🪶 𝐖𝐡𝐢𝐭𝐞 𝐅𝐞𝐚𝐭𝐡𝐞𝐫 ™
Open in Telegram
🪶 විඩාබර වූ....... ජීවිතේ තත් පිහාටුවකින්...... ~ පිරිමදින්නට සෙනෙහෙබර වූ...... ආල පිටුවක් ඔබෙ... වචනෙන් අපිට කියන්න....✍️ 👉 Admin :- @ShenuwaX ©️ -2024 : White Feather ™ | °.🪶 #Poems | #Quotes | #Love ♥️
Show more1 251
Subscribers
No data24 hours
-97 days
-3830 days
Posts Archive
1 251
🍃
මොකද ඔයා ඔච්චර පොත් කියවන්න කැමති . ෆිල්ම් එකක් බලන එක ඊට වඩා ලේසීනේ...? ☘️ ෆිල්ම් එකක් බලන්න එක ලෙසයි. ඇත්ත. ෆිල්ම් එකක් බලද්දී පේන රූප රාමු ටිකකට සීමා වෙලා අපි කතාව රස වින්දට , පොතක් කියවද්දී අපිට කැමති රූප රාමු ඇතුලේ රස විඳින්න පුළුවන් . එකම පොත උනත් , කතාව එකම උනත් කියවන කෙනාගේ රසවින්දනය අනුව හිතේ මැවෙන චිත්තරූප වෙනස් . එකම පොත ටික කාලෙකට පස්සේ අපි කියෙව්වත් ඒ කාලේ අපේ හිතේ තියන හැඟීම්, ස්වභාවය අනුව අපිට මැවෙන චිත්තරූප වෙනස් වෙන්න පුළුවන් . .....✍️
1 251
දවස්
අයිස් කඳු උපදින සීතලම සීතල කොහෙත්ම නොදැනුන දවස්... ඉර බිමට පැන දවද්දිත් ගතම උණුසුම නොදැනුන දවස්... පැය ගණන්, වරු ගණන් දෑස්ම විසිකොට මහ පාරට උන්මාදයෙන් බලා සිටි දවස්... රැය ගණන් නිදි නොලැබ නීල වර්ණ තිරයෙන් සයිබරය ට ඉසිඹුවක් නුදුන් දවස්... ඉක්මනින් ගෙවී ගිය දැන් සෙමින් ගෙවී යන ඔබට අමතකව ගිය යළි කිසිදා නොඑන, ලස්සනම දවස්... ප්‍රදිප් වර්ණකුලසූරිය
1 251
මැණික මැණික... කියලා කොයි වෙලෙත් දිව අගම උබට මුමුනනවා නේද මම.... කාගෙත් හිත් ඇදගන්න ලස්සන වස්තුවක් තමයි මැණිකක් කියන්නෙ.... ඒත් මැණික මැණික කීවට ඒකටත් සීමා උන වටිනාකමක් තියනවා නේද?.... එතනින් එහාට ඒක වටිනවද? නෑ නේද. ඉතින් එතන තියෙන්නෙ සීමාවක්.... ඉතින් මගෙ ආදරේ උබට සීමාවක් තියනවද?? නෑ අසීමිතයි.... එහෙනම් ඇයි මං උබට මැණික කියන්නෙ. වටිනාකම සීමා දෙයක් ඇයි උබට සසදන්නෙ?? [ හේතුවක් තියනවා මැණික.......] දන්නවද උබ කවදාවත් නිකන් මැණික් ගලක් නෙවේ මට, කොහෙවත් ඉන්න මුදලාලියෙක් මිලක් තක්සේරුකරන.... උබ මට නිදන් මැණික් ගලක්, කොච්චර හිමි කාරයො ආවත් මට විතරක් ම උරුමකම් කියන ❤️ --pincky--
1 251
කොලබින් මාව එක්ක පලයව්😡😡(මේව බලන්න බැ) කලු හම බලෙන් වහගෙන සුද නයට අරං ඉලුදේ නොමැතිතැන තනිකර වෙලකි පුරං සලු පිලි ඇතත් බාගෙට තැන තැනින් ඉරං ඔලු ගෙඩි ඉදිමිලා පුහු දේ ඉහට දරං _________ උස්සා කෙස්ස බැදලා හිස් මුදුන් කොට ගස්සා පස්ස ඇදලා හිර ගව්ම් කොට පුම්බා දෙතන ඇදලා තද තිසර පට නුබලා හරිය අපි වැරදිය බලනකොට _________ නලවන නෙතබ ඇස් සනසව විටදි ළැසී වෙලබක් වගේ ගමනත් ඇගෙ හරිම බිසී ගගුලක් උනත් ඇත පලලා සතර පැතී අඩු පාඩුවකි නැත්නම් ඔය ටිකද වැසී _________ ඉස්සර ලදුන් ඇන්දද බාගෙට නංගී හෙල අබිමානෙ ඇත සිරිලක වී හැංගී සිංහල ලදුන් දැන් දැක්මට නෑ නංගී නගරේ ලදුන් හට කොයිබද විලි සංගී කවි කාරයා( ශිතක මීදුම් )
1 251
මේ ගානටවත් කොන්ඩෙ නැත්නම්..😒 බැලු බැලු තැනම පිරිමිගෙ සිත හැලුව හැම ලදකගෙ තිබේ සිනිදුයි, නැහැ රලුව මදි අය එකතු කෙරුව්ත් රහසෙම පලුව කෙස්සට කියන්නෙමි අද කවි වැඩ මුළුව _________ දැක දැක මෙවන් හැඩ තලයක කෙස් දහර හීලෑ මනසෙ පොපියයි සියලුම නහර පල වැල වලට සරුවට, ඉහලද පොහොර නැතිනම් මෙලෙස කෙල්ලෙක් වේවිද පහර _________ වහගත් ගිරිසකර හෙල් කදු සානු තද සමහර කෙස් තිබේ රැල්ලක් සේම ඇද නෙතු දිව ගියත් දැක්කම මෙහි හරිම මැද නරයිනෙ බලාපන් රැලි කොන්ඩයක් සොද Cmt එකක් දාගෙනම යන්න
1 251
#
අනේ #බන් #උබ #නටාපන්......😒❤️ දෑතේ නැති වූ කරගැට හිතේ පිරිලා අපමණ බලා ඉඳලා නුඹ දෙස දෑස් රිදෙනවා හැම විට හිත කියන්නෙම හෙමිහිට නුඹව අයිතිලු මේ මට ඉතින් හිත කියනා නිසාවෙන් බලා ඉන්නම් කල් තව.....................❤️ බලා හිඳුමම ප්‍රේමයක් කවියෝ කිවුවා රසකර ප්‍රේමයක් කියලා කියන්නෙ නැත් ද අයිතිය කිසි දින හදවතට කන් දුන්නු හින්ඳා මෙසේ ඉවසුවෙ කරදර උඹ මගේ කර ගන්න කියලයි අහන්නේ මම කවි බස..................❤️ බලන් ඉදියට ගොඩක් කල් උබෙන් නෑ මට උත්තර රැවුම් එරවුම් මහා ලොකු කම් ලැබුනා මදි නොකියන්නම අනේ අම්මපා කවියො අඹරපු බලා ඉඳුමේ අම රස මේකදැයි බොල , හිතට එනවා ගලාගෙන කුණුහරුපම...................❤️ බලා හිඳුමම ප්‍රේමයක් ලෙස කිවුව කවියන් හොයාපන්....❤️ බලා හිඳුමේ තියෙන ප්‍රේමය පැයක් ඇතුලත කියාපන්....❤️ කන්න තව මට වෙලාවක් නෑ ඉක්මනින්ම ගැට ලිහාපන්....❤️ උබට බෑ නම් දෙන්න ආලය අනේ බන් උබ නටාපන්................😌
1 251
සොඳුර දෑස් පියා ගන්න ඉමක් නැතිවම අපේ මතකය හෙමි හෙමින් පිරෙනවා ඇති තව ඒ මතක එකි නෙක පෙරලන්න නුඹ කැමතිම තැන් වල හාද්දක් තියන්න ඒ මතක පිටු අතරම විඳින්න සොඳුර අපි හමුවුන දිනේ ඇති හෙමින් ඒ පිටුවට පෙරලන්න චූටියට එක කොනක නුඹ ගැන කවි පෙලක් නම් තියනවා ඇති ඒ සුලු මොහොතේ සිට හෙමින් ඇවිදන් යන්න ඉතින් විඳින්න, වෙනදා වගෙම පුංචි පුංචි දේවල් දැන් කියන්න , මං ගැන .. ඔයාගෙ හිතේ තියන සොඳුරුම මතකය මොකක්ද? සොඳුරුම මොහොත මොකක්ද? එ මොහොත හිතේ තියන් හෙමින් ඇස් හැර බලන්න චූටි හිනාවකින් ඔයාගෙ හිත පිරිලා ඇති ඉතිං සොදුර සුබ ආදරවන්තයින්ගේ දිනයක්. ඔයාගෙ ඔය හිනාව තමයි මං ආසම තෑග්ග .... සිතක් මුමුනන කවියක්
1 251
❤️
වැලන්ටයින් ❤️ නෑ හිනාවක් මැව්නෙ මූණේ ඉන්නෙ නෑ අද පේන මානේ හවස නම් ගෙට තුටින් ඇදුනේ කිසිම වෙනසක් තිබුනෙ නෑනේ කතාවද දැන් නැතිවුනේ අඳුරු වීලා සොඳුරු මූණේ කුමන අරුමද මේ වුනේ මමද කිසිවක් දන්නෙ නෑනේ පෙමට වෙන්කළ දිනය අදනේ විරසකය ඇයි අදම ඇදුනේ නොඉඳ මම විසඳුමක් සොයනේ හෙමින් වැතිරෙමි ලඟින් සයනේ ඇයිද හිමි මේ ලෙසින් ඉන්නේ කුමන වරදද මගෙන් වෙන්නේ හිතට වාවනු බැරිය ඇඬුනේ වචනයක්වත් දොඩනු ඉතිනේ ඇඳුම් අල්මාරියේ තිබුනේ මොකාදැයි චොකලටය දුන්නේ වැලන්ටයිනුත් අදනෙ යෙදුනේ මා එපාදැයි මුවින් ඇසුනේ මගේ ඇඬුමට තිතක් තැබුනේ සිනහ වාවනු බැරිව පිපුනේ ඒත් කඳුලක් ඔහුගෙ නෙතිනේ බැඳුන ආදරෙ තරම දැනුනේ ආදරෙන් දෙන්නට හිතන්නේ ඔයාටයි ඒ අරන් එන්නේ දැක්කොතින් කිසි වැඩක් නෑනේ ඒක හිතලයි හංග තිබුනේ හිමිගෙ මූණට හිනා පිපුනේ රතුවෙලා කම්මුල්ද දිලුනේ ලඟට විත් මා මුවට එබුනේ ඉතිං සමරමු වැලන්ටයිනේ... ===========꧁ සකු ꧂===========
1 251
ලඟින් නැතිමුත් දවස තිස්සෙම මතක් වෙන එක රූපයක් මත් වෙන්න මත් වතුර නැතුවම මාව මත් කළ ඇස් දෙකක් දෙනෙත් සිපුමට, උණුසුම විඳිනට පිං මදී වූ එක් කතාවක් මං කොහොම කවි පද ලියන්නද හිමි නොමැති පෙම් කතාවක් මං ශානී ✍
1 251
නැකතට කරන්ට් කපන එක හරි යන් නැ🤣 නැකතට විදුලිය කැපෙනා හින්දා.. ඇයව බලන්නට වැටකඩු බැන්දා.. ඇගෙ ඇසු තොරතුරු නිරතුරු රන්දා.. අදුර කපා මම දොරගුලු බින්දා.. ________ විදුලිය නැතිවම බොද ඌ හින්දා.. කලුවර දෑසට වැරදුනි මන්දා.. දොඩම් තිබ්බෙ ඇගෙ වෙනදට හන්දා.. අද ඇත්තේ ජම්බෝලද මන්දා.. ________ එක පිට එක එක හෙන ගෙඩි රන්දා.. පස්සෙනෙ දැක්කේ මගෙ සුදු නැන්දා.. නොපෙනුන දෑසට වැරදුන හින්දා.. නපුරුද ඇත්තට මෙතරම් නැන්දා.. Cmt එකක් දාගෙනම යන්න
1 251
"
තව වෙන මොනවද මේගන් මනුස්සයෙක්ට ඕන ඇත්තමයි ඔබට ඔබ විය හැකි තැනක් වෙන්නම ඕනි ඉතින් ඊටපස්සෙ... ඔබ සතුටින් සිටිනවා දැකීමට ආදරය කරන මිනිසෙක් වෙන්නම ඕන. ” - ජනාදරි කාරියප්පෙරුම-
1 251
පිපෙන මල් හැම පරව යනවා සොබා දහමත් එය තමයි. ජීවිතෙත් ඒ වගේමයි දිනෙක මරණය නියතමයි.. ඉන්න මේ ටික කාලෙදී ඉඳිමු සතුටින් හිනාවී.. තවත් හිතකට සැනසුමක් දෙන්න හැකි නම් වටීවී.. සරල ජීවිත සුන්දරයි නොමැති විට සංකර සිරිත් දකින කල හසරැලි වතේ එයයි කැඩපත හදවතේ.. ඉරේෂා නීලංගනී ආරියදාස.
1 251
ඉපල් වූ කතරකට සමානය මගේ දිවි පාළු මූසල රැයට තනිකමයි තනි රැකින.. කඳුළු ඇහිදාර යට ගල් ගැහී හීතලට සිඹිය නොහැකිව බලා උනි මගේ දෙකම්මුල්.. ඔබ ගිහින් කිසිම දා ආයෙමත් නොඑන්නට ජීවිතේ හරි අඩක් හිස් වුනා වගෙයි මට.. ඔබේ මතකය මගේ හදවතේ පතුලටම ඇවිත් මට කියනවා ඔබ ගැනම හැමදාම .. ඉරේෂා නීලංගනී ආරියදාස .
1 251
කාලයක් යද්දී තාත්තා නැතිව ඉන්න හුරුවුනා මිසක තාත්තා නෑ කියල දැනෙද්දි ... ඒ වේදනාව කියන්න වචන නෑ .. ඔබ සමග මතකයේ මිහිර ඇත හදවතේ නිමක් නැති සෙනෙහසට අකුරු අමුණමි මෙසේ... තුරුළු කරගෙන තුටින් ඔබේ පපුවට තදින් දුන්න පිය සෙනෙහසට මම ණයයි හැමදාම.. ඔබ එතැයි හිතළුවට මග බැලූ පුරුද්දට දනිමි යලි නොඑන බව අදත් මග බලමි මම.. ඉරේෂා නීලංගනී ආරියදාස .
1 251
+
ඕනෙමයි කියල හිතෙන තැන් කාලෙත් එක්ක අමතක වෙලා ගියා නේද අපිට ? - හ්ම් ඔව් . ඒත් ඒක මගේ හිතට නම් මාර සැනසීමක්. + එච්චරටම සැනසීමක්ද ? දන්නවද , ඒ වුණාට මම තාමත් ඔයාගෙ වචන අස්සේ හිරවෙනව වෙලාවකට. ඒත් ආදරයක්, කැමැත්තක් අඩුම වෛරයක්වත් හිතෙන්නෑ ඔයා ගැන. කිසිම හැගීමක් දැනෙන්නෑ..... - නොගැලපෙන තැන් බලෙන් අල්ලන් ඉන්න එපා ඔයා + හ්ම් ඔව් . අයිතියක් නෑ කියල දැන දැනත් සංසාරෙ පව් මම ගෙවනවද කොහෙද ඔය හිතට තාම ආදරේ කර කර ......❤️🩹 තනුව නුබ - 𝙮𝙤𝙪 𝙖𝙧𝙚 𝙩𝙝𝙚 𝙢𝙚𝙡𝙤𝙙𝙮 ღ
1 251
ඉපදුන දා සිට සිතුදේ නොමවන නොසිතු දේම වෙන අරුමයක් වූ ජීවිතේ .. කලකම් පලදෙන උරුම කරුම ඇති පුදුම තැනකි මේ ජීවිතේ .. දින දින මරණය වෙතට ලඟාවෙන දුක ගැන නොසිතන ජීවිතේ .. පෙනි පෙනි දුක් පිරි ජීවිත හමුවේ සැපම පතන මේ ජීවිතේ .. මරණය පසුපස සෙවනැල්ලක් සේ ලුහුබැඳ දිව එන ජීවිතේ .. අදිමිටු ගති දුරලා හොඳ පමණක් සකසා දිනමු අපි ජීවිතේ .. යහපත් සිතුවිලි හැඟුමන් පුරවා දිනනා දිවිමන් ඉන්න හදන විට වෙර දරමින් ඔබටයි මේ මගෙ කවි කුසුමන් .. ඉරේෂා නීලංගනී ආරියදාස .
