en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Open in Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Show more
Buy Ad
7 712
Subscribers
-524 hours
-337 days
-14330 days
Posts Archive
රතික් ජෝෂි වසර හයක් ලන්ඩනයේ ජීවත් වූ අයෙකි. මෘදුකාංග වෘත්තිකයෙකු වූ ඔහු දිගු කලක් සිහින මැව්වේ තම බිරිඳ සහ ඉන්දියාවේ නැවතී සි
රතික් ජෝෂි වසර හයක් ලන්ඩනයේ ජීවත් වූ අයෙකි.
මෘදුකාංග වෘත්තිකයෙකු වූ ඔහු දිගු කලක් සිහින මැව්වේ තම බිරිඳ සහ ඉන්දියාවේ නැවතී සිටි කුඩා දරුවන් තිදෙනා සඳහා විදේශගත පවුල් ජීවිතයක් ගොඩනඟා ගැනීමටයි. නිසි අවසරයන් සඳහා වසර ගණනාවක් බලා සිටීමෙන් පසු එම සිහිනය අවසානයේ සැබෑ වෙමින් පැවතුනි. මීට දින  දෙකකට පෙර, ඔහුගේ බිරිඳ, උදයිපූර් හි ප්‍රසිද්ධ වෛද්‍යවරියක් වන වෛද්‍ය කෝමි ව්‍යාස්, ඇගේ රැකියාවෙන් ඉල්ලා අස්විය. බෑග් ඇසුරුම් කර තිබුණි. අද උදෑසන, බලාපොරොත්තුවෙන් හා උද්යෝගයෙන් පිරුණු පස් දෙනෙකුගෙන් යුත් ජෝෂි පවුල, එයාර් ඉන්දියා 171 ගුවන් යානයෙන් ලන්ඩනය වෙත යාමට අසුන්ගත වුණා.
ඔවුන් සෙල්ෆියක් ගත්තා. එය ඥාතීන්ට යැව්වා. නව ජීවිතයකට ගමනක්!
අවසානය ? නොසිතූ පරිදි විය. -🥺❤✨️-
13 Jun 2025, 07:25

ලමයි මන් ටිකක් අසනීපෙන් ඉන්නේ..මට ආය මිග්‍රෙයින් වැඩි වෙලා..ඔයාලගෙ වැඩ ටික මාකින් ඔක්කොම හදල තින්නේ..මන් හවස් වෙන්න කලින් දාන්නම් වැඩ ටික...🥺 පෝන් එක දිහා බලන් ඉන්නවත් බෑ ඇස් එච්චරටම රිදෙනවා.. ඔයාල මන් අද වැඩි ටික දානකම් 2017 පේපර් එකේ essay part එකේ ඕර්ගනික් ප්‍රශ්නෙ කරල දාන්න බලන්න මට පුලුවන් අය... බැරි අය පුලුවන් තරමක් ට්‍රයි කරන්න බලන්න... මාකින් එක බලල ඒම හදන්නෙ නෑ.. මන් දවල් වෙද්දි වැඩ ටික දාන්නම්.. ආ තව ඔයාලා මට ඉන්බොක්ස් මැසේජ් ගොඩක් දාලා තිබ්බා..මන් ඒ ටික බලන්නම් ලමයි..දැන් නම් බලන්න වෙන්නෙ නෑ මට ඇස් ඇරන් ඉන්නත් අමාරුයි.. තරහ නොවී අර වැඩ කරන්න හැමෝම හරිද?? සමාවෙන්න ලමයිනේ මට 🥺💔
13 Jun 2025, 00:36

මේ වගේ තව කැම්පස් අයගේ කතා කියවන්න Don't Stop! channel එකට ජොයින් වෙන්න යාලුවනේ... තව ගොඩාාක් කතා තියේ ඒකේ 🤗🤍
12 Jun 2025, 06:05

මම නිපුන් දිල්ෂාන්. මම දැනට සබරගමුව university එකේ MBBS degree එක කරනවා. A/L වලට Bio කරන්න තෝරගත්තෙ ⁠පොඩි කාලෙ ඉදන් ඩොක්ටර් කෙනෙක් වෙන්න ආස නිසා. මම 1st shyම medicine ගියා, Bio - A, Physics - A, Chemistry - B, A level කාලෙ මට අමාරුම සබ්ජෙක්ට් එක බයෝ. මන් මුලින් පලවෙනි අවුරුද්දම වැඩක් කලේ නෑ.... අවුරුද්දක් වගේ ගියාට පස්සෙ වැඩ කරන්න ගත්තෙ... මුල ඉදන් කරානම් තවත් හොද රිසාල්ට් එක්කට යන්න තිබ්බ කියල හිතෙනව.. ⁠බයෝ කරන්න ආව මුල් කාලෙ ටිකක් අමාරු උනා.... නිකම් ඔහෙ ක්ලාස් ගියා ආව විතරයි.... ඉස්කෝලෙ පලවෙනි පාර විබාගෙට ලකුනු තිබ්බෙම නෑ අන්තිමට... ඒ නිසා ආර්ට් වලට මාරු වෙන්නත් හැදුව බයෝ කරන්න බෑ කියල... පස්සෙ ආපහු පොඩි කාලෙ ඉදන් ආසාවනෙ කියල ඒ තීරනේ වෙනස් කරා බයෝම කරනව කියල... ඊටපස්සෙ වැඩ කරාම ලකුනු හැදුනා... මන් ගොඩක් past papers model papers කරේ. ⁠මම කරන්නෙ පාඩමක් ඉවර උනාම ඒ පාඩම හොදට බලල ඒකෙන් එන්න පුලුවන් ප්‍රශ්න (පේසුරු, ක්ලාස් ටියුට් වල ප්‍රශ්න ) ඔක්කොම කරනව.... ඒකෙන් ප්‍රශ්න අහන තැන් හොදට ෆෝකස් කරන්න පුලුවන්. මන් chemistry වලටත් A එකක් හිතුවත් exam එකට කලින් දවසෙ උනහැදුනා .... වමනෙත් යන්න ගත්ත... අන්තිමට exam ලිව්වෙ හෝල් එකෙන් එලියෙ වමනෙ යන නිසා... ඒකෙන් වෙලා මදි වෙලා chemistry paper එක අව්ල් උනා ඒකට B එකක් ආවෙ. කැම්පස් ජීවිතේ ගැන කිව්වොත් ⁠මම කැම්පස් එකේ batch top උනා.... මෙඩිසින් වල මුල් subject 3න් anatomy , physiology වලට මට distinction තියෙනව වගේම ඒ අවුරුද්දෙ මම best student විදියට ගෝල්ඩ් මෙඩල් එකත් ගත්තා... මන් මේක ආසාවෙන් කරන නිසා කැම්පස් එකේදිත් හොද රිසාල්ට්ස් තියාගන්න පුලුවන් උනා. මගෙ ගමනට හැමදාම උපරිම සපෝට් එක හම්බෙන්නෙ අම්මගෙනුයි අප්පච්චිගෙනුයි... ඒ ඇරුනම ඉස්කෝලෙ ක්ලාස් වල ගුරුවරුයි මගෙ යාලුවො කීපදෙනයි තමා.. මගෙ කැම්පස් ජීවිතේ හරිම ශෝක්... මොකද කැම්පස් ආවට පස්සෙ මට පුලුවන් උනා මන් ආස music පැත්තෙනුත් දේවල් කරන්න.. Campus events වල සින්දු කිව්වා.... ⁠
ඒලෙවල් කරන නන්ගිලා මල්ලිලාට කියන්න තියෙන්නෙ කිසිම දෙයක් බැරි නෑ... Exam එකට focus කරල වැඩ කරන්න ... නිකන් පාඩම් කරන් නැතුව ප්‍රශ්න වලට උත්තර ලියන්න... Mind එක රිලැක්ස් කරගන්න ආස දේවල් කරන්න... කැම්පස් එක්කට යන්න ගිහින් ඒ ජීවිතේ දේවල් විදින්න...❤️‍🩹 මේ මගෙ tiktok account එක... https://www.tiktok.com/@_nipun.dilshan_?_t=ZS-8wvguBFAgfy&_r=1 මන් ඒකෙත් මගෙ මෙඩිසින් ජීවිතේ දේවල් study tips වගේ දේවල් දානව කැමති අය ඒ පැත්තටත් එන්න, medicine යන්න ආසාවෙන් ඉන්න නන්ගිලා මල්ලිලාට උදවුවක් වෙයි❤️
🧑‍🎓 නිපුන් දිල්ෂාන්♥️🫂 වෛද්‍ය පීඨය ශ්‍රිලංකා සබරගමු විශ්වවිද්‍යාලය #𝙱𝚒𝚘 ⚠️𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!
12 Jun 2025, 06:03

මෙච්චර එකට තිබිලත් පැසිෆික් සාගරය හා අත්ලාන්තික් සාගර ජලය එකිනෙක මිශ්‍ර නොවන්නෙ ඇයි? කෝ දන්න අය කමෙන්ට් එකක් දාන් යන්න බලන්න...
12 Jun 2025, 00:49

📌Physics 📍Short Note #PHYSICS #SHORT_NOTES
11 Jun 2025, 23:04

Day 05 අද රෑ 8 වෙන්න කලින් මේ පරිවර්තන ටික කරල එවන්න බලන්න මට... මං marking එක රෑ 8ට දානවා.. Time target : 20 mins #ORGANIC #
+1
Day 05 අද රෑ 8 වෙන්න කලින් මේ පරිවර්තන ටික කරල එවන්න බලන්න මට... මං marking එක රෑ 8ට දානවා.. Time target : 20 mins #ORGANIC #CHEMISTRY
11 Jun 2025, 22:15

💪❤️
💪❤️
11 Jun 2025, 21:40

Day 04 Answers 10න් කීයක් හරිද කියලා දාන් යමුද යාලුවනේ... ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න.. #ORGANIC #CHEMIST
+3
Day 04 Answers 10න් කීයක් හරිද කියලා දාන් යමුද යාලුවනේ... ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න.. #ORGANIC #CHEMISTRY
11 Jun 2025, 10:31

Repost from N/a
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past pape
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන් 📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින් 🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽     📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න     📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට     📈Motivation post කියවන්න     📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට 🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄
11 Jun 2025, 08:32
12 Jun 2025, ~15:14

100 කරන්නද ඒනම් ලිමිට් එක 🥲ගොඩක් අය ඉන්නවනේ තව ජොයින් වෙන්න.. කැමති අය මට මැසේජ් එකක් දාන්න @yeah_im_sayuu
11 Jun 2025, 08:10
12 Jun 2025, ~15:14

50 සම්පූර්ණයි.. ආය කට්ටිය ගන් නැ ඔන්න
11 Jun 2025, 07:48
12 Jun 2025, ~15:14

තව 10 දෙනාටයි ඉඩ තිටෙව්වේ..ඉක්මන් කරන්න
11 Jun 2025, 07:41
11 Jun 2025, ~07:47

Chemistry Camp (NBR ❄️💜) මොකක්ද මේකෙන් කරන්නේ? මේකෙන් කරන්නෙ ඔයාලව A/L chemistry Paper එකට Ready කරවන එක.. ඒ කොහොමද? මේකෙදි
Chemistry Camp (NBR ❄️💜) මොකක්ද මේකෙන් කරන්නේ? මේකෙන් කරන්නෙ ඔයාලව A/L chemistry Paper එකට Ready කරවන එක.. ඒ කොහොමද? මේකෙදි පේපර් එකේ තෝර ගන්න ප්‍රශ්න අනුව පාඩම් වශයෙන් ප්‍රශ්න කරලා කරලා ඔයාව practise කරවනවා.. මේක මොන වගේ අයටද ගැලපෙන්නේ? සෙකන්ඩ් තර්ඩ් කරන අයට වගේ තමයි ගොඩක් මේ හොද...මොකද එයාලට එක පාරක් තියරි කවර් වෙලානේ..එතකොට ලොකු වැඩ ගොඩක් කරන් යන්න පුලුවන්.. මුලින්ම කරන්නෙ මොනාද? අපි පටන් ගන්නෙ organic වලින්..එක්සෑම් ඉවර වෙනකම්ම අපි organic එක්ක ඉන්නවා..ඒ අතර ඉතුරු ටිකත් ටික ටික කරනවා.. මේකෙදි SEQ,EQ විතරද practise කරන්නේ? ප්‍රධාන වශයෙන් ඒවා..ඒ අතර තුර point book එකක් හදන ගමන් MCQ ත් කවර් කරන්න බලනවා.. මේ වැඩේ වෙන්නෙ කෝමද? ඒක දැනගන්න ඇවිත්ම බලන්න වෙනවා මේකෙදි කරන්නේ past papers විතරද? නෑ..මේකෙදි අපි past papers වලට අමතරව seasonal papers,Guess papers වගේ තව ගොඩාක් papers කරන්න බලාපොරොත්තු වෙනවා..
11 Jun 2025, 07:28
12 Jun 2025, ~15:14

Limit කලා ගන්න කට්ටියව ඔන්න... මුල් 50 විතරයි ගන්නේ..
11 Jun 2025, 07:19
11 Jun 2025, ~07:48

Comment කරපු හැමෝටම ib link එකක් දානව මන්.. මුල් 100 විතරයි ගන්නෙ ඔන්න..ඉක්මන් කරන්න..
11 Jun 2025, 06:21
11 Jun 2025, ~07:48

2025.06.16 ඉදන් ඒනම් අපි සමාවයවික ගණන් පටන් ගමු.. දවසට එක ගානෙ.. අපේ ඔර්ගනික් වැඩේට එන ලමයි කමෙන්ට් එකක් දාන්න..ඔයාලව දාල මන් වෙනම ගෲප් එකක් හදන්න බැලුවේ.. එන අය කමෙන්ට් එකක් දාන්න..එයාලට මන් ලින්ක් එක දෙන්නම් main channel එකෙත් දානව ඊට එහා දේවල් ටිකක් අපි වෙනම කරමු...
11 Jun 2025, 06:15
11 Jun 2025, ~07:48

සමඅවයවික ගණනුත් කරමුද අපි
Anonymous voting
11 Jun 2025, 01:30
12 Jun 2025, ~15:14

කැපවීම කියන්නෙ මොකක්ද ලමයි? ඔයා කැපවීම ගැන දන්නෙ නැතුව ඇති.ඒනම් අපි ඒක Practically බලමුද 🙂 දැන්ම දුවලා දුවලා ගිහින් ඒනම් මුලින්ම ඔයාගේ අහින්සක අම්මා දිහා බලන්න...... ෆිගර් අවුට් යයි ලස්සන අඩු වෙයි කියලා ළමයි නොහදන අම්මලා ඉන්න රටේ.තමන්ගේ ලස්සන කැප කරලා මාස 10ක් බඩේ අමාරුවෙන් තියන් පරිස්සම් කරලා ලෝකේ තියෙන දරුනුම වේදනාව විද ගෙන ඔයාව බිහි කරපු ඒ අම්මා තමයි කැපවීමට නියමම උදාහරණ‌ේ සමහර විට ඔයාට හිනත් යයි මේවා කියද්දි හැබැයි මතක තියා ගන්න තිත්ත වුනත් ඇත්ත මේක තාමත් ඒ අම්මගේ කැපවීමේ නිමක් නෑ.. ඒ අම්මා එයාගේ තරුණ කාලෙම කැප කරා ඔයා වෙනුවෙන් හරි දැන් කැපවීම ගැන ටිකක් දැන ගත්තනේ.. අපි යමු දැන් ඊළඟ කෙනා ගාවට කවුද ඒ ඒ තමයි තාත්තා තාත්තත් අම්මා වගේමයි.මුළු ජීවිත කාලෙම තමන්ගේ ලමයි වෙනුවෙන් කැප වෙලා ඉන්නේ.තාත්තගේ මුළු ශ්‍රමයම තාත්තා අපි වෙනුවෙන් කැප කරනවා. ඉතින් දැන් ගිහින් බලන්න දැන්ම යන්න තාත්ත‌ගේ අත්වල තියෙන කරගැට දැක්කාම නියම කැපවීම කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන්. බලන්න එයාලා කැප කරන ඒවා දැක්කාම අපි මොනාද එයාලට දීලා තීන තෑගි කියලා 😕 එයාලා අපිට කියන් නෑ මේක ඕන අරක ඕන කියලා අපි දැන ගන්න ඕන අපෙන් මොනාද එයාලට වෙන්න ඕන කියලා අපිට එයාලට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග හොදට ඉගෙන ගෙන හොද තැනකට යන එක විතරයි අපිට කරන්න තින්නේ කාලය කැප කරලා මොළය වෙහසලා පාඩම් කරන එක විතරයි.මොකද එයාලා අපිට කියන් නෑ දාඩිය පෙරා ගෙන එයාලා වගේ කූලි වැඩ කරන්න කියලා. ඉතින් අම්මගෙයි තාත්තගෙයි ඒ කැපවීමට තෑග්ගක් දෙන්න අපි අද ඉදන් මහන්සි වෙමු නේද? ඒනම් අද ඉදන්ම පටන් ගමු 👉කාලය කැප කරලා මොළය වෙහෙසමු 👉හොදට ඉගෙන ගමු 👉හොද තැනකට යමු 👉අම්මගෙයි තාත්තගෙයි කැප වීමට සාධාරණයක් ඉෂ්ඨ කරලා එයාලගේ සිහින සෑබැ කරමු අපිට ඒක කරන්න පුලුවන් අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ
Talk less 🤟🏻Think First 🫵 Start Today 🫰🏻
Sayuu 🤍✨
10 Jun 2025, 23:48
12 Jun 2025, ~15:14

Day 04 අද රෑ 8 වෙන්න කලින් මේ පරිවර්තන ටික කරල එවන්න බලන්න මට... මං marking එක රෑ 8ට දානවා.. Time target : 20 mins #ORGANIC #
+1
Day 04 අද රෑ 8 වෙන්න කලින් මේ පරිවර්තන ටික කරල එවන්න බලන්න මට... මං marking එක රෑ 8ට දානවා.. Time target : 20 mins #ORGANIC #CHEMISTRY
10 Jun 2025, 22:32