en
Feedback
Path to Ꭺmbition 🎓❤️✨

Path to Ꭺmbition 🎓❤️✨

Open in Telegram

A/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇 ⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations . ( 💯 Free ) " එකතු වෙන්න , හීන දිනන්න....♥️✨"

Show more
1 773
Subscribers
No data24 hours
-47 days
-2230 days
Posts Archive
ධ්වනි ලක්ෂණ ✨තාරතාවය ✨ 💜 සංඛ්‍යාතය මත රඳා පවතිනවා 🖤 සංඛ්‍යාතය වැඩි වන විට තාරතාවය වැඩි වෙනවා.. ✨විපුලතාවය ✨ 🖤 හඬේ සැර 💜 විස්තාරය මත රඳා පවතිනවා 🖤විස්තාරය වැඩි වන විට විපුලතාවය වැඩි වෙනවා. 🖤විස්තාරය වැඩි වෙනකොට ශක්තිය වාඩි වෙනවා තරංගයක ✨ධ්වනි ගුණය ✨ 🖤 එකම සංඛ්‍යාතය , විස්ථාරය සහිත ධ්වනි තරංග දෙකක්, ප්‍රභව දෙකකින් නිකුත් කලාම ඒවා වෙන් කරගෙන අඳුරගන්න පුලුවන් හැකියාව තමයි ධ්වනි ගුණය කියන්නේ.. 💜 උපරිතාන පැවතීම මත තමයි රඳා පවතින්නේ. ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

දෝලන තරංගවල මතක තියෙන්න ඕනි සෙට් එකක්.👇 ✨අතිධ්වනි තරංග වල භාවිත . 🩶ද්‍රව වර්ග ජීවානුහරණයට 🩶රුධිර සංසරණ වේගය මැනීමට 🩶සියුම් උපකරණ පිරිසිදු කිරීමට 🩶රසායනික ප්‍රතික්‍රියාවල සීඝ්‍රතාවය වැඩි කිරීමට 🩶සෝනාර් උපකරණවල ✨ලේසර් වල ගුණ 🖤සමචාරී වේ.(කලාව නියතයි කියන එක ) 🖤ඒකවර්ණ වේ .(තරංග ආයාම පරාසය කෙටි නිසා) 🖤ඉතා තීව්‍ර වේ. 🖤ගමන් මගෙහි විසිරුම අවම වේ. ( එකම දිශාවකට යොමු වෙලා තියෙනවා කියන එක) ✨ලේසර් වල භාවිත. 🖤අක්ෂි ශල්‍ය කටයුතුවලට . 🖤ලේසර් මුද්‍රණ යන්ත්‍ර . 🖤ලෝහ තහඩු කැපීමට . 🖤ත්‍රිමාන ප්‍රතිබිම්බ නිපදවීමට. 🖤අන්වීක්ෂීය කටයුතු වලට. 🖤රසායන විද්‍යාවේ වර්ණාවලි පර්යේෂණ වලට. ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

තාප විද්‍යුත් යුග්මය හදන්න ගන්න පුලුවන් ලෝහ වර්ග ✨තඹ , යකඩ ✨නිකල් , නික්‍රෝම් ✨තඹ , කොන්ස්ටන්ටන් ✨ප්ලැටිනම් , ප්ලැටිනම් රේඩියම් මිශ්‍ර ලෝහය. මේ පාර පේපර් එක Theory පැත්තට බර කරලා කියලා කතාවක් යන නිසයි මෙහෙම දාන්න හිතුවේ.. මේ සමහර ලෝහ syllabus එකට අලුතින් add කරලා තිබුන ඒවා නිසා පොඩ්ඩක් බලාගන්න. මොකද එයාලා අරමුණක් නැතුව නිකන්ම syllabus එකට චූටි චූටි දේවල් අලුතින් add කරන්න හේතුවක් නෑනේ.. ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

📌ත'මිස්‍ටරය 📌 කියන්නේ මොකක්ද ළමයි....👀 උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන විද්‍යුත් ප්‍රතිරෝධයක් තියෙන උපාංගයක් උෂ්ණත්ව විචලන හඳුනාගන්න සංවේදකයක් විදියට ගන්නවා . වර්ග 2 යි ✨NTC [ {-} උෂ්ණත්ව සංගුණකයක් තියෙන් ඒවා.] ✨PTC [ {+} උෂ්ණත්ව සංගුණකයක් තියෙන ඒවා.] වැඩියෙන්ම භාවිත වෙන්නෙ NTC වර්ගය ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

උෂ්ණත්වමානවලට තිබිය යුතු ගුණ ✨පරිහරණය පහසු වෙන්න ඕනි ✨නිරවද්‍යතාව වගේම සංවේදීතාව ඉහළ වෙන්න ඕනි ✨මනින්න පුලුවන් උෂ්ණත්ව පරාසය වැඩි වෙන්න ඕනි ✨ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නත් ඕනි 👇 මෙන්න මේකත් පටලවලා තිබ්බලු ගොඩක් අය කලින් ✨තාප ධාරිතාවය අඩු විය යුතුයි. හො.ම.ත.ග.යු . තාප ධාරිතාවය මොකක්ද වෙන්න ඕනි අඩු අඩු හොඳේ 😒 නැත්නම් ඉතින් උෂ්ණත්වමානයක් වෙලා වැඩක් තියෙනවද 😒😪 උෂ්ණත්වමානය අවශෝෂණය කරන තාපය ඒ කියන්නේ තාප ධාරිතාවය අඩු වෙන්නයි ඕනි.... කලින් වරද්දපු අය ඉන්නවනම් ආයෙනම් වරද්දන්න එපා ඔන්න.😒 ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

ළමයි උෂ්ණත්වමිතික ගුණ ගැන කතා කරනකොට past papers වල ගොඩක්ම වරද්දලා අහලා තියෙන ගුණය තමයි , උෂ්ණත්වමානයක් නිවැරදිව ක්‍රමාංකනට කරනකොට , උෂ්ණත්වමිතික ගුණයට රේඛීය විචලනයක් තිබිය යුතුයි කියන එක . මේක අවුරුදු ගානක්ම අහලා තිබ්බා ඒ හැම අවුරුද්දකම ළමයි ගොඩක්ම අරන් තිබ්බේ මේ ප්‍රකාශේ හරියි කියලා..
මතක තියාගන්න හැමතිස්සෙම එහෙම රේඛිය විචලනයක් තිබිය යුතු නෑ .
රේඛීය වෙනවනම් හොඳයි හැබැයි විය යුතු නැහැ. උෂ්ණත්වමානයක් නිවැරදිව ක්‍රමාංකනය කරලා තියෙනවනම් උෂ්ණත්වමිතික ගුණයට රේඛීය විචලනයක් තියෙන්න ඕනිත් නෑ ඉතින් .... හැබැයි තිබ්බනම් හොඳයි ඒ උනාට තිබිය යුතුයි කියලා එකක් නෑ තේරුනාද . 2007 -: 57 2008-:38 2012-: 34 මෙන්න මේවා පොඩ්ඩක් බලන්න. ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

මේ ගාන හදන විදිය අහලා තිබ්බ නිසා දැම්ම ඔන්න.... ඕනිම මට්ටමක ඉන්න කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට වෙනම රූප පියවර විදියට ඇඳල
මේ ගාන හදන විදිය අහලා තිබ්බ නිසා දැම්ම ඔන්න.... ඕනිම මට්ටමක ඉන්න කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට වෙනම රූප පියවර විදියට ඇඳලා ලිව්වේ .... මොකද ඔය ගානම ඔහොමම එන්නෙ නැති වෙන්න පුලුවන්නෙ ඔය ගාන හිතන විදියයි අපි දැනගන්න ඕනි. එවෙලෙට තියෙන stress එකත් එක්ක අපේ ඔලුව මොන විදියට වැඩ කරයිද කියන්න අපි දන්නෙ නෑනේ ..ඒ නිසා කොච්චර හොඳට පුලුවන් කෙනෙක් උනත් කලින් බලල යන එක හොඳයි .
අපැහැදිලි තේරුම් ගන්න අපහසු දෙයක් තිබ්බොත් කියන්න ළමායි....🌝
ගාන කටපාඩම් කරන්න නෙමේ ..ගනන් කොහොමත් කටපාඩම් කරගෙන වැඩක් නෑනේ.. ගාන හදන විදිය අවබෝධ කරගන්න. ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

#Reminder ⏳ Last Minute හෙට Physics එකට මේ ටික අන්තිමවතාවට කෝකටත් බලාගෙන...යන්න...🥰👇

+1
Practicale Notes.pdf2.02 MB

🛑 PHYSICS ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල ආවරණය හෙට උදේ 8:00 සිට අපගේ YouTube චැනලය ඔස්සේ විකාෂය වේ. අදාල නිබන්ධන අපගේ Telegaram චැනලයේ පලකෙරේ. අපේ YouTube Channel එක Subscribe කර තියාගන්න. පණිවිඩය යහලුවන්ටත් ලබාදෙන්න. https://www.youtube.com/@digitalmissionofphysics

ළමයි කැමති අයට practical ටික Revise කරගන්න පුලුවන්. උදේ 8 ට පටන් ගත්තේ .... ඕනි අය මේකෙන්  ප්‍රයෝජනයක් ගන්න.... 🌝❤️ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

මේ තමයි ළමයි වෙලාව 👊♥️ අතාරින්න එපා කවුරුත්ම 😼♥️
මොකද එක mcq එකක් කියන්නේ Rank 200ක් 300 ක් විතර . ඉතින් එක mcq එකක් හරි වැඩි කරගන්න මහන්සි වෙන්න අඩුම තරමේ.ඒකේන් ඔයාවත් නොහිතන හොඳම දෙයක් වෙයි අනිවාරෙන්ම 😉♥️
අතෑරලා ඉන්න ළමයි අතරේ අඩුම ගානේ අද ඉඳලා හරි ඔයා මේක අල්ලගෙන කට්ට කාගෙන කොහොමහරි කරන් යන කෙනෙක් කියන්නේ.... අන්න ඔයා සුපිරිම ඩයල් එකක් 👌😉♥️ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

https://youtu.be/V27ouWeCLlQ ලෑස්ති වෙලා ඉන්න. ඔක්කොම විස්තර උඩ වීඩියෝවෙ තියනවා. යහලුවන්ටත් share කරන්න. මොන සැරේ බැරිවුනත් මේ සැරේ A එකක්

ඉගෙනගන්න ළමයෝ..😌♥️✨
ඉගෙනගන්න ළමයෝ..😌♥️✨

කාලෙකින් මේක අහලා තිබුණේ නෑ , කෝකටත් මේක බලාගන්න..😌❤️
කාලෙකින් මේක අහලා තිබුණේ නෑ , කෝකටත් මේක බලාගන්න..😌❤️

දුෂ්කර ගම්මාන වල මුඩුක්කු ගෙවල්වල ඉඳන් අධ්‍යාපනය ම විශ්වාස කරපු මිනිස්සු ලෝකේ මහ තැන් වල දීප්තියෙන් බැබලෙනවා මහපොළොව ඕනි තරම් අත්විඳිනවා. මැටි අතුරපු බිමක ඉඳන් ලෝකේ මිළ අධික ම ටයිල් අතුරපු බිමකට වෙනකන් මනුස්සයෙක් අරන් යන්න අධ්‍යාපනයට පුළුවන් තමයි. යහමින් අතේ මුදල් ගැවසෙන නිබඳ ගරු බුහුමන් ලැබෙන රස්සාවකට අධ්‍යාපනය ඔබව අරන් යනවාත් තමයි. හැබැයි 'අපි ඉගෙනගන්න ඕනි ඇයි?' කියන ප්‍රශ්නෙට මං ආස උත්තරයක් තියනවා ! ආයාසයෙන් උස් කඳු මුදුනක් තරණය කළාට පස්සේ හාත්පස පරිසරය මාර ලස්සනට පේනකොට මඟ දිගේ පහු කරන් ආපු දුර්ග වලදි දැනුණ වේදනාකාරි හැඟීම අමතක වෙලා වෙනවා. සංගීතකාරයෙකුට ගී තනුවක, නීතිවේදියෙකුට පනතක, උද්භිද විද්‍යාඥ්ඥයෙකුට පරිසර පද්ධතියක අපිට නොපෙනෙන ගැඹුරක් අපූර්වත්වයක් පේනවා ඇති කියලා මට හිතෙනවා. ඉතින්, අධ්‍යාපනයට පුළුවන් අපිව උස කන්දක් මුදුනට අරන් යන්න. ලෝකේ කිසිදා නොදුටු මානයන් නවමු කෝණයන් තුළින් දෑස් ඉදිරියේ මවන්න. ඒ තුළින් ලැබෙන භෞතික සම්පත් අතුරුඵල විදියට තියෙද්දි යම් ක්ෂේත්‍රයක බොහෝ දෙනා අත්නොවිඳි ආශ්වාදයක් අත්විඳීම උදෙසා ඉගෙනගන්න කියලා යෝජනා කරන්න මං හුඟක් ආසයි !
✍Udesha Pahalagama

"හීනජයගමු🎓🖤" අධ්‍යාපනය මිනිස්සුන්ගේ ජීවිත අනික් පැත්ත පෙරළපු කතා ගැන අපි අහලා තියනවා....✍
"හීනජයගමු🎓🖤" අධ්‍යාපනය මිනිස්සුන්ගේ ජීවිත අනික් පැත්ත පෙරළපු කතා ගැන අපි අහලා තියනවා....✍