en
Feedback
Study Mate

Study Mate

Open in Telegram

STUDY MATE MAIN CHANNEL 📚 👉 Join the Discussion Group : https://t.me/studymatediscuss Instructors : Pasindu Akash | MBBS (UG) @akx_ash Kaveesha Hasarangi | MBBS (UG) @KaveeshaHasarangi

Show more
5 639
Subscribers
No data24 hours
-157 days
-8930 days
Posts Archive
Voice message01:54

photo content

Voice message01:22

photo content

Voice message02:23

photo content

‼️ PHYSICS වලට වැඩ කරද්දි මේ දේවල් ගැන අනිවාරෙන් සැලකිලිමත් වෙන්න ළමයී.. ✅ MCQ, Essays කරද්දි මේ දේවල් ගැන හිතල වැඩ කරන්න. කාලය උපරිම කාර්යක්ෂම විදිහට පාවිච්චි කරන්න. ඵලදායී ⁣විදිහට වැඩ කරන්න. අනවශ්‍ය දේවල් නැතුව ඕනි දේවල් විතරක් කරන්න. ♥️ @studymatemain @studymatediscuss

ඔයාගෙ හීනෙට යනකන් අතාරින්න එපා කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා. ♥️🩺 මේ photo එකේ ඉන්නෙ මම. මමත් මීට අවුරුදු 3 කට විතර කලින්
ඔයාගෙ හීනෙට යනකන් අතාරින්න එපා කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා. ♥️🩺 මේ photo එකේ ඉන්නෙ මම. මමත් මීට අවුරුදු 3 කට විතර කලින් ඔයාල වගේම AL ගොඩදාගන්න පුදුම කට්ටක් කාපු කෙනෙක්. මේ ගේම අත්හැරල දාන්න හිතුණ වෙලාවල් ගොඩක් තියෙනව මටත්. ගොඩක් අවුල් උන අවස්ථාත් තිබුණා. ඒත් අන්තිමේදි ඒව ගනන් නොගෙන target එකට යනකන් මහන්සි වෙලා වැඩ කරලා ආයේ හැරිල බලනකොට අර මහන්සි උන දවස් පට්ට මතක. ඒ දවස් ගැන හිතනකොට මට අදටත් motivation එකක් මාවම. ඒ කාලෙ ගේම ගැහුව නම් මට දැන් බැරි නෑ.. මට දැනුත් පුළුවන් කියල හිතෙනවා. ♥️ මේ photo එක දැම්මෙ medicine ⁣යන්න ආ⁣සාවෙන් ඉන්න එක ළමයෙක්ට හරි motivation එකක් වෙයි කියල හිතල. මොකද මම දන්නව මේ දවස් වල ඔයාලගෙ ඔළුව මාර විදිහට කලබලයි, අවුල් වෙලා, බය වෙලා ඇත්තෙ. 🫂 ඒ දේවල් නිසා ඊලඟ subject එක අවුල් කරගනී කියලයි මේ දේවල් කියන්නෙ.. මෙච්චර කල් අල්ලගෙන ආපු ගැම්ම දැන් අතාරින්න එපා.. තව ටිකයි.. කවදාවත් වැඩ නොකරපු තරම් මේ දවස් ටික වැඩ කරන්න. ගේම ගහපු දවසට ගැම්මෙන් කියන්න ඒ දවස් ගැන. - Pasindu Akash #ඔයාට_පුළුවන් ✨ @studymatemain @studymatediscuss

අව්ලෙන් ඉන්නෙපා දැන්.. Z Score එකට වැඩිපුරම බලපාන Subject එක තාම තිබුණෙ නෑනෙ.. 😌 මගේ exam එකේදී මට ලොකු Z එකකට යන්න පුළුවන් උනේ අනිවා physics MCQ ටික නිසා.. 🐰 ඒ හින්ද ඔයාලත් අතාරින්නෙ නැතුව ඊළඟ එක හරියට කරමූ.. කලින් විෂයන් මොනා උනත් ඊලඟ එකෙන් ලොකු ගේමක් ගහමූ.. ✨ මමත් හෙට ඉඳන් Channel එකේ MCQ Discuss කරන්නම් ඔයාල එක්ක. ♥️ Exam ඉවර වෙනකන්ම ගැම්ම තියාගෙන වැඩ කරගෙන යමූ.. ♥️💪

මෙච්චර එපා කියද්දි MCQ උත්තර බලලා දැන් අව්ලෙන් ඉන්න තව ළමයි ඉන්නවද ? 🥲

Exam ඉවරයි වගේ එකක් දැනෙනවද ? Subjects දෙකක්ම ඉවර නිසා ලොකු බරක් නිදහස් උනා වගේ දැනෙනවා ඇති ළමයී.. ඒ උනාට තව ලොකුම විෂයක් ඉතිරියි.. අන්තිම මොහොත වෙනකන් අතාරින්න එපා ඒ නිසා.. ❤️ Z score එකට වැඩිපුරම බලපෑමක් තියෙන Subject එකනෙ ළමයී දැන් ඉතිරි වෙලා තියෙන්නෙ. ඒ වගේම ඒකට තව සැලකිය යුතු කාලයක් තියෙනවා. ඒ කාලය උපරිම ඵලදායී විදිහට පාවිච්චි කරල වැඩ කරන්න ඕන. 💪 Channel එක හරහා ත් මම මට පුලුවන් උපරිම විදිහකට ඔයාලට උදව් කරන්නම්.. 😌 @studymatemain

Repost from Study Mate
⭐️ CHEMISTRY | STUDY MATE පොදු රටාව ✅ පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම් ✅ සොයාගැනීම් , පරමාණුක ආකෘති හා කැතෝඩ කිරණ ✅ වි
⭐️ CHEMISTRY | STUDY MATE පොදු රටාව පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම්සොයාගැනීම් , පරමාණුක ආකෘති හා කැතෝඩ කිරණවිද්‍යුත් චුම්භක තරංග , හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියඉලෙක්ට්‍රෝන වින්‍යාස හා ක්වොන්ටම් අංක කුලකආවර්තිතා වගුවේ කෙටි ආවර්ථ වල නිරීක්ෂණය කළ හැකි රටාOrganic සමාවයවිකතාවOrganic ප්‍රතික්‍රියා - Short NoteOrganic Full NoteOrganic Short NoteOrganic IUPAC නාමකරණයOrganic සමාවයවිකතාවයOrganic හඳුනාගැනීම්Inorganic - S ගොනුවInorganic - D ගොනුවd ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සංයෝග වල වර්ණInorganic IUPAC නාමකරණයදායක බන්ධනබහුඅවයවිකඔක්සිකරණ අංකය සහ සංයුජතාවය සෙවීමනම් කල පරමාණුවක මුහුම්කරණය සෙවීමසංයෝගවල විද්‍යුත් ඍණතා විචලනය වන අනුපිළිවෙළ සෙවීම CHEMISTRY MCQ POINTS ✅ Part 01Part 02Part 03Part 04Part 05Part 06Part 07Part 08Part 09Part 10 MCQ Point Quizes https://t.me/studymatemain/270https://t.me/studymatemain/287https://t.me/studymatemain/298https://t.me/studymatemain/303https://t.me/studymatemain/316https://t.me/studymatemain/449https://t.me/studymatemain/456https://t.me/studymatemain/545https://t.me/studymatemain/564https://t.me/studymatemain/601https://t.me/studymatemain/648 2011 Past Paper විවරණ & Voice NotesMCQ 01 - 05MCQ 06 - 10MCQ 11 - 15MCQ 16 - 25MCQ 26 - 30MCQ 31 - 35MCQ 36 - 40MCQ 41 - 45 ✅ Study Mate : t.me/studymatemain ✅ Discussion Group : t.me/studymatediscuss ▶️ YouTube : https://youtube.com/@StudyMateYoutube

කලබල වෙන්න එපා ළමයී.. එන විදිහකට ලියමූ.. කල් යන එක වාසි පැත්තකට හරවාගෙන වැඩ කරගෙන යමූ.. පොඩ්ඩක් වත් ගැම්ම අඩු කරගන්න එපා !! අන්තිම මොහොත වෙනකන් ගැම්මෙන් වැඩ ටික කරගෙන යමූ.. ♥️✨ #ඔයාට_පුළුවන් ✨ @studymatemain

ලැබුණ අමතර කාලය ගොඩක් ඵලදායී විදිහට වැඩ කරන්න ළමයී.. ✌ මීට කලින් අවුරුදු වල නොලැබුණ Chance එකක්නෙ මේක. Bonus කාලයක් කියල හිතල ටිකක් වත් අඩු කරන්නෙ නැතුව වැඩ කරන්න. ❤️ දැන් දවස් 5 විතර තියෙනවනෙ කියල ආතල් එකේ ඉන්න ඒම හදන්නෙපා.. 😒

බයෝ ළමයී.. අද ගෙදර ආපු ගමන් wash එකක් ඒම දාලා පොඩ්ඩක් relax එකේ ඉඳලා වැඩ කරන්න පටන් ගමූ.. Bio ගැන දැන් කතා කරන්නවත් හිතන්නවත් යන්න ඕන නෑ.. දැන් ඒක ඉවරයිනේ.. ආයෙත් කියන්නෙ උත්තර බලන්න ඒම නම් හිතන්නවත් එපා.. බයෝ පොත් ටික මෙසෙ උඩින් අයින් කරලා වෙනම තැනක තිබ්බත් කමක් නෑ ( මම නම් bio ඉවර වෙලා ආපු දවසෙ බයෝ පොත්, පේපර් ඔක්කොම කබඩ් එකකට දැම්මා 😁 ) අද හවස් වරුවේ Chemistry ටිකක් බලමු. Physics වලට කලින් තව දවස් දෙකක් තියෙන නිසා සහ Chemistry බලන එක නතර කරලා දැනට දවස් 5,6 ක් වගේ වෙන නිසා අද හවස Chemistry බලමූ.. 2020, 2021 වගේ Chemistry Past Paper එකක MCQ කරලා ඒකෙ උත්තර එක්ක විවරණයක් දාමු. රෑ වෙලා හෝ හෙට උදේ ඉදන් Physics බලමු. @studymatemain

Bio නංගිලා මල්ලිලා.. 🙌 මේ වෙලාවෙ ඔයාලට පුළුවන් තරම්, වැදගත් මාතෘකා කියවන්න try කරන්න. දැන් බලන දේවල් අමතක වෙන්නෑ. ලියාගන්න පුළුවන්. ✌ ඔක්කොම බදාගන්න යන්නෙපා. බලන ටික හරියට බලන්න. කලබල නොවී වැඩ ටික කරමු තව පැය කීපයක්. ❤️ ඊට පස්සෙ ඊයෙ මම කිව්ව වගේ ඒ උපදෙස් මතක තියාගෙන exam එකට ගිහින් ඔයාගෙ උපරිමය කරලා එමු exam එකේදි. 🔥 ඔයාට පුළුවන් මේක දිනන්න. ❤️🫂 GOOK LUCK ළමයී.. ❤️✨

1/6 ක් ඉවරයී.. ‼️ ඔයාලා දැන් Biology 2nd Paper එකට පාඩම් කරනකොට MCQ එකේදි කරපු වැරදි එහෙම අහුවෙයි.. ඒ වෙලාවට ඒකෙ එල්ලි එල්ලි තව මොනාද වැරදි කිය කිය හිතන්න යන්නෙපා. අවුල් ගන්න යන්නත් එපා.. 🫂 Bio Essays වල Marking බලන්න, Resource Book එක කියවන්න. ❗️MCQ එක ගැන හිතන්න යන්න එපා. හිතන්න එපා කිව්වට හිතෙනව තමයී.. ඒත් එහෙම හිතෙනකොටම ඒක ඔළුවෙන් අයින් කරගෙන ඔයා ඔයාගෙ වැඩේ කරගෙන යන්න. ⚠️ අනිත් ළමයී කියන දේවල් මේ දවස් වල ඔයාගෙ ඔළුවට දාගන්න යන්නෙපා. ලේසි, අමාරුයි, අරක ඇවිත් තිබුණ, මේ සර්ගෙ guessings ආවා, අර සර්ගෙ ඒව බලන්න, MCQ උත්තර බලන්න කිය කිය දාන ඒව ගනන් ගන්නවත් එපා. 👀 හරි අමුතු ළමයී ඉන්නව. බොරු කියනවා අනිත් අය නොමග යවන්න. බය කරන්න. ගොඩක්ම ඔය Chat Groups වල. මට MCQ මෙච්චරයි ඔයාලගෙ කීයද කිය කිය අහනවා. ඒව ඔයාගෙ ඔළුවට දාගෙන stress වෙන්න එපා. තාම 1/6 යි ඉවර. තව 5/6 ක් ම තියෙනවා.. 🥹 අත්හරින්න එපා ළමයී.. අන්තිම මොහොත වෙනකන් මහන්සි වෙලා වැඩ කරමූ.. 💪 #ඔයාට_පුළුවන්✨ STUDY MATE 👑 ✅ t.me/studymatemain

ඔයාට පුළුවන්✨ මහන්සියි ඒත් තව ටිකයි.. ༘༊·˚ පොදි බැදන් කර ගහන් ආපු මහ ගොඩක් හීන වල බර ටික ටික අඩු කරන්න දවස් ළඟටම ඇවිත්.. 💫 ද
ඔයාට පුළුවන්✨ මහන්සියි ඒත් තව ටිකයි.. ༘༊·˚ පොදි බැදන් කර ගහන් ආපු මහ ගොඩක් හීන වල බර ටික ටික අඩු කරන්න දවස් ළඟටම ඇවිත්.. 💫
දවස් ගනන් වරු ගනන් නිදි නැතුව වැඩ කරපු හැම රැයකම එක්කහු කර ගත්ත ඒ මුළු දැනුම ටික හරියට ලියල එන්නයි තියෙන්නෙ.. ජීවිතේ ලොකු ගමනකට මුල් අඩිතාලම වෙයි මේක.. 🩵
හරියට කියවල ප්‍රශ්නෙට උත්තරේ ලියපන්.. උබලට පුලුවන් බන්.. උබලගෙ හීන අනිවාර්යයෙන් දිනනවා.. උබල මේ ගේම හරියට ගහනවා.. 💪 හොඳටම විභාගෙ ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ✧˖° GOOD LUCK 💖 @studymatemain

🔴 Exam එකට යන ළමයී අනිවාරෙන් මේ උපදෙස් හොඳට කියවලා ඒව පිළිපදින්න... ✅ අවශ්‍ය ප්‍රමාණයට කාලා යන්න. ගොඩාක් කන්නත් එපා ටිකක් කන්නත් එපා. ✅ විභාග මධ්‍යස්ථානයට තියෙන දුරත් එක්ක බලලා ටිකක් කලින් යන්න ගෙදරින්. ✅ පැය භාගයක් කලින් වත් ඔයා විභාග ශාලාවට යන්න. ✅ විභාග ශාලාවට යන්න කලින් අනිවාරෙන් wash room ගිහින් යන්න එකපාරක්. අවශ්‍යතාවයක් තිබුණත් නැතත් යන්න. Exam එක මැදදි ඕන උනොත් හරිම කරදරයක් ඒක. ඔයාට හරියට paper එක කරගන්නත් බැරි වෙනවනෙ. ✅ විභාග ශාලාවට යන්න කලින් යාළුවෝ එක්ක විෂය කරුණු කතා කර කර, අරක එනවලු නේද මේක එනවා නේද කිය කිය කතා වෙන්න යන්නෙපා. අනිත් අය වැඩ කරපු විදිහ, එයාල කරපු ඒව අහ අහ ඉන්නත් එපා. කොටින්ම අනිත් ළමයි කියන කිසිම දේකින් ඔයා කලබල වෙන්න, Stress වෙන්න යන්නෙපා. ඒ නිසා පුළුවන් නම් වැඩිය කතා නොකර ඉන්න කට්ටිය එක්ක. ✅ Exam එකට යද්දි නිරවුල් මනසක් ⁣තියෙන්න ඕන නිස ඒම කිව්වෙ. ✅ NIC එකයි Admission එකයි අරන් යන්න. ✅ පෑන් වැඩිපුර අරන් යන්න. ඊට අමතරව ඕන කරන පැන්සල් , රූල් මොනා හරි තියෙනවා නම් අනිවාරෙන් අරන් යන්න. ✅ වතුර බෝතලයක් අරන් යන්න. Exam එක වෙලාවෙ එක පාරටම stress ගතියක් වගේ ආවොත් වතුර ටිකක් බීලා ඇස් දෙක පියාගෙන ටික වෙලාවක් ඉදල⁣ සන්සුන් වෙලා ආයෙ Paper එක පටන් ගන්න. ✅ පෙනඩෝල් පෙති 2 ක් වගේත් අරන් යන්න පුළුවන් නම්.. ( ඕනි උනොත් ඒම ) ✅ Exam Paper එක දෙනකන් වාඩි වෙලා ඉන්නකොට ආනාපානසති භාවනාව වගේ ඔයාගෙ හිත සැහැල්ලු වෙන දෙයක් කරන්න. ✅ Paper එක දුන්න ගමන් කරගෙන කරගෙන යන්න හදන්න එපා. එයාල දෙන කොළ හැම එකනම අදාළ තැන් වල හරියටම බලලා විභාග අංකය පැහැදිලිව ලියන්න. ✅ Paper එකේ හැම පිටුවම පැහැදිලිව තියෙනවද බලන්න නිකමට. ✅ ප්‍රශ්න ⁣දැක්කොත් Stress වෙයි වගේ නම් යට කොන විතරක් පෙරල පෙරල බලන්න print වෙලාද කියල හරියට. ✅ Paper එකේ විභාග අංකය ඒම ලිව්වට පස්සෙ ඔයා ලියන පිළිවෙලට Paper එක කරගෙන යන්න. ✅ නිල් පෑන් විතරක් පාවිච්චි කරන්න බලන්න. ✅ හොඳ වැඩ කරන watch එකක් බැඳගෙන යන්න. Paper එක ඉවර වෙනකන්ම වෙලාව ගැන අවධානෙන් ඉන්න. ✅ නිකමටවත් වටපිටේ ඉන්න ළමයි දිහාවත් වෙන මොනාත් දිහාවත් එබෙන්න යන්න එපා. විභාග පරීක්ෂක කෙනෙක් ඇවිත් බැන්නොත් හරි, වෙන මොනා හරිවත් කිව්වොත් එතනින් එහාට ඔයාට බයයිනෙ. ඒ බය එක්ක Paper එකත් අවුල් වෙන්න ඉඩ තියෙනවනේ. ඒ නිසා ඒම කරන්න යන්නෙපා. ✅ ඕන තරම් අමතර කොළ ඉල්ල ගන්න පුළුවන්. බය නැතුව desk එකට තට්ටු කරල ඉල්ල ගන්න. ✅ Paper එක ඉවර වෙන්න ළං උනාම අමුණ ගන්න තියෙන කොළ තියෙනවා නම් අමුණගෙනම ලියන්න ඒවා. අන්තිම මොහොතේ අමුණන්න ඉන්නෙපා. ✅ Paper එක ඉවර වෙන්න විනාඩි 5 කට කලින් ආයෙත් බලන්න අදාළ තැන් හැම එකකම හරියටම විභාග අංකය ලියල තියෙනවද කියලා. ✅ Paper එක ඉවර උනාට පස්සෙ විභාග මධ්‍යස්ථානයේ රැඳෙන්න එපා. ✅ ලේසිද අමාරුද කිය කිය යාළුවෝ එක්ක කතා කර කර ඉන්න යන්නෙපා. ✅ උත්තර කතා කර නර ඉන්නත් එපා. අරකට මොකක්ද මේකට මොකක්ද කිය කිය. ✅ ඒකෙන් ඔයාගෙ ඔළුව අවුල් වෙන එකමයි වෙන්නෙ. අනික සමහර ළමයි ඉන්නව පේපර් එක හරි ⁣ලේසි කියනව. Results එද්දි ලකුණු අඩුයි. ඒ නිසා ළමයි කියන ඒව අහලා බොරුවට stress වෙන්න යන්නෙපා. ✅ ඒ නිසා ඉවර උන ගමන් ගෙදර එන්න. ඇවිල්ලත් MCQ උත්තර බලනවා වගේ මෝඩ වැඩ කරන්න එපා. කොච්චර එපා කිව්වත් බලන සෙට් එකක් ඉන්නවා. බලන එකෙන් ඔයාටමයි අවුලක් වෙන්නෙ. ✅ මේ දවස් කීපයේ ඔයාගෙ ඔළුව අවුල් වෙන කිසිම දෙයක් කරන්න යන්නෙපා. ✅ Affairs වල ඉන්න ළමයි ඒම ඉන්නව නම් පරිස්සමෙන් ඉන්න. ඔයාගෙ partner ට කියන්න මට ආදරේ නම් පීස් මේ දවස් ටිකේ ඔළුව අවුල් වෙන මුකුත් නම් කරන්නෙපා. Exam එකෙන් පස්සෙ ඔළුව කෑවත් කමක් නෑ කියලා 🥲 ✅ ගෙදර ආවට පස්සෙ ගෙදර අය එක්කවත් paper එක කෝමද කියල කතා කර කර ඉන්නෙපා. අම්මලට කියන්න අහන එකක් exam එකම ඉවර උනාට පස්සෙ අහන්න කියල. ✅ ගෙදර ඇවිත් පොඩ්ඩක් relax එකේ ඉදලා ආයෙ වැඩ පටන් ගන්න ඕන. මේ කියපු උපදෙස් අනිවාරෙන් පිළිපදින්න ළමයී.. මේ දේවල් අවුල් කරගෙන exam අනාගත්තු අය දැකල තියෙන නිසයි කියන්නෙ. යාළුවන්ට Share කරල දැනුම්වත් කරන්න. 👉 Study Mate : t.me/studymatemain

‼️ Bio ළමයී.. මේ දවස් දෙකේ Bio Resourse book එකම බලන්න.. W,S මට්ටමේ වගෙ ඉන්න ළමයී, මේ ටිකේ ඔක්කොම පාඩම් අල්ලගෙන ඉන්නෙපා.. මුල් පාඩම් 5 විතරක් හරි හොඳට කියවගෙන යන්න. ඔයාලට වෙලාව ගොඩාක් වැදගත් මේ වෙලාවේ.. ඒ නිසා කාලෙ නාස්ති වෙන විදිහෙ වැඩ කරන්න එපා ! ගොඩක් පරිස්සමෙන් කාලය manage කරගෙන උපරිම විදිහට වැඩ කරන්න. පැය 5 ක් වත් නිදාගන්න බලන්න. ගොඩාක් නිදිමරන්නත් එපා.. මොනව හරි දැනගන්න දේවල් තියෙනවා නම් discussion group එකේ දාන්න. @studymatediscuss