3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
Live Essay ලියපු ළමයි අද රචනා ප්‍රශ්නයට අදාළ Point 70 න් ඔයාගේ point කීයක් තියෙනවද ???
සැ.යු:-
■රෑපය සදහා අමතර point 10 ක් ලැබේ.
සමස්ත point ගණන =60+10=70
■මෙම පිලිතුරු පත්‍රයේ යම් යම් තැන් සම්පත් පොතට වඩා වෙනස් විය හැකි බැවින්,එවැනි ගැටලුකාරී ස්ථාන ඇත්නම් reply box එකට message එකක් දාන්න.
Live Essay Writing - Day 07
26 වන බදාදා දිනට අදාල ප්‍රශ්නය
a)දර්ශීය ප්‍රාග්නයෂ්ටික සෛලයක ව්‍යුහය,එම එක් එක් කොටස් මගින් ඉටුකරන කෘත්‍යයට අදාලව විස්තර කරන්න.
b)ප්‍රාග්නයෂ්ටික සෛල හා සූනයෂ්ටික සෛල අතර ඇති සමාන - අසමානතා සංසන්දනය කරන්න.
බදාදා සවස 8.00 සිට 8.30 දක්වා පැවැත්වේ...
Live Essay ලියපු ළමයි අද රචනා ප්‍රශ්නයට අදාළ Point 50 න් ඔයාගේ point කීයක් තියෙනවද ???
සැ.යු. :- වගුවේ සදහන් අංශුමාත්‍ර මූලද්‍රව්‍යවල සමස්තය සදහා තවත් අමතර point 3 ක් සහ t - RNA අණුවේ දල ව්‍යුහය සදහා තවත් point 5 ක් ලැබේ.
සමස්ත point ගණන = 42+3+5 = 50
LIVE ESSAY WRITING ලියන ළමයි දැන් join වෙන්න. අද ඔයාලගේ සහභාගිත්වය බලනවා.
ප්‍රශ්නය උඩ pin කරල තියෙන්නේ...
Repost from 2025 To be doctors💞❤️
LIVE ESSAY WRITING- DAY 06
23 වන ඉරිදා දිනට අදාල ප්‍රශ්නය
●කෙටි සටහන් ලියන්න
a)ජීවි ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය
b)ප්‍රෝටීනවල දුස්සවභාවීකරණය
c)RNA වර්ග හා ඒවායේ කෘත්‍ය
d)නියුක්ලෙයික් අම්ල වලට අමතරව ජීවින් තුල අඩංගු නියුක්ලියෝටයිඩ ; පිළිබඳව
කාලය - විනාඩි 30 කි.
ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑයේ උතුම් ධාතු නිධානෝත්සවය සජීව විකාශය
https://www.youtube.com/live/ZowmGAWBYas?si=HMTaOrXWtXAjN4FM
පෙ.ව. 5.00 සිට පෙ.ව.9.00 දක්වා
මුලු භාරත දේශයේම අණසක පැතිරූ මහ රජුගේ පුත් රුවනයි ...
පැවිදි වන විට දැන සිටියේ නැතිව ඇති බුදු නෙතින් දුටු මේ ලක්දිවට අනුබුදු කෙනෙකුන් වේවි කියා...
සසර පුරා පෙරුම් දම් පුරමින් වැඩියේ අප රටට වඩින්නටමයි...
පොසොන් පුන් පෝදිනක හිරු මඩලගේ සිරි සදහම් දෝතින් ගෙන
වැඩියා අප රටට මිහිදු නම් සද මඩල...
ආයෙමත් මව් රටට අඩියවත් නොතබා..
ලක්දිව පුරා ධර්මය දන් දන්නෝය...
අදටත් "නමෝ තස්ස භගවතෝ" ලෙස මෙි ද්විපයේ ඇසෙන්නේ නුඹ වහනසේ නිසාවෙනි...
යමෙක් තමන්ගේ දේ මේ බිමේ දන් දෙනවා නම් ඒ ඔබ නිසාවෙනි...
ඇත්තටම අප නුඹ වහන්සේට ණය වන්නෙමු...
ලක්දිව වැසියෝ සසරින් එතෙර වෙන දාට ඒ ණය ගෙවෙනු ඇත...
අපේ ගුරු දෙවිදු අපගේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි අපට ඔබ වහන්සේ ගැන කියා දුන්නේ...
ඒ වන තෙක් ඔබ වහන්සේට කෙලෙහිගුන සැලකීමක් ගැන අප අසා තිබුනේ නෑ...
අපගේ මුලු මහත් ද්වීපයම ඔබ වහන්සේට ණය වන්නෙමු...
අශෝක අධිරජුන්ගේ පුත්‍රයානෙනි, නමස්කාර වෙවා ඔබ වහන්සේට!!!
සම්බුදු රජුන්ගේ හදමඩලින් උපන් පුත්‍රයානෙනි නමස්කාර වෙවා ඔබ වහන්සේට!!!
ලංකාද්වීපයේ අනුබුදු රජානෙනි,නමස්කාර වෙවා ඔබ වහන්සේට!!!
අන්ධකාර ලංකාදීපයට පායා ආ සදමඩලාණෙනි,
නමස්කාර වේවා නුඹ වහන්සේට!!!!
ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑයේ උතුම් ධාතු නිධානෝත්සවය සජීව විකාශය
https://www.youtube.com/live/ZowmGAWBYas?si=HMTaOrXWtXAjN4FM
🌸සැදැහැවතුන්ගේ වසර 4 ක මහන්සියේ ප්‍රතිඵලය,කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය සංකල්පනාවකට අනුව සිදු වන යුගයේ මහා කෘතගුණ පූජාව;
🌸නොයෙකුත් කරදර බාධක හමුවේ අපගේ ආදිගුරුදේවෝත්තම පරම පූජනීය දීපප්‍රසාදක වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතූන් වහන්සේලා තැන්පත් කරමින්
🌸උත්තිය රජ දවස ඉදිකල ශ්‍රී මිහිඳු මහා සෑ රජුන්ගේ වර්තමාන ප්‍රතිසංස්කරණයේ උතුම් ධාතු නිධානෝත්සවය;
🌸අමරපුර ශ්‍රී කලයාණිවංශ නිකායේ උත්තරීතර අනුනායක ධුරන්ධර, සමස්ත මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘවර හා ප්‍රධාන අනුශාසක ධුරන්ධර, අප ගුරැදේවෝත්තම පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා,මිහින්තලය රාජ මහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ප්‍රධාන ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩම වීමෙන්
🌸 ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වන පොසොන් පුර පසළොස්වක පොහොය දින පෙ.ව.5.00 සිට පෙ.ව.9.00 දක්වා සිදු කෙරේ.
සජීව විකාශය: ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන්විදුලිය, ශ්‍රද්ධා-ලක්විරු අන්තර්ජාල අවකාශ
LIVE ESSAY WRITING- DAY 06
23 වන ඉරිදා දිනට අදාල ප්‍රශ්නය
●කෙටි සටහන් ලියන්න
a)ජීවි ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය
b)ප්‍රෝටීනවල දුස්සවභාවීකරණය
c)RNA වර්ග හා ඒවායේ කෘත්‍ය
d)නියුක්ලෙයික් අම්ල වලට අමතරව ජීවින් තුල අඩංගු නියුක්ලියෝටයිඩ ; පිළිබඳව
කාලය - විනාඩි 30 කි.
සිසුන්ගේ දැඩි ඉල්ලීම මත හා බහුතරයේ කැමැත්ත මත Live Essay Writing සදහා නව කාලසටහන පහත පරිදි වේ.👇
■ඉරිදා - සවස 6.30 - 7.00
■බදාදා - සවස 8.00-8.30
සැලකිය යුතුයි - මේ කාලසටහන මේ ඉරිදා( ජුනි 23) සහ බදාදා ( ජුනි 26) යන දින වල ක්‍රියාත්මක කරන අතර ඒ දින දෙකෙහි විශේෂයෙන්ම ඉරිදා දිනයෙහි සිසු සහභාගිත්වය අනුව ඉදිරි සතියේ පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය කෙරේ.
LIVE ESSAY WRITING දිගටම පවත්වාගෙන යන ලෙස ඉල්ලීම් ලැබී ඇති නිසා පහත දිනයන්ගෙන් ඔබට හැකි දිනයන් තෝරන්න.වෙනත් අදහස් reply කරන්න.
Live Essay ලියපු ළමයි අද රචනා ප්‍රශ්නයට අදාළ Point 100 න් ඔයාගේ point කීයක් තියෙනවද ???
+3
Live Essay ලියපු ළමයි අද රචනා ප්‍රශ්නයට අදාළ Point 100 න් ඔයාගේ point කීයක් තියෙනවද ???
(DNA අණුවේ ව්‍යුහය සදහා point 15 ක් හා නියුක්ලියෝටයිඩයේ දල ව්‍යුහය සදහා point 10 ක් ලැබේ)
LIVE ESSAY ලියන ළමයි දැන් join වෙලා ඉන්න. 6.30 ට පටන් ගන්නවා....ප්‍රශ්නය උඩ pin කරල තියෙනව...
LIVE ESSAY WRITING - DAY 05
ජුනි 18 වන අගහරුවාදා දිනට අදාළ ප්‍රශ්නය
a) නියුක්ලියෝසයිඩ,නියුක්ලියෝටයිඩ සහ පොලිනියුක්ලියෝටයිඩ පිළිබඳ විස්තර කරන්න.
b) DNA හා RNA අණුවේ වියුහ විස්තර කරමින් ඒව එකිනෙකින් වෙනස්වන අයුරු පැහැදිලි කරන්න.
පාඩම් කරපු ප්‍රශ්නය නැවත මතක් කරගෙන Live Answers ලියන්න සවස 6.30 ට join වෙන්න...
2023.june.14- 2024.june.14
(දවස නම් පහු උනා )
🌕මේක සැමරීමක් වෙනුවෙන් දාන post එකක් නෙමෙයි නිකන් මතක් කරන්න විතරක් දාන්නේ
❇️
ගිය අවුරුද්දේ june 14 තමයි අපි To be doctors චැනල් එක පටන් ගත්තේ .මේ මාසේ 14 වෙනිදාට අවුරුද්දක් 🚨🚨🚨මුල්ම දවසේ දෙකේදී motivation චැනල් එකක් විදිහට කරන් යන්න හිතුවත් motivation හැමදාම දාන්න මදි උන නිසා ✅ 🌈ඒ වගේම කවුරුහරි නම මතක නැති member කෙනෙක් ගේ ඉල්ලීමක් නිසා අපි bio හැර අනිත් විෂයන් දෙකටත් ප්‍රශ්න දාන්න පටන් ගත්තේ.අපි කලින් දැම්මේ bio ප්‍රශ්න විතරයි 🌈මුල්ම කාලේ එක admin කෙනෙක් ගෙන් වගේ ප්‍රශ්න ලැබුණේ ඔයාලට.කාලයක් යද්දි Admin panel එකේ දැනට admin ලා 8-9 ක් විතර ඉන්නවා intern admin ලා වෙනම. 🌈මේ අවුරුද්දක කාලයේ මාස 6 ක් විතර අපි පුළුවන් උපරිමයෙන් විෂයන් තුනටම ප්‍රශ්න දැම්මා.හැබැයි අන්තිම කාලේ නම් ගොඩක්ම අපෙන් වැඩක් උනේ නැහැ. 🚨🚨චැනල් එකේ admin ලා දෙන්නෙක් තුන්දෙනෙක්ගේ ප්‍රශ්න නිසා චැනල් එකේ වැඩ දැන් නම් නැවතිලා වගේ නේ තියෙන්නේ ❇️ඒ නිසා මේ අවුරුද්දක කාලයේදී අපිට ඔයාලට ලොකු උදව්වක් ලොකු වැඩක් කරන්න බැරි උනා. අවුරුද්දක් ඇතුලත කාලයක ලොකු දෙයක් අපිට ඔයාලට දෙන්න බැරි වීම සම්බන්ධව සමාවෙන්න .🙂 🌈මේ අවුරුද්දේ අපිට උදව් කරපු admin panel එකේ යාළුවෝ Lily,vidya,sansala,malee,kushan,thameem,H20 admin panel එකේ දැන් නැති උනත් අපිට උදව් කරපු imuu,madee,pasindu ,විවරණ දාපු admin යාළුව වගේම අනිත් හැමෝටමත් Intern admin panel එකේ යාළුවෝ හැමෝටමත් 🤝 🌕දැන් telegram එකේ නැති උනත් චැනල් එක පටන් ගන්න හේතුව උන වගේම චැනල් එකට ගොඩක් උදව් කරපු Tesla අයියටත් ashi අක්කටත් beast අයියටත් 2025 AL චැනල් විදිහට අපිට උදව් කරපු 25 Science batch,brainy blinders සහ අනිත් හැම චැනල් එකකටම 🤝 Cross promotion කරපු andromedia edu ,doctor dream,folder owners ලා හැමෝටමත් අනිත් හැමෝටමත් (ඔක්කොම කියන්න ඉඩ මදි )🤝 Members ලා හැමෝටමත් 😊 ගොඩක්ම ස්තුතියි🤝 අපේ ප්‍රශ්න ඉවර උනොත් දවසක ආයෙත් පටන් ගන්නන් චැනල් එක වෙනද විදිහට. එත කල් සිදුවන ප්‍රමාද දෝෂයට සමාවෙන්න🙂❇️❇️
