදර එන්න පිටත්වුණා..හරියට පාන්දර 2,15ට වගේ ඇති..පොද වැස්ස ටිකක් දුරට අඩුයි වගේ..මම ගෙදර එන්න ඕන ළඟම පාර තියන්නෙ වෙල්යායක් හරහා මිනීපිට්ටනිය මැදින්..මට ඒක එච්චර ගානක් නෑ..මම රෑ පුළුටු කාල හිටිය කියලවත් මට එවෙලෙ මතක් වුණේ නෑ..කොහොමහරි නිදිමතයි පොද වැස්සට තෙමිල සීතලයි හින්ද මට ඉක්මණින් ගෙදර යන්න ඕනකම විතරයි තිබුණෙ..ඔන්න දැන් මම සාමාන්‍ය වේගෙන් කනත්තට ලං වෙනව..මගෙ බයිසිකලේ තරමක් පරණ එකක් නිසා ලයිට් එලිය අඩුයි..ඒත් ඉතිං මට ඒක පැදලම හුරු නිසා බයක් නෑ..කොහොමහරි එදා හඳ එලියත් නෑ අඳුරුයි අහසත් එක්ක..පාරත් ගුරුපාරක් හින්ද ඒ ළඟ අහල පහලක ගෙයක්දොරක් නැති නිසා පළාතම අඳුරුයි..ඔහොම එනකොට මට ලයිට් එලිය අඩු නිසා පාරත් පැහැදිලි නැතුව ගියා කොහොමහරි මම හිතේ හුරුවට කනත්ත ගාව වංගුව හරවන්න වගේ යනකොට පාරෙන් පිට ගිහින් බයිසිකලේ රෝදෙ සොහොන් ලෑල්ලක හැප්පුණා..හිමින් ආව හින්ද ලයිට් එලියත් අඩු හින්ද වැරදිලා මම පාරෙන් පිට පැනල..කොහොමහරි බයිසිකලේ එන්ජිම නතර වුණා..දැන් නම් හිතේ පාලුවක් වගේ අමුතුහැඟීමක් ඇතිවෙන්න ගත්ත..ඒ මදිවට සීතල හුළඟක් එනව..ලයිට් එකත් නිවෙනවනෙ ඉතිං එන්ජිම නතර වුණාම..ඔන්න ඉතිං කරුවලේ මම දෙපාරක් හදිස්සියට ස්ටාට් කරන්න බැලුව..එක පාරක් කකුල ලිස්සුව..කොහොමහරි හොඳම සීන් එක කියන්නෙ ඔන්න දැන් මට පිටිපස්සෙන් ඇහෙනව පොල්කටු දෙකක් එකට හයියෙන් ගැටෙන සද්දයක් වගේ..අනිවාරෙන්ම මම ඒ වෙලාවෙ හැරිල බැලුවොත් මම බයවෙනව කියල හොඳටම තේරුම් ගියා..බයිසිකලේ දාල දුවන්න පුළුවන් නම් මම දුවනව ඒ වෙලාවෙ මේ පාලු මිනී පිට්ටනියක අහල පහලක මනුස්ස පුළුටක් නැතුව මම විතරක් අතරමං වුණාම හිතට එන හැඟීම වචන වලට පෙරලන්න අපහසුයි ඒක දැනෙන්නෙ ඒ සිදුවීමට මුහුණු දෙන කෙනාට විතරයි.හිත හයිය කරගෙන ගැහුව කික් එක දෙපාර ගහනකොට කොහොමහරි ස්ටාට් කරගන පලවෙනි ගියර් එකේ දාල රේස් කරා ලයිට් එලියෙන් පාර හොයාගන්න ඒත් පාරෙන් පිට පැනල නිසා මට අර ආව අත්භූත සද්දෙ එක්ක ආපහු හරවල පාරට දාන්න බය හිතුන..ඒ සද්දෙ තාම ඇහෙනව,මම එහෙමම සොහොන් ලෑලි, වලවල් උඩින් කනත්ත ඇතුලෙ එහෙන් මෙහෙන් පාරක් හදාගන වෙලේ නියරකට දැම්ම බයිසිකලේ.ඒක කියන තරම් ලේසි වුණේ නෑ..සොහොන් උඩින් එහෙන් මෙහෙන් එනකොට ලයිට් එලිය මල් වඩම් වලට වදිනකොට, සොහොන් කොත්වල හෙවනැලි පේනකොට හිත ගැස්සෙනවා..ඒ බයටම මම සොහොන් ලෑල්ලක් කඩාගන ඇතුලට වැටුණත් කමක් නෑ කියල එහෙන් මෙහෙන් ගල් මුල්, සොහොන් උඩින් බයිසිකලේ කනත්තෙන් එතෙරට පැදගන ආව..ඔන්න නියර දිගටත් දාගන එනකොට අර පොල්කටු ගැටෙන හඬ ආපහු පිටිපස්සෙන් ඇහෙනව..නියර දිගේ වේගෙන් යන්නත් බෑ, ඒත් මට මේක ඉවසන්න බැරි වුණා කුතුහලය නිසා මම හැරිල බැලුව..කවුරුවත් හිටියෙ නෑ..ඒත් මම ආයෙ ඉස්සරට යන්න යනකොට ආයෙ හයියෙන් ඇහුණ ඒ පාර නම් මම දැනගත්ත මේ එන පොට හොඳ නෑ කියල..ඉතිපිසෝ ගාථාව කියාගන නියර ඉවරවෙනකම් ආව..කොහොමහරි වෙලෙන් මහපාරට දාගන්න නම් පොඩි දෙණියක් වගේ වත්තක් තියනව ඒකට දාගන්න ඕන කොහොමින් හරි මම එතෙන්ටත් ආව ..හොඳටම දාඩිය දාල මට මහන්සියි මේ සිද්ධවුණු දේවල් මතක් කරනකොටත් පොඩි තිගැස්මක් එනව..ඔන්න ආයෙම මම ආව නියර දිගෙ අර හඬ එනව..දැන් නම් මොන මළ යකා දැක්කත් මොකද දුවන්න මහපාර ළඟනෙ කියල මම බයිසිකලේ හරවල ලයිට් එක ඇල්ලුව නියර දිහාට ..මගෙ මූණ එක්ක හිරිවැටිල ගියා එවෙලෙ නම්..කලුපාට ගුලියක් මගෙ ඉස්සරහට මීටර්දෙකක් විතර උඩකින් පාවෙලා වගේ එනව අර සද්දෙ එන්නෙ ඒකෙන්..විශ්වාස කරන්න බෑ තමයි කට්ටියට..ඒක දකින්නම ඕන ඒ අවස්ථාවෙ හිතට එන බය විඳින්නම ඕන ඒක තේරුම්ගන්න..පාවෙලා එන්නෙ මොකාද කියල හිතාගන්න බෑ..මම එවෙලෙම බයිසිකලේ හරවපු පාර නැවතුනේ අපේ පන්සලේ..කොහොමහරි එතන ඉඳලත් ටිකක්දුර යන්න තියනව ගෙදරට..පන්සල බලාගන්න සීයව මම අඳුරනව කොහොමහරි ඒ වෙලාවෙ පාන්දර 3,30ට විතර සීය ඇහැරල ඉන්නව දැක්ක මම ආවාස ගේ එහාපැත්තෙ ..මම ගිහින් එයාට විස්තරේ කියල මම ටිකක් ධර්මශාලාවෙ තිබුණ බංකුවක ඇලවුණා.

ඕගොල්ලොන්ට මොකක්ද හිතෙන්නෙ? අපි මෙහෙන් යන තරමට හොදයිද?

යාළුවනේ, මේක මට පෙරේදා දවල් වෙච්ච දෙයක්. මම එදා කෑම කාලා 1ට වගේ පොඩ්ඩක් නිදා ගත්තා, ඊට පස්සෙ මහ අමුතු හීනයක් දැක්කා. මම සාමන්‍යෙන් හීන වලදි මම ඉන්න ගෙදර දැකලා නෑ. මේකෙදි මම දැක්කෙ මම එකපාරටම ඇහැරෙනවා නින්දෙන් සාලෙ මොකක් හරි සද්දයක් ඇහිලා. මම නිදාගන්න ගිය විදිහටමයි මම ඒ හීනෙදි හිටියෙ (ඒ කියන්නෙ මගෙ කාමරෙ, මගෙ ඇද, මම ඇද්පු සරම.. ඒ ඔක්කොම කිසිම වෙනසක් නෑ), ඉතින් දැන් මට මේක හීනයක් කියලා හිතාගන්නත් බෑ. මම ඉතින් සාලෙට යනවා අපේ අක්කගෙ පොඩි පුතා තමයි සාලෙ සද්ද කරනවා ඇත්තෙ කියලා හිතාගෙන. මම සාලෙට යන්නෙ පුතාගෙන් අහන ගමන්, "මැච් එක පටං අරන්ද සුද්දා" කියලා. හැබැයි සාලෙ හිටියේ පුතා නෙමෙයි. අපේ සාලෙ පුතාගෙ පොඩි මේසයක් තියෙනවා කොනට වෙන්න පුතාගෙ ඉස්කෝලෙ වැඩ කරන්න. ඒක ලග හිටන් හිටියා මිටි, කොන්ඩෙ ගොඩක් අඩු, කකුල් දෙකයි අත් දෙකයි හීනියි කොටයි, බඩ මහත, කිලුටු සරමක් කොටට ගහන් මිනිහෙක් මට පිටුපාලා. මූ මම සාලෙට ආපු ගමන් මගෙ දිහාවට හොරැහින් බලලා ආපහු මේසෙ පැත්තට හැරුනා. වැඩේ කියන්නෙ අපේ සාලේ හැබැයි සම්පූර්නයෙන් හිස් වෙලා, ලී බඩු මුකුත් නෑ. ඉතින් දැන් මට හිතා ගන්න බෑ මේ ඉන්නෙ අපේ ගෙදරද නැත්තම් වෙන එකෙක්ගෙ ගෙදරක්ද කියලා. හැබැයි ගෙදර පිහිටීමෙ කිසිම වෙනසක් නෑ. මම ඊට පස්සෙ අපෙ අම්මගෙ කාමරේට යනවා අම්මව හොයන්. හැබැයි අම්මගෙ කාමරෙ හිස්. මකුලු දැල් බැදිලා, ඇද පොලු 2ක් 3ක් විතරක් බිම තිබ්බා. මට දැන් තවත් අවුල්. මම ඊට පස්සෙ අක්කගෙ කාමරේට ගියා. ඒකෙත් එහෙම්මමයි, බඩු මුකුත් නෑ. මකුලු දැල් බැදිලා. දිරපු ලී කෑලියි ඇද පොලු 2ක් වගේ තිබ්බෙ. හරියට අවුරුදු ගානකින් කවුරුත් පදිංචි වෙලා ඉදලා නෑ වගේ. මම ඊට පස්සෙ අම්මවයි අක්කවයි හොයාගෙන කුස්සියට ගියා. කුස්සියෙත් අර විදිහමයි, මුකුත් බඩු නෑ, මකුලු දැල් බැදිලා, හරිම අදුරුයි. මට දැන් හිතා ගන්න බෑ මොකක්ද මේ මම දකින්නෙ කියලා. අපේ බාත් රූම් එකයි ටොයිලට් එකයි එලියෙ තියෙන්නෙ, කුස්සියෙන් තමයි යන්න තියෙන්නෙ. දැන් මට පේනව බාත් රූම් එකේ ලයිට් එක දාලා කියල කුස්සියෙ දොර යටින්, ඒකෙ ආලොකෙ පේනවා. බාත් රූම් එකෙන් නාන සද්දෙකුත් ඇහෙනවා. මම හිතුවා අම්මා තමයි බාත් රූම් එකේ ඉන්නෙ කියලා කුස්සියෙන් එලියට යන්න හදනකොටම මාව කවුරුහරි ඇදලා අර ගත්තා. ඊට පස්සෙ මම හිටියෙ මගේ කාමරේ ඇදේ. මට හෙලවෙන්නත් බෑ, කවුරුහරි මාව තදකරන් ඉන්නවා වගේ. මට තාම එලියෙ නාන සද්දෙත් ඇහෙනවා. මම ඉතින් අම්මට කතා කරන්න හදනවා, ඒත් මගෙ කටින් අම්මා කියන වචනෙ එන්නෑ, එන්නෙ නිකන් මම ගුහාවක ඉදන් කෑ ගහනව වගෙ. මම ගිරිය පුප්පන් කෑ ගහනවා, ඒත් වැඩක් නෑ, කටින් අම්මා කියන වචනෙ හරියට එන්නෑ. එතකොට මගෙ ඉහමොල කාරාගෙන යන විදියෙ මහා සැර, අප්‍රසන්න කුනු බිත්තර ගදක් මට දැනෙන්න ගත්තා. මට දැන් තේරුනා මොකක් හරි භයානක දෙයක් වෙන්න යන්නෙ කියලා. ඒත් එක්කම මට ඇහෙන්න ගත්තා මොකෙක් හරි මගෙ කාමරේට එන අඩි සද්දෙ. මම දැන් අම්මට ගිරිය පුප්පන් කෑගහලා අඩ ගහනවා, ඒත් වැඩක් නෑ. ඇදෙන් නැගිටින්නත් බෑ. මට එතකොට කරණීය මෙත්ත සූත්‍රය මගෙ මතකෙට ආවා. ඒ සූත්‍රය තමයි මට හොදටම කට පාඩම්, අනිත් සූත්‍ර මට කොච්චර ට්‍රයි කලත් මතක හිටින්නෑ. ඉතින් මම සූත්‍රය කියවන්න ගත්තා, එතකොටම වගේ මට නිකන් අර බෝතලයක මූඩියික් ඇරපු ගමන් ඇහෙන "පොප්" සද්දෙ වගෙ සද්දයක් ඇහුනා, කන් දෙකෙන් ලොකු ප්‍රෙශර් එකක් පිට වුනා වගේ තේරුනා, එතකොටම මෙච්චර වේලා හිරවෙලා තිබ්බ ගතිය නැතිවෙලා ගියා. මගෙ කටින් හෙන හයියෙන් "අම්මේ" කියලා කෑගැහිලා මම ඇහැරුනා. අම්මා එතකොට කුස්සියෙ ඉදලා තිබ්බෙ, අම්මා හොදටම භය වෙලා මං ගාවට දුවන් ආවා. මගේ මුලු ඇගම දාඩියෙන් පෙගිලා, හුස්ම ගන්නත් අමාරුයි. අම්මා මට වතුර වීදුරුවක් ගෙනත් දුන්නා බොන්න. මම ඒක එක උගුරට බිව්වා. අම්මා මගෙන් විස්තර ඇහුවම මම සීන් එක ඔක්කොම කිව්වා. අපි මේ ගෙදෙට්ට ආවෙ ගිය නොවැම්බර් මාසෙ. ආපු දවසෙ ඉදන් අපිට මේ ගෙදර හරි අමුත්තක් දැනෙනවා. ගෙදර කොච්චරවත් අදුරුයි. ජනෙල් දොරවල් ඇරලා දැම්මත් ඒ අදුරු ගතිය යන්නෑ. ඉතින් ගෙදර මහ දවාලෙත් ලයිට් දාන්න වෙනවා. අපේ අක්කලගෙ බිස්නස් වැඩත් අවුල්, වැඩක් සාර්තක වෙන්න යද්දි මොකක් හරි දේකින් අන්තිම මොහොතෙ ගැස්සිලා යනවා, ඉතින් ආදායමක් නෑ. මගේ රස්සාවෙන් තමයි මේ ටිකේ ගෙදර වියදම් ටික යාන්තමට ශේප් කරගන්න පුලුවන් වුනෙ. අනිත් එක හවසට සමහරක් දවස් වලට මගේ කාමරෙන්, එක්කො සාලෙන් එහෙම නිකන් ගොම ගදක්, නැත්තම් පල් පුවක් ගදක් එහෙම දැනෙනවා. ඒක හැබැයි ටික වෙලාවකින් නැති වෙලා යනවා. කොහෙන් මේ ගද එනවද කියලා හිතා ගන්න බෑ. අපෙ ගෙදර කට්ටියට තේරුම් ගිහින් තියෙන්නෙ මේ ගෙදර මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මම පෙරේදා දැකපු හීනෙ අපෙ අක්කටයි මස්සිනාටයි කිව්වා. මස්සිනා කිව්වා මෙහෙන් කෝකටත් ඉක්මනට යන එක හොද වගේ කියලා. අපි මේකෙ කුලියට ඉන්නෙ. ගිවිසුමේ හැටියට මාස 3ක් කලින් දැනුම් දෙන්න ඕනෙ යන්න කලින්. අපි මේ මාසෙ දැනුම් දෙන්න ඉන්නෙ මෙහෙන් යනවා කියලා. මටත් හිතෙන හැටියට මෙහෙන් යන එක හොදයි.

මම නැවතත් යටැසින් ගැහැනු දෙදෙනා දෙස බැලීමි.. ඔවුන් තාමත් සිටි ඉරියව්වේමය.. ඇත්තටම මනුස්සයෙක්ට මෙසේ හැසිරිය හැකිද.. මම මගෙන්ම ප්‍රශ්න කරගතිමි.. සීතල පසෙකලා මුලු ගතම දහඩියෙන් පෙඟී ගියේ කවරදාකවත් නොවූ ලෙසටය.. උගුරේ යමක් සිරවී ඇත්තාක් මෙනි.. මා හිඳගත් තැනින් ආයාසයෙන් නැඟිට ගත්තේ හැකි තරම් වෙර යොදා දිවීමට ය.. මා පැමිණියේ මනුස්ස වාසයකට නොවන බව දැන් ඉඳුරා පැහැදිලි ය.. එහෙත් එක්වරම ගේ ඇතුලතින් ඇසුණේ යමක් බිම ඇදගෙන කවුරුන් හෝ පැමිණෙන හඬකි.. අර කාන්තා රුවවල් දෙක සුපුරුදු ලෙස බිම බලා සිටිද්දී ගෙතුලින් මතුවූයේ කලු පැහැති කෙසඟ සිරුරක් ඇති වයසක මනුස්සයෙකි.. ඔහුගේ එක් කකුලක ගැට ගැසූ දම්මැලකි.. මට ඇසී ඇත්තේ එය බිම දිගේ ඇදෙන හඬ ය..ඔහු අර කාන්තාව අසල නතරව මා දෙස බලා උන්නේය. ඇහිපිල්ලම් නොගහන ඇස් දෙක...... විරූපව ගිය මුහුණ...සුදුමැලි දෙතොල් මට පෙණුනේ නිවෙන්නට ආසන්නව ඇති ලන්තෑරුම් එළියෙනි.. මේ මිනිසා නොවේද මට පාරෙදි හමුවූවේ.. මේ මිනිසා නොවේද මට මේ ගෙය පෙන්නූවේ... මම හැකි වෙර යොදා එළියට පැන්නේ උකුලේ තිබූ බෑගයද රැගෙනය..එවිටම ලන්තෑරුම ටොක් හඬින් පිපිරෙන හඬ ඇසිණි..ඒ සමඟම එළියද නැතිවී ගියේය..කුඩය බිම වැටුණත් එය ගැනීමට කිසිදු උත්සාහයක් නොදැරූ මම පසුපස නොබලාම අධික වේගයෙන් දිව ගියෙමි.. වතුර බැස ගිය පාරෙහි දිවීම කලින් තරම් අසීරු වූයේ නැත..අඳුර රජවුණු මාවතෙහි කෙතරම් වේගයෙන් දිව ගියාද කියතොත් කඩා වැටී තිබුණු අත්තෙහි පැටලී මම අනිත් පසට විසිවී ගියේය.. ශරීරය සීරී මහත් වේදනාවක් ගෙන දුන්නත් මර බය ඊට වඩා දැණුනු බැවින් මම අත්ත එහෙට මෙහෙට අඹරවා ඒ යටින් රිංගා ‍නොනවත්තාම දිව ගියෙමි.. කිසිවෙකු මා පසුපස එලවනවාද නැත්නම් ඒ මගේ හිතේ රැඳුණු මායාවක්ද යන්න මම නොදත්තෙමි.. තවත් සුලු මොහිතකින් මම ප්‍රධාන පාරට පැන ගතිමි.. දෑස් කඩායන එළියකින් අන්දුන්කුන්දුන් වූ මම හතිලෑවෙමි.. " මනුජ.....කොහෙද බං ගියේ..මං උඹව හැමතැනම හෙව්වා..මොකද මේ ඇඟ..හැම තැනම ලේ..ඇඳුම්වල මඩ..උඹට කරදරයක්වත් වුණාද..." නුවන් ඇසුවේ වෙව්ලන හඬින් වටපිට බලමිනි..ඇත්තටම මගේ ස්වරූපය එසේ පෙනෙන්නට ඇත.. මේ මොහොතේ මිතුරා දැකීම හිතට මහත් අස්වැසිල්ලකි..මා කිසිත් නොකියා යතුරු පැදියට ගොඩ වූයෙන් මා තවත් වෙහෙස නොකළ යුතු යැයි නුවන්ට සිතෙන්නට ඇත..එබැවින් ඔහු නිහඬවම යතුරු පැදිය පදවන්නට පටන් ගත්තේ ය. දෙයියනේ...මේ නුවන්ලගෙ ගෙදරට හැරෙන පාර.එතකොට මං ගියේ වෙන පාරක.. මගේ හිත මටම කියද්දී දැඩි සීතලක් ඇඟට දැණුනේය... ##################### එම රාත්‍රියේ මා අත්දුටු අද්භූත සිද්ධිය විස්තර කරද්දී නුවන් දෑස් අයා අහන් උන්නේය..ඒත් කතාව අවසන ඔහු මඳ සිනාවක් පෑවේ එය එතරම් ගණනකට නොගනිමිනි.. මා උණ විකාරයෙන් දොඩවනවා යැයි ඔහු සිතන්නට ඇත.. පසුදා දහවල් මම නුවන් සමඟින් රැයෙහි හොල්මන් කළ නිවස බලා ගමන් කළෙමු.. කඩා වැටුණු අත්ත අයින් කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණත් එය පසෙකලා මට දැනගන්නට අවැසි වූවේ රැයෙහි දුටු ඒ නිවස කුමක්ද යන්නයි... මා ස්ථානය නිවැරැදිව පැවසූ නමුත් එහි වූ නිවසක් නැත..කැලේ අවසන බව සැබෑය..එහෙත් ඉන් ඉදිරියට පාරක්වත් නොවීය.. "ආ..." නුවන් මට බිම වැටී තිබූ කුඩය අහුලා ගෙනැවිත් දුන්නේය.. මගෙ කුඩය බිම වැටුණේ ඒ නිවස මිදුලෙහිය..එහෙත් ඇත්තටම එහි නිවසක් තබා නිවසක් තිබූ ලකුණක්වත් නැත..ඇත්තේ තරමක් උසට වැඩී තිබුණු තණකොළ පමණි.. මා එතනට පැමිණ යමකට බියවී දිවගිය බවත්,පසුව මට උණ ගැණුනු බවත් නුවන් පැවසීය.. "අපිත් මේ පැත්තෙනෙ මචං..ඔහොම කතාවක් මං මේ වෙනකන් අහල නෑ..අනික මෙතන ඇති පාරකුත් නෑ..ඉස්සර නම් ගෙයක් තිබ්බලු මෙතන.ඒත් ඒ අය මේක දාල ඈතකට ගිහින්..දැන් ගොඩක් කල්.අපිත් පොඩියි ඒ දවස්වල.." මා කියූ කතාව උණ විකාරෙන් දෙඩූවක් බව ඔහු එතනත් ප්‍රකාශ කර සිටියේ මඳ සිනාවකිනි.. එබැවින් මම නැවත නැවත නුවන්ට ඒ ගැන පැවසීමට නොගියෙමි. .එහෙත් මෙතන තිබූ ඒ අද්භූත නිවස තුල මා අත් විඳි අද්භූත සිදුවීම් සමුදාය නම් ජීවිතේ කවරදාකවත් මට අමතක නොවනු ඇත..... (අවසානයි)

මම මටම මුමුණ ගතිමි.එක්වරම "සරස්" යන ශබ්දයක් ඇසී මම අඩි දෙක තුනක් පසුපසට විසිවීමි.. මා ඉදිරියට කඩා වැටී තිබුණේ විශාල අත්තකි.. "අයියෝ...." මට කියවිණි..යන්තම් අතු එහෙට මෙහෙට කරගනිමින් ඉක්මනින් එතනින් පැන ගත් මම වේගයෙන් අඩි තබා ඉදිරියට ඇදුණෙමි.. සෑහෙන දුරක් පැමිණියද විජේ මාමගෙ කඩේ තබා ගෙයක් දොරක්වත් මට හමුවුණේ නැත. "දෙයියනේ..මට පාර වැරදුණාවත්ද.." ඉතා දැඩි අසරණ කමෙන් මම වටපිට බැලීමි..දෙපැත්තේ තිබුණේ ඝන කැලෑවක් බව මම සක් සුදක් සේ දැනගත්තේ ඊළඟට කෙටූ අකුණෙනි...මම කණ් වසා බිමට පාත්වුණෙමි..පය ඉක්මන් කර වතුර කපාගෙන ඉදිරියට ඇදුණද මම වටපිට නොබැලුව මෝඩකම මට දැනෙන්නේ දැන් ය.මම බැලුවේම ගෙයක් දොරක් ඇත්දැයි යන්න පමණි.කැලෑව ගැන නිනව්වක් මට නොවීය.. "කිසිම ගෙයක් දොරක් නෑ..එදා නුවන් එක්ක එද්දි ගෙවල් කීයක් නම් පහුවුණාද..දෙයියනේ .මං ආපහු යන්න ඕන." මිනිස් පුළුවක් නැති පාලු පාරෙහි මං ආපහු ගියා නොව,දිව්වාය.. එක්වරම මගේ ඉදිරියට මතුවූයේ කුඩයක් ඉහළාගත් හීන්දෑරි වයසක මනුස්සයෙකි. ඒත් ඔහු හඳුනා ගත්තේද විදුලි එළියෙනි.. "මොකද මේ...කොහෙද දුවන්නේ..කවුද තමුන්" මම එකතැන ගල් ගැසුණෙමි..ඒ හඬ නපුරු ය..හරිහැටි නොපෙණුනත් කවුරු හෝ මනුස්සයෙක් හමුවීම ගැන මම දෙයියන්ට පින් දුනෙමි. "මේ. .මම...විජේ මාමා කියන්නෙ.අන්න එයාගෙ කඩේට යන ගමන්.ඒත් ම්...මට පාර වැරදිලා වගේ..මේ පාරෙ ආවට මොකද ම්..මට හිතෙන්නෙ එහා පාර.." අසරණකමේ අන්තයටම වැටී සිටි මම ආයාසයෙන් වචන ගලපා ගනිමින් පැවසීමි.. "හ්ම්ම්ම්..." ඔහු එපමණක් කියා නිහඬ විය. "මාමා මෙහෙද..මෙහෙ ගෙවල් තියෙනවද.. මට එකක්වත් හම්බුන්නෑනෙ" "හ්ම්ම්ම්" "ඇත්තටම මෙහෙ ගෙවල් නැද්ද.මාමගෙ ගේ කොහේද"" මම නොඉවසිල්ලෙන් ඇසුවේ ආපහු යනවාට වඩා ඒ ගෙදර නැවතී හෝ වැස්ස පායන තුරු සිටීමටය.. ඔහු මඳක් නිහඬව සිට කටහඬ අවදි කළේය. "මෙතනින් චුට්ටක් එහාට ගියාම කැලේ ඉවරයි.එතන ගෙයක් තියෙනවා .නැවතිලා ඉඳලා වැස්ස පායපුවාම යන්ඩ" ඔහු මගේ ප්‍රතිචාර නොවිමසාම ඉදිරියට ගියේය..මාද ඔහු සමඟම යන්නට උත්සාහ කළත් ඔහු ඊට කළින් ඉතා වේගයෙන් ඉදිරියට ඇදුණේ රොකටයක් මෙනි.. විදුලි කොටන මොහොතක ඒ මා දුටු විදියද.. නොඑසේනම් වෙන දෙයක්ද ... මගේ හිත තර්ක කරන්නට කලියෙන් මා දුටුවේ දකුණු පසින් පාරට මඳක් එහායින් වන්නට තිබූ කුඩා මැටි නිවසකි.. ගේ තුළ ගැහැණු දෙදෙනෙක් එහා මෙහා යනු මට ඈත සිටම පෙණිනි..ගෙයි පිල මත බූරු ඇදක පිරිමියෙක් නිදාගෙන සිටියේය.මේ සියල්ල මා දුටුවේ ඒ නිවස තුල දැල්වෙන ඉතා දීප්තිමත් ලාම්පුවක එළියෙනි.. මට අර මඟදී හමුවූ මිනිසා සම්පූර්ණයෙන් අමතක විය..විශාල සතුටකින් හදම වෙලී යද්දී මම ඉක්මනින්ම ඒ නිවස වෙත ඇදී ගියෙමි.. නිවසට යෑමට අඩි පාරක් හෝ නොතිබුණි.. එමෙන්ම වැලි මිදුලක්ද නැත.තරමක් ඉහළට වැඩී ගිය විවිධ තණකොළ වර්ග වලින් එය පිරී තිබුණි.. එහෙත් නිවසේ පිටත තතු සොයනවාට වඩා මට අවශ්‍ය වූයේ වැස්සෙන් බේරිමට හා මිනිස් පුලුටක් නොදැක්ක පාලු මාවතේ තවත් රැඳී නොසිට මේ නිවසට යාමටය.. මා සෙමෙන් සෙමෙන් නිවස අසලටම පැමිණ ගෙයි පිල උඩට නැඟ කුඩය හැකිලුවේ නිවස තුල උන්ට අසරණ සිනහවකින් සංග්‍රහ කරමිනි.. ගෙයි ඉදිරිපස කොටසේ එල්ලා තිබූ මා දුටු අර දීප්තිමත් ලාම්පුවේ එළිය අඩුවී ඇත. ඇත්තටම එය දැන් ලන්තෑරුමකි. එහෙත් මේ තරම් සුලු වේලාවකදි එතරම් වෙනසක් සිදුවූයේ කෙසේද.. ??? සියල්ලටම වඩා පුදුමය නම් මා පාරෙදි දුටු බූරු ඇඳවත් එහි නිදා උන් මිනිසාවත් එතන නොමැති වීමය..ප්‍රශ්නාර්ථ දල්වාගෙනම මම පිල මත වාඩිවුණේ වෙන කරන්නට දෙයක් නොමැති තැනය.. ගෙතුල උන් කාන්තාවක් පැමිණ උළුවස්සට බරදී හිස බිමට නවා ගත්තාය..දුඹුරු පැහැයට හුරු රෙද්දකින් හා හැට්ටයකින් සැරසී සිටි ඇගේ ශරීරයේ වර්ණයත් ඊටම සම බව මා දුටුවේ මළානික වූ ලන්තෑරුම් එළියේ ආධාරයෙනි.. ඈට පිටුපසින් ඇගේ දියණිය බව කිව හැකි ලාබාල තරුණියක් සැඟවී උන්නාය.ඇගේ මුහුණ හරිහැටි නොපෙණුනේ විදා සිටි කෙටි කොණ්ඩය මුහුණට වැටී තිබුණු නිසාය.. " ම්...මේ...මට පාර පොඩ්ඩක් වැරදිලා........ ම්..මං හිතන්නේ..ම්..මේ...එහා පාර........ වැ..ස්ස වැඩි නිසා ආපහු ය..න්නත් බෑ..පායනකන් ඉඳලා යන්න ගේකුත් නෑ..ම්..මෙතන කවුරුහරි නිදාගෙන ඉන්නවා දැක්කා...ඒ...කයි ආවේ" මම පැවසුවා නොව,වචන ගැට ගසා මිමිණීමි.. ඇත්තටම මේ සැබෑවක්ද සිහිනයක්ද යන්න පවා සිතාගත නොහැකිව දෙලොවක අතරමං වීමි..කෙසේ වුවත් මෙතන කුමක් හෝ මට නොදැනෙන යමක් සිදුවන බව නම් ඉඳුරාම පැහැදිලිය.. මං කෙතරම් වචන ගලප ගලපා තැටමුවද ඔවුන්ගේ ප්‍රතිචාරයක් නැත..ඒ තබා උලුවස්ස ළඟ හුන් කාන්තාවද හිස ඔසවාවත් නිකමට බැලුවේ නැත.. ලන්තෑරුම සුළඟට සෙලවුණේ දැඩි සීතලක් ගතට ලබා දෙමිනි..ඒ සුළඟින් අර කාන්තාවගේ හිසකෙස් කීපයක් එහෙට මෙහෙට විසිරෙනු මම යටැසින් දුටුවෙමි.. එහෙත් ඒ දෙස කෙළින් බලන්නට මම බියවීමි. දැන් දැන් මහ වැස්ස තුරල් කර ඇත..පාරෙහි මෙතෙක් පිරී තිබූ වතුර බැස යන හඬ ඇසෙයි.. ලාමක එළියක් නිකුත් කරන ලාම්පුව පවසන්නේ තව මොහොතකින් නිවී යාමට ආසන්න බවද...?

අද්භූත නිවස😱 වේගය අඩුකළ බස් රථයෙන් බිමට පැන්න මම එක සීරුවටම ඇද හැලෙන ධාරානිපාත වැස්සට හසුව ළඟම තිබු මැටි නිවසක් වෙත දිව ගියෙමි.කෑලි කැපිය හැකි ඝන අඳුරේම බස් රථය ඈතට ඇදී යනු බලා උන් මම බෑගය හැර ජංගම දුරකථනය අතට ගත්තෙමි.වෙලාව රාත්‍රි අට පසුවී විනාඩි විසි දෙකක් ගෙවී තිබුණු බව දුටු මට සීයට දෙකක් ලෙස පෙන්නූ බැටරි කණු දැකීමෙන් ඇඟම හිරිවැටී ගියේය. "තව ටිකකින් මේකත් ඕෆ් වෙයි.. අවට තිබුණේ දැඩි අඳුරකි..විදුලිය විසංධි වී ගියේ මම බසයෙන් බැස ගැනීමට මොහොතකට පෙර ය..මම යළිත් මිතුරාව ඇමතීමි. "මචං උඹ බැස්ස නේ..? මාර වැස්සක්නෙ බං.උඹ කෝල් කරල කියද්දි මං බයික් එකත් එළියට අරන් හිටියෙ..කොහෙද..වහිනව නෙවේ වැක්කෙරෙනවනෙ බං." මහා ධාරානිපාත වර්ෂාව මැද මිතුරාගේ උස් කටහඬ ඇසුණේය. "වහිනව කියන්නෙ බං පාර පේන්නෑ..මං මේ හංදිය ළඟ තියෙන අර මැටි ගෙදර ඉන්නෙ" මමද බෙරිහන් දී පැවසුවේ වැස්සෙ හඬ ඉතාම තීව්‍ර වූ නිසාය. "මේ ඒක නම් පොඩ්ඩක් ඩේන්ජර් බං ඈ" "ඇයි" "යකෝ ඕක පරණ ගෙයක්නෙ අත් හැරල දාපු.වැස්සට කඩන් වැටෙයි.." මිතුරා පැවසූ ගමන් මම නිවස පුරා දෑස් රැඳවූවේ එය සනාථ කරගනිමිනි..විදුලි කෙටීමේ එළියට එහි හැඩරුව මනාව දිස්වුණේය..දිරාගිය තෙතබරිත වූ පොල් අතු වහලෙන් පහළට එල්ලී වැටී තිබුණි.මැටි බිත්තියක් ඕනවටත් වඩා පහත් වී තිබුණේ මා සිටින දිශාවටමය.. "මේ මං කියන්නද..ඔහොමම ටිකක් ඉස්සරහට ඇවිත් අපෙ ගෙදරට එන අතුරු පාරෙන් හැරුණාම විජේ මාමගෙ කඩේ තියෙනවා .උඹට මතකයිනෙ ඒ කඩේ.එදා අපි නතර කරල කතා කළේ..අර උඹේ විස්තර එහෙම ඇහැව්වේ.." "අ...හරි හරි මතකයි මතකයි .මං එහෙට වෙලා වැස්ස පායනකන් ඉන්නම්.." මම හිතට නැඟ ආ අමුතු ප්‍රබෝධයකින් පැවසීමි. "හරි එහෙනම් උඹ ....." එපමණකි.. මිතුරාගේ හඬ නෑසි ගියේත් දුරකථනය ක්‍රියාවිරහිත වූවෙත් එකවරය.මං දිගු සුසුමක් පිට කර අවට බැලීමි.අකුණු හඬත් විදුලි කෙටීමත් නිසා ආලෝකමත් වෙන පරිසරයේ ගුප්ත බව වැඩිවූයේ කිසිවෙකුත් නැති පාලු ඉසව්වක් නිසාවෙන් යැයි මට වැටහිණි. හදවතේ ගැස්මද ටිකෙන් ටික වැඩිවෙණු මටත් හොරා දැණිනි. නුවන් යනු මගේ ජීවිතේ ඇසුරු කළ හොඳම මිතුරෙකි.ඔහු මා අඳුනා ගත්තේ වෙනත් මිතුරෙකුගේ මංගල අවස්ථාවකට සහභාගි වූ දිනකය..අප මිතුදමට වසර පහක් ගතවුණද, මම නුවන්ගේ නිවසට පැමිනෙන දෙවන අවස්ථාව මෙයයි..පළමු වර පැමිණියේ ඔහුගේ තාත්තාගේ මළගෙදරටය..ඒ මීට වසර තුනකට උඩදීය.. අද පැමිණියේ ඔහුගේ ඇවිටිලි මත දින දෙක තුනක් එහි නතරව හිඳ යෑමටය.. රැකියාවෙන් එක් දිනක් නිවාඩු ගත්තේ ඉතිරි දවස් දෙක රජයේ නිවාඩු දින දෙකක් වූ නිසාය.. මගේ ගමෙහි සිට කිලෝමීටර් පනහක පමණ දුරින් වූ ඔහුගේ නිවස පිහිටියේ තරමක් ගමෙහි ඇතුළට වන්නටය. බස් රථයෙන් බැස තවත් කිලෝමීටර් හතරක් පමණ යා යුතුය.. එහි අතුරු පාරවල් ගණනාවකි.. ඇත්තටම නුවන්ට විජේ මාමගෙ කඩේ මතක බව කියූවද ලොකූ මතකයක් මගෙ හිතේ නැත.එකක් එදා ඔහුගේ හමුවීම දවල් වීමය..අනෙක මේ මහා වැස්සේ උතුරන වතුර නිසා පාරවල් සේරම යටවී තිබීමය.. කෙසේ නමුත් මා තව දුරටත් මෙතැන රැඳි සිටීම නුවණට හුරු නොවේ..කැඩී වැටෙන්නට ඔන්න මෙන්න ඇති මැටි නිවසේ දිරාගිය පොල් අතු තවත් වරක් විදුලි කෙටීමේ එළියෙන් දර්ශනය වත්ම මම බෑගය හැර කුඩය අතට ගත්තෙමි. කුඩයටවත් ඔරොත්තු නොදෙන වැහි වතුර කපාගෙනම මම ඉදිරියට ඇදෙත්ම,එක්වරම "දඩාස් " යන හඬින් මම ගැස්සී ආපසු පිටුපස බැලීමි. ඒත් සමඟම හෙණයක් පුපුරා ගියායින් මං බිරාන්තව මොහොතක් එක තැන ගල් ගැසුණෙමි.. "දෙයියනේ.මා බේරුණු බේරිල්ලක්" අර මැටි නිවසේ බිත්තියක් කඩන් වැටී තිබුණේ හරියටම මා කළින් සිටි තැනටමය.. තවත් මොහොතකදු ප්‍රමාද නොවුණු මා ඉක්මනින් ඉදිරියටම ගමන් කළේ කිසිදු දෙයක් මායිම් නොකරමිනි..වතුර කපා ඇඳන් සිටි ඇඳුම් තෙතබරියම් වුවද බෑගය වතුරින් නැහැවුණද කුඩය හතර අතට ඇඹරුණද මම ඒ කිසිදෙයක් මායිම් නොකළෙමි..මට දැන් අවැසි විජේ මාමගේ කඩේ සොයා ගැනීම පමණි.. ඒ කඩේ තිබුණේත් පාරින් කිලෝමීටර් බාගයක් පමණ ගිය තැනය. විදුලිය විසංධි වූ පාරේ කිසිදු දෙයක් පැහැදිලි නොවීය.ඉඳහිට ගිය වාහනයක එළියක් නොවන්නට කෑලි කැපිය හැකි ඝන අඳුරය. මේ ප්‍රධාන පාරය..දැන් අතුරු පාරට හැරුණු විට කෙසේවත් එළියක් නොමැත..කවදාවත් නොදැණුනු බියකින් හිතම වෙලී යද්දී මම වටපිට බැලුවෙමි.. "මොන පාරෙන්ද යන්නේ.." මම නතර වූයේ අතුරු පාරකට හැරෙන තැනෙකය.ඊට මඳක් එහායින්ද තව අතුරු පාරක් පෙනෙන්නට ඇත. "ෂික්..මට හරියටම මතක නෑනෙ මොන පාරද කියලා. ඉස්සරහ පාරද..මේ පාරද.." මම මඳක් කල්පනා කළෙමි.සිතේ ඇති නොසන්සුන්තාවයත් කැළඹිලි ස්වභාවයත් නිසා කිසිදු දෙයක් හරිහැටි මතකයට නොඑයි. "හරි .අර පාර තමා.එදා මං මෙතන ලොකු පලු ගහක් තියෙනවා දැක්කෙ නෑනේ" මම දෙවරක් නොසිතාම යළිත් ඉක්මනින්ම ටිකක් එහාට වන්නට තිබූ අතුරු පාර දෙසට ගොස් හැරුණෙමි. විදුලි කෙටීම් එළියෙන් පමණක් පාරෙහි ඇදෙන මම නොනවතින වැස්ස දෙස බලා හීල්ලීමි. "ෂික්..කරුමෙට අදම වැස්සනෙ..එනකොට වැස්ස තිබ්බ නම් ඒත් එන්නෑ.කොහෙද. මඟදිනෙ පටන් ගත්තේ .නැත්නම් රෑ වෙලා කොහොමවත් එන්නෑ."

✈️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer⚡️ එක තාම Activate😈 කර ගත්තේ නැද්ද? 👀මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🎁 😑ආයේ මෙහෙම Chance 👻එකක් එන්නේ ලබන අවුරුද්දේ 💙ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක              Activate කර ගන්න Help And Support : @Avoxx2

Who Will be The Next President US?
Anonymous voting

එලයිසා 2 කොටස එලයිසාගෙ නින්දෙන් ඇවිදීම නවත්තන්න හිතාගෙන අපි එයාව අපේ ළඟින් නිදි කරව ගත්තා. ඒත් මාර වැඩේ කියන්නේ එයා අපි ළඟ නිදාගෙන ඉන්නකොටත් අපිට ඇහෙන්න ගත්තා ගේ ඇතුලේ කවුරු හරි බර අඩි තියලා ඇවිදින සද්දයක්. සමහර දවස් වලට ගෑනු ළමයෙක් අඬනවත් ඇහුනා.අපි ලයිට් දාලා බැලුවම කවුරුත් නැහැ. දොරවල් ජනෙල් ඔක්කොම හොඳට ලොක් කරලා තමයි අපි නිදා ගන්න යන්නෙ. ගේ ඇතුලට කිසිම කෙනෙක්ට එන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. අපි හිටියේ කිසි දෙයක් තේරුම් ගන්න බැරි තත්වයක. අපේ ගෙදරට අමනුස්ස බලපෑමක් ඇවිත් කියලා මට හිතුනා. ඒත් ජෝන් ඒ දේවල් විශ්වාස කළේ නැහැ. පල්ලියේ පියතුමා එක්කන් ඇවිත් ගෙදරට ආරක්ෂාවක් දාන්න මට ඕන වුනත් ජෝන් කිව්වෙ විකාර වැඩ කරන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්න කියලා. ඒත් අපේ ගෙදර සිද්ද වෙන දේවල් වලට හේතුවක් කියන්න එයාට පුළුවන් වුණෙත් නැහැ.ඊට පස්සෙ සිද්ද වුණේ තවත් අමුතු දෙයක්. එලයිසා කවදාවත් නැතුව මට ආච්චි කියලා කතා කරන්න පටන් ගත්තා. මම එයාගෙ අම්මා නෙවෙයි කියලා එයා හැම වෙලේම මාත් එක්ක රණ්ඩු කළා. එලයිසා බොහොම කැමතියි චිත්‍ර අඳින්න. එයා නිතරම ඇන්දේ එකම විදිහෙ චිත්‍ර. එයා වගේම කළු කොන්ඩයකුයි නිල් පාට ඇස් දෙකකුයි තියන ගෑනු ළමයෙක්ව එයා නිතරම කුරුටු ගෑවා. ඒ ගෑනු ළමයා තමන්ගෙ අම්මා විදිහට තමයි එලයිසා අපිට අඳුන්වලා දුන්නේ. එදා ඉඳන් ජෝන්ගෙ හැසිරීම ටික ටික වෙනස් වුණා. එයා හිටියෙ මොනවා හරි දේකට බය වෙලා වගේ. එයා නිතරම හීනෙන් බය වුණා.මාත් එක්ක කතා කරන එකත් අඩු වුණා. එයා වැඩ ඉවර වෙලා ගෙදර ආවේ පුළුවන් තරම් පරක්කු වෙලා. ඒකට හේතු අහන හැම වෙලාවකම ජෝන් කැත විදිහට මට බැන්නා. මට හොඳටම තහවුරු වුණා අපේ ගෙදරට මොකක් හරි නරක ආත්මයක බලපෑමක් ඇවිත් තියනවා කියලා. ඒත් ඒ කොහොමද? මෙච්චර කාලයක් අපි සතුටින් හිටියා. මොන දේ සිද්ද වුනත් ජෝන් කැමති වුණේ නැහැ පියතුමා එක්කන් ඇවිත් යාඥාවක් කරනවට. එයා තීරණය කළා අපි මේ ගෙදරින් ඉක්මනට යන්න ඕන කියලා. ගෙදරින් යන්න තීරණය කරලා සතියකට පස්සෙ දවසක එලයිසාව පෙර පාසලට ඇරලවලා මම ආපහු ගෙදර එන ගමන් ඉන්නකොට මට කෝල් එකක් ආවා. කතා කළේ පොලිසියෙන්. එයාලා කිව්වෙ මට පුළුවන් ඉක්මනට පොලිසියට එන්න කියලා. ඒ වෙලාවේ මගේ ඔලුව හොඳටම අවුල් වෙලා තිබුනේ. මම හිතුවෙම ජෝන්ට කරදරයක් වෙලා වෙන්න ඇති කියලා. පොලීසියට ගියාට පස්සෙ මම දැක්කා ජෝන් යහතින් ඉන්නවා. එයා ගොඩක් අඬලා තිබුණා. කිසි දෙයක් හිතා ගන්න බැරුව මම අන්දමන්ද වෙලා ඉන්නකොට තමයි මගේ ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ පොලිසියෙන් මට හැම දෙයක් ගැනම කියන්න පටන් ගත්තේ. මගේ දුව වයලට්ගේ අතුරුදහන් වීම විතරක් නෙවෙයි එයාගෙ මරණයටත් වග කියන්න ඕනේ මේ තිරිසනා. මම මොන තරම් මෝඩ ගෑනියෙක්ද කියනවා නම් හොඳ මූණක් පෙන්නගෙන හිටිය යකෙකුට මම රැවටුනේ. ජෝන් ගෙදරදි මම නැති හැම වෙලේම වයලට්ට අත වර කරන්න හදලා තිබුණා. මගේ මෝඩ කමට මට ඒක තේරුනේ නැහැ. එදා එයා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට ජෝන් එයාව පැහැර ගෙන ගිහින්. ඌ මගේ දරුවාව විනාශ කරලා. ඒ විතරක් නෙවෙයි ඌ වයලට්ව අවුරුද්දක් තිස්සේ පාළු ගෙදරක හිර කරලා තියාගෙන. එතකොට තමයි එයාට දරුවෙක් ඉපදිලා තියෙන්නෙ. ඒ දරුවා තමයි එලයිසා.. ඉවසන්න බැරිම තැන එක දවසක් වයලට් ඒ පරණ ගේ ඇතුලෙම බෙල්ලෙ වැල දාගෙන තිබුණා. ඊට පස්සෙ ජෝන් හොරෙන්ම එලයිසාව ළමා නිවාසයක දොරකඩ ළඟින් තියලා ගිහින්. වයලට්ට සිද්ද වුණ දේ ගැන ජෝන් නිතර පසු තැවිලි වුනාලු. වයලට් අතුරුදහන් වුණාට පස්සෙ දරුවෙක් අරන් හදා ගමු කියලා ජෝන් මට බල කළේ එහෙනම් මේ නිසා තමයි. හැම දෙයක්ම ජෝන්ගෙ සැලැස්මක්.... මම ඔහේ ඇඬුවා. මම ඉන්න තැන ගැනවත් මට සිහියක් තිබුණෙ නැහැ. මට ජෝන්ව මරන්න තරම් තරහක් ආවත් මම ඉවසන් හිටියා. ජෝන් කැමැත්තෙන් බාර වුණේ නැත්නම් කවදාවත් මේ අපරාදේ එළි නොවී තියෙන්න තිබුණා. අන්තිමට හැම දේම එළි වුණේ මගේ දුව නැති වෙලා අවුරුදු හයකුත් ගියාට පස්සෙ. ජෝන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හම්බ වුනත් මට කිසිම සතුටක් දැනුණේ නැහැ... අසරණ වයලට්... එයාට ඕන වුණේ කොහොමහරි මට හැම දෙයක්ම කියන්න. ජෝන් හිරේ ගියාට පස්සෙ එලයිසාගෙ අමුතු හැසිරීම සම්පූර්ණයෙන් නැති වෙලා ගියා. දැන් එලයිසා චූටි පුතෙක්ගෙ අම්මා කෙනෙක්. ඉස්සර හැම දාම රෑට ඇවිත් එයා එක්ක සෙල්ලම් කරලා යන්න ගිය අම්මාව එයාට තාම මතකයි. නිමි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️