cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Knowladge 1st 🧠🇱🇰

ඉගෙන ගන්න අය එන තැන. එන අය ඉගෙන ගන්න තැන.💪❤️🧠 දැනුමට යමක් අරගමු💪❤️ Owner contact :- @pasiofficial

Show more
Advertising posts
1 090
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ගෘප් ඔක්කොගෙම vots එකතුවෙන් වැඩියෙන්ම ඕනි කිව්වෙ ඇමේසන් ගැන .. ඒත් ඒක ගැන මාත් ලොකුවට දන්නෙ නැති නිසා දෙවෙනියාට ආපු AI ගැන ඕනි කිව්ව එක මන් එවන්නම්.. *AI :- artificial intelligence* Ai නැත්න්ම් කෘතීම බුද්ධිය කියන්නේ අද ලෝකේ නැතුවම බැරි දෙයක්. විද්‍යාගාර ඇතුලේ හොරෙන් රොබෝලා හදනවා වගේ සුරන්ගනා කතාවක් නෙවෙඉ මේකෙන් කියන්නෙ හැබැයි 🥲 (ඒ වගේ දේවල් මන් කලින් දීල තියෙනවා) අපි හැමෝම දැන් Ai පාවිච්චි කරනවා.. ප්‍රසිද්ධම ai තමයි ඔයාලා හැමෝම දන්න chatgpt .. ඉතින් ඒකෙන් අපි කොච්චර දෙයක් කරගන්නවා ද.. Ai හදල තියෙන්නෙ අන්න ඒ වගෙ මිනිස්සුන්ට උදව් කරන්න. වැඩ ලේසි වෙන්න.. තව අපි නොදැනුවත්ම අපි AI use කරනවා. ඔයාගේ phone එකේ ඉන්න siri , photoshop Ai tool , whatsapp chat bot , වගේ ගොඩක් අපි නොදැනුවත්ම පාවිච්චි කරනවා.. ඉතින් හිතාගන්න ai අපෙ ජීවිත වලට කොච්චර ලන් වෙලාද.. අනික ව්‍යාපාර ක්ෂේත්‍රයේ උනත් ගොඩක් තැන් වල මේ ai use වෙනව.. උදාහරණයක් විදියට හිතන්න ඔයා පෝස්ටර් හදන කෙනෙක් කියලා . ඔයාට පුලුවන් පෝස්ටර් වලට ඕනි descriptions ai එක්කින් හදන්න.. ඕක හිත හිත කලොත් කොච්චර වෙලා යයි ද තව ඔයාට business ideas ඕනි නම් දල වශයෙන්. ඔයාට පුලුවන් ඒකකුත් ai එක්කින් ගන්න.. ඔයාට ඔයාගෙ පොටෝ එකක ඇදුම මාරු කරලා edit ඕනි නම් ඒකත් පුලුවන් ai එක්කින් කරන්න.. තව ඔයාගේ phone camera එකෙන් ඔයගේ face recognize වෙන්නෙත් ai එක්කින්.. ඔයා type කරපු එකක වචන වැරදියට ගහලත් ඒක හැදෙන්නෙ. එත් ai එක්කින් කොටින්ම කිව්වොත් ai වලින් අද ලෝකෙ කරන්න් බැරි දෙයක් නෑ වගේ නේද 😌 මේකේ බයානක පැත්ත කිව්වෙ නෑ ඕනි වගේ නම් මට කියන්න 🙂 _pasi_official_ @come_and_learn_knowladge1st Knowladge 1st 🧠🇱🇰
Show all...
4
හෙලයෙක්. සුද්දගේ කාලෙ ගත්ත pic එකක්
Show all...
👍 1
මේක නම් නියම වැඩක්.😳 මේ කොලපාට ඩොට් වලින් පෙන්නන්නෙ ලෝකෙ තියන හැම රේඩියෝ ස්ටේශන් එකක්ම ගුගල් මැප් එකෙ 😁 මේ ඩොට් ක්ලික් කරපු ගමන් රෙඩියො චැනල් එක අහන්න පුලුවන්. අහලා බලන්න 😁 මේ ලින්ක් එකෙන් යන්න. http://radio.garden/
Show all...
👍 2
@come_and_learn_knowladge1st Knowladge 1st 🧠🇱🇰
Show all...
🔥 4
පෘථිවියට ආසන්නතම ජීවය පැවතිය හැකි තාරකා පද්ධතිය - Alpha Centauri Alpha Centauri කියන නම අපි හැමෝම අහලා තියෙනවා. අපේ සුර්යයාගේ ඉඳලා ආලෝක වර්ශ 4.24ක දුරකින් පිහිටල තියෙන Alpha Centauri තාරකා පද්ධතිය තමයි අපේ සුර්යයාට ආසන්නයෙන්ම පිහිටා තිබෙන තාරකා පද්ධතිය වෙන්නෙත්. මේ තාරකා පද්ධතිය ගොඩක් සුවිශේෂී තාරකා පද්ධතියක්. මොකද මේ පද්ධතිය තාරකාවන් ත්‍රිත්වයකින් සමන්විත වෙන Triple star system එකක්. අපි අපේ සුර්යයා සහ අනෙකුත් ග්‍රහලෝක සේරමගේම එකතුවට සෞරග්‍රහ මණ්ඩලය කියලා කියනවා වගේ, මේ තාරකා සහ ග්‍රහලෝක පද්ධතියට අපි කියන්නේ Alpha Centauri පද්ධතිය කියලයි. මේ Alpha Centauri පද්ධතියේ තියෙන තරු 3 ප්‍රමාණයෙන් විවිධාකාරයි. ඒ තරු 3 අතුරින් තරු 2ක්, දෙබිඩි තාරකා පද්ධතියක් (Binary star system) විදිහට තරමක විකේන්ද්‍රීගත කක්ශයක පරිභ්‍රමණය වෙනවා. ඒ තරු දෙකට අපි කියනවා Alpha Centauri A සහ Alpha Centauri B කියලා. එතකොට අනිත් තරුව හුදකලා තනි තරුවක් විදිහට තමයි ඉන්නේ, අපි ඒ තරුවට කියනවා Proxima Centauri කියලා. මේ තාරකාව සමහර අවස්ථා වලදී Alpha Centauri C කියලත් හඳුන්වනවා. තාරකා වර්ගීකරණයට අනුව Alpha Centauri A තාරකාව අයත් වෙන්නේ අපේ සුර්යයා අයත් වන G වර්ගයටමයි. අපේ සුර්යයාගේ ස්කන්ධය වගේ 1.1ක ස්කන්ධයක් තියෙන Alpha Centauri A තාරකාවේ දීප්තීය අපේ සුර්යයාගේ වගේ 1.5 ගුණයක් පමණ වෙනවා. Alpha Centauri B තාරකාව අයත් වන්නේ K වර්ගයටයි. Alpha Centauri B තාරකාව අපේ සුර්යයාට සාපේක්ශව 0.9 ගුණයක ස්කන්ධයක් සහ සුර්යයාට සාපේක්ශව 0.5 ගුණයක දීප්තියකින් සමන්විත වෙනවා. Proxima Centauri තාරකාව රාත්‍රී අහසකදී අපිට අපේ ඇස් දෙකෙන් පෙන්නේ නැති උනාට, Alpha Centauri A සහ B තාරකාවන් ද්විත්වය අපට තනි තරුවක් විදිහට අපේ ඇස් දෙකෙන් බලාගන්න පුළුවන්. ඒ රාත්‍රී අහසේ පෙනෙන තෙවන දීප්තීමත්ම තාරකාව විදිහට. තාරකා වර්ගීකරණයට අනුව M වර්ගයට අයත් වන Proxima Centauri තාරකාව Red Dwarf තාරකාවක්ද වෙනවා. Proxima Centauri තාරකාව පිහිටලා තියෙන්නේ Alpha Centauri A සහ B තාරකාවන් ද්විත්වයට තාරකා විද්‍යාත්මක ඒකක (සුර්යයාගේ සිට පෘථිවියට ඇති දුර මෙන්) 13,000ක් පමණ දුරින්. Alpha Centauri A සහ B තාරකාවන් ද්විත්වය පොදු කේන්ද්‍රයක් වටා පරිභ්‍රමණය වුනත් ඒ දෙන්නා අතර තියෙන දුර නියතයක් නෙමෙයි. කොහොම වුනත් මේ තාරකා පද්ධතියේ තියෙන අපිට වැදගත්ම දේ තමයි Proxima Centauri තාරකාව වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක ද්විත්වය. දැනට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව තහවුරු කරලා තියෙන මේ ග්‍රහලෝක ද්විත්වයේ නම් වෙන්නේ Proxima Centauri b සහ Proxima Centauri d යි. මින් Proxima Centauri b ග්‍රහලෝකය තම මව් තාරකාවේ සිට ජීවයට පැවතීමට සුදුසු දුරකින් පිහිටලා තියෙනවා විතරක් නෙමෙයි එම ග්‍රහලෝකයේ ප්‍රමාණය ආසන්න වශයෙන් පෘථිවියේ ප්‍රමාණයට සමානත් වෙනවා. කෙසේ වෙතත් Proxima Centauri b සහ d ට අමතරම Proxima Centauri c කියලා ග්‍රහලෝකයක් තියෙන්න පුළුවන් කියලා විවිධ තාරකා විද්‍යාඥයින් මත පල කරනවා. හැබැයි ඒක තවමත් නිශ්චිත නැහැ. Alpha Centauri A සහ B තාරකාවන් ද්විත්වය සලකද්දී Alpha Centauri A තාරකාව වටා එක් ග්‍රහලෝකයක් පරිභ්‍රමණය වන බවට උපකල්පනය කරත් එය නිශ්චිත නැහැ. Alpha Centauri B තාරකාව සතුව ග්‍රහලෝකයක් පවතින බවට ප්‍රමාණවත් සාධක තවමත් ඉදිරිපත් වෙලා නැහැ. Proxima Centauri b ග්‍රහලෝකය අපේ පෘථිවිය වගේ භ්‍රමණය වෙන්නේ නැහැ. එයා Tidally lock වුනු ඒ කියන්නේ ග්‍රහලෝකයේ එක් පැත්තක් සදාකාලිකවම තමන්ගේ මව් තාරකාව දෙසට මුහුණලා තියෙන සහ අනෙක් පැත්ත සීතලෙන් සහ අන්ධකාරයෙන් පිරී ගිය අභ්‍යවකාශය දෙසට මුහුණලා තියෙන ග්‍රහලෝකයක්. මෙන්න මේ හේතූන් නිසා Proxima Centauri b ග්‍රහලෝකයේ මිනිසුන්ට ජීවත් වීම සඳහා යම් හෝ මට්ටමකින් සුදුසු වෙන්නේ අධික රස්නයකින් හෙඹි කලාපය සහ ශීතල කලාපය අතර වූ මධ්‍යස්ථ කලාපයක් ය. වර්තමානයේ අපේ ලෝකේ තියෙන හොඳම තාක්ශණය භාවිතා කරලා අපි අභ්‍යවකාශ යනාවක් නිර්මාණය කරලා එම යානාව යොදාගෙන Alpha Centauri වලට යන්න හැදුවොත් අපිට ඒ ගමනට අවුරුදු 25,000කට වඩා යනවා, මොකද ආලෝක වර්ශ 4.25ක් කියන්නේ අතිශයින් විශාල දුරක් නිසා. 2017 වර්ශයේදී NASA ආයතනය විසින් වර්ශ 2069දී Alpha Centauri පද්ධතිය ගවේෂණය සඳහා දියත් කරලීමට සැලැසුම් කරන මෙහෙයුමක් පිළිබඳව නිවේදනය කලා. නාසා ආයතනයේ විද්‍යාඥයින්ට අනුව නම් ආලෝකයේ වේගය මෙන් 10% ක වේගයෙන් ගමන් කරන නියමුවන් රහිත අභ්‍යවකාශ යානාවක් ඔවුන් මේ මෙහෙයුමට යොදාගන්න බලාපොරොත්තු වෙනවා. ඔවුනගේ ගණනය කරලීම් වලට අනුව නම් පෘථිවියෙන් නික්ම වසර 44කට පසුව එනම් 2113 වර්ශයේදී එම අභ්‍යවකාශ යානාව හට Alpha Centauri පද්ධතියට ළඟා වීමට හැකියාව ලැබෙන අතර, ආලෝකයේ වේගයෙන් අප පෘථිවියට එවන දත්ත සහ ඡායාරූප වැනි දෑ, අපට ලැබීමට තවත් වසර 4ක් ගත වේ. ඒ 2117 වර්ශය වන විට මේ තාරකා පද්ධතියේ සමීප ඡායාරූප සහ දත්ත අපවෙත ලබාදෙමිනි.
Show all...
👍 1
කෙසේ වුවත් විවිධ විද්‍යාඥයන් එක්ව නිර්මාණය කල Breakthrough Initiatives වැඩසටහනට සමගාමීව ඉදිරිපත් වී ඇති Breakthrough Starshot නම් වැඩසටහන සතුව මෙම තාරකා පද්ධතියට ළඟාවීමට ඉතා වේගවත් ක්‍රමවේදයක් ඇත. ඒ තවමත් තාර්කික මට්ටමේ පවතින Nuclear Pulse Propulsion හෝ Laser light Sail තාක්ශණය උපයෝගී කරගනිමින් ගමන් කරන නැනෝ අංශූ උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද අභ්‍යවකාශ වස්තුවක් හට අවුරුදු 20ක් වැනි කාලයක් තුලදී එම තාරකා පද්ධතියට ළඟා විය හැකිය. නමුත් එය අතිශයින් උපකල්පිත බලාපොරොත්තුවක් පමණක්ද විය හැකිය. යම් හෙයකින් කුමන හෝ දවසක මිනිසුන් Proxima Centauri b ග්‍රහලෝකය මත පා තැබුවහොත් එය මානව ඉතිහාසයේ තවත් එක් විශිෂ්ඨතම මොහොතක් වනු ඇත, ඒ අන් කිසිවක් නොව මිනිසුන් වන අප අන්තර් ගැලැක්ටික ජිවී විශේෂයක් බවට පත් වූ මොහොත වීමයි. එයට තවත් වසර සිය ගණනක් හෝ දහස් ගණනක් ගත විය හැකිය, එබැවින් අපගේ පරම යුතුකම විය යුත්තේ අපගේ පෘථිවිය පන මෙන් සුරැකීමයි... © Padaartha - පදාර්ථ අධිමානසිකයා
Show all...
👍 1
ඔයාගෙ අත wrist එකෙන් හරියටම හරස්කඩක් පේන්න කැපුවොත් පේන විදිහයි මේ...🤜 බොරු නම් කපල බලහංකො😌 #Science @come_and_learn_knowladge1st KNOWLEDGE 1ST🧠🇱🇰
Show all...
💔 5