cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

රුසියන්කාරයා Русский Russian

Show more
Sri Lanka3 143English227 447The category is not specified
Advertising posts
236
Subscribers
No data24 hours
+17 days
+230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

“The whole idea is to kill the bastards! At the end of the [nuclear] war, if there are two Americans and one Russian, we win.” This was the “logic” of US military generals at the highest level — Joint Chiefs of Staff etc. Young Pres. JFK stopped these old psychopaths. Thank God. More scarily, in those days, NATO commanders and others in the field could push the button for a first nuclear strike… without the approval of the President!
Show all...
👍 2
00:30
Video unavailableShow in Telegram
රුසියාව තුළ කිසිදු අයුරකින් ත්‍රස්තවාදයට අන්තවාදයට ඉඩක් නැත. අද උදෑසන (ජුනි 16 ඉරිදා) රස්තෝෆ් ප්‍රදේශයේ ප්‍රාණ ඇපයට ගැනීමක් උනා. ඒක කරපු අය මේ වෙද්දි මරණයට පත් වෙලා තියෙනව
Show all...
2.53 MB
👍 5
සියොන් අන්තවාදීන් විසින් ඇමරිකා එක්සත් ජනපදය ජීවග්‍රහයට ගැනීමට පෙර
Show all...
👍 1
Could the petrodollar's end make the US economy scream? The Saudi Central Bank has joined the Bank for International Settlements’ (BIS) cross-border central bank digital currency (CBDC) project, mBridge, which is seen as a step towards reducing global oil trade in US dollars. The "petrodollar agreement" concluded between the US and Saudi Arabia in 1974, in which Saudi Arabia agreed to sell oil exclusively in US dollars, is said to have expired on June 9 this year. Neither Washington nor Riyadh has commented on the matter so far. "Petrodollars" are revenues paid to an oil-exporting country denominated in US dollars. The "petrodollar" agreement was struck by the US and Saudi Arabia following the OPEC oil embargo of 1973-1974 over US military aid to Israel. Earlier, in 1971, the US ended dollar convertibility to gold, turning the dollar-gold fixed Bretton Woods system into a fiat and more volatile one. The US and Saudi Arabia struck a major cooperation deal on June 9, 1974. Under the special agreement, Riyadh was allowed to buy US treasuries before they were auctioned. In return, Saudi Arabia agreed to sell its oil in dollars, investing its revenues into US debt and enlarging the dollar's liquidity. Saudi Arabia also convinced other OPEC oil producers to sell their crude in US dollars. Thus, the dollar became "pegged" to oil instead of gold. Nearly 80 percent of global oil sales are priced in dollars. However, Russia, Iran, Saudi Arabia, China, and others are increasingly shifting to local currencies in energy trade. In 2023, 20 percent of global oil was bought in other currencies, as per the Wall Street Journal. If world players significantly reduce the use of US dollars, the US' ability to issue dollar debt and earn dollars for exports will diminish and the nation's economy will shrink, according to international economists.
Show all...
👍 1
තවත් කෙනෙක් මේ ක්‍රමය අප්‍රිකාවට සුභ දායක බව පවසනවා වුවද, සත්‍යය වන්නේ ඒ ඒ රටවල් චීනයේ අතකොළු වීමය. කෙසේ වුවද මේ ක්‍රමය ඥානාන්විත සේ භාවිතා කර දියුණු වූ රටවල්ද ඇති බව කිව යුතුය. උදාහරණ වන්නේ රුවන්ඩාව සහ ඉතියෝපියාවයි. උදාහරණයක් සේ ඉතියෝපියාවේ වර්ධන වේගය 11% ටත් වඩා වැඩි වේ. “බළල්ලු ලවා කොස් ඇට බාවන්නට” චීන්නු හැර වෙන අයෙක් නැත. එක්තරා චීන ව්‍යාපාරිකයෙක් මුලට දමා චීනය ඇන්ගොලාවෙන් ගෙන්නා ගන්නා තෙල් ප්‍රමාණය කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්ව ඇමරිකාවට යවන තෙල් ප්‍රමාණයට වඩා වැඩි වේ.     කෙසේ හෝ මේ ක්‍රමය අඩු හා වැඩි වශයෙන්, එක් එක් රටවල් සඳහා චීනයට අවශ්‍ය සම්පත් ප්‍රබල කිරීම සඳහා චීන ණය මුදල් දීම සිදු කෙරේ.චීනාගේම ණය ගෙවන්නත්, චීනා නැවත ඒ ඒ රටවල් වලට ණය ලබා දේ. මේ විෂම චක්‍රයට අපද බොහෝ අවාසනාවන්ත සේ අසුවී ඇත්තෙමු. කෙසේ වුවද අප ඩොලරය සහ යුවාන් අතර සිරැවී ඇති බැව් පැහැදිළිය. මෙයින් බේරීමට නම් දැඩි විදේශ ප්‍රතිපත්තියක් අපට අවශ්‍ය වේ.    ණයක් බේරන්නට ණයක් සේ ලැබුණු මුදල ගැන කොපමණ ලොකුවට කතා කළද, ඒ ණය අපට කෙසේ හෝ ගෙවන්නට සිදු වනු ඇත. එය නොගෙවන්නේ හෝ ඉන් විපුල ප්‍රයෝජන ලබා ගැනීමට නම්, අපද ඉතියෝපියානු ජන නායකයන් හෝ විශිෂ්ට රුවන්ඩා ජන නායකයෙක් වූ “පෝල් කගාමි” කලාක් මෙන් ඉන් ප්‍රයෝජනය ගත යුතුය.   අපටද “හොඳටම කරන්නට” ඕනා නම්, ඔවුන් මෙන් ක්‍රියාත්මක විය යුතුය. 2022 සඳහා මීට වඩා හොඳ අවුරුදු පැතුමක් අපට අනවශ්‍ය වේ.
Show all...
👍 4
ඩොලරය සහ යුවාන් අතර කතාවක්  ඩොලර් ගැන මේ කාලයේ බොහෝ අය කතා කරති. ඒ ගැන නොදන්නා කෙනෙක් නැත. එහෙත් “පෙට්‍රෝ ඩොලර්” යන්න ගැන ඔබ අසා තිබේද ? 1970 කාලයේ ඔපෙක් සමුළුව විසින් ෆොසිල ඉන්ධන වල මිල තුන් ගුණයකට වැඩි කරන ලද්දේ, [Oil Embargo] සහ කෙමෙන් කෙමෙන් ලෝකයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වැඩි වූ හෙයිණි. ඇමරිකාව මේ තත්වයෙන් පීඩාවට පත් වන බව පැහැදිළි තත්වයක් විය. විශේෂ හේතුවක් වූයේ ඇමරිකාවට අවශ්‍ය ෆොසිල ඉන්ධන වලින්, “70%ක්” එකළ විදේශ වලින් ගෙන්වීම සිදු විය. මේ සඳහා ඇමරිකාවේ එකල සිටි ජනාධිපති වූ “නික්සන්” සහ සහ ආරක්ෂක ලේකම් “හෙන්රි කීසින්ජර්” විසින් විශේෂ පියවරක් ගන්නා ලදී.  . සව්දි අරාබිය ලෝකයේ වැඩියෙන්ම තෙල් නිපදවන රටවූ හෙයින් ඔවුන්ගේ අවධානය සව්දි අරාබියට යොමු විය. සව්දි අරාබියේ පාලක පන්තිය ආරක්ෂා කිරීම සහ සව්දි අරාබියට දෙන ආරක්ෂාව යටතේ ඇමරිකාව ඔවුන්ට යෝජනාවක් කළේය. ඒ යෝජනාවට එකඟ වීම අනිවාර්ය විය. එනම් සව්දි අරාබියට එසේ යෝජනාවකට වඩා නීතියකට අවනත වීමට සිදු විය. එය පෙට්‍රල් මිළ අඩු කිරීමට නොවේ. ඇමරිකාවට ඔපෙක් හී බලපෑමක් නැතිව ෆොසිල ඉන්ධන අඩු මිළට එවීමද නොවේ. එය වූ කලී, සව්දි අරාබිය විකුණන සෑම තෙල් බැරලයක්ම වෙන කිසිම මුදල් ඒකකයකින් නොවිකුණා, ඩොලර් වලින්ම විකිණීමය. මෙයට තෙල් නිපදවන සහ විකුණන සියලුම රටවල් වලට ක්‍රියාත්මක කරන්නට සිදු විය. . එනම් උදාහරණයක් සේ රුසියාව රූබල් වලින්, ඉන්දියාවට, ඉන්දියානු රුපියල් වලින් හෝ ජර්මනියට ඩොයිෂ් මාර්කස් ගෙවා තෙල් ගත නොහැක.  රුසියාව රූබල් ගෙවා ඩොලර් මිලට ගෙන, ඉන්දියාව ඉන්දියානු රුපියල් වලින් ඩොලර් මිළට ගෙන, සහ ජර්මනිය ඩොයිෂ් මාර්ක්ස් ගෙවා ඩොලර් මිළට ගෙන තෙල් මිලදී ගත යුතුය. ලෝකයේ සෑම රටක්ම අදත් මේ තත්වයට යටත් වේ. මේ තත්වය යටතේ මුළු ලොව පුරාම , ඒ ඒ රටවල් වල මුදල් ඒකකය වෙනුවට ඩොලර් සංචිතයක් තබා ගැනීමේ දැවැන්ත ප්‍රයත්නයක් ඇති විය. උදාහරණයක් සේ ඇමරිකාවේ ඇති ඩොලර් සීයේ නෝට්ටු ප්‍රමාණයට වඩා එකළ රුසියාවේ ඩොලර් තිබිණ. ඩොලර් වලට වූ ඉල්ලුම අති විශාල විය.     කලකට පෙර ලංකාවේ රුපියල් 3ක් ඇමරිකානු ඩොලරයක අගය පැවතුනේ, ඒ ඉහත කී ඩොලර්, පෙට්‍රෝ ඩොලර් වලට හැරවීමට පෙර විය. රුපියල අපේ ගොන් බිජු දේශපාලුවන් ගේ ගොන් කමට පහතට ගියද, එය රුපියල බාල්දු වීමේ එකම හේතුව නොවීය.  ඉහත සේ ඩොලරය සඳහා ෆොසිල ඉන්ධන විකිණීමට විරුද්ධව ක්‍රියාකළ කිසියම් රාජ්‍ය නායකයෙක් සිටී නම්, එක්කෝ ඔවුන්ව ඝාතනය වීම සිදු විය. නැතහො ඒ රට හැකිතාක් සම්බාධක දමා රට අස්ථාවර කිරීම සිදු විය. උදාහරණයක් සේ ලිබියාවේ නායකයා වූ “මුහම්මර් ගඩාෆි” සහ ඉරාක ජනාධිපති “සදාම් හුසේන්” ඝාතනය කර දමන ලදී. මීට අමතරව තවත් තෙල් සම්පතෙන් අනුන රටවල් වල මුදල් ඒකකය ඩොලරයට “ලොක්” කිරීමට බලපෑම් සිදු විය. උදාහරණය එක්සත් අරාබි ජනරජයේ මුදල් ඒකකය වන “ඩිරාම්” යන්න, ඩොලරයට සාපේක්ෂව වෙනස් වන්නේ නැත. එය සැමවිටම ඩිරාම් 3. 6875 යන්න ඩොලර්  1 ක් සේ පවතී. මේ කරුණට හේතුවක් ඇත. එනම් ඒ සඳහා වසර හතළිහකට පමණ පෙර ඉතිහාසය හෝ භූගෝලය කියැවූ කෙනෙක් නම් ඒ හේතු දනී. එනම් එක්සත් අරාබි ජනරජයේ එක්තරා ප්‍රාන්තයක් වූ එකල නිදහස් රාජ්‍යයක් වූ “සාජා” ප්‍රාන්තයේ වරාය ගැන කෙනෙක් අසන්නට ඇත. එහෙත් එකල ඩුබායි දේශය ගැන කෙනෙක් අසා තිබුනේද / මා හිතන්නේ නම් “නැත” කියාය. ඇත්ත වශයෙන්ම අයිතිහාසික සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කියා දෙයක් නැත. එය ඉරානයට අයත් බිම් කොටසකි. දැන් එතන උත්තරය ඇත. එය සරළය. එනම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, “ඩිරාමය”, ඩොලරයෙන් ගැලවූ වහාම ඇමරිකාව ඔවුන් ඊට දෙන ආරක්ෂාව ඉවත් කරයි. වඩා බලවත් ඉරානය එවිට එමීරයට තර්ජනයක් වනු ඇත. “ඔබේ සතුරාගේ සතුරා, ඔබේ මිත්‍රයා වේ” යන න්‍යායය මෙහි ක්‍රියාත්මක වේ.  මේ ආකාරයට ඩොලරයේ ශක්තිය වැඩි වීම දිගටම තබා ගන්නට ඇමරිකාව සමත් විය.    කිසියම් හේතුවක් නිසා මේ “පෙට්‍රෝ ඩොලර්” සංකල්පය කඩා වැටුනහොත් කුමක් වේද ? එය පහසුවෙන් කල නොහැකි වුවද, “ඇමරිකාව හිඟමනට පත් කෙරෙන ආකාරයේ” දෙයක් වනු ඇත. දැන් මෙහි දෙවන පරිච්චේදයේ චීනය වැදගත් තැනක් දරයි.    ඔවුන් එය ආරම්භ කලේ මූලික වශයෙන් අප්‍රිකාවෙනි. බටහිර රටවල් ආධාර දීමේදී අප්‍රිකානු රටවල් වල පාලකයන්ට බලපෑම් ඇති කලද, චීනය එය කිසි විටෙක නොකරයි. එහෙත් වෙන ආකාරයේ බලපෑමක් ඔවුන් කරති. මේ සඳහා දූෂිත දේශපාලනඥයන් ඔවුන් සොයා ගනී. උදාහරණ සේ ෆොසිල ඉන්ධන ඇති ඇන්ගෝලාව සහ නයිජීරියාව ගත හැක. චීන්නු කරන්නේ, ඒ ඒ දේශපාලනඥයන්ට අත යටින් ගානක් දී, ඒ තෙල් සම්පතේ වැඩි ප්‍රමාණයක් චීනයට ලබා ගැනීමය. තෙල්ම නොව, වෙනත් වැදගත් ආකාරයේ සැලැස්මවල්ද මේ ආකාරයෙන් ඒ ඒ රටවල් වල ක්‍රියාත්මක කිරීම වේ.
Show all...
👍 5
ගල්ෆ් සහයෝගීතා කවුන්සලයට අයත් ඉහත රටවල් සියල්ල එකතු වී 2010 වසර වන විට පොදු මුදල් ඒකකයක් භාවිතා කිරීමේ ඉලක්කයක් 2001 වසරේදී  ඇති කරගත් නමුත්, තවමත් මෙම රටවලට ඒ සඳහා එකඟතාවයකට පැමිණීමට හැකි වී නැහැ. බහරේන්, කුවේට්, කටාර් හා සවුදි අරාබිය යන රටවල් තවමත් මෙම ඉලක්කය තුළ ක්‍රියාකාරීව සිටිනවා. ගල්ෆ් සහයෝගීතා කවුන්සලයට අයත් රටවල් හයෙන් එකක්වත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නෙමෙයි. ඇමරිකන් ඩොලරය හා ගැට ගසා ඇති මුදල් ඒකකයක වටිනාකම තීරණය වන්නේ ඇමරිකන් ඩොලරයක වටිනාකම මතයි. ඒ නිසාම, එවැනි මුදල් ඒකකයක් ඇති රටක උද්ධමනය වන්නේද ආසන්න වශයෙන් ඇමරිකාවේ පවතින උද්ධමනයයි. මැදපෙරදිග රටවල් ගණනාවක් විසින්ම තමන්ගේ ජාතික මුදල් ඒකකය ඇමරිකන් ඩොලරය හා ගැට ගසා තිබීම අහම්බයක් නෙමෙයි. මේ රටවල් වල ප්‍රධාන ආදායම් මාර්ගය ඉන්ධන අපනයනයයි. කාලයක් තිස්සේම ඉන්ධන මිල දී ගත් ප්‍රධානම ගැනුම්කරු ඇමරිකාවයි. අනෙක් අතට ඉන්ධන අපනයනය කර ලැබෙන මුදල් ආයෝජනය කළ හැකිව තිබුණු සුරක්ෂිතම මුදල් ඒකකය ඇමරිකන් ඩොලරයයි. ඇමරිකාවට ඉන්ධන ආනයනය කර උපයන ඇමරිකන් ඩොලර් පහසුවෙන්ම වෙනත් රටවලදී ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි වූවාක් මෙන්ම ආයෝජනය කිරීමටද හැකි වුනා. තමන්ගේ මුදල් ඒකක ඇමරිකන් ඩොලරය හා ගැට ගැසීමෙන් මැදපෙරදිග රටවලට තමන්ගේ මුදල් වලටද ඇමරිකන් ඩොලරයේ සුරක්ෂිතතාව ආදේශ කර ගත හැකි වුනා. ඒ නිසා මේ රටවල් වෙනත් රටවලට තෙල් අපනයනය කරද්දීද ඇමරිකන් ඩොලර් වලින්ම මිල කර ඇමරිකන් ඩොලර් එකතු කර ගැනීමට පෙළඹුණා. ඉන්ධන මිල ඇමරිකන් ඩොලර් වලින් තීරණය වීම නිසා ඇති වන මිල ස්ථායීතාවය ඇමරිකාවටද වාසියක් වුනා. ඒ නිසා, මේ ක්‍රමය කාලයක් පැවතුණා. කොහොම වුනත් දැන් මේ සමීකරණය වෙනස් වෙලා. ඇමරිකාව තවදුරටත් ඉන්ධන ආනයනකරුවෙක් නෙමෙයි. දැන් ලෝකයේ ලොකුම ඉන්ධන ආනයනකරු චීනයයි. ඒ නිසාම, ඉන්ධන මිල ස්ථායීව තබා ගැනීමේ උවමනාව වැඩිපුරම තියෙන්නේ චීනයටයි. නැවතත් ඉන්ධන වලින් ස්වයංපෝෂිතව සිටින ඇමරිකාවට තවදුරටත් මැදපෙරදිග තෙල් අවශ්‍ය නැහැ. අනෙක් අතට, ඉන්ධන වෙනුවෙන් මුදල් ගෙවීමේදී එසේ ගෙවන මුදල් ඒකකය තීරණය කිරීමට ඇමරිකාවට තිබුණු හැකියාව තවදුරටත් අදාළ නැහැ. කලකට පෙර ඇමරිකාව සතු වූ හෙට්ටු කිරීමේ හැකියාව දැන් චීනය සතුව තිබෙනවා. ඒ නිසා, චීනයට පෙට්‍රෝ ඩොලර් සමඟ තරඟයට පෙට්‍රෝ යුවාන් දැමිය හැකි අවකාශයක් හැදී තිබෙනවා. #ඉකොනොමැට්ටා
Show all...
👍 3
ජැමෙයිකා සම්මුතිය සහ පෙට්‍රෝ ඩොලර් හැත්තෑව දශකයට පෙර ලෝකයේ ප්‍රචලිතව තිබුණේ රන් සම්මතය මත පදනම් වූ ස්ථිර විණිමය අනුපාත ක්‍රමයයි. එහෙන් මේ වන විට ලෝකයේ බොහෝ රටවල තිබෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක්. පාවෙන විණිමය අනුපාත ක්‍රමය ලොව පුරා තහවුරු වන්නේ 1971-1976 කාලය තුළ ලෝක මුදල් ක්‍රමයෙහි සිදුවන වෙනස්කම් එක්කයි. මෙම ක්‍රමයේ ආරම්භය 1944 බ්‍රෙටන් වුඩ් සම්මුතියයි. 1971දී ඇමරිකාව රන් සම්මතයෙන් ඉවත් වීමෙන් පසුව බ්‍රෙටන් වුඩ් සම්මුතිය තව දුරටත් පවත්වා ගත නොහැකි වෙනවා. ඉන් පසුව, 1976 ජැමෙයිකා සම්මුතියෙන් රන් සම්මතය හා ස්ථිර විණිමය අනුපාත ක්‍රමය වෙනුවට පාවෙන විණිමය අනුපාත ක්‍රමය යෝජනා වෙනවා. ජැමෙයිකා සම්මුතියේ ප්‍රකාශිත ඉලක්කයක් වන්නේම ජාත්‍යන්තර මුදල් ක්‍රමයෙන් තිරසාර ලෙසම රත්තරන් ඉවත් කිරීමයි. ඒ මගින්, එතෙක් ජාතික මුදල් ඒකක සහ රත්තරන් අතර පැවති සම්බන්ධය අහෝසි වෙනවා. රත්තරන් මිල වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන මිලක් බවට පත් වෙනවා. රත්තරන් තවත් පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වෙනවා. සියවස් ගණනක් පුරා රත්තරන් වලට මුදල් ලෙස තිබුණු පිළිගැනීම සැලසුම් සහගත ලෙස නැති කර දමනු ලබනවා. ජැමෙයිකා සම්මුතියේ එකඟතා අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අරමුදල සතු වූ රත්තරන් විශාල තොගයක් විකුණා දමනවා. සම්මුතිය අනුව, ලෝකයේ ප්‍රධාන මහ බැංකු වලටද රත්තරන් තොග විකිණීමට සහ නැවත මිල දී නොගැනීමට යෝජනා කෙරෙනවා. ඒ වන විටද ලෝකයේ බොහෝ රටවල නොනිල ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණු පාවෙන විණිමය අනුපාත ක්‍රමය විධිමත් හා නීත්‍යානුකූල ක්‍රමයක් බවට පත් කෙරෙනවා. දශකයකට ආසන්න කාලයක් ලංකාවේ නොනිල ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණු පාවෙන විණිමය අනුපාත ක්‍රමය 1977දී නිල ක්‍රමය බවට පත් වෙන්නේ මේ පසුබිම තුළයි. එහෙම නැතුව 1977දී සිදු වුනු ආණ්ඩු මාරුව නිසාම නෙමෙයි. ලංකාව දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයකින් පීඩා විඳි 1967 වසරේ සිටම ලංකාවේ තිබුණේ ද්විත්ව විණිමය අනුපාත ක්‍රමයක්. තේ, රබර්, පොල් අපනයනය කළ අය රජය විසින් නියම කළ අඩු මිලකට තමන් ඉපැයූ විදේශ විණිමය අනිවාර්යයෙන්ම රජයට විකිණිය යුතු වුනා. අනෙක් අපනයනකරුවන්ට පමණක් 65%ක් පමණ වැඩි වෙළඳපොළ මිලට තමන්ගේ විදේශ විණිමය විකිණිය හැකි වුනා. රජය විසින් තෝරාගත් ආනයනකරුවන්ට පමණක් නිල විණිමය අනුපාතයට විදේශ විණිමය මිල දී ගත හැකි වුවත්, අනෙකුත් අයට රජය විසින්ම විදේශ විණිමය විකිණුවේ විශාල ලාබයක් තියාගෙන 65%ක පමණ වැඩි මිලකටයි. සැබෑ විණිමය අනුපාතය ලෙස සැලකිය හැකි වූයේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වූ මිලට ආසන්න වූ එම මිල වුවත්, නිල විණිමය අනුපාතය ලෙස සටහන් වුනේ කෘතිම මිලක්. 1977දී මෙම ද්විත්ව විණිමය අනුපාත ක්‍රමය අහෝසි කර එකම විණිමය අනුපාතයක් හඳුන්වා දෙනු ලැබුවා. එමෙන්ම, විණිමය අනුපාතය පා නොකළත්, දිනපතා විචලනය වීමට ඉඩ සලස්වනු ලැබුවා. ලංකාව නිල වශයෙන් විණිමය අනුපාතය පා කළේ 2001දී. කෙසේ වුවත්, ඒ පා කිරීමත් නමට පමණක් කළ පා කිරීමක්. ජැමෙයිකා සම්මුතියෙන් පසුව ලෝකයේ බොහෝ රටවල් ස්ථිර විණිමය අනුපාත ක්‍රමය අත හැරියත් හැම රටක්ම එසේ කළේ නැහැ. මෙහිදී මැදපෙරදිග කලාපය කැපී පෙනෙනවා. මැදපෙරදිග රටවල් බොහොමයක් විසින්ම තමන්ගේ මුදල් ඒකක රත්තරන් හා ගැට ගසා තබනු වෙනුවට ඇමරිකන් ඩොලරය සමඟ ගැසුවා. මේ සම්බන්ධය බොහොමයක් මැදපෙරදිග රටවල් විසින් මේ දක්වාම පවත්වා ගෙන යනවා. සවුදි අරාබිය- 1975 වසරේ සිට සවුදි රියාලය නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයට ගැට ගසා ඇතත්, ප්‍රායෝගිකව රියාලය ඇමරිකන් ඩොලරයට ගැට ගසනු ලැබ තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් සවුදි රියාල් 3.75කට සමානයි.  (SDR මුදල් ඒකකයක වටිනාකම තීරණය වන්නේ ඇමරිකන් ඩොලර්, යුරෝ, යෙන්, බ්‍රිතාන්‍ය පවුම් සහ යුවාන් වල වටිනාකම මතයි.) එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 1978 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයද නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයට ගැට ගසා ඇතත්, ප්‍රායෝගිකව ඩිරාමයද ඇමරිකන් ඩොලරයට ගැට ගසනු ලැබ තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් ඩිරාම් 3.6725කට සමානයි. කුවේටය - කුවේට් ඩිනාරය 1975 සිට ඇමරිකන් ඩොලරය ඇතුළු ජාත්‍යන්තර මුදල් ඒකක කිහිපයක් අඩංගු දර්ශකයකට ගැට ගසා තිබෙනවා. 2002-2007 කාලය තුළ කුවේට් ඩිනාරය සෘජුවම ඇමරිකන් ඩොලරය හා ගැට ගසා තිබුණා. ඕමානය - 1973 වසරේ සිට ඕමාන් රියාලය ඇමරිකන් ඩොලරයට ගැට ගසා තිබෙනවා. 1986 සිට ඕමාන් රියාලයක වටිනාකම ඇමරිකන් ඩොලර් 2.6008 ලෙස නොවෙනස්ව තිබෙනවා. බහරේන් - බහරේන් ඩිනාරයද 1980 සිට නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයටත්, ප්‍රායෝගිකව ඇමරිකන් ඩොලරයටත් ගැට ගසා තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් බහරේන් ඩිනාර් 0.376ක් වෙනවා. කටාර් - කටාර් රියාලය 1975 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයට ගැට ගසා තිබී, 2001දී නීතියක් මගින්ම ඇමරිකන් ඩොලරයට ගැට ගසනු ලැබුවා. කටාර් රියාලයක් ඇමරිකන් ඩොලර් 3.64ක්.
Show all...
👍 4
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.