Study With Lindla & Candela
Open in Telegram
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot
Show more2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
සම්බන්ධ වීමට කැමති අය මේ username එකට inbox message එකක් දාන්න..
@bioessayadmin
Bio Essay Practice Programme 🍃
මොනවද කරන්නේ?
❤️මෙවර 24 AL විභාගයට ඒමට
වඩාත් ඉඩකඩ ඇති රචනා ප්‍රශ්න(Essay) සියල්ල මාසයක් වැනි කෙටි කාලයක් ඇතුළත පුහුණු කිරීම සිදුකරයි.
(එක් එක් අයගේ essay වල අඩුපාඩු බලලා,ඒ වැරදි හදාගන්න විදිහ කියලා දෙනව)
❤️Bio පොදු රටා mcq ප්‍රශ්න පුහුණුවක් ලබා දේ..
❤️විභාග ප්‍රශ්න පත්‍රයට හරියටම,ලකුණු ලබාගන්නා ක්‍රම,අඩුපාඩු සකසා ගැනීම පිළිබඳ උපදෙස් ලබා දේ.
ඔයාලට Essay paper එකට උපරිම ලකුණක් ගන්න පුළුවන් මේ programme එකේ මන් දෙන වාඩ ටික පිළිවෙලට කරන් ගියොත්....❤️🍃
මේ වැඩේ තව දවස් දෙක,තුන ඇතුළත පටන් ගන්නවා,පොඩි වෙලාවයි තියෙන්නේ අපිට..❤️
🔥සම්බන්ධ වීමට කැමති අය inbox message එකක් දාන්න.
@bioessayadmin
මේ දවස්වල Universities වල උපාදි ප්‍රධාන උත්සව ඔයාලා දකිනවා ඇති..
ජීවිතේ කියන්නේ ජීවත් වෙන එකම නෙමෙයි..
ගොඩක් අය කියයි ඔයා camps යනකොට අපෝ වයස යනවනි..
හැබැයි සාමාන්‍ය ජීවිතේ ගන්න බැරි ගොඩාක් අත්දැකීම් සමුදායක් ඔයාට එතනින් ගන්න පුලුවන් ....
ඔයාගේ අම්මගේ තාත්තාගේ ඇස් සතුටු ක්දුලු වලින් පුරවන්න පුලුවන් අවස්ථාවක් තමයි ඒ දවස....
එහෙම දවසක් ඔයාගේ ජීවිතයට ගන්න ඕනිනම් අද ඉදන් හොදට වැඩ කරන්න..
Good Luck
Geeth....✍️
Exam එකත් ළගයි නේද...
පාඩම් කරනකොට අපිට තියේන්න ඕනි අපිට ටාගට් එකක් . .
ඒක හිතින් දකිමින් පාඩම් කරනකොට අපිට නිදිමත එහෙම එනවා අඩුයි.
ඔයා මේ මාස දෙක වැඩ කරන ප්‍රමානය මතා සමහර විට මුලු life එකම තීරණය වෙන්න පුලුවන් ...
අහින්සක අම්මලා තාත්තලගේ අවුරුදු ගානක බලාපොරොත්තු එක්ක ඔයා සෙල්ලම් කරන්නේ මේ දවස්වල..
සාමාන්‍ය මනුස්සයෙක් අවුරුදු 60 ජීවත් වුනොත් ඔයාගේ life එකේ ඉතුරු 2/3 සතුටින් ඉන්නවද කියලා තීරනය මේ මාස දෙක ඇතුලේ හැන්ගිලා තියෙනවා...
ඒක නිසා හොදට පාඩම් කරන්න..
Geeth .....✍️
ඉගෙනගන්න කාලේ කියන්නෙම
අනිත් වැඩ වලින් ඈත්වෙලා
ඉගෙනීම කියන දේට පලමු තැන
දෙන්නම ඕනී අවධියක්....
මොකද නැත්තම්,
අපිට වෙනවා අපේ අනිත් දේවල් වලටත්
කාලේ වෙන් කරගන්න වෙන
එහෙම වෙනකොට
අපිත් නොදැනුවම
අපේ අනාගතය වෙනුවෙන්
අද මහන්සි වෙන්න ඕනී
කාලයත් නිකරුනේ ගෙවිලා ගිහින්
මතක තියාගන්න
ඔයා වෙනුවෙන් කාලය නැවතිලා
නොතිබෙන බව පමණක්...
Gethmina Bandara |° ✍️
අහිංසක අම්මා අප්පච්චිලාගේ අහිංසක හීන තියෙනවා..
උබේ අහිංසක ආසාවල් ඇතී.. අන්න ඒවා
වෙනුවෙන්
නිදි නැතුව වැඩකරපන් දවසක හරියයි.. එහෙම කට්ට කන උන්ටයි කියන්නේ,
කවදාහරි උබලට හරියනවා...!!
නවත්තන්න එපා.....
සාමාන්ය පවුලක කොල්ලෙක්/කෙල්ලෙක්
වෙලා ඉපදෙන එක කියන තරම් සුන්දර නෑ.. හැමෝටම තියෙනවා කාටවත් නොකී
කතාවක්,
ඒ ඉපදිලත් ජීවිතේ දිනන්න දගලන එක, ඉස්සරහට යන්න දරන උත්සාහය කැපවීම මාරම අමාරු දෙයක්...
ඉගෙන ගන්න කාලේ උනත්, රුපියල ගැන පවා සෑහෙනට හිතන්න වෙනවා, ආස දේවල් අත අරින්න වෙනවා....
ජොබ් එකක් හම්බුනත් කැපවීම් එක්ක සෑහෙන දේවල් නැතිවෙනවා... (ජොබ් එකෙන්
ඉස්සරහට යන්න හදනකොට තමන්ට තමන් නැතිවෙනවා, සමහරවිට ලගම ඉන්න
කෙනෙක් නැතිවෙනවා.... ඒ හැමදේම Balance කරන්න ගියොත් එදා වේල කාලා හිටියෑකී ඒත් Dream achieve කරන්න අමාරු වෙනවා)
එලියෙන් බලන කෙනෙක්ට ඒක සමහර විට පෙනුනේ නැති උනාට පොඩි තැන ඉදන් ආපූ හැම කොල්ලෙක්ගේ/ කෙල්ලෙක්ගේ ජීවිතේම අපිට පේන්නේ නැති මාරම ලොකු කතාවක් තියෙනවා....
පේන තරම් සුන්දර නෑ,
තනියම කට්ටක් කන්න වෙනවා...
ලග ඉන්න අය නැතිවෙයි, සමහර විට ඉන්න අයට තේරුම් ගන්න බැරිවෙයි, මිනිස්සූ
හිනාවෙයී, කතා හදයී.. පාගන්න උත්සාහ කරයී... වට්ටයී,
නැත්තටම නැති කරන්න හදයී...
ඒ වෙලාවට උබට හැමදේම අත අරින්න හිතෙයී....
ඒත් වැටි වැටි නැගිටපන්....
මොකද උබට තියෙනවා සාමාන්ය පවුලක් රකින්න, ඉපදෙනකොටම බැදුන වගකීම් කන්දක්....
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
කාලය එක්ක අපිට හැරෙන්නවත්
විවේකයක් නැති තරම්
අපේ අරමුණු වෙනුවෙන්
අපි සැලසුම් හදනකොටත් වෙලාවනම්
නවතින්නෙම නෑ
ඉතින් step by step සැලසුම් කරන්න
එක සැරේ ලොකු සැලසුම් ගගහා ඉන්නකොට
නොදැනුවම ඔයාට අල්ලන්න බැරි තරම් දුරකින්
කාලයත් එක්කම වැඩ කරපු ගොඩාක් අය
දුර ගිහින් ඉදිවී...
සිහිනුවණින් තීරණය කරලා
Step by Step අරමුණු වලට
යන මාවත හදාගන්න
එතකොට කාලයට සාපේක්ෂව
ඔයාට ඕනී දේ කරගන්න පුලුවන් වෙයි....
Gethmina Bandara |° ✍️
කෙලවගන්න පුලුවන් උපරිමේට
කෙලවගත්තු මිනිස්සු
හරි ඉක්මනට නැගිටින්න පුරුදු වුනා....
මොකද උන් තරම්
වැටිච්ච උන් කවුරුත්ම නෑ කියලා
උන්ම මොරාල් වෙලා නැගිටින්න උත්සාහ කරා
ඒකෙන් උන් දින්නේ කාටවත් ලං වෙන්න බැරි
ලොකු පවුරක් උන්ගේ වටේ බැදගෙන
Gethmina Bandara |° ✍️
.
.
.
☘️📚...පාඩම් අමතක වීම...👨🎓🎓
ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පාඩම් කරන එක මතක නැතිවෙන එක මේකට හේතූන් වෙන්නේ පාඩම් කරන එකේවත් තමන්ගේ මතකයේ ග්‍රහණය කරගැනීමට තරම් ඒ දේවල් වල Capcity වැඩි එකවත් නෙමෙයි...
මතක තබාගැනීමට තියා පොත හරියට බලාගන්නවත් මනස නිරවුල් නැති එකයි මේකට බලපාන ලොකුම හේතුව...☘️
ඒත් මේ ප්‍රශ්නේ හැමෝටම බලපාන ප්‍රශ්නයක් කියන්නත් බෑ මොකද පොත පතේම එල්ලිලා ඉන්න කොල්ලෝ කෙල්ලොන්ටනම් මේක කිසිසේත්ම බලපාන්නේ නෑ ‼️..
ඒ මොකද කියනවානම් ඒ අයටත් වෙන කිසිම දේකට වඩා පොත පත ජීවිතය වීමයි 📚📖.
සමහරු ආමන්ත්‍රණය කරනවා එහෙම පොතට වෙලා ඉන්න අයට පොත්ගුල්ලෝ කියලා ඒත් ඒකනම් හුගක් වැරදි තමන්ට පොත පත ගැන ආසවක් නෑ කියලා ආසවක් තියෙන මිනිස්සුන්ට කතා හදන එකනම් බුද්ධියමය පැත්තෙන් හීන අය කරන ලොකු වැරද්දක්... ❌🥺
නමුත් ඔබ දන්නවා ද ඔබට නැති ඔවුනට පොත පතේ තිබෙන දේ පවා මතකයේ රැදී තිබීමට හේතුව ❓❔
ඒ වෙන මොනවත් නෙමේ පොත පතට ආසා නොකිරීම...😏
ඔබ ම හිතන්න ඔබ පොතක් අතට ගන්නේ මොකටද එක්කෝ තරඟ විභාගයක් ලංවෙනකොත් එහෙමත් නැත්තම් පාසලේ වාර විභාග වලට නොවේද ❔❔..
ඉතින් හිතන්න ඔයාලා ඒ පොත බලාගන්නෙත් ආසාවෙන්ද එහෙම නැත්තම් අවශ්‍ය නිසා ද කියලා 🧐🤔
ඉතින් යාලුවනේ මතක නැතිවෙන්න එකම හේතුව ඒක තමයි ‼️
ඔයාලා හිතන්නකෝ
ඔයාලා සිංදුවක් 🎵 අහන්නේ කෝමද ආසාවෙන් අහන් ඉන්නවා නේද ඒක ඔයාලා කට පාඩම් කරනවද කොහෙ හරි සිංදුව ලියාගෙන නැහැ නේ ....
අන්න ඒක තමයි ඔයාලගේ ප්‍රශ්නය මොනම දෙයක් උනත් ආසාවෙන් කරන්න ඒක නලලෙ කොටල තිබ්බ දෙයක් වගේ මතක තියේවී ❗️❗️
අදම උත්සාහ කරලා බලන්න ආසාවෙන් පාඩම් කරන්න,
නැති ආසාවක් හදාගන්න ✅.
නිකන් බොරුවට කාලේ කන්න එපා යූටියුබ් එකේ පාඩම් කරන්න ක්‍රම හොය හොය ඒක නිශ්ඵල දෙයක් කාලේ කන් නැතුව අරුතක් තියෙන දෙයක් කරන්න😇🥳
එතකොට පාඩම් අමතක වීම විතරක් නෙමේ පොත් කියවන්න තියෙන කම්මැලිකමත් නිකන්ම දුරුවෙලා යයි ✝️☸️
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
https://t.me/TheAuthorNaughty
තනිවුන කෙනෙක්ට
ජීවිතේ අමුතුවෙන් ඉගෙනගන්න දෙයක්
ඇත්තටම නැතිම තරම්....
මොකද මනුස්සයෙක් තනිවුනාම
හැමදේම හොයලා කරගන්න පුරුදුවෙනවා...
මොකද ඔවුන් දන්නවා
තමන්ට තමන් විතරයි කියන්න...
ඉතිම් ලමයෝ...
තනිවෙන්නම ඕනීද
තමන්ගේම වැඩ කරගන්න....
ජීවත්වෙන්න පුරුදු වෙන්න...
තනිවෙන්න කලින් හරියට ජීවත්වෙන්න පුරුදුවෙන්න...
Gethmina Bandara |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ
✅ කාලයක් ගතවෙලා, එයාගේ වාරය ආවහම , බෙල්ලේ තිබුන ලපය නිසා, මේ තමන්ගේ අම්මා කියලා හඳුනගන්න පුළුවන් වෙනවා. මුලින් ඉගෙන ගන්නේ upper limbs , අත පය ගැන, මාස ගානක් ගියාට පස්සේ තමා, පපුව, බඩ ගැන ඉගෙන්නෙ, මුළු අවුරුද්දක් පුරාවටම ඇඟේ කොටසින් කොටස ඉගෙන ගන්නවා.
දෙඇස් පියවිණි කඳුළු අතරින් පපුව දෙපසට වෙන්කරා
රුහීරු වියලුණු නහරවැල් ටික දුඹුරු පාටට හැරවිලා
දරාගෙන ලෝකයක කෙනෙහිලි ගැහැණු හදවත ගුලි වෙලා.
පොතේ නැති හුඟක් දේවල් පපුව ඇතුලේ ගොළු වෙලා.
දවස් ගානේ සිහින් පහරින් එකිනෙකා අපි කපද්දි
ලියූ මැල්ලුම් අහුරු වාගේ මස් කැබලි ඉකි බිඳිද්දි
පාඩමේ අවසාන අදියර ඇට ගොඩක් වී හිඳිද්දී
පොත වසා ඇස් පියා ගත්තෙමි නොකී රහසක් හඬද්දි
✅ අවුරුද්ද ඉවර උනහම, ඇට විතරයි ඉතුරු වෙන්නේ, ඒ අස්ථිත් සමහර වෙලාවට වේලලා, පොලිෂ් කරලා, අස්ථි ගැන ඉගෙන ගන්න භාවිතා කරනවා, එහෙම නැත්නම් අවුරුද්ද අන්තිමේ, පාංශුකූලය දීලා, පිරිත් කියලා, තමයි ඉවත් කරන්නේ.
කැබලි එක්කල බහා පෙට්ටිය කර තබාගෙන පිටවුණා.
සුදු ඇඳන් පැන් වඩන මොහොතෙදි කාට කාටත් හැඬ වුණා.
කනත්තේ පස් ගොඩ ළඟදි මට නොහඩ ඉන්නට බැරි උනා.
මගේ අම්මා නිවන් දැක්කා කෑගහලා මට කියවුනා.
✅ ඕනම කෙනෙකුට, තමන් මියගියහම, තමන්ගේ දේහ දන් දෙන්න ලියාපදිංචි වෙන්න පුළුවන්, මිය ගිහිල්ලත් අවුරුදු ගානක් පින් කරන්න පුළුවන්. ❤️ Share කරලා දැනුවත් කරන්න අනිත් අයවත්, ඔබේ දරුවන්ට ප්‍රතිකාර කරන්න, දක්ෂ වෛද්‍යවරුන් බිහිකරන්න, උදව්වක් වේවි.
කවිය ලියලා තියෙන්නේ, Athula Bandara මහතා (කුරුණෑගල ශික්‍ෂණ රෝහල )
සංවේදී හරී අපූරු නිර්මාණයක් 😓😓😓😓
වෛද්‍ය විද්‍යාලයට දන් දෙන සිරුරක්, අවුරුදු ගානක්ම පොමලින්වල දාලා තියෙනවා.
Anatomy ඉගෙන ගන්නකොට, දහ දෙනෙක් විතර ඉන්න ගෘප් එකකට, එක මළ සිරුරක් ගානේ හම්බෙනවා, අපි මේ ගෘප් එකට කියන්නේ body group කියලා, ඒ ගෘප් එක තමා ඒ සිරුරට අදාල අයිතිකාරයෝ, මුළු අවුරුද්දක් තිස්සේ , ඒ කණ්ඩායම, ඒ එකම මළ සිරුර කපලා ඉගෙන ගන්නවා.
✅ මේ කවිය තියෙන්නේ, කලකට ඉහතදී මිය ගිය , අම්මගෙ මළ සිරුර තමන්ටම ඉගෙන ගන්න හම්බෙච්ච වෛද්‍ය ශිෂ්‍යාවකට දැනෙන හැඟීම.
පුරුදු ලෙස එකිනෙකා වට වී නොදත් පාඩම සොයන්න
මැද මේසේ මත මහලු මවකගේ සිරුර සතපා කපන්න
පළමු පියවර පුරුදු උනේ අපි පින් සිතින් ඈ වඳින්න 🙏❤️
දකුණු අත කපලා පටන් ගමු එකිනෙකින් තතු බලන්න
පොත බලාගෙන මම කියනකොට තව එකෙක් ඈ කපනවා
වට වෙලා සිටි හැම එකාටම වාරයක් මග තියෙනවා
සුදු පාට කෙස් වැටිය පරදන ස්නායු දැක එබෙනවා
එකින් එක කප කපා විමසන ගමන පෙරටම ඇදෙනවා.
හිස් කබල යට මොලය පුදුමය වම දකුණ ගැන හොයනවා
කඳුළු දරමින් ලොවක් පෙන්නු ඇස් උගුල්ලා බලනවා.
මගේ වාරය පිහිය අරගෙන ඇගේ පපුව වෙත එබෙනවා
දකුණු පැත්තේ බෙල්ල පහළින් ලපය මා නෙත් තෙමනවා
ජීවිතේ හීන හැබෑ කරගන්න නම්
ඕනාවට එපාවට අපේ ගමන ගිහින් බැහැ
මොකද ඒකට ඕනි වෙනවා සැලසුමක්
ලයිෆ් එකකදි ඉස්සරහට මිසක්
ආපස්සට යන්න මාර්ගයක් නෑ
ඉතින් අපි ගන්න තීරණ ගැන
හොදට හිතන්න වෙනවා....
Education කියන්නේ ජීවිතේ හරියට
ඉස්සරහටම අරන් යන්න මෙවලමක්
ඉතින් හදාගන්න හොද සැලසුමක්
මගේ ජීවිතේ මෙන්න මේ විදිහට
අරන් යනවා...
මගේ මේ ඉලක්කය, හීනය
මෙන්න මේ විදිහට පියවරෙන් පියවර යනවා කියලා
එවිට ඔයාගේ ජීවිතේ පියවරෙන් පියවර
දියුනු වෙන්න ගනීවී...
අධ්‍යාපනය හැමවෙලේම ජීවිතේ නොවුනත්
ජීවිතේ ඇතුලේ අධ්‍යාපනය තිබුනොත් තමයි
යන ගමන් ඉස්සරහටම යන්න පුලුවන් වෙන්නේ
මොකද මෝඩයෙකුට සල්ලි කෙතරම්ද
එය පරිස්සම් කරගන්න ඔවුන් දන්නේ නෑ
ඒ මිටිය වැඩි කරගන්න ඔවුන් දන්නේ නෑ
අධ්‍යාපනය වටින්නේ ඒකයි
ඉතින් වටිනම මෙවලම වෙන
අධ්‍යාපනය හරියට කරගන්න
හීන මත්තෙම නැහෙන උබලට වරදින්නේ නෑ ගේමක් ගහපල්ලා උබලට පුලුවන්... 😇💪
Gethmina Bandara |° ✍️
#Motivation_With_Gethmina💪
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
අලුත් වැඩක් ලමායි අද ඉදලා වොයිස් විදිහට මම ඔයාලට නිසදැස් දෙනවා...
ඇත්තටම කීවොත් ස්ටේටස් වීඩියෝ එකක් විදිහට දෙනවා , ටෙක්ස් එකක් විදිහට දෙනවට අමතරව...
නිසදැස් විතරක් නෙමෙයි...
මෝටිවේෂන්
Study Tips
කවි වගේ ගොඩාක් දේවල් වීඩියෝ වලින් ද ඔයාලට දෙන්න හිතුනා...
ඉතින් ඒකට මට උදව් කරනවා FM Child anouncing කරන නංගි කෙනෙකුත් වොයිස් කරන වැඩේට
ඉතින් ඔන්න අපේ පලවෙනි වැඩේ බලන්නකෝ හොදයිද කියලා කොමෙන්ට් එකක් දෙන්න අනිවාරෙන්
එකතුවෙන්න මගේ චැනක් එකත් එක්ක
https://t.me/TheAuthorNaughty
මේ....
දඟකාර රචකයාගේ පන්හිඳ ✍🌼
ලෝකේ සාර්ථකත්වය හොයන් ගිය මිනිස්සු
ගොඩාක් තැන්වල පැරදිච්ච මිනිස්සු
ඔවුන් ඒ පැරදීම ඔවුන්ගේ ශක්තිය කරගත්තා
පාඩමක් කරගෙන ඒ දේවල්
ඉතින් ඔවුන් ඔවුන්ගේ හීන වලට
අයිතිය හිමි කරගත්තා බිද දමන්න බැරි තරම්
ශක්තිමත් පවුරක් විදිහට
Gethmina Bandara |° ✍️
අපි හිතන් ඉන්නවා
සමහර දේවල් වලින් අපි
පැරදෙනකොට
අත් හැරීම තමයි හරි කියලා
ඒත් සමහර මිනිස්සු ඉන්නවා
තමන්ගේ ඉරණම එක්කම
නොසෑහෙන්න තරඟ කරනවා
ඔවුන්ගේ ජීවිතවල ඔවුන් දකින
ඔවුන්ගේ හීන හැබෑකරගන්න
ඒකයි ඔවුන් මොනදේ අහිමි වුනත්
අත් හැරීම් නොකලේ
උත්සාහය විතරක්ම කරලා
දවසක.....
හීන හැබෑ කරගත්තා
අමාරු කාල ඒවී, ඉවසීමෙන් දරාගන්න පුලුවන් උපරිමයෙන් කැපවෙන්න...♥️Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
ටාර්ගට් වල යන ගමනෙදි
නොසැලෙන ඉවසීමක් මෙන්ම
ලොකු දරාගැනීම් ශක්තියක්ද
තමන් තුලම ගොඩ නගා ගැනීම
හරිම වැදගත්
මොකද ටාර්ගට් කියන
ඒවට යන්න ලේසී නෑ
කදු පල්ලම් වගේම
වගුරුබිම් , වන දුර්ඝත් පහු කරන්න
ඔයාට සිද්ද වෙයි....
ගමනාන්තය සුන්දර වුනද
ඒ යන ගමන් මාර්ගය කටුකයි
ඒක සිහි තියාගෙනම
උත්සාහගන්න කැපවෙන්න
ඔයාගේ හීන වලට
එකින් එක ටාර්ගට් ඔස්සේ
ඒවා හැබෑ කරගන්න
සතුට තියෙන්නේ එතැන
තමන්ගේ හීන හැබෑ වුනු තැන...
මතක තියාගෙන ජීවිතේ විදින ගමන් හීන දිනන්නGethmina Bandara |° ✍️ #Motivation
කෑගල්ල , රංවල , අඹන්පිටියේ වගේ කට්ටිය ඉන්නවද මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න
පොඩි උදව්වක් ඉල්ලගන්න....
ඇත්තටම පොඩි විස්තරයක් දැනගන්න
@Naughty_CG
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
එක්සෑම් රිසාල්ට්
ජීවීතේට ලොකු බලපෑමක් ද....
Exam Pass අයට Congratulations 🥳
ඒත් ඔයාලට නෙමෙයි මේ නිසදැසනම්
රිසාල්ට් මදි නිසා Mentaly Down
වෙච්චි ලමයෝ ඔයාට
දැන් දුකින් කාලේ ගෙවනවද
නැත්තම් තව shy එකක් මහන්සි වෙලා
එක්සෑම් එක කරනවද
නැත්තම් course වගේ දෙයක් කරලා
හොද Job එකක් කරනවද කියලා
තීරණය කරන්න ඕනී....
ගිය හකුරට නාඩන්නේ
තියෙන හකුර රැකගන්නේ කියලා
තියෙන වෙලාව ප්‍රයෝජනයට අරගෙන
ඉස්සර ට එන එක්සෑම්
එක වෙනුවෙන් Ready වෙමු...
පරදිවී කියලා නෙවෙයි
දිනාවී කියලා හිතන්
ගේම ගහමු ආයෙම මුල ඉදන්
අලුත්ම රටාවකට....
සුභ පැතුම් එක්සෑම් වෙනුවෙන් කැපවෙමු....
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
