Path to Ꭺmbition 🎓❤️✨
Open in Telegram
A/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇 ⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations . ( 💯 Free ) " එකතු වෙන්න , හීන දිනන්න....♥️✨"
Show more1 773
Subscribers
No data24 hours
-47 days
-2230 days
Posts Archive
ළමයී....
කලින් දේවල් කවුරුවත්ම කියන දේවල් අදාළ නෑ ....
ඔයාලා වැඩ කරලා තියෙනවා මොනම මට්ටමකින් හරි වැඩ කරලා තියෙනවා ඒ නිසා අනිවාරෙන්ම ඔයාලට පුලුවන්🤝❤️
හැමෝම තමන්ගේ පුලුවන් උපරිමෙන් කරලා එන්න....
දිනලා එන්න එහෙනම් හැම කෙනාටම අනිවාරෙන්ම පුලුවන් 😌❤️All the best ❤️✨
ළමයි ප්‍රජනනය කොටසෙන් ශුක්‍රාණු ජනනය කොටස පොඩ්ඩක් බලාගන්න අනිවාරෙන්ම . ගොඩක් වෙලා යන්නේ නෑ ඇත්තටම.. ගොඩක් වෙලා යනවනම් එතන තියෙන්නේ මේ වෙලාවෙ ඔයා කරන විදියේ අවුල..
ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
ළමයී....
රයිබසෝම කියන්නේ ඉන්ද්‍රිකාවක් නෙමේ හොඳද....
උපසෛලීය සංඝටකයක්.... mcq ප්‍රශ්න වලදී ඒක හොඳට මතක තියාගන්න...
මේ පාර exam එක ලියන ළමයී....
තව දවස් 14 යි තියෙන්නේ ඔයාලට.....
ආයේ ආයෙත් කියන්නේම.. දැන් ඔයාලා ලොකු කාලයක් නාස්ති කරගෙන බැරි පාඩම් cover කරනවා කියලා videos බල බල කාලේ කන්න එපා..
Marking schemes බල බල papers වලට උත්තර ලියන්න පුලුවන් තරම්.
ඒක තමයි ඔයාලා මේ දවස් ටිකේ කරන්න ඕනිම දේ..
Repost from Path to Ꭺmbition 🎓❤️✨
NK Cells -: ස්වාභාවික නාශක සෛල
Cancer Cells -: පිළිකා සෛල
Necrosis -: මැරුණු පටක කොටස්
Apoptosis -: මැරුණු සෛලවල අණුක කොටස්
ස්වාභාවික නාශක සෛල ,
අසාමාන්‍ය සෛල පරිග්‍රහණය කරන්නේ නෑ පේනවනේ 🌝
එයාලා කරන්නේ ,
අසාමාන්‍ය සෛලවල මතුපිටට
සම්බන්ධ වෙලා ඒවා විනාශ
කරන්න පුලුවන් රසායන ද්‍රව්‍යක්
මුදා හැරලා ඒවා විනාශ කරන එක 🌚
ඒ නිසා,
පිළිකාව , වෛරස තවදුරටත්
පැතිර යාම වළකිනවා 🌝♥️
⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
ළමයී ඔයාලට මතක හිටින්නේ නැති නොතේරෙන කොටස් තියෙනවනම් comment එකක් විදියට දාන්න.... shortnotes හරි ඒවට voice msgs හරි දාන්නම් මං....
ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
එතකොට තව කෙනෙක් කියන්න පුලුවන් F මට්ටමේ නම් ඉන්නේ මෙලෝ දෙයක් දන්නෙ නැතුව කොහොමද papers කරන්නේ කියලා....
(පන්ඩිතස්ලා සෙට් එකකුත් ඉන්නවනි ඉතින් )😒
පන්ඩිතකම් නැතුව එක එක විකාර හිත හිත ඉන්නෙ නැතුව තවත් කාලේ නාස්ති නොකර අඩුම තරමේ මං කියනවටවත් papers කරන්නකෝ..කරලම බලන්නකෝ😌
එතකොට ඔයාලටම තේරෙනවා F මට්ටමේ ඉන්න මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක් කොහොමද papers කරන්නේ කියලා....👉👈
එහෙම කෙනෙක්ට පටන්ගනිද්දි මුලින්ම අමාරු වෙයි .... පිස්සු හැදෙන්න වගේ එයි.... 🤓නවත්තන්නම හිතෙයි.... shy skip කරන්න හිතෙයි....🫠 ඔයා ඔයාගේ හිතට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා.... මොලෙන් කල්පනා කරලා .. ඒ එන සිතුවිලි ඔක්කොම ටික හිතෙන් අයින් කරලම දාන්න....👋 අතාරින්න එපා අමාරුවෙන් හරි අල්ලන් ඉන්න.... ✌️එහෙම අල්ලන් ඉඳපු අය තමයි අද වෙනකොට ගේමක් ගහලා තමන්ට ඕනි තැන්වලට ගිහින් තියෙන්නෙ....😉❤️
අනිවාරෙන්ම papers කරන්න ..✍🫀
ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
හරියටම මාසයයි ✍🫀📌
ඔයාලා හිතනවද .... videos බල බල sirlage videos බලලාම කොහොමහරි syllabus cover කරලා ගේමක් ගහන්න පුලුවන් කියලා මේ ටිකේ.. 😂
මුළු syllabus එකම පුලුවන් කෙනෙක්ට උනත් මේක ගොඩ දාන්නනම් එයා උනත් අනිවාරෙන් කරන්න ඕනිම දෙයක් තියෙනවා.. 😌
ඒ තමයි papers....📠
මේ මාසෙම ළමයි ඔයාලා පුලුවන් තරම් papers කරන්නයි ඕනි subject 3 ම. Papers කරන ගමන් බැරි වෙන දේවල් පාඩම් කරන්න....
Marking scheme බල බල පිස්සුවෙන් වගේ papers කර කර පාඩම් කරන්න....
තාම මේක ඇගට දැනිලා නැති ඔහේ ඉන්න කෙනෙක් ඉන්නවනම් ඉතින්....😒
මතක් කරගන්න results එන දවස තමන්ට ඕනි results ලැබුනේ නැත්නම් ඔයාට මොනවගේ දුකක් එයිද 😪
ඇත්තටම පොඩ්ඩක් හිතලා බලන්න මොන වගේද ඒ දුක 🤔
පොඩ්ඩක් මවාගෙන බලන්න....
කලින් shy කරපු අයනම් දන්නවා ඉතින්.... එයාලට කලින් shy එක මතක් කරගත්තම හොඳටම ඇති...
ඔයාලට තාමත් කාලෙ හොඳටම ඇති....🤝
F මට්ටමේ ඉන්න කෙනෙක්ට උනත් මේ ටිකේ කාලෙ කළමනාකරණය කරගෙන 🧠 කල්පනා කරලා වැඩ කරොත්නම් ගේමක් ගහගන්න බැරි වෙන්නෙ නෑ.... අනිවාරෙන්ම පුලුවන්✊ ❤️
Experience එකෙන් කියන්නේ.... හැබැයි සර්ලගේ videos විතරක්ම බල බල .... පාඩම් cover කර කර හිටියා කියලා විතරක් ඔයාලට මුකුත් කරගන්න හම්බෙන්නෙ නෑ.. ඔයාලා cover කරන පාඩම්වත් හරියට ඔලුවට යන්නේ නෑ..
මේ වෙලාවේ ඔයාලා කරන්න ඕනි papers වලින් පාඩම් cover කරන එක..
F මට්ටමේ ඉන්න කෙනෙක්ට උනත් මේ වෙලාවෙ තියෙන හොඳම option එක ඒක....
ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
✨ Zygomycota ✨
🛑 මෙයාලගෙන් ගොඩක් අය
මෘතෝපජීවීන් උනාට සමහර අය
පරපෝෂී වගේම සහභෝජී
වෙනවා. ( පරපෝෂී , සහභෝජී
කියන්නෙ මොනවද කියලා
දන්නවනෙ නේ 🌝 දන් නැත්නම්..
( මෙතන මොකක්ද කරන්නෙ තව😒ගිහින් දැන්ම ඒ ටික බලාගන්න ඉතින් සතුන්ගේ පෝෂණය ටික😒)
🛑 මෙයාලගෙ ආවාර ඇතිවෙන්නෙ
ප්‍රජනක සෛල තියෙන තැන්වල
📌 විතරමයි 📌 . 😌
🛑 මෙයාලගෙ දිලීර ජාලය
මොනවගේද 🤔 ,
🟣 සංසෛලික
🔵 නිරාවාර
🛑 මෙයාලගෙ සංයෝගාණුව කියලා
දෘඪ ව්‍යුහයක් නිපදවෙනවා.
ඒක නිපදවෙන්නේ ලිංගික
ප්‍රජනනයේදි .( අලිංගික නෙමේ හොඳේ . 😒)
🛑 සංයෝගාණුවට සුවිශේෂි ලක්ෂණ
වගයක් තියෙනවා,
⚫️න්‍යෂ්ටියෝගයෙන් හා
ප්ලාස්මයෝගය මඟින්
සෑදෙන දෘඪ ව්‍යුහයක්.
⚫️.•. අහිතකර පරිසර තත්වවලට
ප්‍රතිරෝධී.
⚫️වියළීම,අධික සීතල / මිදීමට
ඔරොත්තු දෙනවා.
⚫️බහුන්‍යෂ්ටික ව්‍යුහයක්.
⚫️අහිතකර කාලගුණ තත්වවලදී
පරිවෘත්තීය වශයෙන් නිෂ්ක්‍රීයයි.
⚫️පරිසර තත්ව හිතකර විට
සංයෝගාණුව ප්‍රවේණිකව වෙනස්
ඒකගුණ බීජාණු නිපදවනවා.
🛑අලිංගික -: බීජානුධානි නිපදවනවා ඒවගේ ඒකගුණ බීජාණු ,
🔹අන්තර්ජන්‍යයි.🔹Repost from Path to Ꭺmbition 🎓❤️✨
ඕවා මතක හිටින්නෙ නැති කෙනෙක්ට වෙලාව තියෙනවනම් අහන්න
විනාඩි 5 යි තත්පර 34 ක් .
https://t.me/pathtoambition
⭕️ කාබන් මොනොක්සයිඩ් (CO)
✨ • රුධිරයට අවශෝෂණය වී
• හිමොග්ලොබින් සමඟ
• ඔක්සිජන් වලට වඩා
• වැඩි බන්ධුතාවකින්
• අප්‍රතිවර්ත්‍යව
• සම්බන්ධ වේ.
✨ එවිට නිපදවන හොමොග්ලොබීන් ප්‍රමාණය අඩුවේ
✨ එමනිසා රුධිරයේ ඔක්සිජන් පරිවහනය අඩුවේ.
ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
⭕️ හයිඩ්‍රජන් සයනයිඩ්
✨පක්ෂ්ම නිසිලෙස ක්‍රියාව නතර කරයි.
✨පෙනහැලි පටකවල භක්ෂක සෛල ප්‍රමාණය වැඩි කරයි.
✨ එම භක්ෂක සෛල ජාරක එන්සයිම විශාල ප්‍රමාණයක් නිදහස් කරයි.
✨ ඒවා නිසා ගර්තික පටක විනාශ වේ.
✨එම නිසා වායු හුවමාරුවට සඵල පෘෂ්ඨවර්ගඵලය අඩුකරයි.
⭕️නිකොටින්
✨ ඇබ්බැහිකාරකයක් .
✨තාවකාලිකව 🫀 ස්පන්දන වේගය ඉහළ නංවයි.
✨පර්යන්ත රුධිර වාහිනී සංකූචනය.
✨එමනිසා තාවකාලික රුධිර පීඩනය ඉහළ නංවයි.
ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
✨සිගරට් දුමේ සංයෝග✨ 🚬
⭕️ නිකොටීන්
⭕️ හයිඩ්‍රජන් සයනයිඩ් (HCN)
⭕️කාබන් මොනොක්සයිඩ්(CO)
