en
Feedback
එල්සා

එල්සා

Open in Telegram
872
Subscribers
No data24 hours
-27 days
-1030 days
Posts Archive
Kevlar කියන්නේ වර්තමානයේදී ගොඩක් නිමැයුම් වල භාවිතා වන අතිශයින් ශක්තිමත් fiber වර්ගයක්. bulletproof vests වල පවා භාවිතා වන මේ Kevlar සම්පූර්ණයෙන්ම අහම්බයෙන් හමුවුනු දෙයක්. 1960 දශකයේදී ඇමෙරිකානු රසායන විද්‍යාත්මක නිශ්පාදන සමාගමක් වුනු DuPont හි සේවය කරපු රසායන විද්‍යාඥවරියක් වුනු Stephanie Kwolek ට තරමක් විශේෂ ඉලක්කයක් හමුවෙලා තිබ්බා. ඒ තමයි cars වල භාවිතා වෙන tires වල ශක්තිමත්භාවය ඉහළ නංවන්න පුළුවන් විදිහේ fiber material එකක් නිර්මාණය කරන එකයි. poly-p-phenylene-terephthalate සහ polybenzamide කියන බහුඅවයවකයන් එක්ක තමන්ගේ පරීක්ශණය කරපු Kwolek තරමක් අමුතු නීර්ක්ෂණයක් කරනවා. ඒ එම ද්‍රාවණය තුළ liquid crystals එහෙමත් නැත්නම් ඝන සහ ද්‍රව අවස්ථාවන් අතර පවතින, දුස්ස්‍රාවීතාවයෙන් අඩු ද්‍රවයක් ය. සාමාන්‍යයෙන් මෙවැනි ද්‍රවයක්, අපද්‍රව්‍යක් යැයි සලකා ඉවත් කරත්, Kwolek එම ද්‍රවයය දිගින් දිගටම චක්‍රීයව කැලැතීමකට (Spinning) ලක් කලා. එයින් බිහිවූ nylon වැනි තන්තු වර්ගය, කැඩි නොයෑම සියල්ලන්ම පුදුමයට පත්කලා. එහි ප්‍රතිඵලය වූනේ යකඩ වලටත් වඩා 5 ගුණයක් ශක්තිමත්, අධික තාපයකටත් පවා ඔරොත්තු දෙන, සැහැල්ලු fiber material එකක්. [-CO-C6H4-CO-NH-C6H4-NH-]n කියන රසායනික සං‍යෝගය හිමි කෙව්ලර් හි රසායනික නාමය වෙන්නේ Poly(azanediyl-1,4-phenyleneazanediylterephthaloyl) ය. එදායින් පස්සේ විවිධ වෙනස්කම් වලට ලක්වුනු Kevlar, bulletproof vests, helmets, ගුවන් යානා කොටස්, නෞකා බඳවල්, සමහර ක්‍රීඩා උපකරණ සහ racing car tires ඇතුළු තවත් නිර්මාණ ගණනාවකම භාවිතා වෙනවා. Kevlar සතුව විවිධ grades තියෙනවා. මින් යුධමය උපකරණ නිර්මාණය කරන්න භාවිතා කරන්නේ Kevlar KM2 වර්ගයේ enhanced ballistic resistance හැකියාවක් ලබාදෙන Kevlar වර්ගයයි. Kevlar නිශ්පාදනය ගොඩක් මිල අධික ක්‍රීයාවලියක්. Kevlar කියන්නේ චක්‍රීය ව්‍යුහයක් තියෙන ඇරෝමැටික සං‍යෝගයක්, ඒ වගේම එය ජලයේ ආද්‍රාව්‍යයයි. මේ නිසා මේ සං‍යෝගයෙන්, තන්තූමය ෆයිබර්ස් හඳන එක අමාරු දෙයක්. මේක දිය කරන්න, Kevlar නිශ්පාදන ක්‍රියාවලියේදී 100%ක් නීර්ජලීය සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමඟ dry-jet wet spinning නම් තාක්ශණයක් යොදාගෙන ඒ ඒ බහුඅවයවක සං‍යෝග මිශ්‍ර කිරීමකට ලක්වෙනවා. මේ ක්‍රියාවලියේදී, සල්ෆියුරික්හි සාන්ද්‍රණය, සමස්ථ සං‍යෝගයේ දුස්ස්‍රාවීතාවය, ඒ ඒ සංඝටක වල නිශ්චිත අනුපාතයන් වගේම ක්‍රියාවලිය අවසානයේදී ඉතිරිවුනු දේවල් නීත්‍යානුකූල සහ සෞඛ්‍යට හිතකර විදිහට ඉවත් කරන්නත් සිද්ධ වෙනවා. මිලෙන් අධික වුනත්, Kevlar කියන්නේ රසායන විද්‍යාව යොදාගනිමින් නිර්මාණය වුනු මිනිසාට විශාල ප්‍රයෝජනයන් ලබාදෙන සං‍යෝගයක්. #CharithaDissanayake #chemistrytutor #kevlar #KevlarCase #kevlarcarbon

photo content

Dark කියන්නේ සමහරවිට, ලෝකේ මේ වෙනකල් නිර්මාණය වුනු ටෙලි නිර්මාණයන් අතුරින් සංකීර්ණතම කතාමාලාවක් සහිත නිර්මාණය වෙන්න ඇති. ජර්මානු භාෂාවෙන් නිර්මාණය වුනු Science fiction, Thriller සහ Mystery වර්ගයේ නිර්මාණයක් වුනු මේක release කරන්නේ Netflix ආයතනයෙනුයි. කතාවට පාදක වෙන්නේ ජර්මනියේ තියෙන Winden කියන ගමක වෙන තරමක අද්භූත සිඳුවීම් සමූහයක්. පුංචි ළමයෙකුගේ අතුරුදහන් වීමකින් පටන් ගන්න කතාව ටිකෙන් ටික සංකීර්ණ වෙන්නේ ඒ සිඳුවීම ඒ නඟරයේ තියෙන පවුල් 4ක් අතර තියෙන පරම්පරා ගණනාවක් පුරා දිවගිය අවුල් ජාලයක් එළියට ඇඳලා ගන්න නිසයි. මේ ගැටළු වලට පිළිතුරු සොයාගිය හැමෝටම කවදාවත් හිතපු නැති විදිහේ දේවල් ගණනාවකටම මුහුණ දෙන්න සිඳුවෙනවා. 1921 ඉඳලා 2053 වෙනකල් timelines 5ක් පුරාවට ගලායන මේ කතා මාලාව නරඹන්නන්ව පිස්සු වැට්ටුවයි කියන එක වැරදි නැහැ. අනිත් නිර්මාණයන්ට වඩා Dark සුවිශේෂී වෙන්න හේතූන් කිහිපයක්ම බලපෑවා. එකේ storytelling එහෙමත් නැත්නම් කතාව ඉදිරිපත් කිරීම තිබ්බේ අළුත්ම level එකක වගේම මේ කතාව පුංචිම පුංචි සිඳුවීමටත් ගොඩක් ලොකු අවධානයක් දීලා නිර්මාණය කරපු එකක්. කාල තරණය කියන්නේ මේ කතාවේ තියෙන නිකන්ම නිකන් plot twist එකක් නෙමෙයි. අතීතය, වර්තමානය විතරක් නෙමෙයි අනාගතයත් සදාකාලිකව ගලායන චක්‍රයක එකම වේලාවේ පවතිනවා කියන සංකල්පය දිගහැර පාන්න විතරක් නෙමෙයි, මේ නිසාවෙන් ඇත්තටම free will කියලා දෙයක් තියෙනවාද කියන එකත් ප්‍රශ්නයට නඟනවා. ඒ වගේම මේ කතාවේදී ඉන්න චරිතයන්ට, ඒගොල්ලෝ මුහුණ දෙන්න හිතපු නැති විදිහේ paradoxes, ඒ කියන්නේ පිළිතුරක් හිතාගන්න බැරි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා, ඔවුන් ඒවගෙන් පැනලා යන්න කොච්චර උත්සාහ කරත් අවසානයේදී වෙන්නේ ඒගොල්ලන්ට ඒවාටම මුහුණ දෙන්න වෙන එකයි. ගොඩක් movies සහ series වලදී, paradoxes හඳුන්වා දෙන්නේ loopholes විදිහට. ඒ කියන්නේ විස්තර කරන්න බැරි කොටසක් කතාවේ තියෙනවා නම් ඒක loophole එකක් විදිහට තමයි කතාවට ඇතුලත් කරන්නේ. ඒ වුනාට Dark එහෙම නැහැ. ඒ වගේම මේ කතාවේ තියෙන තවත් සුවිශේෂී දෙයක් තමයි ඒ ඒ චරිත වල තියෙන අද්වීතිය රංගනය. ඒ වගේම විද්‍යා ප්‍රබන්ධයක් වුනාට Dark කතාවේ, emotional depth එකේ නම් අඩුවක් නැහැ. ආදරය, අහිමිවීම, සතුට සහ ශෝකය අතරින් ගලා යන මේ කතාවේ එන ප්‍රධාන චරිත වෙන Jonas, Claudia, Ulrich සහ අනෙකුත් අය මේ සිඳුවීම් සමූහයන් නිසා දරුණු ලෙස බලපෑමට ලක්වෙනවා. Dark කතා මාලාව ලොව වටා මිලියන ගණනක රසික ආකර්ශණයක් ලබාගත්තා විතරක් නෙමෙයි, ලෝකයේ ප්‍රධාන පෙළේ පුවත්පත් සහ සමාජ ජාලයන්හීද එහි විශිෂ්ඨත්වය විශාල වශයෙන් වර්ණනාවට ලක්වුනා. ඒ අතරට mind bending plot එකක්, seasons ගණනාවක් පුරාවට සාර්ථකව ගලාගෙන ගියපු logic එකක් සහ realistic කතාවක් ලෙසටත්, විතරක් නෙමෙයි BBC මාධ්‍යය ආයතනය විසින් 21 වන සියවසේ විශිෂ්ඨතම ටෙලි නිර්මාණ අතලොස්ස අතරටත් Dark නම් කරලා තියෙනවා. මිනිස්සු වුනු අපි කාලය ගැන ඇත්තටම කොච්චර පොඩ්ඩක්ද දන්නේ කියලත්, ජර්මානු දාර්ශණියෙකු වුනු Friedrich Nietzsche ගේ 'time repeats itself in an infinite loop.' කියන eternal return සංකල්පයත්, විද්‍යාවේ එන Wormholes, Bootstrap Paradox, Quantum Superposition & Schrödinger’s Cat කියන සංකල්පයත්, බහුවිශ්වීය සංකල්පය සහ Nonlinear Universe Connections වගේ ගැඹුරු සංකල්පත් මේ කතාමාලාව පුරාවට විහිදි යනවා. ඇත්තටම Dark කියන්නේ නරඹන්නා විසින්ම විසඳන්න ඕනේ ප්‍රෙහේලිකාවක්. ඒ විතරක් නෙමෙයි Dark කතා මාලාව 8.7/10 IMDbක අඟයක් හිමිකරගන්න සමත් වුනා. seasons 3ක් සහ episodes 26 කින් සමන්විත මේ කතා මාලාව, විද්‍යා ප්‍රබන්ධයන්ටත්, mysteries වලට ආසකරන කෙනෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු කතාවක් බව නොඅනුමානයි. #CharithaDissanayake #chemistrytutor #tvseriestowatch #tvseries #dark

photo content

Starlink කියන්නේ SpaceX ආයතනය මඟින් ලබාදෙන අන්තර්ජාල සැපයූම් සේවාවක්. මේකේ තියෙන විශේෂත්වය තමයි, internet පාවිච්චි කරන කෙනාට internet ලැබෙන්නේ චන්ද්‍රිකා ජාලයක් මඟින්. ලෝකේ මේ වගේ චන්ද්‍රිකා ජාල මත පදනම් වුනු වෙනත් අන්තර්ජාල සේවාවන් තිබ්බත්, Starlink සුවිශේෂී වෙන්නේ ඒගොල්ලන්ගේ චන්ද්‍රිකා කක්ශගත කරලා තියෙන්නේ low Earth orbit (LEO) එකක 550 km ක උසකින්. ඒ කියන්නේ අනිත් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවන් සපයන සමාගම් භාවිතා කරන geostationary satellite එහෙමත් නැත්නම් 36,000km ක් විතර උඩින් කක්ශගත කරලා තියෙන භූ ස්ථාවර චන්ද්‍රිකාවන් විසින්. මේ වෙද්දී Starlink චන්ද්‍රිකාවන් 7,875කට ආසන්න සංඛ්‍යාවක් පෘථිවිය වටේ කක්ශගත කරලා තියෙනවා. ඔවුන්ගේ plan එක නම් මේ satellite network එක චන්ද්‍රිකා 42,000 දක්වා වැඩි කරන එක. Starlink චන්ද්‍රිකාවන් low Earth orbit එකක තියෙන නිසා ඒගොල්ලන්ට පුලුවන් ~20–60 ms වගේ සාපේක්ශව අඩු Latency එකකින් ~50–300 Mbps වගේ Download/upload speed එකක් ලබාදෙන්න. හැබැයි ඇත්තම දේ තමයි මේ Satellite internet connections වලට Fiber connections වල තියෙන Performance වලට කිට්ටු වෙන්න ටිකක් විතර අමාරුයි. Fiber connections වලට සාමාන්‍යයෙන් Up to 1 Gbps+ (ලංකාවේ නම් residentials වලට ලැබෙන්නේ උපරිම 300 Mbps) වගේ Download speed එකක් සහ ~1–10 ms අතර Latency එකක් හම්බෙනවා. ඒ වගේම Fiber connections වල තියෙන විශ්වාසනීයත්වය (Reliability) ගොඩක් වැඩියි. Satellite internet connections වලට අයහපත් කාලගුණය යටතේ පොඩි පොඩි බාධාවන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ආරම්භක පිරිවැය Fiber connections වල ගොඩක් අඩුයි. මීට සති කිහිපයකට කලින් ලංකාවට Starlink අන්තර්ජාල සේවාව ලබාදීම නිල වශයෙන් ආරම්භ කලා. මේ වෙද්දී රුපියල් 9,200ක් වෙන Residential Lite සහ රුපියල් 15,000 ක මාසික ගාස්තුවක් හිමි Residential කියන අන්තර්ජාල package ද්විත්වයක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඊට අමතරම ලංකාව වටේ Countrywide Coverage එකක් තියෙන ගමන් කරන ගමන් පාවිච්චි කරන පුලුවන් Roam (50GB - LKR15,000/mo) සහ Roam - UNLIMITED (LKR27,000/mo) කියලා තවත් package එකක් තියෙනවා. කොහොම උනත් අපිට වැදගත් වෙන්නේ Residential package ටිකනේ. Starlink අන්තර්ජාල සබඳතාවක් පටන් ගන්න රුපියල් 118,000 ක ආරම්භක ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඒ ගාස්තුවෙන් තමයි අපිට Starlink Standard Kit ඒක ඒ කියන්නේ Satellite dish එක ඇතුලුව අනෙකුත් උපාංග හම්බෙන්නේ. Residential package දෙකටම Unlimited data හම්බෙනවා. හැබැයි Residential Lite package එකේ speed එක peak times වලදී ඒ කියන්නේ ගොඩක් අය use කරන වේලාවල් වලදී ටිකක් අඩු වෙන්න පුළුවන්. මේක ලංකාවට තාම එච්චරම බලපාන එකක් නැහැ. මොකද තාම ගොඩක් අය Starlink connections පාවිච්චි කරන්නේ නැති නිසා. මේ එක connection එකක් devices 20(PC's/ Mobile phones/ Tablets වගේ)ක් දක්වා සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අලුතින් පනවපු තාක්ශණික බද්ධ (18% ක VAT - Non-Resident Digital Services) එක මේ මාසික ගාස්තුවේ අඩංගු වේලා තියෙනවා. ඒ නිසා මේ මාසික ගාස්තුව වෙනස් වෙන්නේ නැහැ. මෙච්චර කල් ලංකාවේ ISP ලා පාරිභෝගිකයන්ට Unlimited කියලා දුන්නේ ඇත්තටම Unlimited internet නෙමෙයි. ඒ නිසා සාමාන්‍යයෙන් අන්තර්ජාලය යොදාගෙන ගොඩක් වැඩ කරන අයට නම් මේ Starlink connection එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි තාමත් ලෝකේ තියෙන හොඳම සහ reliable ම household internet connection type එක වෙන්නේ Fiber යි! #CharithaDissanayake #chemistrytutor #TechNews #Starlink #starlinkinternet #starlinkinstallation #starlinksrilanka

photo content

Uranium කියන්නේ න්‍යෂ්ටික ආයුධ නිර්මාණය කරලීමට සහ න්‍යෂ්ටික ශක්තිය ලබාගැනීමට භාවිතා කරන විකිරණශීලී මූලද්‍රව්‍යයන් දෙකෙන් ප්‍රධානම මූලද්‍රව්‍යයි. යුරේනියම් වලට තියෙනවා ස්වභාවිකව ඇතිවන සමස්ථානික 3ක්, ඒ Uranium-234, Uranium-235 සහ Uranium-238 ත්‍රිත්වයයි. මේ අතරින් වඩාත් සුලභතම සමස්ථානිකය වෙන්නේ Uranium-238 කියන සමස්ථානිකයයි. යුරේනියම් කියන්නේ රිදීවන් අළු පැහැයක් දරන මූලද්‍රව්‍යයක්. Uraninite කියන ඛනිජයෙන් යුරේනියම් නිස්සාරණය කරත් මේවායෙහි සංශුද්ධ යුරේනියම් තියෙන්නේ ගොඩක් පොඩි ප්‍රමාණයක් විතරයි. ඒ නිසා මේවායෙන් න්‍යෂ්ටික බලාගාරයන්හි සහ න්‍යෂ්ටික ආයුධයන්හි භාවිතා කරලිය හැකි මට්ටමේ යුරේනියම් නිශ්පාදනය කරන්න නම් ඒ සාම්පල වල අඩංගු යුරේනියම්හි සංශුද්ධතාවය ඉහළ නංවන්න ඔනේ. ඒ විතරක් නෙමෙයි එහි අඩංගු Uranium-238 සමස්ථානිකයට වඩා Uranium-235 හි ප්‍රතිශතය ඉහළ නංවන්නත් ඕනේ. මේ සංකීර්ණ සහ මිල අධික ක්‍රියාවලිය Uranium Enrichment Process (යුරේනියම් සුපෝෂණය) නමින් හඳුන්වනවා. සමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාර සඳහා විදුලිය උත්පාදනය කරලීමට 3-5% ක පමණ සූපෝෂිත Uranium-235 ප්‍රමාණවත් වුනත්, ප්‍රභල න්‍යෂ්ටික ආයුධ නිර්මාණය කරලීම සඳහා 90% මට්ටම දක්වා සුපෝෂණය කරන ලද Military-grade Uranium එහෙමත් නැත්නම් Highly Enriched Uranium (HEU) අවශ්‍ය වෙනවා. මෙම ක්‍රියාවලිය ඉතාමත් මිල අධික ක්‍රියාවලියක් වෙනවා වගේම ලෝකයේ HEU සුපෝෂණයන් සිඳුකරලීමට හැකියාවක් සහිත තාක්ශණයක් තියෙන්නේ රටවල් සුළු සංඛ්‍යාවකට විතරයි. යුරේනියම් සුපෝෂණය කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තිබ්බත් වර්තමානයේදී වැඩිපුරම භාවිතා කරන්නේ Gas Centrifuge ක්‍රියාවලියයි. මෙතනදී මුලින්ම වෙන්නේ යුරේනියම්, uranium hexafluoride (UF₆) කියන වායුව බවට පත්කරන එකයි, ඊට පස්සේ ඒ වායුන් centrifuge එහෙමත් නැත්නම් කේන්ද්‍රාපසාරී බලය භාවිතා කරලා අධික වේගයෙන් කරකවනවා. මෙතනදී වෙන්නේ ස්කන්ධයෙන් වැඩි U-238, ස්කන්ධයෙන් අඩු U-235 ගෙන් වෙන්වෙන එකයි. මේ වගේ centrifuge ක්‍රියාවලීන් කිහිපයකට පස්සේ අපිට පුළුවන් U-235 ඉහළ ප්‍රමාණයකින් තියෙන සාම්පලයක් ලබා ගන්න. මීට අමතරව Gaseous Diffusion Method සහ Laser enrichment කියලා තමවත් ක්‍රියාවලීන් තියෙනවා. මේ සුපෝෂණ ක්‍රියාවලීන් නිසා යුරේනියම් මූලද්‍රව්‍යය යොදාගෙන සිඳුකරන විඛණ්ඩන ප්‍රතික්‍රියාවන් වල කාර්යක්ශමතාවය ගොඩක් ඉහළ යනවා. නිශ්චිත කියන්න අමාරු වුනත් සුපෝෂණය කරන ලද Military-Grade Uranium 1Kg ක සුපෝෂණ පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් විතර වෙනවා. මේ HEU මට්ටමේ සුපෝෂණයන් හිමි යුරේනියම් භාවිතා කරලා තමයි න්‍යෂ්ටික බෝම්බ, න්‍යෂ්ටික මිසයිල සහ දිගු දුරකට පහරදෙන්න පුලුවන් nuclear warhead එකක් තියෙන අන්තර්මහද්වීපික බැලිස්ටික මිසයිලයන් (InterContinental Ballistic Missiles (ICBM)) පවා නිර්මාණය කරන්නේ. යුරේනියම් සුපෝෂණය වගේම වැදගත් දෙයක් තමයි Nuclear Cycle එකක් කියන්නේ. යුරේනියම් නිස්සාරණය, සුපෝෂණය, මෙහෙයවීම, භාවිතා කරලීම සහ අවසානයේදී න්‍යෂ්ටික අපද්‍රව්‍යය බැහැර කිරීමට තමයි Nuclear Cycle එකක් කියන්නේ. අන්තර්ජාතික පරමාණුක ශක්ති එජන්සිය (International Atomic Energy Agency- IAEA) විසින් ලෝකයේ මේ ක්‍රියාවලීන් නියාමනය කරනවා. ඒ, මේවගේ අනතුරු ඇති වෙන එක වලක්වාගන්නයි ඒවා අයුතු විදිහට භාවිතා කරන එක වලක්වාගන්නයි. කොහොම වුනත් මීට දින කිහිපයකට කලින් ඇමෙරිකාව විසින් ඉරානය යුරේනියම් සුපෝෂණයට එහා යමින් ඒවා භාවිතා කරමින් න්‍යෂ්ටික ආයුධ නිර්මාණය කරන බවට පවසමින් ඉරානයේ භූගත Fordow Uranium Enrichment සංකීර්ණය වෙතට ගුවනින් බෝම්බ හෙලීම් කිහිපයක් සිදු කරා. මේ සංකීර්ණය සම්පූර්ණයෙන්ම තියෙන්නේ මීටර ගණනාවක් පොළොව යටයි. ඒ වගේම යුරේනියම් සුපෝෂණය කරන්න භාවිත කරන centrifuges පිහිටලා තියෙන්නේ ශක්තිමත් කන්දක් යටයි. බෝම්බ හෙළිම නිසා සිඳුවුනු හානිය පිළිබඳව තවමත් නිශ්චිත වර්තාවක් ඇවිත් නැති වුනත් බොහෝ විට මේ centrifuges වලට හානියක් සිඳුවෙලා නැහැ කියලයි උපකල්පන වල නම් තියෙන්නේ. මේ පහරදීම නිසා ඉරානය IAEA හි අධීක්ශණයෙන් ඉවත් වුනා වගේම ඇමෙරිකාව සමඟ එකඟතාවයකට ඇවිත් තිබුණු න්‍යෂ්ටික ගිවිසුම් සියල්ලගෙන්ම වගේ ඉවත් වුනා. කොහොම වුනත් ගොඩක් අය කියන්නේ ඉරානය මේ වෙද්දී ලෝකයේ 8 වෙනි න්‍යෂ්ටික බලවතා බවට පත්වෙලා ඉවරයි කියලයි #CharithaDissanayake #chemistrytutor #technews #americairanconflict #IsraelIran #UraniumEnrichment #uranium

photo content

මේ තියෙන්නේ ලෝකයේ දියුණුතම සහ රේඩාර් වලට හසුනොවී ගමන් කිරීමේ ඉහළ හැකියාවක් තියෙන 5 වන පරම්පරාවේ ප්‍රහාරක යුධ ගුවන් යානාවක් විදිහට සලකන Lockheed Martin F-35 Lightning II යුධ ගුවන් යනාවන්හි නියමුවන්ගේ Helmet එකයි. ඇමෙරිකානු ඩොලර් 400,000ක විතර වටිනාකමක් තියෙන Gen III Helmet Mounted Display System (HMDS) නමින් හඳුන්වන මේ Helmet එක නිකන්ම නිකන් Helmet එකක් නෙමෙයි. මේ Helmet එකට පුලුවන් නියමුවාට ගුවන් යානාව හරහා විනිවිද දැකිමේ හැකියාවක් සහ අංශක 360° ආවරණය කරමින් පුළුල් පරාසයක view range එකක් ලබාදෙන්න. Augmented Reality Vision තාක්ශණය භාවිතා කරන මේ හෙල්මට් එක ගුවන් යානාවේ එක එක තැන් වල පිහිටලා තියෙන අධෝරක්ත කැමරා 6ක් මඟින් ලබාගන්න දත්ත භාවිතා කරමින් තමයි මේ විදිහේ විනිවිද පෙනීමක් ලබාදෙන්නේ. ඒ වගේම හෙල්මට් එකේම පිහිටලා තියෙන Heads-Up Display (HUD) එක මඟින් නියමුවාට ගුවන් යානාවේ වේගය, උන්නතාංශය, පිහිටිම, පහරදීම ආශ්‍රීත දේවල් සහ තවත් ගොඩක් දේවල් හෙල්මට් එක තුළින්ම බලාගන්න පුලුවන්. ඒ නිසා අනෙත් ගුවන් යානාවන් වල වගේ නැවත නැවත ගුවන් යානාවේ flight deck (Dashboard) එක දිහා සැරෙන් සැරෙන් බලන්න ඕනේ නැහැ. මේක නිකන් Tony stark, Iron man suit එක දාගෙන ඉද්දී එයාට පේනවා වගේ පෙනීමක් ලබා දෙන හෙල්මට් එකක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම මේ හෙල්මට් එක දාගෙන ඉද්දි නියමුවාට පුළුවන් සතුරු ගුවන් යානාවන් දිහා බලාගෙන ඉන්න ගමන් ඒවා හට පහරදෙන්න, ඒ කියන්නේ සතුරු ගුවන් යානාවන් පහරදීම සඳහා lock කරන්න පුලුවන්. මේ සඳහා නියමුවාගේ ඇස් චලනය වෙන හැටි track කරන්න පුළුවන් eye-tracking and head-position sensors මේ හෙල්මට් එක විසින් යොදා ගන්නවා. ගුවන් යානාවේ පාලනය රාත්‍රී කාලයේදී පහසුවෙන් කරන්න පුලුවන් Night Vision පද්ධති වගේම 3D audio, communication systems සහ active noise reduction වැනි පහසුකම් වලින්ද මේ Helmet එක සමත් වෙනවා. ඒ වගේම මේ හෙල්මට් වල තියෙන තවත් විශේෂත්වයක් තමයි ඒවා ඒ ඒ නියමුවන්ට වෙන වෙනම නිර්මාණය කරපු custom-moded helmets වෙන එක. ඒ නිසා නියමුවා මෙහෙයුම් වලදී වඩා සුවපහසු සහ ඉහළ visibility එකක් වගේම ඉහළ accuracy සහ precision එකක් ලබා ගන්න පුළුවන්. ඇමෙරිකානු සමාගමක් වෙන Rockwell Collins ආයතනය විසින් නිර්මාණය කරන මේ Helmet එක F-35 ගුවන් යානාවන්ගේ brain එක විදිහටත් හඳුන්වනවා. ඒ මිනිසා සහ තාක්ශණය එකිනෙකා සම්බන්ධ වෙන ප්‍රභලතම අවස්ථාවක් වෙමින් ගුවන් නියමුවාව digitally-augmented warrior කෙනෙක් බවට පත් කරමින්. © Padaartha - පදාර්ථ

photo content

Star Wars කියන්නේ ලෝකයේ බිහිවුනු විද්‍යා ප්‍රබන්ධ සිනමා නිර්මාණයන් වලින් ඉහළතම සාර්ථකත්වයක් සහ ජනප්‍රියත්වයක් හිමිකරගන්න සමත් වුනු නිර්මාණයක්. Star Wars saga එකේ තියෙන ප්‍රධාන චිත්‍රපට 9 අතුරින් ප්‍රේක්ශයන්ට ප්‍රභල විදිහට දැනුනු චිත්‍රපටය වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි Star Wars: Episode III – Revenge of the Sith කියන චිත්‍රපටයයි. prequel trilogy එකේ අවසාන දිගහැරුම වෙන මේක හැරවුම් ලක්ශයක් වෙන්නේ Galactic අධිරාජ්‍යයේ බිහිවීම සහ Jedi Order එකේ බිඳ වැටීම විතරක් නෙමෙයි Darth Vader ගේ බිහිවීමත් නිරූපණය කරන නිසා. Star Wars කතා මාලාවේ ප්‍රධානම චරිතයක් වෙන Anakin Skywalker, ඔහුගේ ජිවීතයේ එකම ආදරය වුනු Padmé Amidala ව බේරගන්න ගත්තු මාර්ගය අවසන් වෙන්නේ ලොකු ඛේදවාචකයකින්. Sith වරුන්ගේ නායකයා වුනු Palpatine නිසා අන්ධකාරය වෙතට ගමන් කරන Anakin Skywalker, ඔහුව පොඩි කාලේ ඉඳලම බලාගත්තු Jedi වරුන්ට එරෙහි වෙන්නේ අතිශය කුරිරු විදිහටයි. මේ චිත්‍රපටය තිරගත වුනේ 2005 වර්ෂයේදී වුනත්, එහි අඩංගු වන CGI, special effects සහ sounds විතරක් නෙමෙයි, සටන් ජවනිකා සහ ප්‍රේක්ශකයාගේ සිත බැඳ තබා ගන්න දක්වපු හැකියාව නම් අද්වීතියයි. රංගනයෙන් දායක වූවන්ගේ දක්ශ රංගනය සහ දෙබස් එහි වූ ශෝකාකූල සංගීතයෙන් ගිලිගොස් තිබුණේ නරඹන්නට අමරණීය මතකයන් එක් කරමින්. George Lucas විසින් රචනා කොට නිශ්පාදනය කරන ලද මෙම සිනමා නිර්මාණය, ඩොලර් මිලියන 905 ක පමණ ආදායමක් ලොව වටා හිමිකරගත්තේ 7.6/10 IMDb අඟයක්ද සමඟයි. 2025 වර්ෂයේ මැයි මස 4 වනදා, මෙම චිත්‍රපටය එලිදක්වා වසර 20ක් ගතවීම සනිටුවන් කරමින් ලොව වටා එය නැවතත් ප්‍රදර්ශනය කීරිමක් සිඳු කලා. අවුරුදු 20ක් ගත වුනත්, තවමත් එය කෙරෙහි ප්‍රේක්ශයන්ගේ හිතේ තිබ්බ ආදරය නැතිවේලා තිබ්බේ නැහැ. සාමාන්‍යය විද්‍යා ප්‍රබන්ධයක් වගේ නෙමෙයි, The Revenge of the Sith නිර්මාණය අහිමිවීම, පරාජය, වෛරය සහ බිඳ වැටීම වගේ හැඟීම් රාශියකින් පිරිගිය එකක්. කතා මාලාවේ සිටි ප්‍රධානම චරිතයේ සිට (protagonist), එහි සිටිනා ප්‍රභලම villain දක්වා කෙනෙකු ආදරය නිසාවෙන් ඇඳ වැටීම කෙතරම් ඛේදනීය විය හැකිද? සමහරවිටක ලෝකයේ බිහිවුනු emotional ම විද්‍යා ප්‍රබන්ධය මේක වෙන්නැති. ඔබ විද්‍යා ප්‍රබන්ධයන් වලට ඇල්මක් දක්වන කෙනෙක් නම්, Star Wars saga එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ එකක්.

photo content

ලෝක සිනමාවේ බිහිවූ සාර්ථකම සිනමා නිර්මාණ ත්‍රිත්වය බවට පත්වූ Lord of The Rings හි නාමය නොඇසූ කෙනෙකු නැති තරම්ය. J. R. R. Tolkien ගේ The Lord of the Rings ග්‍රන්ථය පාදක කරගෙන නිර්මාණය වූ The Fellowship of the Ring, The Two Towers සහ The Return of the King සිනමා නිර්මාණ ත්‍රිත්වය ලෝ පුරා ලැබූ සමස්ථ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවයි. Middle-Earth නැමැති මනඃකල්පිත මහද්වීපයක අළු යට සිට නැඟෙනා සදාතනික අන්ධකාරයට එරෙහිව සටන් කරන්නන් පිරිසක් සහ අඳුරු Sauron ට අයත් මායා මුද්ද විනාශ කරලීම සඳහා Frodo Baggins නම් හොබිට්වරයෙකු ගන්නා උත්සාහයන් සමූහයක් අලලා නිර්මාණය වූ මෙම චිත්‍රපට ත්‍රිත්වයේ සාර්ථකත්වයට හේතූවූයේ එහි අධ්‍යක්ශකවරයා වූ Peter Jackson බව නොරහසකි. එපමණක් නොව අතිශයින් මනස්කාන්ත රූරාමු, සංගීතයන්ගෙන් සහ ඒ ඒ චරිතයන් විසින් සිඳුකෙරූ විශිෂ්ඨ රංගනයද එහි සාර්ථකත්වයට හේතුවිය. ටොල්කින්ගේ fantasy සාහිත්‍යය නිර්මාණයක් වූ මෙය, සංකීර්ණ ලෝකයක් පමණක් නොව සංකීර්ණ චරිතයන්, එයටම අනන්‍ය වූ භාෂාවන්ගෙන් සහ දීර්ඝ කතාමාලාවකින් සමන්විත වූවකි. මෙම සාහිත්‍ය නිර්මාණයට ජීවය ලබාදුන් Peter Jackson, මෙම සිනමා නිර්මාණ ත්‍රිත්වය අග්‍රගණය සංග්‍රාමයන්ගෙන්ද, ස්වභාවික අලංකාරය විදහාපාන රූ රාමුන්ගෙන්ද, වර්තමාන සිනමා නිර්මාණ මෙන් බොලඳ නොවන දෙබස් සහ රූ රාමු අඩංගු කරමින්ද, Howard Shore ගේ අසමසම සංගීතයෙන් පමණක් නොව අසීමාන්තික හැඟීම් සමුදායක එකතුවකින් නිර්මාණය කරලීම ලෝකයා විශ්මයට පත් කරලන්නට සමත් වූ කරුණක් විය. CGI තාක්ශණයට සීමා නොවී ප්‍රේක්ශකයාට සත්‍යය, ත්‍රාසජනක සහ realistic feeling එකක් ලබාදීමට ඔහු අසමත් නොවීය. 2001, 2002 සහ 2003 වර්ෂ වල තිරගත වූ මෙම චිත්‍රපටවල විශිෂ්ඨත්වය අතික්‍රමණය කරලීමට වර්තමානය වනවිටත් කිසිඳු නිර්මාණයක් සමත් නොවී තිබීම සුවිශේෂී කරුණකි. සම්මාන 475ක් සහ Oscar සම්මාන 17ක් තමා සතු කරගෙන ඇති The Lord of The Rings සිනමා නිර්මාණයන්ගේ අලංකාරය වචනයෙන් විස්තර කරලිය නොහැකි එකක් බවට පත්වනුයේ ලෝකයේ වැඩිම සම්මාන ගණනක් හිමිවූ චිත්‍රපට ත්‍රිත්වය බවට පත්වෙමිනි. "Sons of Gondor! Of Rohan! My brothers. I see in your eyes the same fear that would take the heart of me. A day may come when the courage of men fails, but it is not this day. An hour of wolves and shattered shields, when the age of men comes crashing down. but it is not this day! This day we fight!" — Aragorn, The Return of the King

photo content

Phosphorus කියලා කියන්නේ ආවර්තිතා වඟුවේ P ගොනුවට අයත් වන 15 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වගේම ජිවී දේහ වල අඩංගු වන අත්‍යවශ්‍ය සං‍යෝග සහ සංඝටක නිර්මාණය කරන්න දායක වන අත්‍යවශ්‍යම මූලද්‍රව්‍යයක්. පොස්පරස් DNA, RNA සහ ATP අණු වලද ප්‍රධාන සංඝටකයක් වෙනවා. පොස්පරස් වල තියෙන අධික ප්‍රතික්‍රියාශිලීත්වය නිසා පොස්පරස් සංශුද්ධව ස්වභාවයේ පවතින්නේ නැහැ. ලෝකයේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ රතු පොස්පරස් සහ සුදු පොස්පරස් වුනත් අතිශයින් සුළු ප්‍රමාණ වලින් දම් සහ කළු පොස්පරස්ද පවතිනවා. USGS (U.S. Geological Survey) ආයතනයේ වාර්තා වලට අනුව නම් ලෝකයේ ඇති පොස්පේට් නිධි වල ස්කන්ධය මෙට්‍රික් ටොන් බිලියන 70ක් පමණ වෙනවා. රතු පොස්පරස් වල ප්‍රතික්‍රියාශිලීත්වය සුදු පොස්පරස් වල ප්‍රතික්‍රියාශිලීත්වයට වඩා අඩුයි. මේ පොස්පරස් වර්ග ද්විත්වයම වායුගෝලීය ඔක්සිජන් සමඟ වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. විශේෂයෙන්ම සුදු පොස්පරස් වායුගෝලයේදී දියවී ගිනිගනුයේ Phosphorus pentoxide සාදමින්. එම ප්‍රතික්‍රියාව ඉතා දීප්තිමත් ආලෝකයක් සහ තියුණු දූමාරයක් ඇති කරලන නිසාවෙන් සුදු පොස්පරස් යුධමය අවස්ථා වලදී Grenade launchers, Artillery, tracer ammunition සහ Smoke grenades වලදී භාවිතා වෙනවා. මේ සුදු පොස්පරස් මූලද්‍රව්‍ය විවිධ කාර්මාන්ත වලදී භාවිතා කලත් යුධ කටයුතු වලදී භාවිතා කරලීම අන්තර්ජාතික නිතී වලට අනුව අතිශයින් සීමා සහිත හෝ තහනම් වේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ සුදු පොස්පරස් උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද අයූධ සහ බෝම්බ වලින් නිකුත් වන සුදු පොස්පරස් කොටස්, ජිවී සම මත පතිත වූ විගස සමෙහි ඇති උෂ්ණත්වය හේතූවෙන් වේගයෙන් සහ තියුණුව දැවී යාමයි. ඒ වගේම වායුගෝලීය ඔක්සිජන් හේතූවෙන් වේගයෙන් දහනය වන මෙම සුදු පොස්පරස් ජිවී සම මත ඇලී නොකඩවා දහනය වේ. එමඟින් ඒවා තම සම මත පතිත වූවන් හට ඉතා වේදනාකාරී තුවාල හෝ මරණයක් හිමිවෙනවා. ඒ වගේම අධික විෂ සහිත මේ සුදු පොස්පරස් අක්මාවට හානි සිඳුකරන්නත්, ජල මුලාශ්‍ර සම්පුර්ණයෙන්ම පාහේ විනාශ කරන්නත් හැකියාවක් දරනවා. මේ සාධකයන් පාදක කරගනිමින් සුදු පොස්පරස් අඩංගු ආයූධ සහ බෝම්බ සිවිල් වැසියන් සිටිනා ස්ථාන වල මහා පරිමාණව භාවිතා කරලීම අන්තර්ජාතිකව තහනම් කර ඇති අතර එය යුධ අපරාධයක් ලෙසද සලකයි.

photo content

පෙන්ටගනය විසින් නිල වශයෙන් නිකුත් කරපු මේ videos 3 පිළිබඳව පොඩි විග්‍රහයක් මේ video එකේන් ඕගොල්ලන්ට බලාගන්න පුලුවන්

Area 51 කියන්නේ ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් මෙහෙයවන අධිආරක්ෂිත සහ රහසිගත කලාපයක්. Groom Lake නමින් නිල වශයෙන් හඳුන්වන මේ කඳවුර පිහිටලා තියෙන්නේ නෙවාඩා ප්‍රාන්තයේ හුදකලා ප්‍රදේශයකයි. ඒ වගේම එහි ගුවන් සීමාවන් සාමාන්‍ය ගුවන් යානාවන් වලට විතරක් නෙමෙයි හමුදා ගුවන් යානාවන් වලටත් තහනම් කලාපයක්. දශක ගණනාවක් ගතවෙන කල් ඇමෙරිකානු රජය විසින් Area 51 ගැන මහජනතාව ඉදිරියේ කිසිඳු දැනුම් දීමක් කලේ නැහැ. මෑත කාලයක් වෙනකල්ම කිසිම සිතියමක මේ Area 51 ගැන කිසිම සටහනක් තිබ්බේ නැහැ. Area 51 හි කතාවේ ආරම්භය 1950 දශකය තෙක් දිව යනවා. සෝවියට් රුසියාව සමඟ තිබුණු සීතල යුද්ධයේ උච්ච්තම අවස්ථාව උදාවෙලා තිබ්බ ඒ කාලයේදී ඇමෙරිකානු බුද්ධි අංශය වන CIA ආයතනයට, සෝවියට් දේශයේ ඔත්තු බැලීම සඳහා නිර්මාණය කරන ලද U-2 ඔත්තු බැලීමේ ගුවන් යානාව අත්හදා බලන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා නෙවාඩා කාන්තාරයේ මධ්‍යයට වන්නට පිහිටලා තියෙන හුදකලා සහ පාළු ස්ථානයක් තොරාගන්නා ඔවුන් පස්සේ කාලේකදී ලෝකයේ පළමුවන රේඩාර් උපකරණ වලට අසුනොවී ගමන් කරලීමේ හැකියාව සහිත SR-71 Blackbird සහ F-117 Nighthawk වැනි අතිශයින් රහසිගත ගුවන් යානාවන් නිර්මාණය කරන්නත් ඒවා රහසේම පරීක්ශා කරන්නත් යොදාගන්නවා. හැබැයි Area 51 හි අත්භූතම කතාව පටන් ගන්නේ 1947 වර්ෂයේදී සිඳුවුනු Roswell සිද්ධියත් එක්කයි. ඒ වගේම භෞතික විද්‍යාඥයෙකු වුනු Bob Lazar විසින් ඔහු Area 51 හි පිටසක්වල ගුවන් යානාවන් reverse engineering එහෙමත් නැත්නම් පිටසක්වල ගුවන් යානාවන් නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියන එක අවුරුදු ගානක් Area 51 වල ඉඳලා පරීක්ශණ පැවැත්වුවා කියන ප්‍රකාශයත් එක්ක සහ එහි කාලතරණය, පිටසක්වල ජිවීන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගන්න යොදාගන්න මධ්‍යස්ථානයක් කියන එකත් ලොකු අන්දෝලනයකට තුඩු දුන්නු කරුණක් වුනා. ඒ වගේම 2020 වර්ෂයේදී පෙන්ටගනය විසින් ඇමෙරිකානු නාවුක හමුදාවේ ගුවන් යානාවන් කිහිපයක් විසින් ලබාගත්තු විඩීයෝ 3ක් මහජනතාව වෙනුවෙන් නිල වශයෙන් මුදාහරිනවා. කාටවත්ම අඩුම තරමේ ඇමෙරිකානු රජයටවත් හරියට මේ සිඳුවීම් සමූහය විස්තර කරන්න බැරිවුනා. අදටත් අභිරහසක් වෙන ඒ videos 3නේ අඩංගු වෙන්නේ Area 51 හි අත්හදා බලන ලද පිටසක්වල තාක්ශණය යොදාගනිමින් නිර්මාණය කරන ගුවන් යානාවන් කියලයි ගොඩක් දෙනාගේ අදහස වෙන්නේ. ඒ වගේම පිටසක්වල ජිවීන් ඉන්නවයි කියන දේ මහජනතාව දැනගත්තොත් සිඳුවන හානිය සහ එයින් අපේ ග්‍රහලෝකයට වෙන්න පුළුවන් හානිය අවම කරගන්න ලෝකයේ බලවත් රටවල් එකතු වෙලා මේ වගේ වැඩසටහන් සිඳුකරනවා වෙන්නත් පුළුවන්. මේ ගැන ඉස්සරහට අපි ගැඹුරින් කතා කරමු #CharithaDissanayake #chemistrytutor #area51

photo content