🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃
Open in Telegram
Online Fantasy ලෝකෙක Social Media Life වල සිරවුනු සොඳුරු කලාකරුවන්ගේ අම්බලම…….🖊 📍කලාකාරයෝ🖊 ඔබගේ නිර්මාණ අප වෙත එවන්න :- @m_ahima7 Cross Promotion Admin :- @aelvi2003
Show more1 860
Subscribers
+124 hours
-17 days
-2130 days
Posts Archive
හිඳින් එක් මලක්
මුනිඳුන්ටත් කලියෙන් කෙනෙකුට
ප්‍රාර්ථනයක් වත් නැතිව
අත් අස්සක ගුලිකරගතාහම
පව් පිරුනායින් මොකද
අහස්
පරවෙනකල්ම ලග තියේවි ඒ
නුඹට වෙන්වුනු පුද නොකල මල
ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
මහා භද්‍රයෙන් කල්පයක
කල්පිත අදෘශ්‍ය මනෝමයන්
අංගරාග අහිනයෙන් ඔපදමා
මනුෂ්‍යත්වයෝ
තව තවත් ඇල්මෙන් ඇලෙති
බැල්මෙන් දැවෙති
සිතුවිල්ලෙන් බිඳෙති
හිඳින් හුඳී ජනයෝ
සසර නම් රඟමඩලේ
වෛවර්ණ සාත්ත්වික රංගයෙන් රඟති
ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
මගේ ජිවිතේ
ලොකු කාතාවක්
මගේ ඇතුලේ
දුවනවා කාලාවක්
අපි සේරම තනි
එකම රටාවක්
තෙරුම් ගන්න
මේක මුසාවක්
#වෙද_පප්පා89
@kalakarayo
#කලාකාරයෝ
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
රෙසින් වලින් සීල් කරලා
වටේට රෙදි පටි ඔතන්න
අහස්
හදවතක් කියන්නෙ මමියක් නෙමෙයි
මිනිස්සු මරන එකෙත් සීමාවක් තියාගන්න
ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
ආලයේ සිසිලස සොයාගෙන සදවතට පෙම් කළා මතකයි
ප්‍රේමීය ගිනි පුලිගු එකිනෙක දැල්වුනා නොදැනීම මතකයි
ආදරෙයි කියලා නොකීවට හදවතම කිති කැවුන මතකයි
ළගින් හිටි ලස්සනම හදවත මතකයක් වුණ හැටිත් මතකයි
ජිවිතේ නිදහස සොයාගෙන ඔයාවම හැම තැනම හෙව්වා
කාලයේ වැලි තලා අතරින් ඈත හිද අත වනනු පෙනුනා
ගීතයේ අරුතට වඩා මට ඔබේ මතකය සිතේ රැඳුනා
සොදුරු දවසක සොදුරු මිතුරිය වචනයක් දවටාවි සිතුණා
බුට් හතරක් කාපු මිනිහෙක්
ආදරේ ගැන දන් නෑ
වදන් මර මර කවි
ලියනවා මිස
කිසි දෙයක් මම දන් නෑ
මැරුණු කවියක්
අතට අරගෙන
ජීවයක් දෙනවා
ඇරෙන්නට
ආදරේ ගැන කිසිම
ලබ්බක්
මම තාම දන් නෑ
#වෙද_පප්පා89
@kalakarayo
#කලාකාරයෝ
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃහදවතක් පැලුනාම
කැලැල් නොදරයි හම
ඇතුළතින් රිදුනත්
දරාගන්නවා මේ ලැම
ඇතින් පායලා එන
ගොම්මනේ රන්පාට සද
බලන්නට සිතක් නෑ
දැනුනාම පෘතග්ජන ගද
#වෙද_පප්පා89
@kalakarayo
#කලාකාරයෝ
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃසීගිරියේ අගනුන්
විටක සිත ,
ඉම්බත්
දහසකුත් හැගුමන්
හදවතට ,
නැගුනත්
දුවන බසයක
ටිකට් අත ගෑ ,
රංදිකත් දැන්
තාත්තෙක් !
#වෙද_පප්පා89
@kalakarayo
#කලාකාරයෝ
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
ඉස්සර ආසාවෙන්
එක්කෙනෙක්ගෙ මං
කියෙව්වා කවි....!
හැබැයි දැන් නම්
දකින්නවත් නැති...
අහලා බලන්නත් හිතයි
දැන් ලියන්නැද්ද ඒ හැටි...
අඩුම මේක දැකලවත්
ලියනවද අලුත් කවි...!
🖤🤍
@kalakarayo
#කලාකාරයො
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
මියැදි හසුනක කැබලි කුමකට
ලතැවු ප්‍රේමය අහිමි නම්
ලදිමි කඳුලක රිදුනු වෙහෙසින්
අතින් ගිලිහී ගියෙහි නම්
Ishan D. Rupasinghe
@kalakarayo
#කලාකාරයො
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
අහස්
මිනිස් ශරීර උෂ්ණත්වය
සෙල්සියස් අංශකත්
නියත පරිමාව පන්නලා වැඩි වෙනකොට
මසැස හික්මුණු අඩවියෙනුත් එහාට
පිටපනිනවා
බැරිම තැන
මිටිමොලවපු හිස් ඇඟිලි කරු තදකරන්
නොහික්මුණු පපු දාරෙක නිලේකට
හතර පස් විඩක් තට්ටු කරගෙන
අනාගත කාලයක දිග පලල
මැන ගන්න හදනවා
ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
ඇස් දිහා බලාගෙන ආදරෙයි නොකිව්වට
පුරා පැය කල්පුරා කතාබස් නොකෙරුවට
ලඟ ඉඳන් සෙහෙහසින් තොදොල් බස් නොකිව්වට
හදවතේ ගැඹුරින්ම ආදරේ ඇති සොඳුර
දුර ඉඳන් ඔබ නොදැන ඔබේ සිනහව පැතුව
කඳුලු දුක් කටොලු මැද ඔබ නොදැන එය නිව්ව
ප්‍රේමයක් නොවන මුත් විරහ දුක මට දුන්න
මා සොඳුර මේ කුමන බැම්මක්ද අප අතර
තොරක් නැති කතාබස් , හිනා හඬවල් ඇසෙන
සතුටින්ම අප සිටිය අතීතය මනරම් ය
හිමි නොවන බව දැනත් තව තවත් ප්‍රේම කල
මා වැනිම ගැහැනියක් හමු වුණොත් පවසන්න
@අභී
@kalakarayo
#කලාකාරයො
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
සින්නදෝරෙ
දාඩිය මල් සුවඳක් වී
උරහිස මත පිපුනාවේ
දෑගිලි මැද පොට්ටු පිච්ච
පොඩිවී පෙති හැළුනාවේ
ලැයිම් කාමරේ අම්මන්
දේවිය ඉකි බින්දාවේ
සින්නදෝරෙ නුඹේ අතින්
තේ දල්ලක් සිදුනාවේ................
කූඩැල්ලන් ලේ රස වැටි
තේ වතු මැද නිවුනාවේ
වතුකරයේ අදෝනාව
මුරුගන් හට ඇසුනාවේ
කාවඩි එළි වෙනතුරු නුඹ
කරේ තියන් නැටුවාවේ
සින්නදෝරෙ නුඹේ අතින්
තේ දල්ලක් සිදුනාවේ................
හාමතෙ හඬලා ලුණු රස
දිව මත අප මිදුණාවේ
කම්හලෙ රෝලට හසුවී
තේ දලු මෙන් තැළුනාවේ
දෙවියන් සිටියානම් මේ
වතුකරයේ ගස් ගානේ
සින්නදෝරෙ නුඹේ අතින්
තේ දළුලයි සරුසාරේ..............
- සුපිපි කාව්‍යා -
එක් බැල්මකින් දික් වෙන
සාරාසංඛ්‍ය කල්පයක්
ඉතිම් අහස්
නිවන නම් අහලකවත් නැති තරම්
ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
අසමානව දෙබෙදුනු ශරීර රේඛා දෙකක් මැද
දබරඟිලි වාරුවක් නාභිගත කරන්න
ශරීර රේඛා ශාස්ත්‍රයක පරතෙර
ලබ් ඩබ් අගයෙන් අනන්තයට වටයන්න
පුහු මනෝකථනයක ලියවුනු
හුදු ශ්ලෝකීය පණිවිඩ
සාහිත්‍යකාමී අද්භූත වචන අස්සක ගිල්වන්න
අහස්
බොර ගැහුම් බරට පිය වැහුනු දෑසක් හාදුවක බර ඉහිලුව වුනාට
අඩියක උනත් බර සක්මන් කරන හදවතක් මතට නොදෙන්න
ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
රෑ අහසෙ බැබලෙනා තනි තරුව දුටුවාම
මතකයම පීරගෙන නුඹෙ මතක මැවෙනකොට
අහම්බෙන් මෙන් ඇසෙන ගීතයක පද අතර
නුඹේ නම තැවරිලා හිතට කාවැදෙනකොට
දිවා රෑ නොවෙනස්ව පෙනෙන හැම හීනයෙම
නුඹේ රුව හිත පුරා ඔහේ සැරිසරනකොට
මතු වෙන්නෙ එකම එක ප්‍රශ්නයකි මගෙ හිතට
මට වාගේම නුඹටත් මාව මතක් වෙනවද....?
#senna✍️
@kalakarayo
#කලාකාරයෝ
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
අත්‍යන්ත අතිහීන
සය වස් ස්ථම්භයක
සාපේක්ෂ නිරපේක්ෂ
කාල නිර්ණයක පටුනක
කොහේ හෝ කොණක ඇතැයි
බලාපොරොත්තු දල්වාගෙන
කාච ඔබ්බපු ඇස් කොණින්
මතක මතකයත් අහිමි ජීවී ප්‍රාණියෙක්
මනුෂ්‍යත්ව දොරකොඩ මත අරක් ගෙන හිදී
අහස්
අවසානාත්මක තේරීම් හමුවේ මැතිරුණු
පපුවක ලතෝනියක් අස්සෙනුත් ඌ
වංග ගිරි හිතක බැමි පවුරු බිඳින්නට සැරසෙයි
ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
